Monday, June 18, 2012

9/11 ප්‍රහාරයට සම්බන්ධ වුනේ රාවණ අධිරාජ්‍යයා ය.

ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 දින එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව විසින් අල් කයීඩාවටත්, වෙනත් පාර්ශවයන් විසින් ඇමරිකානු CIA සංවිධානයටත් චෝදනා එල්ල කරගන්නා බව පසුගිය දශකය පුරාම දක්නට ලැබුණි. නමුත් සත්‍යය එය නොවේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන තම අනන්‍යතාවය හෙළි කිරීමට අකැමැති භාවනායෝගී තාපසවරයෙක් විසින් දුරකථන ඇමතුමක් හරහා වර්ගපූර්ණිකාව බ්ලොගය වෙත පසුගියදා දැනුම්දුන්නේ එය මහා රාවන අධිරාජ්‍යයා විසින් එල්ල කරන ලද්දක් බවයි. 2012 අග භාගයේදී නැවතත් නින්දෙන් නැගිටින මහා රාවන අධිරාජ්‍යයා ඊට පෙර තම යුතුකම ඉ‍ටු කිරීමටලු එවැන්නක් කළේ.

තාපස තුමා මෙවැන්නක් පැවසුවා. "පුත තොප නොදන්නා බොහෝ දෑ මෑත කාලයේදී සිදුවී තිබෙනවා, රාවන අධිරජ්‍යයා දැන් ගොඩක් බලවත්, එතුමා දැන් ලෝක පාලනයට සූදානම්. ඒ සඳහා පෙරහුරුවක් ලෙස ලෝක බලවතාට පාඩමක් ඉගැන්වුවා....."

රාවන අධිරාජ්‍යයා විසින් එවැන්නක් කළේ ඇමරිකාව විසින් කොටි ත්‍රස්ත හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඇමරිකාවට සත්‍යය වටහා දීමටත්, ඇමරිකාව විසින් ලංකාපුරයට කරන ලද අපරාධයන්ට දඬුවමක් වශයෙනුත් ය. ඊට අමතරව ඇෆ්ගනිස්ථානයේ හම්බයින් විසින් බාමියන් ප්‍රතිමා විනාශ කිරීමේ වරදට දඬුවමක් වශයෙන් ඇෆ්ගනිස්ථානය දූවිලි බවට පත් කිරීමටත්, ලිබ්යාවේ ගධා‍ෆි විසින් ලංකාපුර රාජධානිය හම්බ කොළණියක් කිරීමට කතා කිරීමට නිසා ඊට දඬුවමක් වශයෙන් ගඩා‍ෆි මරා දමා ලිබ්යාව දූවිලි බවට පත් කිරීමත්, ඉරාකයේ හම්බයින් විසින් ලංකාවේ පල්ලි හැදීමට දෙන ලද ආධාර වලට දඬුවමක් වශයෙන් ඉරාකය සුන්නත්දූලි කිරීමටත්, ඇමරිකානු රජය පෙළඹවීමට, නිදි යහයේ තාමත් ජීවමානව සිටින රාවනා අධිරාජ්‍යයා වීස්න් තම ශවකාශපානවාසකය නැමති බලගතු මන්ත්‍රය ජීවන් කර කටයුතු කරන ලද්දේයැ.

තවද ජපානය වීස්න් කොටින්ට පක්ෂපාතී වීම නිසා ඊට සුලු දඬුවමක් වශයෙන් ජපානයේ ෆුකුෂිමා බලාගාරය විනාශ කර ජපානයට මරුවා පෙන්වන ලද්දේයැ, එනිසා රාවන අධිරාජ්‍යයාට විරුද්ධ වන්නන් මේ උදාහරණ වලින් ශ්‍රී රාවනා නාමය ඉදිරියේ දණ්ඩ නමස්කාර කර ජීවිත ගලවාගනු මැනවි. තවමත් පවතින හෙළ අසුරයින්ගේ ශක්තියත් 2012 අගදී නැගිටින රාවන අධිරාජයයාගේ පරමෝත්තම බලයත් දෑස් ඉදිරියේ වටහගනු කැමැත්තන් රාවන සෙන්පති හා එක් වන්න.

