Wednesday, June 20, 2012

රවණ රජතුමා ගැන හෙළි කරන අපට මෙහෙම අපහාස නොකරනු,!

මෙතෙක් කාලයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් ශ්‍රී රාවන රජතුමාට සම්බන්ධ ඉතිහාසයත් එතුමගේ ඉදිරි පියවරත් ගැන හෙළ විද්‍යාත්මකව කළ දුර්ලභ ශ්‍රාස්ත්‍රීය හෙළිදරව් කිරීම් තුට්‍ටු දෙකට මායිම් කරමින් අපගේ පාථකයින්ව මෙම බ්ලොග් අඩවියෙන් බිඳවන ආකාරයේ ඉතාමත් පහත් ප්‍රකාශයක් අපගේ ඊමේල ලිපිනයට ලැබුණා. මේ තියෙන්නෙ ඒක. මේ වගේ කැත කතා ගැන තීරනය ගැනීම ඔබටම බාරයි.

කිසිම විදිහකින් සාක්ෂි සහිතව ඔප්පු කරන බැරුව, අරකට මේ ක සමානයි, මේකට ඒක සමානයි, කිය කිය .පිරමිඩ 3 ක් ඔරයන්ගේ බඳ පටියේ තාරකා 3ක් හැටියට තියෙනනවා... ඔන්න අපේ රටෙත් කඳු 3ක් එහෙම තියෙනවා, කොහොමද අපේ තාක්ෂණය කියාලා ගොන් තර්ක ගෙන හෙළුහෙළයන්ට පිලිතුරු දීපු බ්ලොග් එකක් ඒක. කවුරුන් හෝ ඒක කරලා තියෙන්නේ , මේ ගොන් තර්ක ඉවසන්න බැරි කෙන්ක්, රාවණා රජ්ජුරුවන්ගේ කාලේ හොද තාක්ෂණයක් තිබිලා තියෙනවා, මීට වඩා. හැබැයි එහෙම කියල හෙලයන්ගේ අරක මෙහෙමයි, මේක මෙහෙම යි, කියල ඉමජින් කරලා. නිකන් තර්ක ගෙන්ල්ලා ඔප්පු කරගන්න බැරුව. හරියට සූරිය්ප්පෙරුම වගේ පු* උඩදාගෙන අපේ හෙළයෝ කෑගහනවා..


අන්තිමේට නිකන්ම නිකන් පුස් වෙඩිල්ලක් විතරයි. සද්දේ පමණයි ..දුම ණොමැත.. ජැක්සන් ඇන්තනී. සුරියපෙරුමාල්... කතාකළොත් ඒගොල්ලො වගේ ප්‍රාඥයෝ නෑ..විද්වත්තු නෑ.. ආසි 4 හතර පැතතට විසිකරලා බූරුවා ගහන්න පුලුවන් විදිහට තමි ටෝක..විමසලා බැලුවාම ඇතුල හිස්...


අපි හැම දාම කළේ, ඉතිහාසයේ , අපි එහෙමයි මෙහෙමයි, කිය කිය, උදම් අනපු එක. වර්තමානේ අපි මොනවද කරල තියෙන්නෙ මොනවද? කිසි දෙයක් නෑ..බ්ලොග් එකක තියෙන දෙයක් කොපි පේස්ට් කරලා තියෙනවා. එච්චරයි.. අනෙක් ජාතීන් ඉස්සරහට යන්නෙත්. අපි පස්සට යන්නෙත් ඇයි? අපිට තියෙන්නේ අඩම්බර වෙන්න පුලුන් ඉතිහසයක්. කියන්න ගියොත්, රාවණා, සිංහබාහු. කුවේණි. අබා.. සති ගණන් කියන්න පුළුවන්, හැබැයි වර්තමාණයක්වත් ..අනාගතයක්වත් නෑ..
ඉතිහාසේ වන වනා ඉන්නවා..


හැබැයි අනෙක් ජාතින්ට අපිට තරම් ඉතිහාසයක් නෑ....අපේ ඉතිහාසයේ අපිට තිබ්බා වගේ තරම් තාක්ෂණය නෑ, උන් ඉතින් උන්ට නැතිදේවල් හොයනවා. ඉතින් උන් දේවල් හොයාගන්නවා.. මොක්ද උන්ට අතීතේ කියල එකක් නෑ.. උන් අනාගතයට, උන් අතීතේ විශිෂ්ට ජාතියක් කියන එක, අනාගතේ එන එවුන්ට ඒත්තුගන්න පුලුවන් විදිහට වැඩ කරලා යන්නේ.... උන්ට වර්තමාණයකුත් හදාගෙන , අනාගතයකුත් හරිගස්සගෙන


ඔන්න ඕකයි අපිදෙගොල්ලො අතර වෙනස..


