Tuesday, June 26, 2012

'රාවණ වංශය' සහ 'සුනඛ වාරණය' (ඩොබර්මන් පරපුරේ විද්‍යුත් ටීකාව)

අපගේ හෙළ ඉතිහාසයේදී, හෙළ යකුන්ගේ හොඳම මිතුරා ගැන කදිම පැහැදිළි කිරීමක් අපගේ හිතවතෙක් වන "නූතන දේශමාමකයා" බ්ලොග් කරු විසින් කර තිබේ. එතුමාගේ අවසර පරිදි එම ලිපිය වර්ගපූර්ණිකාවේ මෙලෙස පළ වෙන වගයි.

සූර්‍යවංශය සහ රාවණ අධිරාජ්‍යය ගැන මෑතකදී පළ වූ සාරවත් කතිකාවත් දුටුවිට හෙළ යකුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ගවේශනාත්මකව තොරතුරු විමසීමට මා සිත තුළ බලවත් ආශාවක් ඇති විය.

'වර්ගපූර්ණිකාව' බ්ලොගය කියවීම තුලින් මා ලද දිරි ගැන්වීම හේතු කොටගෙන වර්තමානයේ අප එදිනෙදා දකින අසන දේ රාවණවංශයට කෙලෙස නෑකම් කියයිද යන්න සොයා බැලුවෙමි. මා විසින් සොයාගත් කරුණු විශ්මය ජනකය. මෙවර මා ඔබත් සමඟ බෙදා ගන්නේ ඉන් එක කරුණක් පමණි.

ඩොබර්මන් වර්ගයේ සුනඛයෙක්

අද බොහෝ පිරිසක් සුනඛයින් තම නිවසේ ආරක්ෂාවට ඇති කරතත්, සමහර සුනඛ වර්ගවලට පමණක් ඉතා වංශවත් නම් ඇති බව ඔබ සියළුදෙනා දන්නා බව නිසැකය. උන් අතරින් 'ඩොබර්මන්' නැමති සුනඛ වර්ගයට ඉතා විශාල පිළිගැනීමක් ඇතිබව අවිවාදිතය. 'ඩොබර්මන්' යනු පුරාතන හෙළ යකුන් විසින් ඇති කරණ ලද සුරතලෙක් බව පැවසුවොත් ඔබ විශ්මයට පත්වනු නිසැකය.

හෙළයින් නිවසේ ආරක්ෂාවට තබා ගත යුත්තේ 'ඩොබර්මන්' වර්ගයේ සුනඛයන් පමණි. මන්ද යත් අපට උන්ව අතිශයින් විශ්වාස කළ හැකි හෙයිනි. පුරාණ සූර්‍ය වංශික 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ සඳහන් වන ආකාරයට 'ඩොබර්මන්' යන්නෙහි ගාම්භීර අරුතක් ඇත. එනම් 'නරය බිය වන්නේ ඇයි' යන්නයි. මෙහි පද බිඳීම මෙලෙසින් දැක්වේ. ඩො = ඩෝහ් = නරය, බර් = බිරාන්ත = බය, මන් = මන්ද = ඇයිද? නිසැකයෙන්ම ඔබ 'ඩොබර්මන්' ගැන ආඩම්බර විය යුතු නොවේද? ඌට ගරු කළ යුතු නොවේද?


කුණ්ඩලීණි දැහැනට සමවැදී සිටි සුර්‍ය වංශයේ ප්‍රථාපවත් රජු රාවණ, මෙම 'ඩොබර්මන්' සුනඛයන්ගේ බිහිවීම, පැවැත්ම සහ අවසානය දුටු බව සුනඛාභිලන්ශකාරයේ පැහැදිලිව සඳහන් වේ. මෙහිදී අනාගත යම් දිනක මොවුන් ලෝ වැසි පර දේශක්කාරයින් අතරත් ඉතා ජනප්‍රිය වන බවත් අවැසි හා අනවැසි සෑම අවස්ථාවේදීම පර නරයන් ඉදිරියේ නැට්ට වැනීමට යාමෙන් මුන්ගේ ප්‍රෞඩත්වයට හානිවන බවත්, එයම ඉක්මන් අවසානයකට මග පෑදිය හැකි බවත් සුනඛාභිලන්ශකාරයේ 'පර නර බුර' පරිච්ඡේදයේ දක්වා ඇත.

අදද ඩොබර්මන් වර්ගයේ බොහෝ සුනඛයින්ට වල්ගයක් නැත.

මේ හේතුවෙන්ම රාවණ රජු විසින් 'ඩොබර්මන්' ගේ නැට්ට කැපිය යුතු බවට නීතියක් පැනවූ අතර, මෙය අනාදිමත් කලක පටන් අද දක්වාද ලෝ වාසීන් නොකඩවා කර ගෙන එති. මෙම නියමය ඉතා පැහැදිලිව 'සුවාරපොළ' ප්‍රදේශයෙන් මෑතකදී සොයාගන්නා ලද සෙල් ලිපියක සඳහන් වන බව පැවසුවොත් ඔබ විශ්මයට පත් නොවී සිටීවිද? එය මෙසේම වෙයි. 'නර බිර-මන් පර නර නැ කැප නි කෂ'.

තවද සෙල් ලිපිය පිහිටන ලද ස්ථානය ගැන විමසා බෑලීමෙදී මෙය වඩාත් තහවුරු වේ. විමසිල්ලෙන් බලන්න 'සු=සුනඛ, වාර=වාරණ, පොළ = ස්ථානය'. මෙයින්ම මෙය 'සුනඛයින්ට වාරණයන් පැනවු ස්ථානය' බව ඔප්පු නොවෙයිද?

