රාචි ත් රාවණ කතක්දරයක් ලියාගෙන යනව. ඒක කියවගෙන යද්දී, මට පොඩි කාලෙදි අපේ ආච්චි අම්ම කියල දුන්න රසබර ඉතිහාස කතා කීපයක් මතකයට ආවා. ඒවයින් සමහර කතන්දර වැටහුණේ ලොකු ඉස්කෝලෙනුත් අයින් වුණාටත් පසෙයි. ඔබ සමහර විට ඒවා දැනගන්න කැමති ඇති කියල හිතෙන නිසා ඒවයින් එකක් අද කියන්නම්.
ඒ කාලෙ රාවණ රජ්ජුරුවන්ට අක්කර 1000 විතර ලොකු පොල් වත්තක් තිබුණ. ඒක තිබුණෙ පිළියන්දල, "පොල්ගස් ඕවිට" ප්‍රදේශයේ. පිළි=පීළිවලින්, යන්=යන, ද=දඬුමොණර, ල=ලන්ද. ඒ කියන්නෙ ඉස්සර කාලෙ පොල්ගස් ඕවිටින් කඩන පොල් ප්‍රවාහනය කිරීමට පිළියන්දල සිට දඬුමොණර කෝච්චි සේවයක් තිබුණ කියන එකයි.
පොල්ගස් ඕවිට පොල් වත්තේ පරන ගස් ඔක්කොම කපල අළුත් පැළ හිටවලා අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒවයෙ ගෙඩි හැදිල නෑ. ගෙඩි හැදෙන්නෙ නැති ගස් වලට "තුන් කුළුඳුළ්" කන්‍යාවියක් ලව්ව පයින් ගැස්සවුවාම ඒවයෙ ගෙඩි හැදෙනව කියල දන්නවනෙ. තුන් කුළුඳුල් කන්‍යාවියන් කීප දෙනෙක්ම ලව්වා වරින් වර ඒ ගස් වලට පයින් ගැස්සවුවත් ඒවයෙ ගෙඩි පීදුනේ නෑ. වැඩේ බරපතලයි කියල හිතුව රාවණ රජ්ජුරුවන්ට "තුන් කුළුඳුළ්" මදි කියල හිතුව නිසා "හත් කුළුඳුල්" කන්‍යාවියක්ව හොයන්න පටන් ගත්ත. ඒත් හත් කුළුඳුල් කන්‍යාවියක් කොහෙන් කියල හොයන්නද...
ශ්‍රී රාවණ රජතුමාට ජාන පිටපත් සෑදීමේ තාක්ෂණය තිබුණ බව අද සෑම හෙළ ඉතිහාසඥයෙක්ම හොඳින් දන්නා සත්‍යයක්. "ක්ලෝනින්" (Cloning) යනු "කොළොන්" නැමැති හෙළ වචනයෙන් හැදුනක්. "ඕඩි යක්ෂයා" ලව්වා ජාන පිටපත් සෑදවීමට කියන්නේ "ඕඩි කොළොන්" කියලයි. නමුත් අද වන විට ඒ වචනය වැරදි දේකටයි භාවිතා වෙන්නෙ. රාවණ රජතුමා ජාන වෙනස් කම් කරපු බොහෝ වඳුරන්ව හැදුවා. හනුමාන් යනු එලෙස ජාන වෙනස් කම් කර හදාපු "ඕඩි කොළොන්" වඳුරෙක්. පසුව ඌ රාවණ රජතුමාගේ රසායනාගාරයෙන් පැන ගොස් වඳුරු පරපුරක්වම බිහිකළා.
රාවණ රජ්ජුරුවන්ට හොඳ අදහසක් කම්පනාටව ආව. එතුමා ජාන පර්යේෂණ කරන තම විද්‍යාගාරෙට ගිහිල්ලා තාමත් පැටව් නොලැබුණ වඳුරෙක්ව සහ වැඳිරියෙක්ව අරගෙන උන් දෙන්නව සංසර්ගයේ යොදවල "ඕඩි කොළොන්" තාක්ෂණයෙන් පිරිමි පැටව් දෙන්නෙක්ව සහ ගෑණු පැටික්කියන් දෙන්නෙක්ව හැදුවා. ලෝකයේ දක්ෂතම වෛද්‍යවරයා වූ රාවණ රජ්ජුරුවෝ නිපදවා තිබුණ රහසිගත හෝමෝන (හෝ=හෝරාවෙන්, මෝ=මෝරලා, න=නතරකරන) ඒ සඳහා භාවිතා කරපු නිසා එක පැටියෙක්ව හදන්න හෝරාවයි (එනම් පැයයි) ගත වුණේ. හෝමෝන භාවිතා කර උන්වත් විගහටම ලොකු කෙරෙව්ව. ඊට පස්සේ අළුත හදාපු වඳුරන්ව ජෝඩු දෙකක් විදියට වෙනම සංසර්ගයේ යොදවලා තවත් පැටව් දෙන්නෙක් හැදෙව්වා. ඒ පැටව් දෙන්නවත් ලොකු වුණාම සංසර්ගයේ යොදවලා වඳුරු පැටික්කියෙක්ව ගත්ත. දැන් ඒ වඳුරු පැටික්කිය "හත් කුළුඳුල්". වඳුරන්ගේ සහ මිනිසුන්ගේ ජාන 96%ක්ම වාගේ සමාන බැවින්, ඒ පැටික්කියගේ ජාන (ජා=ජාතකය, න=නංවන) සැකසුමේ / ක්ලෝන් වල සුළු වෙනසක් කරල "ඕඩි කොළොන්" කෙල්ලක් බවට පත් කළා. ආරේ ගුණ නෑරේ කියනව වගේ ඒ කෙල්ල ගස් උඩ නටන්නමයි කැමැති. පහත පින්තූරයත් බුකියේ තිබී හදිස්සියේම ඇස ගැටුණේ මේ කතාව ලියද්දීමයි.
