Friday, June 22, 2012

රාවණ සේනාවේ යක්ෂයින් නිල්ගල වනයට ඇවිත්. යුග විනාශයට ඔබ සූදානම්ද?

රාවණ රජතුමාට පක්ෂපාතී වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් වාර්තා කළ පුවතක් පහත දැක්වෙයි.
නිල්ගල වනයට අද්භූතයන් ඇවිත්
June 22, 2012 at 9:55 am | Lanka C News.


බිබිල නිල්ගල වනාන්තරයේ යකුනාහේන ප‍්‍රදේශයේ දැනට සති දෙකක කාලයක සිට ආරක්‍ෂක අංශවලට අයත් යයි සැලකිය හැකි ඇඳුම් ඇඳගත් පිරිසක් සැරිසරන බවත් ඔයවුන් එම ප‍්‍රදේහයට ඇතුල් වීම සඳහා කිසිවෙකුට ඉඩ නොදෙන බවත් විවිධ අවශ්‍යතා සඳහා වනයට යන ප‍්‍රදේශවාසීහු පවසති.


මී කැඞීම, ඖෂධ සොයාගැනීම සඳහා අවට වැසියන් නිල්ගල වනයට පිවිසෙන බවත් එහෙත් එහි යකුනාහේන ප‍්‍රදේශයට ගිය එම පිරිස් එළවා දමා යළි නොඑන ලෙස තර්ජනය කල බවත් ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කරති. නිල්ගල යකුනාහේන ප‍්‍රදේශය පුරාණ ලෙන්වලින් සමන්විත පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ප‍්‍රදේශයකි.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාතේ ආරක්‍ෂක ප‍්‍රධානීන් පවසන්නේ තමන් දැනුවත්ව කිසිදු ආරක්‍ෂක කණ්ඩායමක් නිල්ගල ප‍්‍රදේශයට යවා නොමැති බවයි.


පසුගිය වසරේදී 2012 ලෝක විනාශය පිළිබඳව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත තොරතුරු දක්වූ මධ්‍යම කඳුකරයේ අප්‍රකටව භාවනානුයෝගීව කටයුතු කරන තාපස තුමා ගේ මිත්‍ර තාපස තුමෙක් මීට මොහොතකට පෙර අපටත් දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු මේ දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන අතර එතුමාගේ ඉල්ලීම මත පුද්ගල අන්‍යතාව හෙළි නො කෙරේ. එතුමා බලාපොරොත්තු වෙන්නේ රාවණ රජතුමාගේ පුනරාගමනය ගැනත් ඊට හෙළයින් සූදානම් විය යුතු ආකාරය ගැනත් දැනුවත් කිරීමයි. කිසිදු සංස්කරණයකින් තොරව එම සම්මුඛ සාකච්ඡාව ඒ ආකාරයෙන්ම මෙහි පළ වේ.

වර්ගපූර්ණිකාව: ආයුබෝවන් ඔබතුමාට
තාපසතුමා: ආයුබෝවන්, රාවණ සිද්ධම්!

වර්ගපූර්ණිකාව: ඔබතුමා රාවණ රජතුමා ගැන සොයන්න පටන් අරන් කොච්චර කල්ද?
තාපසතුමා: දැනට අවුරුදු හයසීයක් විතර වෙනව. කුණ්ඩලීනී යෝගයේ ආයුෂ්කාර ශක්තියෙන් තමයි මෙච්චර කාලයක් ජීවත් වුනේ. ඒක නෙමෙයි, තමාට වැඩක් නෑනෙ මං ගැන. තමා රාවණ රජතුමා ගේ පුනරාගමනයට සූදාන වෙන්න, මගේ ගැන හොයල වැඩක් නෑ.

වර්ගපූර්ණිකාව: ඔබතුමාට කීමට තිබෙන විශේෂ පණිවිඩය කුමක්ද?
තාපසතුමා: මගේ ජංගම දුරකථනයේ විදුලි කෝෂයේ ආරෝපණය අවසාන වෙන්න ලඟයි, මෙහෙ ඒව ප්‍රති ආරෝපණ කරන්න තැනකුත් නෑ, ඒ නිසා කෙටියෙන් කියන්නම්.
මෙය මගේ හිතුමතේට පවසන දෙයක් නොවෙයි. එය විශේෂයෙන්ම ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි. මේ පණිවිඩය ශ්‍රී ලංකාවාසීන්ට දීමට අවශ්‍යව ඇත්තේ රාවණ රජතුමාගේ යක්ෂ සේනාවේ අභයන්තර යුධ කටයුතු භාර සේනාධිපති මහාරක්ඛිත ජෙනරාල් තුමාටයි.

වර්ගපූර්ණිකාව: හා
තාපසතුමා: 2012 අගදී සිදුවන යුග විනාශයත් සමගම ශ්‍රී රාවණ රජතුමාගේ පුනරාගමනයට රාවන රජතුමාගේ යක්ෂ සේනාව සූදානම් වෙනවා. ඒකේ ප්‍රධානතම යුධ කේන්ද්‍රස්ථානය වන්නේ නිල්ගල පෞරාණික ලෙන් වලින් ගහන වණාන්තරය. ඒ නිසා කරුණාකරල ඒ පැත්තට කවුරුත් යන්න එපා. එහෙට ගිය කෙනෙකුට වෙන දේ හිතාගන්නවත් බෑ.

වර්ගපූර්ණිකාව: රාවණ රජතුමා ඔච්චර බලවත්නම් ඇයි අපේ රට දියුණු කරන්න උදව් නොකරන්නෙ?
තාපසතුමා: ඒකට තමයි පුතා මේ එතුමා හදන්නෙ. 2012 අවසාන වෙනතෙක් සිටින්න, ඉවසන්න.

වර්ගපූර්ණිකාව: නෑ මම කිව්වෙ ඊට කලින් වුණත් රටට යම් උදව්වක් කරන්න තිබුණ නේද?
තාපසතුමා: බලන්න පහුගිය 30 අවුරුද්දක් තිස්සේ ගිය යුද්දය අවසාන කරන්න උදව් වීමට රාවණා රජතුමා තම පුද්ගලික හමුදා ඛණ්ඩයක් යෙදෙව්ව. ඒකට තමයි "මහසොහොන් බලකාය" කියල කියන්නෙ. ඒකෙ ඉන්නෙ ඔක්කොම රාවණා රජතුමාට පක්ෂපාතී යක්කු. මහාචාර්ය නලින් සිල්වා මහතා කිව්ව මතකද ගිය අවුරුද්දෙ අගදී ඇමරිකාවෙන් ලංකාව ආක්‍රමණය කරනව කියල. ඒ බව දැනගත්ත රාවණා රජතුමා තම මායා බලය යොදවල ඒක නැවැතුව. ඔය දෙක විතරක් මදිද පුතා? රාවණ රජතුමා නොසිටින්න අද ලංකාව තනිකර අළු ගොඩක්.

රාවණ රජතුමාගේ නිර්මාණයක් වූ මහසොහොන් යුධ ඇඳුමෙන් සිටින, මහසොහොන් බලකායේ හෙළ යක්ෂයෙක්.

