Saturday, June 23, 2012

ලොවෙ ප්‍රථම සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය නිපදවූයේ හෙළයින් විසිනි!

ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.

පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.

Nilanga: To clear the facts, as to my knowing this car Runs on Kinetic energy of the air sucked in from the front turbines to power up a specially designed engine. Special mechanism is used to maximize the turbine efficiency and rotation. The prevailing air powered cars founded up-to this car; uses compressed Air to power up pistons in the engine, which proved to be dangerous. Its just like running a car with a car bomb. But this Sri Lankan car proved to be 100% safe as to the developer. Its equal to a windmill built in to run the engine.

ඔබට මේ ගැන උනන්දුවක් ඇත්නම් හෝ ඔහුට දිරි දීමක් ලෙස මාධ්‍යය හරහා මෙයට නිසි අවධානයක් ලබා දිය හැකි නම් ඔහුව සම්බන්ධ කරගත හැකි ආකරයන් පහතින් දක්වා ඇත.

Nilanga Senevirathne,
N.S.E Automobile Engineers
59 / A, Rathnawali Road, Kalubowila,Sri Lanka
Telephone: +94-06-2182147
Mobile : +94-77-6493957
Fax: +94-11-2785590


ලෝකෙ හැම දෙයක්ම කළේ හෙළයින් විසින් කිව්වාම සමහරු අපිට හිනා වුණා නේද? දැන් උන්ගේ කටවල් වලට මොකද වෙලා තියෙන්නෙ? බොලව්, ලෝකයේ මුල්ම සුළං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය හැදුවේ අපේ හෙළයෙක්...!

මේක වෙනත් කතාවක්.

ඔයාල දන්නව රාවණා රජතුමාට ලොව ප්‍රථම ගුවන් යානා වන දඬුමොණර තිබුණ කියල. ඒ මීට අවුරුදු දස දාස් ගාණකට කලින්. පුරාවිද්‍යාත්මකව ඔප්පු වී ඇති ඒ කතාව දැන් මුළු ලොවම පිළිගන්නව.

දැන් අප රාවනගවේශයකින්ට තියෙන ප්‍රශ්නය තමයි ගුවන් යානා හදන්න කලින් නේද මෝටර් රථ හදන්නෙ? ඒ අනුව රාවණා රජතුමාට ලෝකයේ මුල්ම මෝටර් රථයත් තිබුණ කියල ඔප්පු වෙනව.

"කාර්" (Car) යනු "කාරය" යන්නෙන් බිඳුණු හෙළ නමක්. කා=කාර්යක්ෂම, රය=රථය, ඒ අනුව කාර්යක්ෂම රථය යන නිරුක්තියට අනුවත් කාර් යනු හෙළයින්ගේම නිර්මාණයක්. එයට කාර්යක්ෂමයි කියල කිව්වෙ අස්සයින් නොමැති නිසයි, එසේම ඒක ක්‍රියා කළේ රසදිය වලින්.

හෙළයින්ගේ "කාර් රථය" පසුකාලයේදී "කරත්තය" බවට පත් විය.

අද අප හෙළයින්ට ඇති "කරත්තය" නැමැති වාහනය හැදුනේත් කාර්+රථය නැමැති පද දෙක සංධි වීමෙන්. නමුත් බමුණන් විසින් වර්ගපූර්ණිකාව ගිණි තැබීමෙන් පසුව අතීත හෙළයින්ගේ "කාර් රථයේ" තිබූ එංජින් තාක්ෂණය අහිමි වීම නිසාත්, ගොන්නුන් නිරපරාදේ කුලෑටිව සිටීම නිසාත් "කාර් රථයට" ගොනෙක්ව බඳින ලදී. ඒ අනුව "කරත්තය" බිහි විය. ඒකෙනුත් පේන්නේ අතීත හෙළයින්ට කාර් තිබුණ බව නොවේද?

ඉපැරණි පුස්කොළපොතක දැක්වෙන පරිදි අදෘෂ්‍යමාන අශ්වයින් සිටින අශ්ව රථ අතීතයේ හෙළ දිවේ මාර්ග පුරා සැරි සරා තිබෙනව. ඒ මෝටර් රථ නොවෙයිද?

මෙතෙක් කරන ලද කිසිදු පුරාවිද්‍යා කැණීමකදී මොටර් රථ කොටස් හමුවී නැහැ. ඉන් පෙනෙන්නේ අතීත හෙළයින් විසින් 100% ක්ම පරිසර හිතකාමී මෝටර් රථ නිපදවූ බව නොවේද?

මහා භාරතයේ දැක්වෙන ආකාරයට පුලතිසි සෘෂි තුමාට අසුන් නොමැති "කාර්යක්ෂම රථය" තිබුණා, ඒක මෝටර් රථයක්.


කාර්ල් බෙන්ස් කියන පර සුද්ද ලංකාවට ආපු වෙලාවේ අපේ ඉපැරණි පුස්කොළපොත් හොරකම් කරගෙන ගිහින් ඒව කියවල තමයි කාර් එක නැවතත් හැදුවේ.

මුලින් සඳහන් වුණ "නිලංග" යනු නි=නිපදවන්නා, ලං=ලේංකේෂ්වරගේ, ග=ගමනාගමනක. ඒ අනුව නිලංග යනු, ලංකේෂ්වරගේ (හෙවත් රාවණගේ) ගමනාගමනක නිපදවන්නාය. ගමනාගමනක යනු අතීතයේදි මෝටර් රථ වලට භාවිතා කළ හෙළ නමකි. ඔහු විශ්වකර්මගේ ගමනාගමනක යන්ත්‍රාගාරයේ සිටි ප්‍රධාන මැවිසුරුවරයා බව වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි පුස්කොළපොතේ දැක්වෙනව. සෙනෙවිරත්න නැමති රාක්ෂ ගෝත්‍රික පෙළපතෙන්ම ඉපදුන නිලංග තුමාට රාවණගවේශකයින්ගේ ප්‍රණාමය.

