Wednesday, August 8, 2012

බිළාල මන්ත්‍රයෙන් ජප කර පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය ලබාගන්න හැටි.

මේ දිනවල විදුලිය විසන්ධි කිරීම නිසා සමහර අයට රාත්‍රියේ කළුවරේ ඉන්න වෙනව ඇති. විශේෂයෙන්ම උසස් පෙළට පාඩම් කරන ශිෂ්‍යාවන්ට සිදුවී ඇති අපහසුතාවය අළුතෙන් කියන්න ඕනැ නෑනෙ. එනිසා මා අද කල්පනා කළා රාත්‍රී කාලයේ ආළෝකය ලබා ගැනීම සඳහා රාවණා රජතුමා විසින් නිර්මාණය කරන ලද ඉපැරණි හෙළ ක්‍රමවේදයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එක හරහා ඔබ හමුවේ තැබීමට. කෙටියෙන් කියනවනම් මන්තරයක් භාවිතා කරලා නිවසේ සිටින පූසාගේ ඇස් දෙකෙක් රාත්‍රී කාලයේ කාමරයට අවශ්‍ය ආළෝකය ලබා ගැනීම. මේ මන්තරය භාවිතා කරන හැටි දැනගන්නට ලැබුණෙ ඉපැරණි හෙළ පුස්කොළපොතකිනුයි.

මුලින්ම කියන්න ඕනැ මේ දේ කරන්න පුළුවන් කාන්තාවන්ට විතරයි. එයිනුත් කන්‍යාවන් මේ වැඩේ කරන එක සුදුසු නැහැ, මොකද කියනවනම් මෙහි ඇති මන්තර භාවිතා කරමින් පූසාට මැතිරූ පසු කන්‍යාවන්ට කළු කුමාර දිෂ්ඨිය වදින්න පුළුවන්, ඉන් පසුව නිවසේ ඇති කැඩෙන බි‍ඳෙන දේවල් වලට හානි වුනොත් ඔන්න මටනම් වගකියන්න බෑ. එනිසා කන්‍යාවක් නොවන කාන්තාවන්ට නොබියව මෙය සිදුකිරීමට හැකියි. එසේම නිවසේ වෙන කවුරුවත් නොමැති වෙලාවක හෝ අඩුම තරමින් ඔබ තනිවම කාමරයකට සිටිමින් වෙන කාටවත් පේන්නේ නැති වෙන විදියට දොර වසාගෙන කළ යුතුයි. මෙමගින් පූසාගේ ඇහෙන් ආළෝකය ලබා ගන්නවටත් වඩා දේවල් වෙන බව ලිපිය කියවගෙන යනකොට ඔබට වැටහේවි.

එහෙනම් වැඩේ කරන විදිය බලමු. ඉර අවරට ගොස් අඩ හෝරාවකට පමණ පසුව ඔබගේ නිවසේ සිටින පූසාව අල්ල ගන්න. ටිකක් වැඩිපුර ඤාව් ඤාව් ගානවනම් ඒකෙ තේරුම ඌට බඩගිනි බවයි. එසේනම් ඌ කැමති ආහාරයක් ලබා දෙන්න. පූසාගේ බඩ පිරුන පසුව ඌ කෑම කන එක නවත්වාවි, එසේම පූසාගේ ඇස් දිගටි වී නිදිමත ගතියක් පෙනේනම් ඒකේ තේරුම ඌ හොඳින් තෘප්තිමත් බවයි.

ඉන් පසුව පූසාව ඔබගේ ඇඳ මතින් තබා ගෙන කාමරයේ දොර වසා දමන්න. එසේ කරන්නේ පූසා ඉඳ ගැනීමට වඩාත්ම කැමැති තැන ඔබගේ ඇඳ උඩ වීම සහ මෙය නිදහසේ කළ යුත්තක් වීම නිසයි. දැන් පූසාව මැදි වෙන ලෙසට ඔබගේ කකුල් දෙක පූසා දෙපසින් දිග හැර ගන්න. එසේ කරන්නේ පූසාට තමා ආරක්ෂිත බව හඟවා ඌ බිය වී පැන යාම වළක්වා ගැනීමටයි. දැන් පූසාට පමණක් ඇසෙන පරිදි "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි පවසන්න.

බිළාල මන්ත්‍රයෙන් මතුරා ආළෝකය ලබා ගැනීමට සුදුසු තත්ත්වයේ පූසෙක්

එවිට ඉහත රූපයේ පරිදි පූසා තම දෑස ලොකු කර ඔබගේ ඇස් දෙක දිහා බලාගෙන සිටීවි. පූසාගේ මූන වටේ ඇති ‍රැවුල (මවිල්) අවුල් වී ඇති බවක් පෙනෙයිනම් අත් දෙකෙන් ‍රැවුල දෙපසට කර ඔසවන්න. (සාමාන්‍යයෙන් ‍රැවුල අවුල් වන්නේ විශාල ලෙස මවිල් තිබෙන විශේෂිත වර්ග වල පූසන්ගේ පමණයි.) එවිට පූසාගේ කට හොඳින් පැහැදිළිව රතුවට පෙනේවි.

දැන් ඔබගේ දබර ඇඟිල්ලට කෙල ටිකක් ගෙන පූසාගේ මූනේ පැත්තකින් තබා, ඇඟිල්ල රවුමට කරකවමින් පහත දැක්වෙන බිළාල මන්ත්‍රය එකසිය හත් වතාවක් මතුරන්න.