වර්ගපූර්ණිකාව: රාවණ රජතුමාගේ පැමිණීම අපට බලපාන්නේ කෙසේද?
තාපසතුමා: දේශපාලනමය වශයෙන් වෙනස් කම් සිදුවේවි. අපේ ජනාධිපති තුමා යන්ත්‍ර මන්ත්‍ර ආදිය විශ්වාස කරන ශ්‍රී රාවණ පාක්ෂිකයෙක් බැවින් එතුමාට කිසිදු ගැටළුවක් නෑ. එසේම එතුමාත් මේ ගැන දන්නව ඇති. පසුගිය දිනවල රාවණ පාක්ෂිකයින් විසින් ආරක්ෂක අංශ වලටත් හොරෙන් ඉතාමත් රහසිගතව රාවන රජතුමාගේ කඩුව සහ නිදන් ගත කළ න්‍යෂ්ඨික අවි ආයුධ (විශේෂයෙන්ම නාගපාෂණය, භ්‍රහ්ම අවිය, නීල පාෂාණය, ගුරුලුපාදය) සහ පුෂ්පක විමානය නිල්ගල යකුනාහේනට ගෙන ගොස් තැන්පත් කර තිබෙනව. විපක්ෂයේ මිනිස්සු අපරාදෙ අහක ඉන්න අයට බැන බැන හිටියෙ.
නිල්ගල කියන්නෙ, රාවණ රජතුමාගේ න්‍යෂ්ඨික අවි තිබුණ ස්ථානය. නිල්=නීල, ගල=පාෂාණය, හෙවත් "නීල පාෂාණය" ලෙස හැඳින්වෙන්නේ ඉපැරණි න්‍යෂ්ඨික අවි වලටයි. සාමාන්‍යයෙන් නිල් පාටින් නිරූපණය කරන්නේ න්‍යෂ්ඨික අවි නිසා මං කියන කතාව ඔප්පු වෙනව. එසේම යකුනාහේන කියන්නේ යකු=යක්ෂ, නා=නායක, හේන=සේනාව, ඒ අනුව නායක යක්ෂයින්ගේ සේනාව තමයි යකුනාහේනේ පෙරහුරු පවත්වන්නේ. මම කලින් කිව්ව මහාරක්ඛිත ජෙනරාල් තුමා තමයි එහි ප්‍රධානිය. ඉතින් ඔවුන් කොයි මොහොතක හෝ සිදුවන රාවණ පුනරාගමනයට සූදනමෙනුයි සිටින්නෙ.

වර්ගපූර්ණිකාව: රාවණ රජතුමා නැවත එන්නෙ කොහොමද?
තාපසතුමා: ඔයා ජනමාධ්‍යවේදියෙක් නේද? දන්නෙ නැද්ද රාවණ වංශිකයින්ගේ නිල පුවත්පත වන දිවයින පුවත්පතින් ඒක වාර්තා කරල තිබ්බ.


පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි


2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වේ. මේ අබිරහස්‌ තොරතුරු හෙළිකරන්නේ හාස්‌[1] නමැති විමර්ශන පද්ධතියයි. හාස්‌[1] විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක්‌ කිලෝමීටර් 240 ක්‌ තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස්‌ පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස්‌ පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති. මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්‍රවෘත්ති සේවය කියා සිටියි.


මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත පුවතක්‌ ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා"[2] ආයතනයේ රහස්‌ ඡායාරූප 1000 ක්‌ විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස්‌ පා සටහන් පමණක්‌ නොව මිනිස්‌ සිරුරක්‌ පවා තිබූ බවයි. මෙම මිනිස්‌ සිරුර පිටසක්‌වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක්‌ බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.


මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා[2] ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්‌ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක්‌ සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්‌වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්‌තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා"[2] ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස්‌ සිරුරක්‌ සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.


මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස්‌ හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්‌වල යානා තුනකින් ප්‍රහාරයක්‌ එල්ල වන බවයි. මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්‌වල යානා තුන අතර සබඳතාවක්‌ තිබේද?
කීර්ති වර්ණකුලසූරිය

අ‍ටුවාව [1]: හාස් යනු රාවණ රජතුමාගේ ඉපැරණි ගුවන් ආරක්ෂණ පද්ධතියක්. හා=හානි වාර්තාකරන, ස්=ස්ථම්භය, ඒ අනුව "හානිවාර්තාකරන ස්ථම්භය" හෙළදිවේ පිහිටා තිබුණේ හානිගල වනාන්තරයෙයි. එසේම "හාස්කම්" කියල රාවණ යුගයේදී හැඳින්වුවේ එම හාස්="හානි වාර්තා කරන ස්ථම්භයේ", කම්=ක්‍රියා වලටයි. සුද්දො ඒ හෙළ හාස් තාක්ෂණය සහිත ස්ථම්භය සොරකම් කළාට ඒකෙ නම වැරදියට සෙල් ලිපියකින් කියවලයි හාප් [HAARP] කියල කියන්නෙ

අ‍ටුවාව [2]: නාසා යනුත් ඇමරිකානු මහාද්වීපයේ තිබූ රාවණ රජතුමාගේ ඉපැරණි අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථායක්. නා=නාසය, සා=අහස, ඒ අනුව "අහස දෙසට ඇති නාසය" යන හෙළ නිරුක්තියෙන් තමයි නාසා බිහි වන්නෙ. නාසයෙන් කරන්නේ යමක් හඳුනාගැනීම වගේම, නාසා වලින් කෙරෙන්නේ අහසේ අති දෑ හඳුනාගැනීමයි. නමුත් සුද්දන් අපගේ හෙළ ශිෂ්ටාචාරය යටපත් කිරීමට ඒකට වෙනත් [NASA] තේරුමක් දීල.

එම පිටසක්වල යානා පැමිණෙන්නේ ප්‍රිඩෝටර් නැමති ග්‍රහලෝකයෙන්. ඔවුන්ගේ අරමුණ තමයි රාවණ රජතුම නැවත බලයට පත් වීම වැළැක්වීම. ඉතින් ඔවුන් මුළු ලෝකයම විනාශ කරන්නේ නෑ. නමුත් ජ්‍යොතිෂ්‍යඥයින් පවසන පරිදි රාවණාසේනාව ඉන් අනිවාර්යයෙන්ම දිනනව. එනිසා ඇත්තටම මේක ලෝක විනාසයක් නොවෙයි. ලෞකික රවණවිරෝධී ලෝකයේ බිඳ වැටීමක්. මේ යුගයෙන් පසුව මහාවංසය ඉවත් වී රාමායනය ජය ගනන්ව. ඒ සඳහා පිටසක්වලයන් පෘථිවියට පහර දීම විශාල බලපෑමක් කරාවි.

