Wednesday, August 22, 2012

රාවණාගේ පිරමීඩය තුළ අසභ්‍ය පින්තූර ගත් විදේශිකයින් අත් අඩංගුවේ.

ශ්‍රී රාවණ රජතුමාට නිගා වන අයුරින් ගත් අසභ්‍ය ඡයාරූප කිහිපයක් කැමරාවෙන් පිටතට ගෙන සුරක්‍ෂිත කර ගැනීමට උත්සාහ දැරූ දකුණු අප්‍රිකානු (අප්‍රි=අප්‍රියවූ, කා=කාපිරියන්, තාරක රජුට අප්‍රිය වූ කාපිරියන් දැමූ දේශය වනාහී අප්‍රිකා. මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු සූරීන්) ජාතියන් පස් දෙනෙක් හම්බන්තොට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා හම්බන්තොට වර්ණ රසායනාගාරයකට පැමිණ ඔවුන්ගේ කැමරාව තුල වූ පින්තූර ලබා මුද්‍රණය කර ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර එහි ග‍්‍රැෆික් නිර්මාණකරු අදාල පින්තූර අතර ශ්‍රී රාවණ රජතුමාට අපහාස වන ඒවාද තිබෙනු දැක හම්බන්තොට පොලීසියට දන්වා ඇත.

වහා ක‍්‍රියාත්මක වූ හම්බන්තොට පොලීසිය දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

මොවුන් අසභ්‍ය ලෙස හැසිරෙමින් ඡායා රූප ලබා ගෙන ඇත්තේ හම්බන්තොට මූද තුළ ඇති ශ්‍රී රාවණා රජතුමාගේ පිරමීඩය තුළ සිටය.

රාවණගවේශකයින් පවසන ලෙසටම ශ්‍රී රාවණ රජතුමාගේ බලකො‍ටුවක් ලෙසට පැවති පිරමීඩය හම්බන්තොට මුහුද තුළ ඇති බව මීට වසර ගණනාවකට පෙරදීම සොයාගත්තත් තාමත් බොහෝ දෙනාගෙන් වසං වී පවතී. පසුගිය සුනාමිය වෙලාවේ මූද පහත් වෙද්දී, ශ්‍රී රාවණ රජතුමාගේ එම බලකො‍ටුව වටා ඇති තාප්පය මූදෙන් මතු වූ නමුත් කිසිවෙකුට ඡායාරූප ගැනීමට නොහැකි වී ඇත.

අප පවසන දේ ඔබට සැක ඇති. ඉන්න සැක හරින්නම්... ඊජිත්තුවේ ඇති ගීසා පිරමීඩ හැදුවේ ශ්‍රී රාවණ රජතුමාගේ උපදෙස් අනුව බව, අරිසෙන් අහුබුදු, මි‍රැන්ඩෝ ඔබේසේකර, කාංචන ගීත මනමේන්ද්‍ර, සූරිය ගුණසේකර වැනි රාවණ ගවේශකයින් විසින් මැනැවින් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔප්පු කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඊට හේතු වූයේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් ඒවා හැදූ බව එහි සඳහන්ව තිබීමත්, එම පිරමීඩයක් තුළ බිත්තියේ හෙලිකොප්ටරයක පින්තුරයක් තිබීමත්ය. එසේනම්, එංගලන්තයේ සුද්දන් ලංකාවේ හෝටල් හදද්දී ඊටත් වඩා ලොකු හෝටල් එංගලන්තයේ තිබුණා වගේ, ශ්‍රී රාවණ රජතුමා මිසරයේ ගීසා පිරමීඩ හදද්දී ඊටත් වඩා ලොකු පිරමීඩ ලංකාපුරයේ තිබිය යුතු බව පැහැදිළි වෙයි. සෑම රාවණ ගවේශකයෙක්ම පවසන පරිදි ඒ අනුව ලංකාපුරයේ පිරමීඩ තිබූ අතර සමනල කන්ද පිරමීඩය හැරුණු විට අනෙකුත් සියලුම පිරමීඩ පසුගිය සුනාමි තුනෙන් මූදට යට වී ඇත. ඉහත සඳහන් වූ හම්බන්තොට මූදේ ඇති දැවැන්ත පිරමීඩය ඉන් එකකි. ඒ අසළින් කුඩාරාවනා කො‍ටුව සහ මහා රාවනා කො‍ටුව නැමැති පිරමීඩයේ බැලුම් කුළුණු (Watch Towers) දෙක තිබීමෙන් මා කියන දේ තවත් තහවුරු වෙයි.

