Thursday, September 20, 2012

සිංහල ක‍තෝලිකයන් යනු සිංහල බෞද්ධයින්ට වඩා හොඳ සිංහලයන්ය.

සිංහල බෞද්ධයින් යනු නියම සිංහලයින් කියලයි බොහෝ අය මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ. නමුත් සිංහල ක‍තෝලිකයන් යනු සිංහල බෞද්ධයින්ට වඩා නියම සිංහලයින් බව ඔබ දැනගෙන සිටියාද? මේ බව කියන්නේ අන් කවරෙක්වත් නොව, ශ්‍රී රාවණ රජතුමාව අප හෙළුවන් අතර ජනප්‍රිය කළ කලාසූරී අරිසෙන් අහුබුදු හෙළුවානන්ය.


අහුබුදුවන්ගේ වචන වලින් හෙළුවන් යනු හෙළයින්ට කියන හෙළ වචනයයි.  උදා: 2009 බක් 12 සිළුමිණේ අරිසෙන් අහුබුදුවන් මෙහෙම කියල තියෙනවා.
"සක්වළ වටය අංශක 360 ක් කොට ගත් අපේ ආදී හෙළයන් එය අංශක 30 බැගින් වූ දොළොස් රැසකට (රාශි) බෙදා මුල් රැස ‘හෙළු’ (එළු) කියා ගත්තා ‘හෙළු දිව‘ (හෙළ දිව) මුදුනින් ඇරැඹෙන රැස දොළොස් රැසේ මුල් ම රැස හෙළු රැස වුණා. හෙළු ම එළු වුණේ ‘හ් ලොප් වීමෙන්. ඔය රාශි 12 ම නිර්මාණය කළේ අපි. එතකොට සත්විසි නැකත් නිර්මාණය කළෙත් අපි."


2009 බක් 12 සිළුමිණ පුවත්පතට අරිසෙන් අහුබුදුවන් මෙලෙස පවසල තිබෙනවා.
ඉතිහාසය කෙසේ වෙතත් අද දෙමළ ජාතිකයන් අතරින් හින්දු භක්තිකයන් ද අවුරුද්ද සමරනවා. එසේ ම සිංහල අවුරුද්ද හුදෙක් සිංහල බෞද්ධයන්ට විතරක් නෙවෙයි සිංහල කතෝලිකයන්ටත් උරුමයි. මොකද, ඔවුන් අද අපිටත් වඩා සිංහල වෙලා. බෞද්ධ අපි තවමත් පාලිවලින් ගාථා කියද්දි ඔවුන් ලතින් බස අතහැරලා සිංහලෙන් යාච්ඥා කරනවා. ඔවුන් ‘මේරි’ මරියා කර ගත්තා. ‘ඇන්ටනි’ අන්තෝනි කර ගත්තා.
අරිසෙන් අහුබුදුවන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත් පරිදි,
1. මුළු ලෝකයම හෙළයින්ගෙන් ශිෂ්ටාචාර වූ බව සත්‍යයක්නම්,
2. දුරකථන වලින් ඇමතීමේදී කියන "හෙළෝ" යනු හෙළ වචනයක් බව සත්‍යයක්නම්,
3. සිව්හෙළය යනු ඕස්ට්‍රේලියා, ආසියා, අප්පිරිකා, යුරෝපා යන මහද්වීප බව සත්‍යයක්නම්,
4. අප්‍රිකාව හෙවත අප්පිරිකාව යනු තාරක රජතුමාට අප්පිරිය වූ කාපිරියන්ව දැමූ රට බව සත්‍යයක්නම්,
5. වාරියපොළ ප්‍රදේශයේ රාවණාගේ දඬුමොණර ගුවන් තො‍ටුපොළක් තිබුණ බව සත්‍යයක්නම්,
6. රාවණ රජතුමා චක්‍රවර්තී රජෙක් බව සත්‍යයක්නම්,
7. ක්වීන් යන ඉංග්‍රීසි වදන කු හෙවත් පොළව හා විනි හෙවත් විඳින්නී යන සිංහල දෙවදනින් බිඳුණු පදයක් බව සත්‍යයක්නම්,
8. දො සතර හෙවත් දොස්තර නැමති හෙළ පදයෙන් ඩොක්ටර් නැමති වචනය හැදුණ බව සත්‍යයක්නම්,
9. නක්ෂත්‍රය ලෝකයට ගියේ හෙළයින්ගෙන් බව සත්‍යයක්නම්,
සිංහල ක‍තෝලිකයින් සිංහල බෞද්ධයින්ටත් වඩා සිංහල වීම සත්‍යයක්මයි.....!!!!!

බෞද්ධ උදවිය තාමත් පාළි බසින් ගාථා කීම සම්බන්ධයෙන් අහුබුදුවන් දැක්වූ අදහස් ගැන බෞද්ධයින්ගේ පිළිතුරු මොනවාද? (මා බෞද්ධයෙක් නොව රාවනාගමිකයෙක් බැවින් වෙනත් ආගම්/දහම් විවේචනය කරන්නේ නැහැ)


නොදන්න ඉතිහාසයක් ගැන කෙප්ප ලියන බක පඬියෙක් දවසක් අහුබුදුවන්ට බැනල තියෙනව මම දැක්ක. ඌටත් දෙකක් කියන්න මම මේක අවස්ථාව කරගන්නව.
"හෙළයට පහරන පාහර කැනහිලෝ, ‍තෝ දන්නවද බොල අහුබුදුවන් නොසිටින්නට සිංහල ක‍තෝලිකයන් යනු නියම සිංහලයන් බව අපට දැනගන්න ලැබෙන්නේ නෑ කියල. අපේ රට ‍රැක ගත්හේ අහුබුදුවන්. මහාවංසයෙන් සිංහල බෞද්ධයින්ට මුල් තැන ලබා දීල, සිංහල ජාතියට වී ඇති ඓතිහාසික අසාධාරණය වලක්වා නියම සිංහලයන් වන සිංහල ක‍තෝලිකයන්ව ‍රැක ගත්තේ, සිංහල ක‍තෝලිකයන්ට මේ රටේ උරුම විය යුතු ස්ථානය ලබා දුන්නේ අරිසෙන් අහුබුදුවන්ම බව තොපට නොතේරේද යකෝ. අරිසෙන් අහුබුදුවන්ට ‍තෝ ආයිත් අපහාස කරල තිබුණොත් මම ‍තෝව මරාගෙන මැරෙනව යකෝ. තොපේ රීරි මාංසය කනව යකෝ. අනේ පාහරයෝ, තොපි සිංහල ඉගෙන ගත්තනම් සිංහල කතන්දර පොත් ලියපිය, නැතිව නොදන්න ඉතිහාසය ගැන කෙප්ප කියන්නෙ නැතිව. පාහරයෝ. කලවැද්දෝ"
හ්ම්. ඒ ඇති.

තව දෙයක් කියන්න ඕනැ, මෙම ලිපියේ මාතෘකාවේ දැක්වෙන අදහස මගේ අදහසක් නොවෙයි කියල තේරෙනවනෙ, අරිසෙන් අහුබුදුවන් ජාතික පුවත්පතකට කියල තියෙන දෙයක්නෙ. එනිසා දැන් මේ මාතෘකාව දැකල රෙදි උස්සගෙන වර්ගපූර්ණිකාවට විරුද්ධව පොලු මුගුරු උස්සගන්න හදපු හෙළුවන් අපේ අරිසෙන් අහුබුදුවන්ටත් බනිනවද? නෑනෙ... අහුබුදුවන් හෙළුව පෙන්වද්දී සැබෑ රාවණ පාක්ෂිකයින් වන අප ඒ හෙළුව වැනීම කළ යුතුම දෙයක්.

ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.

79 comments:

  1. මොනවත් නොකියම ඉන්නම් :ඩී

    ReplyDelete
    Replies
    1. මා රාවනාගමිකයෙක් සේම, ඔබතුමියත් රාවනාගමිකාවියක් බව පෙනෙයි. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    2. මේ මීවන තුමො
      හොද ශබ්දකෝෂයක් අරන් DELUSION කියන වචනෙ හොයල බලන්න. ඔබතුමාට ඒ ගතිය තියෙනවා වගේ

      Delete
    3. ************

      මා ලක කියන්නේ මොකටද හෙළුවෙන්?
      එකල ම අර්වින් උතුමාණන් සිටිහිද?
      T20 cup tibunada?

      -දැහමින් සෙමින්

      ****************

      Delete
    4. සිංහල ක‍තෝලිකයන් යනු සිංහල බෞද්ධයින්ට වඩා හොඳ සිංහලයන්ය.??????

      මේ බ්ලොග් එකෙන් දැන් ආගම පතුරවන්නත් පටන් අරගෙන වගේ කියන එකයි,මේ ලිපියෙන් පෙන්නේ###

      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  2. හෙළයින් පිලිබඳ සැඟවුන සත්‍යයන් හෙළිදරව් කිරීම ගැන ඔබට තුති.... පර බසින් ලියවී ඇති සියළු බෞද්ධ පතපොත හෙළයට හැරවීමට තවත් ප්‍රමාද නොවිය යුතුය...

    ReplyDelete
  3. තවත් ඒක වැදගත් ලිපියක් ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඉදිරියටත් අහුබුදුවන් ගැන ලියන්නට බලමු.

      Delete
  4. මමද තව සතියකිං රාවණාගමිකයෙක් වෙමි...
    මට මේ පන්සිල් වල තුන්වෙනි එක රැකලා රැකලා ඇති වෙලා...
    රාවනාගමේ ඒක නෑ කීලා ආරන්චියි....
    (සීතව ගෙනෙයියැ නැත්තං)

    ReplyDelete
    Replies
    1. රාවනාගමට අනුව කාන්තාවන්ව ස්පර්ශ කිරීමට හැකි වුවත් කාන්තාවන්ට අතවර කීරීමට නොහැකිය. (කාන්තාවන්ව ස්පර්ශ කරන්න බැරිනම් සීතාව කුදලාගෙන දඬුමොණරය දාගන්න බෑනෙ)

      Delete
  5. කෝ ඉතින් තවම "delusion"කියන එකේ තේරුම හොයා ගත්තෙ නැත්ද? ඔබතුමා

    ReplyDelete
    Replies
    1. එම්බා හෙන්චයියා, අපගේ අහුබුදුවන්ට කිසිවක් නොකියන්න. එතුමාට ඔය කියන දෙයක් තිබුණේ නැත.

      Delete
  6. නැත්නම් කමක් නෑ :පී :පී

    ReplyDelete
  7. ඒකත් එහෙමයි. ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  8. මීවනයනි,

    'අහුබුදුගේ හෙළුව දැක තම හෙළුව වනන කාලය අවසන් කොට, රෙද්ද ගලවා, අහුබුදුටද රෙද්ද උස්සා හෙළුව පෙන්වීම' කිරීම පසුවට තබා මෙය ලියන්නේ මටද බෞද්ධයන්ගෙන් පැහැදිලි කිරීමක් ඇසිය යුතු නිසාය. අඩවි නීතියට පටහැනි නම් මට ප්‍රතිචාරයකින් කී විට මම ම මකා දාමි. ඒ අනිකකු අතින් මියෙනවාට වඩා සියතින් ගෙල සිඳගැනීම නම්බු නිසාය.

    Quote 1:

    "මහණෙනි, යම් කලෙක පාලකයෝ ධාර්මික වෙයි නම් එවිට රාජපුරුෂයෝ දැහැමි වෙති. රාජපුරුෂයෝ දැහැමි වන විට බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වෙති. බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වන විට නියම්ගම් ජනපද වැසියෝ ධාර්මික වෙති. නියම්ගම් ජනපද වැසියෝ ධාර්මික වන විට හිරු සඳු විෂම නොවී සමව පවතී. හිරු සඳු සමව පවතින විට නැකත් තාරකා සමව පවතී. නැකැත් තාරකා විෂම නොවී සමව පවත්නා කල දිවා රාත්‍රී විෂම නොවී සමව පවතී. දිවා රැය සමව පවතින විට මස් අඩමස් සමව පවතී. මස් අඩමස් විෂම නොවන කල ඍතු සංවත්සර හෙවත් ඍතුභේදය සමව පවතී. ඍතු සංවත්සර සමව පවත්නා කල නිසි දිශාවෙන් සමවාත හමයි. සමවාත නිසි මගින් හමන කල දෙවියෝ ප්‍රකෝප නොවෙති. දෙවියෝ ප්‍රකෝප නොවන කල මනා වැසි වසී. මනා වැසි වසින කල අස්වනු විෂම නොවී සමව පැසුණු ලැබෙයි. සමව පැසුණු අස්වනු බුදින විට දීර්ඝායුෂ ඇතිවෙයි. පැහැපත් වෙයි. බලවත් වෙයි. අබාධ අල්ප වෙයි. අධම්මික සුත්‍රය - දෙවන පන්නාසකය, අංගුත්තර නිකාය (ස) {තරින්ද 2012-09-20 14:17:38 - Lankadeepa online 21-09-2012}"

    Quote 2:

    "නක්‌ඛත්තං පතිමානෙත්තං

    අත්ථො බාලං උපච්චගා

    අත්ථො අත්ථස්ස නක්ඛත්තං

    කිං කාරිස්‌සන්ති තාරකා- (බුදුන් වහන්සේ)

    ක්‍රියාව නුබලා පසුපස හඹා එයි, නුබලා කරගත්තාවූ දෙයට නුබලාම වගවනු මිසක බාලයකු සේ තාරකා මතින් ගැලවීම යදිනු කිම. {http://www.rawaya.net/site/index.php}"



    මේ කියමන් දෙක, එක කටකින්, දෙකකින් හෝ වෙන යම් ආකාරයකින් බිහි වූ කීම් දැයි යමෙක් පවසයි නම් යෙහෙකි.

    ReplyDelete
    Replies
    1. හිකිස් ඔය කතාව මම බුකියෙ ඉන්න ලොකු බවුද්දයොන්ගෙන් ඇහුව මීට ගොඩාක් කලින් දවසක
      එතකොට උන් කරන්නෙ ප්‍රශ්නෙට උත්තරේ දෙනව වෙනුවට ගාතාවෙ තේරුම වෙනස් කරල වෙන වෙන අර්තකතන ඉදිරිපත් කිරීමයි

      Delete
    2. මේ සම්බන්ධයෙන් ඇනෝට ඇති ගැටළුව කුමක්දැයි නොවැටහේ..මෙහි පළමුවැන්නෙන් සාමාන්‍ය ලෝක ධර්මතාවය ප්‍රකාශ වන අතර දෙවැන්නෙන් දැක්වෙන්නේ නිවන පසක් කර ගැනීමට තනන්නා ඉර හඳ තාරුකා කෙරෙන් පිහිට නොයැද අප්‍රමාදීව කටයුතු කළ යුතු බව නොවේද? වීර්යවන්තයාට කර්මයද සෑහෙන දුරට යටපත් කල හැකි බවයි මා අසා ඇත්තේ..ඔබ කර්මය පිළි ගැනීම හෝ නොගැනීම වෙනම කථාවකි. මා කලේ පවතින සම්ප්‍රදායට අනුව මේ දෙස බැලීමයි.
      මීවන තුමාට මා යෝජනා කරන්න කැමතියි ඇනෝට පමණක් නොව අනෙකුත් සෑම කෙනෙකුටම බුදු දහම, සින්හල සන්ස්කෘතිය වගේ දේවල් අරභයා විවෘතව කථා කරන්න ඉඩ දෙන්න කියලා..ඇනෝගේ මතවාද විමසීමකට ලක් කල යුතුයි. ගැටළු සහගත තැන් සාකච්ඡා කිරීම බුදු දහමේ අන්ගයක්.

      ඇනෝ, පියසේන රතුවිතාන මහත්තයගෙ සුබසෙත කතු වැකියක කථාව මම ඔය දෙවෙනි ගාථාව සම්බන්ධයෙන් දවසක් ඔයාට කිව්වා...

      මේ දෙකෙන් අන්ත දෙකක් පිළිබඳ එකම පුද්ගලයෙක්ගෙ දේශනාව දැක්වෙනව කියන එකයි මගෙ හැඟීම.බුදුන් ලෝකෝත්තර මාර්ගය වගේම ලෞකික ජීවිතය අරභයත් කරුණු ප්‍රකාශ කලා නොවැ.

      Delete
    3. ඉතා වැදගත් ප්‍රතිචාර ටිකක් තියෙනවා. කොතනින් පටන් ගන්නවාද කියල හිතුවේ.

      සිංහලෙන් ලියන හිතන්න පුළුවන් අය සිටීම පුදුමයක්. මම ඔය කතා දෙක ඇලෙව්වෙ වෙනස පෙන්වන්න.

      Quote 1, සිංහල විදියට හිතල කියපු එකක්. Quote 2, සිංහල අයට කිසිම සබඳකමක් නැති කතාවක්. දෙවැනි එක සිංහලයන්ට එදිරි වී කල කතාවක්.

      පළමු කතාව සිංහල දැනුම බාල කිරීමක්. දෙවැනි කතාව වැදගත්කමක් නැති ප්‍රලාපයක්. ඒක බොහෝ දුරට දෙමළ බෞද්ධ අන්තවාදියකු සිංහලයන්ට නින්දා කිරීමට කිව්වා විය යුතුයි.

      දෙවන එක අමන කතාවක්. ඊට හේතුව අන්ත දෙකකදී එකම ක්‍රියාව ප්‍රථිඵල දෙකක් දෙනවා. කරන ක්‍රියාවට වඩා අපි හදපු කෙනා (හිරු) තීරණය කල පරිදි ප්‍රථිඵල දෙනවා. මිනී මැරීම වැරදි ක්‍රියාවකි, එයට ප්‍රථිවිපාක ඇත, කීම අර්ධ සත්‍යයකි. හේතුවක් නැතිව නිකරුනේ හිංසා නොකරපු කෙනෙකු මැරීම, සමහර විට බොහෝ වරක් වුවද නරක ප්‍රථිඵල දැකිය හැකි දෙයක්. එහෙත් තම දිවිය හෝ රැකෙන්නන්ගෙ දිවි ගැලවීමට ඉහත කී ආකාරයේ ඝාතකයකු නැසීම සුභඵල දෙන එකකි. මේ දෙකම සිංහල සම්මතය තුල පිළිගෙන ඇත.

      සැබෑ ලෝකයේ, යම් ක්‍රියාවකට ලැබෙන ප්‍රතික්‍රියාව තුන් වැන්නකු කෙතරම් අගයනවාද යන්න මත වන බව පෙනේ. සමහරුන්ට කිසිදු බලපෑමක් නැත. මම ගැන කුඩා කල ඇසුවේ මට සුභ අසුභ පල බැලීම අනවශ්‍ය යයි කියා ය. එනම් මම සැබෑ ලොවට අයත් නොවන බවය. මම අත්හදා බලා තහවුරු කලෙමි. මා කරපු දැයින් බිඳක් කලවුන් විඳින හැටි දැකීම මට අරුමයකි. වරක් මා දරුණු සිතිවිල්ලක් ඇති කලෙමි. සැනෙකින් මහා හෙණ හඬක් ඇති විය. මම සිතුවේ ඒ මට කියායි. ඒ තරමට මා සිතු දෙය දරුණුය. අරුමයකි. මුළු පලාතෙම පරිඝණක පිච්චුනද මගේ සිතිවිලි ලියමින් සිටි පරිඝණකයේ සර්ජ් ප්‍රොටෙක්ටරයට වත් කිසිදු හානියක් නැත. මා නීතියට උඩ බව ක්‍රියාවෙන් මට කීවා වැනිය. එහෙත් මා සමඟ එකතුවන්නන්ට ඒ රැකුම නැති බව අත් දුටිමි. ක්‍රියාව (කරුමය) තමන් පසුපස එනවා යයි කීම විහිළුවකි. ඊට වඩා බොහෝ සංකීර්ණ විදියකින් එයට ප්‍රතිචාරය ලැබෙන බව පෙන්විය හැක.

      මගේ අනෙක් ප්‍රතිචාරත් අදාළය.

      Delete
    4. 1. "යම් කලෙක පාලකයෝ ධාර්මික වෙයි නම්"
      2. ක්‍රියාව නුබලා පසුපස හඹා එයි
      ධාර්මික පාලකයා/ ධාර්මිකව ජීවත් වන්නා විෂම බලවේග (නැකැත් තාරකා) යටපත් කරවයි.
      නුබලාම වගවනු මිසක බාලයකු සේ තාරකා මතින් ගැලවීම යදිනු කිම??
      පිළිතුර එතුළමය, ගැටළුව වැටහ ගැනීමයි..

      Delete
    5. මීවන තුමා වෙත

      "මීවන තුමාට මා යෝජනා කරන්න කැමතියි ඇනෝට පමණක් නොව අනෙකුත් සෑම කෙනෙකුටම බුදු දහම, සින්හල සන්ස්කෘතිය වගේ දේවල් අරභයා විවෘතව කථා කරන්න ඉඩ දෙන්න කියලා..ඇනෝගේ මතවාද විමසීමකට ලක් කල යුතුයි. ගැටළු සහගත තැන් සාකච්ඡා කිරීම ඉතා වැදගත් වෙන්නෙ අපේ සිත යම් දෙයක් දැක ප්‍රතික්‍රියා කරන නිසයි" - මම කැලුම් කී දේ අගයනවා (සුළු වෙනසක් කලා). ඒත් ආගම් ගැන ඔබේ සීමාවන් ඉක්මවා නොගොස් සිංහලයන්ට බලපාන දේ ලියමි.

      @Kelum/Sithum,

      මම ලියූ දෙවන හෑල්ලේ ඇති පැහැදිලි කිරීම බලන්න. මම හොඳ උදාහරණයකුත් ලීවා. මම ඇලවූ දෙවන කොටස නැවත අලවන්නෙ ඒකෙ නැති දේවල් ඒකට ගාවපු නිසයි.

      "ක්‍රියාව නුබලා පසුපස හඹා එයි, නුබලා කරගත්තාවූ දෙයට නුබලාම වගවනු මිසක බාලයකු සේ තාරකා මතින් ගැලවීම යදිනු කිම."

      - මේකෙ තියෙන්නෙ "අප කරන දේවල් (ක්‍රියාවල්) අප පසුපස එනවළු. අප කරගත්තා වූ (කරපු) දේවල් වලට අපම වගකිව යුතු වනවාලු. එහෙම මිසක්, බාලයකු (වැඩිහිටි නොවූවකු*) ලෙස අප පසු පස එන අප කරගත්තා වූ දේවලට වග නොකියා, ජ්‍යෝතිෂය මගින් (තාරකා මතින්) ගැලවීම යදින්නෙ ඇයි කියල අහනවා." ශුද්ධ සිංහලෙන් කියනවා නම් ග්‍රහ ඵල අඵල වෙනුවෙන් ශාන්ති කර්ම වගේ දේවල් කරන්නෙ ඇයි?

