Sunday, June 24, 2012

නා ගසේ පත්‍ර මගින් ෆෝන් බැටරියක් චාර්ජ් කිරීම.! (රාවණ ගවේශකයෙක් සොයාගනී)

2012 අගදී සිදුවන යුග විනාශයත් සමගම රාවණ රජතුමා නින්දෙන් අවදි වීම වෙනුවෙන් අප කළ යුතු දෑ පිළිබඳව පසුගියදා වර්ගපූර්ණිකාවේ පාථකයන්ව දැනුවත් කළ මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව වසන තාපස තුමාගේ ජංගම දුර්කථනයේ විදුලි කෝෂයේ ආරෝපණය අඩාල වීම පිළිබඳ සිද්ධිය ඔබට මතක ඇති.

පසුව එම ගැටළුව පිළිබඳව එතුමා මඳ වේලාවක් කුණ්ඩලීනී යෝගයේ රාවණා ශක්තියට සම වැදී ගවේශණය කරද්දී කදිම හෙළ තාක්ෂණයක් පහළ වී තිබෙනවා. එතුමාට මේ තාක්ෂණය පෙන්නුම් කර ඇත්තේ හෙළය රකින යකුන් විසිනුයි.

බෝ කොළ මගින් ජංගම දුරකථන බැටරි ආරෝපණය කිරීම පිළිබඳව සමහර විට ඔබ කළින් අසා ඇතත් එය සාර්ථක නොවූ බව දැන් හැමෝම දන්නව.


එනිසා ජංගම දුරකථය බැටරි ආරෝපණය කිරීම් සාර්ථක වන්නේ තාපස තුමා පවසන පරිදි නා ගසේ පත්‍ර යොදාගැනීමෙනුයි. ඒ සඳහා පහත ක්‍රියාවන් අනුපිළිවෙළින් කළ යුතුයි.

(1). ඔබගේ ජංගම දුරකථනයේ කවරය විවෘත කරන්න.

(2). බැටරිය එලියට ගන්න.

(3). නා දල්ලක් සහ, මෝරපු නා කොළයක් ඒවායේ නැටි කොහේවත් ස්පර්ෂ නොවන පරිදි නා ගසකින් කඩා ගන්න. බැටරිය ආරෝපණය කිරීමට යොදාගන්නා තුරු ඒවයේ අග්‍ර කොහේවත් ස්පර්ශ නොවිය යුතුයි.


(4). පළමු රූපයේ (බෝ පත්‍ර තබා ඇති) ආකාරයට දැක්වෙන පරිදි, නා දල්ල බැටරියේ සෘණ අග්‍රය වෙතටත්, මෝරපු නා කොළය බැටරියේ ධන අග්‍රය වෙතටත් තබන්න.

(5). හොඳින් හුස්මක් ගෙන, ඔබගේ සිත නා පත්‍ර දෙක පමණක් මෙනෙහි කරමින් එකඟව තබා ගන්න.

(6). දැන් විනාඩි පහක් පමණ පහත දැක්වෙන රාවණ ශක්ති මන්ත්‍රය ඉතා පැහැදිළි හඬින් ජප කරන්න.

ඕං ශ්‍රී රාවණා ශක්ති සද්ධිං විඣිමාහ හරිං හරිං ශ්‍රී ය:

ඔබ ඉහත අදියරවල් මැනැවින් සිදුකළානම් දැන් බැටරිය ආරෝපණය වී තිබෙයි. මතක තියා ගන්න විනාඩි හත අටක් එලෙස කළහොත් බැටරිය "Over Charge" වී විනාශ වීමට ඉඩ තිබේවි.

(7). දැන් එම ආරෝපිත බැටරිය නැවතත් ජංගම දුරකථනය තුළට දමා සිවිචය දමන්න. ප්‍රතිඵලය ඔබ දකීවි.

(8). ආරෝපණය අඩුනම්, නැවතත් අළුත් නා කොළ දෙකක් යොදා ගනිමින් ඉහත ක්‍රියාවලිය නැවතත් සිදු කරන්න. එහිදී නා පත්‍ර අල්වාගෙන සිටීම විනාඩි දෙකකට පමණක් සීමා කරන්න.



මෙහි තාක්ෂණය
============

නා ගස යනු නාග ලෝකයේ ගසයි. නාගයින් එය යොදාගනිමින් ශක්තිය (විදුලිය) නිපදවූ බව ඉපැරණි පුස්කොළපතක් වන නාගාශකපන්ඩුකය හි දැක්වෙයි.

වර්තමානයේදී "නාවිකයා" යන පදය මූදු යන්නන්ට භාවිතා කළත් අතීතයේ රාවණ යුගයේ එම පදය භාවිතා කලේ නා ගසේ පත්‍ර යොදාගෙන විදුලිය නිෂ්පාදනය කරන්නාටය. වර්ගපූර්ණිකාවට අනුව නාවිකයා ට, නා=නාගසෙන්, වි=විදුලිය, කයා=නිෂ්පාද"කයා", හෙවත් "නාගසෙන් විදුලිය නිෂ්පාදකයා" යන හෙළ නිරුක්තිය ලැබේ.

නාගදෙනියේ අතීත නා විදුළි බලාගාරයක් තිබූ බව මෑතකදී කැණීම් වලින් මතුවූ සෙල් ලිපියක දැක්වුණි. නමුත් හෙළ ඉතිහාසය සඟවා තැබීමේ තුච්ඡ උත්සාහයට අනුව බලධාරීන් වීස්න් ඒ ගැන කිසිවක් හෙළි කර නැත.

එම සම්ප්‍රදායේ යමින් නා ගස ශ්‍රී ලංකාවේත් ජාතික වෘක්ෂය කර ඇත්තේ නා ගසේ ශක්තිය ගැන කාලාන්තරයක් තිස්සේ හෙළයින් දැන සිටි නිසයි.


නාගාශකපන්ඩුකය නැමැති පුස්කොළපොත සුද්දන් විසින් සොරාගෙන ගොස් තිබේ. එහි තිබූ විස්තර උපයෝගී කරගැනීමෙනුයි සුප්‍රකට අවතාර් (Avatar) චිත්‍රපටය නිර්මාණය වූයේ. එම චිත්‍රපටයේ තිබුණ අති විශාල ගස් වර්ගයක් වන Home Tree ඔබට මතකද? ඒ අන් කිසිවක් නොව නාග ලෝකයේ ඇති නා ගසයි. නාගයින් විසින් පරිසරය සමග සහජීවනයෙන් ජීවත් වෙද්දී නා ගසේ පත්‍ර තම කොණ්ඩය සමග සම්බන්ධ කරගනිමින් තම චිත්ත ශක්තිය වර්ධනය කරගෙන තිබේ.

අද හෙළ අවුරුදු උත්සවයේදී හිස තෙල් ගෑමේදී බොහෝ විට හිසට නා පත් තබන්නේ ඉපරණි නාගයින්ගේ ශක්තිය ලබාගැනීමේ තාක්ෂණයට අනුව බව ඔබ දැන සිටියාද?

නා ගසේ ඇති එම ශක්තිය එහි පත්‍ර වල විශේෂයෙන්ම තිබෙන්නේ විද්‍යුත් ශක්තිය ලෙසටයි.

නා දළු කාන්තාවන්ගේ තොල් පෙති වලට උපමා කර ඇති බව ඔබට මතක ඇති. "අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි..." ඒ අනුව නා දල්ලෙන් ගම්‍ය වන්නේ ස්ත්‍රීත්වය හෙවත් විශ්වයේ ඇති සෘණ (-) ශක්තියයි. අනික් පසට මෝරපු නා කොළයෙන් ගම්‍ය වන්නේ පුරුෂත්වය හෙවත් විශ්වයේ ඇති ධන (+) ශක්තියයි.

රාවණ ශක්ති මන්ත්‍රය යනු රාවණ රජතුමා විසින් නිර්මාණය කරන ලද්දක් බව වර්ගපූර්ණිකාවේ දැක්වේ. එතුමා එය නිර්මාණය කළේ දඬුමොණරයේ රසදිය ශක්තිය වැඩි කිරීමටලු. මනස නිශ්චලව තබා ගනිමින්, රාවණ ශක්ති මන්ත්‍රය නිසි ලෙස උච්ඡාරණය කිරීමෙන් එහි ශබ්ද තරංග මගින් නා දල්ලේ සෘණ ශක්තියත්, නා කොළයේ ධන ශක්තියත් අවදි වෙයි. එවිට විද්‍යුත් ධාරාවක් නිපදවේ. එමගින් බැටරිය අරෝපණය වෙයි.

පර සුද්දන් කැලෑ වල සතුන් දඩයම් කරමින් යද්දී විද්‍යුත් ශක්තිය පවා සොයාගෙන ඉන් වැඩගෙන තිබූ හෙළ යකුන් රකුසන්ගෙන් පැවත ඒම ඔබ හට අභිමානයක් නොවේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

92 comments:

  1. සුදර්ශනJune 24, 2012 at 6:58 PM

    අපේ ගෙදරත් නා ගහක් තියෙන හින්ද මන් මේක දැන් කරල බැලුව. බැට්‍රිය චාර්ජ් වෙනව. අනික බැට්‍රිය රත් වෙන්නෙත් නෑ. මේකනම් නියමයි. තැක්යූ වේවා........