වර්ගපූර්ණිකාව: පිටසක්වලයන්ගේ ආක්‍රමණයෙන් ලක්වැසියන්ට හානියක් වේවිද?
තාපසතුමා: අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට පිටසක්වල ජීවීන්ගෙන් එක මිසයිලයක් හරි පාත් වෙනවා. මිනිස්සු හරියට හිටියොත් විශේෂයෙන්ම රාවණා රජතුමාට අපහාස කරමින් පණ්ඩිත කතා කිව්වෙ නැත්නම් වෙන හානියක් නැති වේවි. නැත්නම් ප්‍රිඩෝටර් ග්‍රහ ලෝකයෙන් එන පිටසක්වල ජීවීන් විසින්, රාවණා රජතුමට ‍රැක ගැනීමට නොහැකි වූ අර ද්‍රෝහීන්ගේ හිස් කබල් විද මොළය එලියට ගෙන ජානමය වශයෙන් වැඩිදියුණු රෝබෝවරුන්ව හදාවි.

වර්ගපූර්ණිකාව:- ඔබ ඔය ඇත්තද කියන්නේ? අප කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ?
තාපසතුමා:- විශ්වාස කරන නොකරන එක ඔබගේ වැඩක්. නමුත් මේ කතාව ඔබගේ මාධ්‍ය තුලින් හෙලි කරන්න. එක පුද්ලගයකුගේ හෝ වෙනස්වීම මේ මොහොතේ වටිනවා. මතක ඇතිව විශ්වාස නොකරන අයට කියන්න දින වකවානු ඇතිව ලියලා තියාගන්න කියලා 2012 සැප්තැම්බර් අන්තිම සතියේ ඉදන් 2012 දෙසැම්බර් අන්තිම සතිය වෙනකන් ඉහතින් සඳහන් කළ සියළුම දේවල් නියත වශයෙන්ම සිද්ධවන බව. එහෙම වුණෙ නැත්නම් මම මගේ කණ කපනව.

වර්ගපූර්ණිකාව: මා ඔබතුමාව විශ්වාස කළත් මැදහත් පාථකයින් වෙනුවෙන් කිසියම් හෝඩුවාවක්වත් දෙන්න පුලුවන්ද?
තාපසතුමා: රාවණා රජතුමා නිදා සිටිම මහ කුඩු ගල පර්වතයේ දකුණු පැත්තට වෙන්න විශාල ප්‍රපාතයක් තියෙනව. ඒ ප්‍රාපාතයේ මද දුරක් යටට ගියොත් ඔබට කුඩා සෙල් ලිපියක් දැකගන්න පුළුවන් වේවි. එහි අතීත ආකාෂාවාස බාසාවෙන් සටහන්ව තිබෙන්නේ මෙවැන්නක්.
"හෙනෝකිසගොලළුන්රීඳතද්වඩිමහානදන්වකි"
එය ඛණ්ඩනය කර හෙළ ප්‍රකෘතියෙන් පළ කළ විට මෙලෙසැයි.
හෙනෝ=හෙනයක් සේ, කිස=කර්තව්‍යය, ගොලළුන්=නිෂ්ශබ්දව, රීඳ=රාවන, තද්=තෙද, වඩිම=පැමිණීම, හාන=හානිය, දන්වකි=දන්වමි, මෙහි අරුතනම්, "නිශ්ෂබ්දව සිටින රාවනයන් හෙණයක් සේ පැමිණ තම කර්තව්‍යය කිරීමේදී හානිය(යුග විනාශය) විය හැකි බව දන්වමි" යන්නයි. රවුන්ගේ ආගමනය සහ යුග විනාසය සම්බන්ධ වන්නේ එලෙසැයි.

වර්ගපූර්ණිකව: රාවණ රජතුමාගේ පුනරාගමනයට මුහුණ දීමට අප කරන්න ඕනැ මොනවද?
තාපසතුමා: විශේෂයෙන්ම පහත දැක්වෙන රාවණා මන්ත්‍රය දිනපතා ජප කරන්න.
ඕං දිට්ඨි රාවණ පෘෂ්‍ය නඣුහාර ප්‍රඨණ්ඩාර වර වර සොත්ති ප්‍රභාධයුඛ්. නමෝ රාජ මන්ද්‍ර මහේන්ද්‍ර වස්ථු හෝති විජ්ඣිකෝ පායුඝ් සමණාසව: කළුබණ්ඩාර කින්ද යක්ඛ වජ්ජාපියා සෝතුං ඒස්වහ:
ඊට අමතරව , මෙහි පහතින් දැක්වෙන ‘විශේෂ සළකුණු ඇතුලත් පිංතූරය’ හැකි නම් මුද්‍රණය කර සහ හැකි නම් රාමූ කර නිවසේ බුදු පිළිමට පහළින් දෙවිවරුන්ගේ රූපවලට සමාන්තරව හෝ පහළින් තබා ගන්නා ලෙසට පාඨකයින් දැනුවත් කරන්න. පුතා, මේ ලිපිය හැකි තරම් බෙදා හරින්න කියල ඔයාගේ පාථකයින්ට පවසන්න, නැත්නම් අපේ අසරණ මිනිස්සු නොදැනුවත් කමින් ලොකු අමාරුවක වැටේවි.

64 comments:

  1. මචන් ඔය අන්තිම පින්තුරේ තියෙන්නේ රාවනා කාලා විසි කරපු මාලු කටු වෙන් ඈයි මයි හිතේ

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඇති පින්තූරයෙන් දැක්වෙන්නේ රාවණ ශක්තිය නාභි ගත කොට ගත් විශ්ව ශක්ති යන්ත්‍රයක්. පහත ලින්ක් එකේ දැක්වෙන්නේ ඉපැරණි හරප්පා ශිෂ්ටාචාරයෙන් හමුවූ ලාංඡන වර්ග හතරක්, ඒකට ගිහින් බලන්න එහි ඇති රූප.

      http://dsc.discovery.com/news/2009/08/27/gallery/indus-script-540x540.jpg

      ඒකේ දකුණු පැත්තේ පහලම රූපයේ ඇති මිනිස් රුවේ (රාවණ රජතුමාගේ රූපය) අත් නිර්මාණය කර තිබෙන්නේ ඔබගේ වචන වලින් නම් මාළු ක‍ටු වලින්. ඒත් ඒක එහෙම නෙමෙයි, ඒ විශ්වීය ලාංඡනයක්.

      Delete
    2. ඔබ හොරණ මීවනපලානේද, ඔබ කොහොමද මෙව සොයගන්නෙ

      Delete
    3. කුණ්ඩලීනී යෝගයේ කෙයවනාරාප්ප ශක්තිය තුළින්

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඉහත පින්තූරයට අකමැතිනම් පහත පින්තූරය එල්ල ගන්න, ඒක ලංකා සී නිවුස් එකට සම්බන්ධ තාපස තුමා දුන්න එකක්. හැබැයි ඒක යුග විනාශයෙන් බේර ගන්න අතර මගේ පින්තූරෙන් රාවණ පුනරාගමනයට සූදානම් වීමට විශේෂත්වයක් දෙනව.

      http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/09/Special-Message.gif

      Delete
    6. Anonymous One origJune 24, 2012 at 9:01 AM

      රූප මූලය අනාවරණය කල නිසා, අගය කිරීමක් වශයෙන් මෙය ලියන්නෙ.