      මීට වඩා සරලව කියන්න බැරි වුනත්, වෙන මොකුත් මේකෙ කියල නෑ. ප්‍රශ්ණයකට තියෙන්නේ කියපු වචනවල අරුතින් තේරුම් නොගෙන ප්‍රහේලිකාවක් වගේ විසඳීමයි. භාෂාවක වචන අරුතක් දේ නම් ලියා ඇති වචන වල අරුතින් ලියපු දේ තේරුම් ගත යුතු නේද?

      කැලුම්, ඔබ "නිවන පසක් කර ගැනීමට තනන්නා ඉර හඳ තාරුකා කෙරෙන් පිහිට නොයැද අප්‍රමාදීව කටයුතු කළ යුතු බව" වැනි දෑ කිව්වේ කෙසේද?

      * - Theravada (ථේරවාද), Sanskrit: स्थविरवाद sthaviravāda; literally, "the Teaching of the Elders" or "the Ancient Teaching," is the oldest surviving Buddhist branch. It is relatively conservative, and according to Dr. Rupert Gethin, it is generally closer to early Buddhism than the other existing Buddhist traditions. (Wikipedia)

      Delete
  9. මමද රාවණාගමික හෙළයෙක්මි එනිසා අරි+සෙන් අහුබුදුතුමා මෙන සියලුම හෙළයින් හෙළුව පෙන්විය යුතු යැයි මම විශ්වාස කරමි.

    ReplyDelete
  10. සතුට පරම සම්පතක් ළු. ඕං එහෙනම් මම මේක "විනෝදෙට" නැවත ඇලෙව්වා.

    "හෙළයට පහරන පාහර කැනහිලෝ, ‍තෝ දන්නවද බොල අහුබුදුවන් නොසිටින්නට බෞද්ධයින්/ක‍තෝලිකයන් යනු නියම සිංහලයන් බව අපට දැනගන්න ලැබෙන්නේ නෑ කියල. අපේ රට ‍රැක ගත්තේ අහුබුදුවන් ගෙ අත් දෙකෙන් රටේ වැට බැඳල. මහාවංසයෙන් බෞද්ධයින්ට මුල් තැන ලබා දීල, සිංහල ජාතියට වී ඇති ඓතිහාසික අසාධාරණය වලක්වා නියම සිංහලයන් වන බෞද්ධයින්ව/ක‍තෝලිකයන්ව ‍රැක ගත්තේ, බෞද්ධයින්ට/ක‍තෝලිකයන්ට මේ රටේ උරුම විය යුතු ස්ථානය ලබා දුන්නේ, අරිසෙන් අහුබුදුවන්ම බව තොපට නොතේරේද යකෝ.

    අරිසෙන් අහුබුදුවන්ට ‍තෝ ආයිත් අපහාස කරල තිබුණොත් මම ‍තෝව මරාගෙන මැරෙනව යකෝ. නැත්නම් නිවනට/ස්වර්ගෙට අරිනවා. බැරි වුනොත් තෝව කුරුසෙ ඇණ ගහනවා. දේව පුජාව කරන කොට තොපේ ලේ බීල තොපේ රීරි මාංසය කනව යකෝ. අනේ පාහරයෝ, තොපි සිංහල ඉගෙන ගත්තනම් ලැටින් වලින් ලියපු යාඥා වලුයි පාලියෙන් ලියපු ගාථායි පරිවර්ථනය කොට සිංහල කතන්දර පොත් ලියපිය, නැතිව නොදන්න ඉතිහාසය ගැන කෙප්ප කියන්නෙ නැතිව හිටු. පාහරයෝ. කලවැද්දෝ. උරූලෑවෝ. මීයෝ. බල්ලෝ."

    හ්ම්. ඒ ඇති.

    ReplyDelete
  11. රාවණාත් බුද්ධාගමේ නෙවෙ යිනේ නේ ද ?

    ReplyDelete
    Replies
    1. රාවණුන් හිරු දෙවියන් අදහපු කෙනෙක් කියල වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ දැක්වෙනවලු. නමුත් බමුණන් ඒ කොටස ගිණි තියල.

      Delete
    2. මීවනයනි,

      ඔබ ඇත්ත දැක ඇත. මහ සම්මත මනුට පසු නායකයා වූ සැවොම හිරු දෙවියන්ගේ පිහිට පැතුවන්ය. හිරු යනු සූර්යයා යයි කීම පසු කලෙක කනාට කිරේ පාට කී විට වූ දේ වැනිය. නොදන්න එකා හත් පොලේ ගාගන්නවා යයි කියන්නේද එයමය. හිරු යනු මිනිසකු ලෙස වුවද ඉපදෙන කෙනෙකි.

      ජීවය යනු තල තුනක ඇති ක්‍රියා වලියන්ගේ බිහිවීමකි. ඔබ කලින් ලිපියේ "අවතාර" අවමානයට ලක් කිරීම මම දැඩි ලෙස හෙළා දකින්නේ, ඒ දැනුම සිංහල දැනුමේ මුදුන් මල් කඩ නිසාය. වාසනාවට මම හෙළ බයිලකාරයන් වන අහුබුදලාගෙන් යමක් දැන නොගැනීම මසුරන් වටින්නේ, සියලු හෙළකාරයන් වල්ගේ පාගා ගත් ඔල්මාද කාරයන් ලෙස වාචාලකමින් පච කෙලින උන් නිසාය. සිංහලයන් ගැන නොසොයා, උන්ගෙ තොරතුරු සොයා ගත් මම, යහළුවකුගේ කීම මත හෙළ වල්ග පාගාගත්තවුන්ගේ කතා බැලීමි. උන් නැතුවා නම් හොඳය. මා සිංහල අඩවි වලට පැටලුනේ උන් අනාගෙන කියන විකාර වලට පිළිතුරු දීමටය. අහුබුදුලා සිංහල අතීතය වනසන තිත්තයන්ය. මේ ටික කීවේ උන් අනුන්ගේ කතා ගෙඩිය පිටින් ගිල අඩු තැන් කෙප්ප වලින් පිර වූ නිසාය. හෙළ යන වචනය ද නින්දාවකි. දෙමළාගෙ ඉල හෙළ කර ගැනීමකි. සිංහලයන් වැදගත් වචන කෙටිකිරීම රුස්සන්නේ නැතිය. මා මේ ටික කීවේ අවතාර යන වදන සිංහල දැනුම මුදුනට යවන නිසාය.

      ඉහත කී "ජීවය යනු තල තුනක ඇති ක්‍රියා වලියන්ගේ බිහිවීමකි" කතාව ඉතා වැදගත්ය. ගත ලැබීමට සිතක් අවශ්‍ය වේ. එසේ නම් සිතද යමක ප්‍රථිඵලයක් විය යුතුය. සැබෑ ලොව තමන් විසින් තමන් හදාගන්නා එකද උදාහරණයක් නැත. එසේම ගත මෙන්ම සිතද අනන්‍ය හා ද්‍රව්‍යමය දෙයක් බව ඔප්පු කල හැක. සිතට වඩා යමක් ඒ සමඟ ඇති බව සැබෑ දත්ත පෙන්වයි. එයට ගැලපෙන වචනය අවතාරයයි. ජීවීන් අධ්‍යයනය කල විට සැම අවතාරයක්මත්, අවතාරය බිහි කරන ශරීරයක්මත්, අරුම පුදුම ඒකීය බවක් පෙන්වන බව දැකිය හැක. දැඩි ඒකීය බවක් මෙන්ම අංගපූර්ණ බවක් හා එකට එක බැඳෙන විදියක් ද ඇත. ඒ කියන්නේ අවතාර සියල්ල එක උල්පතකින් බිහිවෙන බවය. මේ උල්පත හෙවත් කෙනා හිරු ලෙස හැඳින්වේ.

      අප වටා ඇති අජීවි ලෝකය පාලනය වන්නේ ඉතා සරල සබඳතා දෙකකිනි. ජීවිතය යනු නිශ්චිත, අතිවිශාල සබඳතා සමූහයක ප්‍රථිඵලයකි. ඒ සඳහා දත යුතු දැනුම බොහෝය. නොඑසේ නම්, අනන්ත අප්‍රමාණ ජීවීන් බිහිවීමට පදනම් වූ දැනුම නොවන්නනට, අඟපසඟ කෑලිද බිහිවිය යුතුය.

      සිංහලයන් බිහි කලේද දැනුම ලැබුනේද හිරුගෙන් යයි කීම කොතරම් සැබෑද? හිරුට දෙවන තලය හැදෙන්නේ ගත නැති අවතාරයන්ගෙනි. තෙවැනි තලය අවතාරයට තාවකාලිකව බැඳි ගත ඇති උන්ගෙන් පිරී ඇත. එම තල වල ක්‍රියා නොවන්නට පෘථිවිය අජීවි ලොවකි. අවතාරය කාලයට අනුව නොවෙනස්, වෙනත් විදියකට පාලනය වන දෙයකි. ඒ ගැන පසු කලෙක කියමි. තේරුනොත් පුදුමයකි.

      හිරු කලින් කල මිනිසකු වන බව සිංහලයන් කියති. හිරු දුටුවොත් හඳුනාගන්නේ කෙසේද? එවැන්නකු ඇදහීම තම දෙමාපියන්ගේ අතේ එල්ලීලා රැකවරණය ලැබීම හා සමය. හිරු හා බැඳුනු වචන හේ, ඔහු, ඔහේ,... වේ. පසුව වඳුරන් අමාරුවෙන් හයන්න ශබ්ද කර හැදූ බ්‍රහ්ම යන වදනද එය පාදක වූවකි. පසු කලෙක මේ වචන වලට මුවාවී වසලයන් අරුත් සුන් කලේ, දියසේන නමට මුවා වූ මලයාලින් එම නම කෙලෙසූ ලෙසය. නායක (නාථ, නාග) දෙවියන් කියන්නේ හිරුටය. සූර්යයා යනු හිරු නොවේ. දැඩි රශ්ණය නිවීමට සූ ගෑ අතීතයෙන් සූර්යයා වචනය හැදින. කනාලා එය හිරු කලේ වෙන දෙයක් කීමට ගොස් ය.

      Delete
    3. සිත ද්‍රව්‍යමය දෙයක් යැයි කියන්නෝ ද්‍රව්‍යවාදීහු ය. සියළුම ද්‍රව්‍යමය දේවල් ඇතුළු වාස්තවික ලෝකය මනසේ නිර්මාණයන්ය. අනත්‍ය දුක්ඛ අනාත්ම අනවබෝධය නිසා සිදු කරනු ලබන නිර්මාණයන්ය. එපමණක් ද නොව මනස ද මනසේම නිර්මාණයක්ය. මෙය එසේ නොවන්නේ යැයි කියන්නා හු බුද්ධ වචනය නොපිළිගන්නෝ හු වෙති.

      Delete
    4. @සයිබර් සයිමා September 24, 2012 9:07 AM,

      "සිත ද්‍රව්‍යමය දෙයක් යැයි කියන්නෝ ද්‍රව්‍යවාදීහු ය." - ගත ද්‍රව්‍යමය දෙයක් යයි යයි කියන්නෝ කවරහුද? මනා සංයමයකින් නියත ආකාරයට ගත පාලනය කර, දහසකුත් එකක් දෑ නියත ආකාරයට කරවන සිත හැදුනේ අද්‍රව්‍යයයකින්ද? එසේ නම් එය ගතට බැඳී ඇති අයුරු පහදනු. මෙවැනි මනස්ගාතකාරයන් පියවි ලොව නොදකින උන්ය.

      "සියළුම ද්‍රව්‍යමය දේවල් ඇතුළු වාස්තවික ලෝකය මනසේ නිර්මාණයන්ය." - තමුසේ හීනෙන්ද මේක කිව්වේ? කාට හරි කියල කණ හරහට පාරක් ඉල්ලගෙන කාලා, කමක් නෑ, ඒක හීනෙන් කෑවේ කියල හිතාගන්නවා. එත කොට බඩගින්නට මනසෙන් කෑම හදල ගිලපන්. මේ වගේ අන්ධයන් මනුෂ්‍යකමටත් නිගාවක්.

      "අනත්‍ය දුක්ඛ අනාත්ම අනවබෝධය නිසා සිදු කරනු ලබන නිර්මාණයන්ය." - මේක නම් මනසින් මවාගත් විකාරයක්. නොදන්න දේවල් කියන්න ගියාම මනනස්ගාතත් මවන්න වෙනවා. මුන් මනස වියවුල් වෙච්ච මළවුන්. ජීවිත නිවන්න ගොස් සිත විකල වූවන්. පරාජිත එවුන් තම බැරිකම, අනිත්‍ය, දුක්බ අනාත්ම ප්‍රෝඩාවෙන් වසා කාලකන්නි සතුටක් ලබන එවුන්ය. ජීවිතයේ, ගත ඉපදී හැදී වැඩී නැසී නැවතත් එම පරිදිම ඉදි වන්නේ පරිසරයේ ඇති ද්‍රව්‍ය යොදා අතිසංකීර්ණ නිමැවුමක් වන ගත සැදීම කල හැකි එකම විදිය නිසාය. ගෙවී ගිය විට නැවත බිහිවී ඒ ආකාරයෙන්ම ක්‍රියා වේ. මුන් කියන ලෙස නිත්‍ය වන්නේ කළුගල් වැනි දෑය.

      හිඟාකන උන්ට දුක මිස මොන සැපද? පරාජිතයන්ගේ චුතවීම එසේ පූර්ණය වේ. මිදි තිත්ත යි නරියාද හිත හදා ගති.

      අනාත්ම ගොන් තර්කය සැබෑ ලොව තේරුම් ගැනීමට බැරි උන් ගෙතූ කෙප්පයකි. ආත්ම උන්ද එවැනිය. බැරි දේ, බොරු කියා වැසිය නොහැක.

      "එපමණක් ද නොව මනස ද මනසේම නිර්මාණයක්ය." - අහෝ මිනිසුනි, උඹලා බිහිවුනේ දෙමව්පියන්ගෙන් නොව උඹලාගේම කුසයෙනි. මනසෙන් මනසක් බිහි වී නම්, උඹලාගෙ මනස් වෙනස් වූයේ කෙසේද? අනන්ත අප්‍රමාණ සතුන් තමන්ටම කියා මනසක් ඇති උන් වූයේ කෙසේද? සැබෑ ලොව එකද උදාහරණයක් නැත. මෙවැනි ගොන් කතා මනස කුමක් දැයි නොදැන බුද්ධිමතුන් ලෙස හැසිරෙන ගොනුන්ගෙ පද පෙරළි ය. එයද මම කියා කෙනෙක් ඇත නැත කීවා වැනි අමන කතාවකි.

      "මෙය එසේ නොවන්නේ යැයි කියන්නා හු බුද්ධ වචනය නොපිළිගන්නෝ හු වෙති." - එය සැබවි. මම ජීවිත නිවීමට ගොස් හිඟමනට වැටුනු ඔල්මාද කාරයන් පසුපස නොයමි. මම සැබෑ ලොව සැබෑ දේ එලෙසම දුටුවෙකි. මම මෙන් හිඟනවාදීන් ඒමට පෙර සිටි ආදි සිහළුන්ද එම දෑ දත් බව දනිමි. උන්ගෙ දැනුම අනා වනා පටලාගෙන හත්පොලේ ගාගෙන නොතේරී වියරුවෙන් සිහින දකින අමනයන් ගැනද දනිමි. සැබෑ ලොව සැබෑ දෙය මම කීමි. සිහින සැබෑ නම්, නිදීමෙන් සියලු විසඳුම් ලැබිය යුතුය. මනුකම නසන උන්ට වියරුව උරුමය. එය සක් සුදක් සේ පෙනේ. උන්ට අනුන් කී කෙප්ප හා දුටු සිහින මිස වෙන කිසිත් නොපෙනේ. සැබෑ ලොව ඇති දෑ නොදත් එකා සිහින ලොවින් උත්තර ගෙන, පද පෙරළීමෙන් සිත අවුල් කර, දුබලුන්ම නසන පරාජිතයන්ය.

      Delete
  12. අරිසෙන් අහුබුදුවන්ගේ හෙළුවට ශ්‍රී රාවනා සිද්දම් !!!

    ReplyDelete
  13. අපි ගැනත් යමක් ලිව්වට පින් ආචාර්ය තුමනි

    ReplyDelete
  14. සමස්ථ වර්ගපූර්නිකාව ගැන යමක්....
    විශ්වාසය රඳා පවතින්නේ විඥාණය මතයි. නවීන විද්‍යාවෙන් පෝෂණය කරගන්නා ලද විඥාණයක් අප බහුතරයක් සතු වෙයි. නමුත් අති දියුණුයැයි පවසාගන්නා විද්‍යාව ඉතා ප්‍රාථමික අවධියේ පසුවන්නක් බව කීවොත් මා නිවැරදි යැයි සිතමි. මන්ද යත් විද්‍යාවට මේවන තුරු හසුවී ඇත්තේ සියයට දශම ගණනක දේවල් පමණි. එම නිසා අප සතුවන විද්‍යාව නොදියුණු ප්‍රාථමික අවදියේ පසුවන බව පැවසීමට තරම් මම එඩිතර වෙමි. හය හතර තේරෙන අවධියේ පටන් අප හැඩගැසී ඇත්තේ අසන දකින දේවල් විද්‍යාව සමඟ සංසන්දනය කිරීමටය. අපි එදා සිතා සිටියේ පෘථිවිය මත පමණක් නොව විශ්වයේ සිටින දියුණුම ජීවීන් අපි කියාය. නමුත් දෑස් විවරවන විට විද්‍යාව සම්බන්ධයෙන් පැවති එම දුර්මතය වෙනස් විය.
    වර්ගපූර්නිකාවේ සඳහන් දේවල් නවීන විද්‍යාවට හසුවන්නේ නැත. ඒවා විද්‍යාව සමඟ සංසන්දනය කර මංමුලා විය යුතු නැත. මනසෙන් 90% - 100% ප්‍රමාණයක් භාවිත කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නවීන විද්‍යාවෙන් ඔප්පුකර පෙන්විය නොහැකි යැයි මම සිතමි. සත්ත්වයාගේ නැවත නැවත ඉපදීම සනාත කර තිබුනද එයට හේතු මොනවාදැයි විද්‍යෙවන් ඔප්පුකර නැතැයි මම සිතමි. නමුත් බුදු හිමි නැවත ඉපදීමට හේතුවත් නැවත ඉපදීම නැවැත්වීමට කළයුත්තේ කුමක්ද යන වගත් දේශනා කර ඇත.
    මම වර්ගපූර්නිකාව සම්බන්දයෙන් දරන්නේද එවැනි මතයකි. මෙහි සඳහන් වන්නේ පැරණි පුස්කොලපත් මාර්ගයෙන් කරන ලද පැහැදිලි කිරීම් ය. පුස්කොලපත් රචනා කර ඇත්තේ තම මනසින් 40% - 60% අතර ප්‍රමාණයක් භාවිත කළ එනම් මනස දියුණුකළ පුද්ගලයන් ය. සාමාන්‍ය මිනිසුන් වන අපි මනසින් ප්‍රයෝජන ගන්නේ 4% - 6% අතර ප්‍රමාණයක් බව සඳහන් කිරීමටද කැමැත්තෙම්. නමුත් මනස දියුණුකළ අයට අතීතය මෙන්ම අනාගතයද නිවැරදිවම දැකිය හැක. ඒ පිලිබඳ උදාහරණ අවශ්‍ය තරම් බුදු දහම තුළ අන්තර්ගත වේ. බුදුන් වහන්සේ අහසින් වැඩියා යැයි කීම සහ යමාමහ පෙළහර පෑම අප විශ්වාස කරන්නේ කෙසේද? එය නවීන විද්‍යාවන් ඔප්පුකර තිබේද? නැත. නමුත් බෞද්ධයන් මේවා සත්‍ය යැයි පිළිගනී. නමුත් වර්ගපූර්නිකාවේ සඳහන් ඇතැම් දේවල් විද්‍යාව සමඟ තර්ක කරීම පලදායක නොවේ. ඒවා හසුවන්නේ මනස දියුණු තත්ත්වයේ පවතින්නන්ගේ විඥාණයටයි. වර්පූර්නිකාව බ්ලොගයේ සඳහන්වන සමහර දේවල් පිළිඹඳව මේ අදහස් දක්වන මටද කුහුලක් ඇති වේ. නමුත් ඒවා නවීන විද්‍යාව සමඟ සම්බන්ධ කොට තර්ක කිරීටම යෑමෙන් වැලකී සිටින්නේ විඥාණයේ යතාර්ථය දන්නා බැවිනි. එනම් මෙවැන්නක් සිදුවිය හැකියි හෝ නොහැකියි යනුවෙන් කර්ක කළ නොහැකිය. එයට හේතුව අපගේ මනස එතරම් මෝරා නැති බැවිනි.
    බෞද්ධයෙක් මෙන්ම හෙලයට ආදරය කරන්නෙක් ලෙස ඉතා වගකීමෙන් මෙසේ පවසමි. “මම බුදු දහමට පළමුව විශ්වාස කරම්. වර්ගපූර්නිකාව එතරම් විශ්වාස නොකරම්. මන්ද යත් බුදු දහමට පටහැනි දේවල් වර්ග පූර්නිකාවේ සඳහන්වන බැවිනි.“ බුදු හිමි සියල්ලම අනිත්‍ය වන බව දේශනා කර ඇත. සියල්ල අනිත්‍ය නම් සදාකාලික ජීවිතයක් ගතළ හැක්කේ කාටද? බුදුහිමි අජෛය්‍ය වරමක් හෝ සදාකාලිකව ජීවත් විය හැකි බවක් දේශනා කර නැත. නමුත් බුදු හිමි සහ ආර්යය සංඝ රත්නය සියළු ආශාවන් ප්‍රහානය කළ උත්තමයන්ය. උන් වහන්සේලා සදාකාලික ජීවිතයක් ගැන හිතන්නේ හෝ එයට මඟ දේශනා කරන්නේ කුමකට? අජ්‍යෛය වරමක් පිළිබඳ දේශනා නොකීරීමට හේතුවද එය විය හැකිය. මේවා අපට සිතාගත නොහැකි වන්නේ අපගේ විඥාණය දුර්වල නිසාවෙනි.
    මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණක් වන අතර මෙය පිළිබඳ ඔබලාගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙම්. ගල් ප්‍රහාරයන්ද සතුටින් භාර ගනිමි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඇත්ත ඇත්ත මිනිස්සුන්ට විතරක් නෙවෙයි ගස් ගල් වලට වුනත් මැරුනට පස්සෙ ඉපදෙන්න පුලුවන් (මම භාවනා කරල ගත්ත මග පලයක් නිසා මම දැන ගත්තෙ) .විද්‍යාවට ඔව්ව ඔප්පු කරන්න බෑ මම මගපලයක් ලැබුවෙ නෑයි කියලත් උඹට ඔප්පු කරන්න බෑ. (විඥ්ඥානෙ) ඈ ඇයි ගස් ගල් වලටත් විඥ්ඥානයක් තියෙනව (නැතෙයි කියා උඹට ඔප්පු කරන්න බෑතේ ඒ නිසා පිලි ගනින් මම මාර්ග පලයක් ලබා ගත්ත භාවනා කරල, මට ප්‍රත්‍යක්ශ වුනේ ඔහොමයි

