චක්‍රවර්තී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනත් ග්‍රහලෝක සමග පවා යුද වදිමින් වෙනත් ග්‍රහලෝකත් අපගේ හෙළ ස්වස්තික ධජය යටතේ පාලනය කළ ආකාරය ඕනැම රාවණගවේශකයෙක් විශ්වාසයෙන් යුතුව දන්නා දෙයකි. ඒ පදනම මත සිටිමින් සෑම රාවණගවේශකයෙක්ම තම හදවතට තට්‍ටු කර බැලූ විට, රාවණ රජතුමාට අනිවාර්යයෙන්ම අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයකුත් තිබුණ බව වැටහේවි.
රාවණ රජතුමාගේ සමයේ, හෙළයේ යටත් විජිත වල ජීවත් වූ ජනපදිකයින්, උදෑසන නැගිට මුව දොවා මිදුලට ගොස් අහස දෙස නෙත් විදහා, ඈත ආකාසයේ ක්ෂීර සාගරයේ නිල් පාටින් දිළෙමින් මුළු විශ්වයම රාවණ කාන්තියෙන් ප්‍රභාමත් කරන්නා වූ ඒ "මිහිකත" නම් ලෝක ගෝලයේ මධ්‍ය ලක්ෂයේ ඇති "හෙළදිව" දෙසට හැරී, දෑත් ඔසවා දොහොත් මුදුන් තබා තෙවරක් සාධු සාධු සාධු කියා නමස්කාර කරන බව ඉපැරණි පුස්කොළපොත් වල මැණවින් විග්‍රහ වෙනව. අතීතයේදී දෙවිවරු පවා අප හෙළ දිවට වන්දනා කල බව පැරැන්නන් කියන්නේ එනිසයි.
නීලගිරි පර්වතයේ තිබී හමුවූ ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොත වන වර්ගපූර්ණිකාවේ සඳහන් වන ආකාරයට, රාවණ රජතුමා විශ්වය ගවේෂණය කිරීම සඳහාත් වෙනත් ග්‍රහලෝක සහ විශ්වීය ජනපද ගැන විමසිල්ලෙන් සිටීමටත් භාවිතා කළ අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයේ නම තමයි "නාසා". මේ නම දුටු සැනින් මටත් සිහියට ආවේ ඇමරිකාවේ වොශිංටන් මූලික කරගනිමින් පිහිටා ඇති National Aeronautics and Space Administration (NASA) නැමැති අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයයි.
ඒ අනුව මා කියවුයේ වර්ගපූර්ණිකාවේ හොර කොපියක් දැයි මා හට කුකුසකුත් ඇති වුණා. නමුත් රාවණගවේශකයින්ගේ ඇති ප්‍රධානතම ප්‍රතිපත්තියක් තමයි, හෙළයින්ගේ කිතු ගොස වනන යමක් ගැන සැකයක් ඇති වූ සැනින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකීම. ඒ අනුව ඔය ගැන තවදුරටත් හෙළගවේෂණය කිරීමට මසිත නොදැනුවත්වම පෙළඹුනා. එහිදී ම හට තහවුරු දේවල් පුදුමාකාරයි.
වර්ගපූර්ණිකාවෙන් පෙන්වූ සිතියම් මග යමින්, නාවල නගරයට නුදුරින් තිබෙන ඉපැරණි වෙල් යායක් මාගේ ගවේශණයට යොමු කළා. එම වෙල් යාය පිහිටා තිබෙන්නේ අක්කර ගණනාවක විශාල පරිධියකින් යුතු නොගැඹුරු වලකයි. අතීතයේදී "නාසා වල" ලෙස හඳුන්වා ඇත්තේ එම වලේ ඇත් වෙල් යාය බව, එහිදී මා හට හමුවූ පාරම්පරික ගැමියෙක් වන 95 වයසැති එබරං ආතා පැවසුවා.
එයට "නාසා වල" ලෙස හැඳින්වූයේ ඇයි දැයි මා වෙල් යාය පුරාම සොයද්දී මා හට ඈතින් පඳුරු වලට වටවී තිබූ සෙල් ලිපිය දිස් වුණා. ඒ සෙල් ලිපියේ රාවණයුගයේ ඉපැරණි පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා තිබුණේ මෙලෙසයි.