දැන් 9/11 ප්‍රහාරය රාවනාගේම ප්‍රහාරයක් බව ඔප්පු කරන්නේ කෙසේදැයි බලමු. පහත තිබෙන්නේ ශ්‍රී රාවනා රජතුමා යුධයේදී භාවිතා කරන මුහුණු මායාවයි. එයට කියන්නේ "රණමෘණභාසිතය" යන්නයි.


මහත් ආශ්චර්යයකි, බලන්න "රණමෘණභාසිතය" පහත රූපයේ WTC එකට ප්‍රහාරය එල්ල වෙන මොහොතේ ධූමයන් අතුරින් නැගී සිටින හැටි.


පහත රූපයේ දැක්වෙන්නේ ශ්‍රී රාවනා රජතුමාව චීන ජාතිකයින් දු‍ටු ආකාරයයි. බලන්න චීන්නුන් පවා අපගේ හෙළ අසුර අධිරාජ්‍යයාට ගෞරවයක් පිණිස නාට්‍ය රඟ දක්වන හැටි.


මහත් ආශ්චර්යයකි, බලන්න ඉහත චීන්නුන් රාවනා රජතුමා ලෙස හඳුනාගත් රූපය පහතින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අළු අතරින් නැගී සිටින හැටි. මෙමගින් කියන්නේ ඉදිරියේදී චීනය ලෝකයේ වෙළඳාමේ අධිපතිත්වය උසුළන බවයි, ඒ මෙතෙක් කාලයක් චීන්නුන් ශ්‍රී රාවනට දැක්වූ ගෞරවයට උපහාරයක් වශයෙනි.


පහත වීඩියෝවේ තවත් රාවන අවතාරයන් ඔබට දැකීමට හැකි වේවි. නමුත් හෙළ අසුරයින්ව අවතක්සේරු කළ ඇමරිකානුවන් ඊට රෙවලුශන් කොටස ඈඳා ගනිමින් විශාල කෙප්පයක් ගොතා ඇත. ඊට මුළු ඇමරිකාවටම ශ්‍රී රාවනාගෙන් නුදුරදීම දඬුවම් ලැබේවි.




මුල්ලේරියාවෙන් මෑතකදී හමුවූ ඉහත දැක්වෙන සෙල් ලිපියේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් දැක්වුන වගන්තියේ හෙළ නිරුක්තිය මෙසේය.
"රාඅධි විශ්‍ය විසෙක්වැ ශක් ආ ඇරිකා මාහෝ වින්ෂ්‍ය කකමැ ශ ශ ප"
එනම්,
"රාවන අධිරාජ්‍යයා විසින් විසි එක් වන සියවස ආරම්භයේදීම ඇමරිකාවට මහා විනාශයක් කරනනව කරනවාමයි"
මේවා ඇස් පනාපිටම දකිද්දී මවිල් කෙලින් වෙන්නේ නැද්ද?

රාවණවේදයේ මේ ගැන විස්තරාත්මකව තිබුන අතර බමුනන් විසින් රාවණවේදය ගිණි තැබීම නිසා ඒවා අපට සොයා ගැනීමට නොහැකි වී ඇත. නමුත් ඒ අනුව මෙයට රාවන රජතුම සම්බන්ධ බව ඒකාන්තයි.

වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි පුස්කොලපොතේ අනු ග්‍රන්ථයක් වන සුබෝධිපුරාණයේ තුන් වන පරිච්ඡේදය මෙලෙස දැක්වෙයි.
"රාවන ලංකේෂ්වර නරප්‍රත්‍ය මෙයැ ගොස් ඇමරිකා තෙද අග්නි ගංගා ගලා විමානක වශ්‍ය පා ධූලිපා වනුපා මෑ ඊ කවශලනට වශයෙනැ ගොසැ බැසැ මසැ යකුසැකපැනැ"
එහි අදහස වන්නේත් රාවන රජතුමා ඇමරිකාවේ මහා විනාශයක් කරන බවයි. නමුත් වර්ගපූර්ණිකාවත් බමුණන් විසින් ගිණි තබා ඇති නිසා අපට ඒවායේ පිටපත් දැක්වීමට නොහැකියි.

රාවන රජතුමා විසින් එවැනි ප්‍රහාරයක් එල්ල නොකරන බවට කිසිදු සෙල් ලිපියක දැක්වෙන්නේ නැත. ඒ අනුව කිසිවෙකුට මාගේ තර්කයන් බොරුවක් බව කීමට නොහැකියි. එසේ යමෙක් කියනවනම් ඔහු ගාව ඇති සෙල් ලිපිත් ‍රැගෙන පැමිණෙන්න. ඕනැම වාදයකට හෙළගවේශකයින් සූදානම්.