අර කතාවට කියනවා "අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී" කියලා.. අපි හැමදාම පාරම් බබා බබා ඉන්නවා. රාවණා යුගයේ විමාන තිබ්බලු, අරක තිබ්බලු මේක තිබ්බලු.. ප**ය... දැන් කිසි දෙයක් අලුතෙන් කරන්න්න උත්සහ කරන්නේ නෑ.. මොලේතියෙනවනම් මේක කියවලා, කන්නාඩිය ඉස්සහට ගිහිලල හොදට හිතපල්ලා..විචාර බුද්ධියකින්...කල්පනා කරලා බලලා..තෙරුම්ගනිල්ලා, මම මේ කියන එක බොරුවක් ද කියලා...?

17 comments:

  1. මේක නම් ආරියනසේන අහුබද්දට තිබුණ මානසික රෝගයේ උච්චම අවස්ථාව. ඌට තිබුනෙත් එක එක නම් වෙනස්කරල සේරම හෙලයාගේ කියන රෝගය. යකෝ ගොන් හරකෝ, ගිහින් දොස්තර කෙනක් චැනල් කරපං.

    ReplyDelete
    Replies
    1. විකල්ප මතයක් ඔප්පු වෙනවා දු‍ටු විට ඔබ වැනි බටහිර ගැත්තන් කරන්නේ.
      1. විවේචන කිරීම
      2. ගැරහීම.
      3. පහර දීම
      4. මරා දැමීම
      අපි ඕවට සූදානම් වෙලා තමයි වැඩේට බැස්සෙ.

      100% ක් ඔප්පු වුණ පුරාවිද්‍යා මූලාශ්‍ර ඇසුරින් මා දක්වද්දී ඔබ ගරහතත්, නිකමට හෝ මේ කතාවක් සුද්දෙක් එහෙම කිව්වනම් ඔහෙල උගේ පශ්චාත් බාගය ලෙවකාවි.

      Delete
  2. බල්ලෝ බිරුවට කදුපාත් වෙනවයැ සහෝදරයා... ඇත්ත කියන කොට උනත් අහගෙන ඉන්න බැරි කෝටසකුත් ඉන්න බව අමතක කරන්න එපා. උන් බොරුවට පොර ටෝක් දානවා කෝ මේවා ඔප්පු කරන්න සාක්සි කියලා. එහෙම එවුන් උන්ගේ අම්මලාගෙනුත් අහයි මම ඇත්තටම අපේ තාත්තගේද කියලා ඔප්පු කරන්න කෝ සාක්ෂි කියලා...
    මෙවැනි අදබාලයන්ගේ පුහුවචනවලට කන් නොදි ඔබ කරගෙන යන දේ ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හෙළයා.

      Delete
  3. රාමවංශJune 22, 2012 at 2:42 PM

    මේ ජයරත්න උන්නැහේ
    මට පොඩි දෙයක් දැනගන්න ඕන.
    මම කලින් ලිපියක දැක්ක අර 9/11 ගේම් එකකත් රාවණ ගේ වැඩක් කියල
    ඊට පස්සේ කියල තිබ්බ ගඩාෆිට game එක දුන්න UN කුලී හමුදාවත් එව්වේ රවන කියල (සැයු : UN කුලී හමුදාව විමාන, එතකොට හෙලිකොප්පර ... :පී ආදියෙන් පැමිණ අහසින් ලිබියාවට පහර දෙද්දී ඔවුනට Operation field එකේ ඉදන් target ක්ලියර් කරලා දුන්නේ බාමියන් බුදු පිළිම විනාශ කරන ලද ALQUIDA එකේ හිටපු ඉදිරිපෙළ ලීඩර් කෙනෙක් )
    රාවණ, ගඩාෆිට ගැහුවේ 2009 මහින්ද මාම ලිබියාවට ගිහින් තම්බපන්නිය හම්බ කොලනියක් කරන්න අග්රීම්න්ට් ගහපු හින්දලු . එක නම් මම දන්නේ නෑ එත් හම්බකොලනියක් කෙසේවෙතත් කන්න නැතුව හිටපු තම්බපන්නිය හෙළ කොල්ලෝ ලක්ස 2 කට ජොබ් දීපු ගඩාෆිට අර බාමියන් බුදුපිළිම විනාස කරපු එව්වෝ ලව්වා බල්ලෙක් වගේ මරවල දැම්මේ රවන කියල මම දැක්ක

    ReplyDelete
    Replies
    1. එතනදී ජොබ් දීමෙන් වන සේවයට වඩා ලංකාපුරය මුස්ලීම් රටක් කිරීමට යාමෙන් වන විනාසය වැඩි නිසයි රාවන රජතුමා ඒ තීරනය ගත්තෙ.