"අපට අපේ හෙළ ඉතිහාසය පිළිගන්නට සුදු ගැත්තන් ලියූ මූලාශ්‍ර ග්‍රන්ථ හෝ සාක්ෂි අවශ්‍ය නැත. මක්නිසාද යත් අපට කිසිදු විටෙක අපේ පියාගෙන් පුත්‍රභාගය පිළිගන්නට මූලාශ්‍ර ඉල්ලා සිටින්නට තරම් අවජාතක චින්තනයක් මතුව නැති බැවිනි"

ලෝකයේ මුල්ම සුළඟං බලයෙන් ක්‍රියා කරන මෝටර් රථය සහ ලෝකයේ මුල්ම මෝටර් රථය නිපදවූ, හෙළයින් වි ඉපදීම ඔබට ආඩම්බරයක්නම් මේක Share කර ගන්න.

44 comments:

  1. ඔබතුමා අපේ බ්ලොග් අවකාශයේ ඉන්න ආර්. පී. සුසන්ත නැමැති මහා වෛද්‍යවරයා නැතිනම් මහ වෙදනා හඳුනනවද? එතුමාටත් තියෙන්නෙ ඔබට තියෙනවාට සමාන අදහස් තමයි. එතුමාත් බටහිර සුද්දන්ගේ වෛද්‍ය ක්‍රමයන් අලුයම ලූ කෙළ පිඬු සේ පිළිකෙව් කරමින් දේශීය ඥානය හරහා ලොවට යහපත සදන්න උත්සාහ දරණ යුග පුරුෂයෙක්. එතුමා එක්ක ඔබතුමා එකතු වුණෝත් ඔය සුද්දන්ගේ පටි රෝල් වෙන්න දේශීය දැනුම නිෂ්පාදනය කර ගත හැකියි.

    තව එකක් ඔය ආර්. පී. සුසන්ත මහත්මයට ඔය විශේෂ ඥානය පහළ වුණේ පොඩි කාලෙ උළුවස්සක වැදීමෙන් පසුවළු. ඔබතුමාටත් එහෙමද?

    ReplyDelete
    Replies
    1. මහ වෙදනා මෙහිත් කොමෙන්ට් කරල තියෙනව දැක්ක, ගිහින් උන්දැගෙ බ්ලොග් එකත් මුල ඉඳන්ම කියවල බලන්නම්.

      මටනම් මේ විශේෂ ඥාණය ලැබුනේ මධ්‍යම කඳුකරයේ අප්‍රසිද්ධ යෝගාවචරයෙක් සමීපයේ භාවනා කර කුණ්ඩලීනී ශක්තිය අවදි කර ගැනීමෙන්.

      Delete
    2. උත්තරයට බොහොම ස්තූතියි. ඔහු ලියන කියන දෙයින් පෙනෙන්නේ ඔය මහ වෙදනා ඉතාම ප්‍රඥාවන්තයෙක් බවයි. ඔහුගේ සුපිරි ඥානය හුදෙක් උළුවස්සේ හැපීමෙන් පමණක් ලැබුණක් වෙන්නට බැහැ. පෙර ආත්ම භවයන්හි රාවණා පරපුරේ නිතර ඉපැදුණු කෙනකු වෙන්නට ඕනෑ. ඔහු සමඟ සම්බන්ධයක් ගොඩ නඟා ගැනීම ඔබේද, රටේද, ලෝකයාගේම මහා සුභසෙතට හේතු වනු ඇති බව නිසැකයි. දේශීය ඥානයෙන් රට බබළවන්නට හැකියාව ඇති ඔබ දෙදෙනාටම ජය පතමි.

      Delete
    3. ස්තුතියි ඇනෝ

      Delete
  2. තොට පිස්සු ඔලුව බලාගනින්.

    ReplyDelete
    Replies
    1. සුද්ද ලියල දුන්න ඉතිහාසය බොරු කරල පෙන්වනකොට ඔහෙට ගොඩක් රිදිල වගේ. හෙළගවේශකයින්ව නවත්වන්න ඔහේ වගේ අයට බෑ.

      Delete
    2. ජයරත්න මහත්මයා, ඔබ කියන දේ සම්පූර්ණ ඇත්ත. මේ කාලකණ්ණි බටහිර කසිකබල් විද්‍යාඥයින්ට දේශීය දේවල කිසිම අගයක් නෑ.

      මේ ප්‍රවණතාවය මීට පෙරද මා සිංහල බ්ලොග් අවකාශයේ දැක තියෙනවා. දැන් බලන්න අපේ ආර්. පී. සුසන්ත දේශීය ආයුර්වේද වෛද්‍යතුමා මුළු මහත් ලෝකයටම ඉන්නා දක්ෂතම වෛද්‍යවරයෙක්. විදෙස් රටවල බටහිරයන් අපේ දේශීය දැනුමට ඉරිසියාවෙන් මේ දැනුම ප්‍රතික්ෂේප නොකරන්නට ආර්. පී. සුසන්ත මහතාට දැනටමත් නොබෙල් ත්‍යාගය හිමිවී හමාරයි. ඒ තරමටම වැදගත් එතුමා මඳසරු භාවය ගැන කරන ආයුර්වේද පර්යේෂණ. මට නම් හිතෙන්නේ මේ මහ වෙදනා පෙර අත් භවයක රාවණා රජුගේ වෛද්‍යවරයකු වී ඉන්නට ඇති බව. ඔහු මේ දක්වන්නේ ඒ පෙර භවයන්හි අත්දැකීම් සම්භාරය එක් කළ ආයුර්වේද ප්‍රතිහාර්යයයි.

