Sunday, August 5, 2012

ඒක භාර්යා වෘතයෙන් රාවණ සෘෂිවරු උපදවයි

ඒක භාර්යා වෘතයෙන් රාවණ සෘෂිවරු උපදවූ බව පවසන මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.


සම්පූර්ණ ලිපිය පහලින්

67 comments:

  1. මොනවා උනත් බහුභාර්යා ක්‍රමය නැවත ගෙන ආ යුතුයි..

    ReplyDelete
    Replies
    1. අනිවා අබේ. පොඩ්ඩක් හිටිං ලිපියත් කියෝලම එනකං.

      Delete
    2. කුණ්ඩලීනී යෝගය මධු සමයේදීත් යොදා ගැනීමට තරම් අප හෙළයෝ නිර්භීත වූහ. කාංචන මනමේන්ද්‍ර මහතාගේ එම හෙළි කිරීම ගැන ඉදිරි ලිපියකින් අටුවාවක් ලියන්නම්.

      Delete
    3. අනේ අනේ තරියෝ :D

      Delete
    4. ඇයි නිර්භීත වෙන්නෙ ? මධුසමයට කුන්ඩලනීය බයයි ද? කුන්ඩලනීයට මධුසමය බයයි ද?
      යක්ක රක්කිත වායු ප්‍රකෝපං වෙලා මධුසමයෙදී ගෑනිව කාම පිසාචයෙක් වගේ මරගෙන කනව ද?

      Delete
    5. මටත් කුණ්ඩලීනී යෝගය මධු සමයේදී යොදාගන්න පුළුවන් වෙයිද බලන්න ඕනේ..

      Delete
    6. විදූ තාම කසාද බැදල නෑ වගේ

      Delete
  2. රාවණාත් ට්‍රයි කරේ සීතාව ගෙනල්ලා ඔය ක්‍රමේ වෙන්ටෑ චෑ මිස් වුනානේ රාවණාට

    ReplyDelete
  3. කාංචන මනමේන්ද්‍ර මැතිතුමාට රාවණා යුගය ගැන මෙච්චර කාරණා දිවැසින් පෙනීමේ රහස අද තමා දැනගත්තෙ....

    ReplyDelete
    Replies
    1. ඒක භාර්යා වෘතය......?

      Delete
    2. නෑ මචං. බිසවුන්නාස්සේලව ඉරිසින්නාන්සෙල ගාවට යවපු එක.

      Delete
  4. .....ළමැදෙහි ගිතෙල්ගල්වා බිම නිදා සිටින තරුණයා හා තරුණිය අතරැති නූලේ සීමාව කිසියම් මොහොතක ඉවසාගතනොහිනු තරුණයා විසින් ඉක්මවා යේ, එකෙනෙහිම බ්‍රහ්ම වෘතය ද බිදවැටේ. හෙළයට මුනිවරුන් හා ඍෂිවරුන් බිහිවීම දැ එතෙකින්ම නිමා වියැ.

    පසුකාලයේදී "නූල කඩාගැනීම" ලෙස ව්‍යවහාර බසට එක්වූයේ මෙම ක්‍රියාව විය යුතුයැයි උපකල්පනය කල හැක.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියේ හොයල බලන්න වටිනා කාරණයක් නෙව....:පී

      Delete
    2. නූල් කතා කියන්න එපා බං ජයා අනිවා yes කියනව.
      කියනන දෙයක් නැතුවනෙ ඉන්නෙ.

      Delete
    3. @සුමිත්,
      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  5. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි



    දැන් තිරගතවේ ......

    ReplyDelete
  6. එතකොට මාත් රාවණ සෘෂිවරයෙක්ද? මාරයිනේ!