"සෲස රූන ශෲකතෲන පෲස ආසෲ දෲන ආළකෲය ඒවෲ ඒසෲවෲහකෲ"

ශ්‍රී රාවණ අධිරාජ්‍යයා විසින් නිර්මාණය කරන ලද ඉහත මන්ත්‍රය ලියවී ඇත්තේ බළල් බාසාවෙනි. එම මන්ත්‍රයේ තේරුම මෙලෙසයි. "ශ්‍රී රාවණ ශක්තියෙන් පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය එනවා ඒස්වාහක්"

ඔබ ඉහත දැක්වූ මන්ත්‍රය නිසි ලෙස මතුරමින්, නියමිත ලෙස දබර ඇඟිල්ලෙන් පූසාගේ මූනේ පැත්තක් රවුමට කලතනවානම්, මොහොතක් ගතවෙද්දී පූසා ඔබ අතගාන ඇඟිල්ල දෙසට බර වේවි. පූසාත් ඉස්සි ඉස්සී අතගාවගන්න උත්සාහ දරාවි. තවත් ටික වෙලාවක් යද්දී ඔබව පුදුමයට පත් කරමින් පූසාත් එම මන්ත්‍රය මතුරන්නට පටන් ගනීවි. සාමාන්‍ය අයට පූසාගේ එම මැතිරීම ඇසෙන්නේ නිකම්ම "පෲ පෲ" ගෑමක් වගේ වුවත් කුණ්ඩලීනී ශක්තිය ඇති හෙළයින්ට එම මන්ත්‍රය පැහැදිළිවම ශ්‍රවණය කිරීමට පුළුවන්.

නමුත් පූසාගේ කටින් දියාරුවට කෙළ බේරෙමින් "චස් චස්" වගේ ශබ්දයක් ඇහෙන්න ගත්තොත් වැඩේ නවත්වන්න, ආයිත් වෙනත් දවසක තමයි කරන්න වෙන්නෙ. මොකද ඉතින් ඔබටත් ඒ වන විට හොඳටම ඇතිවෙලා ඇති. එසේම පූසාගේ කටින් දියාරුවට කෙල බේරීම හෝ "චස් චස්" ශබ්දය පූසාගේ මුවෙන් ඇසීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්, ඒ ගැන කලබල විය යුතු නෑ.

කළුකුමාර දිෂ්ඨිය වැහුනු පූසෙක්.

එසේම පූසාට කේන්ති ගොස් දත් විලිස්සා නැටි මහත් කරගෙන ලොමු දැහැ ගන්වා "හෑස් හෑස්" ශබ්දය නැගුවොත් එහි තේරුම පූසාට කලු කුමාර දිෂ්ඨිය වැහී ඇති බවයි. බිය වීමට හේතුවක් නෑ, පූසාගෙන් ඈතට ගොස් "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි පවසන්න, ඌගේ බිය දුරු වේවි. පූසා යථා තත්වයට පත් වූ පසුව ඉහත දැක්වූ පරිදි නැවතත් ඔබට මුල සිටම මැතිරීම පටන් ගැනීමට හැකියි. (පූසාට කේන්ති නොගොස් පූසාගේ නැට්ට පමණක් දිගටම මහත් වී තිබේනම් ඇත්නම් එය ප්‍රශ්නයක් නෑ, දිගටම කරගෙන යන්න)

ඔබ එම මන්ත්‍රය නිවැරදිව එකසිය හත් වතාවක් මතුරා අවසන් වෙද්දීත් පූසා නොනවත්වාම දිගටම තම මැතිරීම සිදුකරනවා. දැන් ආළෝකය ලබා දීමට පූසා සූදානම්. පූසාගේ ඇස් දෙක ආළෝකයෙන් ආරෝපණය කිරීම සඳහා පූසාව ඇඳ මතම තබා ටිකක් ඈතට ගොස් එතරම් සැර එළියක් නොමැති ටෝච් එකක් පූසාගේ ඇහැට එල්ල කරන්න.

[[ඔබගේ ටෝච් එකේ බැටරි බැහැලනම් පූසාට මතුරන්න පෙර බැටරිය ආරෝපිතව තබා ගත යුතුයි. ඒ සඳහා "නා ගසේ පත්‍ර මගින් ෆෝන් බැටරියක් චාර්ජ් කිරීම" මැයෙන් මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ දැක්වූ ලිපියේ සඳහන් ක්‍රමවේදය උත්සාහ කර බලන්නට පුළුවන්.]]

සාමාන්‍යයෙන් ටෝච් එකක් ගහද්දී දිළිසෙනවට වඩා පූසාගේ ඇස් වඩාත්ම දීප්තිමත්ව දිළිසේනම් එහි තේරුම පූසාගේ දෑස ආරෝපණය වෙන බවයි. තමන්ගේ දෑස ආරෝපණය කිරීමට පූසා අකමැති නිසා ඇස් දෙක ටෝච් එකෙන් ඉවතට ගැනීමට ඌ උත්සාහ දරාවි. නමුත් පූසාට හඬ ගසමින් ඌ ඔබ දෙස බැලීමට සලස්වා මිනිත්තුවක් පමණ දිගටම ටෝච් එක උගේ ඇස් දෙකට එල්ල කරන්න. බලහත්කාරයෙන් පූසාට ටෝච් එක ගහන්න එපා, පූසා අන්ධ වීමටත් ඉඩ තිබෙයි.

මිනිත්තුවක් ගතවූ පසුව පූසා හොඳින් ආරෝපණය වී සිටී. දැන් පූසාව මේසයක් මතින් තබා "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි කී පසුව ඔබව පුදුමයට පත් කරමින් ඌගේ ඇස් දෙකෙන් දීප්තිමත් ලෙසට ආළෝකය පිට වේවි. ආළෝකය නැවැත්වීමට අවශ්‍ය වූ විටත් පූසා ළඟට ගොස් "ශ්‍රී රාවන සිද්ධම්" යැයි පවසන්න.

පූසාගේ ඇස් දෙකෙන් එන ආළෝකය

එම ආළෝකය සාමන්‍ය කාමරයක් සඳහා ප්‍රමාණවත් වන අතර එක දිගට පැය 6 ක් පමණ නොනවත්වාම එළිය විහිදුවයි. පැය 6 අවසානයේදී නැවතත් මැතිරීමට සිදුවේ. ශ්‍රී රාවණ අධිරාජ්‍යයාට ගරු කරමින් ගාම්භීරව ඒ ආළෝකයෙන් ප්‍රයෝජනය ගන්න. කිසිවෙකුට එය ඇස ගැටෙන්නට සලස්වන්න එපා. පූසාව එක දිගට බිම බලාගෙන සිටීමට පුරුදු කළහොත් ඌව මේසය මත, මේස ලාම්පුවක් ලෙසට තබා පොත් කියවීමටත් භාවිතා කිරීමට පුළුවන්.