      මේ තව එකක් වැස්ස වහින්නෙ දෙවියො නිසා ඈ මම නෙවෙයි කියන්නෙ බුදු හාමුදුරුවො (විද‍යාවට ඔව්ව අහු වෙන් නෑ පූහ් විද්‍යාව 4% - 6% ඒවගේද බුදු හාමුදුරුවෝ 90%-100% (විද්‍යාවෙන් කෘතිම වැසි එහෙම ඇති කරල තියෙන්නෙ කොහොමද කියල අහන්න එපා ඈ එව්ව මෝඩ තර්ක)

      ඇනෝගෙ කොමෙන්ටුවෙන් උපුටා ගතිමි
      "මහණෙනි, යම් කලෙක පාලකයෝ ධාර්මික වෙයි නම් එවිට රාජපුරුෂයෝ දැහැමි වෙති. රාජපුරුෂයෝ දැහැමි වන විට බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වෙති. බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වන විට නියම්ගම් ජනපද වැසියෝ ධාර්මික වෙති. නියම්ගම් ජනපද වැසියෝ ධාර්මික වන විට හිරු සඳු විෂම නොවී සමව පවතී. හිරු සඳු සමව පවතින විට නැකත් තාරකා සමව පවතී. නැකැත් තාරකා විෂම නොවී සමව පවත්නා කල දිවා රාත්‍රී විෂම නොවී සමව පවතී. දිවා රැය සමව පවතින විට මස් අඩමස් සමව පවතී. මස් අඩමස් විෂම නොවන කල ඍතු සංවත්සර හෙවත් ඍතුභේදය සමව පවතී. ඍතු සංවත්සර සමව පවත්නා කල නිසි දිශාවෙන් සමවාත හමයි. සමවාත නිසි මගින් හමන කල දෙවියෝ ප්‍රකෝප නොවෙති. දෙවියෝ ප්‍රකෝප නොවන කල මනා වැසි වසී. මනා වැසි වසින කල අස්වනු විෂම නොවී සමව පැසුණු ලැබෙයි. සමව පැසුණු අස්වනු බුදින විට දීර්ඝායුෂ ඇතිවෙයි. පැහැපත් වෙයි. බලවත් වෙයි. අබාධ අල්ප වෙයි. අධම්මික සුත්‍රය - දෙවන පන්නාසකය, අංගුත්තර නිකාය (ස)

      ඔය තියෙන්නෙ වැස්ස ඇති වෙන්නෙ "දෙවියෝ ප්‍රකෝප නොවන කල මනා වැසි වසී" කියල

      ඔව්ව ඉතින් විද්‍යාවට අහු වෙන්නෙ නෑ. ඒ වගේම අනික් ආගම් වල දේව වාදය තිබුනට බුදු දහම තමා දේව වාදය ඇත්තෙම නැති එකම ආගම (තිස්තුන් කෝටියක් ඉන්නෙ දෙවියො නෙවෙයි සම්‍යක් දෲශ්ටික කස්ටිය ඈ එයාල පිටසක්වල අය දැක්කනෙ විද්‍යාව පිටසක්වල ජීවීන් ගැන හොයා ගන්නත් කලින් අවුරුදු 2500කට කලින්ම පිටසක්වලවල් ගැන දර්මයේ තියෙනව)

      Delete
    2. අඳුරුපට මිත්‍රය,
      ඔබ කියන දේ සත්‍ය යැයි මමද පිළිගනිමි. ඕනෑම අයෙකුට තමන් මගඵල ලාභියෙක් යැයි කියාගත හැකිය. මම දියුණු විඥාණයක් ඇත්තෙක් බව කියාගත හැකිය. වර්තමානයේද එසේ කියාගන්නන් නොමැත්තේ නොවේ. අනාගතයේ බුදුවන මෛත්‍රි බුදුන් ද බණ කියන බව ගාල්ල පැත්තෙන් වාර්ථා වේ. එමෙන්ම මාර්ගඵල ලබා ප්‍රසිද්ධ වාද විවාදවලට බැන අඬගසන චීවර ධාරීන්ද විරල නොවේ. ඔබද මමද වර්ගපූර්නිකා පුස්කොලපත කියවා නැත. ඔබ ගැන මම නොදන්නෙමි. නමුත් මම එම පුස්කොලපත කියවා නොමැත්තෙමි. එසේ නමුත් බෞද්ධයන් බුදු දහම පිළිගන්නේ ත්‍රිපිටකය කියවා අවසන් කිරීමෙන් පසුවමද? කුඩා කල වැඩිහිටියන් කියාදෙන ජාතක කථා නෙත් අයාගෙන අසා සිටියද ඒවාගේ එන විශ්වසනීයත්වයකින් තොර දෙවල්, එනම් සතුන් කථා කරන අවස්ථා වැනි දේවල් ගැන අපි කල්පනා කරන්නේ වයසින් මුහුකුරා ගිය පසුවයි. විශ්වසනීයත්වයෙන් තොර සිද්දීන් ඇත්තේ අට්ඨකථාවල පමණි. නිර්මල බුදු වදන් තුළ එවැනි දේ නොමැත. අටුවා රචනා වී ඇත්තේ පසු කලෙකයි. ඒ මිනිසුන්ට රසවත් ලෙස ධර්ම කාරනා ඉගැන්වීමටයි. නමුත් අප මේවා තාරබර හැර ගත යුතුයි.
      සුනාමියක් පැමිණෙන තුරු ලංකාවේ 99% දෙනා ඒ ගැන දැන සිටියේ නැත. අප කුඩා කල මුහුඳ ගොඩ ගැලීමක් පිළිබඳව බෞද්ධ සාහිතයේ අසා තිබුනෙමු. ඒ පොතපත කියවද්දී ඔබට සිතුනේ කුමක්ද? නමුත් ලංකාවට සුනාමියක් පැමිණි පසු ඔබ සිතුවේ කුමක්ද?
      නවීන විද්‍යාව මවු කුසටවත් පැමිණ නැති අවධියක බුදු හිමි පිටසක්වල ජීවීන් ගැන දේශනා කර ඇත. ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත. එයට බුදු හිමි යොදාගෙන ඇත්තේ ගුවන්විදුලි තරංගවලට සමාන ක්‍රමයකි. එනම් චිත්ත තරංග මත ශබ්ද තරංග පටවා සම්ප්‍රේෂණය කිරීමයි. ගුවන් විදුලි තරංග සොයාගත්තේ නවීන විද්‍යාවද? නැත. මෙහිදී භාවිත කරන්නේ බුදුහිමි භාවිතා කළ සංකල්පයයි. බුදුහිමි මෙම ක්‍රම සොයා ගත්තේ පර්යේෂණ කිරීමෙන්ද නැතිනම් 90% - 100% දක්වා දියිණුකළ මනසින්ද? නමුත් බල්බය සොයා ගැනීමට තෝමස් එඩිසන් පර්යේෂණ කීයක් සිදුකළ බව ඔබ අසා ඇත්ද? ඒ ඔහු සාමාන්‍ය ලෙස මනසින් ප්‍ර යෝජන ගත්තෙකි. එනම් 4% - 6% ප්‍රමාණයකි.
      වර්ගපූර්නිකාව බ්ලොග් අඩවියට බැන වැදීම සහ එහි සඳහන්වන දේවල් මිත්‍යාවක් ලෙස ගැරහීම වටින්නේ නැත. අප නොදකින නොසිතන දේවල තවමත් මේ ලොව තුළ සිදුවිය හැකි බැවිනි. මේ විශ්වය තුළ සිදුවිය හැකි බැවිනි. සුනාමියක් පැමිණීමට පෙර සුනාමි පිළිබඳව සොයාගෙන තිබුනේ නැති බව මම සිතමි. නමුත් යම් දිනක සුනාමියක් පැමිණි පසු එය සිදුවන්නේ කෙසේද යන්න සොයා බලන්නට ඇත. එයට හේතු සොයාගන්නට ඇත. විද්‍යාව දියුණු මනස අභිබවා යන්නේ නම් මේවා සිදුවීමට පෙර සොයාගත යුතුයි නේද? අදටද භූ කම්පනයක් සිදුවීමට පෙර ඒ පිළිබඳ පැවසිය නොහැක. නමුත් දියුණු මනසකට අතීතය මෙන්ම අනාගතයද නියමාකාරයෙන් දැකිය හැකිය.
      සිංහල වෙදකම දියුණුවී ඇත්තේ කෙසේදැයි මඳකට සිතුවාද? සිංහල බෙහෙත් සහ ශල්‍ය කටයුතු පවා සොයාගනු ලැබුවේ මනසින් 40% - 60% අතර ප්‍ර යෝජන ගත් සෘෂීන් විසිනි. එය එතරම්ම නිවැරදි වන්නේ ඒ නිසාය. නමුත් වත්මන් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ කිසි දිනෙක පර්යේෂණ අවසන් වන්නේ නැත. ඒ මනසින් දුර්වල ලෙස වැඩ ගන්නා අය මෙම මෙම විද්‍යාවේ උරුමක්කාරයින් වන නිසාය.
      වර්ගපූර්නිකාවේ සඳහන්වන රාවණ රජුගේ පුනරාගමනය වුවද වත්මන් නොදියුණු විද්‍යාවට හසු නොවිය හැකිය. නමුත් දියුණුකළ මනසට හසුවිය හැකිය. ඉතින් ඔබත් මමත් කෙසේනම් තර්ක කරමුද? වර්ගපූර්නිකාව බ්ලොගය වැරදි හෝ නිවැරදි බව ඔප්පු කිරීමට කළ යුතු කාර්යයන් දෙකක් ඇත. එකක් නම් මනස දියුණුකර අතීතය අනාගතය දැකීමයි. නැතිනම් මනස දියුණුකළ පුද්ගලයන් ලියා ඇති වර්ගපූර්නිකාව පුස්කොලපත සොයාගෙන කියවීමයි.

      Delete
    3. @Chinthaka,

      මම ගල්පහරින් ඔබ නැසීමට (තම්බි ක්‍රමය) මෙය ලියමි.

      ඔබ කී විඥානය තිබෙන්නේ කොහේද? මම එය ඥානය නමැති වදන කීමට බැරිවුන් කල දෙයකැයි කියමි. ඥානය යනුද දැනුම යන වචනයේ විකෘතියකැයි කියමි. සිංහල උන්ට දැනුම යන වචනය කීම කජු කෑමකි. එහෙත් අනෙකුන්ට එසේ නොවේ. පරංඟියා සයිලාඕ කීවේ සිංහලයෝ කියන වදනට නේද? ඥානම්ලාගේ වැදිබණ සිංහල බණ නොවේ.

      "විශ්වාසය රඳා පවතින්නේ විඥාණය මතයි." - නැත. කෙතරම් ඔබට ලංවී දැයි විශ්වාසය කියන අරුත දෙයි. දෙමව්පියන් ගුරුන් කුඩා කල කියන දේ ගෙඩිය පිටින් බදාගන්නා විශ්වාසයකි. ඔබෙ ආකමද එලෙස ලංවී ඔබ වෙලාගත් මුළාවකි. දුබලකම නිසා විශ්වාසය පැවැත්මට හෝ මුලාවට හේතු වේ.

      විශ්වයේ සිටින දියුණුම ජීවීන් අපි ය. එය ඔප්පු කල හැකි දෙයකි. ඔබ කියන බටහිර විද්‍යාව කෙප්ප වටා ගෙතුනු විජ්ජාවක් බව ඔප්පු කල හැක. ඔය අඥාන විඥාන පටලගෙන මිනිසුන් මුලා නොකර ඇත්ත නැත්ත මනාව ඔප්පු කල හැකි විය යුතුය.

      විජ්ජාවට අසු වුවද නැද්ද ඇත්ත නැත්තෙන් වෙන් කරගැනීමට අභූත හැකියා අනවශ්‍යයය.

      "90% - 100% ප්‍රමාණයක් භාවිත කළ ... වහන්සේ..." - මෙය බොරුවකි. ඔබ මිනිස්බව නැති කර නිවන සොයන පරාජිතයන් ගැන කීවේ නම්, සිතෙන් මිනිස් බව කියන කොටස අක්‍රීය බවත්, තිරිසන් කොටසට කිසිදු බලපෑමක් නොවන බවත් කියමි. ඇස් ඇර හැසිරීම හැදෑරුවා නම් තේරේ.

      "පුස්කොලපත් රචනා කර ඇත්තේ තම මනසින් 40% - 60% අතර ප්‍රමාණයක් භාවිත කළ එනම් මනස දියුණුකළ පුද්ගලයන් ය. " - තවත් කෙප්පයකි. පුස් කාපු කොලවල ලියන්නේ අනුන්ගේ දෑ කොපි කරන උන්ය.

      " සාමාන්‍ය මිනිසුන් වන අපි මනසින් ප්‍රයෝජන ගන්නේ 4% - 6% අතර ප්‍රමාණයක් බව සඳහන් කිරීමටද කැමැත්තෙම්." - මෙයද කෙප්පයකි. මේ සියයට ගණන් කෙප්පය මැව්වේ මොළේ ක්‍රියාකාරිත්වය මත නම් එය නොදැනුම පෙන්වීමකි. අපේ සිතේ මෙන් ගතේ ක්‍රියාකාරිත්වයද කරන දේට අනුව මිස නිකම් නොදුවයි. එසේ නම් අත ඔසවන විට කටද ඇරෙනු ඇත.

      "සත්ත්වයාගේ නැවත නැවත ඉපදීම සනාත කර තිබුනද එයට හේතු මොනවාදැයි විද්‍යෙවන් ඔප්පුකර නැතැයි මම සිතමි." - නැවත ඉපදීම/නොවීම ඔය කිසිම අභූත හැකියාවක් නැතිව ඕන ගොනකුට තේරෙන ලෙස සැබෑ ලොව ඇති තොරතුරින් ඔප්පු කල හැක.

      "නමුත් මනස දියුණුකළ අයට අතීතය මෙන්ම අනාගතයද නිවැරදිවම දැකිය හැක." - දියුණුවක් නොව හිමියන්ට හැක. එය දෙන අය දෙන්නේ සුදුසු අයටය. එය දෙන අය දිවි නැසීමට වෙරදරන්නන් මුලා කර මනස අවුල් කරනවා.

      "බුදුන් වහන්සේ අහසින් වැඩියා යැයි කීම සහ යමාමහ පෙළහර පෑම අප විශ්වාස කරන්නේ කෙසේද?" - මෙය නොදැනුවත්කම නිසා අනාගත්තකි. කිසිදු බුදෙකුට මේ හැකියාවන් නැත. අරුත විකෘති කිරීමකි. නියම අරුත ඇති, හැකි එකම කෙනා හිරුය. ග්‍රහයන්ගේ ප්‍රධානියා වන හිරුගේ හැම හැකියාවම බුදගේ යයි කීවද බුධ පසු පෙල ග්‍රහයෙකි. එනමින් එන මිනිසුන් ද එසේය. මෙය මුලාවෙන් සිංහලයන් රැවටීමට කල විකෘතියකි.

      "වර්පූර්නිකාව බ්ලොගයේ සඳහන්වන සමහර දේවල් පිළිඹඳව මේ අදහස් දක්වන මටද කුහුලක් ඇති වේ." - ශුද්ධ සිංහලෙන් කියනවා නම් කොයි ආච්චිගෙ රෙද්දෙ මොන ලබ්බ තිබ්බත්, ඇත්ත නැත්තෙන් වෙන් කර ගත හැක. එයට විඥාන අඥානයක් ඕන නැත.

      අපි ගොන්නු නොවේ. අද බුද්ධිමතුන් කියන්නේ ගොන්නුන්ටය. තමා මුලා වූවෙකි. කියන කිසි දෙයක් ඇත්ත නොවේ. මුලාවෙන් මිදුනොත් කී දෑ ගැන ලැජ්ජ වනු ඇත. නිත්‍ය අනිත්‍ය බව අන්ධ මතයන්ය. සදාකාලිකව ජීවත් විය හැකි බව මම ඔප්පු කරමි. ඔබ බදාගත් ආකම ඔබේ මනුසත්බව නසා ඇත. ජීවිතය පිළිකෙව් කිරීම පරාජයකි. මේ ලොව ජයගත්ත උන්ගේය. පරාජිතයන් වැනසේ. කිසිදු මිනිසකු ඔබ කියන තරම් දුබල නැත. කුඩාකල මුලාවීම සිත අංඟවිකල කර ඇත. ඔබේ කතාව මිනිසුන් බිහි කල හිරු හැදූ විදිය මනාවට පිළිබිඹු කරයි. හැදුවෙකු කිසි දින නසන්නන්ට ඔබ කී හැකියාවන් දී නැත. උන් කියන්නේ බොරුය. තම හැකියාවල් පෙන්වන ලෙස මම උන්ට අභියෝග කරමි.

      Delete
    4. Anonymous One orig...
      ඔබ පවසා ඇති දෙය මට හරියාකාරව තේරුම් ගත නොහැක. පැටලිලි ගොඩකි. ඔබ මේ ලියා ඇත්තේ අටුවාවක්ද, විචාරයක්ද නැත්නම් වෙනත් දෙයක්ද?
      ඔබට අනුව විඥානය යනු දැණුම වේ... එසේනම් දැණුම පවතින්නේ කොහේද යන පැනය ඔබ අසා ඇත? ඔබ එයට උත්තරය දන්නවා විය යුතුය.
      “ කෙතරම් ඔබට ලංවී දැයි විශ්වාසය කියන අරුත දෙයි.“ විශ්වාසයක් ඇතිකර ගැනීමට දැණුම අවශ්‍ය නොවේද? දැණුමකින් තොර විශ්වාසය අන්ධ ය. ආගමක් අදහන්නේ නම් එය අන්ධ භක්තියකි.
      “විශ්වයේ සිටින දියුණුම ජීවීන් අපි ය. එය ඔප්පු කල හැකි දෙයකි.“ මෙය “අපි“ වන බව හෝ නොවන බව ඔප්පුකරන්නේ කෙසේද? විශ්වයේ සිටින දියුණුම සත්ත්වයින් අපි යැයි ඔප්පු කිරීමට ඇති සාධක මොනවාද? වෙනත් දියුණු ජීවීන් සිටින බවට ඇති සාධක මොනවාද? ඒවා දැන ගැනීමට කැමැත්තෙමි.
      “ඔබ මිනිස්බව නැති කර නිවන සොයන පරාජිතයන් ගැන කීවේ නම්, සිතෙන් මිනිස් බව කියන කොටස අක්‍රීය බවත්, තිරිසන් කොටසට කිසිදු බලපෑමක් නොවන බවත් කියමි.“ එනම් බුදුන් වහන්සේගේ ධර්මයට අනුව උත්තරීතර තත්ත්වයට පත්වූවෝ කිසිදා මිනිස් ආත්මයක් නොලබයි. ඔවුන් නැවත ලබන්නේ තිරිසන් ආත්ම පමණකි. මෙහි අදහස මෙය නොවේද? එනම් ඔබට අනුව බුදුන් වහන්සේ යනු සසර අතරමං වූ කෙනෙක්ද? එය බටහිර විද්‍යාවෙන් ඔප්පුකර තිබේද?
      මනස දියුණුකළ පුද්ගලයන්ට අතීතය මෙන්ම අනාගතයද දැකිය හැකි වෙයි. මෙය අසත්‍යයක්ද? අසත්‍යයක් නම් නවීන විද්‍යාවෙන් සොයාගන්නා දේ බුදු දහම සදඟ ගැලපෙන්නේ මන්ද? මේවා වසර 2500 කට පමණ පෙර බුදුහිමි දේශනා කලේ පර්යේෂණ සිදුකිරීමෙන් අනතුරුවද? නැත. මේවා බුදුහිමිගේ නුවණට හසුවූ දේවල්ය. මනසට හසුවූ දේවල්ය.
      බුදුහිමි තුරිත චාරිකා සහ අතුරිත චාරිකා යොදාගෙන ඇත. එනම් පයින් වැඩීම සහ අහසින් වැඩීමයි. මෙය බොරුනම් බුදුහිමිගේ ශ්‍රී මුඛ දේශනාවල මේ බව සඳහන් වන්නේ ඇයි?
      “ශුද්ධ සිංහලෙන් කියනවා නම් කොයි ආච්චිගෙ රෙද්දෙ මොන ලබ්බ තිබ්බත්, ඇත්ත නැත්තෙන් වෙන් කර ගත හැක. එයට විඥාන අඥානයක් ඕන නැත.“ ඔබට අනුව විඥානය යනු දැණුම නම් වැරදි දේ හෝ නිවැරදි දේ තෝරා බේරා ගැනීමට දැණුම අවශ්‍ය වන්නේ නැද්ද? දැණුමින් තොරව යමක් තෝරා බේරා ගැනීම හා හොඳ නරක වෙන් කර ගැනීම කරන්නේ කෙසේද?
      “සදාකාලිකව ජීවත් විය හැකි බව මම ඔප්පු කරමි.“ මෙය තවමත් කර ගැනීමට නොහැකි වූවකි. සදාකාලිකව ජීවත් වීමට කැමති පුද්ගලයෝ ඕනෑ තරම් සිටිති. නමුත් ඔවුන් කිසිම කෙනෙකුට මේ වනතෙක් මරණයට විසදුමක් සොයාගත නොහැකි වී ඇත. ඔබට සදාකාලිකත්වය ඔප්පුකළ හැකිනම් එයට මඟක්ද ඔබටම සොයාගත හැකිවනු ඇත.
      මා ඔබගේ දැණුම සමඟ තර්ක කළා නොව මා හට පැන නැඟුණු ගැටළු ඉදිරිපත් කළෙමි. මම මේ කොමෙන්ටුව දැම්මේ මම බුද්ධිමතෙක් යැයි රටට පෙන්වීමට නොවෙමි. රටට අඬබෙර ගසා පෙන්වීමට තරම් විශාල බුද්ධියක් මා හට නොමැති බව එඩිතරව පවසමි.