    ReplyDelete
  7. මනමේන්ද්‍ර කියන කියන ඕනම එකක් පලකරන එක පිස්සුවකි.
    මුනිවරු හා සෘශිවරුන්ට භරේයාවන් කීපයක් සිටීමට පිලිවන. එතකොට උන්ට ඒක භාර් වෘතය නැද්ද?
    හෙලයේ සිටි තරුනියන් මුනිවරුන්ගේ හා සෘශවරැව්ගේ කාම පරිභෝජනයට ගැනීමට එකල සිටි මිනිසුන්ගේ ඇස් වැසීමේ උත්සාහයකි.
    මෙහෙම යන විට මෙවුන් සෘශිවරු හා මුනිවරු ගෙස මැති ඇමතීන් පෙන්වීමට ද ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. //ඒක භාර් වෘතය//

      මටනං නෑ . . . ඉස්සර අයි.ඩී.එච්. බාර්, දැං කුලියාපිටිය බාර්

      Delete
  8. යකෝ මුන්ට මධු සමයටත් කුන්ඩලනී. මලපහ කරමින් බැරිද කුන්ඩලනීය දාන්න.
    මේවා මලවිකාරයි. මනමේන්ද්‍රෙග් සිහිනවල ඇතිදේ ලියමින් පිස්සු නටයි.මානසික අසහන ඇති අය ලියන ලිපිවල මෙවැනි දේ ඉස්මතුවෙයි. මනමේන්ද්‍ර ගේ නාඩගම් වලට අනුබලදෙනවාට වඩා නරකද පෙර ලෙසට ලිපි ලියුවානම්.

    මේ කාලෙ සිද්දවෙන හැමදෙයක්ම රාවනාගෙ කාලෙත් තිබුන. ඒවා විකෘතිකෙට අලුත් යමක් පෙන්වීමට යාම විිලුවකි.

    ReplyDelete
  9. අර රචනා ලියන එක්නෙනා තාම කමෙන්ට් කරල නැහැ වගේ.

    ReplyDelete
  10. එක්කෝ මොනවත් නොකියම ඉන්නම්

    ReplyDelete
  11. කාංචන ගීත මනමේන්ද්‍ර උන්නැහේ බයිල කියනවා වගෙයි. මේ කතාව, බොරුවෙන්, මවා පෑමෙන්, ඇත්ත බොරුව කරන, බොරුව ඇත්ත කරන හින්දුකාරයන් ගැන කියනවා වගෙයි. එහෙමත් නැත්නම් බලු වල්ගයක් ගෙන එය සිංහ වල්ගයක් කරනවා වගේ කතාවක්නෙ මේක.

    ලියපු දේවලින් පෙනෙන්නෙ හින්දුන්ගෙන් ඇහිඳ ගත් දේවල් සිංහල ලේබල් අලවලා එළියට දානවා වගෙයි. සිංහල මිනිසුන් විවාහය කියන එක සහසුද්දෙන්ම දැන සිටියා. ඒ බව පොරොන්දම් ගැලපීම වැනි දියුණු දැනුමක් තිබීම ම සහතික කරනවා. මේකෙ ලියපුවා වඳුරන්ට අදාළයි. සෘෂිල, මුනිලා හිටියේ සිංහලයන් අතර නොව හින්දූන් අතරය. මේ මුනි කියන වචනය මනු යන වහර දෙමළ ඌරුවට හඬ නැගීමකි. සිංහලයන් අතරෙ හිටියේ බුධලා ගුරුලා වැනි අවතාර නිරූපණය කරන එවුන්ය. ගැහැණිය රජ කරන හින්දු සමාජයේ කෘතීමව ඇය පාගා කරන කතාවෙන් පිරිමින් තම නිවටකම වසාගනී. දරුඵල නැති ගැහැනුන් කෝවිලේ රැයක් පහන් කර දෙවියන් සමඟ යයි පූසාරියා සමඟ බුදියාගෙන පැටව් ගැසීම මේ කතාවේ මූල ධාතුව වූ බව පෙනේ.

