Monday, June 25, 2012

ඉපැරණි හෙළ මයික්‍රො චිප් 4ක් අනුරාධපුරයෙන් හමු වෙයි.

පහත දැක්වෙන්නේ වර්ගපූර්ණිකාව බ්ලොගයේ සහෘදයෙක් "රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි" නමැති ලිපියට දක්වා තිබූ අදහසකි. එම අදහසේ ඇති සිද්ධිමය වටිනාකම නිසා ලිපියක් ලෙසම පළ කරමි.

මම ජයරත්න මහත්මය ගේ පෝස්ට් ඔක්කොම කියෙව්ව. සමහර දේවල් ඇත්ත වුනත් සමහර දේවල් වලදි ඔබ ගොඩාක් අන්තගාමී වෙලා තියනව.

මට කියන්න ගොඩක් දිග කතාවක් තියනව, එකෙ බොහොම සුලු කොටස් කිපයක් මෙහෙම මම කියන්නම්. මම ඉපදුනේ අනුරධපුරයේ. අනුරාධපුර කෞතුකාගාරය පිහිටල තියෙන්නෙ මගෙ සීයා දුන්නු ඉඩමක. ඒකට කෙලෙහි ගුන සැලකීමක් විදිහට එවකට හිටපු සහකාර පුරා විද්ද්‍යා කොමසාරිස් තුමා දුන්නා එක කැනීමකින් හමුවුනු තිරිවනා විශේශයකට අයිති රවුම් දිගැටි පාශාන කිහිපයක්. එතරම් පුරාවිද්යාත්මක වටිනකමක් මෙ පශාන කිහිපයට හිමිඋනේ නෑ. එවා යම් ආභරනයක හෝ එහෙම නැත්නම් යම් ප්‍රතිමාවක පාදමට අලංකරනය හා සවිශක්තිය ට යෙදු කොටස් කියල තම අනුමාන කරල තිබ්බෙ.

ඊට පස්සෙ මෙහෙම සිද්දි ටිකක් වෙනව. බෙල්ජියම් ජාතික සංචාරකයො කංඩායමක් ඇවිත් අර ගල් කිහිපය සල්ලි වලට ඉල්ලනව, එත් සීය එව සැලකුවෙ සීයට ලැබුනු සම්මන විදිහට. ඉතින් එව වික්කෙ නැ. අන්තිමට එක ගලකට ඩොලර් මිලියන කාල බැගින් දෙන්නම් කිව්ව. ඊට සති 2කට පස්සෙ සීය හදිසියේ ම නැති උනා. මට අහඹු ලෙස Harvard College එකෙන් අර්ධ ශිශ්‍යත්වයක් ලැබුන. වෙන කරන්න දෙයක් නැති නිසා තාත්ත ගල් 2ක් වික්ක මට අවශ්‍ය සල්ලි දෙන්න. තව ගල් 2ක් තිබ්බ අපිගාව. යම් යම් අනපේක්ශිත ප්‍රශ්න වගයක් එකපිට එක අපු නිසා මගෙ මුලු පවුලටම USA එන්නවුනා. එත් අපි ට යම් යම් ප්‍රශ්න වුනා එහෙදිත්. වැඩි විස්තර කියන්න ඔන නෑ. අවභෝදයක් තියන අයට තේරෙයි වෙච්ච දේ.

මම අනෙක් පාශාන 2ක ගැන පරීක්ශන කලා. ඒ පශාන අතිශය දියුනු නිශ්පාදනයක්. එවගේ දෙපැත්තෙ තියන සිදුරු වලින් ලේසර් ධාරාවක් යවපුවහම, අවකශයේ ඉතා නොපැහිදිලි සියුම් ඉරක් වගේ දෙයක් ඇ‍ඳෙනවා. මම එවා පෙන්නුව prof. Carlo Sirtori ට. ඔහු මාව Bell Laboratories වලට සම්භන්දකලා. මම එකෙ වැඩ කරා 1995 වෙනකම්. එහෙදි අපි හොයගත්ත Quantum cascade lasers (QCL) කියන ලේසරයට සහ VCSL (actually VCSL 1140nm) කියන ලේසරයට මෙම උපකරනය ප්‍රතිචාර දක්වනව කියල. මේක අපි දැනට භාවිත කරන ඉලෙක්ට්‍රෝන හුවමරුවෙන් වැඩ කරන මයික්‍රො චිප් එකකට වඩා දියුනු ආලෝකය මගින් දත්ත ප්‍රොසෙස් කරන චිප් එකක්. එත් දු‍ටුගැමුනු යුගයෙදි මෙමෙ චිපයන් ඇතුලති සිදුරුකරල යම් මාලයක් හෝ එවැනි දෙයක් හදල. එවගෙ තිබ්බ අති සංකීර්න ව්‍යුහය සැලකියයුතු තරමකට විනශ වෙලා.