      මිනිසුන්ට මුල අමතක වුනාට මත්ස්‍ය ලකුණ මනුෂ්‍යයන්ගේ පණ සංකේතවත් කරනවා. මනුට මත්ස්‍ය මනු කියලත් සමහරු කියනවා. අපි උපදින්නෙ මවගේ වතුර පිරි මල්ලක. මවගෙන් බීජයද පියා ගෙන් පණද ලැබෙනවා. හිරු (මුල්ම රැස් එන කෙනා) පියා ලෙසත් හඳුන්වනවා. අපේ ආරම්භය මත්ස්‍ය ස්වරූපයක් ගෙන කල් යන විට මෝරල අපේ නියම ස්වරූපය ගන්නවා. ම්ලේච්ඡ බටහිරයන් මෙවැනි කළල මරා එළියට ගෙන රූපගත කරපුවත් තියෙනවා. ඒ වුනාට වතුරෙ ජීවත් වෙන්න, වතුරෙම උපදින මාළුවෝ ආරම්භක අවදියේදී වෙනස් ස්වරූපයකිනුයි පටන් ගන්නේ. බටහිර කටුකන ආචාරී මහචාරී මැටි මෝල්ලු අපේ මනුෂ්‍ය ජීවිතය ඇති වුනේ මුහුදේ කියල කියන්නත් ඔය රූප දෘෂ්ඨිය හේතු වෙලා.

      ඇත්ත වෙන එකක්. මාළුවෝ ඉපදුනේ මුහුදේ. වඳුරන් බිහි වුනේ ගොඩ. වඳුරන් එහා මෙහා යන, එහාට මෙහාට පැනල කෑම හොයාගෙන දිවි රැකගන්න සත්තු ජාතියක්. උන්ගෙ පැටව් හැදෙන්න සුදුසු නිසල පරිසරය දෙන්නයි වතුර මල්ලක බිහි කරන්නේ. ඒ කාලේ මවගේ ලෙයින් පණ වායුව ලැබෙන නිසා හුස්ම ගන්නෙ නෑ. මත්ස්‍ය ලකුණ අපේ පණ සංකේතවත් කරනවා. ගවයාගේ රූපයේ ඇති මත්ස්‍ය සලකුණ ප්‍රධාන නහරයෙන් අතුවලට බෙදී රුධිරය සැපයීම සංකේතවත් කරනවා. ඒකත් පණට අදාළයි.

      රාවනා ඉපදෙන්නේ මත්ස්‍ය (මීන) ලකුණෙන් (ලග්නයෙන්). ඒ පණේ හිමිකම කීමටයි.


      කවුරු කෙසේ කලත්, මෙහි ඇති රුව රාවනගේ දැනුම යොදා සැකසු මනුකම හෙවත් සිංහලකම පෙන්වනවා. ඒක තමයි ජීවිතයත් පැවැත්මත් මත ගොඩ නැගූ දහම. එක පසක දෙකට බෙදුනු ප්‍රතිවිරුද්ධ මාළුවන්ගේ බද්ධයෙන් ඉදිරියට පැවැත්ම සංකේතවත් කරනවා. අනෙක් මාළුවගෙ එක පැත්තක ජීවත්වීමට සමාජය සමඟ එකතු වී කරන සාමුහික දේ නිරූපණ කරන්නේ කරකැවෙන චක්‍රයෙන්. තුන හා තිත සංකේතවත් කරන්නේ, තනිවම තමන් කලයුතු දැ තමයි. ඕවා ජීවිතයත් පැවැත්මත් රැකීමට අත්‍යාවශ්‍යයයි.

      බොරු කියනවාට වඩා නොදන්නාකම පවසමු. වෙන ලොවකින් එන කතාවත්, දෙවියන් අදහන්න බලෙන් පෙළඹවූ මොහොමඩ් නමැති අමනයා දෙවියන් ඉන්න තැන ඇසූ විට හඳේ යයි පැවසීමත් සමයි. රාවනා හා පිටසක්වල සම්බන්ධ කිරීමත් ඒ වගේ කතාවක්. අපි එවැනි තාක්ෂණයකින් ආවා නම් අද වන විට විශ්වයේ හැම තැනම ඉන්න ඕන. ඒත් මේ විශ්වයට අපි ආධුනිකයෝ. අපි මේ ස්වරූපයෙන් ඉන්නේ මේ ලෝකෙ පමණක් ය යන මතය හැම ප්‍රයෝගික සෙවීමකදීම ඒත්තු ගොස් ඇත. අදාල තරු, අතීතයේ පටන් මග සොයා ගැනීමට යොදා ගත්තා. ඒවාට අනුව තැනු පිරමිඩද මග පෙන්වූවා. නොදැනුවත්කම නොමනා අරුත් දීමට පොළඹ වනවා. උදා වන යුගයේ මේ විශ්වයම ජය ගැනීමට ඇවැසි දැනුම හිරු දෙනු ඇත.

      ඇත්තම කියනවා නම් රාවණ අතීතයේ කියූ පරිදි අප අතරය. මායා වරයකුගේම මුවින් ඇසු දෙය මා පිළි ගනිමි. හිරු දෙවියන් අළුත් ආරම්භයක් පටන් ගන්න බවයි. අතීතය, අද අප බදා ගත් සියල්ලම අත හැරීම කාල මිනුම අත හැරීමෙන් සංකේතවත් කරනවා. මායා වරුන් අපේ රටේ එක කොටසක් වූ මායා රටෙන් ගිය මිනිසුන් බව ජීවත් වන ආකාරය ඇතුළු ගොඩක් දෑ සනාථ කරනවා.

      මම මෙතන කියන්නෙ දත්තයෙන් සුළු කොටසයි. හේතුව කලින් කිව්වා. මා කියන හැම දෙයක්ම ස්වාභාවික සත්‍යයයේ කොටසක් යයි මම 200% සපථ කරමින් කියන දෙයට පූර්ණ වගකීම භාර ගනිමි. අභියෝගයන්ට බිය නොවෙමි. තව තොරතුරු දීම සීමාවන්ට යටත් වේ. දැනදු පොදු යහපතට සිහළෙන් නොදිය යුතු තොරතුරු දුන්නේ දැන දැනමය. මා ඇමතීමට මෙන්න පුරුක: miniskamaඇට්ජීමේලඩොට්කොම්.

      Delete
    7. මිනිස්කම ඔබගේ නම කරගෙන තිබීමම කොතරම් ශ්‍රේෂ්ට වන්නේද......

      Delete
    8. කෙයවනාරාප්ප ශක්තිය තුළින් ඉතිහාසය හොයනේ පුලුවන් බවක් මම දැනං උන්නේ නෑනොවෑ !!!

      Delete
    9. අනික තමයි .......... මේ දවස් වල ඔය නිල්ගල රක්ෂිතයේ ඉන්න ගැන්සිය කැලේ කපනව ,මේ වෙනකොටත් අක්කර 100ක් විතර ඉවරයි ............බලධරීන්ට කිව්වට කිසිම පිලිතුරක් නෑ .... ( රාවනා රජතුමි රජ වෙන්න යන්නේ කාන්තාරෙකද ? තාපසයගෙන් අහන්න )

      Delete
    10. යකුනේ එෟකෙ තායන නිධන ගන්න රාවනා ට්‍රයිකරනව ඇති. ඔය වගේ නම් කීයක් උනා ද? උබල මේව වහනව මදිවට සුදු හුණුත් ගානව ද? පේනවනෙ සිංහලයගෙ හටි. යකෝ තොපි නිල් ගලේ නිදන් කරන්න ඔනෙ.

