Saturday, September 1, 2012

රාවණ අරක්කු භෝජනාගාරය (හෙළයින්ගේ රා පෙරීමේ තාක්ෂණය ඉදිරියටම)

ශ්‍රී රාවණ රජතුමාගේ නමින් පවත්වාගෙන යන අරක්කු තැබෑරුමක් ගැන ඔබ අසා තිබුණාද? නම හෙළි කිරීමට අකමැති අප වාර්තාකරුවෙක් දක්වන පරිදි එය පිහිටා ඇත්තේ ඇල්ල හන්දියේය. එහි නම RWANA LIQUOR RESTAURANT හෙවත් "රාවණ අරක්කු භෝජනාගාරය" නම් වෙයි.


වර්ගපූර්ණිකාව බ්ලොග් එක පරිශීලනය කරන රාවණගවේශකයින්ටත් මෙය ඉතාමත් වැදගත් තොරතුරක් බැවින්, අපගේ වාර්තාකරුවාගෙන් ලැබුණ තොරතුරු අනුව එම තැබෑරුමේ හිමිකරු වන පී.එම්.පී. මෛත්‍රීරත්න මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවත් නොහැකි විය. එහෙයින් අප වාර්තාකරු ඉදිරිපත් කළ තොරතුරු එලෙසින්ම ඔබ වෙත ගෙන එන්නම්.

රාවන රජතුමාගේ නමට විවිධ අර්ථකතනයන් තිබේ. බොහෝ අය දන්නා අරුතනම් රා හෙවත් හිරුගෙන් එන නායකයා යන්නයි. ඒ අතර වර්ගපූර්ණිකාටුවා පුස්කොළපොතේ දැක්වෙන පද නිරුක්තිය අනුව,
රා=රා
ව=වක්කරන
න=නරේන්ද්‍රයා
අතීත හෙළයේ "රා" යනු අගනා ඖෂධයක් මෙන්ම ජාතික පානයද වූ අතර පර සුද්දන් විසින් අරක්කු ගෙන ඒමත් සමග රා වලට තිබූ තැන අහිමි විය. ලෝකයේ දක්ෂතම වෙදැදුරා වූ රාවණ රජතුමා රා වක්කර බෙහෙත් හැදූ නිසා එතුමාට "රා වක්කරන නරේන්ද්‍රයා" හෙවත් රාවන නම් විය. ඒ අනුව රාවණ=රාවන

රාවන රජතුමාගේ කාලයේදී හෙළයේ ජාතික පානය වී තිබුණේ "රා". පසුකාලයේදී වෑත්තෑවේ හිමියන් එම රාවන යුගයේ සිට පැවතෙන හෙළ සිරිත මෙලෙස තම ගුත්තිල කාව්‍යයේ භාෂා අලංකාරයටත් යොදා තිබුණි.

රැගත් සුරා පිරූ             විතින්
සුරත් තුඹුරු පෙතිසෙ නෙතින්
පුවත් නොදැන බමන    ගතින්
නටත් අයෙක් සුරා        මතින්

එහි "සුරා" ලෙස දැක්වෙන්නේ සු=සුමිහිරි, රා=රා යන්නයි. ගොඩක් රා බොන අයට "සුරා සොඬුන්" යැයිද පවසා තිබූ අතර පසුකාලයේදී ඉංග්‍රීසීන් විසින් විසින් සුරාව ගමක් ගමක් පාසා ව්‍යාප්ත කර ඇත. ඉංග්‍රීසීන් හෙළයෙන් ගියත් තාමත් බොහෝ හෙළයෝ සුරා පානය කරන්නේ හෙළ අසුරයින්ගෙන්ම පැවතෙන බව මනාව ඔප්පු කරමිනි.

"රාගම" යනු අතීත හෙළයින්ගේ රා පෙරීමේ තාක්ෂණය ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවෙන ස්ථානයකි. රාගමින් හමුවූ සෙල් ලිපියක මෙලෙසින් තිබේ.
"මහ රව රජ මහ ර සක තබ".
එහි තේරුම නම්, "මහා රාවන රජතුමාගේ මහා රා ස්කාගාරය සහ තැබෑරුම". දැන් රාගම යන්නේ පද නිරුක්තිය බලන්න. වර්ගපූර්ණිකා‍ටුවාවට අනුව රාගම යනු,
රා=රාපෙරූ,
ගම=ගම.
ඉතා පැහැදිළියි, අතීත හෙළයේ ලොව ප්‍රමුඛතම රා පෙරීමේ ස්කාගාරය තිබී ඇත.