      නමුත් අපේ මේ බ්ලොග් අවකාශයේ ඉන්නා කාලකණ්නි බටහිර පඬියන්ට ඒ ගැන වගේ වගක් වත් නෑ. ඔවුන් මේ මහා ප්‍රාඥායාටත් හිනාවෙනවා. ඔවුන් තවමත් දන්නේ නෑ කොයිතරම් උතුම් යුග පුරුෂයකුටද මේ හිනා වෙන්නේ කියලා. ඔබටත් හිනා වෙන්නේ ඒ වගේම කාලකණ්නි බටහිර පඬියන් තමයි. ඔවුන් ගැන තැකීමකින් තොරව ඔබද මහ වෙදනා ආර්. පී. සුසන්ත මහා වෛද්‍යවරයාද තමන්ගේ ගමන ඉදිරියටම යමින් දේශයට හා රටට සෙතක් කරනු ඇති බව අපගේ අමිල විශ්වාසයයි.

      පලි. ඔබගේ සියළු සුභ කාර්යයන් ආරම්භයේදී ඒ සඳහා සුභ මුහුර්තයක් බලා ගැනීම ඉතාම වැදගත්. අපේ හෙළයින් හැමදාමත් කටයුතු කළේ එහෙමයි. එපිණිස දැනමත් ඔබේ බ්ලොග් පාඨකයකු වන චතුෂ තුශර කුමාර ජ්‍යෝතිශාස්ත්‍රඥයාගේ සේවය ලබා ගත්තොත් අගේයි. මෙන්න සියළු විස්තර සහිත ඔහුගේ වෙබ් ලිපිනය: http://thusharajothisha.blogspot.com

      Delete
    3. මහ වෙදනා ගේ බ්ලොගය අධ්‍යයනය කර බ්ලොග් පෝස්ට් එකක් දාන්නම්.

      Delete
  3. අම්මෝ.. අම්මපා ජයරත්න පතිර ආරච්චි ලොක්කෝ.. උඹේ මේ බොලොගෙං අපිට ආතල් දෙන එක දිගට කරන්න ඕනෙ නං පොඩ්ඩක් දින වකවානු ඉස්සරහට දාහං. 2012 දි මේක ඉවරකරන්න වෙනවනේ රාවණා ආවෙ නැති උනාම. අර ඉස්සරත් මේ වගේ බොලොගයක් තිබුන දැං ඌ ඒක ලියන්නෙ නෑ. නම අපේ සිංහල ජෝක්ස්..

    ReplyDelete
  4. ඇත්තටම යාලුවා ඔහේ හොඳ සිහියෙන්ද ඉන්නේ.හැමදේකටම රාවන රජු ගාව ගැනීම විකාරයක්.හිට්ලර් වැනි මිනිස් කමටත් නින්දා කල කෙනෙකුත් ඔබට අනුව උතුමෙක්.ඔහු එතරම් උතුමෙක් නම් යුදෙව් ජාතිකයන් ඇතුළු මිනිසුන් මිලියන ගණනක් වදකාගාර වල අමානුෂික ලෙස මරා දැමුවේ මන්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්නෙට මම හිට්ලර් තුමා ගැන සඳහන් පෝස්ට් එකේ උත්තර දීල තියෙනව. මේ බලන්න http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_18.html?showComment=1340311448286#c7239106496989510053


      කොහොමත් ඔයාලට අපේ හෙළ ගවේශකයින්ගේ සොයාගැනීම් වලට වඩා සුද්ද ලියල දුන්න ඉතිහාසයනෙ ලොකු වෙලා තියෙන්නෙ :(

      Delete
  5. නිලං = නිල් පැහැති
    ග= ගවයා

    ReplyDelete
    Replies
    1. ස=සමීර
      මී=මීහරකා (මෙතන)
      ර=රමණයකරනව

      Delete
    2. පිස්සුව තද වෙලා වගේ මේ මීවනපලානේ මී හරකට

      Delete
  6. දැන් උබ කියන්නෙ රාවණට කාර් එකක් තිබුන කියලනේ.

    මචන් ඒක ෆුල් ඔප්ශන් එකක්ද?

    විශේෂයෙන්ම ඒකේ AC තියෙනවද? නැත්නම් රාවනගේ නෝනට දාඩිය දැම්මොත් එහෙම.

    ReplyDelete
    Replies
    1. මේ පැණය නඟන්නේ අපේ ආදි හෙළයින්ගේ වායු සමීකරණ ක්‍රම ගැන අන්දෝ සංසාරයක් නොදත්තකු විය හැකියි. එයා-කන්ඩිෂන් එ=ඒ යා= යන්තරය කන්ඩි=කන්ද ෂන්=සීතල කියන්නේ කන්දක් සීතල කරන්නට පවා සමත් යන්තරයක් අපේ හෙළ දරුවන් විසින් නිර්මාණය කර තිබූ බවයි. ඉතින් කාරයක් සීතල කිරීම මහ කජ්ජක්යැ.

      Delete
    2. ඉතාමත් නිවැරදියි දෙවැනි ඇනෝ.

      Delete
  7. පරිගණකය සහ අන්තර්ජාලය සොයාගැනීමට සිංහලයන්ගේ සම්බන්ධයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලය සොයා ගත්තේ කවුද මා දන්නේ නැහැ. නමුත් අන්තර්ජාලය නිර්මාණය කිරීම ආරම්භ කිරීමට සුභ මුහුර්තය තනා දුන් ජ්‍යොතිශාස්තරඥයා නම් ඔබ අප කවුරුත් දන්නා මාරයා හෙවත් චතුෂ තුෂර කුමාරයි. ඔහුගේ නිහතමානීකම නිසා මේ බව කාටවත් හෙළි කර නැහැ. කවුරුන් හෝ එය කිව්වත් ප්‍රතික්ෂේප කරනවා. මාත් මෙය සඳහන් කරන්නේ අපි අපේ දේශීය දේවල් වලට අනිවාර්යයෙන්ම තැනක් දිය යුතු නිසයි. මෙන්න චතුෂ තුෂර කුමාරගේ සේවාවන් ගැන පූර්ණ විස්තර සහිත වෙබ් අඩවිය: http://thusharajothisha.blogspot.com

      Delete
    2. ජ්‍යෝතිෂ්‍යය යනු අප වැනි රාවණපාක්ෂිකයින් මෙන්ම රාවණ විරෝධීන්ද භාවිතා කරන්නක්නෙ. බලන්න ඉන්දියාවේ රාවණට බනින ගරහන අයත් ජ්‍යෝතිෂ්‍යය භාවිතා කරන්නෙ. ඒ නිසා මේ බ්ලොග් එකට ජ්‍යෝතිෂ්‍යය අදාල නැහැ.