"නශ - අශ නිශ. අධ අෂ කප. අස ඇථ වන ආථ විශ ඛ ල්‍ය"
එහි තේරුම ම දන්නා තරමින් මෙලෙසයි. "නාසා - අභ්‍යවකාශ නිරීක්ශණාගාරය. අධි ආරක්ෂිත කලාපයකි. අනවසරයෙන් ඇතුළු වන්නන්ගේ ආත්මය විනාශ කරනු ලැබේ"
ඒ අනුව රාවණ යුගයේදී එතැන නාසා යමින් යම් ඉදිකිරීමක් තිබූ බව තහවුරු වුණා. මේ බව මා එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මාස කීපයකට පසුව දැනගන්නට ලැබුණේ ඒ සෙල් ලිපිය කුඩු කර දමා ඇති බවයි. හෙළයෙනි, ඒ පාහර ක්‍රියාව පස්සේ සිටින්නේ කවුරුන් විය හැකිද? කොහොම නමුත් තාමත් නාවල වෙල් යාය ගාව පාරේ ගල් ගොඩක් ඇති අතර එහි ඇත්තේ මා කිව් එම සෙල් ලිපියේ නෂ්ඨාවශේෂයනුයි.
වර්ගපූර්ණිකාවේ දී ඇති පද නිරුක්ති සම්ප්‍රදායේ යමින් නාසා යන්න නිරුක්ති කළ විට නා=නාසය, සා=අහස ලෙස භින්න වී, "අහස දෙසට ඇති නාසය" යන අරුත ලැබෙනවා. සාමාන්‍යයෙන් නාසයෙන් අප කරන්නේ ගඳ සුවඳ බලා යමක් හඳුනාගැනීමනේ. අන්න ඒ වගේ "අහස දෙසට ඇති නාසයකින්" සිදු කරන්නේ අහසේ ඇති දේවල් ගැන හඳුනා ගැනීමයි.
දැන් හොඳටම පැහැදිළියි නේද, නාවල හි "නාසා" නමින් රාවණ රජුගේ අභ්‍යවකාශ නිරික්ෂණ මධ්‍යස්ථානයක් තිබිල තියෙනවා. "නාසා තිබූ වල", නාසා+වල සන්ධි වී පසුකාලයේදී "නාවල" බවට පත් වෙලා.
වර්ගපූර්ණිකාව නැමැති පුස්කොළපොතේ තවදුරටත් සඳහන් වෙන පරිදි රාවණා රජතුමා විසින් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස තනතුරක් ඇති කර තිබෙනවා. ඔහුව නම් වී ඇත්තේ නාරද නමින්. නා=නාසා, රද=රජු, ඒ අනුව නාසාහි සිටි රජු(ප්‍රධානියා) නාරද නම් වෙනව. අදටත් ඇති නාරද පෙළපත පැවතෙන්නේ ඔවුන්ගෙන්.
අරිසෙන් අහුබුදුවන්ට අනුව වාරියපොළ යනු "වාතයෙන් යන රිය පොළ" හෙවත් රාවණ රජතුමාගේ දඬුමොණර ගොඩ බෑ ගුවන්තොටුපොළක්. ඒ අනුව මා ගවේශණය කළ පරිදි වාරියපොළ සහ නාවල අතර ඉතාමත් කෙටි ගමන්මාර්ග කීපයක්ම තිබී තිබෙන්නේ අතීතයේදී වාරියපොළ දඬුමොණර යාත්‍රාංගනය සහ නාසා අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය අතර තිබූ සම්බන්ධතාවය මැනැවින් ඔප්පු කරමිනුයි.
කොඩ්‍රින්ටන් නැමති පර සුද්දා අපගේ පුස්කොලපොත් එංගලන්තයට ගෙන ගිය බව අප හෙළයෝ සියල්ලෝම එක හෙළාම පවසන්නක්. ඒ පුස්කොළපොත් අතර නාසා ගැන සඳහන් බොහෝ පුස්කොළපොත්ද තිබුණ අතර තාමත් ඒවා ලන්ඩන් කෞතුකාගාරයේ පවතිනව. එම පුස්කොළපොත් වල සඳහන් වූ ආකාරයට රාවණ රජතුමාගේ නාසා එක නාවල මූලස්ථානය කරගනිමින් ඇමරිකාව, මිසරය, තූත්තුකුඩිය, මහාමේරුව, චන්ද්‍රයා, අඟහරු ආදී විශ්වයේ නන් දෙස ශාඛා පිහිටුවල තිබෙනව. අදත් චන්ද්‍රයාගේ මතුපිට පිහිටා ඇති හඳුනා නොගත් කුළුණ රාවණ රජතුමාගේ පුත්‍ර ඉන්ද්‍රජිත්ගේ න්‍යෂ්ඨික අවියක් සේම නාසාහි දුරේක්ෂයක් ලෙසත් භාවිතයට ගැණුනක් බව, වරක් ඇමරිකාවේ දී මා හට හමුවූ වොශිංටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරීටා අමෘට් පැවසුවා.