    ReplyDelete
    Replies
    1. රාවණ රජතුමා කෙරෙහි අචල විශ්වාසයක් ඇති අයට පමණයි ඉහත රාවණ ශක්ති මන්ත්‍රය හරියන්නෙ. ඔබ ගැන මට ආඩම්බරයි.

      Delete
    2. නමෝ රාවනා පාක්ෂික උතුමනි,


      මේ වගේ ශේෂ්ට උත්තමයෙක්ගේ බ්ලොග් අඩවියට ගොඩ වෙන්නට ලැබීමත් මා ලැබූ භාගයක් මය.
      මා ද මාගේ මේ ජීවිතය රාවනා රජු වෙනුවෙන් කැපකිරීමට කැමැත්තෙමි. ඒ සදහා කටයුතු කරන ආකාරය පැහැදිලි කරන්නේ නම් අගනේය.


      ෴ රාවනා සිද්ධම් ෴

      Delete
    3. රාව්ණා රජතුමා වෙනුවෙන් තම ජීවිතය කැප කළ හෙල ගවේශකයින් එමට සිටී. ඔබත් ඊට එක් වී තම ජීවිතයම කැප කිරීමට කැමතිනම් මේ දේවල් දෙකවත් අඩුම තරමින් ඉ‍ටු කරන්න වේවි.

      1. හැකි තාක් රාවණ රජතුමා ගැන ඇති ලිපි එකතු කරන්න.
      2. එම ලිපි හැකි තාක් අන්තර්ජාලයේ කොපි පේස්ට් කරන්න.

      ඒව කරන්න කැමතිනම් ඊළඟට කරන්න ඕනැ ටික කියන්නම්.

      Delete
  2. අනිව මේක වැඩ ඕයි, පට්ට පට පට.
    රාවණ රජතුමාට ජය වේව

    ReplyDelete
  3. ඔන්න මං මේ කියන්න යන්නේ පට්ටපල් ඇත්තක්... ඔය ක්‍රමය මමත් දැනං හිටියා දැන් සෑහෙන කාලෙකට කලින් ඉඳලා...මට ඕක කියා දුන්නේ රූස්ස වනාන්තරයක හිටිය තාපස තුමෙක්.(දැන් අහන්න එපා ඒ රූස්ස වනය කොහේද කියලා... තාපසතුමාගේ ආරක්ෂාවයි නිදහසයි රකින්න ඕන හින්දා ඒක හෙලි කරන්න බැහැ.

    මං ඔය ගමන් බිමන් යනවනේ නිතරම... එහෙම ගිය වෙලාවක තමා මට ඔය කියන තාපසතුමා හම්බ උනේ.. ඇත්තටම උන්වහන්සේව පියවි ඇහැට පේන්නේ නැහැ‍..රාවණ බන්ධනය මගින් නොපෙනී තමා ඉන්නේ..ඒත් හදිසියේම මගේ ඉස්සරහා ප්‍රාධූර්භූත උනා... ඒ වෙන එහෙකට නෙවෙයි මගේ හෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න පුළුවන්ද අහන්න...

    මං ඒත් බැළුවා මේ තාපසතුමා කාට කෝල් කරන්නද කියලා...ආන්න ඒ වෙලාවේ තමා කිව්වේ රන්දිව පත්‍රයේ විශේෂ ලියුම් කරුට කියලා..(දැන් පැහැදිලිනේ මේ කොයි කාලේ වෙච්ච දෙයක්ද කියලා..) කරුමෙට එවෙලේ මගේ ෆෝන් එකේ බැටරි බැහැලා තිබුනේ..මං ඒ වග කිව්වා තාපස තුමාට...

    තාපස තුමා හීනියට හිනා උනා..දෙන්න දරුවා ඔබගේ තෙල බණනුව මා වෙත කිව්වා... මං කර්පට් උනා..ඒ මොකක්ද කියලා.. පස්සේ උන්වහන්සේ මගේ සාක්කුවට ඇගිල්ල දික් කරලා කිව්වම මට තේරුනා මේ ඉල්ලන්නේ මගේ ෆෝක් එක කියලා..මමත් දුන්නා..අන්න උන්වහන්සේ ඔය කිව්ව විදියටම අසල තිබුන සුවිශාල නා ගසකින් පත්‍ර යුග්මයක් නෙලාගෙන අදාල ආරෝපණය කිරීම කරනු ලැබුවා..ආන්න එහෙම තමා මං මුලින්ම ඔය වැඩේ දැක්කේ...

    ඇත්තටම මං ඕක කිටවත් නොකියා මෙච්චර දවසක් හිටියේ..ඕක මං කිව්වාම අපේ මිනිස්සු මට හිනා වෙයි කියලා..මොකද අපේ අයගේ මොල හදලා තියෙන්නේ අපේ ඉපැරණි හෙළ උරුමය ගැන සැක කරවන්නමනේ..කොටින්ම මට මේක ඔප්පු කරලා පෙන්නන්න සෙල් ලිපියක්වත් තියෙන එකක්යෑ...

    ඒත් දැන් මට බය නැහැ..අපේ හෙල යක් පරපුරේ අභීත ලේඛක මීවනපලානේ උන්නැහේ දැන් මේකට සාක්කි දරනවනේ...

    රාවණ සිද්ධම්..!

    ReplyDelete
    Replies
    1. "නාකොළ විද්‍යුතයේ සාක්ෂිකරුවෝ" (Witnesses of Na-Tree Electricity) කීප දෙනෙක්ම සිටීම අපගේ රාවණ ගවේශණයට ඉතාමත් පහසුවක්.

      Delete
    2. මාර වැඩනේ මාරයා අයියටත් වෙන්නේ...

      Delete
    3. na kiyala dala thiyenne bo kola 2kne

      Delete
  4. ඇත්තටම මෙවැනි අනගි තාක්ෂණයක් සඟවා තබා නොගෙන හෙලි කිරීම ගැන ජයරත්න මහතාට මම මගේ ස්තූතිය පල කරන්න කැමතියි..මමත් මේ වෙලාවෙ දුරකතනය චාජ් කරන ගමන්...මේ වගේ හෙළ උරුමයන් සිනහවට ලක් කිරීම තමන් තමන්ම සිනහවට ලක්කිරීමක් කියලයි මට හිතෙන්නෙ

    රාවණ සිද්ධම්..!

    මලා....
    ඕවර්චාජ් වෙලා....

    ReplyDelete
    Replies
    1. ඕවර් චාර්ජ් වීම් ගැන වගකියනු නොලැබේ.

      ප.ලි: නෝන්ඩියට දාපු කොමෙන්ට් එකක්ද කියලත් හිතෙනව

      Delete
    2. කිසිසේත්ම නැහැ...මෙවැනි තාක්ෂණයන් භාවිතා කිරීමේදි ඒ ගැන විශ්වාසයක් මෙන්ම සිත එකඟ කර ගැනීමකුත් අවශ්‍යයයි..මම කොමෙන්ටුව දාන්න ගිය නිසා මානසික ඒකාග්‍රතාවය බිදුනා..ඒ නිසයි ඕවර්චාජ් වුනේ...මේ ගැන විශ්වාසයක් නොතිබුනා නම් චාජ් නොවෙන්නත් ඉඩ තිබුනා...

      මම මේ ගැන සදහන් කරන්නෙ අනිකුත් පාඨකයන්ගේ දැනගැනුම පිණිසයි.

      ඒ වගේම ඔබ සතු අගනා දැනුම දිගින් දිගටම අප වෙත ලබාදෙයි කියලත් මම විශ්වාස කරනවා...බ්ලොග් ලෝකයට ඔබ වැන්නන් අත්‍යවශ්‍යයි.

      ෴ රාවණ සිද්ධම් ෴

      Delete
    3. ඔව් ඔව් මේ ලකි සිරි හෙල සහෝදරයාත් නියම හෙළුවෙක්..පේනවනේ නමේ අසිරියම..

      ලකී සිරි..ඒ කියන්නේ
      ලක්+ඊ=ලකට ආ
      සිරි= ශ්‍රියාව

      ඒ කියන්නේ මේ රාවණ පුරයට ශ්‍රියාවක් වූ කියන එකනේ.. බලන්නකෝ ජයරත්න මහත්මා මෙවා ගැලපෙන අපූරුව... ආශ්චර්යයක්නේ...

      Delete
    4. ආ හුටා අමතක උනා...

      රාවණ සිද්ධම්..!

