Tuesday, September 4, 2012

රාවණාගේ මරණය සිදුවිය හැකිද? නැතිනම් එය එක්තරා ප්‍රයෝගයක්ද?

ශ්‍රී රාවණා රජතුමා ගැන දුර්ලභ පුවත් ‍රැගත් ලිපියක් අප වෙත ලැබුණි. පහත දක්වා ඇත්තේ ඉන් කොටසකි. එම ලිපියේ ඇති වැදගත් කරුණු රතු පාටින් උදෘත කර දක්වන අතර , ලිපිය ගැන අපගේ අ‍ටුවාවන් අළු පාටින් උදෘත කර ඇති බව කාරුණිකව සලකන්න.

රාවණාගේ මරණය සිදුවිය හැකිද? නැතිනම් එය එක්තරා ප්‍රයෝගයක්දැයි අපගෙන් විමසූ බොහෝදෙනකු සිටියහ. එයට හේතුව ලෙස ඔවුන් අපගෙන් ප්‍රශ්න කරන ලද්දේ "අජෛය" වරම ලැබූ රාවණා වැනි පුද්ගලයකු කිසිදා මරාදැමිය නොහැකි නිසාය. එයද පැහැදිලි කර දිය යුතු කතාන්දරයක් හෙයින් මෙම ලිපියේ පළමුවෙන්ම එම කරුණ පිළිබඳව විස්තර කරන්නෙමු. "අජෛය" වරම යනු සාමාන්‍ය මිනිසකුට ලබාගත හැකි වරමක් නොවන බව ඇතැම්විට ඔබද අසා තිබෙන්නට හැකිය. "අජෛය" වරම ලබාගත හැක්කේ භාවනාවේ පරතෙරටම ගිය මුණිවරයකුට පමණකි. රාවණාද අජෛය වරම ලැබූ උත්තරීතර මිනිසකු වුවද අජෛය වරම විනාශ කළ හැකි ආයුධයක්ද ඔහු විසින් නිර්මාණය කර තිබිණි. එය "මෘතයු වාණය" යන නමින් හැඳින්විණි. දෙවියන් පවා රාවණට මහත් බියක් දැක්වූයේ මෙවැනි අමරණීයත්වය විනාශ කළ හැකි ප්‍රබල නිෂ්පාදන රාවණා සතුව තිබූ බැවිනි. කෙසේ වුවද මෙම රහස දැන සිටි විභීෂණ විසින් මෘතයු වාණය, රාමා අතට පත්කිරීම නිසා රාවණ මරා දැමීමට රාමාට හැකිවිය.

නමුත් මෘතයු වාණයේ භයානක කම වටහා ගත් ශ්‍රී රාවණ රජතුමා එම ආයුධයෙන් බේරිය හැකි අවියක්ද හැදූ බව වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ සඳහන් වෙයි. එය "ප්‍රති මෘතයු වාණය" නම් වේ. විභීෂණ තම "මෘතයු වාණය" සොරාගත් බව දැනගත් සැනින් ශ්‍රී රාවණ රජතුමා තම "ප්‍රති මෘතයු වාණය" මන්දෝදරී බිසවට ලබා දුන්නේ, "යම් හෙයකින් ඒ පාහර රාමා මාව මරා දැමුවොත් ඔය අවිය යොදා ගනුව" යැයි අණ කරමිනි. ඒ අනුව ප්‍රති මෘතයු වාණයෙන් ගලවාගෙන මමී කර ඇති ශ්‍රී රාවණ රජතුමාගේ සිරුර මහ කුඩු ගල ගිරි ශිඛරයේ තැන්පත් කර ඇති බව ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා සාක්ෂ්‍ය සාධක සහිතවම පෙන්වා දී ඇත.