      Delete
  2. පිස්සු නැත්තං ෂෝක්!!

    ReplyDelete
  3. bole, aththa mathu wewi. boruwa yata yaawi.

    ReplyDelete
    Replies
    1. රාවණ සිද්ධම්! ඒක තමයි වෙන්න ඕනැ.

      Delete
  4. I got a good news for you, I reported this blog to the CERT. See ya ^_^

    ReplyDelete
    Replies
    1. CERT is already making an international website for King Lord Ravana and they are much busy right now.

      pයකෝ, බැනල හරි සිංහලෙන් කොටාපිය, උඹේ අප්ප සුද්දෙක්ද?]

      Delete
  5. meewanapalane siri saddammalankara hamuduruwoi obai ekkenekda? (budun lankawe upan bawa pawasana himi)

    ReplyDelete
    Replies
    1. උන්වහන්සේ අපේ ගමේ, එච්චරයි ඇති සබඳතාවය

      Delete
  6. ඕං දිට්ඨි රාවණ පෘෂ්‍ය නඣුහාර ප්‍රඨණ්ඩාර වර වර සොත්ති ප්‍රභාධයුඛ්. නමෝ රාජ මන්ද්‍ර මහේන්ද්‍ර වස්ථු හෝති විජ්ඣිකෝ පායුඝ් සමණාසව: කළුබණ්ඩාර කින්ද යක්ඛ වජ්ජාපියා සෝතුං ඒස්වහ:

    ඕං දිට්ඨි රාවණ පෘෂ්‍ය නඣුහාර ප්‍රඨණ්ඩාර වර වර සොත්ති ප්‍රභාධයුඛ්. නමෝ රාජ මන්ද්‍ර මහේන්ද්‍ර වස්ථු හෝති විජ්ඣිකෝ පායුඝ් සමණාසව: කළුබණ්ඩාර කින්ද යක්ඛ වජ්ජාපියා සෝතුං ඒස්වහ:

    ඕං දිට්ඨි රාවණ පෘෂ්‍ය නඣුහාර ප්‍රඨණ්ඩාර වර වර සොත්ති ප්‍රභාධයුඛ්. නමෝ රාජ මන්ද්‍ර මහේන්ද්‍ර වස්ථු හෝති විජ්ඣිකෝ පායුඝ් සමණාසව: කළුබණ්ඩාර කින්ද යක්ඛ වජ්ජාපියා සෝතුං ඒස්වහ:

    ඔන්න මමනං දැන්ම තියා පටන් ගත්තා මේක කියන්න...

    ReplyDelete
    Replies
    1. ඔබට ජය, ඔබව රාවණා ‍රැක ගනීවි.

      Delete
  7. Replies
    1. මට ආයිත් මුළු ලිපියම මෙතන දාන්නද කියන්නෙ?

      Delete
  8. Replies
    1. උම්බය කියන්නෙ මොකාද බන්?
      උඹ අදහස් කළේ හම්බයො ගැනනම් මං ඒකෙක් නෙමෙයි. හිතල බලපන් මේ වගේ ලිපි ගොං හම්බයින්ට ලියන්න පුළුවන්ද කියල?
      මගේ අරමුණ රාව්ණා ගැන තවත් හෙළි කිරීම. රාවණ ගැන හෙළි කරන්නෙ හම්බයින්ට පු* කහනවටද?

      Delete
  9. ඔබ විසින් පලකරන දෑ පිලිබදව විශ්වාස කිරීමට අමාරුයි ,හැකිනම් හමුවී සාකච්චා කරමු ...

    ReplyDelete
    Replies
    1. මාව CIA එකෙන් හොයන හින්ද මේ දවස් වල හැංගිල ඉන්නෙ, මේ ටිකේ අමාරුයි. ලිපිය බලන්න

      http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_21.html

      Delete
    2. CIA එකෙන් හොයනවා??

      Delete
    3. මු ශුවර් එකටම CIA කියල කියනව ඇත්තෙ ලංකාවෙ පොලොසියට වෙන්න ඇති.මෙ මචන් අංගොඩින් පැනපු ඩයල් එකක්.මුව පොලොසියෙන් හොයනවාලු.දන්නෙ නැත්ද බන් ඔය මැන්ටල් ඩයල්

      Delete
    4. මේකෙ මීවනයො දෙන්නෙක් ඉන්නව වගේ. බලපන් හොදට.

      Delete
  10. rawana kese wethath . kattiya jayatama nidan haranda wage haddanney. e paththata yanda epa kiyala. (aurudu 30 yak balan inda oneda L.T.T.E eka iwara karanda) . ane . Anika oya ape janadi pathi . ape das issaraha mey ratata wadagath minissu keeyak maruwada. e wage ekek hoda wenney thawath e wage ekekutamai. aiyo rawana....

    pan sill rakina minissu RAWANA ta thiya mokekutawath baya wenda oney naha. oya okkotama wada budun ussas.

    ReplyDelete
    Replies
    1. රාවණා රජතුමා රජ වූ විට ඕව හරියයි, මොකද එතකොට පක්ෂ දේශපාලනය තහනම් කරනව.

      Delete
  11. මට බොහෝ සතුටුයි ඔබගේ මේ කටයුතු ගැන . මම ද රාවන පරපුරෙන් පැවත එන හෙළ යකෙකු වෙමි. ඔබට ජය පතමි.

    ReplyDelete
  12. මට බොහෝ සතුටුයි ඔබගේ මේ කටයුතු ගැන . මම ද රාවන පරපුරෙන් පැවත එන හෙළ යකෙකු වෙමි. ඔබට ජය පතමි.

    ReplyDelete
    Replies
    1. අනිව, හැබැයි මංනම් රකුසෙක්, ඒත් අපි සිව්හෙළයොනෙ.

      Delete
  13. Mr බීන් ගේ කොමඩියක් බැලුවට වඩා ආතල් ඔයි මේ බ්ලොග් එක කියවනකොට.

    ReplyDelete
  14. කිං හන්ටර්June 23, 2012 at 2:17 AM

    මේ එතකොට ඔය ලංකාසීනිවුස් එකේ පංචායුධ පචවංශ මහත්තයත් රාවන පරපුරේද,,ඔය තාපසලා කතා කරන්නේ ඒ සයිට් එකට විතරනේ,,,, තාම මේ පුවත් නයිටීන් චැනල් එකෙත් ගියේ නෑ.. ඔය තාපසලට තියෙන්නේ අයි පෝංද? පොඩ්ඩක් අහලා බලන්නකෝ ජයරතන මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. ඒ තාපස තුමා මටත් කතා කළානෙ, ඉතින් ලංක සී නිවුස් එකට විතරක් කතා කරනව කියන්න බෑ නේද

      Delete
    2. මමත් රාවනා ගෙන හොයනව,නමුත් ඔය කියන එව පදනම් විරහිත නෙ nasa== නා=නාසය, සා=අහස
      National Aeronautics and Space Administration. are u nuts???