      Delete
    5. @ඉරා අදුරු පට September 22, 2012 12:24 AM

      "ඔව් ඔව් ඇත්ත ඇත්ත. මිනිස්සුන්ට විතරක් නෙවෙයි ගස් (ගල් නොඉපදී. නොමැරේ.) වලට වුනත් මැරුනට පස්සෙ ඉපදෙන්න පුලුවන් (මම භාවනා කරල ගත්ත මග පලයක් නිසා මම දැන ගත්තෙ)" - වෙලාව නැතත් මේක නම් වටිනවා කියන්නයි ලියන්නේ.

      සතුන් විතරක් නොවෙයි ශාකත් ජීවයන්ය. උන් සැවොම ගත මැරි මැරි උපදී. උන්ගෙ අවතාර නිත්‍යව පවතී. සැබැවින් ම සතුන් යනු ශාක වල අනුඵලයක් ලෙස විශේෂ කාරියක් ඉටු කිරීමට බිහි වූ ජීවින්ය.

      මම භාවනා නොකරන, මග පල නැති, හැම විට ගෙදර පල කියන කෙනෙකි. මේ බව කියන්න ඕවා මොනවටද? එකම වර්ගයේ ජීවි අවතාර දෙවිදියකට වැඩ කිරීම කොතරම් අඟනා නිපැයුමක්ද?

      භාවනා (භාව නා = නොසොල්වා) ලැබෙන ඵලය කුමක්ද? භාවනාවෙන් මනස වැඩෙනවා, දැනුම ලැබෙනවා කීම වැඩ බැරි හින්දූන්ගේ කෙප්පයකි. නොරැවටෙන්න. දැනුම ලැබීමට හරි මග ආදි සිංහලයන් කියා ඇත.

      Delete
    6. @Anonymous One orig September 23, 2012 6:40 PM,

      මේක මම මට ම ලියා ගන්නෙ කලින් එකට ලුණු ඇඹුල් දාන්නයි. සිංහල බසේ "කම", "බව" කියන වචන දෙක බහුලව යෙදෙන අරුම පුදම වචන දෙකක්. "කම", "කර්ම" වීමත්, "බව", "භව" වීමත් හින්දූන්ගෙ වඳුරුකම හෙළි කරනවා. සිංහල බසේ වචන දෙකක් මෙතරම් ප්‍රබල නම් බස කෙතරම් ප්‍රබලද?

      භාවනා (භාව නා = නොසොල්වා) කියන එක "බව නොසොල්වා සිටීම" ලෙස දැකීම අගනේය.

      Delete
    7. ඔබ මිත්‍යා දෘෂ්ටිකයෙකි. ඔබට පිළිතුරු සැපයීම කාලය අපතේ හැරීමකි.

      Delete
    8. @Chinthaka September 23, 2012 12:06 AM,

      "මම මේ කොමෙන්ටුව දැම්මේ මම බුද්ධිමතෙක් යැයි රටට පෙන්වීමට නොවෙමි." - ඔබ ලීවේ ඔබේ සිතට එකඟ දෑ යයි කීම වඩා උචිතය. ජය පරාජය පැවැත්ම තීරණය කරයි. ඔබ පරාජිතයකු වීමට මෙසේ කීම, පිහියෙන් ගෙල කපා ගැනීමකි. යමෙක් මට බුද්ධිමතෙක් නොවේ යයි කියන විට, මම නම්, ලොව ඉහලින්ම ඉන්න දැනුමට අධිපතියා යයි කියා, එය ඔප්පු කරමි. සිංහලයකු නම් මෙසේ නිවට නොවන්න.

      "ඔබට අනුව විඥානය යනු දැණුම වේ... එසේනම් දැණුම පවතින්නේ කොහේද යන පැනය ඔබ අසා ඇ... උත්තරය දන්නවා විය යුතුය." - ඔව්. දැනුම බාහිරව යන්ත්‍ර ගත කිරීමද දනිමි. නොඑසේ නම්, සිතන, අළුත් දේ සොයන, යන්ත්‍ර වුව හදමි.

      "විශ්වාසයක් ඇතිකර ගැනීමට දැණුම අවශ්‍ය නොවේද?" - ඔබ දෙමාපියන්, ගුරුන්, මහණුන් විශ්වාස කලේ කොතරම් දැන ද?

      "මෙය “අපි“ වන බව හෝ නොවන බව ඔප්පු කරන්නේ කෙසේද? විශ්වයේ සිටින දියුණුම සත්ත්වයින් අපි යැයි ඔප්පු කිරීමට ඇති සාධක මොනවාද? වෙනත් දියුණු ජීවීන් සිටින බවට ඇති සාධක මොනවාද? ඒවා දැන ගැනීමට කැමැත්තෙමි." - මෙය කිරීම "අපි" කියන්නේ කවුදැයි සොයා ගැනීමෙනි. එවිට අප මේ විශ්වයට ආධුනිකයන් බව පෙනේවි. තවම අපි කනා ෂොට් ගහන නිසා ඊට වඩා දියුණු අය සිටිය නොහැක. බරපතල නිසා සරල උදාහරණයක් ගනිමු. මිනිසුන් නැති දූපතකට ඔබ ගියහොත් මුල් වරට ඔබ මුහුන දෙන පරිසරයත්, මිනිසුන් සිටිනවා නම් වෙනසත් ගෙන, එය විශ්වයට දිගු කරන්න. උත්තරය එතැනය. බොහෝ සිහින දකින්නන් අපට වඩා දියුණු ජීවීන් ගැන කියති. එහෙත් උන්ද මේ විශ්වයට නතු නොවේද? තව කරුණු බොහෝය.

      "එනම් ... වහන්සේගේ ධර්මයට අනුව උත්තරීතර තත්ත්වයට පත්වූවෝ කිසිදා මිනිස් ආත්මයක් නොලබයි. ඔවුන් නැවත ලබන්නේ තිරිසන් ආත්ම පමණකි. මෙහි අදහස මෙය නොවේද? එනම් ඔබට අනුව ... වහන්සේ යනු සසර අතරමං වූ කෙනෙක්ද? එය බටහිර විද්‍යාවෙන් ඔප්පුකර තිබේද?" -

      මෙය බටහිර විජ්ජාවට සැර වැඩිය. මිනිස් ජීවිතය යනු කුමක් දැයි දනී නම් එය පැහැදිලිය. නසන්නකු ජීවිතය බිහිකලා යයි කිව නොහැක. එසේ නම් බිහි කලෙකු, නසන්නා ගැන දැන උන් වැලකීමට යමක් නොකරයිද? කොටියා මුවා නසන්නේ ගෙල හපා මිරිකා හුස්ම හිර කිරීමෙනි. එහෙත් අං හරහට සිටින නිසා එය ලේසි නැත. අං තිබුනද, මුවා එය ඉලක්ක කර කොටියා නසන්නේ නැත. අං දුන්නේ කවුද? මෙවැනි දෑ බොහෝය.

      ඔබ කී නිවන්නන් මේ ජීවිතය තුලම කොතරම් පිරිහිලා දැයි බලන්න. ඔබ කී වහන්සේ මරණය අභියස කී සියලු දෑ වැරදි යයි පාපොච්චාරණය නොකලේද? එවැන්නන් පරසක්වල ගසනවා යයි මම කියමි.

      "මනස දියුණුකළ පුද්ගලයන්ට අතීතය මෙන්ම අනාගතයද දැකිය හැකි වෙයි. මෙය අසත්‍යයක්ද? අසත්‍යයක් නම් නවීන විද්‍යාවෙන් සොයාගන්නා දේ ... දහම ... ගැලපෙන්නේ මන්ද? මේවා වසර 2500 කට පමණ පෙර ... දේශනා කලේ පර්යේෂණ සිදුකිරීමෙන් අනතුරුවද? නැත. මේවා ... නුවණට හසුවූ දේවල්ය. මනසට හසුවූ දේවල්ය." -

      මේවා කියන්නේ ඔබය. ඔබ දකින අතීතය, අනාගතය ගැන කියන්න. නූතන විජ්ජාව පරණ විජ්ජා මත යැපෙන "කෙප්ප කිං" වර්ගයේ ඉහඳ පණුවෙකි. ඔබ වසර 2500කට පෙර යයි කී දෑ මිනිසුන් බිහිවීමටද පෙර යමකු දැන සිට ඇත. වර්තමානයට පසු අනාගතයයි. අතීතයට පසු වර්තමානයයි. අනාගතයට පසු අතීතයද? අපට වන හැම දේම කරන කෙනෙක් ඇත් නම් වෙන දේ කීම ඔහු දන්නවා නේද? එසේම නොතේරෙන විදියට කීවම, එය වුනා කීම අරුත් දීමෙන් කිව හැක. එකක් නම් සැබෑය. අප කාලයට බැඳී නැත.


      ඉතිරිය පසුවට...

      Delete
    9. @Chinthaka September 23, 2012 12:06 AM,

      ඉතිරිය...

      "...එනම් පයින් වැඩීම සහ අහසින් වැඩීමයි..." - කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ශ්‍රී මුඛයකින් ආවද, ඔබ අසන්නේ වෙන මුඛයකින්ය. සිංහලුන් දැනුම යොදා උපකරණ මගින් අහසින් ගියා. වැඩ බැරි හින්දූන් කතාවෙන් ගියා. අහසින් ගියේ කවුද කියා දැනගන්නේ කටින් ඇසුවමද?

      "... දැණුමින් තොරව යමක් තෝරා බේරා ගැනීම හා හොඳ නරක වෙන් කර ගැනීම කරන්නේ කෙසේද?.." - එය ඉතා පහසුය. කල යුත්තේ ජීවත් වීමය. ඇත්තටම දැනුම කොතරම් අපට ජීවත් වීමට, යමක් තෝරා බේරා ගැනීම හා හොඳ නරක වෙන් කර ගැනීමට, උදව් කරනවාද? අප කිරීමෙන් දැනගන්න උන් නොවේද?

      "“සදාකාලිකව ජීවත් විය හැකි බව මම ඔප්පු කරමි.“ මෙය තවමත් කර ගැනීමට නොහැකි වූවකි. සදාකාලිකව ජීවත් වීමට කැමති පුද්ගලයෝ ඕනෑ තරම් සිටිති..." - ඔබ නොදන්න දේ බොහෝය. ජීවිතය යනු ගත පමණක් නොවේ. සිත ගතේ කොටසක් නොවන බව ඔබ දනීද? එසේ නම් සිත යනු කිම? මම සිත යනු නිත්‍ය අවතාරයේ එක කොටසක් යයි කියමි. අවතාරය ස්ථිර ද්‍රවමය දෙයක් බව කියමි. අත් හදා බලා දැන ගන්න. වාහනයකට පරණ ටයර් වෙනුවට නැවත අළුත් ටයර් දමා පාරේ යත හැක. අපේ අවතාරයටද, ගත පරණ වූ විට හැර දමා අළුත් ගතක් ගත හැක. මෙය නොකඩවා වන බව අපේ පැවැත්ම තහවුරු කරනවා. ඉතින් අප සදාකාලික නොවේද? සැබවින්ම අද මොන කලද?

      නුදුරේදී ගත මීට වඩා බොහෝ කල් රැකෙන පරිසරයක් හැදෙනු ඇත. අද පරිසරයට උචිත ලෙස හැදුන අප අදද ජීවමානය. ගත දිහා මවාගත් දුකෙන් නොබලා යථාවාදීව බලන්න. කොතරම් මධුර කෙලපැමිණි නිපැයුමක්ද? නොවෙනස් වන කළු ගලකට සසදා එහි අගය වටහා ගන්න.

      සිතා මතා තොරතුරු ඇනූ බව කියමි. තේරුම් ගැනීමට තව බොහෝ කිව යුතුය. මගේ පරමාර්ථය එය නොවේ. ජීවිත කියන්නේ අද්භූත දේවල් නොව අප වටා පිරී ඉතිරී යන සැබෑවක්ය.

      Delete
    10. @සයිබර් සයිමා September 24, 2012 9:24 AM,

      "ඔබ මිත්‍යා දෘෂ්ටිකයෙකි. ඔබට පිළිතුරු සැපයීම කාලය අපතේ හැරීමකි." -

      මම ඔබ දෘෂ්ඨියක් නැති (ඇස් තිබුනට නොපෙනෙන), කාලය කන්නෙකු (කාලකන්නියකු) යයි කියමි. නොදත්කම නොකියා, පහකිරීම අසෝභනය. තමා මා ලියූ දෙයින් තේරුම් ගත් දෙයක් නැත. මම කී දේ සැබෑ ලොව සාධක මත කීමි. ජීවිතය නිවන්නන් ඇවිදින මළකුණු බව ඔබ සහතික කරයි. උන්ගෙ සිත අගුල්ය. සිතීම බැරිය. ගිරවුන් සේ එකම දේ කියන උන්ය.

      Delete
  15. ඇනෝ තුමණි
    ඔබේ ගැටලුව සරලයිනෙ. උන්වහන්සේ කියන්නෙ මිනිස්සු අධාර්මික වෙනකොට ස්වභාවදර්මයත් අනිසි විදියට වෙනස් වෙනවකියන එකනෙ.
    එහෙම නෙතිව මිනිස්සුන්ගෙ පව් වලින් මිදෙන්න නැකත් තාරකා වලට වැදල වැඩක් නෑ කියලනෙ

    ReplyDelete
    Replies
    1. ඒ වගේම

      "නක්‌ඛත්තං පතිමානෙත්තං
      අත්ථො බාලං උපච්චගා
      අත්ථො අත්ථස්ස නක්ඛත්තං
      කිං කාරිස්‌සන්ති තාරකා"

      නැමැති ගාථාව දේශනා කළේ බුදුන් වහන්සේ නොවෙයි. බෝසතාණන් වහන්සේ කෙනෙකුයි. ඛුද්දක නිකායේ ජාතක පාළියේ නක්ඛත්ත ජාතකයෙයි ඔය ගැන සඳහන් වෙන්නෙ.

      රාවනාගමිකයෙක් වන මට අදාල නැතත් බොහෝ බෞද්ධ උදවිය බුද්ධ භාෂිතයක් විදියට ඒක සලකන නිසා කියන්න හිතුණ.

      Delete
    2. හෙන්චෛයා තුමනි,

      හැමදේම අපි හිතන තරම් සරල නම් කොච්චර හොඳද? ඒත් මේ කතා දෙක ගත්තේ බොහොම බරපතල දෙයක් දැක්ක නිසා. ඒක උඩ ලිව්ව නිසා නැවත නොලියමි.

      පව්, පින්, ධර්ම, අධර්ම වගේ සිංහල වගෙ පෙනෙන පරවචන වල තේරුමක් නෑ කියල හිතෙනවා. හෙණ ගහපුදෙන් කියල සිතට එකඟව කරන දෙයක් කරල වෙන දෙයක් වෙච්චදෙන් කියල හිතන එක හොඳ නැද්ද? එහෙම කිව්වෙ අපි කරන දේවල් අපටවත් පාලනයක් නැති, වෙන කෙනෙකුගෙ ඇවසිතා ඉටුකරන ඒවා කියල හිතුන නිසයි. ඔබ කියන විදියට පින් කරල ධර්මෙන් හිටියම හරි නම්, මම අද ඉන්න තැනට එන්නෙ නැහැ නෙව. යන්තම් ගැලවුනා. අනිත් අයට යන කල දැක්කම අනේ අනිච්චං කියල හිතෙනවා.

      Delete
    3. මීවන තුමා,

      "... නැමැති ගාථාව දේශනා කළේ බුදුන් වහන්සේ නොවෙයි. බෝසතාණන් වහන්සේ කෙනෙකුයි." -

      ඔබ කොච්චර කල් නිවන් මග සෙව්වද? මම ඔය දෙක උපුටා ගත්තෙ රස බලන්න. හරි නම් මම කිව්වෙ, වැරදි නම් වෙන කෙනෙක් ගෙ. මම මේ කල්පනා කරන්නේ, කී දෙනෙක්ගෙ බණ එක් කෙනෙක්ගේ ගිනුමට දාලද? මට තියෙන සැකේ ඒක නොවෙයි. එක් කෙනා කියපු එකක් වත් ඕවා අස්සෙ තියෙනවාද කියන එකයි. මොකද ඔය ඔක්කොම ඊට කලින් වෙන අය කියපුවායින් ඇහිඳ ගත්තා කියල පේන නිසයි.

      Delete
  16. "මහණෙනි, යම් කලෙක පාලකයෝ ධාර්මික වෙයි නම් එවිට රාජපුරුෂයෝ දැහැමි වෙති. රාජපුරුෂයෝ දැහැමි වන විට බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වෙති. බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වන විට නියම්ගම් ජනපද වැසියෝ ධාර්මික වෙති. නියම්ගම් ජනපද වැසියෝ ධාර්මික වන විට හිරු සඳු විෂම නොවී සමව පවතී. හිරු සඳු සමව පවතින විට නැකත් තාරකා සමව පවතී. නැකැත් තාරකා විෂම නොවී සමව පවත්නා කල දිවා රාත්‍රී විෂම නොවී සමව පවතී."-

    බුදු රජාණන් වහන්සේ කොහෙදිවත් ජ්‍යෝතිෂ්‍ය බොරුයි කියල තියෙනවද? ග්‍රහ තාරකා වලින් පෘථිවියට බලපෑම් නොවේ කියල කොහේවත් දේශනා කරලා තියෙනවද?

    පෘථිවියට තනියම පැවතීමට හැකියාවක් නෑ. මේක පද්ධතියක්. මේ පද්ධතියට,එයට අයිති සියලුම වස්තුන්වල පැවැත්ම වැදගත් වගේම එකිනෙකාට බලපානව. මිනිසුන්ගේ මනස මුළු විශ්වයත් එක්කම බැඳිල තියෙන්නෙ. ඒකයි මනස දියුණු ගරගත් කෙනෙකුට ස්වභාව ධර්මය පාලනය කරන්න පුළුවන්. මිනිසුන් හරි මාර්ගයේ යමින්,අසත්ධර්මයේ නොදෙමින්,යහපත් ලෙස ජීවත් වෙනකොට ස්වභාවධර්මය නිසි ලෙස,පිළිවෙලකට ක්‍රියාත්මක වෙනව. ඒ කියන්නෙ ග්‍රහ තාරකා වලින් වන බලපෑමත් අසාමාන්‍ය ලෙස නොව,ස්ථායීව,සම ලෙස වන එකයි.

    "නක්‌ඛත්තං පතිමානෙත්තං

    අත්ථො බාලං උපච්චගා

    අත්ථො අත්ථස්ස නක්ඛත්තං

    කිං කාරිස්‌සන්ති තාරකා- (බුදුන් වහන්සේ)"-

    බුදු හාමුදුරුවන් මේ දේශනා කරල තියෙන්නෙ අන්තවාධී නොවී ඉන්න කියන එකයි. ග්‍රහ බලපෑම් ඇතිඑක සත්‍ය නමුත් අපි එයට ගැතිඋනොත් එය එක අන්තයකට අපිව ඇදගෙන යන නිසා ඒ ගැන නොහිතා සත්ධර්මයෙන් ජීවත්වෙන ලෙසයි. එවිට ස්වභාව ධර්මය අපිට සතුරු නොවී ඉබේම තමන්ට හොඳක් වෙයි කියන එකයි.

    ReplyDelete
    Replies
    1. @1979> ඔබේ ප්‍රතිචාරය අගනේය...බුදුන් වහන්සේ මිනිසුන්ව යොමු කලේ නිවීමටයි. ඒ සඳහා කල යුතු දේයි දේශනා කලේ. එසේම නිවැරදි ලෞකික ජීවිතයක් ගත කිරීම මගින් ක්‍රමිකව ලෝකෝත්තර මග හෙළි පෙහෙළි කරගැනීමත් දේශනා කලා..
      බුදුන් වහන්සේ ගිහි කල ප්‍රගුණ කල සූ සැට ශිල්ප වලත් ජ්යෝතිශය අඩන්ගු විය යුතුයි නේද? එසේම ඉපදුණු විගස නැකත්කරුවන් ගෙන්වා අනාගතය විමසීම සුදොවුන් රජු සිදු කලා නේද? ඒ වගේම බුදු වීම නියත බව හඟවන සිහින දුටුව නේද? ඒ වගේම කොසොල් රජු දුටු සිහින අනාගත ලෝකයේ සිදුවන දේවල් බැව් කියමින් ස්වප්න ඵල විචාරයක නිරත වුනා නේද? මේව ජ්යෝතිශය හා ඒ ආශ්‍රිත ශාස්ත්‍ර නෙවෙයිද?
      ඇතැමුන් තව නොබෝ වේලාවකින් මිය යනවා යැයි දිවැසින් දැක උන් වහන්සේ එම ස්ථානයට වැඩම කොට ධර්ම අවබෝධය ඇති කල අතර ඔහුගේ කර්මය වෙනස් කිරීමට උන් වහන්සේ උත්සාහ කලේ නෑ.ඒ සොබාදහමේ සාමාන්‍ය ප්‍රවාහයට නොවෙනස්ව ගලා යාමට ඉඩ දීමක් නේද?

      Delete
    2. @1979,

      "ග්‍රහ බලපෑම් ඇති එක සත්‍ය නමුත් අපි එයට ගැති උනොත් එය එක අන්තයකට අපිව ඇදගෙන යනවා" -

      මට පේන හැටියට ඔබ තවත් කතා කීපයක පැටලිල අන්ත ගොඩකට යන බවයි.

      ඔය කියන ග්‍රහ තාරකා වල බලපෑම ඔච්චරම ප්‍රබල නම් ජ්‍යෝතිෂය හැම ජීවියෙකුටම බලපාන්න ඕන. ඒත් ඕක හදපු මිනිසුන් නම් කියල තියෙන්නෙ බොහොම වෙනස් එකකට. අද ඔක්කොම උඩ යට මාරු වෙලා. ඔය ගැන මම කලින් කියල තියෙනවා. ඇත්තටම අප උදේට ඇහැරෙන්නේ අපේ ජීවිත ඒ විදියට හැඩ ගැසුනු නිසාද නැත්නම් ඉර ඇවිල්ල අධෝභාගෙට ගහල ඇහරවන නිසාද?