අයියනර්

අදටත් ඉන්දියාවේ උදවිය අයියනර් යනුවෙන් දෙවි කෙනෙක්ව අදහයි. ඒද ශ්‍රී රාවණ රජතුමගේ අවතාරයක් බව හිංදු ඉතිහාසයේ දැක්වේ. එනම්,
අයිය=අයියා
නර්=නරයා
නරයින්ට අයියා වන්නේ ශ්‍රී රාවණ රජතුමාමය. සූර් වූ හරකෙක් මත වැඩ සිටින අයියනර් දෙවියන්ට පඬුරු ලෙස දිය යුත්තේ අරක්කු ය. එවිට එම දේවෝත්තමයා, තමා ඉදිරියේ වැඳ වැටෙන බලුගැත්තාට තිබෙන සියලුම හිතේ කරදර වලින් නිදහස් කරනු ඇත. අදටත් අපගේ ගම් පළාත් වල සිටින රා/අරක්කු බී සූර් වූ උදවිය ඉහත අයියනර් දෙවියන් ගේ විලාශයෙන්ම මන්නයක් අතට අරගෙන තවත් කෙනෙකු පසුපස හඹා යමින් කරන්නේ අයියනර් සඳහා දේව පූජාවකි.

ඉතාමත්ම ශෝකජනක පුවත වන්නේ, වර්තමානයේදී අයියනර් දේවාලය "මලයාලි සක්කිලියන්" විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටීමයි. බලන්න ඉහත පින්තූරයේ සිටින මලයාලි සක්කිලියන් හතර දෙනා අයියනර් දෙවියන්ට ලැබෙන අරක්කු හොරෙන් බී සූර් වී සිටින අන්දම? මෙවන් අපරාධ දැක දැක අප හෙළයින් නිහඬව සිටින්නේ ඇයි? වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියට වටිනා කොමෙන්‍ටු එක් කරන අපගේ මිත්‍ර "ඇනෝනිමස් වන් ඔරිජි" තුමන්, මලයාලි සක්කිලියන්ට ලුණු ඇඹුල් ඇතිව බනිද්දී ඔහුට හිනා වූ අය ඉහත පින්තූරයේ සිටින මලයාලි සක්කිලියන්ගේ වැඩ කිඩ ගැන කුමක් කියනු ඇත්ද?

ඒ අතර "ඇල්ල" ප්‍රදේශයෙන් ලැබුණු ඉපැරණි හෙළ යක් භාෂාවෙන් ලියන ලද රන් සන්නසකට අනුව රාම කුමාරයා වඳුරන් සමග ලංකාපුරය ආක්‍රමණය කර තිබුණේ සීතාව සොයාගැනීම එකම අරමුන කරගෙන නොවේ. අප හෙළයින්ට තිබූ රා මැදීමේ තාක්ෂණය සොයාගැනීම ප්‍රමුඛතම අරමුණ විය. එකල ඉන්දියාවේ වඳුරන්ද රා බීමේ රුසියන් වූ අතර එම වඳුරන්ට රා මැද වක් කිරීමේ කාර්යය, කාලයක් වනයේ පි‍ටුවහල්ව සිටි රාම කුමාරයා විසින් කර ඇත. "රාම" යන්නේ පද නිරුක්තිය බලන්න.
රා=රා
ම=මදින්නා.
ඉතාමත් ප්‍රාථමික තාක්ෂණයක් තිබූ එම රාමදින්නාට (රාමට) ලංකාපුරයේ ශ්‍රී රාවණ රජතුමාගේ රා මැදීමේ දියුණු තාක්ෂණය අවශ්‍ය විය. අදටත් ඉන්දියාවේ ඇති සුවිශාල අරක්කු ස්කාගාරයන් වැඩ කරන්නේ එදා ශ්‍රී රාවණ රජතුමාට තිබූ රා මැදීමේ තාක්ෂණය යොදා ගනිමින් බව, ඉන්දියානු පුරාවිද්‍යාඥයින් පවා පිළිගන්නකි.