[[සටහන - 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ පිටපත් ගැන මාගෙන් නොවිමසන මෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද යත්, එහි වත්මන් භාරකාරතුමාගෙන් ඒ සඳහා මට අවසර නොලැබුණු බැවිනි. එසේම 'සුවාරපොළ' අති පැරණි සෙල් ලිපි ඉතා මෑතකදී නිදන් හොරු විසින් විනාශ කර ඇති බව මා දැන ගත්තේ අද දින උදෑසනය. මෙය නෙතට කඳුලක් එක් කළද, මෑත අනාගතයේ මේ හෙළබිම බිහිවන මහා රාවණ අධිරදු ඔවුනට නිසි දඬුවම් දෙනු ඇත. http://modernpatriot12.blogspot.com ]]

45 comments:

  1. එතකොට ඒ සෙල්ලිපිය විනාශ කරපු උන්ට රාවනා රජු දඩුවම් දෙන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එතුමා මේ දිනවල ඉතාමත් කාර්යබහුල ඇති. 2012 අගදී නින්දෙන් පිබිදුන වහාම උන්ට නිසි දඬුවම් දේවි.

      Delete
  2. ණය වෙලා හරි මාත් ගන්න ඕනි මේ ජාතියේ බල්ලෙක්ව.ටිකක් වැරදුනා.සුනඛ වහන්සේ කෙනෙක්ව.
    දැනෙන ආඩම්බරේ තරම කියාගන්න වචන නෑ මට.කඳුලුත් එනවද කොහෙද..

    ReplyDelete
    Replies
    1. ආදී ඩොබර්මන් මී මුත්තෝ
      දිවි පුදමින් දෙස‍ රැක ගත්තෝ
      අපිත් උන්ට ණය වී ඇත්තෝ
      ආදරයෙන් ‍රැක ගත යුත්තෝ

      Delete
  3. අතීතයේ හෙළුවෙන් තිබ්බ ඔලින්පික් එක තිබ්බෙත් ලංකාවේ ද? ඒ ගැනත් ලිපියක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම මුල්ම ඔලිම්පික් එක තිබ්බේ ලංකාපුර රාජධානියේ.
      ඒ කාලෙ ඒක තිබ්බෙ හෙළබසින්, ඒ කිව්වෙ හෙළුවෙන්.
      නමුත් හෙළුවෙන් කියන්නෙ නිරුවතින් කියල වරද්දලා හිතල තමයි ග්‍රීසියේ එය නිරුවතින් තියල තියෙන්නෙ.
      ලිපියක් දාන්නම්.

      Delete
    2. ekiyanne geesiyeth sinhalamada katha kale? ehema kalanam heluwen kiyana eka e aya dannawa athine. hama detama mewa patalawanna epa.
      rawana iwara wela godak kal, eya oya kiyana tharam balasampanna nam eyagen ithuru wechcha kisi deyak nahane. atheethaya hoyana eka hondai eth me welawa ekata honda naha. me kiyana dewal wishwasa karanna haki una wlawata mamath oyalata rawanagana thawa dewal kiyannam.

      Delete
  4. මේ ඉතාම වැදගත් ලිපියක් බව නොකිවමනාය. මේ බ්ලොග් එකෙහි පළවන අනෙක් සියළු ලිපි සේම මෙයද ඉතාම අර්ථවත් එකකි. අප හිතවත් ආර්. පී. සුසන්ත මහ වෙදනාතුමාගේ බ්ලොග් පෝස්ට් එකකින්ද මේ ලිපිය තවත් අර්ථවත් කිරීමට අවශ්‍ය කාරණා ලැබේ.

    පරිණාමීය ක්‍රියාවලිය චාල්ස් ඩාවින් නම් බටහිර පඬුවා "සොයා ගැනීමට" වසර දහස් ගණනකට පෙර එය අපේ පෙරදිග මුතුන් මිත්තන් දැන සිටි බව මහ වෙදනා තුමා සාක්ෂ්‍ය සහිතව පෙන්නා දෙයි. (ඇත්තටම සිදුවූයේ මේ චාල්ස් ඩාවින් නම් මහ හොරා ගලපගෝස් දූපතට යනවා යැයි කියා ලංකාද්වීපයට අවුත් අපේ පැරැණි පුස්කොළ පොත් සොරා ගෙන යාම බව අපි දැන් දනිමු.) මහ වෙදනා තුමා දක්වන විෂ්ණුගේ දශ අවතාරය මෙසේය.

    1. මත්ස්‍ය අවතාරය.
    2. කුර්ම අවතාරය.
    3. වරාහ අවතාරය.
    4. වානර අවතාරය.
    5. නර-සිංහ අවතාරය.
    6. පරශුරාම අවතාරය.
    7. රාම අවතාරය.
    8. කෘෂ්ණ අවතාරය.
    9. බුද්ධ අවතාරය.
    10. කල්කී අවතාරය.

    දැන් මෙතැන "ඩෝර්බමන් අවතාරය" කියා දෙයක් නැත්තේ ඇයි? ඩෝර්බමන් සුනඛයා රාවණා රජු සමයෙහි ඔය තරම් වැදගත් සත්ත්වයකු වී නම් ඔහු විෂ්ණුගේ දශ අවතාර වලින් එකක් නොවන්නේ මන්ද? නතිනම් මහවෙදනාතුමා පැහැදිළි කර දෙන පරිදි ඩෝර්බමන් සුනඛයා පරිණාමයෙහි එක් වැදගත් සන්ධිස්ථානයක් සේ පැරැන්නන් විසින් හඳුනා නොගත්තේ මන්ද?

    මෙහිදී මට නිගමන දෙකකට පැමිණිය හැකිය.

    1. "විෂ්ණුගේ දශ අවතාරය" වූ කලී අපගේ පරම සතුරන් වන භාරත දේශයේ රාවණා විරෝධීන් විසින් ඕනෑකමින්ම විකෘති කරන ලද මොඩලයකි. රාවණා විරෝධීන් අපේ දැනුම පිළිගැනීමට තරම් මැට්ටන්ය අපි මොහොතකටවත් නොසිතමු.

    2. කොයි තරම් බුද්ධිමතකු වුවද (එතුමාගේ අනුපමේය බුද්ධිය ගැන අපට මොහොතකට හෝ සැකයක් නොවේ.) මහවෙදනාතුමාට මෙතැනදී වැරදී තිබේ. එතුමා පරිණාමය සොයා යන්නේ ඉන්දියාවේ රාවණා විරෝධීන් විසින් විකෘති කරන ලද මොඩලයක අනුසාරයෙනි.