"යම් දිනෙක හෙළුවන් විසින් ලොවම මවිතයට පත් කරමින් ලෝකයේ බලවතාටත් කම්මුල් පහර ගසන බව අරිසෙන් අහුබුදු ශූරීන් මීට දසක කීපයකට පෙරදී (1972) පවසද්දී එවකට පාසල් ශිෂ්‍යයෙක්ව සිටි මා ඊට සිනාසුනෙමි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

33 comments:

  1. විමසා බැලිය යුතු ලිපියක් ...
    බොහොම ඉස්තුතියි අවදානයට යොමු කලාට ..

    ReplyDelete
  2. {.....තාපස තුමා මෙවැන්නක් පැවසුවා. "පුත තොප නොදන්නා බොහෝ දෑ මෑත කාලයේදී සිදුවී තිබෙනවා, රාවන අධිරජ්‍යයා දැන් ගොඩක් බලවත්, එතුමා දැන් ලෝක පාලනයට සූදානම්. ඒ සඳහා පෙරහුරුවක් ලෙස ලෝක බලවතාට පාඩමක් ඉගැන්වුවා....."}

    - මේ කාලෙ වුන දේවල් සම්බන්ධව මම පෞද්ගලිකවම දන්නවා. තමන් කියන දේවල් වල ඇත්ත තියෙනවා. මේව ගැන සම්බන්ධ/දන්න සිංහල කෙනෙක් ඉන්නවා. ඔබ හරියටම සිංහල අයගෙන් දැන ගත්ත නම් සැබෑ නම වගේ දේවලුත් දැන ගන්න තිබ්බා. ඒ ගැන අනාවැකිත් තියෙනවා. අද මිනිසුන් පරගැති වෙලා සිංහලකම නැති කරගෙන. ඒ නිසා ඇත්ත දකින්නෙ නෑ. ඔය රාවණ දෙයියෝ කියන්නෙ රැස් එන දෙයියෝ කියන එකට. හුඟක් ඉස්සර හිරු දෙවියෝ කිව්ව. පසුව මෝඩයන් සූර්යයාට වඳින්න ගත්තෙත් එම නමම නිසා. කලින් කලට මිනිසෙක් වෙන කෙනෙක්. කලින් සැරේ මනු කියලා ඇවිල්ල දැනුම දුන්නා. මේ සැරේ එන දවස වේලාව තැන කියල තිබුනත් ගොඩක් අයට තේරුම් ගන්න බෑ. සුළු දෙනෙක් කියපු වෙලාවට අවුරුද්දකට කලින් ගිහින් අනාගත්තා. ගොඩක් අය සිංහල අවුරුද්ද පටන් ගන්නේ අප්‍රේල් මැද බව අමතක කරලා. ඒකයි වැරදුනේ. සිංහල ජාතියේ මුල මාතර. ඒ පැත්තට ගියා නම් තොරතුරු තියෙනවා.

    ඔබ කියන කෙනා ප්‍රබල, ලෝකයේ අද උඩම ඉන්න මනුෂ්‍යයෙක්. නින්දෙන් ඇහැරෙන කතාව ව්‍යයංගයක්. තමන් කවුද කියල හරි වෙලාව එනකම් වසං කරල කියන එකයි ඔය කියන්නේ. ඔබේ අනාවැකියත් හරි.

    ආතර් ගැන කියපු කතාව ඇත්තද? ඉංග්‍රීසීන් කියන්නෙ සිංහල රටෙන් යන්න වුනු තේමියගෙන් පැවතෙ ජාතියක්. ඉංග්ලිස් කියන වචනයත් ඇත්තටම සිංහල කියන වචනයමයි. ඔබේ කතාව වටිනා දෙයක් කියනවා. සිංහල භාෂාව හිරු (රැස් එන රා (ray) එන) දෙවියන්ගෙ. අද තියෙන්නෙ සුළු කොටසක් විතරයි.

    හිරු දෙවියන් එන කතාවත් හරි. එතකොට සැබෑ කෙනා දැනගන්න පුළුවන්. මෙච්චර තොරතුරු තිබිලත් අඳබාලයන් වගෙ අපේ මිනිසුන් හැසිරෙන කොට අප වැටිල ඉන්න තැනත් කියනවා.