      Delete
    3. ඔව් ජයරත්න මහත්මයා, ඒක ඇත්ත. නමුත් මේ දෙපිරිසම භාවිතා කරන්නේ එකම ජ්‍යෝතිෂයකැයි ඔබට කිව හැකිද? මා නම් හිතන්නේ ඉන්දියානු ජ්‍යෝතිශයෙන් සම්පූර්ණයෙන් ස්වාධීන අපේම ජ්‍යෝතිශයක් අපට තියෙනවා. සමහරවිට එය රාවණා සමයේ පටන් පැවත එන්නක් විය හැකියි. මේ ගැන සුමනදාස අභයගුණවර්ධන හෝ පියසේන රතුවිතාන වැනි මහතුන් අදහස් ප්‍රකාශ කර නැද්ද? අහුබුදු හෙළ යකාත් ප්‍රකට ජ්‍යෝතිශාස්ත්‍රඥයකු බවත්, හැම විටම නම් තැබීමේදී ඔහු නිවැරදි ගණ පිහිටුවීම ගැන සැලකිලිමත් වූ බවත් ඔබට අමතක වුණාද?

      Delete
    4. ඔව් ඔව් ඔබතුමා ඉතා නිවැරදියි. අපේම ජ්‍යෝතිෂ්‍යයක් තිබෙනව, අප ඉන් වැඩ ගත යුතුයි.

      Delete
  8. Anonymous One origJune 24, 2012 at 10:23 AM

    "මීවනපලානේ ජයරත්න June 21, 2012 10:53 AM

    මන්නාරම කියන්නේ මනු ආ රම නේද? ඒ කියන්නේ අපේ හෙළයේ මුල්ම රජු වන මහා සම්මත මනු , ආපු තැන කියලයි අරිසෙන් අහුබුදුවන් පවසන්නෙ."

    - මේක කපා ගත්තේ මාරයාගේ හෝරාවෙන්. මන්නාරම කියන්නෙ මනු+නා(නායක)+අරම (අරඹ කියලත් කියනවා) විය යුතුයි. හරියටම මාළිඟාව තිබුනු හරියට කියන නම අද දෙමළකරණය වෙලා. ඒක අද පරපා කන්දල් වෙලා. තේරුම පරම (absolute) කන්ද හෙවත් පරම (absolute) මුදුන කියන එක. ඊළඟට රටේ පාලන මධ්‍යස්ථානය වුන පරම ගොඩ කියන එකත් දෙමළකරණය වෙලා. ඒකෙ නම පරපක්කොඩෙයි. තියෙන්නෙ දෙමළ සංක්‍රමණිකයෝ බැහි වැටිල අල්ලගත් දූවේ (Nadu). තේරුම පරම (absolute) ගොඩ. (හිරුගේ = රාවනගේ උපත වුනේ absolute origin කියන ගමේ.) ඔය පරම කියන කොටස තමයි පරප වෙලත් තියෙනවා. යෝධ වැව, හාල් නැළිය, ඉරන මඩුව (ලී ඉරන මඩුව), විශ්ව මඩුව (මැටි වලං හදපු මඩුව) මනුගේ පිරිවරට අවශ්‍ය දේ සැපයූ තැන්. දෙමළු, ජීවිතය නැති කර නිවන් මිරිඟුව මවන පිල්ලි ආකම දීල භාරකාරයෝ මකල, අද පැල් අටවගෙන. අදාල නූනත් කිව්වෙ ඔබේ දැන ගැනීමට.

    ReplyDelete
    Replies
    1. වටිනා තොරතුරු හෙළුවෙන් වැනීම (හෙළයෙන් වර්ණනා කිරීම) ගැන ඔබට මාගෙන් මල් මිටක්. ශ්‍රී රාවණ සිද්ධම්...

      Delete
    2. ඇනෝ මේ හෙළිකළ කාරනා ඉතාම වැදගත්ය මාත් සිතනවා. අපේ රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල සියළු ග්‍රාම නාම පිරිසිදු සිංහල නම් බවට කිසිම සැකයක් නෑ. මේ නම් පැවත එන්නේ අපේ රාවණා රජ්ජුරුවන් හෙළ දෙස පමණක් නෙවෙයි සමස්ත ලෝක ධාතුවම පාලනය කාලේ පටන්. උදාහරණයක් හැටියට ලී ඉරන මඬුවක් නිසා "ඉරන මඬුව" කියා වුණු ග්‍රාම නාමය සුද්දාගේ කාලේ දෙමළ මිනින්දෝරුවන් විසින් දෙමළ ඌරුවට "ඉරණමඬු" කියා වෙනස් කළා. "හුණුගම" තමයි "චුන්නාකම්" වුනේ. "කදුරුගම" තමයි "කන්තරෝඩෙයි" වුනේ.