      Delete
    5. මෙ මම ඔය මන්තරෙ කියන්නෙ නැතිව චාර්ජ් කලා බචන්ල.මෙ මම වෙන 4න් එකකින් වැලක් බලන ගමන් චාර්ජ් කලෙ අම්මට සිරි ෆස්ට ඇ.මගෙ රාවනත් අවදි වෙලා මචංලා.කනු ඔක්කොම නැගල අහවල් කනුවත් නැගල Over Charge ද මන්ද.මල කෙලියයි.මෙ මම හිතන්නෙ මට නම් අර රාවන ශක්තිය ඔනෙ නැති වෙයි මගෙ කනු ඔක්කොම තාම එලට වැඩ. :D

      Delete
  5. මේක මේ පිස්සන්ගේ බ්ලොග් එකද්ද නැත්නම් විහිළු එකද්ද? තරහ ගන්න එපා ඇත්තටම නොදන්නා නිසා ඇහුවේ

    ReplyDelete
    Replies
    1. "අපට අපේ හෙළ ඉතිහාසය පිළිගන්නට සුදු ගැත්තන් ලියූ මූලාශ්‍ර ග්‍රන්ථ හෝ සාක්ෂි අවශ්‍ය නැත. මක්නිසාද යත් අපට කිසිදු විටෙක අපේ පියාගෙන් පුත්‍රභාගය පිළිගන්නට මූලාශ්‍ර ඉල්ලා සිටින්නට තරම් අවජාතක චින්තනයක් මතුව නැති බැවිනි"

      Delete
  6. එම්බා පාපතරය,

    හෙළයේ ගැලුවුම්කරු වූ අතිශේෂ්ට රාවණා උත්තමයන්ගේ "රාවනා පාක්ෂික උතුමන්" පවත්වාගෙන යන බ්ලොග් අඩවියට පැමිණ මෙවැනි පැනයක් ඇසීමට ශක්තියක් ලැබුනේ කෙසේද? ශේෂ්ට අරමුණෙන් පවත්වාගෙන යන මෙම බ්ලොග් අඩවිය ඔබට පෙන්නේ විහිළුවක් ලෙසද?

    රාවණා උතුමන් නින්දෙන් නැගිට ඔබ වැනි පාපතරයන්ට දඩුවම් ලබා දෙයි.
    නැවත මෙහි පැමිණ මෙය විහිළුවකට නොගන්න. රාවණා පාක්ෂිකයන් ගෙන් සමාව ගන්න. නැතිනම් ඔබට හනුමාන්ට වූ ලෙසට ඉස්සරහා නැට්ට ගිනිතියාගෙන යාමට සිදුවේ.

    මීට,
    රාවණා උතුමන් වෙනුවෙන් ජීවිතය කැපකල රාවණා පාක්ෂිකයෙක්.


    ෴ රාවණ සිද්ධම් ෴

    ReplyDelete
    Replies
    1. මාගේ කොමෙන්ටුව දමා ඇත්තේ AnonymousJune 24, 2012 8:14 AM යන අයට පිළිතුරු ලෙසය.



      මීට,
      රාවණා උතුමන් වෙනුවෙන් ජීවිතය කැපකල රාවණා පාක්ෂිකයෙක්.


      ෴ රාවණ සිද්ධම් ෴

      Delete
    2. බොරුවට කහින්ඩ් එපා, උඹ කොහේ ඉන්න ගොබිලෙක්ද යකෝ?

      Delete
  7. මේ මන්ත්‍රය අක්ෂර වින්‍යාසය වරදවා වටහා නොගැනීමට ඕඩියෝ ක්ලිපයක් දමන්නේ නම් මැනවි. නොඑසේ නම් සියල්ල නිවැරදිව සිද්ධ වෙත්දී ම මන්ත්‍රය වරදවා කාර්යය ඉටු නොවීමට ඉඩ ඇත. ඒ නිසා බොහෝ පිරිස් චෝදනා නගමින් රාවණා නාමය කෙලෙසනු ඇත.

    ReplyDelete
    Replies
    1. ක් සැන්දර මලය අගෙයි ඒ අදහස..සැබැවක්මය තොප කීවේ...

      හිත මිතුරු ජයරතනය ඒ කීවක් කලේ නම් නිවරද...

      ස්සැන්දර යනුත් අපගේ හෙල රකුසෙක්මය... පෙර සිටි මහා හෙල රකුසකු වූ අලිසන්දරයන්ගේ පරපුරෙන් පැවත එන්නෙකු නොවෙද..?

      Delete
    2. නිවැරදි ලෙස උච්ඡාරණය නොකිරීම නිසාදෝ මෙය වැඩ නොකළ බව කීප දෙනෙකුන් අපගේ විද්‍යුත් ලිපිනයට එවා තිබුණ, හඬ පටයක් දාන්නම්

      Delete
  8. හරි පුදුමයි, මගේ බැටරියේ MADE IN NA (මේඩ් ඉන් නා) කියලා ගහලම තියෙනවා. ඒ කියන්නේ බැටරිය නිශ්පාදනයට පවා නා ගස සම්බන්ඬවෙලා තියෙනවා කියන එකද? (මේක ටිකක් පරන ෆෝන් එකක්)

    ReplyDelete
  9. මේවා කරන පිස්සොත් ඉන්නවනේ මේ රටේ.

    ReplyDelete
    Replies
    1. හෙළයින්ගේ වෛමානික ශ්‍රාස්ත්‍රයෙන් කොපි කරගත් ගුවන් යානයෙන් අහසින් යන බව රයිට් සහෝදරයින් කිව්වම කවුදෝ, "මේවා කරන පිස්සොත් ඉන්නවනේ මේ රටේ" කියල කිව්වලු

      Delete
  10. මේක පබ්ලිශ් කරන්ඩ එපා... උඩ කමෙන්ට් එකත් මකන්න... පොඩි වැරදීමක් මේඩ් ඉන් චයිනා කියලයි තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මයෙ හිතේ උඩ කොමෙන්ට් එක නොවෙයි ඒකටත් උඩ කොමෙන්ට් එක ඔබතුමගෙ . වැරදිමට ප්‍රශ්නයක් නෑ, ඔහෙ තියෙන්න අරිමු.

      Delete
  11. මෙක මුලින්ම තිබුනෙ දැන මාස කිපයලට උඩින් කජුවත්ත ක්‍රිඩා සමාජය කියන බුකියෙ තියෙන පෙජ් එකෙ මුන් හැම රෙද්දටම රාවනාව අල්ලලා අනවශ්ය ප්‍රසිද්දියක් දෙන්න යන්නෙ රාවනාට.මෙ මතෙ මුන්ට ලංකාවෙන් එලියට ගෙනියන්න බැ මොකද කිසිම පදනමක් නැති හැරි පොටර් වගෙ ලස්සන මායා කතාවක් විතරයි.කිසිම විද්යාත්මක ශාක්ශියක් නැ.පුලුවන් නම් කියපන් උබලගෙ ඔය රාවනා ඟක්තියෙන් කවුතුකාගාරෙ බිදපු හොරු කව්ද කියලලා ඇයි යකො අතිතෙට ගිහිල්ල වර්ගපූර්ණිකා හොයාන කියවන්න පුලුවන් නම් ඔව්ව සුලු වැඩනෙ.කියහන් බලන්න පුලුවන් නම්.හැබැයි මෙ අර උබල හැමදාම පෙරලන පොත (බමුනො පොත් පුච්චපු සින් එක) එ වගෙ ගොන් පාර්ට් නම් ඔට්ටු නැ ඇ.මොනව උනත් උබෙ බොරු තව මාස කිහිපයයි කරන්න වෙන්නෙ.දෙසැම්බර් වලින් පස්සෙ පු* උඩ දාන හිටපන් රාවනා ඇවිල්ල පු* ඇරල යනකල්.

    ReplyDelete
    Replies
    1. මිවන පලානෙ රාවනා උබව බයිටට අරං කියල තෙරෙන්නෙ නැත්ද බන්

      Delete
    2. [[පුලුවන් නම් කියපන් උබලගෙ ඔය රාවනා ඟක්තියෙන් කවුතුකාගාරෙ බිදපු හොරු කව්ද කියලලා]]
      කෞතුකාගාරය බිඳ රාවණ රජතුමාගේ කඩුව ඇතුළු තවත් සෙනෙවිරත් වරුන්ගේ කඩු ලබා ගත්තේ රාවණ රජතුමාගේ යක් සේනාවේ දුරදිග විහිදුම් බලකාය කියල කලින් ලිපියේ සඳහන් කර තිබුණ ඔබට මතක නැද්ද? http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_22.html

      මිත්‍රයා, කතා කරද්දි වචන පරිස්සමින් භාවිතා කරන්න, නැතහොත් අපිට ඔබ කොහෙ හිටියත් පිල්ලියක් එවා ඉවරයක් කරල දාන්න පුළුවන්. නොකිව්ව කියන්න එපා ඕන්

      Delete
    3. පිල්ලි නම් එවන්න එපා පුලුවන් නම් මම ප්‍රසිද්ද අභියොගයක් කරන්නම් මම ඉන්නෙ කොහෙද කියල කියන්න බලන්න ප්‍රසිද්දියෙ (මම ඉන්නෙ කොයි දිස්තිරික්කෙ කොයි පලාතෙද) .අනෙ එ වචන ලිව්වෙ හෙලුවෙන් වනද්දි එහෙම වනන්න ඔනෙ නිසා .මෙ මම ඉන්න දිහා ඔබගෙ බුද්දියෙන් හොයල බලන්න .අනෙ පිල්ලි නම් එවන්න එපා මොකද අපෙ අම්මිටයි තාත්තිටයි ඉන්න එකම දරුව මම නිසා මම මැරුනොත් එයාලට දරා ගන්න බැරි වෙයි නෙ :D. මිත්‍රයා මම දිපු අභියොගය භාර ගන්නවාද.වර්ග පුර්නිකාව හොයල කියවන්න පුලුවන් නම් මෙ පුන්චි රටෙ මම ඉන්න තැන හොයා ගන්න බැරි වෙන එකක් නැ නෙ .අනික එංගලන්තෙ කවුතුකාගාරයක් හොයාන ගිහිල්ල හිට්ලර් ලියපු පොතක් හොයාගන්න පුලුවන් නම් මෙක බැරි වෙන්නෙ විදියක් නැ නෙ .(මම ඉන්න ගම සහ මම ඉන්න දිස්තිරික්කෙ නම දාපුවාම ඇති) මෙතන යටින් දාන්න ඇ .පුලුවන් නම් මගෙ උපන්දිනෙත් කිව්වොත් විශිශ්ටයි ඇ.

