Monday, September 24, 2012

කන්‍යාවියක් ලවා පයින් ගැස්සවීම සහ පිට ඇතිල්ලීම

රාචි ත් රාවණ කතක්දරයක් ලියාගෙන යනව. ඒක කියවගෙන යද්දී, මට පොඩි කාලෙදි අපේ ආච්චි අම්ම කියල දුන්න රසබර ඉතිහාස කතා කීපයක් මතකයට ආවා. ඒවයින් සමහර කතන්දර වැටහුණේ ලොකු ඉස්කෝලෙනුත් අයින් වුණාටත් පසෙයි. ඔබ සමහර විට ඒවා දැනගන්න කැමති ඇති කියල හිතෙන නිසා ඒවයින් එකක් අද කියන්නම්. ඒ කාලෙ රාවණ රජ්ජුරුවන්ට අක්කර 1000 විතර ලොකු පොල් වත්තක් තිබුණ. ඒක තිබුණෙ...
Read More...

Thursday, September 20, 2012

සිංහල ක‍තෝලිකයන් යනු සිංහල බෞද්ධයින්ට වඩා හොඳ සිංහලයන්ය.

සිංහල බෞද්ධයින් යනු නියම සිංහලයින් කියලයි බොහෝ අය මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ. නමුත් සිංහල ක‍තෝලිකයන් යනු සිංහල බෞද්ධයින්ට වඩා නියම සිංහලයින් බව ඔබ දැනගෙන සිටියාද? මේ බව කියන්නේ අන් කවරෙක්වත් නොව, ශ්‍රී රාවණ රජතුමාව අප හෙළුවන් අතර ජනප්‍රිය කළ කලාසූරී අරිසෙන් අහුබුදු හෙළුවානන්ය. අහුබුදුවන්ගේ වචන වලින් හෙළුවන් යනු හෙළයින්ට කියන හෙළ වචනයයි. ...
Read More...

Wednesday, September 19, 2012

අවතාර යනු රාවණ රජතුමා අතීසාරයට හඳුන්වා දුන් ඖෂධයකි.

ලෝකප්‍රකට Avatar චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ වීමත් සමගම තරුණ පරපුර අතරත් "අවතාර" ගැන විශාල කතා බහක් ඇති වුණා. එනිසා "අවතාර" යනු මොනවාදැයි මා ගවේශණය කිරීමට පටන් ගත් අතර මුලින්ම විමසා බැලූයේ, සෑම දෙයක්ම පාහේ සටහන්ව ඇති වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ මේ සම්බන්ධයෙන් සටහන්ව තිබෙන්නේ කුමක්ද යන්නයි. මාව පුදුමයට පත් කරමින් අවතාර ගැන විස්තර එහි...
Read More...

Tuesday, September 18, 2012

හෝමෝ සේපියන්ලා බිහි වීමට පෙරත් හෙළයින් ශිෂ්ටාචාරගතව සිට ඇත.

පරිනාමවාදීන්ගේ පොදු පිළිගැනීම අනුව නූතන මානවයා වශයෙන් හැඳින්වෙන Homo Sapiens මුල් වරට ලෝකයට බිහි වී ඇත්තේ මීට වර්ෂ 250,000 කට පෙරය. ඔවුන්ගේ උප මානව වර්ග වන Homo Sapiens Idaitu මීට වර්ෂ 160,000 - 150,000 අතර ඉතියෝපියාවේදී ජීවත් වී ඇත. Homo Sapiens Sapiens වශයෙන් හැඳින්වෙන අපව මීට වර්ෂ 200,000 කට පෙරදී ලෝකය පුරාමද ආරම්භ වී ඇත. Homo Sapiens...
Read More...

Friday, September 14, 2012

බුදුරදුන් බුද්ධත්වයට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බව සොයාගනී...!!!

මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස. මෙම පොතේ 83 වැනි පි‍ටුවෙන්...
Read More...

Thursday, September 13, 2012

ඇනෝ සහ රාචි පරපුරවල් අතර සිදුවෙමින් පවතින යුද්ධය

මෙම විශේෂ ලිපිය ලිවීමට සිත් වූයේ පසුගිය දින ගණනාවක සිට වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ කොමෙන්‍ටු වලින් Anonymous One orig (ඇනෝ) සහ rachi (රාචි) ප්‍රධාන කොටගත් පරපුරවල් දෙක අතර සිදුවෙන මහා වාග් සංග්‍රාමය කියවීමෙනුයි. රාවණ ඉතිහාසය ගවේශණයේ ස්වර්ණමය යුගය මෙය බව පසක් කරමින්, මේ දෙපාර්ශවය අතර සිදුවෙන බස් සටන නිසා බ්ලොග් අවකාශයේ රාවණාවාද නිම් වළලු පුළුල්...
Read More...

Tuesday, September 11, 2012

රාවණ සමයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපාංග වල පොසිල හමු වෙයි.

අප ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කාලයේදී අති මහත් හෙළ විද්‍යාත්මක සහ තාක්ෂණික දියුණුවක් තිබූ බව මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ලිපි වලින් පෙන්වා දෙද්දී සමහර රාවණා විරෝධීන් ඊට සිනා සුණහ. ඊට හේතුව වන්නේ අප දැක්වූ මූලාශ්‍ර මදි බව කීමයි. නමුත් රාවණාගවේශක ඉතිහාස ලිපියක මූලාශ්‍ර දැක්වීමේ සම්ප්‍රදාය අනුව යමින්, පද නිරුක්ති, හෙළ විද්වතෙක්ගේ ප්‍රකාශයක්,...
Read More...

