ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින්1 හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.
නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක් බවත් ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව2 තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.
ජනප්රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අදද එමමුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්,දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි.
මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම (Adam’s Bridge), හනුමාගේ පාලම (Hanuman’s Bridge), රාවණාගේ පාලම (Ravana Bridge), රාමාගේ පාලම (Rama Bridge), සේතු සමුද්‍රම් (Sethu Samudhram), පෝක් සමුද්‍ර සන්ධිය (Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.
අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි3 පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන්4 පවා එම මතයම පිළිගෙන ඇත.
මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.
රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල5 දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.
ඉහත පුවත් 100% ක් සත්‍ය බව දැන් ඕනෑවටත් වඩා තහවුරු වී ඇති නිසා රාවණ චරිතය සත්‍යයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙයි. ඒ අතර ඉහත කාරණා ගැන රාවණ විරෝධීන් ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බැවින් තවත් අටුවා කීපයක්ද මෙලෙස වර්ගපූර්ණිකාව බ්ලොගයේ දැක්විය යුතුය.
1. ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව නාසා ආයතනය පවසා ඇත. නමුත් නාසා වෙබ් අඩවියේ එවැනි සඳහනක් නොමැති අතර අපට කීමට ඇත්තේ එය රාවණ විරෝධීන් විසින් හැක් කර ඇති බවයි. (රාවණ විරෝධීන් පවසන පරිදි, එය නාසා එකෙන් වැරදීමකින් කළ ප්‍රකාශයක් නිසා වෙබ් අඩවියේ නොදක්වා සිටීමක් නොවේ.) හෙළයට ද්‍රෝහී වන්නන්ගේ තරම වැටහෙනවා නේද?
2. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇති බවත් නාසා ආයතනය පිළිගෙන ඇති අතර ඒ ගැන නාසා වෙබ් අඩවියේ කිසිවක් සඳහන් නොකළේ පාහර ඉන්දියානු රජය ඒ ගැන දැක්වීමට විරුද්ධ වූ නිසයි. එය පසුපස බමුණන්ගේ කුමන්ත්‍රණයක් තිබේ.
3. අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. රාවණපාක්ෂිකයින්ගේ වෙබ් අඩවි වල තිබෙන නිසා එය සත්‍යයක් බව සියලුම සයිබර් ඉතිහාසඥයින් පිළිගනී.
4. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත. නමුත් එම ඉන්දියානු විද්වතුන්ට පාහර බමුණන්ගෙන් තිබෙන ජීවිත තර්ජන නිසා එම විද්වතුනුත් මා (මීවනපළානේ ජයරත්න) මෙන්ම සැඟවී සිටී.
5. රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. නමුත් ඒ පොත් පත් බමුණන් විසින් සොයා ගිණිතැබීමට ඉඩ ඇති බැවින් දැන්ම හෙළි නොකරමු. යථා කාලයේදී සුදුසු පරිදි හෙළි කරන්නෙමු.
6. රාවණාපාක්ෂිකයින් විසින් එම පාලම "ආදම්ගේ පාලම" ලෙස හැඳින්වීම නිසා ආදම් පුවත පිළිගත්තා වන්නේ නැත. එසේම රාවණාපාක්ෂිකයින් කිසි විටෙකත් එම පාලම "රාවණාගේ පාලම" ලෙස හඳුන්වන්නේ නැති එකෙන් එය රාවණා විසින් හදන ලද පාලමක් නොවන බව පිළිගැනෙන්නේත් නැත. කෙසේ නමුත් ඉදිරියේදී එය "රාවණාගේ පාලම" ලෙස හඳුන්වමු. ඒ සඳහා ආදර්ශයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන්ම ලබා දෙමු.