      අපට සාක්ශි දන්න, බොරුවට හිතට එන හෙමදෙම ලියන්න එපා, but ලියන එක අගයකරන්න ඔන.

      2012 wenakam inne

      Delete
    3. අරිසෙන් අහුබුදුවන්ට අනුව වාරියපොළ යනු, වා=වාතය, රිය=රථය, පොළ=තො‍ටුපොළ, ඒ අනුව වායුරියපොළ හෙවත් දඬුමොණර තො‍ටුපොළක්. මාතලී නැමැති දඬුමොණර රියැදුරාගේ ගම තමයි මාතලේ. ඒව අපි පිළිගන්නව වගේම මේවත් පිළිගන්න පුළුවන්, සුද්දො වෙන අරුත් දුන් නිසා අපි සුද්දන්ව පිළිගන්නවද?

      Delete
  15. ඉස්සෙල්ලම ප්‍රතිචාර දාන විදිය වෙනස් කිරීම අගයමි.

    සමහරුන්ට මේ ලියන ඒවා විකාර, විහිළු, බොරු කියල හිතෙනවා වෙන්න පුළුවන්. ඊට හේතුව පැහැදිලි නැති කමත් වර්තමානයට විතරක් සීමා වන මනසකින් බැලීමත්. මොන හේතුවකට හරි මනසින් මුදා හරින සිතිවිලි ගැන සිතා බැලිය යුතු වන්නේ, එක් අයෙකුට හැර, මනසින් එන දේ තමන්ගේම යයි කිව නොහැකි නිසාය. සමහර දේවල් හරියට මීට කාලෙකට පෙර නොස්ට්‍රඩාමස් කිව්ව යකඩ කුරුල්ලන්ගේ කතාව වැනිය. අද අපි ගුවන් යානා ලෙස හඳුන්වන දෙයම එකල සිටි කුරුල්ලන් යොදා විස්තර කලාම ඔය වගේම වෙන්න ඇති. යකඩෙන් හදපු කුරුල්ලන් ගැන කීම අමන කතාවක් වූවා විය හැක.

    අපේ රටට මීට වසර 4000කට විතර කලින් ඉඳල ආපු මලයාලි හිඟන කට්ටිය, වචනයෙන් (මන්තරයෙන්) හා වන්දනාවෙන් (මැටි රූප සංකේත එල්ලාගෙන ගරු කරන නියායෙන් බැට කෑම) නොයෙක් දෑ ඉටුකර ගත හැකියයි සිංහලයන් මුලා කිරීම මේ කතාවට බලපා ඇත. වචනත් රූපත් ඇත්තේ මතකයේ තබාගෙන ක්‍රියාවෙන් ඉටු කිරීමටය. ඒ නිසා ක්‍රියාවෙන් මග සොයා ගන්න. රූපය කලයුතු ක්‍රියාවන් මනාව කියනවා. පැහැදිලි කිරීමෙන් වලකින්නේ විභාගෙට හොරට උත්තර ලියා සමත් කිරීම නුසුදුසු නිසාය.

    තාපසයාට මේ පණිවුඩය දෙන්න. අවංකකම හඳුනාගෙන එයට කැපවීම ඇත්ත දැකීමට හේතුවේ. සිතෙන් බොහෝ දෑ ආපසු සිතිවිලි ලෙස පිට වුවද ඒ හැම තමන්ට පරිබාහිර උල්පතෙන් නොඑන බව දැන ගත යුතුය. කනෙන්, ඇසෙන්, ගතින්, අනෙක් අයගෙන් ඇතුළු වන දෑද ආපසු සිතිවිලි ලෙස පිට වන බව දැන ගතයුතුය. ඒවා තෝරා බේරාගැනීම නොකල විට කියන දෑ වල ඵලක් නැත. කටින් කී බහුතරය ඇසෙන්, ගතින්, අනෙක් අයගෙන් ඇතුළු වන දෑ බව ඉතා පැහැදිලිය. නියම මග නොදැන සහස්‍ර කාලයක් බවුන් වැඩුවද, නිසි ඵල ලබා ගත නොහැක.

    වැදගත් තොරතුරු මේ ලිපියේද ඇත. ඒවා වර්තමාන නාම වලින් නොව අතීත නාමයෙන් කීම යථාර්තය වසා දැමීමකි. මිනිසුන් ඉතාමත් දුර්වල කොටසක් නිසා, මුලු දැනුම ම පැවැසීමට හැකියාව නැත. රාවන මෙන් එවැනි ප්‍රබල නම් කීපයකින් හඳුන්වන හිරු ගේ අනන්‍යතාවය මවා ගත් බොරු කාරයන් ඒ නමින් අයුතු ප්‍රයෝජන ගෙන විනාශ වුවද, දුබලයන් මේ දෙවැනියන් ගේ තොරතුරු හිරුගේ තොරතුරු ලෙස බදාගෙන ඇති බව ප්‍රතිචාර වලින් පෙනේ. අවාසනාවට දුබලකමට යහපතක් නොවන බව දැනගත යුතුය. මොනවා වෙනවා කිව්වත් වෙන දෑ වෙන්නේමය. බටහිරයන් කියන දෑ නොවෙන්නේමය. උන් කරන දෑ වලින් පරාජය හිමි වන බව වර්තමානය තහවුරු කරයි.

    KingVish කී "pan sill rakina minissu RAWANA ta thiya mokekutawath baya wenda oney naha. oya okkotama wada budun ussas." තුල ඉතා වැදගත් දෙයක් මෙන්ම මහා බොරුවක්ද ඇත. හිරුට මිනිසා වඳ කර නැවත බිහි කිරීමද සුළු දෙයකි. මෝඩ කමින් උඩඟු නොවන්න. රාවනයන් (හිරු) කී විදි පිළිපැදීම ඉතා වැදගත්ය. මෙතැන් සිට හිරු ලෙස හඳුන්වමි. හිරු යනු ඔබගේ පියාත් මවත් ඔබත් බිහිකල කෙනාය. ඒ ගැන සිතන විට තමන් රකින කෙනාය. රකින්නෙ රැකීමට වෙර දරන අයය. නැසීමට දරන අය නොරකින්නේ එය නිශ්ඵල දෙයක් නිසාය. ඔබ අද අදහන ජීවිතය නැති කර නිවන, ස්වර්ගය වැනි මිරිඟු පසු පස යාමත්, පන්සිල් යයි කියා ගිරවුන් සේ කියවන පාලි පාඨ පහවත් ඔබ නොරකින බව වර්තමානය තුල තහවුරු වේ. එසේම හිරුට වඩා බුධලා උසස් යයි කීම මුලාවකි. එය දෙවියන් යයි මැටි/ගල් රූප වලට වැඳීම මෙන් විනාශය දෙන වැඩකි. දැනුම හිරුගේය. බුධලා එය මිනිසාට තේරුම් කල අයය. ගුරුලා හිරුගේ හැකියාවන් දුන් අයය. අනෙක් නම් වලින් බිහි වූ අය ගැන පසුව කතා කරමු. ඇත්තටම මේ නම් ග්‍රහයන්ට යෙදුවේ දෙවනුවය. ඒ නම් වලින් හැඳින් වූ අය වෙන් කර දත යුතුය. දෙමළුන් බුධ කෙනෙක් වත් නොවන සිදට් නම් අය ඔසවා ඔබේ හිස මත තබා හිරු දෙවියන්ට නිගා කිරීම නිසා පසුගිය වසර 2600 තුල වූ දෑ මනාවට කියනවා. දෙවියන් යදින බව කියමින් දෙවියන් කෝප කරවන නින්දිත වැඩ කල කුරුසකාරයන්ටද අත් වූයේ ඒ ඉරණම මය. අද දෙගොල්ලම මරණය අභියසය.