      Delete
    3. @ Anonymous One orig,

      "මට පේන හැටියට ඔබ තවත් කතා කීපයක පැටලිල අන්ත ගොඩකට යන බවයි." -

      මට නම් පැහැදිලි මදි ඔබ ඔය කියන අන්ත මොනවද කියල. එත් ජ්‍යෝතිෂ්‍ය මත්තෙ එල්ලිලා හිටියොත් නම් අන්තයකට යාවි. වැඩිය පැහැදිලි කරන්න ඕන නෑ. රුපවාහිනියේ ගියා දැනට කාලෙකට ඉස්සර ටෙලිනාට්‍යක්,නම නම් හරියට මතක නෑ,සිකුරු තරුවද කොහේද(මම නම් ටෙලිනාට්‍ය බලන්න වැඩිය රුචියක් නෑ,ඒත් ඔය කියන නාට්‍ය නම් බැලුව ටිකක් ආසාවෙන්)ඔබ නැරඹුවානම්(මට මතක විදියට කාංචනා මෙන්ඩිස් හිටිය) ඒකෙ ප්‍රධාන නළුවත් ඔය ජ්‍යෝතිෂ්‍ය තදින්ම විස්වාස කළා(ජ්‍යෝතිෂ්‍ය වේදියෙක්),නැකත් වලටමයි සේරම වැඩ. අන්තිමට පිස්සු හැදුන. මම මේක උදාහරනෙකට ගත්තෙ,ඔන්න ඔයදේ තමයි අන්තගාමි උනාම වෙන්නෙ.

      "ඔය කියන ග්‍රහ තාරකා වල බලපෑම ඔච්චරම ප්‍රබල නම් ජ්‍යෝතිෂය හැම ජීවියෙකුටම බලපාන්න ඕන." -
      ඔව්,හැම ජීවියෙකුටම බලපානව,හොඳට හා නරකට කියන දෙකටම. ඇත්තටම ග්‍රහ බලපෑම් කියන්නෙ ජීවියෙකුට කර්මය බලපාන ආකාරය හා කාලය පිලිබඳ විශ්ලේෂණයක්. එහෙම නැතිව නිකම්ම නිකම් බුධ,සිකුරු...ඔය කියන ග්‍රහයන්ගෙන් එල්ලවන බලපෑමක් ගැන නෙමෙයි කියන්නෙ.
      මේ ආත්මෙ කරන දේවලින් එම බලපෑම් වෙනස් කරගන්න පුළුවන්. ඒකයි කියන්නෙ සත්ධර්මයෙන් ඉන්න, එතකොට ඔය කියන බලපෑම් ගැන හිතන්න ඕන වෙන්නෙ නෑ කියල. හිතුවොත් කොටි වල්ගෙ අල්ලගත්ත වගේ වෙන නිසා. අනික මහා ප්‍රභල කර්මයක් තියෙනවනම් ජ්‍යෝතිෂ්‍ය නෙමෙයි මොකකින්වත් නවත්වන්නත් බෑ.

      ඔබතුමාගෙ පෙර කොමෙන්ටුවකින් මම දැක්ක නිවන කියන්නෙ මිරිඟුවක් කියල තියෙනව.
      මේ සම්මුති භෞතික ලෝකයේ හා ඊට සම්බන්ධ ජීවීන්ගේ ඇතිවීම,නැතිවීම හා පැවැත්ම විග්‍රහ කරන,බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන, හේතුඵල වාදය ඔබතුමා පිලිනොගන්නවනම්, එයට වඩා හොඳ,පිළිගත හැකි පැහැදිලිකිරීමක් කරන්න පුලුවන්ද?(මොකද හේතුඵලවාදය වැරදිනම් නිවනත් බොරු)

      "ඇත්තටම අප උදේට ඇහැරෙන්නේ අපේ ජීවිත ඒ විදියට හැඩ ගැසුනු නිසාද නැත්නම් ඉර ඇවිල්ල අධෝභාගෙට ගහල ඇහරවන නිසාද?" -

      මේ ලෝකෙට හා ජීවීන්ට සුර්යාගෙන් වන බලපෑම අති මහත්,ඒත් ඒ බලපෑම විතරක් නෙමෙයි ලෝකෙ තියෙන්නෙ. අපේ මනසෙන් තමයි මේ විශ්වයම නිර්මාණය කරගෙන,අල්ලගෙන ඉන්නෙ. සුර්යා කියන්නෙ එක කුඩාම කුඩා සාදකයක් විතරයි.

      මම ඔබට එක උදාහරණයක් දෙන්නම්. භාවනාවෙන් හිත දියුණු කරගත් අයෙක්ට පුළුවන් මේ ලෝකෙ ඕනෑම දෙයක් පාලනය කරන්න. මම මේක වගකීමෙන් කියන්නෙ. ඒ දේ කරන්න ක්‍රම තියෙනව(කැමති අය, පෞද්ගලිකව, හොඳට දැනුවත් කෙනෙක්ගෙන් අහල දැනගන්න). අපේ මනසත් එක්ක බැඳීමක් නැත්නම් අපිට එහෙම දෙයක් කරන්න බැහැ නේද? ඒ කියන්නෙ සුර්යා අපි මෙහෙයවනවා නොව අපිට සුර්යා උනත් මෙහෙයවන්න පුළුවන් කියන ඒක නේද? (නමුත් අපේ මනස දියුණු නැති තාක් කල් සුර්යා හා අනෙකුත් බලවේගයන් අපිව මෙහෙයවයි).

      Delete
    4. @1979,

      ඔබේ නම මට Auschwitz සිර ගෙදර සිහි කරනවා.

      "මට පේන හැටියට ඔබ තවත් කතා කීපයක පැටලිල අන්ත ගොඩකට යන බවයි." - මම එසේ කීවේ ඔබ විවිධ දිසා වලට යැවෙන තොරතුරු ලියපු නිසයි. සැබැවින්ම බෞද්ධ යයි කිව හැකි අයකු මම නොදුටුවෙමි. සියල්ලෝම තමන්ට රිසි පරිදි තමන්ගේම සිර කුටි වල සිරවී සිටින බවක් පෙනේ.

      ජීවිතය නිවා දැමීම හෙවත් නැවත ඉපැදීම නැවතීම දෙසු අය ජ්‍යෝතිෂය අඹමල් රේණුවකටවත් මායිම් කර නැත. මගේ Quote 2 ඔහුගේ කීමය. ජ්‍යෝතිෂය භාවිතා කලවුන්, බෞද්ධයන් වූ විට පරණ දේ අත නොහැරි බව පෙනේ. නොඑසේ නම් නිවනට යාමට ජ්‍යෝතිෂයද කොටසක් විය යුතුයි නේද? ග්‍රහයන් අපේ ජීවිත පාලනය කරයි නම් උන් ද නිවනට යාමට සම්බන්ධ විය යුතුයි නේද?

      ඔබ කී ටෙලිනාට්‍යයේ නම කුමක්ද? ඔබ කීවේ නාට්‍යයයට සම්බන්ධ අය ගැනද නැත්නම් ඒකට පාදක වූ හිතළුවද? හිතළුවක් සැම විට හිතළුවකි.

      අන්තගාමී වුනාම පිස්සුව නොහැදෙන එකක් ඇත. ඒ ජීවිතය අගය කිරීම හා පැවැත්ම රැකීම මත ගත් අන්තයයි. මම එහි අන්තයටත් එහා ගොස්ය. මට කිසි උවදුරක් නැත. එහෙත් ජීවිතය නිවීමේ අන්තයට යාමට සිතීම නිසා ඔල්මාදය හැදෙන බව අත් දුටිමි. ඇස් කන් තිබුනට වැඩක් නැත. මරු දැක සිනා වේ. හිඟමන අගයති. තව බොහෝ ලෙඩය. බෞද්ධයන් ගැන හදාරා ප්‍රත්‍යයක්ෂ කරගන්න.

      "ඔය කියන ග්‍රහ තාරකා වල බලපෑම ඔච්චරම ප්‍රබල නම් ජ්‍යෝතිෂය හැම ජීවියෙකුටම බලපාන්න ඕන." - ඉහත කී දේ බලන්න.

      "හැම ජීවියෙකුටම බලපානව." - මිනිසුන් හැර කිසිදු සතකු වේලපත්කඩක් අරගෙන ජ්‍යෝතිෂඥයකු පසුපස යනු දැක තිබේද? උන් ග්‍රහයන් ගැන සිතන බවක් පෙනෙන්නේ නැත.

      "ඇත්තටම ග්‍රහ බලපෑම් කියන්නෙ ජීවියෙකුට කර්මය බලපාන ආකාරය හා කාලය පිලිබඳ විශ්ලේෂණයක්." - ඔබ නිවන් මග කෙලෙසා ඇත.

      ඔබ කී "... බුධ,සිකුරු..." කතාවේ, එම නම් ග්‍රහයයන්ට යෙදුවේ පසු කලකය. (මුලදී සිංහල හෝඩියේ අකුරු, ගණන් කිරීමට ද යොදා ගත් බව ඔබ දනීද?) දෙකකට ග්‍රහයන් නැත. ඔබට කනාට කිරේ පාට කී කතාව මතකද? එසේම කනාල හිරු කියන්නේ සූර්යයාට බව කී ලෙස, සැම දේ අනා ඇත. ජ්‍යෝතිෂයට මුල් වූ පදනම වඳුරා, මිනිසා නම් කෘතීම නිපැයුම බවට පත් කල ක්‍රමය ගැන කියන්නකි. එය අපේ නිමැයුමේ කැඩපතය. මෙය ඵල අඵල ගැන සිතා ගොනුන්ට පඬුරු පිදීමක් නොව, වසර 120ක් ගත කල යුතු හැටි කීමකි. පැරැන්නෝ එසේ සිටි නිසා අපද එම විදියට යන්නේ ඇඟේ ඇති ගතිය නිසාය. ඉහත සූර්යයා ගැන කීවේද එය කීමටටය. ග්‍රහයන් ගේ පිහිටීම ගෙන කාලය නිර්ණය කිරීම, චක්‍රීය සංකීර්ණ කාල හෝරා යන්ත්‍රයක් වැනිය. සරලව, සූර්ය ගමනද චක්‍රීය කාලා හෝරා යන්ත්‍රයක් වැනිය. කාලය යනු නියත බව උරුම කරන දත්තයකි. අප ජීවත් වන නියත විදිය කාලය යොදා කිරීමකි. නොඑසේ නම් අප කරන සියල්ල අච්චාරු නොවේද? එහෙත් හෝරා යන්ත්‍රය අපේ කිරීම් පාලනය නොකරයි.

      අප ගැන බොහෝ අය අවතක්සේරු කරන බව පෙනේ. අපේ ගත අපෙන් පසු අනන්ත කලක් මිනිසුන් බිහි කල යුතු දෙයකි. අපි ජීව ලෝකයේ අග්‍ර ඵලයයි. නිත්‍ය හා අනිත්‍ය ධර්ම අඹරා සැකසු කඹයක් වැනි අප අපටම අවමාන කිරීම වැරදිය. අප සදාකාලික බවෙත් තාවකාලික බවෙත් සම මිශ්‍රණයකි.

      "මේ ආත්මෙ කරන දේ වලින් එම බලපෑම් වෙනස් කරගන්න පුළුවන්. ඒකයි කියන්නෙ සත්ධර්මයෙන් ඉන්න, එතකොට ඔය කියන බලපෑම් ගැන හිතන්න ඕන වෙන්නෙ නෑ කියල. හිතුවොත් කොටි වල්ගෙ අල්ලගත්ත වගේ වෙන නිසා. අනික මහා ප්‍රභල කර්මයක් තියෙනවනම් ජ්‍යෝතිෂ්‍ය නෙමෙයි මොකකින්වත් නවත්වන්නත් බෑ. " -

      මා අහපු හැටියට ඔබ අනාත්මවාදියෙක් (බෞද්ධ) විය යුතුය. සත්ධර්මයෙන් ඉන්න අයගෙ බෙලි නොකැපෙන්නේ ඒවා ගල් වෙන නිසාද? යමෙක් බෙලී කපන්නේ ඉල්ලූ නිසාද? ක්‍රියාවෙන් ඔබට පාලනය ඇත්තේ 50%කි. ප්‍රබල කර්ම මොනවාද නොදනිමි. දෙමව්පියන් මරණ උන්ද, නොමරා මරණ උන්ද බොහෝය. උන්ට ජ්‍යෝතිෂය කුමටද? යහතින් ඉන්න එවුන්ද ඇත.

      ඉතිරිය ඊළඟට..

      Delete
    5. @1979,

      ඉතිරිය...

      "ඔබතුමාගෙ පෙර කොමෙන්ටුවකින් මම දැක්ක නිවන කියන්නෙ මිරිඟුවක් කියල තියෙනව. ... හේතුඵල වාදය..." -

      නිවන ගැනත් වචනයේ අරුත විකෘති වූ හැටිත් කලින් කියා අභියෝගයක්ද කලෙමි. මා ලියන සැම සම්බන්ධය. එහි පිළිතුර ඇත. ජීවිතය නිවීම කනාට කිරේ පාට කීම වැනි ඇනීමකි.

      "හේතුඵල වාදය" ඉතා සරල බාලයන්ගේ හෝඩියට සුදුසු පුංචි සුරංඟනා කතාවකි. යම් හේතුවක් නිසා ඵලයක් තිබේ නම් ඒ නිත්‍යබවෙ ලකුණකි. උදා: සුක්කානම කැරකු විට රෝදය හැරවෙන්නේ ඒ දෙක දැඩිව යකඩ ලිංකු වලින් බැඳී ඇති නිසාය. ලිංකු බැඳුනු joint එකක් ගැලවූ විට, සුක්කානම කැරකු විට රෝදය නිහඬය.

      හේතුඵලවාදය මිනිසුන්ට යෙදු විට කරන ක්‍රියා (කර්ම) වලට අප වග කිව යුතු ඵලයන් ඇත්තේ, අප තුල ඒ ක්‍රියා හා ඵල අතර දැඩි සබඳතාවයක් ඇති විටය. සැබැවින්ම දෙයාකාරයක දැඩි සබඳවතා ඇත. ඒ ගත හා අවතාර (සිත) තුල ඇති දැඩි සබඳතාවන්ය. මිනිසුන්ට නොතේරෙන කොටස අප බිහිකල හිරු දැමු දැඩි සබඳතාවයන්ය. ඒවා කිසිදු බාහිර දෙයක් නැතුව ක්‍රියාත්මක වී මිනිසාට බලපෑම් කරයි. දිවි නසන බෞද්ධයන් නැසෙන්නේ එමගිනි. තව ජීවීන් රකින තල දෙකක් ජීවමානය (මා ලියූ පිළිතුරක ඒ ගැන ඇත). ඒ හිරු හා දෙවියන්ය. ඔවුන් කරන දැද බොහෝය. කරන විදිද බොහෝය. ඒවා සිංහලයන් කියා ඇත.

      සැබෑ සබඳතාවයන් අතිවිශාල වූත් නිශ්චිත වූත් පදනමක සිට ක්‍රියාත්මක වේ. හේතුඵලවාදය නොදරුවන්ට උචිතය.

      "මේ ලෝකෙට හා ජීවීන්ට සුර්යාගෙන් වන බලපෑම අති මහත්, ඒත් ඒ බලපෑම විතරක් නෙමෙයි ලෝකෙ තියෙන්නෙ." - ඔබ රුවිතෙට ගෙන ඇත. අප බිහි කලේ වටාපිටාවෙ වෙන දෑ වලට උචිතවය, නැතුව වටපිටාව නොවේ. උදා: අප මව් කුස තුල, වතුර පිරි ගැබක වැඩුනේ අප දියෙන් පැවතෙන නිසා නොව, එහා මෙහා යන මවගේ සෙලවීම අපට බල නොපෑමටය.

      සෑම සතෙක්ම විවිධ පාරිසරික දත්ත තම පැවැත්මට යොදා ගෙන ඇත. ඔබ කී ලෙස සුර්යාගෙන් වන බලපෑම අති මහත් නම් හැම ග්‍රහයෙකුගේ ම අප සිටිය යුතුය. ඔබ කී කිසිදු දේකට අයත් නැති ලක්ෂණ අප සතුය. අපේ නැවත නැවත ඉපදීම ඉන් එකක්ය. අපේ ගතේ නියත බව අනෙකකි.

      "අපේ මනසෙන් තමයි මේ විශ්වයම නිර්මාණය කරගෙන,අල්ලගෙන ඉන්නෙ. සුර්යා කියන්නෙ එක කුඩාම කුඩා සාදකයක් විතරයි." - මෙය සත්‍යයය මත ගෙතූ කෙප්පයකි. මෙය හිරුගේ ගතියක් වවාගෙන කෑමකි. මනස කියන්නේ සිත ලෙස ගෙන, ගත වැඩ කරන්නේ සිත නිසා යයි කීම හරිය.

      සිත හෙවත් අවතාර හදන හිරුට ඊට වඩා අති ප්‍රබල යමක් ඇත. ඒ ගැන ලංකාවතාර සූත්‍රයේද කියා ඇත. ඔහු කරන දෑ අනෙකෙකුට කල නොහැකි බව අපේ ඒකීය ස්වභාවය තහවුරු කරයි. අප සිතූ විට යමක් වූ පමණින්, ඒ කලේ අප යයි කීම වැරදිය. වෙන කෙනෙකු කලා විය නොහැකිද? පසුගිය සිංහල අවුරුදු දින පොළව කම්පනය වූයේ ඇයි?

      "මම ඔබට එක උදාහරණයක් දෙන්නම්. භාවනාවෙන් හිත දියුණු කරගත් අයෙක්ට පුළුවන් මේ ලෝකෙ ඕනෑම දෙයක් පාලනය කරන්න. මම මේක වගකීමෙන් කියන්නෙ. ඒ දේ කරන්න ක්‍රම තියෙනව(කැමති අය, පෞද්ගලිකව, හොඳට දැනුවත් කෙනෙක්ගෙන් අහල දැනගන්න)...." -

      භාවනාවෙන් තමන්ට බැරි කිසි දෙයක් කිරීමට හැකියාව නොලැබේ. සිංහලයන්ට ගෑවී සිටින බෞද්ධයන් මෙතෙක් කල් රැකුනේ උන්ගේ "භාව වැනීම" නිසා නොව හිරු දැමු දැඩිසබඳතාවයක් නිසා, හිරුට හැර වෙන කිසිවෙකුට තනිව උන්ට (සිංහලයන්ට) කිසිවක් කල නොහැකි නිසාය. මෑතකදී උන් හිරුට ගැරහූ නිසා, හිරු කෝප වී උන්ට නිසි දේ කරන බව කියමි. අද බෞද්ධයන් ගෙවන කල ඕන භාවනාවකින් නවතන ලෙස අභියෝග කරමි. කෙඳිරි ගාන කොට පිහිට වූයේ හිරුගේ අනුමැතියෙනි. එය උන්ගෙ කෙරුම් යයි කීම හිරුට නින්දාවකි. අද සිංහල උන් ද ඉල්ලගෙන කති. භාවනාවෙන් නැවතිය හැකි ජගතෙක් සිටී නම් අද ඔබ සැමට හොඳ අවස්ථාවක් උදා වී ඇත. වෙන දේවල් නවතා ක්‍රියාවෙන් පෙන්වීමට කල් දැන් ය. සැබැවින් ම, මම වටේ ගියේ ද මෙය කීමටය.

      ප.ලි. "හිරු" අද මිනිසකු වන බව සිංහලයයන් කීවේ බොහෝ කලකට පෙරය. පිහිට ලැබෙන්නේ දෙමව්පියන්ගෙන් බව අමතක වූවන් අතරමං වී වැනසෙනු ඇත.

      Delete
    6. පාලි කියන්නෙ ව්ශ්ව භාශාවක්.මෙලොකෙ ඉන්නෙ අපි විතරක් නෙමෙයි.

      Delete
  17. හෙළුවෙන් වැනීම යනු නිවැරදි සිහල බසින් කතා කිරීමයයි වැරදි මතයක් පවති. හෙළුවෙන් වැනීම යනු. නිරුවතින් සිට ජුන්ඩා වැනීමයි. එබැවින් මෙය කළ හැක්කේ පුරුෂයින්ට පමණක්ය යන මතය කලක් හෙළ පඬියන් විසින් සඳහන් කරණ ලදි. එහෙත් පසු කාලීනව හෙළුවෙන් සිට තන් වුවද වැනිය හැකි බැවින් මෙය සියල්ලන්ටම පොදු බවට මතයක් බාසා වෙල්ලෙක් වූ මාතලන් විසින් සොයා ගන්නා ලදි.

    ReplyDelete
    Replies
    1. ජයවේවා,දවසේ කතාව

      Delete
  18. නියමැ අදහස "බාසා වෙල්ලො"

    ReplyDelete
  19. හෙළුවෙන් ඉන්නවට වෙන්ඩ ඇති හෙළයින්ට ehema කියනවා ඇත්තේ. නැද්ද මී හරක් තුමෝ

    ReplyDelete


  20. ඔන්න මීයෝ තව තොරතුරු දැම්මා රාවණාගේ කාලේ ගැන, රාවණා යුගයේ හිරගත වීමක් ගැන,
    උඹ ආයේ පිල්ලි එවනවනම් මටම එවපන්, මම ළඟ ඇන්ටි පිල්ලි වෙපන් තියෙනවා. අහිංසක මිනිස්සු අරන් යන බස් ඩ්‍රයිවර්ලට එවන්නේ නැතිව. බලපන් කෝ උඹ කරපු ඒකෙන උන දේ

    ReplyDelete
  21. අචාර්ය මීවනපලානේ ජයරත්න තුමාගේ ලිපිය දුටුවේ, මොහොතකට කලින් මා අද ලියු පොස්ට් එක දැමු පසුවය. පුදුමයකට මෙම ලිපි දෙකම ක්‍රිස්තියානි ගැන සඳහන් ඒවාය.

    ReplyDelete
  22. මේවට මොනව කියන්නද මන්ද....ඒ නිසා මොකුත් නොකියමි.

    ReplyDelete
  23. මෙම පෝස්ට් කටුවේ අර්ථය තේරුම් නොගෙන බයිලා කෙලීමකි කොමෙනකටු වල ඇත්තේ. අහුබුදු ශූරින් පෙන්වා දෙන්නේ අප තව තවත් හෙලබසට අවනත විය යුතු බව නොවේද? අදහස් තිබුනාට ජලයට තුහ් කියා ගසන කෙල පිඩක් සේ ඉදිරිපත් කිරීම නොහොබි. මක් නිසාද යත් ඒ කෙල තැබ්බද ජලය සමග මුහු වන බැවිනි. අර්ථයේ ථලය උකහානොගන්නා ඇටි කෙහෙල් කෑ උගුඩුවා වාගේය. ආචාර්යතුමනි, රාවණා ග්‍රන්ථය ‍දොරට වැඩි අවස්ථවේ ඔබ නුදුටුවෙමි. (සු.ගුණසේකරයන්ගේ)

    ReplyDelete
    Replies
    1. @දේශකයා September 24, 2012 12:31 PM,

      අහුබුදු, ඔබ වැනිම ලුලා නැති වලට පණ්ඩිත වූ තිත්තයෙකි. ඔහු සිංහලයන් ගැන කී කතා බොළඳය. නූගත්ය. හිතළුය. කිතුල් ගසේ නැග තණ සෙව්වා වැනිය. පාළු අම්බලමේ වළං බිඳීමකි. ඔබේ නමින් කී ලෙස, ගිරවකු ලෙස කියවන්නෙකුට සිංහලයන් දැන සිටි දෑ තේරේද?