    මෙනිසා තමන්ගේ පරිණාමීය මොඩලය ටිකක් වෙනස් කරගත යුතු බව අපගේ ආර්. පී. සුසන්ත මහවෙදනාතුමා පිළි ගනීය යනු අපගේ බලාපොරොත්තුවයි. අපට අවශ්‍ය විෂ්ණුගෙන් කිළිටිවූ භාරත පරිණාමීය මොඩලයක් නොව අපේම හෙළ රාවණා පරිණාමීය මොඩලයකි. අපේ දේශීය දැනුම සොයා යන ගමනේදී එය ඉතාම වැදගත් බව නොකිවමනාය.

    අදාළ පරිණාමීය මොඩලයේ "ඩෝබර්මන් අවතාරය" අනිවාර්ය කොටසක් විය යුතුය මට සිතේ.

    ReplyDelete
    Replies
    1. වැදගත් තොරතුරු සමුදායක්,
      එක විටම ප්‍රතික්ෂේප නොකර අපි ඒ ගැන ගවේශණය කළ යුතුයි.
      ස්තුතියි.

      Delete
    2. Anonymous One origJune 27, 2012 at 9:25 AM

      {"විෂ්ණුගේ දශ අවතාරය" වූ කලී අපගේ පරම සතුරන් වන භාරත දේශයේ රාවණා විරෝධීන් විසින් ඕනෑකමින්ම විකෘති කරන ලද මොඩලයකි. රාවණා විරෝධීන් අපේ දැනුම පිළිගැනීමට තරම් මැට්ටන්ය අපි මොහොතකටවත් නොසිතමු.}

      - ඔබේ කතාව අඟනේය. ඔබේ "මහවෙදනාතුමා" මෙන් ම මම ද "මනුගේ දස අවතාරය" ගැන කීවෙමි. විශ්ණු (විශ්ව මනු) යන වචනය ඇසූ පමණින් එය හින්දූන් "මනු" ඇමතූ වදන බව ඒත්තු යනු ඇත. පසුව ආ ලා බාල ගැටයන් "රාවන" නම ගෙන අද එය විකෘති කර තිබුනද එහි මුල් යෙදුම අද පර්සියාව යි කී පෙදෙසේ එදා සිටියවුන් "මනු" ඇමතූ වදන යි.

      අතින් අතට දැනුම යෑමේදී හැලී බිඳී යන බව සැබෑය. ඔබ ලියූ "1. මත්ස්‍ය අවතාරය." නිවැරදිය. එය අපේ පණ නිරූපණය කරයි. අනිත් නවය බිඳී ගොස් අර්ථය සැඟවී ඇත. ඔබ කී ලෙස අනුන්ගෙ දෑ, සිහළුන්ට තම උරුම දෙය තේරුම් ගැනීමට අවශ්‍ය නැත. ඉතිරි නවය මිනිසුන් ගේ ගොනු වූ නව ගුණ (ගුණ නවයක් ඇත) පෙන්වන අවතාරයන්ය. එම අවතාර දක්වන නම් නව ග්‍රහයන් ලෙසද හඳුන්වා ඇත. හිරු (පිය ගති, පුරුෂ ගති, හැඩි දැඩි ගති,...), සඳු (මව් ගති, ගැහැණු ගති, ලාමක බොළඳ ගති, ...), යනාදී ලෙස එක එක අවතාරය විස්තර කල හැක.

      මිනිසුන් වන අපේ හැසිරීම පාලනය කරන ගති ගුණ අපට උරුම වන්නේ මේ අවතාර දහයෙනි. අවශ්‍යතාවය අනුව අඩු වැඩි වීමක් වේ.

      ඇත්තටම අවතාරය කියන්නේ අපේ නොමියෙන කොටසයි. සිත වැනි උපාංඟ එයට අයත්ය. ගත යනු බාහිර පරිසරයට අපේ අවතාරය සම්බන්ධ කරන තාවකාලික උපාංඟයයි. මේ ගැන යමක් ලංකාවතාර සූත්‍රයෙන් දත හැක. අවතාරය අපේ නොව හිරු, මනු, හෝ රාවන යයි කියන කෙනාගේය. අපට අහිමි සිතේ පාලනය ඔහු සතුය. අප බිහි කිරීමට ඔහුට ඊට වඩා බොහෝ හැකියාවන් ඇති බව ඔහුගේ නිර්මාණයක් වන අපි සාක්ෂි දරමු. සරලව, ගෘහ භාණ්ඩයක අනර්ඝත්වය එය නිමවූ වඩුවාගේ හැකියාව පෙන්වනවා. සැබෑ විස්තර සරල නොවූවත් මෙය රාවන හඳුනා ගැනීමට මග පාදතැයි සිතමි.

      දෙවියන් ගැන නොදත් අමනයකු දෙවියන් ඉන්නේ හඳේ යයි කීවා. ඇමෙරිකාණුවන් හඳට ගියා යයි කී විට එය බොරු වුනා. අපේ නොදත්කම පිළි ගැනීම බොරු දහසක් කියනවාට වඩා උතුම් දෙයකි.

      Delete
  5. ආඩම්බරයි දෙයියෝ අපේ හෙළ බලු යකුන් ගැන. සතුට වැඩි කමට කඳුලුත් එනවා.

    -බව්වා-

    ReplyDelete
    Replies
    1. මම දෙයියෙක් නොවෙයි, රකුසෙක්.
      අදහසට ස්තුතියි.