මෙහි දැක්වෙන්නේ එම විදේශිකයන් විසින් පිරමීඩය තුළදී ලබාගත් ශ්‍රී රාවණ රජතුමාට අපහාස කරන පින්තූර කිහිපයකි.


ඉහත පින්තූරයේ සිටින කාන්තාව ශ්‍රී රාවණ රජතුමාගේ පිරමීඩයේ බිත්තියක් චුම්බනය කරයි. අපගේ හෙළ යකුන්ගේ පූජනීය වූ පිරමීඩ බිත්තියකට මෙවැනි අතවරයක් කිරීම ඉතාම පාහර වැඩකි. මෙවන් දසුන් දකිද්දී අපගේ හෙළ යක් ලේ ධාතුව උණු වී නොයන්නේද?


ඉහත පින්තූරය සහ පහල ඇති පින්තූරය ගෙන තිබෙන්නේ, පිරමීඩය තුළ තිබූ ශ්‍රී රාවණ පිළිරුවක් ඉදිරිපිටදීය. ඒ බව තහවුරු වෙන තවත් ඡායාරූපයක් තිබුණත්, එම ඡායාරූප විශ්ලේෂණය කළ පොලිස් නිලධාරියාට සිදුවූ අත් වැරදීමකින් එය ඩිලීට් වී ඇත.


ජීවමාන ශ්‍රී රාවණා රජතුමටද අනේක නින්දා අපහාස සිදුව ඇති බව රාමායන ඉතිහාසය උපුටා දැක්විය හැක. රාම, ලක්ෂ්මණ, හනුමාන් ප‍්‍රකට උදාහරණය. ශ්‍රී රාවණ රජතුමෝ ඔවුන්ට මෙත් වැඩූහ, රාමායන සටනින් රාවණ ස්ව කැමැත්තෙන්ම පසුබැස (Strategical Retreat) පරාද වූයේ ඔවුන්ව ඝාතනය කිරීමට අකමැති වීමෙන් මිස බලයෙන් පිරිහීම නිසා නොවේ. එම විදේශිකයන්ද සත්‍ය ලෙසම ශ්‍රී රාවණ විරෝධීන්ම විය යුත්තේමය.

ශ්‍රී රාවණ රජතුමා දෙසූ රාවණගවේශක මාවතේ යන අපට කියන්ටද ඇත්තේ මෙපමණය.

ශ්‍රී රාවණ සිද්ධම්!...

ශ්‍රී රාවණ සිද්ධම්!......

ශ්‍රී රාවණ සිද්ධම්!.........

=============================================================

ප.ලි: මෙහි පාථකයෙක් දමා තිබූ ආවේගාත්මක කොමෙන්‍ටුවකට, මාත් ආවේගයෙන්ම ප්‍රතිචාර දැක්වීමට යාමේදී, අත් වැරදීමකින් එය ඩිලීට් විය. නමුත් Web Cache වලින් එය ලබා ගැනීමට හැකි වූ අතර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ සහෘදයින්ටම මා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා එම කොමෙන්‍ටුව පහතින් දක්වමි.

දේශප්‍රේමියා August 22, 2012 08:10 PM
චී නිවුස් වර්ගපූර්ණිකාව කරන මී හරකෝ... තොපිට තේරෙන්නෙ නැද්ද සක්කිලියෝ..., ‍තෝ ශ්‍රී රාවණ රජතුමාට ලොකුම අපහාස කරන්නේ ඔය ෆොටෝ ප්‍රසිද්ධ කරලයි කියල. ඔය ෆොටෝ පොලිසිය, නඩුකාරයෝ දැක්කම ඇති... ඕව ප්‍රසිද්ද කිරිල්ල තමයි අපහාසයේ ලොකුම එක.
මෙහෙම ෆොටෝ ගත්තු එක සහගහන අපරාදයක් බව ඇත්ත. නමුත් පර සක්කිලියෝ, තොපි මෙහෙම පිරමීඩය ඉඹින ෆොටෝ ප්‍රසිද්ද කරන එක මොන තරම් නම් අපරාදයක් ද ??? මේව මීඩියා වලට රිලීස් කරපු පොලීසියේ පල් බූරු මීහරක් වහන්සේලා සහ, උඩ පැනගෙන ඒව පළ කරන තොපි වගේ අවලම් වේස බල්ලො, ඔය සුද්දියන්ටත් වඩා වැරදි වැඩක් කරල තියෙන්නෙ...
යකෝ තොපි කියන්නෙනම් ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්නව කියල..., ඒත් ජාතිකවාදීන් ලියන ලිපි එහෙන් මෙහෙන් කොපි කරල හරියට මූලාශ්‍රයක්වත් නොදා තොපේ අටමගලෙ දාගෙන, අර උගුරෙන් කෑ ගහන ‍රැවුල් මොටා වෙනුවෙන් කඩේ යන තොපි දැන් කරන්නේ..., අපේ ශ්‍රී රාවණ රජතුමාට අපහාස කරන ෆොටෝස් පළ කරල හිට් වැඩි කරගන්න එක නේද? තොපේ අවලම් වෙබ් කඩමල්ලත් දැන් තවත් ගොසිප් ගුබ්බෑයමක් කියල තොටයි තොගේ හොරණෑවන්ටයි නොතේරුනාට අපටනම් දැන් තේරෙනව. අවලම් බල්ලෝ..., මීට පස්සෙවත් පාහර වැඩ නොකර හිටපිය..., සක්කිලිය...