    රැකිය යුතු දෑ ජීවත් වීම හා පැවැත්ම රැකීමය. එය රූපයේද අන්තර්ගතය. උත්සාහකරන අයට එය දැන ගැනීමට අවශ්‍ය තොරතුරු කිව හැක.

    බටහිරයන්ගේ කතා විහිළු ලෙස ගන්න. වෙන දෑ කීම සුදුසු නොවන නිසා වලකිමි. පරණ වූ කුණු වූ ජරා වූ ප්‍රතිවිරුද්ධ වූ දෑවල විනාශය වෙන්නෙ ඒවායින් ඵලක් නැති නිසාය. ජීවත් වීම හා පැවැත්ම රැකීම සිංහලකම තුල ඇත. එය පිළිපදින්න. ඔබ රැකෙනු ඇත. හිරු දෙවියන් ඔබේ පියාත් මවත් තුලින් දකින්න. ඇස් දෙක පියාගෙන ඔබේ රුව සිතින් මැවීමට උත්සාහ ගන්න. ඔබ සාර්ථක නම් ඔහු දකිනු ඇත. තමන් දකින දේ මෙහි ලියන්න. අතීතයේ සිටි සිහළුන්ට හිරු දෙවියන් සමඟ සම්බන්ධ වීමට පුළුවන් වුනා. අද කිලිටු මනස එම හැකියාව වසා දමලා.

    ලංකා සී නිව්ස් හා දිවයින ගැන කී දෑ සැබෑඳ? නොඑසේ නම් සිංහල වේදනාව අයුතු ලෙස සූරාකන සතුරන්ද? සිංහලකමට ලංවන වචන දෙසූ පමණින් සිංහල නොවේ. ක්‍රියාව ඊටත් වඩා වැදගත්ය. වචනයෙන් මනී නම් සිංහල රට හිඟන රට කරන සුද්දගේ ආණ්ඩුවේ මහා ඒජන්ත රාවනා විය යුතුය. ඇත්ත ඔබ දනී.

    ReplyDelete
  16. සරත් පොන්සේකා මහත්තයත් රාවනා පරපුරේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, එතුමා රාවණා රජතුමාගේ සේනාවෙත් හිටපු ජෙනරාල් කෙනෙක්, ඒ ගැන ඉදිරියේදී හෙළි කරන්නම්.

      Delete
    2. එතකොට ලොක්කත් රාවනා පාක්ෂිකයෙක්නෙ. එකම පක්ෂෙ එවුන් කෙලගන්නෙ නැහැනෙ.


      දැන්නෙ තේරැනෙ එකම පක්ෂෙ එවුන් ගහගන්න එක ඇවිත් තායන්නෙ රාවන කාලෙ ඉදන් ද?
      එෟකයි මේ කට්ටිය ගහ ගන්නෙ.

      Delete
    3. එතකොට රාවණාගෙ හමුදාවෙ "ජෙනරාල්" කියල රෑන්ක් එකකුත් තිබ්බද? අඬෙනව තනි ඇහැට කඳුලු බිංදු එකහමාරක්, ජෙ = ජය, න=නරිඳු, රා=රාවණ, ල්=ලබා දෙන, ජෙනරාල් = ජය නරිඳු රාවණ ට ලබා දෙන පුද්ගලයා, මෙහෙමද දන්නෙ නේද, මේක කියවල මගෙත් අර යටි බඩට පහලින් දරණ ගහගෙන ඉන්න නයාද මොකාද එකා කෙලින් වෙලාද කොහෙද, මෙහෙම හැකියාවක් මට කලින් තිබ්බෙ නෑනෙ :P

      Delete
  17. "පිරිස් එළවා දමා යළි නොඑන ලෙස තර්ජනය කල බවත් ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කරති. නිල්ගල යකුනාහේන ප‍්‍රදේශය පුරාණ ලෙන්වලින් සමන්විත පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ප‍්‍රදේශයකි."

    මේ රාවනා නෙමේ මල් බේබිගේ නිදන් හාරන සෙට් එක මෙපත්තෙත් වැඩට බැහැල වගේ

    ReplyDelete
    Replies
    1. aththa kathawa bn me anduwe nidan harana set 1 rattu nomaga yawanna karana wadak..

      Delete
  18. " පිරිස් එළවා දමා යළි නොඑන ලෙස තර්ජනය කල බවත් ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කරති. නිල්ගල යකුනාහේන ප‍්‍රදේශය පුරාණ ලෙන්වලින් සමන්විත පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ප‍්‍රදේශයකි."

    මෙනම් රාවනා නෙමේ සුවර් එකට් මල් බේබිගේ නිදන් හාරන සෙට් එක

    ReplyDelete
    Replies
    1. මල් කෙසේ වෙතත් "නා" ගසේ කොළය නම් ප්‍රයෝජනවත්
      http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_24.html

      Delete
  19. මම මේ දන්නේ නැති නිසා අහන්නේ.
    රමා නැවත පැමිණෙනවා නම් සතුටුයි, දැන් රටේ තියන තත්වය හැටියට.
    මගෙ ප්‍රශ්නේ එතකොට රාමා පිළිබඳ ඔබතුමා දරන්නේ මොන වගේ අදහසක්ද?
    අපහු රාමා ත් ඇවිත් නැවත රාම රාවනා යුද්ධයක් හට ගනීද??

    ReplyDelete
    Replies
    1. රාමා යනු විශ්ණුගේ අවතාරය නේ. විශ්ණු දෙවියන් පසුකාලීනව බෝධිසත්වයක් බවට පත් වුණ බව ජනකතා වල දැක්වෙනවනෙ.
      "මේ ලෝක තලේ සුරකින ශ්‍රී විශ්ණු දේවනේ.. රැක දෙනු මැන මේ අප හට ශ්‍රී සම්බුද්ධ ශාසනේ."
      ඉතින් බුද්ධ ශාසනය රකින දෙවි කෙනෙක් රාවණට රජතුමාට විරුද්ධව එයි කියල හිතන්න අමාරුයි නේද?
      යම් විදියකින් විශ්ණු අවතාරය නැවතත් ආවත් දැන් පවත්නා ක්‍රමය අනුව මැතිවරණයක් තියල කවුද දිනන්නේ යන්න විසඳගන්න පුළුවන් වේවි.