      Delete
    4. dawasama mara FUN me bolog akata awama hk hkk

      Delete
  12. ඉතා කදිම සාස්ත්‍රයක් නොවැ. මෙවැනි හෙළ තාක්ෂණ යට යාමට ඉඩ නොදී අප දැනුවත් කරනවට ඔබතුමන්ට අප සදා ණයගැති වෙමු.
    මාත් මෙය උත්සහ කළා.මාගේ ගඩොල් බාගයටත් ඉතා කදිමට වැඩ කරනවා.

    මේ ක්‍රමය වැඩි දියුණු කොට ශ්‍රී ලංකාවේ බලසැපයුම් වැඩි දියුණුවට යොදා ගත නොහැකිද?
    ආ තව ගැටලුවක්, දැන් ඔබතුමාගේ බ්ලොග් ඒක කියවූ විට තමයි මට වැටහී ගියේ අපගේ හෙළ ශිෂ්ඨාචාරයේ ඇති වටිනාකම. හැබැයි පේන හැටියට ඒරොප්පේ පර සුද්දා අපේ ශිෂ්ටාචාරය හොරකම් කරලා වගේ නේ? ඉතිං ඒ සුද්ද මේ නා කොළයෙන් විද්‍යුතය නිපදවීමේ ක්‍රමයත් කොපි කලොත් මක්කෙයි කොරන්නේ?

    රාවණා බලය යොදා මෙය වැළැක්විය හැකිද? අපගේ තක්ෂනය පර සුද්දා අතට යාම වලක්වා ගන්නේ කෙසේද?

    ගැමියෙක්

    ReplyDelete
    Replies
    1. නා පත්‍ර වලින් බල ගන්වන ඉපැරණි විදුලි බලාගාරයක් නාගදෙනියේ තිබුණ බව සෙල් ලිපි වලින් ඔප්පු වෙනව. අපි ඒක කෙසේ හෝ නැවතත් මතු කරගත යුතුයි.

      සුද්දන්ටනම් මේ ක්‍රමය කොපි කරගන්නට නොහැකි වේවි. ඉහත දැක්වෙන රාවණා මන්ත්‍රය හරියන්නේ යක්, නා, රකුස්, දේව ආදී සිව් හෙළයින්ගෙන් පැවත එන්නන්ට පමණයි.

      Delete
    2. ගැමියා වන මම කොමෙන්ට් දමන්නේ නියම ප්‍රොෆයිලයෙන් බවත් කිසිම විටක ඇනෝ කොමෙන්ට් නොදමන බවත් මෙතෙක් වනතුරු එසේ දමා නැති බවත් මෙසේ වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි.

      මෙහි මුල් ලිපි ආසාවෙන් කියවූවද සිතා ගත නොහැකි තරම් වන කරුණු කාරණා සහ සාධක නොමැති කරුණු නිසා මේ වන විට තිබූ විශ්වාසය ස්වල්ප වශයෙන් පළුදු වී ඇති බවත් අවංකව දක්වනු කැමැත්තෙමි.

      Delete
  13. ලොකු නා කොල 21කිනුයි, පොඩි නා කොල (දළු) 07කිනුයි කාර් බැටරියක් චාජ් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ, මේ අළුත් තාක්ෂණයක්යැ. අවුරුදු පන් දහසකට පෙර නා ගගේ වෛද්‍ය විද්යාත්මක ගුණාංග ගැන කියැවෙන කොට එහි විදුලිය නිපැදවීමේ හැකියාව පිළිබඳව "සුශ්‍රැත සංහිතාවෙහි" කියැවී තිබුණා. උඹ ආයුර්වේදෙ ගැන දන්නෙ නැත්නම් කියවල ඉගෙන ගනින්. කොටින්ම මොබයිල් ෆෝන් වල ඔය ඉන්න මයිටාවන් ගැනත් සුශ්‍රැතතුමා ලියල තිබුණා. අපි ඒ පෙරදිග දැනුම නොදන්නා නිසා අපට මේවා මැජික්. දැන් උඹ සුශ්‍රැත සංහිතාවෙන් කොපිකරල මාර මැජික් වගේ දානවා නේද?

      Delete
  14. තමන්ගේ මුල් ගැන නොදන්න ගෝත හැත්තක් එකතු වෙලා කරන දෙකයි පනහේ වැඩක්..ඇනෝ කතා නැතුව කෙලින්ම කියන්නේ.බොලා කරන්නේ බොලාගෙම මුල් බොලාගෙම අතින් කපා ගන්න වැඩක්.රාවන කියන්නේ දසරාජ ධර්මයෙන් රට පාලනය කල රජෙක්, දක්ෂ ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක්. හදුනාගත නොහැකි සියල්ලට මිත්‍යා මත කියන ගෝත මත වල රැදී සිටන්නන් තාමත් ලංකාවේ ඉන්නවා. මොනා කරන්නද? විකුනන් කන බයියලා ඕකට මන්තරයි අරවයි මේවයි ගාවගත්තට අපිට කොරන්න දෙයක් නෑ. කරුනාකරලා මේ මඩ ගැහිල්ල නවත්තන්න.කවදම හරි ජිවත් වෙන්න තියෙන මේ පොලවේ උරුමයට අපහාස නොකර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහත්මයා මේකෙ ඇනෝල දාල තියෙන සමහර කොමෙන්‍ටු ගැන අදහසක් පළ කළාට.

      විශේෂයෙන්ම රාවණ රජතුමා යනු දක්ෂ ඉංජිනේරුවෙක්. අප ඒ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව ඉපැරණි පුස්කොළපොත් පීරා බලමින් හෙළි කළා. එතුමාගේ වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් ගැන අප ඉදිරියේදී හෙළි කරනව.

      නමුත් රාවණ රජතුමා මන්ත්‍ර භාවිතා නොකළා යන මතයේ සිටිනවානම් ඊට අප හෙළ ගවේශකයින්ට එකඟ වීමට නොහැකියි, අද අප භාවිතා කරන සියලුම මන්තර සොයාගෙන ඇත්තේ රාවණ රජතුමා විසිනුයි.

      ඔව්, මේ ඇනෝල කරන මඩ ගැහිල්ලනම් නවත්වන්න කියල එයාලට තරයේම කියන්න වෙනව.

      සූරිය ගුණසේකර, අරිසෙන් අහුබුදු , රන්දිව පුවත්පත ගිය රාවණගවේශී මාවතේම අපිත් යනව, අපිව කාටවත් නවත්වන්න බැ, අසංක මහත්මයා අප සමග දිගටම සිටිනව කියල අපි දන්නව.

      Delete
    2. සම්පූර්ණ ඇත්ත ජයරත්න මහත්මයා, මේ ඇනෝලා ඇවිල්ලා මඩ ගැහීම අප යන ගමනට විශාල බාධාවක්. මේ ඇනෝලා කොඩ්රින්ටන්ලාගේ හොර ෂොට් වලින් පැවත එන්නන් වෙන්නට ඕනැ, නිසැකවම.

      Delete
    3. සිඟිති ආතල් එකක් බං මුන්ගේ. කඩන්න එපා. පව් හුජ්ජ කොල්ලො.

      Delete
    4. Anonymous One origJune 25, 2012 at 3:56 PM

      @ Asanka Hendahewa,

      ඔබ කුපිත නොවී නිකරුනේ අවලාද නොකරන්න. නම ඇතත් නැතත් මේකෙ යන දේවල්, කියන දෙයින් මනින්න. අඩු තරමින් මා මේකෙත් ලංකා සයිබර නිව්ස් වලත් ලියපුව කියවන්න. පුළුවන් නම් බොරු කරන්න. අවශ්‍ය නම් මගේ ඊමේලෙත් දීල ඇති.

      ඇත්තම කියනවා නම් අද මම ලෝකේ ඉන්න ලොකුම ඉංජීනේරුවා. මම තමයි ගල්ප් බොක්කෙ තෙල් ගැලීම නැවතීමට තාක්ෂණේ චුට්ටක් දුන්නේ. එතකොට මිනිසුන් දෙවියන් යැද්දා විසඳුමක් නැතුව. එක අත්‍යාවශ්‍ය ඉංජිනේරු විෂයයක් තනිකර මම ලියපු පුංචි දෙයක්. ඒකෙ මිසයිල භාවිතයක් තමයි ලෝක ගැටුමකටත් මුල පුරන්නේ.

      මේ අලවපු ටිකත් කියවන්න.

      "...
      මෙතන යන කතා ගැන මම මොකුත් කියන්නේ නෑ. සිංහලෙන් ලිව්වට මම ලංකාවෙන් පිට වුනේ 1990 දී. ඇත්තටම සිංහලයන්ට බැන්නා. හේතුව මම නොගත් පගාවකට මගේ නම ගාවලා නින්දා කලා. එදා සිංහලයකු සේ දුටු ඒ කැනහිලා, සක්කිලි මලයාලි හිඟන්නෙකුගෙන් පැවතෙන බොරු සිංහලයෙක් කියල දන්නවා.