      Delete
    2. එතකොට මක්කම

      Delete
  4. මීට රාමවංශJune 22, 2012 at 2:42 PM

    2009 ඉදන් 2011 වෙද්දී තම්බපන්නියට කෙලවන්න ගියා කියල ගඩාෆිට game එක දුන්න
    එතකොට
    බාමියන් බුදු පිළිම කපු උන් අවුරුදු 7-8 ක් යද්දී ඉවරය්
    එත් ජයරත උන්නැහේ ,
    අනුරපුරේ අර පිරමිඩ වලට මීටර් 500 ක් විතර දුරින් තියන ජයසිරි මහා බෝදිය ලග සිල් අරගෙන හිටපු අහිංසක හෙළ ඇත්තන් ව මරල දාපු
    අරන්තලාවේ බික්ක්ෂු ගාතන කරපු , දළදා මාලිගාවට බෝම්බ ගහපු වේලුපිල්ලේ පිරපාහරන් ව මරල දන්නා අවුරුදු 30 ක් ගියේ මොකද කියල නැද්ද ඔය වර්ගපුර්නිකව කියන DVD එකේ
    ඊට පස්සේ අර රාමට , රවනව ඉවර කරන්න සප්පොර්ට් එක දීපු විබිසණ වගේ සරත් ෆොන්සේකා මහත්තයව එහාපැත්තට යවල තම්බපන්නිය ඇතුලේ තවත් රාජ්ජයක් හදන game එක අයෙත් පණගහල ගන්න වැඩ සලස්වන්නේ ඇයි කියල නැද්ද ඔය වර්ගපුර්නිකව කියන DVD එකේ

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ) ........ :පී

    ReplyDelete
    Replies
    1. කොටින්ව පරද්දන්න කල් ගියේ අපගේ නායකයින් රාවණ රජතුමාව අවිශ්වාස කළ නිසයි. මතකද මෑතකදී මහින්ද මහතාගෙ අතේ තිබුණ මංජුසාව, ඒක රාවණ යන්ත්‍රයක්. ඒක ගත්ත දවසෙ ඉඳලයි රාවනා ඔහුට උදව් කළේ.

      රාමාගේ අවතාරයක් වන ප්‍රභාකරන් ගේ මායාවකට ෆොන්සේකා මහතා හසුවූ නිසයි එතුමා නොමග ගියේ. රාවණ ශක්තිය නිසා දැන් ආයිත් හරි මග ඇවිත්.

      Delete
    2. එතකොට ටිරාන් අලස් රාවණාගේ අත්මයක්ද

      Delete
  5. මොනවද සහෝදරයා ඇත්ත ?
    මවාගත්ත ලෝකයක අවිද්‍යාව තුල ඉඳීමද ඇත්ත ? මතු පරම්පරාවට තමන් ගැන මිත්‍යා පැතිරවීමද ඇත්ත ?
    ඔය කියන ජයරත්න භාවනාවෙන් ඕව දැනගත්ත කාරනය ඔබ පිළිගන්නවද ? නැතිනම් ආරියසේන අහුන්ගේ තවත් අනුගාමියෙක් ලෙස පිළිගන්නවද ?
    සහෝදරයා, මුලු ලෝකෙටම ශිෂ්ඨ බවක් ලබා දුන්න කියන අපි අද තිරිසනුන්ට වඩා තිරිසන් වෙලා කියන එක තේරෙන් නැද්ද ?
    නීතියක් නැති තැන ධර්මයක් තිබිය හැකිද ? ඔය කියන එකම එක දෙයක්වත් ඔප්පු කරල පෙන්වන්න පුලුවන්ද ? ඔය සේරම ආරියසේනගෙ මත බව තේරෙන්නෙ නැද්ද ? ආරියසේන, අරිසෙන් උනා වගේ, අපි සේරම අපේ අනන්‍යතාවය මිත්‍යාවට ලක්කල යුතුද ?
    සහෝදරයා, ඔබ පස් වෙනි සිල් පදය රකිනවද ? ඒ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. Anonymous One origJune 22, 2012 at 2:44 PM

      ඔයා කියන දේවල් ඔයාට තේරෙනවා නම් ඔයා ඇත්ත දකිනවා. ඔයා අද රටේ තත්වය ගැන කලකිරිල. ඒ ඇයි කියල දන්නවද? ඔයාගේ හිත ඇතුළේ අතීතය කැකෑරෙනවා. ඒ නිසා තමයි අද ගැන දුක් වෙන්නෙ.