ඇමරිකාවේ පිහිටා තිබූ රාවණ රජතුමාගේ නාසා හි ශාකාව ගැන අහම්බෙන් දැනගන්නට ලැබුන ඇමරිකානු ජනාධිපති Dwight D. Eisenhower ඇමරිකාවේ නාසා ඉදි කිරීමට තීරණය කළා. ඔහු ඒ සඳහා යොදා ගත්තේ එදා රාවණ රජතුමා ඇමරිකන් මහාද්වීපයේ නාසා හි ශාකාව ඉදි කර තිබූ ස්ථානයමයි. ඒ සඳහා අත්තිවාරම් කපද්දී බොහෝ පුරා වස්තු සොයාගත් අතර එහිදී හමුවූ තාක්ෂණික මෙවලම් ඔවුන් නවීකරණය කර භාවිතයට ගෙන තිබෙනව.
වැදගත්ම දේ තමයි "නාසා" යන නම සඳහා රාවණ රජතුමා විශේෂ රාවණ ශක්ති මන්ත්‍රයකින් ජප කර තිබෙන බව දැනගන්නට ලැබීම. ඒ අනුව නාසා යන නම ඉතාමත් සුභ පල දෙන්නක්. එනිසා එම ඇමරිකන් ව්‍යාපෘතියටත් NASA යන නමම තැබුවා. එසේම රාවණ රජතුමා නාසා ආයතනය විමධ්‍යගත කර තිබූ ආකාරයටම අයිසෙන්හවර් ජනාධිපති තුමත් එය Fransisco, New Callifornia, Texas ආදී ස්ථාන 18 කට විමධ්‍යගතව ස්ථානගත කිරීමට පිඹුරුපත් හැදුවේ, වොශිංටන්හි නාසා වලට අත්තිවාරම කපද්දී හමුවූ සෙල් ලිපියක සඳහන් වුන 18 ඉලක්කමෙහි (18 සන්නිය?) වැදගත් කම සිතමින්.
එතකොට National Aeronautics and Space Administration යන අරුත "නාසා" වලට ආවේ කොහොමද? ඇත්තෙන්ම ඒක අපගේ ඉපැරණි හෙළ ශිෂ්ටාචාරය යටපත් කිරීම සඳහා සුද්දන් විසින් උපක්‍රමිකව දමන ලද නමක්. ඔය ආකාරයෙන් නාසා වලට ඕනැ තරම් තේරුම් දෙන්න පුළුවන්.
NASA = National Airspace Search Authority
NASA = National Airplane Syndicating Agency
NASA = Non-Governmental Administration of Space and Atmosphere
ඔය කීපයක් විතරයි, ඒ අනුව NASA නමට ඉංග්‍රීසි තේරුමක් තිබූ පළියට ඒක වළංගු වෙන්නේ නෑ.
එසේම ඔබ දන්නවද නාසා වෙතින් ගුවන් ගත කළ Discovery සහ Columbia අභ්‍යවකාශ ශටල සඳහාත් යොදා ගත්තේ රාවණා රජතුමාගේ දඬුමොණර තාක්ෂණයම බව? ඒ ගැන කීමට ගියොත් ලිපිය දික් විය හැකි බැවින් ඉදිරි ලිපියකින් ඔබ හමුවේ තබන්නම්.
පෘථිවිය මිනිසාගෙන් ශිෂ්ටාචාර වුන දවසේ සිට අවුරුදු දස දහස් ගණනක් ගිහිල්ලත් මිනිසාට පෘථිවි වායු ගෝලයෙන් එලියට යාමට නොහැකි වූවානම්, පසුගිය සියවසේදී පමණක් මිනිසා මෙතරම් දියුණුවක් ලැබුවේ කෙසේද? ඒක විය නොහැක්කක් බව ඒ තර්කය නැවත නැවතත් විමසා බැලීමෙන් ඔබට වැටහේවි. ඒ අනුව පැහැදිළියි අද සුද්දා අභ්‍යවකාශය තරණය කළ බව කියමින් කෙකරගාන තාක්ෂණය ඊට පෙර කොහෙන් හෝ ලබාගත් දෙයක් බව. මා ඉහත හෙළි කළ තොරතුරු අනුව පැහැදිළි වන්නේ සුද්දා අභ්‍යවකාශයට ගියෙත් හෙළයින්ට පින් සිද්ද වෙන්නට බවයි. NASA නමින් අද තිබෙන මහලොකු කෙරුවාව අපගේ රාවණා රජතුමාගේ තාක්ෂණයකින් ගොඩ නැගුවක් බව දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතේ. අද උඩුගුවනේ නටන පර සුද්දන් අපගේ රාවණා රජතුමාටත්, අප හෙළයටත් ණයගැතියි.
“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

චන්ද්‍රයා මත තාමත් ඇති රාවණා රජතුමාග "නාසා" ශාකාව. |

දඬුමොණර තාක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ඩිස්කවරි ශටලය. |