ඊළඟට එම තඹ සන්නස හමුවූ "ඇල්ල" නගරයේ පද නිරුක්තිය බලමු.
ඇල්=ඇල්වූ
ල=ලබුකැටය.
එම තඹ සන්නසේම සඳහන් වන්නේ ශ්‍රී රාවණ රජතුමා එකී, ප්‍රදේශයට එද්දී උණු කර රා පිරවූ ලබු කැටයක් අරගෙන ආවත් එහිදී සීතලටම එහි වතුර ඇල් වී ඇති බවයි. ඒ අනුව ඇල්වූ ලබුකැටයේ නමින් "ඇල්ල" කියා එය හඳුන්වා ඇත. පසුකාලයේදී එම ස්ථානයේ උණු කළ රා විකිණීමේ තැබෑරුමක් ඉදි කළ අතර, ඒ නටඹුන් අසළින්ම රාවණ රජතුමාට ගෞරවය පිණිස වර්තමාන "රාවන අරක්කු භෝජනාගාරය" ත් ඉදිකර ඇත. රා උණු කිරීමෙන් අරක්කු හදන බැවින් එය මනාව ගැලපෙයි. වර්තමානයේදීත් ඇල්ල ප්‍රදේශයේ ඇති එම තැබෑරුමේ අරක්කු විකිණීම, අතීත "උණු රා" විකුණූ හෙළ යකුන්ගේ පරපුරේම අය විසින් කරන්නකි.

එසේම ඉදිරියේදී රට පුරාම "රාවණ අරක්කු භෝජනාගාර" ඉදි කිරීමට මෛත්‍රීරත්න මහතා බලාපොරොත්තු වෙන බව දැනගන්නට ලැබුණි. පසුගිය කාලයේදී ශ්‍රී රාවණ නාමය නැවත මතු කළ සියලුම රාවණ ගවේශකයින්ට මෛත්‍රීරත්න මහතාගේ ස්තුතිය හිමි වේ.

34 comments:

  1. මමද රා පානය සදහා යොමු විය යුතුයි!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. රා මොකටද? අරක්කුම ගහමු.

      Delete
  2. හෙළ රා පානය හෙළා දකිමින් පර සුද්දාගේ විස්කි හෝ බ්‍රැන්ඩි බොන උන් අල්ලා හිස ගසා දැමිය යුතුය.

    ReplyDelete
  3. රා + වනා = රා + වානා = රා + එපා

    ReplyDelete
  4. ඔය කියන්නාඌ පොට් එකෙන් මාද සප්පායන්ව ඇත්තෙමි

    ReplyDelete
  5. රාවණ ලොක්කත් මාර ඩයල් එකනෙ එහෙනන් ඔය කසිප්පු පෙරනව වගෙ දෙවලුත් ඒ කාලෙ ජයටම වෙන්න ඇති නෙ?මමත් අදම ගිහින් රා කට්ටක් ගහල කසිප්පු පෙරන පොට් එකකුත් පටන් ගන්නව.

    ReplyDelete
  6. ඉන්දියනු බල්ලා රන්ගන රාඔනෙ ෆිල්ම් එකත් රාවනගෙ වෑඩ පෙන්නන එකද්ද...

    ReplyDelete
  7. මමත් අද සිටම රා බොන්න පටන් ගන්නවා....

    ReplyDelete
  8. පුරාණ රාවණා රජකාලය නැවත උට්ඨානය ලබමින් පවතින බවට හොද සාක්‍ෂියකි මෙයත්...

    ReplyDelete
  9. ඔය ප්‍රදේශය අවට ඇති රා+ගල=රාගල, රා+බඩ=රම්බොඩ වැනි ප්‍රදේශවල ඓතිහාසික වැදගත්කම ගැනත් කරුණාකර ලියන්න.

    ReplyDelete
  10. මමත් බොන්න ඕනේ රා. නමුත් රාවනා වැනි ශේෂ්ඨ රජ කෙනෙක් රා පෙරුවා යයි විශ්වාස කිරීමට අපහසුයි.