    තාක්ෂණය ගැන කියන කොට අද තියෙන එක ගල්යුගේට දාන්න වෙනවා. ඒ තාක්ෂණය දරාගෙන භාවිතා කරන්න පුළුවන් අය නැති නිසයි කවුරුවත් නොදන්නේ. අර කෙනා තාක්ෂණෙන් පරතෙරට ගියපු කෙනෙක්. එයා ඕවා හරියටම කරන හැටි දන්නවා.

    මේ වගෙ අඩවි තමන් දන්න දේ ලිවීමෙන් යහපතක් සිදු කරනවා. වගකීමෙන් හා ගරුසරුව කියන දේ කියන්න. එවැනි නායකයන් නින්දාව අපහාස ඉවසන්නෙ නෑ. ඇමෙරිකාව අද කොන්ද නැති ජාතියක් වෙන්න එක ප්‍රබල සිද්ධියක් වුනා. අදත් ආදි සිංහල දැනුමෙන් බිඳක් තමයි මේ කාලෙ කරන හැම දේකම මුල. තමන් කවුද කියල දැන ගන්න කැමතියි. මම කවුද කියල අනාවැකි කාරයෙක් විදියට යමක් කියනවද? මමත් ආදි සිංහලයන් ගැන සොයන කෙනෙක්. ඔබ කරන වැඩේ අගය කරමි.

    ReplyDelete
  3. මීමන මහත්තයෝ පට්ටයි හොදේ,මට හිතෙන විදියට ඔය හිට්ලර් ලොක්කත් අපේ හෙළුවන්ගේන් මොනව හරි හොරා අරන් තමයි ඔච්චර තෑනකට ආවේ ඒත් වෑඩේ මාට්ටු වුනයින් පස්සේ එක මන්තරෙන් වෑඩේ කෙල වුනා,
    ඔබ තුමා ඒ ගෑනත් ගවේශනය කොරලා දෑම්මනම් නරකද,ඇයි අයින්ස්ටයින් කියන්නේ මෙහෙන් පුස්කොල පොත් වගයක් හොරා ගෙනියපු ඩයල් එකක් ලු නේද???
    දිගටම ලියපන් ජයවේවා....!!!

    ReplyDelete
    Replies
    1. හිට්ලර් ගැන මතක් කරපු එක හොඳයි, මේ ලිපියක් ලියන ගමන්, තව ටිකකින් දාන්න පුළුවන්. ඔහු සොරෙක් නෙමෙයි හෙළයෙක්.
      ඔව් අයින්ස්ටයින් යනු නම් පුස්කොළපොත් හොරෙක්, ඒ බව මහ දුරු නලින් සිල්වා මහතා මීට කළකට පෙර මැවැනිම ශ්‍රේෂ්ට බ්ලොග් එකක් වන කාලය බ්ලොග් එකෙන් හෙළි කළා නොවැ.

      Delete
  4. මේ මචන් උඹේ ෆෝන් එකට CLI තියනවා නේද? අර තාපසතුමා කථා කරපු ෆෝන් නම්බර් එක දීපන්කෝ. මට පොඩි රහසක් තියනවා රාවණ රජතුමාට කියන්න. ඔන්න උඹ එහෙම රහස මගෙන් අහනව එහෙම නෙමේ....

    ReplyDelete
    Replies
    1. එතුමාට දුරකථන අංකයක් නොමැති අතර එතුමා මාර්ග තෙලබනු පෙට්ටියකින් (රෝඩ් ටෙලිෆෝන් බොක්ස්) කතා කළේ, එතුමාට මගේ අංකය එක දී ඇත්තේ එතුමා ගාව බවුන් වඩන මාගේ මිතුරෙක්. ඔබට එතුමාව හමුවීමට හැකිදැයි ඊළඟ පාර එතුමා කතා කළ විට විමසා බලන්නම්.

      Delete
    2. 7.00 ට විතර අපේ හන්දියට වරෙන්. තෙල දාන පුළුවන් මාර්ග තියන පෙට්ටි ගොඩක් ඉන්නවා.