ඔබ අසා තිබෙනවා ඇති වීදාගම මෛත්‍රිය හාමුදුරුවෝ පුස්කොළපොත් වල ලියනකොට ඊට ආළෝකය ලබා ගැනීම සඳහා ලාම්පුව අල්ලාගෙන සිටීමට පූසෙක්ව පුරුදු කර තිබුන බව. නොදැනුවත් කමින් ගම්මුන් ලාම්පුවක් ගැන කිව්වත් ඇත්තටම සිදුකර තිබෙන්නේ පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය ලබා ගැනීමයි. නමුත් ඒ සඳහා යොදා ගෙන ඇත්තේ මා ඉහත දැක්වූ කාන්තාවන්ට විතරක් විශේෂිත වූ ක්‍රමය නොව, පිරිමින්ට පමණක් වූ විශේෂිත වෙනත් ක්‍රමයකුයි. ඒ ගැන ඉදිරි ලිපියකින් දක්වන්නම්.

පූසාගේ උපන් හෝරාව අනුව ඇස් වලින් ලැබෙන ආළෝකය වෙනස් වෙයි., ඒ මෙසේයි.

ඉරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින්  සුදු පාට
සිකුරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් නිල් පාට
බුද හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් තැඹිලි පාට
සඳු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් කහ පාට
සෙනසුරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් රෝස පාට
බ්‍රහස්පතී හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් කොළ පාට
අඟහරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් රතු පාට

විවිධ හෝරාවන්ගෙන් ඉපදී ඇති පූසන්ට බිළාල මන්ත්‍රය ජප කර අලංකාරය පිණිස තබා ඇති අයුරු.

පූසා උපන් හෝරාව අනුව උච්ච වී සිටින ග්‍රහයා පූසාට බලපාන අතර එමගින් පූසාගේ ජාන සැකසී ඇති තැපතුම් ලුසිදුම් (Tapetum Lucidum) නැමැති කොටසින් නිකුත් කරන ආකාරය තීරණය වෙයි. ඉතින් විවිධාකාර ආළෝක ලැබෙන්නේ ජාන නිසා යැයි කියන උදවිය දැනගත යුත්තේ එලෙස ජාන සැකැස්මක් පිහිටන්නේ ග්‍රහ බලපෑම නිසා බවයි. එම ජාන සැකැස්ම ශ්‍රී රාවණ රජතුමා විසින් පළමු වරට ලෝකයට හෙළි කරන ලද්දක් බව වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි හෙළ පුස්කොළපොතේ දැක්වෙයි.

[[තැපතුම් ලුසිදුම් (තැ=තැන්පත්, පැතුම්=ප්‍රාර්ථනා, ලු=ලුහුඬු, සිදුම්=සිදුවීම්, එනම් "තැන්පත් ප්‍රාර්ථනා සහිත ලුහුඬු සිදුවීම්" ඇති උදවියගේ දෑසින් දීප්තියක් පිටවෙයි. එනිසා තැපතුම් ලුසිදුම් යනු රාවණා රජතුමා විසින් සාදන ලද හෙළ වචනයකි. අරිසෙන් අහුබුදුවන්ට අනුව වාරියපොළ යනු වා=වාතයෙන්යන, රිය=රථ, පොළ=තො‍ටුපොළ නිසා වාරියපොළ යනු රාවණ රජතුමාගේ දඬුමොණර ගුවන් තො‍ටුපොළක් වන්නා සේම "තැපතුම් ලිසිදුම්" හි පද නිරුක්තිය අනුව එය හෙළ වචනයක් බව පැහැදිළියි)]]

මා කාන්තාවක් නොවන බැවින් පූසෙක්ට ඉහත කී මන්ත්‍රය යොදා ගනිමින් ඇස් ආළෝක ගන්වා පටිගත කර වීඩියෝවක් උඩුගත කිරීමට නොහැකියි. කලින් කිව්වාක් මෙන් කන්‍යාවන් නොවන කාන්තාවන් මෙය උත්සාහ කර බලා හරිගියාට පස්සේ වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කොමෙන්‍ටුවකුත් දාන්න අමතක කරන්න එපා.

86 comments:

  1. ඔබ දන්නවාද මීවනපලානයෙනි.
    රාවන රජු ඉහත කී මන්ත්‍රය මතුරමින් පූසාව තෘප්තිමත් කිරීමේදී යං වැරැද්දක් සිදුවී රාවනාට දිවිය පුරා ආලෝකය සැපයූ ඉන්ද්‍ර මතුවූ බව?????
    මමද අනාගතයේ නීත්‍යානුකූල පූසෙක් ලබාගෙන ඉන්ද්‍ර වැනි ආලෝක කදම්බයක් මතු කර ගැනීමට උත්සහ කරමි...
    ජය ශ්‍රී...

    ReplyDelete
    Replies
    1. ඉතාමත් වැදගත් කාරණාවක්. ඇත්තෙන්ම එහිදී රාවණා රජතුමා මන්දෝදරී දේවිය ලව්වයි පූසාට මතුරුවා තිබෙන්නෙ.

      ඒ වගේම ඉහත මන්ත්‍රය යොදාගනිමින් පූසාගේ ඇස් දෙනෙක් ආළෝකය ලබා ගැනීමට පිරිමි අයට නොහැකි වීම ගැන මෙය කියවන පිරිමි උදවිය කණගා‍ටු වෙන්න එපා. ඔබගේ බිරිඳව (ඇය තවමත් කන්‍යාවක් නොවේනම්) හවුල් කරගනිමින් ඇය ලවා ගෙදර සිටින පූසාට මතුරුවා පූසාගෙන් ආළෝකය ලබා ගැනීමට පුළුවන්.

      Delete
    2. යකෝ ( හෙලුවො ) තමන්ගෙ ගෑනි කන්‍යාවක් වෙන්නෙ කොහොමද. එතකොට මිනිහා මොකෙද්ද.