    ReplyDelete
  11. අනේ අපොයි !!!

    මම රා මැද්දද ?

    මට මතක නැහැ ඕයි !!!

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නම

      :::::::: මීට ආචාර්ය රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    2. තමුසෙ කවුද ඕයි ?

      මම තමුසෙත් එක්ක කොරපු මගුලක් නැහැ ...

      එහෙම නැත්තන් මට ඒකත් මතක නැහැ ඕයි..

      Delete
  12. රාවණා සිද්ධම් කියා රා බීමෙන් රා මතින් වැනීම වෙනුවට රෑ පුරා අවදිව සිටීමේ බලය ශක්තිය ලැබේ. (උතුරට මුහුණලා දකුණ බලා රා පානය සිද්ධ කරන්න.)

    ReplyDelete
  13. ඔය භෝජනාගාරය තියෙන්නෙ මට මතක විදිහට රාවණ ඇල්ල කිට්ටුව...ඔය පැත්තෙන් කතරගම යද්දි මට මතකයි ඕකෙං ගත්ත බෝතල් හත අටක් ...වැදුනයි කියන්නෙ ආයෙ නෑ ශ්‍රී රාවණ සිද්ධම්ම තමා...දැනුයි ඔන්න මට සීන් එක තේරුණෙ...ආය හෝදන්ට දෙයක් නෑ...රාවණ බලමහිමයෙන්ම වෙන්ටෝන...

    ReplyDelete
  14. රාවණ පසුව රා වානා වී තිබෙනවා. සීතා දුගඳ යයි කියන්න ඇති.
    දුමට හා ගුලියට මාරු වෙන්නත් ඇති.

    ReplyDelete
  15. ඇඩෝ මීයා මොකද ඒ පාර ඇනෝට කඩේ යන්නේ? මගේ කොමෙන්ට්ස් දාන්නේ නැත්තේ මොකද මීයෝ, වහාම දාපිය, නැත්නම් උඹේ රාවණා හැක් කරලා විනාස කරලා දානවා.

    ReplyDelete
  16. අපොයි මෙන්න මේගොල්ල පා. ආ. ප . රජයේ අවවාදය නැතුවම ඇල්කොහොල් ප්‍රොමෝට් කරනවා .

    ReplyDelete
  17. " මීවන "
    මී - මියන්
    ව- වක්කරන
    න- නරේන්ද්‍රයා ..... :රා


    එතකොට මම ?????

    :::::::: මීට ආචාර්ය රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
  18. adoomai..

    mepana kalayak apen sangawa siti mema rahas apta wataha deemata mema uttmayata ape pranamaya pidiya yuththemya.

    ReplyDelete
  19. අනේ...... අපිටත් කියා දියන්කෝ අරක්කු ටිකක් පෙරා ගන්න හැටි අනේ......

    ReplyDelete
  20. ඉනද්‍රජිත් පොඩි කාලේ රාවණා පිය රජු මේ සිංදුව කියලලු පොරව නිදි කරවල තියෙන්නේ

    නුඹේ අම්මා කිතුලේ ගියා
    රා මුට්ටිය බොන්ට ගියා
    කිතුල උඩින් හනුමා ගියා
    රා සේරම බීලා ගියා


    ReplyDelete
  21. රා වලින් අරක්කු පෙරීම රාවන කාලයේ සිට සිදු වුවක්ද? මේ වෙනකොට එය නීතිවිරෝධි කර ඇත්තේ මන්ද?