      මම ලංකාවෙන් යන කොට ලංකාවෙ තියෙන ලොකුම ආයතනයක වැඩ කලේ. ඒ කාලේ මට ලොක්කො කිව්වේ ආයතනයේ හිටපු එකම ඉංජනේරුවා කියල. ඒ තරමට බැරි දේවල් කලා. අද වෙන කොට මම ලෝකෙ ඉන්න අනිත් ඔක්කොම මෝඩයන් කියල ඔප්පු කරපු කෙනෙක්. ඒක වුනේ ලෝකේ කාටවත් බැරි වුන බරපතල ප්‍රශ්ණයක් බෑ බෑ කියද්දී විසඳලා දීමෙන්. මම නොයෙක් අංශ ගැන කොනටම සොයා ගිය කෙනෙක්. මම සොයා ගත් දේවල් බැලුවම ලංකාවේ අය කියන කතා බබාලගේ කතා වගෙයි. මේ කතා වල බීජය ඇත්ත බව මම දනිමි. මම ඒකීය නමකින් ගොඩක් සිංහලයන්ගෙ අතීතය ගැන මෑතකදී ලංකා සයිබර් නිව්ස් වල දැම්ම. කලින් අද දෙරණෙ ඉංග්‍රීසියෙන් දැම්මා. ඒත් ඒ අය වැදගත් ඒවා දැම්මෙ නෑ. දැන් මේකෙත්, http://seuslsla.blogspot.com.au වලත් කාලය ලැබුනු විට දානවා.

      මම කරන්නෙ නම් විහිළුවක් නොවෙයි. ගොඩක් අය කිව්වෙ නෑ, දැන ගෙන හිටියේ නෑ කියල අසාධාරණයි කියන එක නැවතීමටයි කරන්නෙ. කියවීම, ඇදහීම බලන එවුන් ගේ වැඩක්. ඇස් ඇරල බැලුවොත් වෙන දේවල් ඇති ඇත්ත දැනගන්න. ඔබ දන්නවාද මේ සිංහල අවුරුදු දින ලොව ඇති හැම පැල්මකින්ම භූ කම්පනය වුන බව. ලතාවකට වුනේ. ඇයි ඒක වුනේ? ස්වාභාවික සිද්ධියක්ද? දැන් වෙන ඒවා ස්වාභාවික ද? ඕන දෙයක් හිතාගන්න. ඒත් ලබන අප්‍රේල් වලින් පසු මේ ලෝකෙ කොච්චර වෙනස් වේවිද බලමු. මම ලියපුව කියවල බොරු කරන්න බලන ලෙස අභියෝග කරමි. මගේ දැනුම මගේය. කිසිදු ඉන්දීය හෝ ලාංකික උල්පතකින් මගේ දැනුම පෝෂණය නොවු බව අවධාරණය කරමි. අවලාද නොනගා ලෝක ස්වභාවය තේරුම් ගැනීමට අත්වැලක් කරගන්න. මෝඩයන් සැම විටම මෝඩ නැත.
      ..."

      Delete
    5. Anonymous One origJune 25, 2012 at 3:56 PM

      @ Asanka Hendahewa, ctd...

      "....
      මෙය ලියන්නේ ප්‍රතිවාදියකු ලෙස නොව ඇත්ත කිව යුතු නිසයි. හිරු (රා හෙවත් රැස් එන කෙනා කියන නියම කෙනාත් එයාමයි) අද ජ්‍යෝතිෂය කියල ඔබ කියන දැනුමෙ කොටස දුන්නෙ අනාවැකි කීමට නොව වෙදකමටය. තමන් උපදින වෙලාව තෝරා ගන්න පුළුවන් අයට තමන් කරන්න යන දේවල් වල පිළිවෙල තෝරාගන්නයි ඕක කලේ. මේවා මිනිසුන්ට පමණයි අදාළ. අපි ජීවත් වෙන කාලය අපේ රැකුමටත් අනාගත පැවැත්ම සහතික කිරීමටත් හදපු රටාවක් තමයි මේ ජ්‍යෝතිෂයේ ආරම්භය. අද ඒක අනාවැකි මවල බඩ වඩාගන්න උප්පරවැට්ටියක් වෙලා. ඒ වගේමයි මන්තර වලටත් ගිය කල. ඒ දැනුම හැදුවේ මානසිකය (සිත) නිරෝගී කිරීමට. අවාසනාවට අපේ රටට මීට වසර 4000කට විතර කලින් ඉඳල බැහි වැටුනු මලයාලි හිඟන්නන් අනල වනල අච්චාරු කරල සල්ලි මවන උල්පත් කරගෙන. නොදැනුවත්කම නිසා ගතින් කලයුතු දෑ මන්තර වලින්ද, තමන් පිළිපැදිය යුතු දෑ වන්දනාවෙන්ද (පගාව දීමෙන්)ද කල හැකියයි අපි ආත්ම වංචාවක යෙදෙන බව කිව යුතුයි. බොහෝ රාවණ බැතියන්ද මලයාලි හිඟන්නන්ගෙ මුලාවෙන් මිදී නැහැ. ඒ කිව්වෙ මුල ගැන.

      එතකොට "අපේ සිංහල බ්ලොග් අවකාශය යනු හෙළ ජ්‍යෝතිෂය පිළිබඳ ඉහළම දැනුමක් සහිත ශාස්ත්‍රඥයන්ගේ නිවහනක්." කතාවට කියන්න තියෙන්නේ ඔය ඔක්කොම හින්දු කියපු දහජරාව බදාගෙන උගත් අය. ඒවා මට අරහන්. සිංහල දැනුම උඩු යටිකුරු කරල. ඒකත් හරියට සිංහලෙන් බඩ කියන කොට හින්දි වලින් ඪබ කියනවා වගේ පැත්ත මාරු වීමක්. මම හිරු බුධ ගුරු ගැන කිව්ව. දැන් සිකුරු ගැන කියන්නම්. රාවනගේ (හිරුගෙ) දහම ජීවතයයි පැවැත්මයි රැකීම. මෙතන පැවැත්ම රැකෙන්න නම් ගැහැණු පිරිමි සබඳතාවය ගොඩ නගන්න ඕන. ඒකට අවශ්‍ය කරන ඇල්ම බැල්ම කතාව ඉඟි බිඟි වගෙ දේවල් පාලනය කරන්නෙ සිකුරු කියන සංකේතය හඳුන්වන දැනුම මගින්. ඉතින් සිකුරු උච්ච වීම මම කිව් දේ තහවුරු කරනවා. මීන කියන්නෙ පණ සංකේතවත් කරන තැන. මම ඒ ගැන කලින් ලියපුවා බලන්න. එතකොට මා කී දේ පැහැදිලි වෙනවා.

      ඇත්තම කියනවා නම් හිරු (රා හෙවත් රැස් එන කෙනා කියන නියම කෙනාත් එයාමයි) මනුෂ්‍යයෙක් වෙලා බිහිවෙන්නෙ මීන ලග්නෙ සිකුරු උච්ච වුනාම. මනු වෙලා ඉපදුනෙත් එහෙමයි. ජීවතයයි පැවැත්මයි රැකීම යන පදනම මත බිහිවුනු බලවත්ම කේන්ද්‍රය හිමි හිරුටයි. ඒ දිනය වෙලාව තැන කියල තියෙන්නෙ වසර දස දහස් ගණනකට පෙර. රාවන නමින් නොව නියම පවුලෙ නමින් කියපු නිසා ඉන්දියාවෙන් ලත් තොරතුරු මත සොයන අයට කෙනා සොයාගන්න බැහැ. ඇත්තටම මා කලින් කී දෑ සැබෑ සිදුවීම්. තව එකක් කියන්නම්. මීනේ සිකුරු උච්ච වෙලා ස්ත්‍රීන් ඇඳුනත් ඊට වඩා ප්‍රබල හිරුගේ (පියාගේ) හා සඳුගේ (මවගේ) ගති මුල් තැනේ ඉන්නෙ තමන්ගෙම කොටුවල....


      ... මම හින්දූන් කියපුව ගව මුත්‍රා ගානට දාල සලකපු කෙනෙක්. මා කී දෑ යහපතක් කරනු ඇතයි සිතමි. කුම්භ ගැන ඔබම සිතා ගන්න. අවාසනාවට, ගුරා වැරදි නම් උගත් දෑද වැරදිය. මට ගුරෙක් නැත. මා කියන දේ වෙනෙකෙකු කියා නැත. කීමට ඇති දෑ බොහෝය. ලීවේ අල්පයකි. ඔබේ සංවාදය අගයමි. වඩා පැහැදිලි පුද්ගල නමකින් ලීවේ නම් ඔබ මට යහපතක් කරන්නේමය..."