හැබයි සංචාර්කයින් ලෙස තම ඒජන්තයින් එවා බෙල්ජියම් රාජකීය පවුල විසින් මිලදිගත් මුල් ම පශාන යුගලය ඉතා හොඳ තත්වයෙන් තිබුනා. ඉතින් අනගතයේ දී මෙම පැරනි නිර්මන නව නිර්මාන ලෙස බෙල්ජියම් Ghent University හෝ තොරතුරු තාක්ශන අයතනය විසින් හඳුන්වා දුනහොත් එය පුදුමයක් නොවනු ඇත.

මේ කතවෙ ඉතුරු ටික කෙටියෙන් කියන්න බැරි නිසා රාවනා ගැන පර්යෙශන කරන අයට උපකාරයක් ලෙස මෙහෙම සඳහන් කරන්නම්.

1. ලෝකයේ ඇති සියලුම පිරමිඩ යා කිරීම ට පහසුම මධ්‍යලක්ශය වනුයේ ලංකාවයි - සමනල කන්ද සියලුම දත්ත අප්ලෝඩ් කිරීමේ හබ් එකක්

2. ලොකයේ අඩුම ගුරුත්ව ඝනත්වය ඇත්තේ ලංකාව හා එහි දක්ශින මුහුදු තීරයට පහලින් ප්‍රදෙශයයි- ඳඬුමොනරය ක්‍රිය කරන්නේ ප්‍රති පදාර්ත එන්ජින් තාක්ශනය උපයොගිත්වයෙනි, එම මුහුදුපතුලේ අවශෙශ ඇන්ජින් කොටස් තවමත් ඇත.



3. සෙනසුරු ග්‍රහයා ගේ උත්තරධ්‍රැවයේ ඇති අතිශය සමමිතික ශඩස්‍රාකාර හැඩය කුමක්ද? එය නිර්මානය වි ඇත්තේ සුලන් වලින් තැනුනු කිලෝ මීටර් දහස් ගනනක් උස බිත්ති වලිනි. එය එතුලත පෘතුවිය මෙන් කිහිප ගුනයක් ඉඩ ඇත. - මම එය හඳුන් වන්නේ රාවනාකුන්ඩ ලෙස, නමුත් වඩා සුදුසු සිංහල නමක් යොජන කරන්න.

4. මේ දැනුම පසුපස ලුහුබඳින ප්‍රධාන බලවේග දෙකකි. අපි පොදුවේ බටහිර බලවෙග යැයි පවසන "ඉලුමිනාටින්" සහ ‍"ෆ්‍රී මේසන්" වරුන්. යුරෝපයේ සියලුම රජපවුල් ඉලුමිනාටින් වේ. බ්ලැවැට්ස්කි මැතිනිය බිහිකල තියෝසො‍ෆිකල් සාමජයේ මූලික අරමුන වූයේ මෙම දැනුම යුරොපයට export කිරීමයි.

5. ජෝ(ර්)ජ් බුශ් දක්වා US ජනදිපති වරුන් රාවනා බැතිමතුන් බව දන්නවාද? මෙය නොදන්නා සමහර බටහිර මාධ්‍ය එය යක්ශ වන්දනවක් ලෙස හුවදක්වයි.



6.උනන්දුවක් දක්වන සැලකියයුතු පිරිසක් වෙතොත් වැඩිදුර කරුනු, පින්තූර විශ්ලෙශන පලකරන්නෙමි.

37 comments:

  1. බොහොම වටිනා ලිපියක්. මෙන්න ලිපි. ජයරත්න මහතාණනි ශුභාශිංසන පිළිගන්න. අන්තිමේ ඔබ ඔබෙන් ආ වටිනාම ලියවිල්ල ලිව්වා. මේ විදියට ඉදිරියේදීත් ලියන්න. හිනාවෙන අයට විශ්වාසය වැඩෙන්න. මේ බ්ලොගේට ආවේ ෆේස් බුකියෙන්. මාරයා අයියාගේ පොස්ට් එකකින්. ඒ වෙද්දී මට මේ රාවණා කතා එපා වුනත් මේ වෙද්දී මම ඒ ගැන සතුටු වෙනවා.