      Delete
    2. Anonymous One origJune 27, 2012 at 10:57 AM

      අප තීරණය කර ගත් උපදින වෙලාව අනුව අපි ගණය තෝරා ගමු. අපේ උපතින් අනුගත කාර්යය ගණයෙන් තීරණය වේ. ගණ හතරක් ඇත. ඒවා නායක (නාග හෝ නාථ), දේව, මනුෂ්‍ය හා යක්ෂ (දක්ෂ) වේ. උපතින් පසු ජීවත් වන පරිසරයට අණුකූලව අප හැඩ ගස්වා ගන්න චරිතාංඟ අනුව හොඳ හා නරක යයි නැවත බෙදෙමු. නරක අයට සත්ව නාම කියා අමතන බව රහසක් නොවේ. පොදුවේ "නරක සතා" යයි හඳුනමු. මෙම වචන යුගලයෙන් බිඳුනු වචනයක් වන රකුසා, රකුසතා, රාක්ෂ යන වචන කිසිසේත් යක්ෂ (දක්ෂ) යන අරුත් නොදේ. අද භාෂාව මලයාලීන් විනාශ කර ඇති නිසා, සිංහල භාෂාවේ ඇති උත්තම අංඟයක් වන තනි වචනය තනි අරුතක් දීම නැසී ඇත. බස රකිමු. එය අපේ උරුමයයි. නිවැරදි ලෙස වචන යොදමු.

      මම ඔබ රාක්ෂයෙක් නොව යක්ෂයෙක් (දක්ෂයෙක්) ලෙස දකිමි. මෙම වහර ඇනුවේ හින්දූන්ය. ඔබේ යක්ෂකම (දක්ෂකම) දෙස බස රැස රැකීමට යොදන්න. ඔබද ඔබේ පැවතීමද රැකෙනු ඇත.

      පසුව ලිවීම: නොයෙකුත් දරු ඝාතන නිසා, නායක (නාග හෝ නාථ)ගණය සොයන දැනීම අපේ සිතෙන් මකා ඇත.

      Delete
  6. ජයරත්න මහත්මයට කියන්නම කියල හිටියේ, මේ අපේ ඔය එල්ලේ ක්‍රීඩාව නේද පර සුද්දෝ ඔය බේස් බෝල් කියල ගහන්නේ.
    අපේ සීය කියන විදියට එල්ලේ කියන්නේ රවන රජ කාලේ ඉදන් එන ක්‍රීඩාවක්, ඔබ තුමා මේ ගෙන පොඩ්ඩක් ගවේෂණය කරලා බලන්න.
    ස්තුතිය්

    ReplyDelete
    Replies
    1. වටිනා අදහසක්, බේස් බෝල් යනුත් අනිවාර්යයෙන්ම නිර්ලජ්ජී පර සුද්දන් විසින් හෙළයින්ගෙන් කොපි කර ගත් එකක් විය යුතුයි.
      ඔය ගැන සොයා බලා ලිපියක් දාන්නම්.

      Delete
  7. හිතවත් මීවනපලානේ ජයරත්නයනි,

    ආසියාවේ පැරණිතම සම්පුර්ණ මිනිස් ඇටසැකිල්ල මිට සති කිහිපියකට පෙර ලක්දිවින් හමුවූ බව ආරංච් වුවා.ඒ පැරණි හෙළ යකෙකු ගේ ඇටසැකිල්ලක් විය නොහැකිද? මේ පිලිබදව තවම ඔබ ගවේශනය කලේ නැතිද?

    කොටියාකුඹුරේ රටේරාළ

    ReplyDelete
    Replies
    1. http://www.ucanews.com/2012/06/21/skeleton-may-be-asias-oldest/

      දින කීපයකට පෙර දැනගත්තෙ. මාගේ ගුරුදේවයාණන් වහන්සේ වන මධ්‍යම කඳුකරයේ වෙසෙන තාපස තුමාගෙන් ඔය ගැන අසා බලන්නම්.

      Delete
  8. හරි ආඩම්බරයි සහෝදරයා ..

    ReplyDelete
  9. බලන්න හසන්ත..
    මට ඇඩෙන්න වගේ හසන්ත....
    ලංකාවේ තමයි ඩොබර්මන්ලත් ඉපදිලා තියෙන්නේ හසන්ත..
    මට සතුටුයි හසන්ත..

    ReplyDelete
  10. හෙළ රාවණා යුගයේ රකුසෙකු වන ඔබ සුන්දර විමාන ගැන අසා දැක ඇති.
    සු+වාර පොළ යනු සුන්දර වාරිය පොළ නොවේද? එය සුනඛ වරණ පොලක් නම් නොවේමය.

    ReplyDelete
    Replies
    1. සුවාරපොළ යනු සුන්දර වාරියපොළ බව මටත් සිතෙයි. එසේනම් කටුබැද්ද ආශ්‍රිතවද පුරාණයේ වා+රිය+පොළක් හෙවත් අහස්යානා නැවතුම් තොටක් තිබී ඇතැයි සාක්ෂි ලැබේ.

      කටුබැද්දේ පිහිටි මොරටුව විශ්ව විද්‍යාල භූමියේ ගොඩනැඟිල්ලක් තැනීමට කළ කැනීමකදී මේ සම්බන්ධව සඳහන් වූ වැදගත් සෙල් ලිපියක් හමුවූ බවත් එහි බටහිර ගැති පඬි ඉංජිනේරු මහාචාර්යවරයකු විසින් එය වසං කොට පසුව එය නාසා ආයතනයට විකුණා ඩොලර් උපයා ගත් බවත් මම අසා ඇත්තෙමි. මේ කතාව කීවේ එවකට මොරටුවේ ඉංජිනේරු ශිෂ්‍යයකු මූ මගේ මහප්පාගේ පුතාය. එනිසා එය අසත්‍ය විය නොහැකිය. රාවණා පාක්ෂික මහතාණෙනි, එයද ඔබේ අවධානයට!

      Delete
  11. ඔබතුමා ළඟ තියෙන සෙල් ලිපි වලින් කිහිපයක පින්තුර දාන්න. අපිත් ආසයි ඒවා දැක බලා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී පළ කරන්නම්. නමුත් බොහෝ සෙල් ලිපි බමුණන් විසින් විනාශ කරලා, සමහරක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සඟවල. තවත් ඒව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙනව. නිදන් හොරු සහ ගල් බෝර දාන්නන් නිසාත් සෙල්ලිපි ගොඩක් විනාශ වෙමින් පවතිනව.

      Delete
  12. මෙවැනි අයුරින් නිවැරදි පද බිඳීම් වලට නිග්‍රහ කරණ ලද බටහිර ගැතිවාදී යම් යම් ප්‍රකාශන මමද දැක ඇත්තෙමි. නමුදු මෙහි නිර්වද්‍යයතාව හුවා දැක්වීම සඳහා මා සතුව ඇති තවත් කරුණක් ඉදිරිපත් කරනෙමි.