      ඔයා අපි අපි ගානව. ඔය අපි කියන ඔක්කොම අපිද? ඔය රටේ ආණ්ඩුව අපේද? අපරාධ කරන්නේ අපිද? ඇයි ඔයා හැම බල්ලම සිංහල කියල හිතන් අපි අපි ගාන්නෙ. දෙමළු තම්බි අපිද? උන් කරන ජඩ වැඩ අපි කරන ඒවද? එතකොට සිංහලට වඩා ඉංග්‍රීසි හොඳයි කියන හැත්ත අපිද? සිංහලකම කියන එකවත් දන්න කී දෙනෙක් රටේ ඉන්නවද? ඒ වගේ පරගැතියන් කරන දේට අපේ අපේ කියන ඔබ ගැන ඔබ දුක්විය යුතුයි. තමන් මුලාවී ඉන්න තරම දන්නේ නෑ නේද?

      ඔබ දන්නවද තවමත් රට කරන්නේ ලෝකෙ ඉන්න ලොකුම අපරාධ කරපු ඉංග්‍රීසි ආණ්ඩුව කියල. ඔය ආණ්ඩුවේ හැම එකාම ඉංග්‍රීසිකම වඩා ගත් සිංහල විරෝධි වසලයන් බව ඔබ දන්නවද? ඔය වසලයෝ පැවතෙන්නේ මේ රටට රිංග ගත් මලයාලි හිඟන්නන්ගෙන් බව දන්නද? උන් සිංහල නම් අරගෙන සිංහල කිව්වට පේන්නෙ නැද්ද උන්ගෙ හිඟනකම. හිඟනකම බදා ගත් එකා හැසිරෙන්නෙ කොහොමද? තමන් සතු දේ විකුණගෙන කාලා අන්තිමට පාරට වැටෙනවා. අත පාල ජීවත් වෙනවා.ඉබා ගාතේ යනවා. එහෙම ඇවිල්ල අපේ දෙයින් හැදිල වැඩිල, අන්තිමට පරයෝ රට ආක්‍රමණය කරන කොට උන්ට දර දිය ඇද්ද. අන්තිමට සුද්ද පැනල ගියේ උන්ගේ වැසිකිලි වල ලැගපු මලයාලි රජ කරවල. 1948 ඉඳල අද වෙනකොට රටම හිඟන වෙලා. හිඟමනට වැටෙන එවුන්ට ජාතියක් ජන්මයක් හැදියාවක් නෑ. හිඟන්නො රජ වුනාම තියෙන වටින කියන ඔක්කොම විකුණල පාරට වැටෙන කම් ජොලි කරනවා. ඉගෙන ගන්නකො හිඟනකමේ ආදීනව. ඔය ඇස් ඉදිරිපිට තියෙන්නෙ හිඟන්නන්ගෙ කෙරුවාව. ඕකේ අන්තවාදියෝ තමයි ඔය කොමියුනිස්ම් කියන එක බදාගෙන ඉන්නෙ. අතේ පිච්චිය නැති හිඟන්නෝ, අමන හිඟන රැල කුලප්පු කරවල රජ සැප හිඟා කන්න බලන එවුනුත්, අපිද?

      මේ සුළු ඇත්ත නොදැන "ඇත්ත" ගැන කතා කරන ඔබටයි ඔබේම කතාව ගැලපෙන්නේ. ඒ අතින් ජයරත්න යමක් කියන්නෙ හදවතට එකඟව බව පෙනෙනවා. කතාවට නොරැවටෙන්න. ඊට පිටුපස ඔබ සිතනවාට වඩා ප්‍රබල ඇත්තක් තියෙනවා. උදාහරන විදියට මීට අවුරුදු හාරසියයකට කලින් කවුරු හරි මෝටර් රථ, ගුවන් යානා ගැන කියන කොට කතාව මොන වගේද? නොස්ට්‍රඩාමස් ගුවන් යානාවලට කිව්වේ යකඩ කුරුල්ලො කියල. ඒ වගේ වචන වලට රැවිටලා ඇත්ත නැත්ත පටලවා ගන්න එපා. ඔය කියන දේවල් හරියටම පැහැදිලිව කියල, ඊටත් වඩා ඉහලින් අනාගතයට ගැලපෙන විදියට කරල ඇත්ත බව පෙන්වන්න පුළුවන් කෙනෙක් මම. ඉතින් කල් එනකම් ඉන්න බලන්න. ඒ අතරේ තමන් වැටිල ඉන්න අඳුරෙන් එළියට ඇවිල්ල, ඇත්ත කියල බදාගෙන ඉන්න පට්ටපල් බොරු ටික හරියට දැනගන්න.