      Delete
    3. @මී හරකා, පහත ලිපියේ ඊට පිළිතුරු තිබෙනව.

      http://vargapurnikava.blogspot.com/2012/08/blog-post_5.html

      Delete
    4. මිනිහ මීවනපළානේ ජයරත්න

      Delete
  2. මෙම ලිපිය කන්‍යාවන් නොවන කාන්තාවන්ට ඉතා අගනා බව වැටහේ. පූසා අරූපනය කරන හැටි කදිමට විස්තර කර තිබේ.හෙට දිනත් විදුලිය කැපීමට නියමිත බැවින් කාන්තාවන් තම කාමරයට වැදී තම තමන් ගේ පුසන් ආරෝපණය කරආලෝකය ලබා සතුටු වීම යෙහෙකි

    ReplyDelete
    Replies
    1. ඔබ "හෙළ බ්ලොග් ගල් සංසදයේ" සාමාජිකයෙක් වගේ.

      Delete
    2. මීයට පුසෝ අල්ලන්නේ නෑ වගේ...?

      Delete
    3. කරුවාණෙනි, යේහෙයි මය ඔබගේ පඬි වදන්..මේ මීයාගේ මීයා නොදන්නවට, වර්ගපූර්ණිකාව කියන පරිදි රාවන රජු කාලයේදී කන්‍යාවන්ට පවා තම පූසා ආරෝපණය කරආලෝකය ලබා ගෙනීමේ විවිද ක්‍රම වීද තිබී ඇත. එනිසා කන්‍යාවන් හා කන්‍යාවන් නොවන කාන්තාවන්ට මේ මන්ත්‍රය උගෙන්වීමෙන් රටම බබලවන්නට හැකි නොවේද?

      Delete
    4. [[කන්‍යාවන් මේ වැඩේ කරන එක සුදුසු නැහැ, මොකද කියනවනම් මෙහි ඇති මන්තර භාවිතා කරමින් පූසාට මැතිරූ පසු කන්‍යාවන්ට කළු කුමාර දිෂ්ඨිය වදින්න පුළුවන්, ඉන් පසුව නිවසේ ඇති කැඩෙන බි‍ඳෙන දේවල් වලට හානි වුනොත් ඔන්න මටනම් වගකියන්න බෑ.]]

      Delete
  3. http://www.youtube.com/watch?v=ShuH8ck2cgU&feature=related

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එකේ අන්තිම හරියෙ පූස බිම බලනකොට බිමට එලිය එන්නෙ නැහැනෙ. ආ... එතකොට පූසට අල්ලන ටෝච් එක හරියට වදින්නෙ නැහැනෙ.

      Delete
    2. Ubath pissek

      Mamath pissek

      Api hamoma Pissu Pussso :)

      Delete
    3. පිස්සෙක් නෙමෙයි යට කමෙන්ට් කියවා බලන්න

      Delete
    4. පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු
      පිස්සා මු පිස්සු පූසා මු

      Delete
  4. ඇ යකෝ ඒකත් කන්‍යාවියන්ට අපිට මුකුත්ම නැද්ද ???

    ReplyDelete
    Replies
    1. බළලුන් ලවා කොස් ඇට බාවන හැටි දන්නවනෙ. ඒත් රාවණ රජතුමාගේ නිර්මාණයක් වන, බළලුන් ලවා මීයන් බාවන හැටි දැන හිටියද? අන්න ඒක කරන්න පුළුවන් පිරිමි අයට. ඒ ගැන ඉදිරි ලිපියකින් ලියන්නම්.

      Delete
    2. වැඩක් නැ බන් මියෝ බාගෙන අපි කන්ඩද වෙන දෙයක් දාපං අරක්කු ටිකක් හදාගන්න හැටි කැල්ලක් වශී කරගන්න හැටි වගේ ඒවා

      Delete
  5. ආචාර්ය මීවනපළානේ ජයරත්න තුමනි... ඔබට මෙහි පළ කොට ඇති දෑ ගැන කීමට තිබෙන්නේ මොනවාද?

    http://www.royalasiaticsociety.lk/research-projects/symposium-on-the-tourist-authorities%E2%80%99-%E2%80%9Cramayana-trail%E2%80%9D/

    ReplyDelete
    Replies
    1. රාජකීය ආසියාතික සමාජයේ එම සම්මන්ත්‍රණයට මා හටත් ආරාධනා කර තිබුණා. නමුත් එය හුදෙක්ම රාවණාවිරෝධීන් විසින් ගෙන යන කුමන්ත්‍රණයක් යැයි පෙනෙන නිසා එයට ගියේ නැහැ. කෙසේ නමුත් රාවණාවිරෝධීන්ටනම් එම ලිපි ටික අමෘතයක් වේවි!

      Delete
    2. ජයරත්නයනි.... මාගේ ස්වාමි ගාමිණී අභය රාජෝත්තමයාණන් වහන්සේ (බොහෝ දෙන දන්නා පරිදි ගැමුණු රජතුමා) ගැන ඔබතුමාට කීමට ඇත්තේ කුමක්ද?

      එතුමාත් රාවණ රජතුමා වන්දනා කළා යයි ඔබ සිතනවාද?

      මා සෙනවි වරයෙක් වූ බැවින් රජුන්ගේ සියලුම තොරතුරු දැන ගැනීමට අවකාශයක් නැහැ... මට ඒ පිළිබඳව දැන ගැනීමට උනන්දුවක් ඇති වුණා..

      කරුණා කර පහදා දෙන්න මීවනපලානේ ජරරත්නයෙනි....

      Delete
  6. විදුලිය නැති රූට දැන් හොදයි . ගෑනු ගමන්ගේ පූසා ව අරෝ පනය කරගනී. ආරෝ පනය කරගත් පූසා ගෙන් තනියම ආලෝකය ලබා ගන්නවාට වඩා හොදයි තම සැමියා හෝ හොර මිනිහා ඇද මතට ගෙන්වාගෙන දෙදෙනාම එකතුවී පූසාගේ ආරෝපනය විසර්ජනය කරගන්න.

    සැ.යු - විසර්ජනය වූ පූසා හොදින් සෝදන්න.