    ෴ ශ්‍රී රාවණා සිද්ධම්.෴

    ReplyDelete
    Replies
    1. මේ ලිපියනම් මගේ නෙමෙයි, මෙහි සහෘදයෙක්ගේ, එතුමාට ඔබගේ ස්තුතිය යොමු වේවා.

      Delete
  2. අලි මදිවට හරක් කිව්වලු
    මෙන්න බොලේ තව චිප් 4
    කෝඩ් කොර වෙන්න ඇති

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. හැම විටම ඔබගේ පෙළපත පළ කිරීම හරි නෑ නේද?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  3. දැන්නං හොදටම අවුල් වෙලා ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. රාවණාවිරෝධීන්ට ද?

      Delete
  4. මම ප්‍රතිවාදී පිලේ අනුගාමිකයෙක් වුනත් කියන්න කැමතියි, රාවණ පරපුරේ එවුන් ගල් විකුණන්නේ නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. මහත්මයා මගේ තාත්ත මෙ ගල් විකුනන කොට ඒවා මොනවද කියල අපි කෞරුත් දැනගෙන උන්නෙ නෑ. කොහොමත් අපේ පුරවස්තු විකුනන එක බොහොම නිහීන ක්‍රියවක් කියල මම තේරුම් ගන්න කොට අපි අපහු හැරෙන්න බැරි තරම් දුර ගිහින් උන්නා.

      Delete
  5. ඕවා මොනවද තාම සුද්දන්ට හොයාගන්න බැරි වුනු හිග්ස් ක්ෂේත්රය පවා රාවණ රජතුමා පාලනය කරා. බොරුනම් මේ බලන්න.
    http://www.kanabona.com/science_measuring_earths_gravity_anomalies
    http://www.youtube.com/watch?v=d4E5T9PSbo0
    http://www.esa.int/esaCP/SEM1AK6UPLG_index_0.html
    http://en.wikipedia.org/wiki/Higgs_boson
    http://simple.wikipedia.org/wiki/Higgs_field

    ජයරත්න මහත්මයා මේ ගැන ලිපියක් ලියයි කියල බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම වටින මූලාශ්‍ර වගයක්. ස්තුතියි. අනිවාර්යයෙන්ම ලිපියක් දාන්නම්.

      Delete
  6. ජයරත්න මහත්මයා, මෙය ඉතාම වැදගත් ලිපියකි. අපේ දේ අපට වැදගත්කමක් නැතිවුණාට පිටරට සුද්දාට කොච්චර වැදගත්ද යන්න මේ ලිපියෙන් මනාව පිළිබිඹු වේ.

    මහ වෙදනා හෙවත් මහා වෛද්‍ය ආර්. පී. සුසන්ත මහතාද මින් පෙර අපේ දේශීය දැනුම බටහිර වෛද්‍ය දැනුම අභිභවා ගිය බවට සාක්ෂි රාශියක් දක්වා ඇත. කොටින්ම පරිණාමය පිළිබඳ අදහස පවා චාල්ස් ඩාවින් නැමැති සුද්දා හෙළි කරන්නට වසර දහස් ගණනකට මත්තෙන් අපේ හෙළ විද්‍යාඥයින් දැන සිටි බව ඔහු මෑතදී පර්යේෂණ මාර්ගයෙන් හෙළි කළේය. ()මෙය කොයි තරම් වදගත් සොයාගැනීමක්දැයි ඔබට වැටහේද? චාල්ස් ඩාවින් තම සොයා ගැනීම් කළේ ගලපගෝස් දූපත් වලදී බව කියැවෙතත් එය අනිවාර්යයෙන්ම අතේ රෝලක් විය යුතුය. කොයි තරම් සැඟෙව්වත් ඔහු එච්.එම්.එස්.බීගල් නෞකාවෙන් එන්නට ඇත්තේ අපේ ලංකාද්වීපයට බව සැක නැත. එහිදී ඔහුට අපේ හෙළ මුතුන් මිත්තන් පරිණාමය පිළිබඳ සංකල්ප හෙළි කළ පුස්කොළ පොත් හමුවුණාට සැක නැත. ඩාවින් තම මතය පළ කළේ මේ පුස්කොළ පොත් සොරා ගෙන ගොස් ඒවා ආශ්‍රයෙනි. දැන් අපට තියෙන්නේ අපේ නැතිවුණු උරුමය පිණිස සටන් කිරීමයි.