ඉතිහාසය තුළ සිදුවූ දරුණුම පාවාදීම ලෙස මෙය හැඳින්වීමේ වරදක් නොවේය. යුද්ධය අවුරුදු 10ක් පුරා පවතිද්දීත් මෙවැනි ආයුධ රාවණ විසින් පාවිච්චියට නොගත්තේ මන්දැයි ඇතැමෙක් මෙහිදී ප්‍රශ්න කරන්නට හැකිය. එහෙත් එයට පිළිතුරු ලෙස අපට පැවැසීමට ඇත්තේ රාමා මරා දැමීමේ කිසිදු චේතනාවක් රාවණ තුළ නොවීම නිසා යන්න පමණකි. රාවණ ඇදහූයේ ස්වභාවිකත්වය තුළ ගබඩාවී තිබූ දහමකි. එම දහම තුළ වූයේ පරම අවිහිංසාවාදයයි. විශ්වය පුරා විසිරී පැතිරී තිබෙන ස්වභාවික රහස් ඔහුට හිමිවූයේද මෙම කරුණු නිසාමය. විශ්වයට විවරවන දොරටුව පිළිබඳව රාවණගේ පියා වූ විශ්‍රාවාස මුණිවරයා විසින් ලියන ලද රහස්‍ය කෘතියේ එක පිටපතක් තිබුණේද රාවණා සතුවය. එහෙත් රාම, රාවණ යුද්ධය අවසානයේ මෙම කෘතියද ඇතුළු ඉතා වටිනා රහස් සැඟවී තිබූ කෘතීන් විශාල ප්‍රමාණයක් බමුණන් විසින් ගිනිබත් කරන ලද බව ඉතිහාසයේ සඳහන්ය. එම කෘතීන් සුරැකී පැවතුණේ නම් ලෝක වාසීන්ට සක්වල තරණය කරන්නට මෙතරම් වෙහෙසක් හා මෙතරම් කාලයක් ගත නොවන්නටද ඉඩතිබිණි.


අප මේ කියන කරුණු කාරණා ඇතැමුන්ට සුරංගනා කතාවක් වීමටද ඉඩ ඇත. තවත් සමහරු ද්‍රවිඩයන් ඔසවා තබන්නට එපා යැයි අපට ප්‍රතිචාර දැක්වීමටද පෙළ‍ඹී තිබිණි. අප මේ සියලු දේ අනාවරණය කරන්නේ ඉතිහාසය ගවේෂණය කිරීමෙන් හා සාක්ෂ්‍ය සාධක සහිතවම බව පැහැදිලිවම ප්‍රකාශ කරමු. එමෙන්ම රාවණ යනු ද්‍රවිඩ රජෙක්ද, සිංහල රජෙක්ද කියා ඉතිහාසය දන්නා සෑම දෙනාම දන්නා කරුණක් බව සිහිපත් කරමු. රාවණ ද්‍රවිඩ ර‍ජකු වූවා නම් දෙමළ මිනිසුන් විසින් රාමායනය මෙතරම් හිස් මුදුනේ තබාගෙන අදහන්නට යන්නේ නැති බවත්, රාමා දෙවියකු ලෙස හින්දු දේවාල තුළ අභිමානයෙන් වැජඹෙන්නේ නැති බවත්, සිහිපත් කරනු කැමැත්තෙමු. නමුත් http://sethusamudram.info/content/view/42/26 හි දැක්වෙන ආකාරයට දකුණු ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල රාවණා වීරයා ලෙසටත් රමාව දුෂ්ටයා ලෙසටත් සලකා කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඇති වී ඇති රාවණා පිබිදීම වැලැක්වීමේ මලයාලි සක්කිලියන්ගේ කූඨ උපායක් ලෙසටය.

20 comments:

  1. Rawana nathuwa api indala mokatada

    ReplyDelete
  2. hmmmmmmm......... uma oya gana danatamath udgoshana patan aragena

    ReplyDelete
  3. "ප්‍රති මෘතයු වාණය" නිපදවූ ක්‍රියාවලිය ඇතුලත් ග්‍රන්ථයක් පසුගියදා කටුගෙය ආශ්‍රිතව සිදුවූ සොරකමේදී අස්ථාන ගතව ඇති බව සත්‍යක්ද ?