    ඔබ කැමතිනම් විදුලිය ඇතිවෙලාවකදීද පූසා ආරෝපනය කර පෙර කී දෙදෙනාගෙන් එක් යෙක් හෝ දෙදෙනාම එකවර ගෙන්වා ආලෝකය සැපයීමේ යෙදෙන්න.

    පූසාට රාවනා සිද්ධම්.

    ReplyDelete
  7. මම අපේ ගෙදර ඉන්න පුසට මේක කරලා බැලුව වැඩ කරනවද කියල
    මම දන්නා කෙල්ලෙක්ට කියල ජපා කලේ .. ඒකි කන්‍යාවක් නොවන බව නම් හොදටම විස්වාශය්
    ප්මෙන්න බොලේ මන්තරේ ජපා කොරල ඉවර උන විතරය් පුස සිංහලෙන් වැනුවා
    "අඩෝ බුරුවො තොත් වර්ගපුර්නිකව කියවනවද කියල "
    ල්ය්ට් නම් අවා හැබය් "ඩිම්" ........ :රා

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. දැන් ටිකකට කලින්
      මේ වැඩේ කරපු කෙල්ලගේ අම්ම කතා කරලා මට බැන්න
      කෙල්ලය් එයාගේ පුසය් දෙන්නම අපේ ගෙදර අද උඩ තියල මම වැඩේ කොරේ
      දැන් කෙල්ලගේ අම්ම ඇවිල්ල මට බනිනවා
      කෙල්ලගේ පුසගෙන් "චාස් චාස් " ගල මොනාදෝ බෙරෙනවලු

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    2. ආලෝකය ලබාගැනීමට පූසෙක් නැත්නම් පූසෙක් නිපදවා ගන්නා ආකාරය.

      අවශ්‍ය දේ
      හොදින් කැපෙන පොරවක් හා වෑයක් අලු ස්වල්පයක්

      ක්‍රමය
      මුලින්ම දිගට ඇති දේ වෑයෙන් රැහිමෙන් සුමට මතුපිටක් සාදා ගන්න.

      පසුව පොරව පාරක් හරි මැදින් ගසා පූසා සාදා ගන්න.
      සෑදූ පූසාගේ අලුතවරා ගන්න.

      දන් ඔබ සතුව ආලෝකය නිකුත් කරීමට සූදානම් පූසකු ඇත

      පූසාට රාවන සිද්ධම්.

      Delete
    3. Vidu උබ කියන එවට හිනා යන්නේ නෑ නෙ බන්

      Delete
  8. ඔබ තවම කෙල ගා පූසා ආරෝපනය කලේ නැද්ද. දැන්ම ආරෝපනය කරගන්න. අරෝපනය වූ පුසාගේ සාමාන්‍ය ෂබ්දය ජයා කියූපරිදි "එසේම පූසාගේ කටින් දියාරුවට කෙල බේරීම හෝ "චස් චස්" ශබ්දය පූසාගේ මුවෙන් ඇසීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්," ඔබත් පූසාගේ රස විදින්න..

    ReplyDelete
  9. වර්ගපූර්නිකාව කියවන අය මේකත් බලන්න

    http://blogvampa.blogspot.com/

    ReplyDelete
  10. හුටා..........
    පූසියෙක් අහුවෙලා තියෙන්නේ, උට කළු කුමාර දිෂ්ටිය වැහිලද කොහෙද, ගෙදර පෙරලන්ට හනදනවා

    ReplyDelete
    Replies
    1. පූසිගේ පූසාව ආරෝපනය කරගන්න.

      Delete
    2. පූසියක් වුවත් වරදක් නෑ. ඒත් පූසියගේ කැමැත්ත නැත්නම් ඕව කරන්න එපා. සත්ව හිංසාව හොඳ දෙයක් නොවෙයි.

      Delete
  11. මමත් මේ වැඩේ අත්හදා බලන්න ඕනේ .. මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා ගැනු ළමයාගේ කන්‍යා භාවය නැති කරලා ඉන්න ඕනේ නේද ජයරත්නයණනි , මම අදම ඒ සදහා උනන්දු වෙන්න ඕනේ.. නොමිලේ ලයිට් දෙනවනම් කන්‍යා භාවය මක්කෙටයි ..

    ReplyDelete
  12. අඩෝ අර පලවෙනි ෆොටෝ එකේ ඉන්න පූසා මරු බන්..උගේ මූන දැක්ක ගමන් හිනායනවා..මී වන පලානයගේ මූනත් සුවර් එකටම ඒ වගේ වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. එල පාර...

      Delete
    2. මචං T.T
      මේ දවස්වල ජයාට පූසාව ආරෝපනය කරගැනීමට ඉඩදිනැති බවයි පෙනෙන්නේ.
      අල්නිලම් එකෙන් ලබා දුන් හස්තයෙන් මීයා (මීජයා) විසර්ජනය කරගෙන ඇති බව ප්‍රාතිර්භූත වූ රාවනා කිව්වා.

      Delete
    3. පූසාගේ මූන බැලීමෙන් අයිතිකරුගේ මුහුණේ හැඩරුව හඳුනාගත හැකියි. එය රාවණා රජතුමා විසින් සොයා ගත්තකි.

      Delete
    4. අහෝ එය එසේ නම් එයින් දුකට පත් මේ මියා වල්ල පලාගත් ජයාට(මීවන පාලනේ ජයාට) අයිති නිත්‍යානුකුල පුසා ඉතා ඉක්මනින් ආරෝපිත තත්වයට පත්වී සුව වේවායි ප්‍රර්ථනා කරමු.

      Delete
  13. කරුණකරලා ඔය බලල බාසාවෙන් තියන මන්තරය ඔබ තමාගේ කටින් කියල ඕඩියෝ ක්ලිප් එකක් පොස්ට් කරන්න පුලුවන්ද
    මට එච්චර හොදට බලල බස්ව කියවන්න බෑ එකය්

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. එය ජප කළ යුත්තේ කාන්තා කටහඬකින්. ඉතින් මම ඕඩියෝ ක්ලිප් එකක් දාල වැඩක් නෑනෙ.