    අපේ රටේ නිදාගෙන ඉන්නා හෙළ යකුන් අවදි කිරීම පිණිස ඔබ, මහ වෙදනා ආදී බුද්ධිමතුන් ගෙනයන ව්‍යාපාරයට සෙතක්ම වේවා. මගේ සුභාශිංෂන ඔබ වෙත පිරිනනමි.

    ReplyDelete
    Replies
    1. එකක් කියන්නම්. මහ වෙදනා ඔය අනිත් උන් වගේ ආවට ගියාට හිතළු / මිත්‍යා වපුරන්නේ නෑ. රාවණා ගැන හරි වෙන මොනවා ගැන හරි වුනත් පදනමක් ඇතිව කතා කරන්නේ. හොඳයි කියමු බලන්න වෙදනා කියල තියෙනවාද "රාවණා යලි උපදිනවා" කියල.

      රාවණා බොරු චරිතයක් නොවෙයි. අපේ හිටපු විශිෂ්ට රජෙක්. ඒ සැඟවුණු උරුමය වෙදනා ඇතුළු පිරිස එලි කරයි..

      රාවණා විරෝධියෝ දැන්මම වෙදනට බය වෙලා. තවම ඉක්මන් වැඩියි..

      Delete
    2. සම්පූර්ණ ඇත්ත. රාවණ විරෝධියෝ දැනටම මහ වෙදනට බයවෙලා. මහ වෙදනා අපහසුවට පත් කරන්න දැවැන්ත අන්තර්ජාතික කුමන්තරණයක් ක්‍රියාත්මකයි. ඒත් මහ වෙදනා මේ සියළු කුමන්තරණ පරදවා පුරපස සඳ සේ දිලෙන බවට මට හොඳටම විශ්වාසයි. ඔය බටහිර පඬියන්ට පුළුවන්ද අපේ හෙළ යකුන්ගේ ගමන නතර කරන්න?

      Delete
    3. ස්තුතියි ඔබතුමන්ලාගේ අදහස් වලට.

      Delete
  7. නියම ලිපිය.මෙන්න මෙක නම් එල.විස්වාස කරන්න පුලුවන්


    -YKG-

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, අනික්වා වුණත් විමසීමෙන් බැලුවත් විශ්වාස කළ හැකි වේවි.

      Delete
    2. අලුත් පොස්ට් එක කියැවිම සඳහා පැමිනෙන්න. http://ravanalanka.blogspot.com/2012/06/blog-post.html

      Delete
  8. ජයරත්න මහතානෙණි, මෙහි කමෙන්ට් කරන උග්‍ර රාවණා පක්ෂිකයින් වන අප රාවණා විරෝධී බටහිර ඇමෙරිකන් කුමන්ත්‍රණකරුවන්ගෙන් ගලවා ගැනීම පිණිස ඔබ ගෙන ඇති පියවර කවරේද? CIA සංවිධානය දැනටමත් අප ගැන සොයන බව සහතිකයි. අප ඔවුන්ගෙන් ගැලැවී සිටීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග කවරේද?

    ReplyDelete
    Replies
    1. බැරිද පිල්ලියක් යවල CIA එක විනාශ කරල දාන්න

      Delete
    2. CIA එකෙන් හෙව්වට ආරක්ෂාව ගැන එතරම්ම කලබල වෙන්න අවශ්‍ය නෑ කියල මට හිතෙනව. බලන්න බ්ලොග් එක පටන් අරන් දෙන් සති දෙකක් විතර ගෙවිලත් තාම මාව හෝ ඔබ සැමගෙන් කාවවත් CIA එකෙන් අත් අඩංගුවට ගෙන නෑ නේද? රාවණා රජතුමාගේ ශක්තියෙන් අපව ‍රැකෙනවා. එතුමා ගැන විශ්වාසය තැබීම විතරයි කළ යුත්තෙ. ඊට අමතරව මා ටිකක් සැඟවී සිටීම පමණක් ප්‍රමාණවත්.

      Delete
  9. වර්ගපූර්ණිකාව - codes for identify EK community.

    cjks@1743vmailvirus

    ReplyDelete
    Replies
    1. මේ කුමක්ද කියා තවත් පැහැදිළි කළ හැකිද?

      Delete
    2. jaya rathna mahaththayo rawanage manthra gana kiyanawa, ewa kohenda awe. ewa haduwe kawda? ewa hadanna monawada mul une dannawada?