    මෙහි සඳහන් 'සුවාරපොල' ඇත්තේ මොරටුව සහ කටුබැද්ද යන නම් වලින් වත්මන දැක්වෙන ප්‍රදේශයන් ආශ්‍රිතවය. මොරටුව යන්නෙ ඇරඹුම මොර+අටුව යන්නයි. කටුබැද්ද යන්න ගැන මා පැහැදිලි කළ යුතු නොවේයැයි සිතමි. මෙය වා රිය නැවැත්වීමට නොව, කැලෑගත සතුන් සඳහා වඩාත් ගැලපෙන පරිසරයක් බව මෙයින් මොනවට පැහැදිලි වේ.

    මෙය නැවතත් සපථ කරමින් 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ, දැක්වෙන අයුරින් 'ඩොබර්මන්' හෙළ සුනඛයා පර දෙස් නරයින් හමු වී ඇත්තේද මේ ආසන්න්යේ ඇති 'මුහුදු වෙරලෙදී' ය. එම හමුවිම සිදුවන අවස්ථාවේ 'හෙළ යක් හිට්ලර්' පාලනය කරණ ලද පර දෙසින් පැමිණි මේ නරයා, වෙරළ අසබඩ කැලෑවක හෙළ යකින්නක් සමඟ පෙමින් වෙලී සිටි බවද, 'නායක සිංහල' හමුදාව විසින් පසු කළක වැරදීමකින් විනාශ කරණ ලද ඉපැරණි පුස්කොල පොතක දක්වා තිබූ බව මා හට දැන්වූයේ 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ මුල් පිටපතේ වත්මන් භාරකාරතුමාය.

    එම හෙළ යක් හිට්ලර් තුමානන් පාලනය කරණ ලද රටින් පැමිණි පර දෙස් නරයා බිහි කළ පරපුරේ පුරුක් අදටත් මේ ප්‍රදේශයේ දිවි ගෙවති. ඔවුනට කරණ ලද ආදර සත්කාරයක් ලෙස පසු කලෙක කටුබැද්ද 'ජර්මන් ටෙක්' ආයතනයද මේ ප්‍රදේශයේ ස්ථාපිත කරණ ලද බව ඔබත් මමත් ඉතා මැනවින් දනිමු.

    මාගේ ගවේශණයට තවත් 'ටිප්පණි' අවශ්‍යය වේද?

    ReplyDelete
    Replies
    1. අතිශය නිවැරදි ලෙස විග්‍රහ කර තිබෙනව. ඔබතුමා අපගේ හෙළ ගවේශණ වෙනුවෙන්ම උපන් අයෙක් බව පැහැදිළියි.

      Delete
    2. mahathamaanani... Raawanaa rajathumaa samaga baawanaawen sambanda wiya hekida.... kaarunikawa pilithurak balaa poroththu wemi... Jaya....!

      Delete
  13. mama hituwe mehema pissekuta inne ekai kiyala......, uda balla gena hoyapu bambu potai(uu ekata moda namakuth dala hi hi) sel lipiyai dekama den nettam uba meka liwwe mokatada ? mata hithenne meka bowena pissuwak,, rawana gena liwwata kamak nea, apita eya gena kalakirawanna epa. umbata modai kiyanne erissiyawakatawath , mama batahira gethi nisawath newei , umba lokaya dakina patu seemawe umbata oya modakama penne nea.

    ReplyDelete
    Replies
    1. අපි කියපු දේවල්ම පර සුද්දෙක් ඇවිත් කිව්වනම් ඔබ තුමා ඔහොම කියන්නෙ නෑ.

      ඔබතුමා කැමති ඩොබර්මන් සුද්දන්ට ජාතක වෙච්ච බල්ලෙක් කියල හඳුන්වන්නද?

      Delete
    2. para suddek newei wena ekek kiwwath ballanwa watinne naha, wadagath deyak kiyanna. balla natta wananawa kiyala natta kapuwanam rawanata pissune , manasika abadha karayenda koheda. balla natta wananne nathuwa uge ahawal eka wanannada?