ප.ප.ලි: ශ්‍රී රාවණ පාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් හිත් මීටම සමාන සිද්ධියක් වාර්තා කර ඇත. මෙන්න ගිහින් බලන්න: http://lankacnews.com/sinhala/main-news/75960/

31 comments:

  1. සහගහන අපරාධනේ මේවා...

    ශ්‍රී රාවණ සිද්ධම්!...

    ReplyDelete
  2. අපේ උරුමය කන පාහර සුද්දෝ තව ටික දවසනේ.... වතුර නටනකං නටපියව් කකුළුවෝ....

    ReplyDelete
    Replies
    1. කුකුළුවා හෙළයන්ගේ ජාතික සත්වයාය. සුද්දන්ට කකුළුවෝ යනුවෙන් අපහාස කිරීම හෙළාදකිමු.

      Delete
  3. ලිපියේ අන්තිමටම උපුටල දාල තියෙන කොමෙන්ට් එක ලංකා සී නිවුස් එකේ පළ වුණ

    නූතන චිංචිමානවිකාවදෝ මේ….

    නැමැති ලිපියටත් හරියටම හරි.

    බුදුහාමුදුරුවන්ට වැඩිම අපහාසයක් වුණේ එම පින්තූර ගත්ත අයගෙන් නෙමෙයි, ඒක ලෝකටම පේන්න පළ කරපු ලංකා සී නිවුස් ඇතුළු ගොසිප් රොත්තගෙන්.

    ආචාර්ය මීවනපළානේ ජයරත්න තුමා ගැන සමහරක් කට්ටිය හිතාගෙන ඉන්න විදිය මේ ලිපිය කියවලවත් වෙනස් කරගත්තොත් තමා හොඳ.

    මචන්ලා, ඉතිහාසයට සහ බුදු දහමට වින කටින්නේ ඔය ජඩමාද්‍යකාරයො. තමන්ගේ අඩවිය හෝ පත්තරේ විකුණගන්න ඕනැම රෙද්දක් පළ කරනව. උන්ට ඉතිහාසයට තියා බුදුහාමුදුරුවන්ට අපහාස වුණත් ගාණක් නැහැ.

    ආචාර්ය තුමාට මෝඩය, පිස්ස, ඉතිහාසය කන එකා කියල මෙතන කොමෙන්ට් දදා බනින උන්ට තාමත් රසඥතාවය තියා ලිපියක් කියවල තේරුම් ගැනීමටවත් හැකියාවක් නැති නිසයි මන් ඔය පැහැදිළිකිරීම දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම රසඥතාවක් මේක කියවන හැම එකාටම තියෙනවා. මේවා කියවලා හැමෝම බඩ අල්ලන හිනා වෙනවා. බොලොග් අවකාශයේ උපරිම ෆන් එකක් දෙන බ්ලොග් එක විදිහට මේකට සම්මාන දිය යුතුයි. පාලිමන්ට් ජෝක්ස් ෆිල්ම් එක කැලේ මේකත් එක්ක බලනකොට. මීවනයට ඒ පිනම ඇති.

      Delete
  4. මෙයනම් ශ්‍රී රාවණා රජු නැගිටිනා සමයේ සිදුවන සමාන්තර සිදු වීම් පෙළක් බව පෙනී යි. අද දින පුවත් අඩවි කිහිපයකම මෙවන් වෙනත් සිදුවීමක් වාර්තා කර ඇත. එනම් මහනුවර ඇම්බැක්කේ දේවාලයේ සිදුවීමකි. පහත යොමුව බලන්න. http://www.gossip9.com/2012/08/blog-post_5034.html

    ජයරත්න ආචාරීන් අප සියලු දෙනා කොන්ඩෙ බදින චීන-හෙළයන් සේ සලකා (රට ප්‍රධාන වියපෘති/ඉඩම් චීනයට දීමෙන් මේ බව තහවුරු වේ) අපව දැනුවත් කිරීමට මේ ගන්නා උත්සාහය ගැන හිතේ ජනිත වන්නේ අතිශය "පහන්" හැගීමකි!