    ReplyDelete
    Replies
    1. එය සත්‍යයක් බව මටත් දැනගන්න ලැබුණ. දැනටමත් ඉන්දියානු බමුණන්ට එය විකුණා මුල් පිටපත ගිණි තබා ඇතිවා විය හැකියි.

      Delete
  4. හරි හරි ජයේ දැන් දැන් අමුතු ලිපිනෙ දාන්නෙ. ඇන් රාවනා මැරිලද නැද්ද කියල දන්නෑ වගේ පිස්සු ලිපි ලියන්නෙ ඇයි? රාවනා මැරිල නැතිය. නැගිටිනවය කිව්ව නේද? අනේ මේ ජයේට දිවවල් කීයක් තියනවද මන්ද?
    කියන එකක් කෙලින් කියපන්කො මීයො.
    බැරිනම් ඇනෝ කියපු මනු වත් නැගිට්ටවමු බං.

    ReplyDelete
    Replies
    1. රාවණා මැරුන, නමුත් ප්‍රති මෘතයු වාණයෙන් එතුමාගේ පණ ගත්ත. නමුත් රාවණ රජතුමා සිතින් විශ්වය යාතා කරන අතර සිත නැති කඳ මහ කුඩු ගල තියෙනව. 2012/12/12 දින පණ එනව.

      Delete
    2. අද 2013.8.27 දැන් කෝ රාවණාරජු

      Delete
  5. රාවණා හෙළුවෙක් පමණක් නම් ඒක මට ලොකු සතුටක් එහෙත් ඔහුත් ද්‍රවිඩයේක් නම් අපිට කාගේ සරණක්ද

    ReplyDelete
  6. රාවනාව මරන්න බෑ ඈ...
    බෑ කිවුවොත් බෑම තමා...

    ReplyDelete
  7. මලබාරින් යනු සක්කිලි කැරපොත්තන්ය. මක්නිසාද යත් ලෝකයේ සෑම කෙලවරකම උන් සිටිනා බැවිනි.

    ReplyDelete
  8. "ඒ පාහර රාමා මාව මරා දැමුවොත් ඔය අවිය යොදා ගනුව"

    පාහර !!!අපට අදාළ නොවන, තොප වැන්නවුන්ගේ පවිටු වදන් අප භාර නොගන්නා නිසා නැවත පෙරලා එවමු.



    ReplyDelete
  9. අනේ A n o n y m o u s One orig නෑනෙ බං. මීයො ඌටත් ආයෙ එන්න කියපන්. නැත්තන් මේකට සොහොන්වල ගැවසෙන මලයාලි සක්කිලි හිගන්නෙක් කොහෙද?
    උගේ පොර ටෝක් නැතුව නිකන් කෑවෙ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං මාත් බැලුවේ, ඌ නැතුව කිසි ආතල් එකක් නෑ මේකේ.

      Delete
    2. මම හිතන්නේ මේ දවස්වල ඌ නැත්තේ මනසික රෝහලෙන් ඌව ප්‍රතිකාර සදහා යොමු කරලා පුකට කරන්ට් අල්ලමින් ඇති(මොලේ පුකේ නිසා). පව් අසරන පිස්සා මරහඩ දෙනවා ඇති. ඌගේ පොර පිස්සුව ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරමු.

      Delete
  10. රාවණා මොළකාරයා ! නැත්නම් කොහොමද ඇන්ටි මතෘන්‍යය ආයුධයක් හදන්නේ...

    හැබැයි ආචාර්යතුමො මට ටක්කෙටම කියන්ඩ පුලුවන් කවදාහරි බලයට එන්ඩ පොරකන රාවණාට මැරෙන්ඩ වෙන්නේ මහින්දයාගේ අතින් කියලා.