      Delete
  15. චම්පික රණවක මහත්තය අපරාදෙනේ විදුලි බුබුළු නිවා දමන්න කියල කරදරවෙන්නේ.රෝස තිරුවානා පරුවතේ තියෙන නා වනයම විදුලි බලාගාරයක් කරන්න පුළුවන් වේවිනෙ.සහෝදරයා උඹ, මචන් නිකම් විහිළු සපයන්නෙක් වෙන්න එපා.මට හිතෙන විදිහට උඹ උගත් කොල්ලෙක්. නිකම් අපරාදේ පච වෙනවා. මගේ කල්පනාව නම් මේ රාවනා සංකල්පය ඇතිවුනේ යුද්දයෙන් පසුව අපේ රටේ මිනිසුන් බලාපොරොත්තු වූ ආර්ථික සහන,මිනිස් නිදහස වගේ දේවල් නොලැබීම,මහා ප්‍රතිරූප දරාගෙන හිටි අයගේ සැබෑ තත්වය සමාජයට නිරාවරණය වීම වැනි කරුණු නිසා ඇතිවුන හිස්බව හේතුවෙන් ඇතිවුන බවයි.සර්ව සාදාරන බලගතු පැන්ටසිමය පාලකයෙක් මවා ගත්තේ යථාර්ථයේ ඇති හිස් බව නිසයි.දියසේන සංකල්පය, ආතර් රජ සංකල්පය වගේ දේවල් වලට හේතුවත් සැබෑ යථාර්තය පිළිගන්න මිනිසුන්ගේ ඇති අකමැත්ත බවයි මගේ හැගීම.ඔබේ බ්ලොග් අවකාශය තුල කැමති දෙයක් ලිවීමේ නිදහස ඔබට ඇත.නමුත් මෙය ඔබේ දිනපොත බදු දෙයක් නොවෙන නිසා මීට වඩා වගකීමකින් යුතුව අදාල මුලාශ්‍ර හෙළිකරමින් ලිවීමයි වැදගත් වෙන්නේ.එසේ නොමැති නම් ඔබ විහිළු කාරයෙකු වීම හැර අන් යමක් සිදු නොවේ.දැනටම ඔබ එවැනි කෙනෙකු වී ඇති බව කනගාටුවෙන් උවද කියමි.

    ReplyDelete
    Replies
    1. රෝස තිරිවානා කන්ද රෝස පාටට හැරුණේ එහි ඇති නා ගස් වල විද්‍යුත් ශක්තිය නිසා බව ඔබ දන්නෙ නැද්ද?

      විකල්ප අදහසක් දැක්ක ගමන් "පච වෙනවා", "විහිළු කාරයා" කියා ගරහන ඔබ හෙළයින්ගෙන් පැවතෙන්නෙක් නොවිය හැකියි.

      100% ක් ඔප්පු වුණ පුරාවිද්‍යා මූලාශ්‍ර ඇසුරින් මා දක්වද්දී ඔබ ගරහතත්, නිකමට හෝ මේ කතාවක් සුද්දෙක් එහෙම කිව්වනම් ඔහෙල උගේ පශ්චාත් බාගය ලෙවකාවි.

      Delete
    2. Anonymous One origJune 25, 2012 at 3:09 PM

      @ Anonymous June 24, 2012 9:00 PM

      ඔබේ කල්පනාව හුඟක් මදි වගෙයි. උත්සාහ කරන්න. මෙතන යන කතා ගැන මම මොකුත් කියන්නේ නෑ. සිංහලෙන් ලිව්වට මම ලංකාවෙන් පිට වුනේ 1990 දී. ඇත්තටම සිංහලයන්ට බැන්නා. හේතුව මම නොගත් පගාවකට මගේ නම ගාවලා නින්දා කලා. එදා සිංහලයකු සේ දුටු ඒ කැනහිලා, සක්කිලි මලයාලි හිඟන්නෙකුගෙන් පැවතෙන බොරු සිංහලයෙක් කියල දන්නවා.

      මම ලංකාවෙන් යන කොට ලංකාවෙ තියෙන ලොකුම ආයතනයක වැඩ කලේ. ඒ කාලේ මට ලොක්කො කිව්වේ ආයතනයේ හිටපු එකම ඉංජනේරුවා කියල. ඒ තරමට බැරි දේවල් කලා. අද වෙන කොට මම ලෝකෙ ඉන්න අනිත් ඔක්කොම මෝඩයන් කියල ඔප්පු කරපු කෙනෙක්. ඒක වුනේ ලෝකේ කාටවත් බැරි වුන බරපතල ප්‍රශ්ණයක් බෑ බෑ කියද්දී විසඳලා දීමෙන්. මම නොයෙක් අංශ ගැන කොනටම සොයා ගිය කෙනෙක්. මම සොයා ගත් දේවල් බැලුවම ලංකාවේ අය කියන කතා බබාලගේ කතා වගෙයි. මේ කතා වල බීජය ඇත්ත බව මම දනිමි. මම ඒකීය නමකින් ගොඩක් සිංහලයන්ගෙ අතීතය ගැන මෑතකදී ලංකා සයිබර් නිව්ස් වල දැම්ම. කලින් අද දෙරණෙ ඉංග්‍රීසියෙන් දැම්මා. ඒත් ඒ අය වැදගත් ඒවා දැම්මෙ නෑ. දැන් මේකෙත් http://seuslsla.blogspot.com.au වලත් කාලය ලැබුනු විට දානවා.

      මම කරන්නෙ නම් විහිළුවක් නොවෙයි. ගොඩක් අය, කිව්වෙ නෑ, දැන ගෙන හිටියේ නෑ කියල අසාධරණයි කියන එක නැවතීමටයි කරන්නෙ. කියවීම ඇදහීම බලන එවුන් ගේ වැඩක්. ඇස් ඇරල බැලුවොත් වෙන දේවල් ඇති ඇත්ත දැනගන්න. ඔබ දන්නවාද මේ සිංහල අවුරුදු දින ලොව ඇති හැම පැල්මකින්ම භූ කම්පනය වුන බව. ලතාවකට වුනේ. ඇයි ඒක වුනේ? ස්වාභාවික සිද්ධියක්ද? දැන් වෙන ඒවා ස්වාභාවික ද? ඕන දෙයක් හිතාගන්න. ඒත් ලබන අප්‍රේල් වලින් පසු මේ ලෝකෙ කොච්චර වෙනස් වේවිද බලමු. මම ලියපුව කියවල බොරු කරන්න බලන ලෙස අභියෝග කරමි. මගේ දැනුම මගේය. කිසිදු ඉන්දීය හෝ ලාංකික උල්පතකින් මගේ දැනුම පෝෂණය නොවු බව අවධාරණය කරමි. අවලාද නොනගා ලෝක ස්වභාවය තේරුම් ගැනීමට අත්වැලක් කරගන්න. මෝඩයන් සැම විටම මෝඩ නැත.

      Delete
  16. මීවනපලානේ ජයරත්න උතුමාණන් වහන්සේනි,

    මා කුඩා කල අපේ කිරි ආතා පවසා තිබෙනවා මුලින්ම හදට ගිය මනුස්සපරානේ වන නීල් ආම්ස්ට්‍රෝන්ග් හෙළයෙක් කියලා. මෙහි සත්‍යතාවයක් තිබෙනවද? එසේනම් මුලින්ම අභ්‍යවකාශ රොකට්ටුව නිර්මාණය කොට ඇත්තේ හෙළ රාවණා ශිෂ්ඨාචාරය නේද? මේගැන කරුණු පැහැදිලි කිරීමක් කරන්න පුළුවනිද?

    පුංචිබණ්ඩා

    ReplyDelete
    Replies
    1. මුලින්ම හඳට ගියේ හෙළයින්, එතනිනුත් නොනේවතී මුලින්ම හඳේ නිර්මාණ කළෙත් හෙළයින්.

      සූරිය ගුණසේකර හෙළ යකාට අනුව සක්‍රයා යනු පනිත රජතුමාගේ අත වැසියෙක්. සක්‍ර නැමැති හෙළ දෙයියා විසින් හඳේ හාවාව ඇඹීමෙන් ඔප්පු වෙනවා හඳේ මුල්ම නිර්මාණය කළේ හෙළයින් කියල. ඒ සඳහා මුල්ම අභ්‍යවකාශ රොකට්‍ටුව හැදුවෙත් හෙළයින් බව ඔප්පු වෙනව. http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_17.html

      නීල් ආම්ස්ට්‍රෝංග් හෙළයෙක්ද කියා මා තවම හරියට දන්නේ නෑ. ඔය ගැන දැනගත් වහාම ලිපියක් දාන්නම්.

      Delete
  17. නා ගස් මේ තරං වටිනව නං නා ගස් කපන කොට කරන්ට් එක වදින්න එපාය..ඇයි අපිට කරන්ට් වදින්නෙ නැත්තෙ....

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ, තොගෙ මොළේ හොඳයි ඇළේ දාන්න. කාර් බැටරියෙනුත්, ටෝච් බැටරියෙනුත් විදුලිය තමයි ගන්නේ. කාර් බැටරීයක් හරි ටෝච් බැටරියක් හරි ඇල්ලුවය කියලත් කරන්ට් වදිනවද?

      Delete
    2. ඉහත දැක්වූ මන්ත්‍රය මැතිරුවොත් විතරයි නා ගස් වල පත්‍ර වල ඇති විද්‍යුත් ශක්තිය අවදි වෙන්නෙ.

      Delete
  18. "නා විදුලි බලාගාරය" හොයන්න යනකොට මටත් කියන්න මමත් එන්නම්

    ReplyDelete
    Replies
    1. ඒක හැදුවේ බන් නා රච්චෝලේ

      Delete
  19. රුං රුං ගාගාJune 25, 2012 at 12:22 PM

    හුටා....!!!