      Delete
  5. අම්මටඋඩු පිස්සුකොර. යකෝ මුලු ලෝකෙම හොල්ලපු දූපතක්නේ මේක.දැන් මේ ලෝකේ බලවත් රාජ්‍ය අපේ රට ගැන අහලවත් නොතිබ්බට බලහල්ලකෝ අයින්ස්ටයින්ලත් අපෙන්ලුනෙ හොරකම් කරල තියෙන්නෙ. අඩෙ නිවටන් කාරයත් ලංකාවේ බීච් එකක පොල් ගහක් යට ඉන්නකොට පොල් ගෙටියක් ඔලුවට වැටිලා වෙන්න ඇති අර ගුරුත්වාකර්ශනේ කියන කෙන්ගෙඩිය හොයාගත්තෙ. ඌට කලින් අපේ රාවණා රජ්ජුරුවෝ ඒක හොයාගෙන පුස්කොල පොතේ ලියල තියෙන්නත් ඇති. නැත්තන් කොහෙද රාවණා තෙල් ගහන් දඩුමොනරෙ ගියෙ. මචං උබෙ තාපස කාරයා සිරා ඩයල් එකක්. ඌ කොහෙන් උනත් නොම්මරේ හොයාගෙන කෝල් කරල තියෙන්නෙ ඌ වගේම මානසිකත්වයක් තියෙන කෙනෙකුට. ඒ වගේ තාපසයො අද ලංකාවට සම්පතක්. මම නම් කියන්නෙ එයාලව කැලෑවෙන් එලියට ගෙන්නලා කොලඹ පදින්චි කරලා එයාලගෙ සේවය ජනතාවට ලබාදෙන්න ඕනෙ.

    ReplyDelete
  6. මෙව්වා දැක්කම ඇමරිකන්කාරයට බඩ යනවට සැක නැහැ.:D:D:D

    ReplyDelete
    Replies
    1. අප හෙළය UNO හි නිශේධ බලය ඇති රටක් වූ විට පර සුද්දන්ට 2017 දී සුළු දිය පහ වේවි. මේක බලන්න
      http://vargapurnikava.blogspot.com/2012/06/2016.html

      Delete
  7. machan google image search eken oya ceennu rawana kiyala kiyana pic eka mama drop karala baluwa.
    ubalath balapan ko. karanna thiyenne google image search ekata oya pic ekadrop karala balana eka witharai. mata awe
    Best guess for this image: incubus demon kiyala ekak.
    https://www.google.com/search?tbs=sbi:AMhZZiuktCUYyFF5zvZsNdqHSWbhGC7XFc3stq4u9S6GOxURaAh20lGFrepzXq77itMUcp70apHOpdJ4wUPXyCTU1RDz1_1Ph4qvZ8Jl0DIK1tTLfH41VRXtJodVTbpO2K-DdngPDjJOG_16FarSHemjJy3W6OznZafkwHCOISYozZN9pcBuIy2HTKlw5dmAG2wHBZUVgpulmLoO9zqr8WApz3qQfTrKlNq7fh0t9aF0yGhqjTEdZTHEtftSfACtUXwVrEKiIH5IuVn05ZMQvsOJAweiWBSEJDoubvLYkdVZ1J_1Gbzy6iCUsHB5icTX5qv2k2VO78WbXfKFWCH87lwq6FMp9p6BD5liEpnGL6kJyXMw0BDkpaGxhi9IKAi7KkORKLYSCTb3Pz1O174Wnrps6VZoJ7BtQp7s6IZbGZ0YyRzGgfZNIDMmoz8jcLvc0ITV2NGz9-i65N1r-Bw0ryGRLXV8dcX2B_1GuFc5AQRoPpbwkFfMZ53s5zPBOrfaQmwVSezGFSS6J0iVSAAvdGA71cdZNcYZ_1WlhPnIadu1UMZuCbuQD_1-RmzFZC4d7oM4S9vrod4NLcfqYHHhDKAr7LvvL9ziJmMBVeGSdbfsNJb87VFjPHrmkrwIKWmLEVxlG5HGtoMnXj9SciaIBOFsSVXKlrVExFs3X-NZ7lzUEwjqmBdPt3DSBS9xXCL3-F-OEc2irIRchNyBkhv3UBjlA3MSj9MKVqo8xT0w0FqJngkCg99Keyx8Sd60wI9E2P97UF9Yr_1QBhxHRZe-1ZiQg5_1jScPRWSzZBSVafyRawrmWH_1t60MR5qVlVPANXCc6soF8vfBybgOn5rbR-0u_1NFq7eo-dTE5rHDK5kEHngZGwvFfvHN9VrVbPB6UjFsmMsg5uOR3VmwxKpq-I52esbnSM1uFDsoK0iVWl11nuy1L3gjM_17RNr5AdH57O_194mYpsjPoWHA7l8E5C3MoePpESuBno4nYTdzC2J-RGQNkTiTnuDkbpCpZ1PPk2kUQsrOkP06ANUn0WYTsIg5ctgObiOtycnam3uC1_19rCVy93ncjWy0Digl3v-bYxKvlxmKbItUhFNd4TZdns5RvDmPu8esls0KOILDzwRO5UIgM-A8CtoG02zoAlT3Yhg1LtYa7jC7akGxVM0l0fch8EmTUl7FvX6vAaWgYdT9P6-eMpt8wIb7lgqlu1dE2tNIICBlF4AwfsvmIM2rznst5czpTG_16D-kYte-jj7QTdtMcjtHBFfSxLMQyWFVvRNuq4aim8G4xB2sQqF2-sYfxPVwlsN3tPTjRkFnmdwMkjvM-t38JUEN2Iq9aj5zuEa1KhX7ZYQLklk3a0WguolfoJ&num=10&hl=en&bih=632&biw=1280