    ReplyDelete
  22. ඔබේ ලිපියෙහි සදහන් තැබෑරුම ඇත්තේ ඇල්ල හංදියෙහි නොව කුඹල්වෙල හන්දියේය ඔබ පල කරන ලිපි වල නිරවද්‍ය තාවය හා වගකෙම් සහගත බව මේ ලිපියෙන් ම හොදින් වැටහ ගතිමි. රාවණ වෙනි ශ්‍රේෂ්ට නරපතියෙකුගේ නාමය මෙවන් දුරාචාරවත් ස්ථානයකට යෙදීම පිලිබදව ඒ අසලින් ගමන් කරන සෑම මොහොතකම මා දැඩි සේ කම්පා වීමි. ආධ්‍යාත්මික වශයෙන් උත්තරීතර තත්වයකට පැමිණි බෞද්ධ නරපතියෙක් එවන් දුරාචාර යන්ට එවන් අනු බලයක් දේ යයි ඔබ පවසන්නේ පෙර ලිපි වල පල කර ඇති කරුණු වලටද පටහැනි වන ලෙසයි. කරුණාකර ඔබ තවදුරටත් ලිපි පල කරන්නේ නම් ඒවා සත්‍ය වාදී බවෙන් යුතුව වගකීම් සහගතව පල කරන්න. නැතිනම් ඔය වැරදි වැඩේ නවත්වන්න ඔබගේ ඇතැම් මුග්ධ ප්‍රකාශ නිසා ඇතැමුන්ට ශ්‍රේෂ්ට රාවණ නාමය හොද විහිළුවක් බවට පත්ව ඇත.

    ReplyDelete
    Replies
    1. ආධ්‍යාත්මික වශයෙන් උත්තරීතර තත්වයකට පැමිණි බෞද්ධ නරපතියෙක්/

      රාවණා බෞද්ධයකු නොවේ බුදුහාමුදුරුවො ඉපදෙන්නත් කලින් හිටපු කෙනෙක් රාවණ කියන්නෙ...ඒ කාලෙ බෞද්ධාගමක් කොයින්ද?

      Delete
    2. අනේ ගොනෝ, තෝ හිතුවද කුඹල්වෙල කිව්වට රටේ හැමෝම දන්න තැනක් කියලා? ඔතන ඇල්ල කියලා කියලා තියෙන්නෙ ඒක රටේ ඇසූ පිරූ තැනක් නිසයි.

      ඔන්න මීවන පලානයන් ඕක තියෙන්නෙ ගම්පහ කියලා තිබුනනම් ඒක බොරුවක් කියලා කියන්න තිබුනා.උඹ නොදන්නවට ඔතන තමයි ඇල්ල හන්දිය කියන්නෙ.ඔතනට කුඹල්වෙල කියන්න ගත්තෙ හැත්ත ගනන් වල පල්ලෙහායින් ඇල්ලට පාර කැපුවයින් පස්සෙ.

      ඕක යකෝ ඉස්සර ඇල්ල ගම් සභාපතිගෙ ගෙදර. උන්නැහෙත් රාවනා රජ්ජුරුවො වගේ රියල් පොරක්. මෙතන දෙල් කොලයක් ඉරෙන්න හුජ්ජකරගන්න බෑ, එනව මෙතන ඇල්ල ගැන කියන්න....

      මීට වාර්තාකරු.

      Delete
    3. නොදන්නා දෙයක් කියල දුන්නට thanks ගොනෝ.. ඇල්ල හන්දිය ගැනත් රටේම මිනිස්සු දන්නවනේ නේද? අනේ ගොනෝ ඌව පළාතේම ඇල්ල කියන නම තියෙන ගම් කීයක් තියෙනවද කියල දන්නවද ? නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහ ගන්නේ නැතුව ඉදපන්. මනුස්සයෙක් වගේ කතා කරන්න ඉගෙනගෙන වරෙන් ඔහේ වගේ nikamek එක්ක වාද කරනවට වඩා වැඩ තියෙනවා.

      Delete
    4. බෞද්ධ රජෙක් කියන්නේ මම නෙවෙයි ජයරත්න තුමා

      Delete
    5. මල්ලි ඇත්ත කියපං, ගුලි කනව නේද?

      Delete
  23. මීවනපලානේ ජයරත්නයානනි... මෙම ලිපිය පල කිරීමෙ අරමුණ තේරුම් ගත්තෙමි. දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි.

    ReplyDelete
  24. ගිය සති අන්තයේ අල්ලේ ගොස් රා-වනා ආවෙමි.

    ReplyDelete
  25. මේ වාගේ කාලකන්නින්ට පායන ඉර, තුහ් නොදෝකින්!

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ රාවණාගේ නම දාගෙන රා නොවිකුණා අරක්කු විකිණීම ගැනද?

      Delete

නුදුරු අදහස්