      Delete
  14. ඔබතුමා මොක කිව්වත් ඔබෙ හර්ද ශාක්ශිය දන්නවා සුද්දාගෙ දෙ විශිශ්ටයි කියා එකයි ඔබ එ විශිශ්ට දෙ අපෙ දෙයක් කියා කියන්න තැත් කරන්නෙ.මොක කිව්වත් ඔබ ඉන්නෙ ෆැන්ටැසියක් තුලලාමතක කරන්න එපා මෙ 2012 කියා.තව මාස 6යි ඇ මෙව්ව කොරන්න හම්බෙන්නෙ රාවනා ආවෙ නැත්නම් ඔබ තුමයි ඔබතුමාගෙ බමුනො ටිකයි වහාම ඉන්දියාවට ගිහිල්ල එහෙ ඉන්න පො* හැති කරෙටම කියාන්න ඔය ගොන් කතාව.මොනව උනත් ඔබ තුමාගෙ හ්‍ර්ද ශාක්ශිය දන්නවා ඇතිනෙ ඇත්ත ඔබ තුමා අපිට පරසුද්දෙක් කිව්ව නම් විස්වාස කරයි කියල කිව්වට ඔබතුමාගෙ හර්ද ශාක්ශියත් දන්නවා සුද්දගෙ දෙ උසස් හා උන් ලොකය වෙනස් කලා කියල. අනික ඔය සිංහල පද වියුක්තිද මොනවද එව්ව කියවලා එක එක අර්ත කතනයන් දෙන්න යන්න එපා.ඔය ඇතැම් එවට අර්ත ගොඩයි.ඇතැම්ව ඔබලාම නිර්මානය කරපුවා.ඔබතුමාම එක තැනම පද වියුක්තියක් කරන්න ගිහිල්ල නොඔන්ඩි උන අවස්තාත් අපි දැකල තියෙනව.කව්රුත් කිව්වෙ නැති උනාට ඔබතුමා හැමොගෙම විහිලුවක් වි ඇත.ඔය ගොඩක් අය ඔබතුමාව බොරුවට ෆෝම්( අපෙ වචනයෙන්ම) කොරනව කියල තෙරෙන්නෙ නැත්ද? . අන්තිමට ඔබටත් වෙන්නෙ අර පිටිදුවෙ හිමි කලා වගෙ "මම උබලාට පොඩි ඇමක් දුන්නෙ දිරව ගන්න බැරි වෙන්න" කියල ශෙඑප් වෙන්න. අපිටත් මෙ ටිකෙම ෆට්ට ෆන් මෙ වගෙ විහිලු පිටුවක් තියෙන එකෙන්. තව කතන්දර දාන්න ඇ. මම අබියොගයක් කලා එකට තාම පුලිතුරු නැ අදත් කරනව පුලුවන් නම් මම ඉන්න ගම් පලාතයි දිස්ත්‍රික්කයයි,මගෙ උපන් දිනෙයි කියන්න ඔබතුමාගෙ ඔය තියෙන මොකක් හරි ක්‍රමෙකින් (ඔබට බැරි වෙන්න විදියක් නැ නෙ මිට කලින් ලිපි වල දාල තිබුනෙ හිට්ලර් ලියපු පොහක් ක්ඉයෙව්ව කියල හිත දියුනු කරල,මෙක ගොන් අභියොගයක් වෙන්න පුලුවන් නමුත් මට අවශ්ය කරන්නෙ මෙයා අර බමුනො පුච්චපු පොත්,හිට්ලර් ලියපු පොතෙ ඇත්ත පිටපත හිත දියුනු කරල කියෙව්ව කියන එක බොරු කියල ඔප්පු කරන්න).එක්කො මෙ 9,10 වසරෙ විතර ස්කුල් යන පොඩි එකෙක් කරන ගොන් චුන් එකක් (මටනම් හිතෙන්නෙම එහෙමමයි මෙතුමා ඉදිරිපත් කරන තර්ක හා මෙතුමාගෙ අනන්යතාව පෙන්නිම්ට කියද්දි CIA එකෙන් හොයනවා වගෙ ගොන් උත්තර දිමෙන්) නැත්නම් කිසිම උගත් කමක් නැති සුරියප්පෙරුම වගෙ දෙශප්ප්‍රෙමි ලොක්කෙක් :D

    ReplyDelete
  15. Anonymous One origJune 27, 2012 at 8:52 AM

    ඔය ඩෝබර්මන් කියන ජර්මන් බලු වර්ගය ගැන කියනවාට වඩා "රාවනස්ට්‍රම්" කියන වචනය විග්‍රහ කලා නම් කාලෝචිතයි. ගොඩක් අය එයාලගේ ජීවිතය නැති කර නිවන් මිරිඟුව හඹා යන කොට ඒ වසංගතය බෝවෙන්න කලින් ලංකාවේ ඉතිහාසයට මඩ ගැසීම ජන්ම ගතියක්. නොදන්නා දේට හිනා වෙන මලයාලි කට්ටියට මේ කාලෙ හුඟක් අපල බව ළඟදිම තේරේවි. තමන් ඇති දැඩි කරන සතුන් තමන්ගේ දූ දරුවන් වෙලා උපදිනවා. අද අපි අතරේ ගොඩක් කකුල් දෙකේ සුනඛයෝ ඉන්න බව සහතිකයි.

    ඔය වල්ගෙ කපා ගෙන දඟලන අය අධෝභාගය දෙස කන්නාඩියකින් බැලුවොත් පෙනේවී තමන්ගෙ වල්ගය කැපූ කැළල. කැළලක් නොව මද වර්ණ වෙනසක් ඇති තිතකින් කෙළවර වේ නම් ඔබට සුජාතක සිංහල උරුමයක් ඇත. මා කී දේ තහවුරු කර තම අතීතය හඳුනා ගන්න.

    දෙවියන් පිදීමට සතුන් මරණ තිරිසනුන්, දේව පූජාව කියමින් මිනීමස්/ලේ කන/බොන කුරුසකාරයන්, ගැහැණුන් වැනි දුබලුන්ට පීඩා කරන තම්බීන්, ජීවිතය වඳකරන බොරු බෞද්ධයන් වගේම, රාවණයන් වැනි උරුමය නැසීමට වලිකන ව්‍යාජ සිහළුන්ද ඇති බව තේරුම් ගත හැක.

    ඉංග්‍රීසින් බිහි කල ගිරා අධ්‍යාපනයෙන් බිහි වූ දුබලුන් සිංහල බස හැසිරවීමේදී බස හා අන්තර්ගත දැනුම තලා පෙලා වනසන්නේ මැටි වලං ඇති කඩයට ගිය මද කිපුනු ගවයකු ලෙසය. ගල් කණු, සෙල් ලිපි, අටුවා ටීකා තනි මත දරන අතර සිංහල භාෂාව අපේ පොදු උරුමයයි. එය රැක ගනිමු. බස නැති ජාතිය මිය යනවා. නොයෙකුත් බාහිර බලපෑම් නිසා අප කොතරම් මුලා වී ඇති දැයි කිවහොත්, අපි අද අපේ දේ නසා සියතින් ගෙල කපා ගන්නා අන්තිම ජවනිකාව රඟ පාමු.