      Delete
    2. Anonymous One origJune 25, 2012 at 4:36 PM

      ඔය රාමායනේ එන රාවන පසු කාලිනව ඒ නම ගත් ඉන්දියානුවෙක්. තොරතුරු ගොඩක් සුපුරුදු හින්දු සිහින. ඔබ හින්දු කියන සිංහලෙන් පැවතෙන වචනයේ තේරුම දනී නම් ඒ කතාව රැම්බෝ වියට්නාමය පැරදූ ගොනුවට දානු ඇත. රාවනා (රැස් එන කෙනා), හිරු, මනු, විශ්ණු (විශ්ව මනු), සමන්, මහා සේන කියන සැම නමින් ම එක් කෙනෙකු හඳුන්වන්නේ. වෙනස් නම් ඇතිවුනේ වෙනස් කණ්ඩායම් එක් කෙනෙකු හැඳින්වීමට යොදා ගත් ආකාරය අනුවයි. අප සතු සියලු දැනම එකම උපතක් ඇති බව ඔප්පු කල හැක. ස්වාභාවික ඉතිහාසය සොයන මගින් මේ වචන දූෂණය නිරවුල කර ගත හැක.මෙවර එන සිංහල නම රාවන හෝ මනු නොවේ. එයද ස්ථිරව කියා ඇත. මාතර පෙදෙසට ගොස් විමසන්න.

      Delete
    3. මල කෙලියයි විශ්ණු දෙයියොත් ඡන්දෙට එයිද? මම හිටුවෙ එහෙම පජාත වැඩ කරන්නෙ කින් රාවණ විතරයි කියල,අනේ මන්ද මොනව වෙන්න යනවද මන්දා, මේ කියන කාල වකවානු වලට කලින් ප්‍රියම්බිකාව එක්ක හොරෙන් හරි මදුසමයට යන්න ඔනි, නැත්නම් මේ කියන විදිහට මොන සන්තෑන්සියක් වේයිද කව්ද දන්නෙ.. ;(

      Delete
  20. මම නොලියවුනු ඉතිහාසය සොයාගන්න කැමති කෙනෙක්. ඔබ තුමාගේ ලිපි විශිෂ්ඨයි.
    මට සුළු ප්‍රශ්නයක් තියනවා. රාවනාගේ පැමිණිමත් සමඟ රාමාත් පැමිනේද?
    නැවත රාම රාවන සටන හටගනීද??

    ReplyDelete
  21. ජයරත්න උන්නැහේ

    http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_20.html

    මේකට මම දාපු කොම්මෙන්ට් එකට තම රාවනා රෙප්ල්ය් කලේ නැද්ද

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ) ........ :පී

    ReplyDelete
  22. ජයරත්න උන්නැහේ

    http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_20.html

    මේකට මම දාපු කොම්මෙන්ට් එකට තම රාවනා රෙප්ල්ය් කලේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ඊට දැන් මම උත්තර දුන්න

      Delete
    2. National Aeronautics and Space Administration, meka thama niyama theruma, nikan ESA gena hithapanko buruwa wenne nethuwa.

      Delete
  23. කවුරුත් රැවටෙන්න එපා මේක ආණ්ඩුව නිදන් හාරන එකයි කටුගේ බිදපු එකයි වහගන්න මිනිස්සු රවට්ටන්න කරන වැඩක් මං හිතන්නේ මේ දවස් වල නිල්ගල පැත්තෙත් හොදට නිදන් හාරන්න පටන් අරන් ඇති අපේ මල් බේබි එහෙම .. එකයි කාටවත් එහාට යන්න දෙන්නැත්තෙ එකට මහජන විරෝධයක් මතුවෙන එක වලක්වන්න තමා මේ වගේ කතා පතුරවන්නේ .... අපේ රටෙත් බහුතරයක් ඉන්නේ කිසි දෙයක් විද්‍යාත්මකව තේරුම් ගන්න බැරි මෝඩ පිරිසක්නේ ..ඒ නිසා රටේ නිදන් හැරෙද්දී අනේ අපේ රාවනා රජතුමානේ කියල රටේ අපරාද දිහා කට අරන් බලන් ඉදිවී... මං අපේ රටේ ඉන්න සුළුතරයක් හෝ වන ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වගේ කතා වලට රැවටිලා රටේ ජාතික උරුමය විනාස වන්න දෙන්න එපා ...අපරාධ සිද්ද වෙද්දී කවුරු කලත් එකට විරුද්ධ වෙන්න
    ඔබ නියම හෙළයෙක් වෙන්නේ එතකොටයි . ... . තෙරුවන් සරණයි

    ReplyDelete
  24. කෙයවනාරප්ප ශක්තිය යනු අති ප%බල ශක්තියක් ඒකෙන් ඔබම ඇත්තක් අනික්පැත්ත හරවන්න පුළුවන්.....


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    රාවණා කෙප්ප

    ReplyDelete
  25. Internet Rumor of Inbound 2012 Spaceships Untrue
    NO Spaceships Headed for Earth
    Has the SETI Institute discovered three objects en route to our world? Alien spacecraft that will arrive in 2012?
    If you believe a widespread story now being circulated on the internet, and published by the ironically named “Pravda” [http://english.pravda.ru/science/mysteries/22-12-2010/116314-giant_spaceships-0/], you might think so. But it’s all nonsense – it’s a rumor, a hoax, and a fabrication that uncritical web sites have reprinted without checking.
    A few aspects of the story that are obviously suspect:
    1. The objects, now described as a few hundred kilometers in size, and “beyond the orbit of Pluto”, were apparently discovered by SETI using the HAARP radio array. To begin with, the HAARP (High Frequency Active Auroral Research Program) instrument is located in Alaska. The position of the three “incoming” objects is given as -90 degrees declination – or the south celestial pole. Anyone versed in even elementary geometry can recognize that you can’t see this part of the sky from Alaska! In addition, and of clear import, neither the SETI Institute nor any other SETI project makes use of HAARP.
    2. In the original version of this article http://www.examiner.com/ufo-in-canada/3-very-large-objects-space-flying-to-earth, purported SETI astrophysicist Craig Kasnov is quoted as saying that the three objects are in-bound. No one named Craig Kasnov has ever worked at the SETI Institute. There is a media and conservation professional by name of Craig Kasnoff, who – with David Gedye – came up with the idea of the SETI@home screen saver many years ago. But he has explicitly noted that he has nothing to do with this story, and in fact the article itself points out that it is referencing “Kasnov” not “Kasnoff.” So the story rests on the testimony of a fictional character.
    3. If the SETI Institute had, indeed, found three clearly artificial objects headed for Earth (or just about anywhere else), that news would be found here on its web site. It would also be in the mainstream media. It’s not.
    The putative arrival in 2012 of objects from another world is no more believable than the Mayan calendar claim that the world will end in that same year, internet stories notwithstanding!
    Dr. Seth Shostak
    Senior Astronomer, SETI Institute

    http://www.seti.org/node/825?pid=1539

    ReplyDelete
  26. HOW the thapasa thuma send you the photograph by your phone

    ReplyDelete

නුදුරු අදහස්