      Delete
  14. මෙහි වීඩියෝවක් දැමීමට නොහැකිනම් ඔබගේ ලේසර තුවකකුවේ වීඩියෝවක් දමන්නේනම් මැනවි. මන්ද ඔබ එය දැනටමත් සාර්ථකව අත්හදාබලා ඇතිනිසා.

    ReplyDelete
    Replies
    1. ලේසර් තුවක්නුවට කලින් පූසව ආරෝපනය කරගනින් මීයව අල්ලන්න තියනව.

      Delete
    2. ලේසර් තුවක්කුවට තාමත් පේටන්ට් එක ලැබුනෙ නෑ, ඒක ලැබෙනකම් අන්තර්ජාලයට එක් කිරීමට නොහැකියි.

      Delete
  15. පුසාට වින්දනය සැපයිමෙන් පිනක කරගත හැකි ක්‍රියාවක් බව පෙනේ .... :රා :රා :රා :රා :රා :රා

    ReplyDelete
    Replies
    1. මූණ අතගානවට පූසන් ඉමහත් කැමැත්තක් දක්වයි.

      Delete
  16. ඉස්සරහ ගෙදර නංගිට මේ ලිපියෙ ප්‍රින්ට් එකක් ගිහින් දෙන්ඩෝනෙ. ඒකිටත් ඉන්නව තඩි පූසෙක්. හැබැයි අරක තමයි සුවර් නැත්තෙ. පූසගෙන් ලයිට් ආවෙ නැහැ කියන්නෙ කෙල්ල කන්‍යාවියක් නෙමේ. මේකෙ විලෝමය කන්‍යාභාවය පරීක්ෂා කරන ක්‍රමයක් නේහ් ??

    ReplyDelete
    Replies
    1. මරේ මරු දැන් කිසි බයක් හැකක් නැතිව කන්‍යාවියක් සෙට් කොරගන්ට පුළුවන්

      Delete
  17. හිතවත් ජයේ!!!
    මම මෙය අත්හදා බැලුවෙමි..ඒ සදහා මා යොදාගත්තේ අල්ලපු ගෙදර අක්කා වය .. දීර්ග පැහැදිලි කිරීමකින් පසුව ඇය එයින් ලැබෙන ප්‍රතිලාබය ගැන සිතා කැමැති විය (නොමිලේ ලයිට් )ඉන්පසුව කකුල් දෙක අතර සිටි පුසාට ඇගිල්ලක් දමා .. මන්තරය එකසිය හත් වතාවක් මැතිරීමට පෙරම හොදටම අරෝපනය වූ පුස් තඩියා කටින් "චාස් චාස් " ගාලා සබ්දයක් නගමින් පූසාගේ කටින් දියාරුවට කෙල බේරීමත් සමගම අල්ලපු ගෙදර අක්කා ඇගිල්ල ගසන ඒක නවතුවේය.. පුසා ගෙන් ලයිට් පත්තුවුයේ නැත..කරුණු පහදන්න..

    ReplyDelete
    Replies
    1. අල්ලපු ගෙදර අක්ක කන්‍යාවියක් නොවේ ..... :රා

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    2. මගුලක් කතා කරනවා කන්‍යාවියක් නෙමේ තමයි..ඉතින් එහෙම කෙනෙක්වනෙ ඕනේ කියලා ජයා කියල තියෙන්නේ.. හරියට අයෙමත් කියවල බලහන් කොල්ලෝ..හිකිස්‌

      Delete
    3. උට කළු කුමාර දිෂ්ටිය ඇවිල්ලා

      Delete
    4. අල්ලපු ගෙදර අක්කා තවමත් කන්‍යාවියක් විය හැකිය. ඇය විවාහක හෝ පෙම්වතෙක් සිටියා වුවත් ඔවුන්ට සෘෂි වරයෙක්ව වැදීමට අවශ්‍ය වූ බැවින් කන්‍යාභාවය ආරක්ෂා කරනවා විය හැකියි. මේ ලිපියේ ඒ ගැන විස්තර දැක්වෙනවා. http://vargapurnikava.blogspot.com/2012/08/blog-post_5.html

      කන්‍යාවියන් ලවා බළලාට මතුරවන්න එපා. බළලාට කළු කුමාර දිෂ්ඨිය වැදී කටින් ලේ වමනය කරාවි.

      Delete
  18. හොරෙන් හරි ඕක කාන්තාවක් කරන් දිහා බලන් හිටියා නම් සමහර විට අපිටත් කොහෙන් කොහෙන් හරි ලයිට් පත්තු කරගන්න පුළුවන් වෙයි.

    ස්තුතියි මා ප්‍රිය ආචාර්ය තුමනි

    ReplyDelete
  19. ඔහේ CIA එකෙන් පැන ගත්තේ ඔය මන්තරේ පිහිටෙන් නේද ?

    ReplyDelete
    Replies
    1. රාත්‍රී කාලයේදී පූසෙක්ගෙන් ආළෝකය ලබා ගැනීමට පිරිමින් භාවිතා කරන ක්‍රමයක් යොදා ගත්ත. ඒ ගැන ඉදිරි ලිපියකින් විස්තර කරන්නම්.

      Delete
    2. ''මා කාන්තාවක් නොවන බැවින්
      පූසෙක්ට ඉහත කී මන්ත්රය
      යොදා ගනිමින් ඇස් ආළෝක
      ගන්වා පටිගත කර වීඩියෝවක් උඩුගත
      කිරීමට නොහැකියි.'' නම් ඔය ක්‍රමේට බැරිද?

      Delete
  20. මේ ජයේ ඔය පූසො ඉබේට ආරෝපනය වෙනව නේද?

    ඉබේට ආරෝපනය වන පූසාගෙන් ගත හැකි ප්‍රයෝජනද කියන්න.
    පූසන් ඉබේට ආරෝපනය වන්නේ ඇයි?
    පූසා ආරෝපනය නොවේ නම් කුමක් කරමුද?

    ආරෝපනය වූ පූසන් මියන් කටේ දමාගෙන වැඩ වරද්දගනී ද?

    මීයෙක් කටේ දමා ගත් පූසාට මාස 9 කින් කුමක් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. පෝය කිට්‍ටු වෙද්දී හඳ දෙස බලා සිටින බළලුන් ඉබේට ආරෝපනය වෙනවා.