    සිංහල විදියට විවාහය පරපුර රැක ගැනීමට කරන නොකර බැරි දෙයකි. ගන්නේ හිරයකි. නැත්නම් බැඳීමකි. වේෂ වික්ටෝරියා, මිනිසුන් බෙදීමට නැගූ, නීතියෙන් බැඳීම, ඒකෙනුත් ගාණක් කඩා ගැනීමට කල මරඋගුලකි. එයට නතු ලෝකයක සිංහලයන් විවාහ වූ ආකාරය තේරුම් ගත නොහැක.

    ස්වභාවයෙන් බහුසේවනය මිනිසාට දී නැත. එය ලෙඩ රෝග ගෙන දෙයි. ගැහැණිය තවත් ගැහැණියකගේ මිතුරකු නොවේ. පිරිමියාට වේෂකම උරුම වූයේ කැලෑ ජීවිතයේදී පිරිමින් මරු දකින නිසා ගණනින් අඩු වීමය. බාධක හමුවේ පැවැත්ම රැකෙන්නේ, ගැහැනිය දුබලකම නිසා පතිනියක හෝ වේෂියක වීම ස්වාභාවික නිසාය. අද රට ගණිකාවන්ගෙන් පිරුනේ පිනාලා රජ වී අගහිගකමින් ගැහැනුන් පෙලෙන නිසාය. මේ ගති කවදාවත් වෙනස් නොවුනේ පැවතීම සඳහාය. එවැනි දැනුම මත, මේ කියන්නේ බොරුවකි.

    මෙය පරිහානියට ගිය කලියුගයේ හොඳ දරුවන් ලැබීමට යයි රවටා ගැහැනු සේවනය කල පූසාරියන්ගෙ වනචර කතා මත ගෙතී ඇත. ඊට පෙර බුද්ධියෙන් දියුණු සිහලුන් අඹුසැමි සබඳතාවය දරුවකු බිහිකිරීමට පමණක් සීමා කලා. එකල හැකියාවැති ප්‍රබලයන් හා එකතු වී දරුඵල ලබාගත්තා. තිරිසනුන් බැඳ තබන ආශාව හුදි මානසික රැවටීමක් බවත්, එසේ නොවන්නට කුසගින්න හමුවේ පැවැත්ම ගැන අවධානය නැති වීමත් සිදුවන නිසා, ආවේගය ගැහැණියකගේ ගඳ දැනුන පමණින් උග්‍රවී පිරිමියා පණ අමතක කර හිතුවක් කරන මෝඩයකු වේ. එය කැලෑ ගතියකි.

    අන්තඃපුර වැනි බහුභාර්යා සේවනය මෑත අතීතයේ අයුතු ලෙස බලය ගත් තිරිසනුන්ගේ ක්‍රියාවකි. දරුඵල නැති පොන්නයන් තම දුබලකම වසාගත්තේ අන්තඃපුරයේ සිටින වෙසඟණන් සේවකයන්ට ජාතකව වැදූ දරුවන් රජ කිරීමෙනි.

    මේ කතාව, හොඳ දරුවන් ලබාදෙනවා යයි මෝඩයන් රවටාගත් නරුමයන් වටා ගෙතී ඇත. හොඳ දරුවන් ලබාගැනීමට හැකි විදිය යමෙකු නුදුරු කාලය තුල කියනු ඇත. ගණිකාවන් බිහිකරන්නේ එවැනිම ගති ඇත්තවුන්ය. පොන්නයන් අනුන්ගෙ දරුවන් හදන වඩන අතර, සතුන් බිහි කරන්නේ සතුන්මය.

    පැවැත්ම උදෙසා පිරිමියාගේ හා ගැහැණියගේ දායකත්වය දන්නේ නම් මෙවැනි මෝඩ කතා නොකියනු ඇත. කාම ක්‍රියාවෙන් සිත වැඩෙනවා කීම මලපහ කිරීමෙන් කුසගිනි නිවෙනවා වැනි අපභ්‍රංශයකි. හින්දූන්ගේ පොතපතින් සිංහල ඉතිහාසය ගොඩ නඟන කොඩ්රින්ටන් වාදීන් සිංහලයන්ගේ උරුමයට පහරන්නේ මහාපචවංශධාරීන් වගේමය.