    ReplyDelete
  11. 2012/12/12 දවසේ තමයි සෙල්ලම තියෙන්නේ..එතකොට බලාගමුකෝ අපේ රාවනා තුමාගේ වැඩ කිඩ.... දැන්ම ඉදලා ලංකාවේ චිත්‍රපට සමාගම් එතුමාව දාලා රාම රාවනා චිත්‍ර පටයක් කරන්නත් අදහස් කරගෙන ඉන්නවලු...

    ReplyDelete
  12. දැන් ගූගල් එකෙනුත් වර්ගපුර්නිකාවේ ඇඩ් දානවා නේද? එයාලගෙන් සල්ලි නොගෙන ඉන්න තිබුනේ මොනවා උනත් ගූගල් කියන්නේ සිංහලයන්ගේ ගූ + ගල් නේ..නේද ජයේ...

    ReplyDelete


  13. Vargapurnikava.blogspot.nl is ranked #2,289 in the world, a low rank means that this website gets lots of visitors. This site is worth $621,996 USD and advertising revenue is $1,703 USD per day. The average pages load time is 1.11 seconds, it is very good. it has 216,300 visitors and 454,230 pageviews per day. Currently, this site needs more than 564.11 GB bandwidth per day, this month will needs more than 16.53 TB bandwidth. Its seo score is 50.4%. IP address is 173.194.35.170, and its server is hosted at Mountain View, United States. The server distance from you is 13,044.46 km (8,105.45 miles). Last updated on Thu, 09 Aug 2012 12:23:34 GMT.

    Site Title: වර්ගපූර්ණිකාව
    Alexa Rank: #2,289
    Load Time: 1.11 Seconds
    SEO Score: 50.4% (How to optimize vargapurnikava.blogspot.nl?)
    Daily Visitors: 216,300
    Daily Pageviews: 454,230
    Daily Bandwidth: 564.11 GB (16.53 TB/month)
    Daily Revenue: $1,703 USD
    Website Worth: $621,996 USD
    Primary Country: Netherlands (Alexa Rank #14 in Netherlands)
    IP Address: 173.194.35.170 , 173.194.35.171 , 173.194.35.172
    Server GEO: Latitude: 37°41'92" North / Longitude: 122°05'7" West / Distance: 13,044.46 km (8,105.45 miles)
    Server Location: Mountain View, United States

    Ube americaweda ban inne dan

    ReplyDelete
  14. .5/5.0 Stars by StatsCrop
    Advertisement:

    Vargapurnikava.blogspot.nl is ranked #2,289 in the world, a low rank means that this website gets lots of visitors. This site is worth $621,996 USD and advertising revenue is $1,703 USD per day. The average pages load time is 1.11 seconds, it is very good. it has 216,300 visitors and 454,230 pageviews per day. Currently, this site needs more than 564.11 GB bandwidth per day, this month will needs more than 16.53 TB bandwidth. Its seo score is 50.4%. IP address is 173.194.35.170, and its server is hosted at Mountain View, United States. The server distance from you is 13,044.46 km (8,105.45 miles). Last updated on Thu, 09 Aug 2012 12:23:34 GMT.

    Site Title: වර්ගපූර්ණිකාව
    Alexa Rank: #2,289
    Load Time: 1.11 Seconds
    SEO Score: 50.4% (How to optimize vargapurnikava.blogspot.nl?)
    Daily Visitors: 216,300
    Daily Pageviews: 454,230
    Daily Bandwidth: 564.11 GB (16.53 TB/month)
    Daily Revenue: $1,703 USD
    Website Worth: $621,996 USD
    Primary Country: Netherlands (Alexa Rank #14 in Netherlands)
    IP Address: 173.194.35.170 , 173.194.35.171 , 173.194.35.172
    Server GEO: Latitude: 37°41'92" North / Longitude: 122°05'7" West / Distance: 13,044.46 km (8,105.45 miles)
    Server Location: Mountain View, United States

    ReplyDelete

නුදුරු අදහස්