    ReplyDelete
    Replies
    1. කොණ්ඩෙ බැඳපු චීනා යනු චීන ජාතිකයෙක් යැයි බොහෝ අය වරදවා සිතයි. නමුත් කොණ්ඩෙ බඳින චීනා යනු අපගේ ශ්‍රී රාවණ නරේන්ද්‍රයාට කියූ තවත් වචනයකි.

      චීනා හි පද නිරුක්තිය බලන්න,
      චී=චීනයට
      නා=නායකයා.
      චීනයට නායකයා වූයේ අප ශ්‍රී රාවණ අධිරාජ්‍යයාම නොවේද? අරිසෙන් අහුබුදුවන් පැවසූ පරිදි ශ්‍රී රාවණ රජතුමා ගැලක්සේ (පසුග ගැලක්සී නම් විය) තාරුකා රටා හදමින් විශ්වයට නායකත්වය දුන්නානම් අර පුංචි චීනයට නායකයා නොවී සිටීවිද?

      එසේම ශ්‍රී රාවණ අධිරාජ්‍යයා කොණ්ඩය බැඳ පනාවක් හිසේ ගසාගෙන හිටි නිසා, "කොණ්ඩෙ බැඳපු චීනා" ලෙසට හැඳින්විය.

      Delete
    2. ආචාර්ය මීයාණෙනි,
      ඔබගේ හෙළ පබැඳුම නම් අගෙයි! නුඹේ ඔය සිරි මුඛයට කවුරුන් හෝ පුකක් යැයි කියන්ට අවොත් ඒ අවලම් කතාවෙන් බේරෙන්ට මෙන්න මේ පුස්කොළය කියවල හිටින්ට. srisaranatissa.tk/sakaskada
      බොක්කෙන්ම කියන්නෙ.

      Delete
  5. අප්‍රිකානුවො පොටෝ ගහපු එකට මොටද බං අර ප්‍රන්ස කාරයො අල්ලගත්තෙ? කැලේ මුවා කෑවට ගෙදර හමට තලන්නවද්ද?

    ReplyDelete
  6. මි ජයෝ..මම හිතුවේ උඹ මගේ කමෙන්ට් එක ඕනකමෙන් ඩිලීට් කලා කියල. එහෙම නෙමේ නම් කමක් නෑ. හැබැයි මතක තියා ගනින් මම 'නූතම දේශප්‍රේමියා' මිසක් නිකම්ම 'දේශප්‍රේමියා' නෙමේ.

    මම මොනව කිව්වත් ඔය ෆොටෝ ටික උඹ අයින් කලේ නැති එකනම් කැතයි පුතෝ.

    ReplyDelete
  7. pyramid eka etulata giye kohomada acharya thumo???????????????????

    ReplyDelete
  8. පොතේ හැටියට රාවණා සීතා උස්සන් ආවෙත් ඔය පිරමීඩේ ඇතුලටලු. කොහොම හරි රාවණා සීතාට ලං වෙනකොටම එලියට විසිවෙන්ට පයින් දෙකක් ගහල පිරමීඩේ දොර වහගෙන.

    බලාගෙන ගිහාම ඒ කාලේ රාවණා කරපු ඒවම තමා අර විදෙශිකයෝ කරලා තියෙන්නේ. රාවණාගේ කාලේ ෆොටෝ ගහන්ට කැමරා තිබ්බනම් බලාගන්ට තිබ්බ පොරගේ කෙරුවාවල්

    ReplyDelete
  9. මියා එහෙනම් වැලත් බලනවා නේද ?

    ReplyDelete
  10. හොඳ වෙලාවට Web Cache නම් වූ රාවාණාධිරාජ තාක්‍ෂණය තිබුනේ, නේද?

    මං අහලා තියෙන විදියට ඔය Web Cache තාක්‍ෂණය හොයා ගත්තේ විශ්වජිත් කුමරු තම පීඑච්ඩී එක කරන කාලේ.

    ReplyDelete
    Replies
    1. සැබැවි කතන්දර තුමනි සැබවි... එය එසේමැයි

      Delete
  11. අර කමෙන්ටුව තමා පෝස්ටුව...