      Delete
  6. කොහෙන්ද යකුනේ තොපිට මේ තරම් කොටන්න වෙලාවක්. වෙන වැඩ නැද්ද උබලට. එකත් හොදියි. දිගටම ලියපන් රත්තරන් ජයේ........... බොට රාවණා පිහිටයි.

    ReplyDelete
  7. මම මේ විකාර නම් විශ්වාස කරන්නේ නෑ. මේ ලියන්නේත් දවස් ගාණක් මේ විකාර කියවලා ඇති වෙච්ච කේන්තියට. රාවණා කියන රජතුමා වගේම තවත් රජවරැ ලංකාවේ හිටියා. මේක ඊනියා රාවණා වාදයක් හැටියටයි පේන්නේ.මේ විකාර වලින් වෙන්නේ තරැණ තාක්ෂණ හිතකාමීන් රාවණා රජු කියන්නේ බේගල් කතාවලින් වටවු මිත්‍යාවක් කියලා අහක දාන එක.මේ කාලේ තරැණ ළමයි ආගම් පවා අහක දාලා විද්‍යාවට වැදුම් පිදුම් කරන කාලේ රාවණා කියන්නේ මහ කජ්ජක්ද?. මේක නම් අපරධයක්. රාවණා කියන්නේ මනු රාජ වංශයේ අග හිටපු, ඒ මනු රාජ වංශය බහින කලාවක් පෙන්වපු කාලේ පහළ වු තරමක් ප්‍රබල රජෙක්. ඔයාලා රාවණා රජුට වඩා ප්‍රබල රජෙක් කියලා කියන හිරණ්‍යක් කාශ්‍යප රජු ගැන මොනවත් දන්නැද්ද හැබෑට.
    අනික ඔය වරිග පුර්ණිකාව ලියවුනේ මහනුවර හරි ගම්පොළ හරි යුගයේ.ඒ යුගය වඩා කිට්ටු අපිට මිසක් රාවණා රජුට නොවේ. අනේ දුටුගැමුණු රජු ගැනත් මේ වගේ බේගල් ඇදබාන්න බැරිද.මහාවංශේ කතා නායකයානේ. චැප්ටර් ගාණක් වෙන් කරලා තියෙන්නේත් එයාටනේ.

    පිස්සු නැත්නම් හොඳයි. පිස්සු නම් එකත් හොඳයි කියලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන් කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  8. කියන්ඩ අමතක උනා නේ. පුළුවන් නම් මෙහෙම දෙයක් කරන්ඩ.ඔය කාණ්ඩෙම ගිහින් හොයන්ඩ ඔය දේවල් වලට සාක්ශි.අහවල් තැන තියෙ මේකේ මෙහෙම තියෙනවා කියලා. මේක තිබ්බා කියන්ඩ එපා. මේක විශයක් නෙවේ නේ.පාඨක අපට දෙන්න සාක්ෂි .අපි ඊට පස්සේ කතා කරන්නම්. වචන බිඳින්ඩ එපා. එහෙම නම් සමහර දෙමළ වචන තියෙනවා සිංහලෙන් ගත්තහම තිත්ත කුණුහරැප විදිහට ශබිද වෙන්නේ. ඒ මිනිස්සු ඒවා ගත්තේ අපෙන් ද.
    රාවණා රජඅට හදපු දේවාල තායිලන්තේ තියෙනවා ඉන්දුනීසියාවේ ගොඩාක් දුපත් කියන්නේ රාවණා කියලා රජ කෙනෙක් එහේ හිටියාලු. අනික දන්නවා ඇති නේ මයෝසීන යුගය වෙනකම්ම ලංකාව ඉන්දියාවේ කෑල්ලක් විදිහට තිබ්බේ.එහෙම බලද්දි හිතන්න පුළුවන් රාවණා රජු හිටියේ සුමාත්‍රා දුපතේ කියලා.

    ReplyDelete
  9. දෙවියනේ
    ඇත්තටම අපේ අභිමානය මෙයද ????

    ReplyDelete
  10. අනේ මි අයියේ ඔයාට පුලුවන්නම් රාවනා අන්කල්ගෙන් සයින් එකක් දාපු කොළ කැල්ලක් ගෙනත් දෙන්නකෝ ප්රේම් කොරල බිත්තියේ එල්ලගන්ඩ මට හරී ආසයි

    ReplyDelete

නුදුරු අදහස්