      අහුබුදුල, ගුණසේකරල ඉහත මගේ ප්‍රතිචාර තුල ඇති එකක් වත් කියා තිබේද? මම කලේ සිංහලයන්ගේ දැනුමෙන් බිඳක් උදාහරණ සමඟ ඇලවීමය. මේ සියල්ල සිංහල දැනුමේ සුළු කොටසකි. එනයින් මා කලේ අහුබුදුලා වැනි පාළු අම්බලමේ වළං බිඳින හෙළ කාරයන් කොතරම් බොළඳ උන් දැයි නොකියා කීමය. හෙළ යන වචනය යොදන උන් සිංහලයන් ගැන කිසිත් නොදනී යයි කියමි. ඒ සිංහල යන වචනය මනාව සැබෑ ජාතිය ගැන කියන නිසාය. එහි තේරුමවත් දන්න එකෙක් සිටීද? බාලයකු මුදුනා වූ විට රටක් වුව නැසෙන බව අමුතුවෙන් කිවයුතු නැත. එවැනිම එකකු ගැන පෙර දින "දිවයිනේ"ද කතා විය.

      "අරිසෙන් අහුබුදුවන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත් පරිදි,

      1. මුළු ලෝකයම හෙළයින්ගෙන් ශිෂ්ටාචාර වූ බව සත්‍යයක් නම්,
      2. දුරකථන වලින් ඇමතීමේදී කියන "හෙළෝ" යනු හෙළ වචනයක් බව සත්‍යයක් නම්,
      3. සිව්හෙළය යනු ඕස්ට්‍රේලියා, ආසියා, අප්පිරිකා, යුරෝපා යන මහද්වීප බව සත්‍යයක්නම්,
      4. අප්‍රිකාව හෙවත අප්පිරිකාව යනු තාරක රජතුමාට අප්පිරිය වූ කාපිරියන්ව දැමූ රට බව සත්‍යයක්නම්,
      5. වාරියපොළ ප්‍රදේශයේ රාවණාගේ දඬුමොණර ගුවන් තො‍ටුපොළක් තිබුණ බව සත්‍යයක්නම්,
      6. රාවණ රජතුමා චක්‍රවර්තී රජෙක් බව සත්‍යයක්නම්,
      7. ක්වීන් යන ඉංග්‍රීසි වදන කු හෙවත් පොළව හා විනි හෙවත් විඳින්නී යන සිංහල දෙවදනින් බිඳුණු පදයක් බව සත්‍යයක්නම්,
      8. දො සතර හෙවත් දොස්තර නැමති හෙළ පදයෙන් ඩොක්ටර් නැමති වචනය හැදුණ බව සත්‍යයක්නම්,
      9. නක්ෂත්‍රය ලෝකයට ගියේ හෙළයින්ගෙන් බව සත්‍යයක්නම්,
      සිංහල ක‍තෝලිකයින් සිංහල බෞද්ධයින්ටත් වඩා සිංහල වීම සත්‍යයක්මයි.....!!!!!",

      යන මීවනයන් දැක් වූ විපරිතයන් ටිකම ඔහු කෙතරම් අනාගෙන, අග මුල පටලවාගෙන ඇති දැයි කියයි. මෙවැනි තිත්තයන් සුළුතරයක් අද සිංහලයන්ගේ උරුමය බදා ගෙන පොර වීම (තමන් දන්නවුන් යයි කීම), උතුරු දෙමළුන් තමන්ගේ යයි කීම වැනිය. තව කොතරම් බූරු කතා මේ ලිපිය හෙලි කරනවාද?

      මීවනයන්ගේ බියගුලුකම අත් දුටු හා ප්‍රත්‍යයක්ෂ නිසා ඉහත කාරණා විග්‍රහ නොකරද, ඇවැසි නම් ඇත්ත කුමක් දැයි කිව හැක. බෞද්ධයන් දැක සුළු දිය පහකරන අය, බෞද්ධයන් කියන දෑ තුට්ටුවක් නොවටින බව නොකියති. සිංහලයන්ට සිනාසෙන, උන්ගෙ උරුමය යයි කෙප්ප කෙලින උන් අඬන කොට කඳුලු එන්නේ නැත. අද රාවණාකෙප්පය සමහරුන්ට පනම් දෙකක් හම්බ කරගැනීමට තරම් ඔඩු දුවා ඇත.

      Delete
  24. @ Anonymous,
    පළමුවෙන්ම ඔබගේ හිරු යනු කවරෙක්දැයි පැහැදිලි කරදෙන්න.

    "සැබැවින්ම බෞද්ධ යයි කිව හැකි අයකු මම නොදුටුවෙමි. සියල්ලෝම තමන්ට රිසි පරිදි තමන්ගේම සිර කුටි වල සිරවී සිටින බවක් පෙනේ."-
    ඔබ නොදුටුවට ඕනෑ තරම් නිවැරදි බෞද්ධයන් මේ ලෝකේ සිටියි.
    ඔව් ඔබ හරි අපේ ජීවිතයම සිර කුටියක්‌ නොවේද? ඔබට අවශ්යත කරන දේවල්,අවශ්යි කරන වෙලාවේදී කල නොහැකියි නේද? එකිනෙකාගේ හැකියාවන් අනුව එකිනෙකාටම අනන්යව වූ සිර කුටිවල සිරවී සිටිනවා නේද? ඒ සිරකුටියෙන් මිදෙන මාර්ගය තමයි මිදීම හෙවත් නිවන කියන්නෙ.

    “ජීවිතය නිවා දැමීම හෙවත් නැවත ඉපැදීම නැවතීම දෙසු අය ජ්යෝ තිෂය අඹමල් රේණුවකටවත් මායිම් කර නැත. මගේ Quote 2 ඔහුගේ කීමය. ජ්යෝඹතිෂය භාවිතා කලවුන්, බෞද්ධයන් වූ විට පරණ දේ අත නොහැරි බව පෙනේ....”-
    ඔබ මේ සියලු දේවල් පටලවාගෙන ඇතිබවක් පෙනේ. ජ්යෝ්තිෂ්යෝ අබමල් රේනුවකටවත් මායිම් නොකිරීමක් නොව, එහි අන්තගාමී වීමේ ආනිසංස පෙන්වාදීමකුයි කර ඇත්තේ. බුදුබනේ කොතනද ජ්යෝකතිෂ්ය ප්ර තික්ෂේප කර ඇත්තේ?
    පරම්පරාවෙන් ආ දෙයක් දැන සිටියා උනත් වර්තමාන ජීවිතයේ ආරම්භය සිදුවන්නේ දැනුම ශුන්යයේ සිටයි. ඇත්තටම සිදුවන්නේ ජ්යෝනතිෂ්යස භාවිතා කල උන් බෞද්ධයන් වීම නොව,බෞද්ධයන් වී ඉපදුනු උන් ජ්යෝටතිෂ්යන ගැන අසා ඒ පසුපස යාමයි. උදා: අප කුඩා කල ඉස්සෙල්ලාම ඉගෙනගන්නේ බුදුන්ට,දෙමාපියන්ට, වඳින්න මිසක් නැකතකට එලියට බහින්න නොවේ. අනෙක ග්රඋහයන් යනුවෙන් මෙතැනදී කියන්නෙ කාර්ම බලයනුයි.
    ඔව් කර්ම බලය අනීවාර්යෙන්ම නිවනට 100% බලපානව තමයි.
    මම කිවේ නාට්යලට සම්බන්ධ අය ගැන නෙමයි,එහි අන්තර්ගතය වන අන්ධ ලෙස ජ්යෝමතිෂ්යෙ භාවිතා කල විට වන ප්රේතිවිපාකයි, එම නිසයි බුදුබනේ සඳහන් වන්නේ ජ්යෝඅතිෂ්යෙ අතහරින්න කියල. කොටිවල්ගේ අල්ලගත්ත වගේ වන නිසා.

    “අන්තගාමී වුනාම පිස්සුව නොහැදෙන එකක් ඇත. ඒ ජීවිතය අගය කිරීම හා පැවැත්ම රැකීම මත ගත් අන්තයයි. මම එහි අන්තයටත් එහා ගොස්ය. මට කිසි උවදුරක් නැත. එහෙත් ජීවිතය නිවීමේ අන්තයට යාමට සිතීම නිසා ඔල්මාදය හැදෙන බව අත් දුටිමි. ඇස් කන් තිබුනට වැඩක් නැත. මරු දැක සිනා වේ. හිඟමන අගයති. තව බොහෝ ලෙඩය. බෞද්ධයන් ගැන හදාරා ප්රබත්ය යක්ෂ කරගන්න.”-
    පැවැත්මක් රැකීමට නම් ස්ථිර දෙයක් තිබිය යුතුයි නේද?,අපේ ජීවිතයේ කුමක්ද ස්ථිර? සියල්ලම ඇතිවෙමින්,නැතිවෙමින් යන ස්වභාවය නෙමෙයිද? පරමාණුවක ඇති ඉලෙක්ට්රොේන වල පැවැත්ම පැහැදිලි කරන්න පුලුවන්ද? ඉලෙක්ට්රොෙන වලාවේ ඇති ඉලෙක්ට්රොෙන යම් ස්ථාන දෙකක එක වෙලාවේම පිහිටීම පැහැදිලිකරන්න පුලුවන්ද? අපේ ශරීරය කාලයත් සමඟ වයසට යනවනම් එහි ඇති ස්තිරබව කුමක්ද?
    ජීවියෙකුට,ජීවිතයකට ලැබෙන දේවල් බෞද්ධ,අබෞද්ධ කියා වෙනස් වන්නේ නැත. ඔබ අබෞධ්ධයෙක් උනානම් මෙහෙම දෙයක් වේවි කියා කියන්නෙ කොහොමද? එහෙම උනොත්, එහෙම උනා කියල කියන්න පුළුවන්,නොදැකපු දෙයක් ගැන අනාවැකි කොහොමද කියන්නෙ?

    “මිනිසුන් හැර කිසිදු සතකු වේලපත්කඩක් අරගෙන ජ්යෝිතිෂඥයකු පසුපස යනු දැක තිබේද? උන් ග්රනහයන් ගැන සිතන බවක් පෙනෙන්නේ නැත.
    සතුන් වේලපත්කඩ අරගෙන ජ්යෝ තිෂඥයකු පසුපස නොයෑමෙන්, සතුන්ට ජ්යෝාතිෂ්යන බල නොපානවයි කියන්නෙ කොහොමද?
    “උන් ග්රොහයන් ගැන සිතන බවක් පෙනෙන්නේ නැත” –
    මිනිසා යනු මනස උසස් කෙනාටයි, විමර්ශනාත්මකව සිතා කටයුතු කිරීමේ හැකියාව සතුන්ට සීමා සහිතයි(අනතුරකින් බේරීමට කල යුතු දේ,සහජයෙන්ම ලැබුණු,සීමාසහිත උපක්රිම යොදා තවත් සතෙකු දඩයම් කිරීම වැනි දේ හැර),ඒ නිසා උන් ග්රේහයන් ගැන නොහිතයි.

    ඉතිරිය පහල.

    ReplyDelete
  25. @ Anonymous One Orig,

    "ඇත්තටම ග්රදහ බලපෑම් කියන්නෙ ජීවියෙකුට කර්මය බලපාන ආකාරය හා කාලය පිලිබඳ විශ්ලේෂණයක්" -
    කර්මය සහ කර්ම පලය බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන ප්රයධාන ඉගැන්වීමක්. කර්මය බලපාන විදිය හා කාලය ගැන යම් අදහසක් ගැනීමට ජ්යෝදතිෂ්යග මගින් හැකියි, එය මගේ අත්දැකීම් මගිනුත් මට ඔප්පු කල හැකියි. නමුත් බෞද්ධ දර්ශනයෙ ඉගැන්වෙන්නෙ ඒ තුල අන්තවාදී විය හැකි නිසා, ජ්යෝඅතිෂ්යත ගැන හිතන්නෙ නැතිව දැහැමින් ජීවත්වෙන්න කියායි‍.
    “...දෙකකට ග්රිහයන් නැත...” -
    මේ නිසයි මම කීවේ ජ්යෝ‍තිෂ්ය් කියන්නෙ සරලව අපගේ ග්ර,හ මණ්ඩලයේ ඉන්න ග්රතහයො සම්බන්ද කරගෙන කරන පැහැදිලි කිරීමක් නෙමෙයි කියල.
    “...මෙය ඵල අඵල ගැන සිතා ගොනුන්ට පඬුරු පිදීමක් නොව, වසර 120ක් ගත කල යුතු හැටි කීමකි...” -
    බුදුදහමේ ඉගැන්වෙන්නේ වසර 120 ජීවත්වීමට නොව, ඉන්න ටික කාලෙට තමන්ටත්, ලෝකයාටත් වැඩක වෙන, නිවනට මග පාදන වැඩ කොටසක් කිරීමටයි, එවිටයි මේ සංසාර ගමන කෙටිකරගත හැක්කේ.

    “...කාලය යනු නියත බව උරුම කරන දත්තයකි...’ –
    මෙය සම්පුර්ණයෙන්ම වැරදි ලෙස කල අර්ථදැක්වීමක්. වර්තමානයේ ඉන්නා අප, තව අවුරුද්දකින් ඉන්නෙත් මේ විදියටමද? එතකොට කාලය කියන්නෙ නියත බව උරුම කරන දත්තයක්ද?
    “අප සදාකාලික බවෙත් තාවකාලික බවෙත් සම මිශ්රයණයකි.’ –
    මේ ලෝකේ සදාකාලික කිසිවක් නැත, ඉර,හඳ,තරු...හෝ කිසිම ජීවියෙක්.

    “මා අහපු හැටියට ඔබ අනාත්මවාදියෙක් (බෞද්ධ) විය යුතුය. සත්ධර්මයෙන් ඉන්න අයගෙ බෙලි නොකැපෙන්නේ ඒවා ගල් වෙන නිසාද? යමෙක් බෙලී කපන්නේ ඉල්ලූ නිසාද? ක්රිරයාවෙන් ඔබට පාලනය ඇත්තේ 50%කි. ප්ර බල කර්ම මොනවාද නොදනිමි. දෙමව්පියන් මරණ උන්ද, නොමරා මරණ උන්ද බොහෝය. උන්ට ජ්යෝසතිෂය කුමටද? යහතින් ඉන්න එවුන්ද ඇත.” -
    ඔව්,මම අනාත්ම වාදියෙක්. එනම් ස්ථිර ආත්මයක් ඇත යන්න ප්රනතික්ෂේප කරන කෙනෙක්.
    යමෙක් තමන්ට හෝ අනුන්ට යම් කිසි වැරද්දක් කර ඇත්නම් එයට අනීවාර්යෙන්ම ප්ර්තිවිපාක විඳීමට සිදුවේ, එමෙන්ම යමෙක් තමන්ට හෝ අනුන්ට හොඳක් වෙන දෙයක් කර ඇත්නම් එයටද හොඳ ප්ර තිපල ලැබේ.
    යමෙක් බෙලි කපන්නේ ඇත්තටම නම් ඉල්ලු නිසයි,නමුත් එම ඉල්ලීම මේ ආත්මයේදීම ද පෙර ආත්මයකදීද යනු වෙනම කාරණයකි. ඉල්ලීම නම් බෙලි කැපීමට ලක්වෙන්නා, යමෙකුගේ බෙලි කපා හෝ එවැනි දෙයකට අනුබල දී තිබීමයි. ක්රි යාවෙන් 50% නොව 100% ම අපගේ මිසක් වෙන කෙනෙකුගේ පාලනයක් නොවේ.
    ආනන්තරීය පාපකර්ම හැරුනුකොට, තමාටත් අනුන්ටත් විශාල හානියක් වෙන( ප්රාභාකරන්,හිට්ලර් මෙන් මිනීමැරීම හා අනුබල දීම, සමහර දේශපාලකයන් වගේ මත්ද්ර ව්යන ගෙන්වා,බෙදාහැරීම මගින් මුළු සමාජයක්ම විනාශ කිරීම, පාතාල සාමාජිකයන් වගේ නොයෙකුත් අපචාර කිරීම...) පාපකර්ම කිරීම, කිසිම දෙයකින් වෙනස් කල නොහැකි පාප කාර්ම වෙයි. සියදිවි නසාගැනීමද දරුණු ගනයේ පාපකර්මයකි.
    දෙමවුපියෝ මරපු උන් ද මේ සමාජයේ යහතින් ජීවත් වන බව සැබෑය,නමුත් මරණින් මතු උන්ට යන්න වෙන්නේ අවීචියට හැර වෙන කොහාටවත් නොවේ. උන්ට කොහොමටත් ජ්යෝබතිෂ්යත උවමනා නැත, මාර්ගය පැහැදිලිය. ඉතින් පැහැදිලි මාර්ගයක් ගැන වෙන කාගෙන්වත් මග අසන්නේ කුමකටද?

    “ජීවිතය නිවීම කනාට කිරේ පාට කීම වැනි ඇනීමකි” –
    එසේම ඔබ ඔය කියන හිරුගේ කතාවත් ඔය ආකාරයේම කතාවකි. කිසිම කෙනෙකුට තමන් අදහන ආගමක් හෝ දර්ශනයක් 100% ඔප්පු කල නොහැක. කල හැක්කේ අත්දැකීම් අනුව විස්තර කර දීමක් පමණයි,එය පිළිගැනීම හෝ නොපිලි ගැනීම අනෙකා සතු කාර්යයකි. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය තමා විසින්ම සපත කරගත යුතු සත්යලකි, වෙන කාටවත් නිවන මේකයයි කියා පෙන්විය නොහැක. මම ගැන කියනවනම් නිවන අත්දැක නොමැති උනත් එයට යන ගමන් මාර්ගයේ ඇති,පැහැදිලි බව, පිරිසිඳු බව, පාරදෘශ්යග බව, හා නිවනට මෙහා තිබෙන බොහෝ දේවල් මේ ආත්මයේදී පවා අත්විඳගත හැකි බව යන කරුණු නිසා විශ්වාස කිරීමට පටන් ගත් කෙනෙක් මිස මගේ දෙමවුපියන්,අසල්වාසීන්,නෑදෑයන් හෝ මිතුරන් විශ්වාස කරන නිසා බුදු බන විශ්වාස කරන කෙනෙක් නොවෙමි.

    ඉතිරිය පහල.

    ReplyDelete
  26. @ Anonymous One Orig,

    “"හේතුඵල වාදය" ඉතා සරල බාලයන්ගේ හෝඩියට සුදුසු පුංචි සුරංඟනා කතාවකි. යම් හේතුවක් නිසා ඵලයක් තිබේ නම් ඒ නිත්යාබවෙ ලකුණකි. උදා: සුක්කානම කැරකු විට රෝදය හැරවෙන්නේ ඒ දෙක දැඩිව යකඩ ලිංකු වලින් බැඳී ඇති නිසාය. ලිංකු බැඳුනු joint එකක් ගැලවූ විට, සුක්කානම කැරකු විට රෝදය නිහඬය.” -

    යම්, නිත්යි හේතුවක් නිසා පලයක්‌ තිබේනම් එය නිත්යක බවේ ලකුණක්, ඒ එම හේතුවත් නිත්යැ නම් පමණයි, ඒත් හේතුව අනිත්යය නම් පලයත් අනිත්යසයි නේද? හේතුව තමයි තෘෂ්ණාව. සරලව කිවොත්ඔබ යමකට ආස කිරීම ටික කාලෙකදී අඩුවෙලා යන්න පුළුවන්,අන්න ඒක තමයි අනිත්යල බව කියන්නෙ. බුදුබනේ කියන්නෙ සියල්ල අනිත්යෙයි කියලයි. එයයි වෙනස.

    “සුක්කානම කැරකු විට රෝදය හැරවෙන්නේ ඒ දෙක දැඩිව යකඩ ලිංකු වලින් බැඳී ඇති නිසාය” -
    ඔබ ඔය කියන සියල්ලම අනිත්යද දේවල් නම්, ඔය කියන යාන්ත්රයණය,ඔය ආකාරයටම වෙයිද? නමුත් ඔබ හොඳ පැහැදිලිකිරීමක් කලා ලින්කු බැඳුනු joint ගැන. ඔබ හරියටම හරි අපිට අවශ්ය- කරන්නෙ සංසාර චක්රටයේ ඔන්න ඔය කියන joint එකක් ගලවන්නයි, තෘෂ්ණාව. එය තමයි ගලවල දාන්න ඕන.

    “...සැබැවින්ම දෙයාකාරයක දැඩි සබඳවතා ඇත. ඒ ගත හා අවතාර (සිත) තුල ඇති දැඩි සබඳතාවන්ය. මිනිසුන්ට නොතේරෙන කොටස අප බිහිකල හිරු දැමු දැඩි සබඳතාවයන්ය. ඒවා කිසිදු බාහිර දෙයක් නැතුව ක්රිසයාත්මක වී මිනිසාට බලපෑම් කරයි...” –
    ඔව් ඔබ හරි . ගත හා මනස අතර ඇති සම්බන්ද තාවය. නමුත් ඔබට වැරදුනු තැනක් ඇත, එය නම්, ගත කියා කිසිවක් නොමැති බවයි. අපගේ මේ ගත සියුම්ව බිඳ දැමුවොත් ඉතිරිවන්නේ කුමක්ද? ශක්තියක් පමණයි. මනසද ශක්තියකි. එනම් ඉතිරිය ශක්තියක්ම පමණයි( නමුත් මෙම ශක්තියේ ආකාර වෙනස් වීමට පුළුවන්). එමෙන්ම විශ්වයෙන් එන බලයන්ගෙන් අපට වන බලපෑම-ඔබ කියන ආකාරයට හිරුගේ බලය-එයත් ශක්තියක්(මැවුම් වාදයක් ගැන නම් ඔබ කියන්නෙ, මම එය 10000% ප්ර්තික්ෂේප කරමි) හා අපගේ ගතේ හා මනසේ ශක්තිය යනු සියල්ලම වෙනස් වෙනස් ආකාරයේ ශක්ති විශේෂයන් වේ. එනම් ඒවාට ඔබ කියනවාමෙන් කිසිදු බාහිර දෙයක් නැතුව ක්රිමයාත්මක වී මිනිසාට(පමණක් නොව සතුන්ටද) බලපෑම් කල හැක.