      ඉබේට ආරෝපනය වූ පූසන් ගොඩක් විසයි. උන්ව අල්ලන්න යන්න එපා.

      පූසා ආරෝපනය නොවන්නේ එය කරන කෙනා කන්‍යාවක් වීම හෝ කළු කුමාර දිෂ්ඨිය වැහීම හෝ වැරදියට මැතිරීම ආදී හේතුවක් නිසා විය හැකියි.

      ආරෝපනය වූ පූසන්ව දු‍ටු ගමන් මීයන් පැන දුවයි. මොකද කියනවනම් පූසාගේ ඇස් දෙකේ ආළෝකය දුර තියාම මීයන්ට පෙනෙන බැවිනි.

      ක‍ටුස්සෙක් කෑ විටනම් මාස ගණනාවක් යන තුරු කාස රෝගය හැදෙයි.

      Delete
  21. පුන්ඩලානි ශක්තිය මගින් යටි බඩට පහතින් ඇති නයා කෙලින් කර පූසන් ආරෝපනය කර හෙලයම බබලවමු.

    ReplyDelete
    Replies
    1. උඹේ විහිලු වලට අපිට හිනා යන්නෙ නැත්තෙ අපේ කරුමෙද මචං ?????

      Delete
    2. එකම තමා මාත් ඇහුවේ මූ නිකන් හරකෙක් වෙන්න යනවා .. මචෝ මූත් පිස්සන් කොටූවෙන් පැනලා ආපු එකෙක්ද කොහෙද

      Delete
  22. අයියෝ.................
    අපේ පූස් තඩියා අන්ධ වෙලා, වසල හමාරයි දැන් නම්, මන්තරේ වැරදිලාද මන්දා, මීවනයෝ මේක පූස් ජාතිය වනසන වැඩක් වගේ

    ReplyDelete
    Replies
    1. මන් කිව්වනෙ බලහත්කාරයෙන් පූසාගේ ඇහට ටෝච් ගහන්න එපා කියල, කෝ ඇහුවැයි?

      Delete
  23. ඇඩෙනවා ඔයි... අද මම ඔෆිස් එකේ කරන්ට් නැති වෙලාවෙ ඔෆිස් එකේ පූසි අල්ලගෙන මන්ත්‍රය ජප කරා... මේසෙ පුරා පූස් කෙල... හැබැයි මේකි කාමරෙන් පැන්නා ඉක්මනට... එත් රාවණා බලයෙන් පැය බාගයක් යනකම් පූසිගෙ ඇස් දිලිසුනා....

    ReplyDelete
    Replies
    1. සත්ව හිංසාවට වර්ගපූර්ණිකාවේ විරෝධය!

      Delete
  24. *පූසාගේ මූන වටේ ඇති ‍රැවුල (මවිල්) අවුල් වී ඇති බවක් පෙනෙයිනම් අත් දෙකෙන් ‍රැවුල දෙපසට කර ඔසවන්න. (සාමාන්‍යයෙන් ‍රැවුල අවුල් වන්නේ විශාල ලෙස මවිල් තිබෙන විශේෂිත වර්ග වල පූසන්ගේ පමණයි.) එවිට පූසාගේ කට හොඳින් පැහැදිළිව රතුවට පෙනේවි.
    *දැන් ඔබගේ දබර ඇඟිල්ලට කෙල ටිකක් ගෙන පූසාගේ මූනේ පැත්තකින් තබා, ඇඟිල්ල රවුමට කරකවමින් පහත දැක්වෙන බිළාල මන්ත්‍රය එකසිය හත් වතාවක් මතුරන්න.
    *නියමිත ලෙස දබර ඇඟිල්ලෙන් පූසාගේ මූනේ පැත්තක් රවුමට කලතනවානම්, මොහොතක් ගතවෙද්දී පූසා ඔබ අතගාන ඇඟිල්ල දෙසට බර වේවි. පූසාත් ඉස්සි ඉස්සී අතගාවගන්න උත්සාහ දරාවි.
    *නමුත් පූසාගේ කටින් දියාරුවට කෙළ බේරෙමින් "චස් චස්" වගේ ශබ්දයක් ඇහෙන්න ගත්තොත් වැඩේ නවත්වන්න, ආයිත් වෙනත් දවසක තමයි කරන්න වෙන්නෙ. මොකද ඉතින් ඔබටත් ඒ වන විට හොඳටම ඇතිවෙලා ඇති. එසේම පූසාගේ කටින් දියාරුවට කෙල බේරීම හෝ "චස් චස්" ශබ්දය පූසාගේ මුවෙන් ඇසීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්, ඒ ගැන කලබල විය යුතු නෑ.

    ඔන්න ඕකලු සීන් එක ඈ ජයෙත් දන්න ජාති ඈ
    අපූරුයි ජයේ අපූරුයි අම්මෝ කන්යාවියක් එහෙම මේක කරන්න ගියොත් ගෙදර තියෙන වීදරු පෙට්ටි කාඩ් බෝර්ඩ් පෙට්ටි එහෙම අපරාදෙ.පූස කටින් ලේ වමනෙ කරන්නත් ඉඩ තියෙනව ඊට පස්සෙ

    ReplyDelete
    Replies
    1. ඉරා අඳුරු පට ආයිත් පටි ඉරාගෙන වගේ. තමන්ට ඕනැ කොටස් විතරක් ලිපියෙන් උපුටාගන්නෙ නැතිව සම්පුර්ණ ලිපියම කියවන්න. ඔය වගේම ලිපියක ඇති වචන ටිකක් උපුටාගෙන තමන්ට ඕනැ කතාවක් ගොතන්න පුළුවන් කියලත් කියල දෙන්න ඕනැ නෑනෙ.

      Delete
    2. ජයේ ජයරත්න මැතිනිය එහෙම ඕක කලොත් අනිවා මම ඔට්ටුවක් දානව ලයිට් පත්තු වෙන්නෙ නෑ :D

      Delete
    3. පටි ඉරාගෙන තියන්නෙ අදුරැ පට නොවෙයි ජයා මයි. ඔය විකාර නොදා හොද දෙයක් දාපන් ජයේ.
      මේවා මොනවද බලපන්.