    ReplyDelete
    Replies
    1. මුන්ට මේව කියවපුවහමවත් මේව තේරුනොත් හොදයි.

      නිර්ලජ්ජිත මෝඩයින් එකඑක පත්තරවලට ලියන තුප්පැහි ලිපි දැමීමෙන් මෙම බ්ලොගය නගරසභාවේ කුණු වලක් බවට පත්කරගන්න එපා.

      මනමේන්ද්‍රෙග් ගමන අපට පැහැදිලියිනෙ. එයාට ඕන හින්දු විකාර ශ්‍රී රාවනයන් මුවාවෙන් හෙලයට කිදාබැස්සවීමයි.

      කෙසේ වෙතත් මනමේන්ද්‍ර රටටම විහිලුවක් වී හමාරය. මෙවන් රට හිනස්සන්නන්ගේ ලිපි මෙවන් බ්ලොගයක පලකිරීමෙන් වලකින්න. රට නෙමෙග යැවීමෙන් වලකින්න.

      Delete
    2. වලිග කපල තියන්නෙ කමෙන්ට් දාමන අපිම නේද? ජයරත්න දරුව නිදිද? තවම පිලිතුරු නැත්තේ ඇයි ද?
      මෙනවාහරි සොයා නිල්ගල වත් පැමිනියා ද?

      Delete
  12. මේ බ්ලොග් එකට තමන්ගෙම ලිපි නැද්ද? රටේම ඉන්න පල් හොරුන්ගෙ ලිපි පල කරන්නෙ.
    මේකෙ පලකරන ලිපි වලින් 90% ම අනුන්ගේ ඒවා . ඇහුවහම වගකියන්නත් බැරිලු.

    ඔයකියන කුන්ඩලනීය එහෙම දාල යමක් හොයාගෙන තමන්ගෙම වැදගත් ලිපි ලියන එක නරකද?

    ReplyDelete
    Replies
    1. මීවන තුමා හරි කියල හිතෙනවා. මෙයා වමාරන ඒව ගඳගහනවා. ඒ මදිවට අනුන් ලියන දේ වල දිග පළලත් බලනවා. මෙයා අර ThinkTwice මද කියලත් හිතුනා.

      මම නම් කුරුටු ගී ලියන්නෙ ඇත්ත කියන්නයි. කියවල යමක් දැන ගන්න බැරි නම් නිවනට හරි ස්වර්ගෙට හරි යන්න. කොක්ක විතරමක්ම නොදා තමනුත් දන්න ලබ්බක් ලියා බෑව නම් හොඳ නැද්ද? මීවන තුමාට තද වුනොත් මම නම් මේ සැරේ හ්ම් කියන්නෙවත් නෑ.

      Delete
    2. තරහ ගන්න කාරනා නැහැ. මම නම් Anonymous One orig කමෙන්ට් එකත් නිතරම බලනව.

      Delete
  13. ජයරත්න දරුව මෙවැනි ලිපි වලින් ලිංගිකත්වය ව්කෘ කිරීමට උත්හය කරයි.මාගේ දැනුමට නුව මෙහි සදහන් කල බොහෝ දේ බොරු බව පෙනේ. ලංකාව පෙර රජ දවසට ගෙනයාමේ වෑයමකි. එහිදී සිදුවූයේද අහිංසක ගැහැනු දරුවන් රජ ගොල්ලන් ඇමතියන්ගේ හා පූජකයන්ගේ කාමශාවන් ඉටුකිරීමට යොදා ගැනීමයි. මෙහිද ටිකෙන් ටික එවැනි දේ පෙන්වයි.

    ReplyDelete
  14. මෙලෝ රහක් නෑ, මේවා බැලුවාම හිනා යන්නෙත් නෑ, කලින් දාපු පොස්ට් නම් එල, ඉල අදෙනක්ම් හිනා වෙන්න පුළුවන්.
    මොකක් හරි ආතල් සීන් එකක් දාපන් බං, අඩුම ගානේ රාවණා සීතාව උස්සන් යද්දී උන ආතල් සීන් එකක් හරි දාපන්.
    අනුන්ගේ ලිපි තමන්ගේ බ්ලොග් එකේ දාගන්න ඒක මහා නිවට කමක්, රාවනාටත් ලැජ්ජයි. තූ.....