    මම වැරදි මන්තරේ මැතිරුවෙ දැන් මගෙ බොක චාර්ජ් වෙලා..... :(

    බැටරිය චාර්ජ් උනේ නැහැනෙ....

    ReplyDelete
    Replies
    1. අපව විහිළුවට ගන්න තොපිට ඔහොම වෙලා මදි

      Delete
  20. මම රාමවංශ
    පොඩි දෙයක් කියන්න ඕන
    ඔය ස්වබාවික ක්‍රම මමත් බාවිතා කරනවා
    ඔයාල දන්නේ නැති උනාට
    මගේ "හුජ්ජ" වලින් තමය් දඩුමොනරේ උඩ ගියේ
    බොරු නම් සීත ගෙන් අහල බලන්න
    සිතාගෙ සෙල් (ගල්) ලිපියේ මම ඒක කොටලා තිබ්බ
    කොහෙද රාවනා ඊකිව ඉස්සුවනේ
    උ දකින්න ඇති සිතා ගේ ගල් ලිපිය
    එකෙන් හොරකම් කරලා තමය් රාවනා දඩුමොනරේ උඩ යැව්වේ


    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
  21. මාත් මෙතෙක් කල් හිතාන උන්නෙ රා වණා කිව්වම පට්ට කෙබරයක් ය කියලයි...!!
    දැන් තමයි හරි හමං විදිහට ම තේරුනේ..ඒකනෙ අපි මොකක් හරි වැරදුනා ම කෙළ උ නා.. කියන්නෙ..!

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රනාථ මහත්මා, ඔබතුමා මෙහි ගොඩ වැදීම මා හට සතුටකි.

      Delete
    2. ඉන්ද්‍රනත මත්ත්යටත් මේ දවස් වල වැඩ න එකය්

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  22. රාවන_විකුනං_කාපියJune 25, 2012 at 7:20 PM

    මචන්ලා මේක ඇත්තක්. මමත් try කරල බැලුවා. බලනකොට කතාව ඇත්ත. දැන් අපේ මුලු ගෙදරටම විදුලිය දෙන්නේ මෙන්න මේ විදිහට. අති සාර්ථකයි... :P

    ( ගොං කතා වලටත් සීමාවක් තියෙන්න ඕනෙ බොලව් !! )

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රකාශයම "ගොං කතාවක්" යැයි සිතේ, පත්‍ර කිහිපයකින් මුළු ගෙදරකටම විදුලිය දීමට නොහැකි බව කුඩා දරුවෙක්ට වුවත් වැටහෙයි.

      Delete
  23. කොපි රයිට් නැතේ කියන එක චින්තකයගෙන් කොපි කරපු එක තමා වැරැද්ද.....සම්පූර්ණ විස්තරයම උගෙ http://hisahasa.blogspot.it/

    ReplyDelete
    Replies
    1. "කොපි රයිට් නැතේ" කියන කොටසේ වාකය කීපයට මූලාශ්‍රය දැක්වීමට අවශ්‍ය නෑ කියල හිතුණ. අනික එයා සරම උස්සං එන්නෙත් නෑලුනෙ.

      Delete
  24. ඔව් ඔව්
    මම ඔබ තුමා කියන එක දෙකට එකගය්
    "නා දළු කාන්තාවන්ගේ තොල් පෙති වලට උපමා කර ඇති බව ඔබට මතක ඇති. "අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි..." ඒ අනුව නා දල්ලෙන් ගම්‍ය වන්නේ ස්ත්‍රීත්වය හෙවත් විශ්වයේ ඇති සෘණ (-) ශක්තියයි. අනික් පසට මෝරපු නා කොළයෙන් ගම්‍ය වන්නේ පුරුෂත්වය හෙවත් විශ්වයේ ඇති ධන (+) ශක්තියයි"

    මීක ඇත්ත එකනේ අර හින්දි ෆිල්ම් වල කොල්ල මැරිලා වැටුනම කෙල්ල ඇවිත් තොලක් දාපු ගමන් නැගිටලා 100 කට විතර ගහ ගෙන ගහ ගෙන යන්නේ

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
  25. මම අද මහා අන්දකාරේ එනකොට රවන මගේ ඉදිරියේ මතු වුන
    මතුවෙලා කිව්වා
    කොල්ලෝ මම උබට කියල දෙන්නම් හොදට චාර්ජ් වෙච්ච ෆෝන් බැටරියක් ඩිස් චාර්ජ් කරන මන්තරය කියල
    උන්න්නන්සේ කිව්වා මී මන්ත්‍රය 3 න්ම පාරක් මතුරන්න කියල

    "ඔන් නමෝ නොකියා
    සෝනි එරිච්සොනම් බලන්
    සම්සුන්ග් ඇප්පල් ඩුවල් සිම් ච්ය්නීස්
    බැටරීම් බහිම් බහිම් බහිම් "

    කියල බැටරිය අතට අරන් බැටරියේ අග්‍ර දෙකට දිව තියන්න කිව්වා
    ඇත දුටුවය් ප්‍රත්යක්ෂය්

    මේක වැඩ කරන්නේ සිව් හෙලේ බුවාලා කලොත් විතරය්

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
  26. patta comit blog eka dinewaaaa.............!!!

    ReplyDelete
  27. මම ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙක්.
    නිකම් කෙබර කෙලින්න එපා ඕයි.. අපි මී හරක් කියලද හිතාගෙන ඉන්නේ?
    ඔය වැඩේ හරි ගිය එකෙක් කියපන් බලන්න ඕකෙන් වෝල්ටේජ් එක කීයක් එනවද, කරන්ට් එක කොච්චර ගන්න පුලුවන්ද කියල....
    නා කොළ දෙක අතර connection එකක් නැතුව කොහොමද මෝඩයිනේ current flow එකක් ඇතිවෙන්නේ?
    මේවා සුද්දෝ හොයාගත්ත දේවල් නෙමෙයි, මේවා physics, ඒකීයන්නේ සොභාවධර්මය... සුද්දෝ හරි කවුරුහරි කලේ ඒවා අහම්බෙන් හරි මොන ක්‍රමේකට හරි ඉගෙනගෙන ලෝකයට හෙළිදරවු කරපු එක විතරයි.සොභාවධර්මයේ නීති වලට පිටින් යන්න රවනතිය සක්කරයාගේ පුතා වයිමටවත් බෑ.
    උඹල ටික මෝඩයෝ වගේ ඉඳගෙන විකාර දොඩවනවා.. සුද්දන්ට මේක කියවන්න පුලුවන්නම්, උන් දෙපැත්තෙන් හිනාවෙයි ඕයි සිංහලය වගේ මෝඩ ජාතියක් මුළු ලෝකෙම නෑ කියල..
    ඔයිට වඩා හොඳයි මේ විකාර ලියන කාලය මොකක් හරි වැදගම්මක් ඇති, රටට ජාතියට ප්‍රයෝජනයක් ඇති දෙයක් නිර්මාණය කරන්න යොදවනවානම්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මීවන පලානේ ගල් කෙබරයා..

      Delete
    2. මට බැට්‍රිය චාර්ජ් කරගන්න පුළුවන් වුණා. වෝල්ට් ගාණ මැන මැන ඉන්නෙ පිස්සුවටද.

      නා කොල දෙක අතර කනෙක්ෂන් එක, ඒ දෙක අල්ලන අත් දෙක හරහා අපේ සරීරය යොදාගෙන සිදුවෙනව. ඒක වෙන හැටි මං දන්නෙ නෑ.

      පන්ඩිතයට ඒදණ්නෙ යන්නෙ බෑ කියනවනෙ. මුලින්ම දඬුමොණරය ගුවන් ගත කරන්න ගිය වෙලාවේ හිනා වුනෙත් ඔයාව ගේ අය වෙන්න ඇති.

      Delete
    3. මම ජයවාසනා මමත් මේක කරල බැලුවා හරියටම හරි.ලොකු වෝල්ටේජ් එකක්.කොහොමහරි පරිසරය පවා තක්කු මුක්කු වෙනවා මේක කරද්දි

      Delete
    4. ඔයත් ඉතින් මේ කට්ටිය වගේ අනුන් කියපු දේ එහෙමම කියන වංශෙ අයනේ. මේ අලවපු එක කියවල අඩු තැන් පුරවා ගන්න.

      "මේකෙ තියෙන ඒවා මේ අය කියන්නේ අවබෝධයකින් තොරව බොරුත් එක්ක අනල. ඔයාගේ ඔය laws of physics උඩුයටිකුරු වෙනවා කියන්නේ ඕවා හදපු අයමයි. මට මේක පිටුපස තියෙන කතාව කියන්න බැහැ. නා කොල කියල රත්රන් පත්‍ර (thin gold sheets) ගාවල වෙන් කරොත් ආරෝපනේ වෙනව නේද?

      අර ඔයාගෙ science ගුරා එබොනයිට් එක පිස දාල ආරෝපනය කලා මතකද? මේ මිනිස්සු ඒ වගෙ දෙයක් බොරුවත් එක්ක අනාගෙන. සිංහල දැනුම දන්න අයට තේරෙනවා. අනෙක් අය ගොනාට ඇන්ඳෙනවා. බැටරි නැතුව ආරෝපණය කරන විදි තියෙනවා. විදුලිය හැඳෙන විදියත් යොදා ගන්න පුළුවන්. දැක්ක හැටියෙම බොරු කියල නා ගන්න එපා. බොරු අතරෙ ඇත්තත් තියෙනවා."