    ReplyDelete
  8. අඩේ..පට්ට නෝන්ඩිය
    අර මෝල් වෙච්ච හරක් ටිකක් දැන් රාවනා උන්ගේ අපුච්චාය කියගන්නවනෙ
    උන්ට නම් මේක කියෝනකොට බඩ යනව ඇති තරහටම

    ReplyDelete
  9. "2012 අග භාගයේදී නැවතත් නින්දෙන් නැගිටින මහා රාවන අධිරාජ්‍යයා ඊට පෙර තම යුතුකම ඉ‍ටු කිරීමටලු එවැන්නක් කළේ."
    ඒ නිසා අපිට ගොඩක් වටින බාමියන් බුදුපිලිම නැති උනා..,ඒක එහෙම නොවෙන්න වගබලා ගන්න බැරි උනාද.?
    මට එක ප්‍රශ්නයක් තියනව....
    ඇයි අපිට වෙන අසාධාරන වලට පලිගැනීමක් විදියට මිනිස් සංහාරය යොදා ගන්නෙ...රාවනා සිරිත "බුදු දහම" පිලිගන්නව නම් ඇයි "වෛරයෙන් වෛරය සංසිඳුව ගන්නෙ..."
    පැහැදිලි පිලිතුරක් පතනව....

    ReplyDelete
  10. ඔය පොත් ඔක්කොම පුච්චපු බමුණෝ ටික අල්ලගෙන පුකේ අරින්න ඔනේ මීවන මහත්තයෝ, සිරාවටම. hik හික් - ඇනියා

    ReplyDelete
  11. විමසා බැලිය යුත්තකි...
    නමුත් රාවනා යනු බුදුන් සරණ ගිය අයෙකු නම් මනුෂ්‍ය සංහාරයේ යෙදෙයිද????

    ReplyDelete
    Replies
    1. budun pahala une rawana yuayata pasuwane, ahala thiyana vidihata kashyapa budunge dharmaya thibunalu ekale. kohoma unath rawanawath ehage adhi rajjayath pirihunane.

      Delete
  12. thopita blog wala liyanna lagga nadda dako paththareta akaparama

    ReplyDelete
  13. yako aee kaale america nak kohomada sel lipiwalata awe ..boru kiyanna aepa..

    ReplyDelete
  14. මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.

    ReplyDelete
  15. Anonymous One orig- මහතාගේ විවරණය ඉතා අගනේය . එතුමා වැනි හෙළ බුද්ධිමතුන් ඉදිරියේදී රාවණාට සහාය දෙනු ඇත

