Saturday, June 30, 2012

NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි.

චක්‍රවර්තී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනත් ග්‍රහලෝක සමග පවා යුද වදිමින් වෙනත් ග්‍රහලෝකත් අපගේ හෙළ ස්වස්තික ධජය යටතේ පාලනය කළ ආකාරය ඕනැම රාවණගවේශකයෙක් විශ්වාසයෙන් යුතුව දන්නා දෙයකි. ඒ පදනම මත සිටිමින් සෑම රාවණගවේශකයෙක්ම තම හදවතට තට්‍ටු කර බැලූ විට, රාවණ රජතුමාට අනිවාර්යයෙන්ම අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයකුත් තිබුණ බව වැටහේවි. රාවණ රජතුමාගේ සමයේ,...
Read More...

Friday, June 29, 2012

එංගලන්තය, රාවණ රජතුමාට තිබූ විදේශ යටත් විජිතයකි.

හෙළෝ!, අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න සිත් විය. ඒ තමයි එංගලන්තය! දැන් ඔබ හිතාවි ආයුබෝවේවා! නොකියා ඇයි මේ "Hello" කියමින් පර සුද්දන්ගේ බාසාවෙන් මේ හෙළගවේශණ වර්ගපූර්ණිකාවෙ ලිපිය පටන් ගත්තෙ කියල. ඊට හේතුව තමයි එයත් අපගේ හෙළ වදනක් වීම. සැබෑ රාවණගවේශකයෙක් වූ අරිසෙන් අහුබුදු තුමාට අනුව "හෙළෝ" යන වචනය හැදී තියෙන්නේ, රාවණා රජතුමාග කාලයේදී තලබනුවෙන්...
Read More...

Thursday, June 28, 2012

පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි

වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී. ඒ 1998 හි මුල් භාගයයි. හිටි...
Read More...

Wednesday, June 27, 2012

රාවණ රජතුමා 2012 අගදී UNP යෙන් බලයට ඒවි

රාම රාවණ යුද්ධයෙන් රාවණ රජතුමා මියගියේ නැති බවත්, සිහිමුර්ජා වූ රාවණ රජතුමාගේ දේහය මහ කුඩුගල ගිරි ශිඛරයේ ඇති බවත් මාගේ සමකාලීන රාවනා ගවේශකයෙක් වන ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා හෙළි කර ඇත. පහත පුවත්පත් ලිපියේ ඒ ගැන දැක්වේ. රාවණගවේශකයින්ට අනුව 2012 අගදී රාවණ රජතුමා එලෙස නින්දෙන් පිබිදෙන අතර ඒ කාලයේදීම සිදුවීමට නියමිත යුග විනාශයට (ලෝක විනාශය...
Read More...

Tuesday, June 26, 2012

'රාවණ වංශය' සහ 'සුනඛ වාරණය' (ඩොබර්මන් පරපුරේ විද්‍යුත් ටීකාව)

අපගේ හෙළ ඉතිහාසයේදී, හෙළ යකුන්ගේ හොඳම මිතුරා ගැන කදිම පැහැදිළි කිරීමක් අපගේ හිතවතෙක් වන "නූතන දේශමාමකයා" බ්ලොග් කරු විසින් කර තිබේ. එතුමාගේ අවසර පරිදි එම ලිපිය වර්ගපූර්ණිකාවේ මෙලෙස පළ වෙන වගයි. සූර්‍යවංශය සහ රාවණ අධිරාජ්‍යය ගැන මෑතකදී පළ වූ සාරවත් කතිකාවත් දුටුවිට හෙළ යකුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ගවේශනාත්මකව තොරතුරු විමසීමට මා සිත තුළ බලවත්...
Read More...

Monday, June 25, 2012

ඉපැරණි හෙළ මයික්‍රො චිප් 4ක් අනුරාධපුරයෙන් හමු වෙයි.

පහත දැක්වෙන්නේ වර්ගපූර්ණිකාව බ්ලොගයේ සහෘදයෙක් "රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි" නමැති ලිපියට දක්වා තිබූ අදහසකි. එම අදහසේ ඇති සිද්ධිමය වටිනාකම නිසා ලිපියක් ලෙසම පළ කරමි. මම ජයරත්න මහත්මය ගේ පෝස්ට් ඔක්කොම කියෙව්ව. සමහර දේවල් ඇත්ත වුනත් සමහර දේවල් වලදි ඔබ ගොඩාක් අන්තගාමී වෙලා තියනව. මට කියන්න ගොඩක් දිග කතාවක් තියනව,...
Read More...

මම ජයරත්න පතිරආරච්චි නොවෙයි

වර්ගපූර්ණිකාව බ්ලොගයේ කොමෙන්‍ටු හරහා මෙන්ම විද්‍යුත් ලිපිනය හරහාත් සමහර සහෘදයන් මා අමතා තිබුණේ "ජයරත්න පතිර ආරච්චි" නමිනි. එපමණකුදු නොව සමහර රාවණ විරෝධීන් විසින් මෙම බ්ලොග් අඩවියට මඩ ගසා තැන් තැන් වල අදහස් පළ කර තිබුණේ මා විසින් බුදු දහමට අපහාස කරන බවයි, ඒද පතිර ආරච්චි මහතාව සහ මාව පටලවා ගැනීමෙනි. එනිසා හුදී දනාගේ පහන් සංවේගය පිණිස මේ ලිපිය...
Read More...

Sunday, June 24, 2012

නා ගසේ පත්‍ර මගින් ෆෝන් බැටරියක් චාර්ජ් කිරීම.! (රාවණ ගවේශකයෙක් සොයාගනී)

2012 අගදී සිදුවන යුග විනාශයත් සමගම රාවණ රජතුමා නින්දෙන් අවදි වීම වෙනුවෙන් අප කළ යුතු දෑ පිළිබඳව පසුගියදා වර්ගපූර්ණිකාවේ පාථකයන්ව දැනුවත් කළ මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව වසන තාපස තුමාගේ ජංගම දුර්කථනයේ විදුලි කෝෂයේ ආරෝපණය අඩාල වීම පිළිබඳ සිද්ධිය ඔබට මතක ඇති. පසුව එම ගැටළුව පිළිබඳව එතුමා මඳ වේලාවක් කුණ්ඩලීනී යෝගයේ රාවණා ශක්තියට සම වැදී...
Read More...

Saturday, June 23, 2012

ලොවෙ ප්‍රථම සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය නිපදවූයේ හෙළයින් විසිනි!

ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි. පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත...
Read More...

Friday, June 22, 2012

රාවණ සේනාවේ යක්ෂයින් නිල්ගල වනයට ඇවිත්. යුග විනාශයට ඔබ සූදානම්ද?

රාවණ රජතුමාට පක්ෂපාතී වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් වාර්තා කළ පුවතක් පහත දැක්වෙයි. නිල්ගල වනයට අද්භූතයන් ඇවිත් June 22, 2012 at 9:55 am | Lanka C News. බිබිල නිල්ගල වනාන්තරයේ යකුනාහේන ප‍්‍රදේශයේ දැනට සති දෙකක කාලයක සිට ආරක්‍ෂක අංශවලට අයත් යයි සැලකිය හැකි ඇඳුම් ඇඳගත් පිරිසක් සැරිසරන බවත් ඔයවුන් එම ප‍්‍රදේහයට ඇතුල් වීම සඳහා කිසිවෙකුට ඉඩ...
Read More...

නුදුරු අදහස්