      Delete
  28. මටත් රූස්ස වනයක හිටපු තාපස තුමෙකු කොස්කොලවලිනුත් විදුලියගන්න පුලුවන් කියලා රාවන මන්ත්‍රයක් දුන්නා.හරියටම හරි.අපේ ගෙදර නා ගහක් නෑ.මම චිත්ත බලෙන් ඒ තාපස තුමාට මේ ගන කීවම කොස් කොලත් හොදයි කීවා..ලංකා සී නිව්ස් තාපස තුමාගෙ යාලුවෙක් තමයි මම කියන තාපස තුමා.සී නිව්ස් එකේ තිබුන 2011 සැප්තැම්බර් වල අලකලංචියක් වෙනවා කියලා.ඒක නොවුනෙ ඇයි කීවම තමයි තාපස තුමාල රාවන රජතුමාගෙන් ඉල්ලා හිටියලු ඒක බ්ලොක් කරන්න.මට මේ සයිට් එක දැනගන්න ලැබුනෙත් සී නිව්ස් නිසයි

    ReplyDelete
  29. this is not possible according to law s of physics. jokers!

    ReplyDelete
    Replies
    1. මේකෙ තියෙන ඒවා මේ අය කියන්නේ අවබෝධයකින් තොරව බොරුත් එක්ක අනල. ඔයාගේ ඔය laws of physics උඩුයටිකුරු වෙනවා කියන්නේ ඕවා හදපු අයමයි. මට මේක පිටුපස තියෙන කතාව කියන්න බැහැ. නා කොල කියල රත්රන් පත්‍ර (thin gold sheets) ගාවල වෙන් කරොත් ආරෝපනේ වෙනව නේද?

      අර ඔයාගෙ science ගුරා එබොනයිට් එක පිස දාල ආරෝපනය කලා මතකද? මේ මිනිස්සු ඒ වගෙ දෙයක් බොරුවත් එක්ක අනාගෙන. සිංහල දැනුම දන්න අයට තේරෙනවා. අනෙක් අය ගොනාට ඇන්ඳෙනවා. බැටරි නැතුව ආරෝපණය කරන විදි තියෙනවා. විදුලිය හැඳෙන විදියත් යොදා ගන්න පුළුවන්. දැක්ක හැටියෙම බොරු කියල නා ගන්න එපා. බොරු අතරෙ ඇත්තත් තියෙනවා.

      Delete
  30. සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයක් සඳහන් කළ නිසා මේ ගැන යම් සඳහනක් කරන්න හිතුණා... මා දන්නා තරමට සිංහල හින්දු සංස්කෘතිය අපිට ලැබුනේ කාලිංඝ මාඝ ආක්‍රමණයත් එක්ක... ඒ නිසා ඒ පිළිබඳව සඳහන් කිරීමේදි මදක් සිතන්න... තවද සිංහල වන අප හට උරුම වී තිබුණේ ‍‍බෞද්ධ සංස්කෘතියක් මිස හින්දු සංස්කෘතියක් නොවන බවත් මේ වන විට අප සමරන්නේ හින්දු සංස්කෘතියක් මිශ්‍ර වුනු බෞද්ධ සංස්කෘතියක් බව පැහැදිලි කර ගන්න.... බෞද්ධ සංස්කෘතියත් සමඟ පිබිදුනු සිංහලයන් පිළිබඳ කතිකා කිරීම මීට වඩා වටිනා දෙයක් බව මදක් සිතන්න... කෙසේ වෙතත් සිංහලයන් වෙනුවෙන් නැගී සිටින මෙම කර්තව්‍යයට මාගේ හදපිරි ස්තුතිය....

    ReplyDelete
    Replies
    1. මෙයා ඊයේ පෙරේදා හලාවතින් ගොඩ බැහැපු එක්කෙනෙක් වගෙයි.

      නැතුව. නැතුව. මලයාලි කට්ටිය ඔය ආ+කම (දෙමළ උච්චාරණයට අනුව ආගම) ගේන්න කලින් අපි රෙදි ඇන්දෙත් නෑ. ලැජ්ජාව නැති කම ඔයාලගෙ උරුමෙනෙ. මුසාවාද වේරමණිය හෙල්ලුවට උපතෙන්ම කෙලින්නෙ කෙප්ප. අශූචිනාඩුවට හරි, වඳුරු ලන්තෙට හරි ගිහිල්ල ඇවිල්ල කියනවාද ඔයාගේ ඥාතියෝ තාමත් කකුල් හතරෙන් ඇවිඳින්නෙ ඇයි කියල.

      සිංහලයන් තමන්ගෙ රටේම පරයන් කල, උන්ගෙ භාෂාව කාපු, ඉතිහාසෙ මකපු උඹලට ලඟදි යන කල බලමුකො. රාවනගෙ කෙරුවාව කියනවා නම් ළඟදි සොහොන්පලකට හෙණ ගැහුවෙ නැද්ද? දැන් උඹලට පිස්සු නොවෙයිද? උඹලගෙ සොහොන්පල් (පොහොන් සල් හෙවත් පන්සල්) කඩල විනාශ කරන්නෙ උඹලම නේද? තව පටන් ගත්තෙත් නෑ.

      ආවා මෙතන සිංහල අවුරුද්ද කාලිංඟ මාඝ ගෙනාවා කියන්න. ඌ ආවේ ඔරිස්සාවෙන්. උතුර සුද්ද කලා. අර ඔරිස්සාවෙන් ආව විජේ කුමාර්ගෙ කොළණි ටිකේ හිටපු එවුන් තමයි සුද්ද වුනේ. මනු රජගේ භූමිය ජරා කල හැම එකාටම ඕක තමයි වුනේ. මුන් හිතන්නෙ සිංහලයන් නෑ කියලා. එතකොට අර දකුණෙ මනු වර්ෂ තිස් දහස් ගණනක් පැවතෙන අවුරුදු නැකැත් පිළිවෙත් කාලිංඟ මාඝගේ අප්ප හදපුවද? අවුරුදු දවසෙ ඉර මුදුන් වෙන්නෙ පරපාකන්දේ (මන්නාරමේ) මනුගෙ මාළිඟේටද? උඹලගෙ ඔරිස්සාවටද? අවු 2600ක් තිස්සෙ කෙලපු කෙප්ප දිරවගන්න බැරිවේවි. බලන් හිටපල්ලා. මම ඔය ගැන LCN එකෙත් උඹලගෙ ජාතියේ එවුන්ට ඒ ගැන ගොඩක් කිව්වා. ටොයිලට් නාඩුවට පෝඩා.

      Delete
    2. ලියන එකක් කෙටියෙන් ලේසියෙන් අදහස ගන්න ලියන්න. සමහර කමෙන්ට් ඉරිදා ලංකා දීප වගේ.
      දන්නව කියල පෙන්වන්න උදේ කාපුවයි දවල් කාපුවයි ලියන කමෙන්ට් එකට කලවම් කරන්න එපා.
      එතකොට කමෙන්ට් එක නිරසවෙනව.

      Delete
  31. ආතල් කෝටියයි ඔයි. පිස්සු බම්ප් වෙනව. හැමෝටම තැන්කු වේවා ලේ ටික නම් පිරිසිදු උනා ජිවිත කාලෙටම ඇති වෙන්න.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  32. ‍නා ‍කො‍ලෙන්‍ ‍එ‍න ‍විඩ්‍‍යුත්‍ ‍ශක්‍‍ති‍ය ameter ‍ම‍ගින්‍ ‍මැ‍නී‍‍ම‍ට ‍නො‍හ‍කි‍දැ????

    ReplyDelete
  33. අඩේ, සිරාවටම චාජ් වෙනවනේ..! මම හිතුවෙම නෑ චාජ් වෙයි කියල.. හැබැයි මන්තරේ නම් කිව්වෙ නෑ, නා කොලෙයි දල්ලයි අව්වට අල්ලන්න ඕනි, එතකොට තමයි චාජ් වෙන්නෙ. හැබැයි විනාඩි පහලොවක් විතර ගියා චාජ් වෙන්න. මගේ ෆෝන් එක ලොකු නිසා වෙන්නැති ඒ.. මේකනම් මාරයි, චාජ් වෙනකම් මම හිතුවෙම නෑ චාජ් වෙයි කියල.

    ReplyDelete
  34. RAMA WANSHA GE comant walata bada palenna hina yanawa .niyama comant awa neda ?

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. mama ada phone batry eka charge karanna uthsaha kala kiyapu widiyata. namuth harigiye na. meka aththakda? nathnam apiwa kade yawana site ekakda?

    ReplyDelete
    Replies
    1. උඹේ ඔලුව අතගාල බලපන් අං කොටයක් දළුලනවද කියල

      Delete
    2. oya hariyata kalada wade? Mata nam wada kalaa. paya 1 winadi 20 ta Nokia 3310 phone eka charge una. Oya awwa thiyena thanakada hitiye ?

      ඕං ශ්‍රී රාවණා ශක්ති සද්ධිං විඣිමාහ හරිං හරිං ශ්‍රී ය: kiyala 108 wathaawak kiyannath one.

      Delete
    3. mama 5 minutes thama kale. meke karanna kiyanne echchraine. 108 warayak nam kiuwe nathiwa athi. payapu welawaka ge athule hitiye.

      Delete

නුදුරු අදහස්