      මේ නම් වෙන කිරීම ලංකාද්වීපයෙහි පමණක් නෙවෙයි ලෝක ධාතුවේ වෙනත් තැන් වල පවා සිදුවුණා. නව+ලෝකය>නව+යෝකය>නිව්යෝක්; වසින+තැන>වසින්තන්>වොෂින්ටන් (බොරු නම් දත්ත ගෙන බලන්නකෝ වොෂින්ටන් කියන්නෙ කොයිතරම් දැඩි වර්ෂාපතනයක් තියෙන තැනක්ද කියලා, මේවාට හිනාවෙන පිරිස); ලණු+දමන+තැන>ලනුදාන්>ලන්ඩන්; පැරීසියට නම් ලැබුණේ එහි වූ හෙළයකුගේ පීරිසි කඩයක් නිසයි (ඒ යුගයේත් හෙළයෝ රට රට නම් රැඳු මහා සිටුවරු) ඒ වගේම තෝකියෝවට නම් ලැබුණේ ලංකාද්වීපයෙන් තක්කාලි ජපානයට අපනයනය කර බෙදා හැරි හෙළ වෙළඳ සිටුවරයකු නිසයි.

      මේ ඉතිහාසය සොයා යෑම අපේ යුගයේ දැවැන්තම අවශ්‍යතාවයයි. මන්ද රාවණා යුගය නැවත පහළ වී ලෝකධාතුව පාලනය කරන කාලය වන විට අපි අපේ උරුමය තහවුරු කළ යුතු නිසා. ඔබේ උත්සාහයට ජය පතමි.

      Delete
    3. Anonymous One origJune 24, 2012 at 2:31 PM

      ඔබේ මල් මිටට තුති.

      අද අපි සිංහල අවුරුදු උළෙලත් ඊට සම්බන්ධ අළුත් වසරේ ආරම්භයත් පටන් ගත්තේ ඔය මනුගේ මාළිගාවට ඉර මුදුන් වීම සම්මතයක් ලෙස අරගෙන. පසු කාලීනව වෙලාව විකාර වෙලා රෑටත් අවුරුදු උදාව වෙනවා. ඒත් දිනය තවමත් ඒ සම්මතයට ළඟයි. ගොඩක් අය මේ ගැන නොතැකුවත් මාතර පැත්තෙ අවුරුදු නැකැත් පතේ මනු වර්ෂ ගාන කියනවා. මම ස්කෝලෙ යන කාලේ ඔය කොලේ කියවල මනු වර්ෂ තිස් දහස් ගණනක් ගැන කියෙව්ව මට හොඳට මතකයි. ගිය වසරෙ උත්සාහ කලා ඒවා කරපු අය සොයා ගන්න. උන් වයසට ගිහිල්ල මැරිල. දැන් ඉන්න එවුන් මනු වර්ෂ ගැන දැනගත්තට හරියට වසර කියන්න දන්න එකෙක් සොයා ගන්න සීමිත කාලය තුල බැරි වුනා. දන්න කෙනෙක් මට ඒ විස්තර කියන්න.

      ඔය හෙළ කියන වචනය ගැනත් කියන්න වෙනවා. ඊට හේතුව අර්ථය දැන ගත යුතු නිසා. "සිංහල" කියන වචනය දෙමළ ඌරුවට "ඉල" කියල කිව්වෙ උන්ගෙ බැරි කමට. ඔය "ම්" දාගෙන ඉලම් (ඇද්දම ඊලාම්) වෙලා තියෙන්නෙත් ඒකමයි. අද දෙමළ ආක්‍රමණයයි උන්ගෙ ආකම බදාගැනීම නිසයි අපි නොදැනුවත්වම තලතෙල් ගාගෙන නානවා. ඒ නිසා සම්මත සිංහල විදියට වචන නොකඩා නොබිඳ නොහකුලා කීම කරන කොට "සිංහල" කියන වචනයම භාවිතා කරනවා නම් අගෙයි.

      තවත් ඉතා වැදගත් දෙයක් ලියන්නම්. ඒ අපි වැරදියට යොදන යක්ෂ රාක්ෂ කියන වචන වලටත් අදාල දෙයක්. උපතින් උපන් වෙලාව අනුව දරුවකුට ගණයක් තෝරනවා. ඇත්තටම ගණ හතරක් තියෙනවා. ඒවා නායක (නාග), දේව, මනුෂ්‍ය, යක්ෂ කියන හතරයි. අදත් දේව, මනුෂ්‍ය, යක්ෂ ගණ වලට බෙදුවට නායක (නාග) ගණේ තෝරගන්න දන්න එවුන් නැති නිසා ඒක හලලා. දන්න අය හිටිය නම් හිරු මනුෂ්‍යයෙක් වෙලා ඉපදෙන කොටම දැන ගන්න තිබ්බ. ඒ දැනුම මිනිසුන්ට අහිමි කලේ එවැනි නායකයන් නැති කිරීමට බැලූ වසලයන් නිසයි (උදාහරණ: පණ්ඩුකාභය). අහිංසක ළමයින් ඝාතනය නැවතුන එක හොඳ දෙයක්.

      ඊළඟට උපතින් පසු හැදෙන පරිසරය අනුව වර්ගීකරණය කිරීමක් තියෙනවා. ඒක තමයි හොඳ, නරක කියල බෙදීම. මේ දෙක තමන් හැදෙන පරිසරය අනුව බෙදෙන්නෙ. ඔය නරක කියන එකත් එක්ක කියවෙන වචනයක් තමයි සතා කියන එක. නරක සතා කියන වචනය උච්චාරණ විභේදනයෙන් රකුසා රාක්ෂ වැනි වචන බවට පෙරළුනා. උච්චාරණ දුබලතා ඇති අය "ර" ශබ්දය අතහැර කියන කොට, "යක්ෂ" කියන වචනයත් එක්ක පටලලා අච්චාරු කලා. මම පෙන් වූ පරිදි, යක්ෂ හා රාක්ෂ කියන්නේ අරුතින් වෙනස් වචන දෙකක්. අපේ බස රැකීම අපේ වගකීමක් නිසා වචන නිසි ලෙස යොදා ගැනීම වැදගත්. ඔය හොඳ කියන වචනය ඉංග්‍රීසියෙන් දෙවියන්ට කියන වචනයමයි.

