Tuesday, June 12, 2012

හෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය.


හෙළයින්ගේ ගුවන්යානා තාක්ෂණය
හෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය.

ඉසුරුමුනියේ ඇති තාරකා දොර‍ටුව™ නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල හෙලිකොප්ටර් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හෙලිකොප්ටර් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම හෙලිකොප්ටර් තිබුනේ හෙළයින් ටය.



හෙළිකොප්ටර් යනු හෙළ වදනක් වන "හෙළ-කොප්පරා" යන වදනෙන් බිඳුනකි. "හෙළ-කොප්පරා" යනු අතීතයේදී දේව හෙළයින් විසින් ගුවනින් කොප්පරා ප්‍රවාහණය සඳහා භාවිතා කළ විමානයයි.

සීගිරිය යනු එලෙස හෙළ කොප්පරා විමාන නැවැත්වූ පාදයකි. එනම් "හෙළ පාදය" කි. දඹ රනින් නිමවා තිබුණි. එය දු‍ටු පර සුද්දෙක් වන බෙල් එය එංගලන්තයට ‍රැගෙන ගොස් පරීක්ෂා කර "හෙළි පෑඩ්" සොයා ගත්තේය. එනම් "හෙලි පෑඩ්" යනුත් අපගේ හෙළ වදනක් වන "හෙළ පාදය" අනුව හදපු එකක් නිසා ලෝකයේ මුල්ම හෙළි පෑඩ් තිබුණේත් හෙලුවන්ට බව දැනගන්න.

හමුදා හෙළිකොප්ටර් වල රොකට් තිබෙයි. "රොකට්" යනුත් "රා™ ක‍ටු" නැමැති හෙළ වදනින් හැදුනකි. රාවනා රජතුමා විසින් සතුරන්ට පහර දීමට න්‍යෂ්ඨික අවි වර්ගයක් එම හෙළ කොප්පරා වල සවි කරන ලදී. ඒවා "රා™ ක‍ටු" නම් වේ. ඒ අනුව රොකට් තාක්ෂණයත් හෙළුවන්ගේමය.

වඩාත්ම වැදගත් දේනම් හෙළිකොප්ටර් වේවා හෙලි පෑඩ් වේවා රොකට් වේවා ඔය කිසිවක් සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි™ නොතිබීමය. එනිසා සෙල් ලිපි™ නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි. නමුත් ශ්‍රී ලංකාවේ හැම තැනම අපගේ හෙළ විමාන™ තාක්ෂණය ගැන සෙල් ලිපි තිබෙයි.


වර්ගපූර්ණිකාවේ™ ත් හෙළයින්ගේ හෙළ කොප්පරා විමාන ගැන වෙනම පරිච්ඡේදයක් දැක්වෙයි, බොරුනම් කියවල බලන්න.

8 comments:

  1. මට හැගුනු ඒ දරාගත නොහැකි ජාතික අභිමානය ආඩම්බරය නිසා මගේ ඔලුවත් රිදෙනවා බන් .. හහ් හහ්

    ReplyDelete
    Replies
    1. “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

      Delete
  2. මරු නිර්මාණ්‍යක්

    ReplyDelete
  3. මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.

    ReplyDelete
    Replies
    1. සුපුරුදු සිංහල වෙස් ගත් මලයාලියෙක්. අම්ම අප්පා ලංකාවට ආවේ හිඟාකන්නද? දළු කඩන්නද? දුම් කොල වවන්නද?

      අර මහාපචවංශෙ ලිව්ව මහානාම කියන ඉන්දියාවෙන් ආපු මලයාලියගේ පරපුරෙන් ආපු එකෙක් වගෙයි. කාලිංඟ මාඝ චුත කලේ චිකන්ද?

      Delete
  4. දෙවියනේ කියලා
    මට නම් මුකුත් හිතා ගන්න
    බෑ.....
    වෙලාවකට මේ පොස්ට් කියවලා ඇඩෙනවා.....
    කොමෙන්ට්ස් බලලා බඩ පැලෙනවා හිනා වෙලා....
    ඇත්තටම අපේ අභිමානය මෙයද ????

    ReplyDelete
  5. මුලින්ම මේවා පදවලා තියෙන්නෙ ඇදුම් නැතිව. ඒ නිසා මුල් කාලෙ මේක හෙලු + සහ කොට්ටෝරුවෙක් වගේ නිසා කොට්ටර් ලෙස එකතු වී හෙලිකොට්ටර් පසුව හෙලිකොප්ටර් වුණ බව පුස්කොල පොතක තිබූ බව මමත් අසා තියනවා.

    ReplyDelete

නුදුරු අදහස්