7. එම පාලම රාමගේ ආක්‍රමණයට පෙර සාදා තිබුණානම් හනුමාන් ඉන්දියාවේ සිට ලංකාවට පාලම දිගේ එන්නේ නැතිව උඩින් පැන්නේ ඇයිදැයි වැනි මෝඩ ප්‍රශ්න ඇසිය යුතුත් නැත. මන්ද යත් පාලම් තිබුනත් වඳුරන් පැනීමට කැමති නිසා ඔහු පැන ඇත.
අප රට වැනසූ ආක්‍රමණිකයාට පවා අප රටට පැමිණීමට හෙළයින්ගේම "රාවණ පාලම" හිඟා කෑමට සිදුවීම යන කාරණාවෙන් හෙළයින්ගේ ශ්‍රේෂ්ඨත්වය මැනැවින් පැහැදිළි වෙයි. එය අපට ඉමහත් ආඩම්බරයක් නොවන්නේද?
“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

හෙළයෙක් බ්ලොග් අඩවියෙන් ඉහත ලිපිය උපුටා දක්වා ඇත. ඉහත දැක්වෙන ඉතාමත් නිවැරදිව පුරාවිද්‍යාත්මකව තහවුරු වූ කරුණු ටික මා කිව්වානම්, ලොම් කෙලින් කරගෙන දත් විලිස්සාගෙන බුරාගෙන පනින රාවණ විරෝධීන් දැන්වත් සත්‍යය අවබෝධ කරගත යුතුය. පාහර රාවණාවිරෝධීනි, තොපිලව බලු බෙටි කන තත්ත්වයට පත් වීම ආරම්භ වූවා පමණයි. 2012 අගදී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා නැගිටීමත් සමග මිරැන්ඩෝ ඔබේසේකරයන්ගේ අනාවැකි සඵල වීම නිසා රාවණවිරෝධීන් තම වස්ත්‍රවලම සුළු දිය පෙරාගනු ඇත.
ඉහත පුවත් 100% ක් සත්‍ය බව දැන් ඕනෑවටත් වඩා තහවුරු වී ඇති නිසා රාවණ චරිතය සත්‍යයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙයි. ඒ අතර ඉහත කාරණා ගැන රාවණ විරෝධීන් ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බැවින් තවත් අටුවා කීපයක්ද මෙලෙස වර්ගපූර්ණිකාව බ්ලොගයේ දැක්විය යුතුය.
1. ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව නාසා ආයතනය පවසා ඇත. නමුත් නාසා වෙබ් අඩවියේ එවැනි සඳහනක් නොමැති අතර අපට කීමට ඇත්තේ එය රාවණ විරෝධීන් විසින් හැක් කර ඇති බවයි. (රාවණ විරෝධීන් පවසන පරිදි, එය නාසා එකෙන් වැරදීමකින් කළ ප්‍රකාශයක් නිසා වෙබ් අඩවියේ නොදක්වා සිටීමක් නොවේ.) හෙළයට ද්‍රෝහී වන්නන්ගේ තරම වැටහෙනවා නේද?
2. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇති බවත් නාසා ආයතනය පිළිගෙන ඇති අතර ඒ ගැන නාසා වෙබ් අඩවියේ කිසිවක් සඳහන් නොකළේ පාහර ඉන්දියානු රජය ඒ ගැන දැක්වීමට විරුද්ධ වූ නිසයි. එය පසුපස බමුණන්ගේ කුමන්ත්‍රණයක් තිබේ.
3. අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. රාවණපාක්ෂිකයින්ගේ වෙබ් අඩවි වල තිබෙන නිසා එය සත්‍යයක් බව සියලුම සයිබර් ඉතිහාසඥයින් පිළිගනී.
අපට මෙතෙක් උගන්වා තිබුණේ පාලම හැදුවේ රාමගේ වඳුරු නඩය බවයි. නමුත් එය වැරදිය. පාලම හදා ඇත්තේ රාවණ රජතුමාය. රාවණපාක්ෂිකයින් එය ප්‍රකාශ කරන නිසා තවත් මූලාශ්‍ර කිමට? |