      අවශ්‍ය නම් නායක (නාග), දේව, මනුෂ්‍ය, යක්ෂ කියන වචන වල සියුම් අර්ථද කිව හැකියි. මේ උපතින් බෙදීම, ජීවතයත් පැවැත්මත් රැකීමට අත්‍යවශ්‍ය නිර්මාණයක්. මේක කිව්වෙ සිව් හෙළ කියල ගාගන්න තලතෙල් ගඳ නැති කිරීමටයි.

      Delete
  9. ශ්‍රී ලOකාව ජාතියක් වශයෙන් නගා සිටුවීමට ඔබ ගන්නා උත්සහාය අගය කරනවා,අපි ජාතියක් වශයෙන් කඩා වැටිල ඉන්නේ මිනිසුන්ගේ ජාතික හැගීම නැති නිසා,සුද්දාට විතරක් නෙවෙයි හැම දේම කරන්න පුලුවන්,අපිටත් පුලුවන්,නමුත් අපි උත්සහ නොගන්න එකයි වැරද්ද,නැවත වරක් ඔබ ගන්නා වූ මේ උත්සහය අගය කරනවා.

    (ඔබගේ බොලොගයේ රාවනා ලෙස ඉහතින් දමා ඇති ඉන්දියන් හිවලාගේ රූපය ඉවත් කරන්න,ඒ වෙනුවට නියම රාවනා රූපයක් ඇතුලත් කරන්න)

    ReplyDelete
    Replies
    1. මා මේ දිනවලදී නියම රාවණා රූපය ගැන කැණීම් කරමින් සිටිනව, නුදුරේදීම එය ලබාගත හැකි වේවි.

      Delete
    2. Anonymous One origJune 24, 2012 at 2:46 PM

      ඒක හොඳ දෙයක්. වඳින්න ගිය දේවාලේ හිස මතට වැටීම වලකිනවා. අපි මුලා වුනාම ගරු කිරීමට අවංකවම වත ඔසවා අධෝභාගය පෙන්වන්නත් ඉඩ තියෙනවා.

      නියම රූපය අර වික්‍රමතුංඟගේ මූණට ලඟින් යනවා. ඊට වඩා හැඩ වැඩ සහිතයි. සමහර දේව රූප වල තියෙනවා. ඔය සමන් දෙවියෝ කියන්නෙත් එයාටමයි. සකාරය තටමමින් මනු කියන වචන තෙපලපු අය තමයි සමන් කියන වචනය හැදුවේ.

      රූපය කතුන් මන බදිනවා. සැමියන්/දරුවන් අමතක කරන තරම් ප්‍රබලයි. ඒත් ලංවීමට දැඟලුවොත් ඇස් අඳ කරවනවා. හේතුව දරුවන් රැකීම අතහැරීම. මිනිස් වර්ගයාගේ පැවත්ම තහවුරු කරන කෙනා තමයි අපි බැඳ තබන නීති රීති හැදුවෙත්.

      සිකුරු, මීන ලග්නයේ උච්චවූ විට මැවෙන රූපය නියම මුහුණයි.

      Delete
    3. ඇනෝ මහත්මයා, ඔබේ ජ්‍යෝතිෂ දැනුම ගැන මට සැක නෑ, නමුත් ඔබ මෙතැන වැරදීමක් කර ගෙන ඇති බව පෙනෙනවා. අපේ සිංහල බ්ලොග් අවකාශය යනු හෙළ ජ්‍යෝතිෂය පිළිබඳ ඉහළම දැනුමක් සහිත ශාස්ත්‍රඥයන්ගේ නිවහනක්. පොඩි වැරදීමකින් වුවත් ඔවුන් සරම උස්සාගෙන එන්න පුළුවනි. එනිසා හෙළ ජ්‍යෝතිෂය හා සම්බන්ධ කාරණා කතා කිරීමේදී ඔබ ඉතාම පරෙස්සම් වීම වැදගත්. ඒකයි මේ නිවැරදි කිරීම.

      මගේ ජ්‍යෝතිෂ ගණන බැලීමට අනුව නම් නිවැරදි රූපය මැවෙන්නේ සිකුරු මීන ලග්නයේ උච්ච වූ විට නෙවෙයි, රවි කුම්භයේද ගුරු වෘෂභයේද එකවිට උච්ච වූ විටයි. මේ අවස්ථාව ජ්‍යෝතිෂයට අනුව ඉතාම දුර්ලභ අවස්ථාවක්. උදා වන්නේ වසර 3,562,961 මාස 3 දින 24කට එක් වතාවක් බවයි පුරාණ හෙළ ජ්‍යෝතිශාස්ත්‍රඥයන්ගේ මතය. මෙවැනි අවස්ථාවක් 2012 වසරේ උදාවෙන බව ජ්‍යෝතිෂ ගණ බැලීම් වලින්, විෂේෂයෙන්ම ඉදිරි මාස කිහිපය තුළ රවිගේ හා ගුරුගේ ග්‍රහඵුස්ථයන් ගණන් බැලීමන් පැහැදිළි වනු ඇති. මේ සුභ හෝරාව මා නම් දන්නවා. මේ බ්ලොග් එක x ඔත්තු කරුවන් නිරන්තරයෙන් පිරික්සා බලන නිසා කියන්නට බැහැ. නමුත් ඔබද නිවැරදි ගණන් බැලීම් කළොත් ඔබටද එය පැහැදිළි වනු ඇති.

      මේ සුභ හෝරාව ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොවූ විරූ මොහොතක්.