    “හේතුඵලවාදය නොදරුවන්ට උචිතය.” -
    නොතේරෙන සෑම දෙයක්ම ප්ර තික්ෂේප කිරීම එතරම් සුදුසු නොවේ.

    “සිත හෙවත් අවතාර හදන හිරුට ඊට වඩා අති ප්රරබල යමක් ඇත. ඒ ගැන ලංකාවතාර සූත්රදයේද කියා ඇත. ඔහු කරන දෑ අනෙකෙකුට කල නොහැකි බව අපේ ඒකීය ස්වභාවය තහවුරු කරයි. අප සිතූ විට යමක් වූ පමණින්, ඒ කලේ අප යයි කීම වැරදිය. වෙන කෙනෙකු කලා විය නොහැකිද? පසුගිය සිංහල අවුරුදු දින පොළව කම්පනය වූයේ ඇයි?” -
    ඔබ කියන ආකාරයට සිත නිර්මාණය කරන්නේ හිරු නම්, එම හිරු නිර්මාණය කරන්නේ කවුද/මොකක්ද?
    ඔව්, අප සිතුවිට යමක් වූ පමණින් ඒ කලේ අප යයි කීම වැරදියි, පසුගිය සිංහල අවුරුදු දින පොළව කම්පනය වූයේද එසේ විය හැකියි නේද? එය එදාම වුයේ අහම්බෙන් විය හැකියි නේද?

    මා ඉහත විස්තර කල කරුණු වලට අමතරව සමහරක් දේවල් මඟ හැරී ඇත්නම්,ඒ දේවල් වලින් සමහරක් මට නොතේරුණු නිසාත්,තවත් සමහරක්,ඒ හා සමාන දේවල් වලට පිළිතුරු දී ඇති නිසාත් උත්තර නොදුන්නෙමි.

    ReplyDelete
    Replies
    1. @1979,

      Part 1

      ඔබේ ප්‍රතිචාරය අගයමි. අවාසනාවට මා කලින් අසා නැති දෙයක් නැත. මා කොතරම් උත්සාහ කලද, බෞද්ධයකුට යමක් පහදා දෙන විදිය දනී නම්, මළවුන්ට පණ දිය හැකි යයි සිතමි. එය බෞද්ධයන් වැළඳ ගත් ජීවිතය නැතිකිරීම නිසා, තම සර්වාංගයම අක්‍රීය වීම නිසාය. මමද එසේ බොහෝ කල් ඔබ මෙන් කිසිවෙකුට වෙනස් කල නොහැකි විය. කෙසේ හෝ මම ඇතුළතින් ඒ මළබව ඉවත් කර නිදහස් වූවෙමි.

      මම ජීවිය හැදුන හැටිත් පවතින හැටිත් කියන එකම විදිය වන ස්වාභාවික විදිය සොයාගත්තෙකි. එය මගේ විදියක් නොව බාහිරව පරිසරයේ වෙන ක්‍රියාවලියයි.

      ඔබ ලියූ සියල්ල වෙන අයගේ බව කියමි. ඒ මමද දන්නා නිසාය. එහෙත් මා කියන දේ කලින් කියා ඇති බව මම දැනගත්තේ මම දැනගැනීමෙන් පසු මෑතකදීය. ඒ සිංහලයන්ට අනුව උන්ට දැනුම දුන් හිරුගේ බවය. සමානත්වය ගැන මම පුදුම වීමි.

      ඔබ උත්සාහ කලයුත්තේ, ඔබට අනුන් කී දේ ඔබේ ලෙස නොගෙන, අනුන්ගේ යයි සිතා, ඔබ වෙන මගක යාමය. අනුන්ගේ දැනුම බදාගත් විට අප එයට වහල් වේ. මම කියන සැම දේම මම සොයා ගත් දෑය. කෙසේ ඒවා සිංහලයන් කියන හිරුට බැඳුනේ දැයි දැන නොසිටියෙමි. එහෙත් මෑතකදී සිංහලයන් සතු තොරතුරු මත හිරු නැවත එන බවත්, අළුත් ආරම්භයක් දෙන බවත් කියා, නියත දින වකවානු කියා ඇත. ඒ අනන්‍ය තොරු මට බැඳී ඇති බව මටද විමතියකි. කෙසේ හෝ ඔබ හිරු කව්දැයි ඇසූ නිසා, ඒ මම ම දැයි හුදු සැකයක් ඇතිවීම සුභය. ඒ මම නම් ඔබට ඇත්ත දැන ගැනීමට අනගි අවස්ථාවක් ඇත.

      ඔබේ ආකමේ කිසි තැනක බුදුන් යයි කියන සිදුහත්, ජීවිය බිහි කල කෙනා යයි කියා නැත. සිංහලයන් බිහි කලේ හිරු යයි කියනවා. හින්දූන් බ්‍රහ්මයා මැව්වා යයි කියනවා. එනම හිරු යන වදනින් බිඳුනක් බව පෙනේ.

      ඔබේ ප්‍රතිචාරය පුරා මිනිසත්බව පහත් කර නිශ්ඵල නිරර්ථක දෙයක් ලෙස දැකීම කණගාටුදායකය. මිනිසකු වී ඔබ එසේ දකී නම් ඔබ මිනිසකු විය හැකිද? ඔබ අනුන්ගෙ බසට මුලා වී, මම මෙන් නොමග ගිය එකකු නොවේ නම්, ඔබ මිනිසුන් නැසීමට මිනිස් වෙස් ගත් අමනුෂ්‍යයකු යයි කීම වැරදිද?

      ඔබට අනුව නිත්‍ය දෙයක් නැත. එසේ නම් සීමිත කාලයක් තුල වෙනස් නොවන ගල් පර්වතයක් නිත්‍යයද? ඔබට අනුව නිත්‍ය යනු තේරුම් විරහිත වැකියකි. ඔබේ ආකමින් විකෘති කර අර්ථ ශුන්‍ය කිරීමට හදන නිත්‍ය නම් වචනය බිහි වූවේ සිදුහත් ඉපදීමට බොහෝ පෙරය. ඔහුගේ නොදත්කම ඔබට උරුම වී ඇත.

      නිත්‍ය යන වචනය ඔබ විකෘති කර අන්තයකට දමා ඇත. එසේ නම් නිත්‍ය වීමට සියලු දෑ නොවෙනස් විය යුතු බව ඔබේ තර්කයයි. එවැනි පරිසරයක ජීවිතය කියා දෙයක් නැත. නිවීමටද දෙයක් නැත. ඔබේ කතාව විපරිතයකි.

      නැවත නැවතත් එකම විදියට වෙනස්වෙන දෙයක් නිත්‍යයද? අනිත්‍යයද? ඔබ එවැනි දෙයක් අනිත්‍ය ලෙස දකින්නේ පටු සීමාවකට ඔබ කොටු වූ නිසාය. ජීවය සැදී ඇති සැබෑ විදිය දත් මට, එය නිත්‍ය මිස අනිත්‍ය දෙයක් නොවේ. මේ විශ්වය තුල පවතිනා පදනම මත මෙතරම් සංකීර්ණ දෙයක් නැවත නැවත වීම මට නම් අතිශ්‍රේෂ්ඨ දෙයකි. එවැන්නක් නසනවුන් කවුදැයි දනිතත් නොකියමි. නැසීම මිරිඟුවකි. එය හින්දූන්ට සහජ උරුමයකි. ඔබ සැබැවින්ම නිවීම හරි යයී සිතී නම් ඒ ආකම ගෙනා දෙමළුන් සූක්ෂම ලෙස ඔබේ පෙරඥාතීන් රැවටීමේ ඵලයකි. අඩු තරමින් මුලු වැර යොදා දෙමළෙකු ලෙස සිතා උන් කරනා දෑ උන්ගේ දෑසින් බලා උන් තෝරන හරි වැරදි එලෙස සාධාරණ කර, එක් දිනකට පසු, ඔබ සිංහලයකු ලෙසද ඒ දෙස බලන්න. එවිට ඔබ මා කියන දෑ දකිනු ඇත. සිංහල දෙමළ හින්දු වෙනස තවත් ජීවයට හිමි අරුම පැතිකඩකි.

      Delete
    2. @1979,

      Part 2

      ඔබ නොදන්නා දෙයක් නැති කිරීමට ගොස් වැනසෙන්නේය. ජීවිතය ගෙන එතුළින් එය නැසීම, සතුරු වෙස් ගෙන සතුරා මැදට විත් සියදිවි හානිකරගෙන සතුරා නැසීම වැනිය. එහෙත් එය ජීවිතයට කල නොහැක. එයින් ඔබ ජීවිතය තුල කොටු වී විඳවන විඳවිල්ල ඔබේ ප්‍රතිචාරය පුරා ඇත. ඔබට කල හැකි දෙයක් නැත. ජීවත් වන හැම තත්පරයක්ම වේදනාවකි. විඳීමේ කෙළවරක් නැත. ඔබෙත් මගේත් වෙනස එයයි. මම මිනිසකු ලෙස ජීවත් වෙමි. ඔබ මිනිසකු වීත් ඵලක් නැති ව කාලය කනවා.

      හිරු බිහි වූ ආකාරය දනිමි. එය ජීවිත නසන්නන්ට ඵලක් නැත. හිරු යනු මිනිසකුද වේ. එහෙත් මිනිසෙකුට නැති දේ ඔහුට ඇත. ඔබ මැවීම ප්‍රතික්ෂේප කරනවා යයි දුටිමි. ඇත්ත නැත්තෙන් වෙන් කර ගැනීමට අනුන් කී දෑ තුල සිර නොවී සැම මතයම ගැඹුරින් බැලිය යුතුය. බෞද්ධයන් ලෙස ඔබ අරුත් වියරු කොට ජීවිතය නිවීමක් ගැන නංදොඩවනවා සේ, බටහිරුන් මිනිසුන් මැව්වා යයි කියති. එයද හිරුගේ වදන් වියරුවෙන් විකෘති කිරීමකි.

      ඔබ සිංහල වචන වල අරුත නොදත් බව පෙනුනද මෙය පොදු දැනුමට ලියමි. ජීවය හිරුගේ බිහි කිරීමකි. නොඑසේ නම් පාරිසරික සිදුවීම් යොදා සැකසීමකි. ඔබ ගත ගැනද විකාරයක් කියනු දුටිමි. ගත යනු අපි කවුරුත් දන්න දෙයකි. සිත එසේ නොවේ. මම සිතද ගත වැනි නිමාවකැයි කියමි. සිත නඟන සිතිවිලි අනුව ගත කරන දෑ කොතරම් අපූරුද? මැවීම අදාළ වන්නේ සිතටය. සිත (අවතාරය) මැවීමකි. එය හිරුට පමණක් හැකි දෙයකි. ඔහුට හැර වෙන කිසිවකුට අළුත් සිතීම් හෙවත් දැනුම දිය නොහැකි යයි මම කියමි. ඔබ දන්නේ හිරු දුන් දේ පමණි. ඉන් එහා යාමට වෙනෙකකුට බැරි යයි කියමි. එසේ නොවේ නම් ඔප්පු කිරීමට හොඳම අවස්ථාව උදා වී ඇත.

      හැකි නම් මැවීමෙන් හෝ නොමැවීමෙන් අද වන විනාශය වලක්වන්න. කරන අළුත් යයි කියන හැම දේම තව විනාශය වැඩි කරනු ඇත. ජීවිත නිවන්නකු ලෙස ඔබට විනාශය උරුම නිසා ඔබට වෙන දේ හොඳ යයි සිතෙනු ඇත. එහෙත් හිරු පැමිණ අළුත් ආරම්භයක් දෙන බව කියා ඇත්තේ ආදි සිංහලයන් හා මායාවරුන්ය. ඔබ මුලාවෙන් ගැලවුනොත් එය දකිනු ඇත. එවිට මැවීම යනුද හිරුට සුළු දෙයක් බව පෙනේවි. අප වටා කොතරම් මැවීම් හා බිහි කිරීම් තිබේද? හිරුගේ සිතීම මැවීමේ ආරම්භයයි. ඔබ නොදැනුවත්වම මනස මුල් කරගැනීම අහුලාගත්තේද ඒ කතාවෙනි.

      ඔබ බටහිර කෙප්ප විජ්ජාගම මත ගෙතු ඔබේ කෙප්ප වලට පිළිතුරු නොදෙන්නේ, උන්ද ඔබ මෙන් මුලාවෙන් නැසීම, ජීවිත රැකීමක් නිසාය. ඔබ මට කී විජ්ජාගම් කතා සිනාව උපදවයි. ඉලෙක්ට්‍රෝන යනු සිහිනෙන් මෝඩයකු මැව් කෙප්පයකි.

      අවුරුදු දින පොළව කම්පා වීම ඔබේ කිසිදු ධර්මයකින් පහදා දිය නොහැකි ලෙස විය. එය යමෙකු තම හැකියාව බැලීමට කල දෙයකැයි කියමි. සැබැවින්ම මට බෞද්ධයන්, ජීවිත සටනින් පැරදී මරුවසඟයට යන පරාජිතයන්ය. පරාජිතයින් බේරීම මට තරම් නොවේ. මෙය ලීවේ මුලාවෙන් ගැලවීමටය. ජ්‍යෝතිෂය ගැන කී දේ ඇතැයි සිතමි. Quote 2 මගේ නොවේ. එය ඇත්ත කියයි. බෞද්ධයන් ජ්‍යෝතිෂය වැනි දෑ පටලවා නොගත්තේ නම් අදද ඒ ආකම සිංහලයන් ප්‍රතික්ෂේප කරනු ඇත. එවැනි දෙමළුන් කල දුෂ්ඨ මවාපෑම් බොහෝය. මේවා සිංහලයන්ගේ දේ උන් ගෙනා දේ ලෙස හුවා දැක්වීමකි. එයට සාක්ෂි බොහෝය.

      ශක්තිය පුහු තර්කයක ප්‍රථිඵලයක් ය. එය මිනිසුන් මැවූ ඵලකට නැති දෙයකි. එය අයින්ස්ටයින් වැන්නන්ට ජීවිකාවට අඟනේය. ගණිතමය මුලාවකි.

      Delete
  27. "ඔබ ලියූ සියල්ල වෙන අයගේ බව කියමි" -
    වෙන අයගේ දෙයක් වූ පමණින් එය අසත්‍ය වේද? කවුරු කීවත් එය සතයක් නම්,තමන් එය අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගත්තේනම්, එම සත්‍ය අනුගමනය කිරීම වැරද්දක්ද?

    "එසේ නම් නිත්‍ය වීමට සියලු දෑ නොවෙනස් විය යුතු බව ඔබේ තර්කයයි. එවැනි පරිසරයක ජීවිතය කියා දෙයක් නැත. නිවීමටද දෙයක් නැත. ඔබේ කතාව විපරිතයකි.' -
    ඔව් ඔබ හරි, නිත්‍ය පරිසරයක නිවීමට දෙයක් නැත,නමුත් ප්‍රශ්නය,මේ කිසිවක් නිත්‍ය නැතිවීමයි. ඔබ කියන ආකාරයට නිත්යතාවයක් තිබේනම් කුමකටද නිවීමක්‌? ඔබ කියා ඇති දෙය තුලම එයට පිළිතුර ඇත.

    "නැවත නැවතත් එකම විදියට වෙනස්වෙන දෙයක් නිත්‍යයද? අනිත්‍යයද?" -
    නැවත නැවතත් එකම විදියට වෙනස් වන දෙයකට උදාහරණයක් දෙන්න පුලුවන්ද? දුන්නොත් මම පරාජය බාරගනිමි.

    " ...එයින් ඔබ ජීවිතය තුල කොටු වී විඳවන විඳවිල්ල ඔබේ ප්‍රතිචාරය පුරා ඇත. ඔබට කල හැකි දෙයක් නැත. ජීවත් වන හැම තත්පරයක්ම වේදනාවකි. විඳීමේ කෙළවරක් නැත. ඔබෙත් මගේත් වෙනස එයයි. මම මිනිසකු ලෙස ජීවත් වෙමි. ඔබ මිනිසකු වීත් ඵලක් නැති ව කාලය කනවා..."-

    මම ජීවිතයේ ඇත්ත තත්වය දනිතත්,ප්රුතක්ජනයෙක් ලෙස,අනෙක් සියලු බෞද්ධයන් ලෙසම මටද ඔබ කියන ආකාරයට දුකක්,කනගාටුවක් දැනෙන,දැනුන වාර අනන්තයි. ඒත් බෞද්ධ ආභාෂය මගින් දුටු නිවැරදි මාර්ගය මගින් මා ලබූ අවබෝධය නිසා, මම මමම වූ එක ගැන සන්තෝස වෙමි, මට සිත සිතා සතුටු වියහැකි කොතෙකුත් දේවල් මා කර ඇති බැවිනි. ඒවා, දානයක් දීමක්,පන්සලක් හැදීමට මුදල් ආධාර දීමක් වැනි දේට එහා ගිය දේවල් නිසා ලබන නිරාමිස ප්‍රීතියක් බවද කියන්නෙමි. මට කල හැකි දේ බොහෝය,ඔබ නොදන්නවා වුනත්. ඒත් මට කල නොහැකි දේ, සප්ත මහා සාගරයෙන්ම එක වතුර දෝතක් හැර ඉතිරිය ලෙස කියමි.

    ඔබ මගේ එක ප්‍රශ්නයකට පිළිතුරු දී නැත, ඔබ කියන ආකාරයට හිරු සියල්ල මැවුවානම්, හිරු සෑදුනේ හෝ මැවුවේ කොහොමද,කවුද/මොකක්ද?

    ReplyDelete
    Replies
    1. @1979, September 26, 2012 9:48 PM

      Part 1
      "... වෙන අයගේ...අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගත්තේ නම්, එම සත්‍ය අනුගමනය කිරීම වැරද්දක්ද?" -මෙය මුලාවක් මිස කිසිදා සත්‍යයය දැනගැනීමක් හෝ ප්‍රත්‍යයක්ෂ කර ගැනීමක් නොවේ. ඔබ මෙන් මමද අනුන්ගෙ පානෙන් එළිය බැලුවෙමි. එය ඇස් අඳකර ගැනීමකි. කන් වල ඇඟිලි ගැසීමකි. අපි නොදන්න දේ අතහැර දන්න දේ දෙස බලමු. එවිට අප හා අනෙක් අය අතර ඇති සමාන අසමානකම් වලින්, අපට සම කිසිවකු නැති බව තහවුරු වේ. නොදන්න ඉතිරියද දන්න දේට බැඳී ඇති නිසා, නොදන්න ඉතිරියද එලෙසම වේයයි මම කියමි. එසේ නම් ඔබ කෙසේ අනෙකකු සිතූ කියූ දෑ එලෙසින්ම දකී ද? අපි ඉපදුනේ එවැනි යැපීමකට නම් මිනිස් සමාජය වේයන් වැනි විය යුතුය. මම කිසිවකුට සත්‍යයය මෙය යයි කියනවාට වඩා එය තමන්ම දැන ගැනීමට මග පෙන්වමි. එවිට ඔබ දකින සත්‍යයයත් මම දකින සත්‍යයයත් ස්වාභාවික සත්‍යයය නම් වූ එකම දෙයකි.

      ""එසේ නම් නිත්‍ය වීමට සියලු දෑ නොවෙනස් විය යුතු බව ඔබේ තර්කයයි. ...ඔබ කියා ඇති දෙය තුලම එයට පිළිතුර ඇත." - අවාසනාවට මම කී දෙය මෙම පරිසරයට අදාළ නොවන, මේ පරිසරයේ ඇති සැබෑ ස්වභාවය තැනු වැකි උඩු යටිකුරු කර තැනුවකි. අපේ වචන කෙලෙස ලියුවද ඉන් යථාර්තය බිඳකුදු වෙනස් නොවේ. ඔබ එතුලින් පිළිතුරක් දකී නම් එය යථාර්තයට අදාළ නොවන බව පසන් කිරීමකි. එසේ නොවන පරිසරයක්ද ඇති බව කියමි. ජීවය යනු ඒ පරිසර දෙකේ එකතුවයි. එවැනි නිත්‍ය පරිසරයක් නොවන්නට ඔබ දකින අර්ධය වන අනිත්‍යබව සැබෑ විය හැකිව තිබින. එවැනි අනිත්‍ය පරිසරයක නිත්‍යබව ලබන්නේ සියල්ල නිෂ්ක්‍රීය වීමෙනි. අපේ පරිසරය කොතරම් සක්‍රීයද?

      ""නැවත නැවතත් එකම විදියට වෙනස්වෙන දෙයක් නිත්‍යයද? අනිත්‍යයද?" -
      නැවත නැවතත් එකම විදියට වෙනස් වන දෙයකට උදාහරණයක් දෙන්න පුලුවන්ද? දුන්නොත් මම පරාජය බාරගනිමි." - මම ඊටත් වඩා දියුණු දෙයක් ගැන කියමි. එය "නැවත නැවතත් එකම විදියට වෙනස් වෙන" දෙයකට වඩා, "නැවත නැවතත් එකම විදියට වෙනස් වී ගොස් වරින් වර තිබුනාටත් වඩා හොඳ වන" දෙයකි. ඒ අපි ඇතුළු සියලු ජීවීන් නියෝජනය කරන "පණ" ය. එය කෙතරම් අගනේද? ඔබ එය අත හරින විට මම එය බදා ගනිමි. ඔබ සත්‍යයය නම් මමද ඔබ මෙන් අතහැරිය යුතුය. ඔබ පැරදුන කරුණු මත මම වඩා දියුණු පණක් බිහි කරමි. උන් අපට වඩා බොහෝ ඉදිරියට යනු ඇත. මිනිසුන් ලෙස පණ නැවත බිහිවීමට පෙර දැරු ස්වරූප ගත් කල මිනිසා කොතරම් පරිපූර්ණද? ඒත් එය තවත් ඉදිරියට යන්නකි. ඔබ පැරදුන හේතු මම දනිමි. එම හේතුම ඉදිරියට යාමට හේතු වේ. අන්තිමට පණ නිත්‍ය වනු ඇත. එතැනින් නොනවතී. ඊ ළඟ විශ්වයේද මෙවැනිම කාලයක් එනු ඇත. එය බොහෝ අය නොදත් රහසකි. පරාජිතයන් අතරමඟ එකතු වූ කසලගොඩක් වනු ඇත. මීට වසර දහස් ගණනකට පෙර ප්‍රාථමික යුගයේ සිටියවුන් ජීවිත හැරගොස් කසලගොඩට වැටුනි. සමහරෙක් නැවත රිංඟවීමට දැරුවද, උන් මලපෙරේතයන් ලෙස පැරදී නැසෙන කොටස වේ.