      Delete
  10. මෙයට අදාළ ශාක්ෂි ද සමග ඉදිරිපත් කරන්නේනම් වඩාත් පලදායි වේ.මන්ද යත් මේ පිළිබඳව උනන්දුවෙන් පසු වන්නන් හට මෙම සිදුවීම් පිළිබඳව වවිශ්වාසයක් හට ගන්නේ එවිටයි. උදා: ලෙස මේවාට අදාළ ජයාරූප, එවකට සිටි පුරා විද්‍යා කොමසාරිස් වරයාගේ නම, වර්ෂය, ආදියයි අප මෙතරම් වැදගත් සිදුවීම් ඉදිරිපත් කරන විට එහි සුළු කොටස් පමණක් ගෙන හැර දැක්වීමෙන් පාඨකයාගේ විශ්වාසය පිලිබඳ ගැටලුවක් මතු වේ.ඒ නිසා මේ ගැන සැලකිලිමත් වන්න.

    ReplyDelete
    Replies
    1. මෙම ලිපිය ලිවූ සහෘදයා ඒ ගැන ඉදිරියේදී පැහැදිළි කරාවි යැයි විශ්වාස කරමු.

      Delete
  11. තව විස්තර ලියන්න.

    ReplyDelete
  12. ඔබට අවශ්‍යනම් බෙල්ජියම් රජ පවුලෙන් ඉහත කී චිප් 2 ඉල්ලා දීමට හැකිවේවි ..

    ෴ ශ්‍රී රාවණා සිද්ධම්.෴

    ReplyDelete
  13. ජයරත්න මහත්මයා, තවම නිසි කාලය එළැඹ නොමැති වුවත් මෙම ලිපිනයෙන් http://ravanalanka.blogspot.com/2012/06/4.html#!/2012/06/4.html මම මාගේ බ්ලොග් සටහන් පෙලක් ලිවීන ඇරඹුවා. ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඉතා අනගි කර්තව්‍යයක් මහත්මයාණෙනි, දිගටම කරගෙන යන්න. හෙළ අඹර සිසාරා රාවණ කුඞච නාදය පතුරුවමු.

      Delete
  14. ඕකට කියන්නේ හීනෝන්මාදය කියලා.

    ReplyDelete
    Replies
    1. හෙළයින්ගේ ඉපැරණි තාක්ෂණය හෙළි වෙද්දී, රාවණ විරෝධී තොපට ඉරිසියයි නේද

      Delete
  15. Good Article. I would like to see more posts like this. But "Wanse Kabal Gala Vithrak Madi". We have to find solid proof that can be used to get a technological leap in the world OR the believers should really commit on doing something to prove that we still can do extraordinary things. Think about this too...

    ReplyDelete
  16. මෙහි සදහන් වන චිප නැවත ලබා ගැනීමට උත්සහ කරන්න පුළුවන්. බෙල්ජියමේ අපට අයත් තවත් වටිනා සිතියම් වගයක් ඇති අතර මා ඒවා නැවත ලබා ගැනීමේ උත්සාහයක සිටිමි. හැකිනම් පහත ලිපිනයට දන්වන්න. අපගෙන් සොරකම් කරගෙන ගොස් ඇති අතීතය ලබාගැනීමට එකතු වෙමු,
    khara.saho@ජී මේල් ඩොට් කොම්.

    ReplyDelete
  17. මෙහි දැක්වෙන චිප නැවත ලබාගැනීමට උත්සහ කිරීමට පුළුවන්. බෙල්ජියමේ ඇති අපට අයත් වටිනා සිතියම් වගයක් නැවත ලබාගැනීමේ උත්සාහයක මම දැනටත් සිටිමි. කරුණාකර හැකිනම් පහත ලිපිනයට අමතන්න. අපගෙන් සොරකම් කරගෙන ගොස් ඇති අතීතය නැවත ලබාගැනීමට පෙළ ගැසෙමු.
    khara.saho@ජී මේල් ඩොට් කොම්

    ReplyDelete
  18. Please read my new post @ http://ravanalanka.blogspot.com/2012/06/blog-post.html

    ReplyDelete
  19. "ඊට අමතරව මා ටිකක් සැඟවී සිටීම පමණක් ප්‍රමාණවත්."කොහොමත් හැංගිලා ඉන්න එක හොඳයි.. පාරෙදි එහෙම දැක්කොත් අම්බානෙට කන්න වෙන්නෙ..CIA එකෙන් නෙවේ..

    ReplyDelete

නුදුරු අදහස්