      Delete
    4. Anonymous One origJune 25, 2012 at 1:22 PM

      @Anonymous June 24, 2012 4:29 AM,

      ඔබේ සටහන අගයමි. මෙය ලියන්නේ ප්‍රතිවාදියකු ලෙස නොව ඇත්ත කිව යුතු නිසයි. හිරු (රා හෙවත් රැස් එන කෙනා කියන නියම කෙනාත් එයාමයි) අද ජ්‍යෝතිෂය කියල ඔබ කියන දැනුමෙ කොටස දුන්නෙ අනාවැකි කීමට නොව වෙදකමටය. තමන් උපදින වෙලාව තෝරා ගන්න පුළුවන් අයට තමන් කරන්න යන දේවල් වල පිළිවෙල තෝරාගන්නයි ඕක කලේ. මේවා මිනිසුන්ට පමණයි අදාළ. අපි ජීවත් වෙන කාලය අපේ රැකුමටත් අනාගත පැවැත්ම සහතික කිරීමටත් හදපු රටාවක් තමයි මේ ජ්‍යෝතිෂයේ ආරම්භය. අද ඒක අනාවැකි මවල බඩ වඩාගන්න උප්පරවැට්ටියක් වෙලා. ඒ වගේමයි මන්තර වලටත් ගිය කල. ඒ දැනුම හැදුවේ මානසිකය (සිත) නිරෝගී කිරීමට. අවාසනාවට අපේ රටට මීට වසර 4000කට විතර කලින් ඉඳල බැහි වැටුනු මලයාලි හිඟන්නන් අනල වනල අච්චාරු කරල සල්ලි මවන උල්පත් කරගෙන. නොදැනුවත්කම නිසා ගතින් කලයුතු දෑ මන්තර වලින්ද, තමන් පිළිපැදිය යුතු දෑ වන්දනාවෙන්ද (පගාව දීමෙන්)ද කල හැකියයි අපි ආත්ම වංචාවක යෙදෙන බව කිව යුතුයි. බොහෝ රාවණ බැතියන්ද මලයාලි හිඟන්නන්ගෙ මුලාවෙන් මිදී නැහැ. ඒ කිව්වෙ මුල ගැන.

      එතකොට "අපේ සිංහල බ්ලොග් අවකාශය යනු හෙළ ජ්‍යෝතිෂය පිළිබඳ ඉහළම දැනුමක් සහිත ශාස්ත්‍රඥයන්ගේ නිවහනක්." කතාවට කියන්න තියෙන්නේ ඔය ඔක්කොම හින්දු කියපු දහජරාව බදාගෙන උගත් අය. ඒවා මට අරහන්. සිංහල දැනුම උඩු යටිකුරු කරල. ඒකත් හරියට සිංහලෙන් බඩ කියන කොට හින්දි වලින් ඪබ කියනවා වගේ පැත්ත මාරු වීමක්. මම හිරු බුධ ගුරු ගැන කිව්ව. දැන් සිකුරු ගැන කියන්නම්. රාවනගේ (හිරුගෙ) දහම ජීවතයයි පැවැත්මයි රැකීම. මෙතන පැවැත්ම රැකෙන්න නම් ගැහැණු පිරිමි සබඳතාවය ගොඩ නගන්න ඕන. ඒකට අවශ්‍ය කරන ඇල්ම බැල්ම කතාව ඉඟි බිඟි වගෙ දේවල් පාලනය කරන්නෙ සිකුරු කියන සංකේතය හඳුන්වන දැනුම මගින්. ඉතින් සිකුරු උච්ච වීම මම කිව් දේ තහවුරු කරනවා. මීන කියන්නෙ පණ සංකේතවත් කරන තැන. මම ඒ ගැන කලින් ලියපුවා බලන්න. එතකොට මා කී දේ පැහැදිලි වෙනවා.

      ඇත්තම කියනවා නම් හිරු (රා හෙවත් රැස් එන කෙනා කියන නියම කෙනාත් එයාමයි) මනුෂ්‍යයෙක් වෙලා බිහිවෙන්නෙ මීන ලග්නෙ සිකුරු උච්ච වුනාම. මනු වෙලා ඉපදුනෙත් එහෙමයි. ජීවතයයි පැවැත්මයි රැකීම යන පදනම මත බිහිවුනු බලවත්ම කේන්ද්‍රය හිමි හිරුටයි. ඒ දිනය වෙලාව තැන කියල තියෙන්නෙ වසර දස දහස් ගණනකට පෙර. රාවන නමින් නොව නියම පවුලෙ නමින් කියපු නිසා ඉන්දියාවෙන් ලත් තොරතුරු මත සොයන අයට කෙනා සොයාගන්න බැහැ. ඇත්තටම මා කලින් කී දෑ සැබෑ සිදුවීම්. තව එකක් කියන්නම්. මීනේ සිකුරු උච්ච වෙලා ස්ත්‍රීන් ඇඳුනත් ඊට වඩා ප්‍රබල හිරුගේ (පියාගේ) හා සඳුගේ (මවගේ) ගති මුල් තැනේ ඉන්නෙ තමන්ගෙම කොටුවල. වරක් මිතුරකු නිහඬ බව දැක විහිළු කලාම කෙල්ලන් සත් දෙනෙක් එක් දින එක වටයෙන් මිතුරු කර මිතුරා උඩුයටිකුරු කලා. ඒ වගේ දේවල් නිසයි මම ඒ කතාව කිව්වේ.

      මේ කාලේ බොහෝම නරක කාලයක්. හොඳ වෙලාවල් නෑ. ඔය වෙලාව බොහොම නරක වෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම හින්දු ආරට ගිය දැනුම මත කිවූ කතාවක්. වෘෂභ කියන කොටම මගේ සිතට ආවේ මසට හොයන හරක් වගෙ කතාවක්. අද අයෝමය පුරුෂයන් හෙවත් මස් කඩේට හරක් සොයන ආකාරයට හිරු ගැන සිතීම ඉතාමත් අවතක්සේරු කිරීමක්. මා කී පරිදි ඔබ දත් දේ ඪබ යන්න උඩුයටිකුරු කර ආපසු බඩ සැදූ ලෙස හැරවුවොත් එය සිංහල දැනුමට ළංවෙනවා. මම හින්දූන් කියපුව ගව මුත්‍රා ගානට දාල සලකපු කෙනෙක්. මා කී දෑ යහපතක් කරනු ඇතයි සිතමි. කුම්භ ගැන ඔබම සිතා ගන්න. අවාසනාවට, ගුරා වැරදි නම් උගත් දෑද වැරදිය. මට ගුරෙක් නැත. මා කියන දේ වෙනෙකෙකු කියා නැත. කීමට ඇති දෑ බොහෝය. ලීවේ අල්පයකි. ඔබේ සංවාදය අගයමි. වඩා පැහැදිලි පුද්ගල නමකින් ලීවේ නම් ඔබ මට යහපතක් කරන්නේමය.