    ReplyDelete
  16. අචාර්ය ජයරත්නයෙනි ,
    තව එක පුරස්නයක් ඇත. ඔබ තුමා සහ මෙම රාවන ෆිනොමිනය ගැන ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් තැන්පත් හිලරි නම් කාන්තා සුනඛ රත්නය විසින් හෙළ රටේ ඇමෙරිකා තානාපති (එවකට) පැට්‍රිෂියා බුටෙනිස් නමැත්තිය හට සොයා බලන ලෙස 2009 පමණ කාලයේ සිටම උපදෙස් දී ඇතැය් සිහිනෙන් අසීමි. තවද ජුලියන් අසන්ජ් නම් වීර හෙළයා විසින් ( ඔව් ඔහු ඕස්ට්‍රේලියානු පර සුද්දෙක් නොවේ ) හෙළිදරව් කරන ලද විකිලීක්ස් ගොනුවේ මේ පළිබඳ විශාල කේබල් ප්‍රමාණයක් ඇතත් එය්හිකවාදී බටහිර මාද්‍ය මෙන්ම කලම්බු ටෙලිග්‍රාෆ් වැනි ලංකික වෙබ් අඩවිද තම මතිමතාන්තර මෙමගින් සුනුවිසුනු වන නිසා හෙළිදරව් නොකරන බව සැලය. හැකිනම් ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ හෙළුව පෙන්නීමට මෙම කේබල් අප හමුවට ගෙන එන්නේ නම් කෘතඥ වෙමු

    ReplyDelete
  17. බලාගෙන යනකොට රාවණා කියන්නෙ හෙන අපරාධකාරයෙක්නෙ.

    ReplyDelete
  18. මේ ලිපියෙනම් පොඩි අවුලක් තියනව වගේ

    ReplyDelete
  19. oya rawana rajathumath ekka katha karala thiyenawa mata me welawe prashna godak thiyena

    ReplyDelete
  20. Ane ithin pawne amerikawath, oya gahuwa madai

    ReplyDelete
  21. තව ටිකක් ඇත්ත වගෙ ලියනවනම් මරු . ඒ වගේම සමාජ යතාර්තය ගැන විග්‍රහයක් මේක අස්සෙම හීනියට වගේ ගියානම් මේ මහන්සියට මීට වඩා අගයක් ලැබෙනවා.

    ReplyDelete
  22. මම හිතුවෙ මේක බින් මහත්තයගෙ වැඩක් කියල, මේකත් අපේ රාවණා නරෝත්ත්මයගෙ වැඩක් ද?අඩේඅප්පා FBI එකයි CIA එකයි මේ සීන් එක දන්නෙ නැතුවද අප්පා අර බින් මහත්තයට වට කොරල නෙලුවේ.. අසාධාරණයි මගෙ දෙයියො... බැලුවම බින් අහිංසකයෙක්නෙ... ඇඬෙනව අප්පා මට ඇස් මේ තාම කඳුළු බේරෙනව... ;(

    ReplyDelete
  23. ihathin dakwa athe sel lepeya mulleriyawe kohodeda hamu wee atthe saha dan eya koheda thibenne

    ReplyDelete
  24. machan mehema lipi pala karana eka hondai...mamath rawana gana hoyana kenek.mama nuwara eliye mahakudugala wage than wala nawathila research kara.mirendo sir wath munagahuna...namuth rawana rajathuma gana mehema boru dala rawana rajathumatath ape helayantath apahasa karanna epa machanla......

    ReplyDelete
  25. මේ සෙල්ලිපියෙ තියෙන්නෙ නම් ඔය කියපුවා නෙමෙයි වගේ. ඊටත් ඒක සෙල්ලිපි කොටස් දෙකක් අල්ලලා පෙන්වලා තියෙන්නෙ. අනික ඒ සෙල්ලිපිය විශ්වාසයෙන් ම ක්‍රි.ව 4-5 කාලෙ විය යුතු යි.
    මට හිතුනේ නිකං තෝර් චිත්‍රපටියෙ පෙළ තියෙව්ව වගේ.

    ReplyDelete
  26. මෙහෙමත් බොරු කියනව ද? 
    මේ සෙල්ලිපිය ත්‍රි.ව 4-5 කාලේ එකක්. ඊට මෙහා මිස ඈත වෙන්න බැහැ. ඊටත් ඒක ලකුණු කර තියෙන්නේ කොලම් දෙකක් එක පේලියට අරගෙන.
    මරුම වැඩේ හෑන් පෝන් නැති යොගියෙක් මේ බ්ලොග් 1 දැක්ක එක යි.
    පිටපත් නැති පොත් වලින් කරුණු ගත්තේ කොහොම ද? මට නම් පිටපත් තිබුනත් වරිගපූර්ණිකාවත් ගැටලුවක්.

    ReplyDelete

නුදුරු අදහස්