    බස ගැන කී නිසා රීතිය උඩුයටිකුරු කර "කරත්තය" යන වචනය බිඳීමක් කල නිසා දැන ගැනීමට මෙය ලියමි. කාර් (Car) යන වචන හැඳුනේ "කරත්තය" යන වචනය අණුකරණය කිරීමෙනි. ඉංග්‍රීසින් අනුන්ගේ දේපල මෙන්ම බුද්ධි සම්පත් කොල්ල කන මංකොල්ලකාරයන්ය, සොරුන් ය. කාර්+රථය ගෙන කරත්තය වූ බව පැවසීමෙන් සිහළුන්ද එම ගණයට දැමේ. ඒ නිසා එම වචනයේ පූර්ණ විග්‍රහයක් දෙමි. "කර කර" ගා යන රථය "කරත්තය" විය. "කර කර" ශබ්දය කරත්ත ගැන දන්න අයට සුපුරුදු හඬකි. රථය යනු "රූං ගා යන දෙය" යන අදහස ගනී. "ථය" හෝ "තය", සිංහල වචන පූර්ණ කිරීමට යොදන වාක්‍ය කෑල්ලකි. උදා: වා+තය, ගා+තය (ගාටන උපාංඟය). ග වලින් කියන ගියා ගාටනවා සේම Go එක උපතින් ආ වචන ය. එසේ ම රූං ගාල යනවා එනවා සේම run, එක උපතින් ආ වචන ය. සිංහලෙන් වතුරත් ඉංග්‍රීසියෙන් water කියන්නෙත් චොර චොර ගා ගලන වතුරේ ශබ්දය මුල් කොට හැදුනු වචන ය. මෙවැනි ආරම්භක යුගයේ පටන් බිහි වූ වචන (තෝ හා you (Thou)) ඉතිහාසයේ බෙදීම් හැදෑරීමට ගත හැකි නොයෙකුත් උපාංඟ වලින් එකක් පමණි. "කරත්තය" යන වචනය බිඳීමෙන් කාර් බිහිවීම මවගෙන් දුව බිහි වුනා යයි කීම වැනිය. එහෙත් "කාර්+රථය ගෙන කරත්තය වූ බව" සමාන වන්නේ දුවගෙන් මව බිහි වූවා යයි කියන පද ගැලපුමටය.

    සිංහල උරුමය රැකීම සිංහලයන්ගෙ වගකීමයි. එය වැනසීමට රුකුල් නොදෙමු. මේ අඩවිය "සුපිරියයි" මා තේරුවේ එය එසේම වේවායි පතමිනි. අපි නොදත් දේ දන්න අය අප වටා එමටය. එය ඇත්ත නැත්තෙන් වෙන්කර ගැනීමට පිටු වහලක් කර ගමු.

    ReplyDelete
  16. අනේ තෝ වගේ මී හරකෙක් !! Domerman කියන වර්ගය ලෝකේ හොයා ගත්තෙත් 1890. කියවපිය මේ ලින්ක් එක ! පොල් බූරුවා !!

    http://en.wikipedia.org/wiki/Doberman_Pinscher

    ReplyDelete
    Replies
    1. එකම නම තියෙන දෙදෙනෙක් ලෝකයේ සිටීමට නොහැකිද? උදාහරණ ලෙස අපගේ ගෙවල් වල සිටින බල්ලන් වන "ටාසන්" යන නම සහිතවම සිටින සුද්දන් එංගලන්තයේත් සිටී.

      "කාල් ෆ්‍රෙඩ්‍රික් ඩොබර්මන්" නැමැති සුද්දා 1880 ගණන් වලදී හෙළදිවට පැමිණි බව බ්‍රවුන්රිග් ගේ වාර්තා වල සඳහන්. බොරුයි කියල හිතෙනවනම් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් බ්‍රවුන්රිග් ගේ සටහන් සොයා බලන්න.

      එහිදී ඔහුගේ පෙළප්තේම නම සහිත බල්ලන් අප රටෙන් හමුවූ අතර ඔහු එයින් කීප දෙනෙක්වම තම රටට ගෙන ගොස් තිබෙනව.

      අපේ ඉපැරණි හෙළ ඉතිහාසයේ සාක්ෂියක් වන ඩොබර්මන් බල්ලන්ව බලු බද්ද (Dog Tax) පනවලා ඝාතනය කළ බව ඔබ නොදන්නේද? පර සුද්දන් බලු බද්ද පැනවුවේ අපගේ ඩොබර්මන් බල්ලන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණටයි.

      Delete
    2. "කාල් ෆ්‍රෙඩ්‍රික් ඩොබර්මන්" නැමැති සුද්දා 1880 ගණන් වලදී හෙළදිවට පැමිණියාද නැද්ද මා දන්නෙ නෑ. බ්‍රවුන්රිග් කියන්නෙත් පර සුද්දෙක්නේ. ඉතින් විශ්වාස කරන්න පුළුවන්යැ. ඔන්න අපේ හෙළ යකෙක් සෙල් ලිපියකවත් ලියා තිබුණා නම් විශ්වාස කළ හැකියි.

      නමුත් එකක් පැහැදිළියි. 1931-36 අතර කාලය තුළ චාල්ස් ඩාවින් නැමැති මහ හොරා ලංකාවට පැමිණ අපේ පුස්කොළ පොත් හොරකම් කර ගෙන ගිය බවට. (මේ සත්‍යය හෙළිදරව් කිරීම ගැන අපේ ආර්. පී. සුසන්ත මහවෙදනා තුමාට අපේ අනේක ස්තූතිය පිරිනනමු.) මේ ගමන් සඟවන්න චාර්ල්ස් ඩාවින් මහ හොරාට කොයිතරම් අවශ්‍ය වුණාද කිව්වොත් ඔහු නැවේ ගමන් මාර්ගය පවා ඇඳ ඇත්තේ අප සම්පූර්ණයෙන්ම නොමඟ යන පරිදියි. මේ බලන්න http://en.wikipedia.org/wiki/File:Voyage_of_the_Beagle-en.svg නමුත් අපේ ආර්. පී. සුසන්ත මහවෙදනා තුමාගේ තීක්ෂණ බුද්ධිය හා පර්යේෂණ වලට පින් සිදු වන්නට අපට බටහිරයන් සඟවා දැමූ මේ සත්‍යය හොයා ගන්නට හැකි වුණා.

      මට නම් හිතෙන්නේ චාල්ස් ඩාවින් කියන මහ හොරා අපේ පුස්කොළ පොත් හොරා ගන්නට හෙළ දිවට පැමිණි විටෙකම මේ ඩෝර්බමන් සුනඛයින්ද හොරකම් කර ගෙන ගොස් ඇති බවයි. සමහරවිට මේ ඩෝර්බමන් කියන සුද්දා ඩාවින් කියන පල් හොරාගේ යාළුවෙක් වෙන්න ඇති. තෑග්ගකට බල්ලාව දුන්නාද දානෙත් නෑ. එසේ නොවේ යැයි කිසිදු සෙල් ලිපියක සඳහන් නොවන නිසා මේ කතාව පිළිගත හැකියි. ජයරත්න මහතාණෙනි ඔබේ අදහස කුමක්ද?