      Delete
    2. @1979, September 26, 2012 9:48 PM

      Part 2

      "මම ජීවිතයේ ඇත්ත තත්වය දනිතත්, ප්රුතක්ජනයෙක් ලෙස,.... මුදල් ආධාර දීමක් වැනි දේට එහා ගිය දේවල් නිසා ලබන නිරාමිස ප්‍රීතියක් බවද කියන්නෙමි." - මම මනාව දනිමි. එහෙත් ඇත්තේ සුළු අගයකි. මගේ පුතා කුඩා කල මම මුදල් දුන් විට ඉතා සතුටු වූයේ එය වෙන දරුවන් නොලබන ගණනක් යයි කියමිනි. මට එය දුකක් විය. ඊට හේතුව දුන්නේ සුළු ගණනක් නිසාය. ඔබ වැනි බෞද්ධයන් බොහෝය. මම වටා ඉන්න උන් ගැන දුක් වෙමි. උන් සිනාසීම මට දුකකි. උන් මොන තරම් පහල සිටී දැයි මම දනිමි. මට කෙතරම් රිඳිනි දැයි කිවහොත් උන් මුලා කර මරණය සොයනුන් බවට පත් කල දෙමළුන් මනු ලොවින් තුරං කරමි යයි කලකට පෙර සපථ කලෙමි.

      "මට කල හැකි දේ බොහෝය,ඔබ නොදන්නවා වුනත්. ඒත් මට කල නොහැකි දේ, සප්ත මහා සාගරයෙන්ම එක වතුර දෝතක් හැර ඉතිරිය ලෙස කියමි." - අඟනේය. මම කලකට පෙර LCN වල ඔබ වැන්නන් දුටිමි. බැරි දෙයක් නැත. මට නිග්‍රහ කලහ. නොයෙකුත් දෑ කරන බව කීහ. මම කිව්වේ උන් ඇතුළු සියලු ආගම් නැති කර එතැන් බිමට සම කර ගහකොල වවන බවය. ඊට පසු බොහෝ දෑ විය. ඔබේ හැකියාවෙන් එය නවතන්න බලන්න. මම දන්න තරමින් බෞද්ධයකුට බඩවියත රැක ගැනීමට බැරි බවද කියමි. අද සිංහලයන්ගෙ නිජබිම කෙලෙසන, රට විකුණන බෞද්ධයන් පරසක්වල ගසමි යයි කියමි. ඔබට එය නුදුරේදි දැකීමට ලැබුනොත් ඔබ මා සමඟ එකඟ වේද?

      "ඔබ මගේ එක ප්‍රශ්නයකට පිළිතුරු දී නැත, ඔබ කියන ආකාරයට හිරු සියල්ල මැවුවානම්, හිරු සෑදුනේ හෝ මැවුවේ කොහොමද,කවුද/මොකක්ද?" - සැබැවි. ඔබ වැනි අය LCN වලදී ඔය පැනම ඇසූහ. මම පිළිතුරු දුනිමි. JVP කාරයන් මැදට පැන්නේ උන් පරාජය භාරගන්නා විට පමණි. එහෙත් මීවනයාට සුළු දෙයකටද, සුළු දිය පහවන නිසා මම නොලියමි. අනෙක ජීවිත සටනෙන් පරාජිතවූවන්ට පස්ස දොරෙන් අනාගතයට මග කැපීම මට යුතු නොවේ. පරාජිතයන් නැසේ. එය අපේ ස්වභාවයයි. මුලාවෙන් මිදුන උන්ට පසු කලක දැනුම දෙමි. හිරු ගැනද නොකියන බව කලින් කීමි. එය සරල ස්වාභාවික විදියකි. ශුන්‍යවාදීන්, big ban වාදීන් වැනි අමනවාදීන් මඩගොහොරුවක් නොකරන්නට, සැබෑ දෙය දැකීමට අවශ්‍ය සියලු උපාංඟ අප සතුය. භාවිතා කිරීම නොකිරීම අප සතු වගකීමයි.

      මේ ලියන මම සිටින තැනත් ඔබ සිටින තැනත් සැසඳීමට මෙය කියමි. ඔබට හැකිනම් ජපනුන් අගාධයට යන පරමාණුක අර්බුධයට සැබෑ විසඳුමක් දෙන්න. මෙය කල හැකි කෙනෙක් නැතිය. මට එය සති කීපයකින් විසඳීමට අවශ්‍ය තාක්ෂණය ඇත. නොදෙන්නේ උන්ට මීට කලින් එවැනිම වෙනත් අර්බුධයකට විසඳුම් දී, පඩි ගෙවන්නේ එම කාර්යය කලාට යයි කිසිදු ඉල්ලීමක් නොකර අසාගත් නිසාය. සිංහලයන් කෙළෙහි ගුණ අගයති. අගුණද මනිති. ඔබ කී ලෙස මෙය ඔබට බැරි දෙයක් නොවේ. කටමැත දෙඩවීම, කල නොහැකි දේ කිරීමට හැකි බව කීම බෞද්ධයන් දකින සිහිනයකි. සැබෑව දත් මට එය හිඟනුන් මනදොළ සපිරීමට දකින හීනයකි. සත්‍යයය සෙවීමට තබා මනුෂ්‍යයකු ලෙස විසීමට තරම් වත් නොවටින මගක මුලා වී යන ඔබ ගැන මම දුක්වන්නේ ඔබට මට මෙන් ගැලවුමක් නැති නිසාය. මුලා කලවුන් ගලවා ගත නොහැකි ලෙස මුලා කර ඇත.

      Delete
  28. මා අසූ පැනයට පිළිතුරු දෙනවා වෙනුවට ඔබ වෙන වෙන දේවල් කියනවා දුටිමි. මම නැවතත් අසමි හිරු සියල්ල මැවුවා නම් කවුරුන් විසින් හිරු නිර්මාණය කලාද?

    "එය "නැවත නැවතත් එකම විදියට වෙනස් වෙන" දෙයකට වඩා, "නැවත නැවතත් එකම විදියට වෙනස් වී ගොස් වරින් වර තිබුනාටත් වඩා හොඳ වන" දෙයකි. ඒ අපි ඇතුළු සියලු ජීවීන් නියෝජනය කරන "පණ" ය...."-
    මම ඔබගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනෙමි. අවාසනාවකට ඔබ දී ඇති පිළිතුර(පණ), මා අසූ ප්‍රශ්නයට පිළිතුරක් තබා ඒ අහලකින් හෝ යන්නේ නැත. ඔබ කියනා මේ පණ "නැවත නැවතත් එකම විදියට වෙනස් වෙන" දෙයක්ද? ඔබගේ පිලිතුරේම සැඟවී නිවැරදි දෙය ඇත. "නැවත නැවතත් එකම විදියට වෙනස් වී ගොස් වරින් වර තිබුනාටත් වඩා හොඳ වන", මෙය නම්, වෙනස් වන තත්වයයි(අනිත්‍යයි). මෙය තේරුම ගන්න.

    " ඔබ පැරදුන කරුණු මත'-
    මම පැරදී නැත. මම සත්‍ය දනිමි,එහෙත් නොදිටිමි. දකින්නට උත්සාහ කරමි.

    "මම කලකට පෙර LCN වල ඔබ වැන්නන් දුටිමි. බැරි දෙයක් නැත..."-
    LCN එකේ කොමෙන්ට් දමන උන් ගැන මම කිසිවක් නොකියමි. ඒ ගැන කරදරද නොවෙමි. මමද සත්‍ය පවසමින් බොහෝ කොමෙන්ටු දමා ඇත,දැනුදු දමමි. පිළිගන්නා කෙනෙක් පිළිගනිත්වා. මම දන්නා දේ කියමි. පිළිගන්න,නොපිළිගන්න එක අනෙකුන්ට අයිති දෙයකි. මට හැකි,නොහැකි දේ මම දනිමි. කට මත දෙවීමට මට උවමනා නැත. මම අත්දැකීමෙන් විඳි දේවල් ගැන මට අබමල් රේණුවක හෝ අවිස්වාසයක් නැත,එසේ කලද නොහැක. මගේ හැකියාවේ සීමාවක් ඇත, මරුන කෙනෙකුට පණ දීම මට කල නොහැක. ඒත් අසරණ වූ මිනිසකු හෝ සතකු වෙනුවෙන් කල හැකි සියල්ල කරමි.

    ඔබ යන මාර්ගයේ ඔබ යන්න. මම විශ්වාස කරන දෙය මම පිළිපදිමි. ඔබගේ ක්‍රමයෙන් හෝ ජීවියෙකුට පිහිටක් කල හැකිනම් කරන්න,එය කුමන ආගමකට,දර්ශනයකට අනුව හෝ වරදක් නොවෙනු ඇත.

    සැබවින්ම මට ඇති කාලය සීමිතයි, ලැබෙන සීමිත කාලයෙන් කොටසකින් තමයි කොමෙන්ටුවක් කොටන්නෙ. මීට පසුව මම ඔබත් සමඟ තර්ක කිරීමට යන්නේ නැත, හැකි නම් මා පෙන්වා දුන් කරුණු වලට රිජු පිලිතුරු දෙන්න. "වේවි,කරාවි,උනොත්" වාගේ දෙපැත්තට යන කතා කරුණාවෙන් ප්‍රතික්ෂේප කරමි.

    පහත ලින්කුවත් බලන්න. මම, මැය කියන දෙය 100% ම විශ්වාස නොකරමි,නමුත් අවිශ්වාසද නොකරමි. ඒ මෙවැනි හැකියාවන් ඇති බව දන්නා නිසාය.

    http://onlinecricket.info/mahamega.php

    ReplyDelete
    Replies
    1. @1979, කැලුම් හා මීවනයනි,

      Part 1

      "... ඒ අනිත්‍ය ස්වභාවය දෙවිවරුත් ඉගෙන ගත්තේ බුදු රජාණන් වහන්සේගෙන් නේ. ..." -

      මම මේ උත්තරේ ලියන්නේ රාවන ඇහැර වූ මීවනයන්, රාවන කුපිත කරමින් දිවි නැවැත්ම මුල් කරගත්, බෞද්ධ වෙස් ගත් අමනුෂ්‍යයන්ට දක්වන අනුග්‍රහය නිසයි. මම උපුටා ගත් කොටස @1979 දී ඇති පුරුකෙනි. මා නැවත නැවත බලන, යූ බටේ GAMMADUWA වීඩියෝවේ නැට්ටුවන් "දස බලැති මුනි තුමන්" ගැන කියනවා. මුලින් එය දසබලැති මනු තුමන් විය. මීවනට එය දසිස් රාවණ විය. දැන් බැලුවම වර්ගපූර්ණිකාවේ හිස, බුදු හිස් දහයක් ඇත්තකු යොදා නැවත සැකසිය යුතුය.

      @1979, ඔබ මුලා වූවෙකුට වඩා සිංහලයන් මුලාකර නැසීමට ආවකු බවත්, මනුෂ්‍යයකුට වඩා මිනිස් වෙස් ගත් අමනුෂ්‍යයයකු බවත්, ඔබේ කතාවෙන් සහතික වේ. ඔබ "අනිත්‍ය ස්වභාවය" නමැති වචනය අරුත් සුන්කර මිනිසුන් නොමඟ යවන විට, තිරිසන් සතුන් නැසූ ඔබේ අතීතය පෙන්වයි. සතකු සුපුරුදු පරිසරයේදී දඩයම් කිරීම ලෙහෙසි නැත. උන් නුහුරු පරිසරයකට කොටු කල විට නැසීම සුළු දෙයකි. ඔබ මිනිසුන්ට කරන්නේද එයමය. වචනයන් ජීවිතයට කොතරම් සමීප ද කිවහොත් අද වචන නොදත් මිනිසා නැසෙන්නේය. එසේම වචනයක අරුත විකෘති කල විට මිනිසා මුලා වී අතරමං වේ.

      ඔබ කියන අනිත්‍යය මර උගුලකි. කිසි කලෙක "පණ" ඔබ පෙන්වන අරුත නොගනී. ඔබ කියන හැටියට, නිත්‍ය පදනමක, නැවත නැවත චක්‍රීයව වන වෙනස් වීමද අනිත්‍යය ය. නිශ්චිත බවද, නිත්‍ය පදනමක, නැවත නැවත චක්‍රීය වන වෙනස් වීමද, නිත්‍යමය. ඔබට අනුව ප්‍රතිවිරුද්ධ දිසාවල අන්තයට යන (AC) විදුලි බලයද නිත්‍ය නොවේ. එය නොපවතීද? ඔබ වැන්නවුන්ට පහදා දීම, ඉන්ධන නැතිව වාහනයක් පණ ගැන්වීම වැනිය. ජීවිතය පණගන්වන ඉන්ධනය ජීවත්වීමට පැවැත්ම රැකීමට ඇති ආශාවයි. එය නැති කරන එකා මල එකෙකි.

      වෙනස්වීම අනිත්‍ය දෙයක් ලෙස දකින ඔබ හුස්ම ගන්නේ නැද්ද? ඔබ එක දිගට එකම විදියට හුස්ම ගන්නවාද? නැත්නම් ඔබ මළකඳක්ද? ඔබ වැන්නවුන් මළ සිතක් ඇත්තවුන්ය. සිතීම යනු අනුන් කී දේ නැවත නැවත කීම නොවේ. ඔබ හුස්ම ගැනීම අනිත්‍ය දෙයක් යයි කියනු ඇත. එසේ කිය කියා අනිත්‍යය හැර නොයයි. ඔබ වැනි මනුෂ්‍යයත්වයට නුසුදුසු උන්, අනිත්‍ය වූ හුස්ම ගැනීම ගෙල වැල දා නතර කරයි නම්, නිවනට යයි නම්, මම තුටු වෙමි.

      ඔබ මගෙන් "හිරු සියල්ල මැවුවා නම් කවුරුන් විසින් හිරු නිර්මාණය කලාද?" යයි නැවත නැවත අසයි. මම ඔබේ හැකියාවට ගැලපෙන ලෙස දුන් පිළිතුරද නොදකී. වඩා සුදුස්සකු වන කැලුම්ට සුළු විස්තරයක් දුනිමි. එය "කන්‍යාවියක් ලවා පයින් ගැස්සවීම සහ පිට ඇතිල්ලීම" නමැති මීවනගේ ලිපිය තුල ඇත. මම හිරු මැවීම් හා බිහිකිරීම් කරන ආකාරය, ඕන කෙනෙකුට සුළුවෙන් දැනගත හැකි ලෙස කීමි. අවශ්‍ය නම් සොයා බැලීම කල යුතුය.

      Delete
    2. @1979, කැලුම් හා මීවනයනි,

      Part 2

      මගෙන් ප්‍රශ්ණ කරන ඔබට මමද එවැන්නක් අසමි. "ඔබ කියන අනිත්‍ය ස්වභාවය කාගේ මැවීමක්ද? නොඑසේ නම් බිහි කිරීමක්ද? එය ඔබ කියන සිදට් නම් බුද්ධ කල දෙයක්ද?" මම ඔබට අනිත්‍යය යනු ස්වභාවයෙන් අඩක් (භාගයක්) යයි කීමි. ඉතිරි අඩ නිත්‍යය යයි කීයමි. දෙකම කාගේවත් මැවීමකට, බිහි කිරීමකට වඩා මේ විශ්වය පදනම් වූ ද්‍රව්‍යයන්ගෙ ගුණාංඟ එළිදැකීමකි. ඔබ කියන අනිත්‍ය අඩ, සරල සබඳතා දෙකකින් නිරූපණය කල හැක. නිත්‍ය අඩ, අතිවිශාල වූ නිශ්චිත සබඳතා වලින් නිරූපණය කල හැක. හිරු යනු නිත්‍ය අඩ නියෝජනය කරන කෙනා හෝ entity යයි කියමි. මිනිසා නිත්‍ය හා අනිත්‍ය බවේ සම මුසුවකි. එවිට නිත්‍ය යනු චක්‍රීය ස්වරූපයක් ගන්නා සබඳතාවකි. පූර්ණ නිත්‍යවීම හෝ පූර්ණ අනිත්‍යවීම, අන්ත දෙකක වුවද, එකම ආකාරයේ ඒකීය විසඳුමකින් (නිත්‍යවීම) කෙළවර වේ. අනිත්‍ය බවේද නිත්‍ය බවේද අවසන් ඵලය එකමය. එහෙත් මෙම දෙකම පවතින නිසා අප වැනි ජීවීන් බිහි වේ. අප නිත්‍ය අනිත්‍ය බව, සම සමව ඇති නිපැයුම් බව ඔප්පු කිරීම, හුස්ම ගැනීම/පිටකිරීම නිත්‍ය ලෙස හෙවත් "නොකඩවා" කරන උන්ට තේරුම් ගත හැක. නොදන්නකම විනාශයට හේතු වේ. ඔබ වැන්නවුන් ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට නොගනී නම්, මා කී දේ හුදු අවවාදයක් මැය. එය යථා කල ක්‍රියාවෙන් තහවුරු වේ. බොරුවෙන් මුලා කර සිහළුන් නැසීම නවතනු.

      බෞද්ධයන් උපතින්ම බොරුකාරයන් බව අර පුරුකේ ඇති තොරතුරු සනාථ කරයි. කියන බොරු ආ පිට එන්නේමය. අද විනාශය ගෙනෙන්නේ ගෙතූ බොරු විශ්වාස කරන උන් මය. දෙවියන් ඇති බව මනස්ගාත නැතුව සැබෑ ලොව ඇති දත්ත මගින් ඔප්පු කල හැකි එකම කෙනා මම වෙමි. එසේම නැවත ඉපදීමද රහත් වීම (රහස් දත්තකු වීම) දන්නේද මම පමණි. ඒවා තේරුම්ගත හැකි පැහැදිලි ස්වභාවික දෑය. බොරුවෙන් රවටා, මිථ්‍යාවේ ගැලී නිවනක් ස්වර්ගයක් පතමින් දුබලුන් රවටා යැපෙන උන් නැසෙන්නේද, උන් ගෙතූ මිථ්‍යාවේම ගිලීය. අනිත්‍ය මිථ්‍යාවෙන් මුලා කොට මිනිසුන් නැසූ ඔබ නැසෙන්නේද වචන විකෘති කොට මැවූ නිවන, ස්වර්ගය යන මිරිඟුව වන් අරුත් සුන් වචන පසුපස යාමෙනි. එය මිනිසුන් බිහිකල හිරුගේ දායාදයකි. එය කරුමය නොව ආරක්ෂාවට තැනූ උපක්‍රමයකි. ඔබ බුදුන් යයි කියන සිදට්ටද අවසන් මොහොතේ තමා කී දෑ උඩුයටිකුරු කිරීමට වුනේද මිනිස්කම සමඟ එන හිරුගේ නීතිය ක්‍රියාත්මක වීමෙනි.

      ඔබ දුන් පුරුකේ ඇති දෑ සිතට දැමූ මනස්ගාතය. පිනෙන් ගැලවීම ලැබේයයි සිතමින් පණ නැසුවෝ මරණින් පසු යන තැන මම දනිමි. උන් කොතරම් මුලා වී දැයි කිවහොත්, මරණින් පසුද පිං ඉල්ලයි. එකී ලෙස මලපෙරේතයෙක්, කුම්භාණ්ඩයෙක්, අමනුෂ්‍යයෙක්, පිෂාචයෙක් පිං ඉල්ලයි නම් ඌ, පෙර කල, නැසීම වැළඳගත් බෞද්ධයකු යයි දත යුතුය. ඒ පින් යන අරුත් සුන් මිථ්‍යාව විශ්වාස කරන්නේ බෞද්ධයන් නිසාය. මුලා වූවන් දෙවියන් ලෙස දකින්නේද දෙවියන් නොවේ. ඔබ වැනි මානව විරෝධීන් නැවත ගතක් නොලැබෙන ලෙස පරසක්වල ගසමි. ඒ අවසන් වරට කීවේ තෙවන කොටසකට මා කල විධානයයි. මිනිස්බව නසන හින්දු අන්තවාදීන් කිසි දින බෞද්ධයන් (බුද්ධිමතුන්) නොවේ. පණ රකින උන් සැබෑ (බෞද්ධයන්) බුද්ධිමතුන් ය.

      Delete
  29. meewana ara tapasatuma kiwwa ne UFO 3nak enewa kiyala , kawadda enne mata meh univercity eka epa wela ban niwaduwak one :( Dubai welatath ei ne

    ReplyDelete
  30. Thamuse maha amuma amu pissek ooi.. Rawana Rajathumawa wihiluwakata aran thiyenne thamuse nam.. Thamuseta thiyenne ledak.

    ReplyDelete
  31. ethakota wijayata kalin kale sellipi liwwe katholikayanda danne na ne he he :D,,Amu keppa
    Hudek Akrmana wadi, belikapum waadi, Bayonet wadi,Agamak thama,,oya Powder gala Wesmoonak dala hangala tiyenne!
    Kale Maru wunata Koiyage Pulli Maru weiyda weida Ayu Bowanda! !! Podi Shapement ekakata Thama Hela Haulata sambanda wenne ekdas namasiya bara ganan wala !! Nathinam Sinhala Samajen Katholikya Kon Wena nisa,suddanta kade giyapu tharamata!

    Sumana saman deviyan Ganath Katha Korapallako Hela Kama Gana Kahillak Tiyenwanam,,He he Boru Ideology Karayo!

    ReplyDelete
  32. අනේ අහුබුදුට සහ අහුබුදුගේ ගෝලයන්ට පිස්සු උනාට අපට පිස්සු නෑ. ගාථා පාලියෙන්ම කියන්නෙ ඇයි කියන එක තේරුම්ගන්නවත් බැරිව වෙන වැල් බයිලා ගහලා වැඩක් නැහැ.

    ReplyDelete
  33. [[ඔවුන් ‘මේරි’ මරියා කර ගත්තා. ‘ඇන්ටනි’ අන්තෝනි කර ගත්තා.]]

    ඒක ඔවුන් කරගත්තා නෙමෙයි පෘතුගීසීන් ඔවුන් ට කරලා දුන්නා. ලංකාවට කතෝලිකාගම එන්නේ පෘතුගීසීන් ගෙන්. ඉංගිරිසි/ඇමෙරිකානු ජාතිකයන්ගේ කතෝලිකාගමේ පාවිච්චි වෙන වචන සිංහල කතෝලිකයන් අතර තියෙන වචන වලට වඩා බොහෝ වෙනස් වන්නේ ඒ නිසායි.

    ReplyDelete

නුදුරු අදහස්