    ReplyDelete
  12. මේවා දකිනකොට මගේ යක් ලේ ධාතුව උණුවී නටනවා බොලව් .. රාවණා රජතුමා නින්දෙන් ඇහැරිලා ආවම ඔය වල් පර සුද්දියන්ට දෙයි යගදා පාරවල් මතක හිටින්නම..

    ReplyDelete
  13. අපි මේකට මොකක් හරි පියවරක් ගන්න ඕන.

    ReplyDelete
  14. ශ්‍රී රාවණ සිද්ධම්!...

    ශ්‍රී රාවණ සිද්ධම්!......

    ශ්‍රී රාවණ සිද්ධම්!.........

    oba thumata barida ape kantha rathnayanta heku adumen sasi sitinna kiyana niyodayaka karnna

    ReplyDelete
  15. රාවනා රජුට අපහස කලොත් ගැලවීමක් නැත.

    Register here for free money

    http://www.bluehost.com/track/pwlasantha

    ReplyDelete
  16. ආචාර්ය මීවනපළානේ ජයරත්න මැතිතුමනි,

    රාවණ රජතුමාගේ නැවත නැගිටීම පිලිබඳ සනාථ කරන ප්‍රවෘත්තියක් ලංකා සී නිවුස් අඩවියේ ( "මෙරට මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දීය මිසයිල ස්ථානගත කරලා ? -"http://lankacnews.com/sinhala/main-news/76113/) පලවී තිබෙනවා

    මෙය ඇග කිලිපොලා යන ප්‍රවෘත්තියක්...

    නැවත රාවණ රජතුමා ඉන්දියාවට පරහ දුනහොත්, ඔවුන් අපට ප්‍රහාර එල්ල කිරීමට සුදානම් වන බවයි මෙම ප්‍රවෘත්තිය අනුව අපට තේරුම් ගත හැකියි...

    රාවණ රජතුමාගේ නැවත නැගිටීම අපේ රාවණ විරෝධීන්ට විහිළුවක් වුවත්, එය අහංකාර බමුණන් විසින් එසේ සලක නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ මෙම මිසයිල ස්ථානගත කිරීම අනුව...

    මේ පිළිබඳව අපට කල හැක්කේ කුමක්ද ජයරත්නයෙනි....?

    ReplyDelete
    Replies
    1. වැදගත් පුවතක්, මේ ගැන ලිපියක් ලියා හෙළය දැනුවත් කර, හෙළ යකුන්ව යුදය සඳහා කැඳවමු.

      Delete
    2. මේ ගැන ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි ජයේ. හෙළයින්ගේ යුධ තාක්ෂණය ගැන අඹමල් රේනුවක් තරම්වත් නොදන්නා පරයින් හෙළ දිවයිනට ගිනි කූරැ එල්ල කර ඇති අන්දම. මෙය අපගේ යුධ තාක්ෂණය අපහාසයට ලක් කිරීමේ කුමන්ත්‍රනයක් නොවන්නේද?

      Delete
  17. බොරු කියන්න එපා ඩෝ
    ඔය තියෙන දෙවෙනි පින්තූරේ ගොඩක් පරන එකක් බොල.ඕක බොහොම ප්‍රසිද්ද පින්තුරයක්
    අතේ පැලවෙන බොරු කියන්නෙපා

    ReplyDelete
    Replies
    1. මෙය හෙළි කිරීමත් සමග පැරණි දින දමා එය සමහර වෙබ් අඩවි වල පළ කර ඇති බව දැනගන්නට ලැබුණි.

      Delete
  18. රාවණා පිරමීඩය ඇතුලේ පරයන්ට ඕන ඕන හැටියකට නටන්ඩ දෙන්ඩ බෑ !!!
    මේක අපේ රාජ්ජය යකෝ !
    රාවණා කියන්නේ අපේ නායකයා ! අපේ රජතුමා !
    මේවා දකිනකොට අපේ හෙලූ ලේ කකියනවා පරයෝ !
    දැන් මට ඇති....

    ReplyDelete
    Replies
    1. දැනට ඉවසගෙන හිටහන් .. රජතුමා නැගිටලා ආවම අපිත් එතුමා එක්ක ගොහින් අර පර සුද්දියන්ට යගදා පාරවල් ගහමු..

      Delete
    2. අනිවාර්යෙන් මචන් !
      සුද්දියන්ව උල තියමු ! දෙකට පලලා ලුනු දාමු !

      Delete
  19. රාවනා රජ්ජුරුවන්ටත් නගින්න ඇති නේ මේවා දැකල..........

    ReplyDelete
  20. රාවනා රජ්ජුරුවන්ටත් නගින්න ඇති මේවා දැකල

    ReplyDelete

නුදුරු අදහස්