      Delete
    3. අද තමා තෝ පුක මහ ගන්නෙ. මම වෑඩ කරන්නෙ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඕයි !! බේගල් කියන්න එපා !!! උම්බලට ඔන විදිහට ලොක ඉතිහාසය වෙනස් කරන්න බෑ !!! අනික, ඔච්චර ඩොබමන් ල ලඣවෙ හිටිය නන්. උම්බල කියන්නෙ උන් ඔක්කොම මරල කියල ද ? බල්ලොන් ව නෙමෙ. තොපි වගේ මී හරක් වයි මරන්න ඕන !!

      Delete
    4. ඩොබර්මන් 1890 හොයා ගත්ත කියළ කියන්නෙත් ඔය බටහිර අධිරාජ්‍යයවාදීන් මෙහෙයවන 'විකිපීඩියා' කියන අන්තර්ජාල විශ්වකෝෂය නේ. ඕකත් ලියල තියෙන්නේ ඔබ වැනි සාමාන්‍යය මිනිසෙක්. අපි හෙළි කරන්නේ මෙච්චර කල් සාමාන්‍යය මිනිස්සුන්ට ගෝචර නොවෙච්ච් පරම සත්‍යය.

      ඒත් එක්කම බලන්න දැනට ලෝකයේ ප්‍රසිද්ධ නූතනවාදීන් කියන විදිහට 'ඩොබර්මන්' කියන්නේ ජර්මන් උපතක් තියන සුනඛයෙක් (අමූලික බොරු). ඇත්ත තත්වය නම් 'ඩොබර්මන්' හෙළයෙන් තමා 'ජර්මන්' ජාතිකයින් අරගෙන ගියේ.

      ජර්මානුවන් සහ හෙළයින් අතර සම්බන්ධය ගැන වැඩි දුර දැන ගන්න ඕන නම් මේ බ්ලොග් එකේ තියන 'නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙකි' කියන ලිපිය බලන්න.

      Delete
    5. @ ඇනෝ, හරි පුලුවන්නම් කාල් ෆ්‍රෙඩ්‍රික් ඩොබර්මන් නැමැති සුද්දා 1880 ගණන් වලදී හෙළදිවට ආපු නැති බව තියන මොනයම් ලෙඛණයක් හෝ ඔබට හොයා ගන්න පුළුවන්නම් අපිට එවන්න. එතකොට අපි ඔබ කියන දේ පිළි අරගන්නම්.

      Delete
  17. තොපි ගෙ නිකන් ටෝක් විතරයි !!! පඩ විතරයි ගූ නෑ !!!! උම්බල මට පෙන්නපන් ඔය පර සුද්දා ලඣ්කාවට ආව කියල, මම පෙන්නන්නන් මගේ එක !!

    ReplyDelete
    Replies
    1. ඔහු ලංකාවට ආ බවට විස්තර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඇත. ඊට අමතරව ලන්ඩන් කෞතුකාගාරයේ තබා ඇති ඉපැරණි පුස්කොළපොත් වල ඩොබර්මන් ගැන තවත් තොරතුරු බොහෝ ඇත.

      මේව අපිට එකින් එක ගෙනල්ල බන්දේසියක තියල දෙන්න බෑ, ඉතිහාසය කියන්නෙ අමාරුවෙන් හොයාගන්න ඕනැ දෙයක්. ඉතිහාසය විමසල බලන්න.

      Delete
    2. මම කිව්වේ මම ඉන්නෙ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ, මට කියපන් මොන එකකය යටතෙ මොන පොතේ ද තියෙන්නෙ කියල !! මම උම්බෙ රෙදි ගලවන්න !! මටත් තොපිට බන්දේසි වල තියල සාක්ශි දෙන්න බෑ !!

      Delete
    3. @ ඇනෝ, හරි පුලුවන්නම් කාල් ෆ්‍රෙඩ්‍රික් ඩොබර්මන් නැමැති සුද්දා 1880 ගණන් වලදී හෙළදිවට ආපු නැති බව තියන මොනයම් ලෙඛණයක් හෝ ඔබට හොයා ගන්න පුළුවන්නම් අපිට එවන්න. එතකොට අපි ඔබ කියන දේ පිළි අරගන්නම්.

      Delete
    4. kiyana de chatar karaganna epa . wadagath de wadagath vidihata danna. epasa kiyanawa ballek gana, oya thiyana puskolayakin kiyawala honda deyak hadanna kenek thwama rawana purye nadda? e athin para sudda kochchara hondada? ape evunta mewa thibilath mewain weda ganna wath ewa rakinna wath bari unanam ewaye watinakama thiyana ayata ewa yana eka hodai, ape aya wanse kabal ganawa witharaine. karapu deyak naha.

      Delete
  18. මම මේ බ්ලොග් අඩවිය බොහොම මැදිහත් සිතින් කියෙව්වා. එත් දැන්නම් හිතෙනවා මේක අපහාසයක් විදිහට කරගෙන යන එකක්ද කියල. මේ ලිපිය සහ රාවණ UNP එකෙන් චන්දෙ ඉල්ලනවා කියන ලිපි දෙක ටිකක් හිතා ගන්න අමාරුයි. මේ ලිපිය ලියන ඔබටත් වඩා ගොඩක් විස්තර මා සතුවද ඇති අතර මෙහි ඇති සමහර තොරතුරු යම් ආකාරයක අතිශයෝක්තියක් සහිතව ලියා ඇති බව පෙනේ. කරුණාකර මා වැරදි නම් නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. athishokthiyanam thiyanawa . me aya rawanage wadagath katha karapu nathi pathtak thiyanawa. api eka dannawa. egana kiyana kal thamai balan inne. mata thawa deyak hithenawa meyala rawanagana kiyakiya wena dewal eliyata ganna hadanawa wage.

      Delete

නුදුරු අදහස්