      Delete
    4. හරි හරි ජයේ අපි ලේසරුත් හැදුව. පූසොත් චාජ් කරා . නා කොල බැටරිත් චාජ් කරා. හරි ඒව ඔක්කොම වැඩ කියමුකෝ.
      තවත් මොනවහරි ප්‍රැක්ටිකල් එකක් කියන්න.

      Delete
  25. ''මා කාන්තාවක් නොවන බැවින්
    පූසෙක්ට ඉහත කී මන්ත්රය
    යොදා ගනිමින් ඇස් ආළෝක
    ගන්වා පටිගත කර වීඩියෝවක් උඩුගත
    කිරීමට නොහැකියි.'' එසේ නම් පිරිමින්ගේ ක්‍රමේට බැරි ඇයි?

    ReplyDelete
    Replies
    1. පිරිමි පූසො චාජ් කරන්න ගිහිල්ල බැදිවෙලාවත් මීයව (මීජයාව) පූසා හැපුවොත් එහෙම මොකද වෙන්නෙ?
      මීයාවත් පිස්සු බලු රෝගයට එන්නත් කරයි.

      Delete
    2. පිරිමින්ගේ ක්‍රමය ඉදිරියේදී ලිපියකින් දක්වන්නම්.

      Delete
  26. එකතමා ජයේ අනාගතේ අදුරුවෙයි කියල බය ඇති නේද. හික්ස්*

    ReplyDelete
  27. ජයරත්නයනි මම මෙය එළකිරි.com වල දමන ලදී .

    ඔබගේ වෙබ් පිටුවේ ලින්ක් පවා දැමුවෙමි

    ඔන්න මම traffic වැඩි වෙන වැඩක් කර.

    ඕන උරණ නොවේ යි සිතමි

    http://www.elakiri.com/forum/showthread.php?t=1470279

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, කැමති තරම් ලිපි උපුටාගන්න. අපටත් ඕනැ මේව හැකි තරම් බෙදා හරින්නයි.

      Delete
  28. දැන් ඔය ඉපැරණි පුස්කොල පොතේ තියෙනවද පුසගේ ඇස දෙකට ටෝර්ච් එකක් ගහන්න කියල

    උන් marai නේ ඔඉ

    ඒ කලේ ටෝර්ච් තිබ්බද ?

    ReplyDelete
    Replies
    1. උත්තර නැති කතා අහන්න එපා බං.

      ටෝච් තිබුන කියයි.

      ටෝච් කියන්නෙත් හෙලු වචනයක් කියයි.

      ටෝ= ටොක්ගාල
      ච්=එලිය ('ච්' යනු හෙල පදයක් බව සලකන්න)

      ඔය පූසො කතාව නවත්තපන්. ජයා කැමතිනෑ පූසො හෝදන්න.

      කොහොම උනත් ජයා දිනුම්...

      හෑ.... ඒකියන්නෙ අපි පරාදයි.

      Delete
    2. @Janaka Shan,රාවණාට ගුවන් යානාවක් තිබුණ බව ඔබ විශ්වාස කරනවානේ,. ඉතින් ණුවනින් විමසා බලන්න, ගුවන්යානා තිබුණ රජ කෙනෙක්ගේ සමයේ ටෝච් නොතිබීමට හැකිද?

      පුස්කොළපොත් වල දැක්වෙන ආකාරයට ඒ කාලයේ ටෝච් නම් කර තිබුනේ විදුලි පන්දම නමිනි. විදුලි නොවන පන්දම් වන හුළුඅතු, හනසු ආදී පන්දම්ද ඒ කාලයේදී තිබුණි. නමුත් පාථකයින්ගේ වටහාගැනීමේ පහසුව තකා තේරෙන බාසාවෙන් ටෝච් කියාම ලිවීමි.

      Delete
  29. hithawath Jayarathna thumani,

    mama hamadaama me wage athbhootha dewal walata aasa karana kenek!!
    Mama yam kisi bhaawana krama ath hadaa balala thiyenawa. Kundalini yogaya wisheshai. Mama a athdakeema windala thiyenawa.
    Mata danaganna oney, Minisunge as walath mehema aaropana shakthiyak thiyenawada kiyala.
    Ehema deyak thiyenawanam, eka athi karaganne kohomada?
    Eka bhayaanakada?

    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. මා දන්නා විදියටනම් පිරිමින්ගේ ඇස් ආරෝපණය කිරීම ලෙහෙසි නෑ. නමුත් කාන්තාවන්ගේ ඇස් ආරෝපණය කරන්න පුළුවන්. ඔබ අත් දැකල තිබෙනවද සමහර විට ඔබගේම වයසේ කාන්තාවන්ගේ ඇස් දිහා බලපුවාම එලියක් වදිනව වගේ දැනෙනව. ඒකට හේතුව කාන්තාවන්ගේ ඇස් වලින් එන ආලෝකය සම වයසේ පිරිමින්ට ග්‍රහණය වීමයි. එනම් කාන්තාවන්ගේ ඇස් වල ඇති සෘණ ආරෝපන පිරිමින්ගේ ඇස් වල ධන ආරෝපන වලට ග්‍රහණය වෙනව. ඒ ගැන ඉදිරියේදී ලිපියකින් විස්තර කරන්නම්.

      Delete
    2. බොහොම ස්තුතියි!!
      එහෙනම් මට මගේ ඇස් ආරෝපණය කරගන්න පුළුවන් වේවි. ^_^

      Delete
  30. බිලාල මන්තරේ බල්ලොන්ටත් වැඩ .මේ බලන්න

    http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/574472_403595103036467_390075995_n.jpg

    ReplyDelete
  31. http://www.facebook.com/photo.php?fbid=334648199957859&set=a.291717897584223.67441.291097004312979&type=1&theater

    මියෝ මෙන්න අර මන්තරය මතුරපු පුසෙක්ට මල පැනලා බල්ලෙක්ට ගහනවා.

    ReplyDelete

නුදුරු අදහස්