      Delete
  10. හෙලයෙක් වීමා මාර ආඩම්බරයක් අප්පා . . . අද වැලේ වැල් නැතුව හිටියත් (විදේශ ආධාර නැතිනම් හුලං තමා . . ) එදා අපි මුලු ලෝකයම පාලනය කරගෙන ඉඳලා තියෙනවානේ . . ඔහොම හිතුවාම බඩගිනන්ත් අමතක වෙනවා ආයිබෝන් . . .

    ReplyDelete
    Replies
    1. අතීතයේ අපේ හෙළයින්ට බඩගින්න පාලනය කිරීමේ තාක්ෂණයත් තිබුණ. අදත් ඉන්දියාවේ බමුණන් නිරාහාරයව සිටිමින් යෝග වඩන්නේ අපේ හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපත් කියවලයි.

      මේක කියෙව්වද?

      http://www.telegraph.co.uk/news/worldnews/asia/india/7645857/Man-claims-to-have-had-no-food-or-drink-for-70-years.html

      http://news.nationalpost.com/2010/05/10/indian-man-survives-without-food-and-water-baffles-doctors/

      Delete
  11. ඔය කියන ඉපැරණි පුස්කොල පොත් අපිට පෙන්නන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. බොහෝ රාවණ ගවේශකයින් ඒව හෙළි කරන්නෙ නෑ, වෙනත් ලිපිත් කියවල බලන්න. මේ පුස්කොළපොත් පෙන්වන්නේ එය කියවීම්ට තරම් සුදුසු අයෙක් බව දේහ ලක්ෂණ විද්‍යාවෙන් (ඒකත් රාවණා රජතුමාගේ නිර්මාණයක්) විමසා බලලයි. එය පෙන්වීමට ඔබව හමුවී කතා කරන්නට සිදුවේවි. නමුත් මාව CIA එකෙන් සොයන නිසා ප්‍රසිද්ධියේ දැන්ම එන්න බෑ.

      Delete
    2. CIA එකෙන් උඹව හොයනවා නම් උන්ට උඹව හොයා ගන්ට විනාඩියක් වත් යන්නෙ නෑ. උඹේ බ්ලොග් එකට උඹ ලොග් වුණ IP එක ට්‍රැක් කරගෙන විනාඩියෙන් එයි උඹව හොයාගෙන.

      Delete
    3. CIA එකට මාව හොයාගන්න බෑ, මොකද මං ප්‍රොක්සි කීපයක්ම ශ්‍රේණිගතව භාවිතා කරනව, ඒ වගේම ISP කෙනෙක් නොමැතිව මා ගාව ඇති පාෂාණයක භාවිතයෙනුයි නෙට් එන්නෙ. http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_21.html

      Delete
  12. ජයරත්න මහත්මයා ඇයි ඔබ ඔබේ බ්ලොග් එකට බ්ලොග් ස්පොට් භාවිතා කරන්නේ? එය හෙළ නිර්මාණයක් නෙවෙයි නේද? අනෙක් අතට CIA එක ඔබව ඔය තරම් හොයනවා නම්, තමන්ගෙම රටේ බ්ලොග්ස්පොට් ආයතනයෙන් ඔබේ විස්තර ඔවුන්ට ලබා ගැනීමට බැරිද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග්ස්පොට් කියන්නෙත් හෙළ නිර්මාණයක් තමයි. මං හිතුවෙ හැමෝම දන්නව කියල. කමක් නෑ බ්ලොග් පෝස්ට් එකකින්ම කියන්නම්කො.

      CIA එකට මාව හොයාගන්න බෑ, මොකද මං ප්‍රොක්සි කීපයක්ම ශ්‍රේණිගතව භාවිතා කරනව, ඒ වගේම ISP කෙනෙක් නොමැතිව මා ගාව ඇති පාෂාණයක භාවිතයෙනුයි නෙට් එන්නෙ. http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_21.html

      Delete
    2. අපේ නොවෙන මොකක් හරි තියනවනම් කියන්න මාමේ ලොකු දෙයක්... මොකද මාමා කියන විදිහට මේ ලොකේ තියන ඔක්කොම හෙලයන්ගේ සහ හෙලයන් නිර්මාණය කරපුවා.. :@ මම ආසයි අපේ නොවෙන මොනවා හරි ගැන දැන ගන්න ... :D

      Delete
    3. @AnonymousJune 24, 2012 11:54 AM,

      අපේ නොවන දේකට දියහැකි උදාහරණය උඹම තමයි. මොකද උඹ ඔය කියන දේශද්‍රෝහී කතා වල හැටියට උඹ නිර්මාණය වූ ශුක්‍රාණුව සුද්දෙකුගේ මිසක් අපේ එකෙකුගේ වෙන්න බෑ.

      Delete
    4. විකල්ප මතයක් ඔප්පු වෙනවා දු‍ටු විට ඔබ වැනි බටහිර ගැත්තන් කරන්නේ.
      1. විවේචන කිරීම
      2. ගැරහීම.
      3. පහර දීම
      4. මරා දැමීම

      අපි ඕවට සූදානම් වෙලා තමයි වැඩේට බැස්සෙ.

      Delete
  13. මේ ඇත්තටම රාවණ සීතාට වැඩේ දුන්නද .

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete

නුදුරු අදහස්