Thursday, September 6, 2012

වර්ගපූර්ණිකාව ට අපහාස කරන උදවියටයි මෙය

හෙළයින් වන අප ලෝකයේ ප්‍රෞඩතම ඉතිහාසයට හිමිකම් කියන ජාතිය වීමු. කිසිවෙකුටත් එය එසේ නොවේ යයි කිව නොහැක. මා මේ සඳහන් කරන්නේ අප ජාතියක් ලෙස අතීතයේ සිට ශිෂ්ටසම්පන්නව සිටි ඕනැම ජාතියකට නොදෙවෙනි මට්ටමින් දියුණු ජාතියක්ව සිටිබවයි. අනෙක් ජාතීන්ට පෙර අපි ශිෂ්ටාචාරයේ දිනෙක ගින්දර සොයාගතිමු, රෝදය සොයාගතිමු, තව බොහෝදේ සොයාගතිමු. ඒ තනිවමය, කිසිවෙකුගෙන්...
Read More...

Wednesday, September 5, 2012

රාවණ රජතුමා සහ පිටසක්වල ජීවීන් අතර තිබුණ අභිරහස් ගණුදෙනුව...!!!

අප වෙත ලැබුණු, ශ්‍රී රාවණා රජතුමා ගැන දුර්ලභ පුවත් ‍රැගත් ලිපියේ පළමු කොටස ඊයේ පළ කලා ඔබට මතක ඇති. පහත දැක්වෙන්නේ එහි දෙවැනි කොටසයි. එම ලිපියේ ඇති වැදගත් කරුණු රතු පාටින් උදෘත කර දක්වන අතර , ලිපිය ගැන අපගේ අ‍ටුවාවන් (අපි ලියපු අදහස්) අළු පාටින් උදෘත කර ඇති බව කාරුණිකව සලකන්න. දැන් අප පිවිසෙන්නේ රාවණ පිළිබඳව වර්තමානයේ පහලවී ඇත් එක්තරා මතවාදයකට...
Read More...

Tuesday, September 4, 2012

රාවණාගේ මරණය සිදුවිය හැකිද? නැතිනම් එය එක්තරා ප්‍රයෝගයක්ද?

ශ්‍රී රාවණා රජතුමා ගැන දුර්ලභ පුවත් ‍රැගත් ලිපියක් අප වෙත ලැබුණි. පහත දක්වා ඇත්තේ ඉන් කොටසකි. එම ලිපියේ ඇති වැදගත් කරුණු රතු පාටින් උදෘත කර දක්වන අතර , ලිපිය ගැන අපගේ අ‍ටුවාවන් අළු පාටින් උදෘත කර ඇති බව කාරුණිකව සලකන්න. රාවණාගේ මරණය සිදුවිය හැකිද? නැතිනම් එය එක්තරා ප්‍රයෝගයක්දැයි අපගෙන් විමසූ බොහෝදෙනකු සිටියහ. එයට හේතුව ලෙස ඔවුන් අපගෙන් ප්‍රශ්න...
Read More...

Monday, September 3, 2012

රාවණා රජතුමාට එරෙහි උමා ඔය කුමන්ත්‍රණය වහා නවත්වනු!

රාවණාගවේශක හෙළයින් වන අපට අතිශය වැදගත් පුවතක් ෆේස්බුකියේ දක්නට ලැබුණි. පහත දැක්වෙන්නේ එයයි. එයට අප විසින් තවත් වැදගත් තොරතුරු එක් කළ අතර, ඒවා අළු පාටින් උදෘත කර ඇත. හෙළ ජාතික ඉතිහාසය විකුණගෙන කැමට මාන බලමින් සිටින පිටරැටියන් පිරිසක් හා එක්ව කරගෙන යන්නා වූ උමා ඔය ව්‍යාපෘතිය වහා අත් හිටවනු ..! ඔබත් ජාතික ඉතිහාසයට ආදරේ නම් ගෞරව කරන්නේනම් මෙම...
Read More...

Saturday, September 1, 2012

රාවණ අරක්කු භෝජනාගාරය (හෙළයින්ගේ රා පෙරීමේ තාක්ෂණය ඉදිරියටම)

ශ්‍රී රාවණ රජතුමාගේ නමින් පවත්වාගෙන යන අරක්කු තැබෑරුමක් ගැන ඔබ අසා තිබුණාද? නම හෙළි කිරීමට අකමැති අප වාර්තාකරුවෙක් දක්වන පරිදි එය පිහිටා ඇත්තේ ඇල්ල හන්දියේය. එහි නම RWANA LIQUOR RESTAURANT හෙවත් "රාවණ අරක්කු භෝජනාගාරය" නම් වෙයි. වර්ගපූර්ණිකාව බ්ලොග් එක පරිශීලනය කරන රාවණගවේශකයින්ටත් මෙය ඉතාමත් වැදගත් තොරතුරක් බැවින්, අපගේ වාර්තාකරුවාගෙන්...
Read More...

නුදුරු අදහස්