පස්සෙ ඒ කෙල්ලවත් හෝමෝන යොදලා විගහට ලොකු කරවලා ඒකිට හෙළ බස උගන්වලා ඒකි ලව්වා රාවණ රජ්ජුරුවන්ගේ නොපීදුන පොල් වත්තෙ තිබුණ හැම පොල් ගහටම පයින් ගස්සවලා. මාස කීපයකින් හැම පොල් ගහකම වගේ ගෙඩි පීදුනාලු. ඊට පස්සෙ රාවණ රජ්ජුරුවො ඒ කෙල්ලට සම්මානත් ප්රදානය කරල.
ඒ වෙනකොටත් රාවණ රජ්ජුරුවන්ට ඉන්ද්‍රජිත් කුමාරයාව ලැබිල නෑ. දරුවො නැති නිසා රාවණ රජ්ජුරුවො සහ මන්දෝදරිය හරිම කණස්සල්ලෙන් තමයි ඉඳල තියෙන්නෙ. රාවණ රජ්ජුරුවන්ට එකපාට්ටම හොඳ අදහසක් ආව. පොල් වත්තෙ ගස් වලට පයින් ගහල ගෙඩි පූද්දපු කෙල්ලව ගෙන්නගෙන මන්දෝදරියටත් පයින් ගැස්සෙව්ව. මාස ගාණක් ගියත් මන්දෝදරියට දරුවො ලැබෙන පාටක් නෑ. ඊට පස්සෙ කෙල්ලව ආයිත් ගෙන්නගෙන තමන්ටම පයින් ගස්සව ගත්තා. සති දෙකක් යද්දිම මන්දෝදරී දේවිය මාළිගාවෙ පිළිකන්නට ගිහින් එතන තිබුණ ගස්ලබු ගහත් අල්ලගෙන වමනෙ දාන්න පටන් අරන්.....
රාවණ රජ්ජුරුවන්ගේ පොල් වත්තේ ගෙඩි පූද්දපු කතාව කටින් කට ගිහින් මේ වෙනකොට කුවේර රජ්ජුරුවන්ටත් ආරංචි වෙලයි තිබුණෙ. කුවේර රජ්ජුරුවොත් ඊට පස්සෙ ඒ කෙල්ලව ගෙන්නගෙන "කෙහෙල්හේනාව" ප්‍රදේශයේ තිබුණ තමන්ගේ අක්කර 500 ක් විතර වෙන පීදෙන්නෙ නැති ගස් තිබුණ කෙහෙල් වත්තෙ ගස් වලටත් පා පහර දීගෙන. ඒත් ඒවනම් පීදුනේ නෑලු.....
වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ ඔය තොරතුරු ඔක්කොම සටහන් වෙනව. බොරුයි කියල හිතෙනවනම් ඒක හොයාගෙන කියවල බලන්න. පද නිරුක්තිත් ටක්කෙටම ගැලපෙන නිසා ආයිත් සැක කරන්න දෙයක් නෑ. ඒ වගේම ඉහත සඳහන් කළ ප්‍රදේශ වල සිටින පැරැන්නන් ඔය විස්තර හොඳට දන්නව. අපේ ආච්චි අම්ම තමයි මටත් ඔය ගැන මුලින්ම කිව්වෙ. (මීට වඩා මූලාශ්‍ර හොයන්න එපා, කිසිදු රාවණ ගවේශක වෙබ් අඩවියක ඇති කතන්දර වල ඔයිට වඩා මූලාශ්‍ර නැහැනෙ.)
මේ වෙනත් දෙයක්. පහත රූපයේ කරනව වගේ, කන්‍යාවියක් විසින් ඕනැම ගසක පිට ඇතුල්ලුවොත් ගහේ දළු දානවලු. හැබැයි මේ කෙල්ල ගහේ පිට ඇතුල්ලුවා විතරයි ගහේ තිබුණ කොළ ටිකත් හැලිල ගහේ පොතු ටිකත් වේලිලා ගියා. බලන්න ගහේ හැටි....
Read More...

![]() |
අද කාලයේ ඕඩි කොළොන් කෙල්ලක් |

බොහෝ කෙල්ලන් ගස් වල පිට අතුල්ලනවා ඔබ දැක තිබෙනවා නේද? ඊට හේතුවනම් ඔවුන් තාමත් කන්යාවියන්ද කියා දැනගැනීමටලු. මේක ප්‍රසිද්ධ රහසක්. |