    ReplyDelete
  15. ජයරත්න මේවාත් බලා පිලිතුරු දෙන්න.

    google image search වලින් වර්ගපූර්නිකාවේ ඇති රූපයම යොදා සරච් කර ලැබුනු ප්‍රතිඵල කීපයකි මේ.

    http://www.travelodestination.com/the-temples-of-khajuraho-land-of-the-moon-god/
    http://wherewebe.com/index_2010_03-07_khajuraho.html
    http://www.lonelyplanet.com/members/apeer_09

    හිතාමතාම හින්දුන්ගේ විකාර සිංහල කිරීමට උත්සහ ගැනීම නින්දිත ක්‍රියාවකි.
    පිලිකුල් සහගත ක්‍රියාවකි.
    මෙවැනි දේ පලකිරීමට පෙර විමසිලිමත් වන්න..

    ReplyDelete
  16. ශ්‍රී රාවනා යයි කියමින් රටත් සමාජයත් කෙලෙසන නින්දිත පල්හොරුන්ගේ ලිපි මින් ඉදිරියට වත් පල නොකරන්න.
    ඔබේ දැනුම් මට්ටමේ හෝ ඊට එපිටින් යන හෙල සමාජයේ කාන්තාවන් වෙසගනන් කිරීමට ((පිරිමි කීපදෙනෙකු සමග නිදිවදින "සෘශි හෝ මුනි හෝ මෙන මල යකකු සමග හෝ")) දැරූ උත්සාහය පහත්ය.

    සිංහල කම හැදිගෑමේ යෙදී සිටින පාපතරයන්ගේ ලිපි වගකීමකින් තොරව පලනොකරන්න....

    ...මේවට කියනන එපා පෞදිගලික අපහස කියා ....

    ReplyDelete
  17. ලියන එකා පිස්සෙකි

    ReplyDelete
  18. අප්පට සිරි මම මේ අහම්බෙන් වගේ ආවෙ full sex blog එකනෙ මේක.
    කව්ද යකෝ මේ ආතල් දෙන එකා. මොකා උනත් කටේ මසුරන් දාන්න වටිනව.

    දිගටම සෙක්ස් සීන්ම දාන්න හොදේ.
    මොනවද මේ කමෙන්ට් මට නම් පිස්සු වගේ අර රූප බලල ගන්න ආතල්ැකත් මුන් කනව.

    හෙටත් එන්නම් හොදේ.

    ReplyDelete
  19. මේක හරි වැදගත් ලිපියක්.ඔය උඩ කොමෙන්ට් කොරපු ඈයින්ට නොතේරුනාට.මේක තමයි හෙළ ක්‍රමේ.අපිට දැං මුණිවරු සෘෂීවරු හදන්ඩ බැරි අපි වැල බලලා නන්නත්තාර වෙලා ඉන්න හන්දා.පුංචි නූල් කෑල්ලක් එහා පැත්තේ විරුද්ධ ලිංගිකයෙක් රමණාපේක්ෂාවෙන් දොයියං වගේ ඉන්නවා දකින කොට නරක ඇමරිකාවේ දර්ශන මනසේ මැවෙනවා නෙව.මුනිලට සෘෂිලට සොරිම තමයි.

    කාංචන ගීත මනමේන්ද්‍ර මහත්තයානං දැං සෑහෙන්ඩ මුනිලා සෘෂිලා බිහිකරලා ඇති නෙව.මට එච්චර ඉවසීමක් නැති හන්දා මගේ ප්‍රියම්භිකාවත් උන්දෑ ගාවට යවලා සෘෂියෙක්ට හරි මුනියෙක්ට හරි ට්‍රයි කරන්ඩ කියන්ඩ ඕනේ.

    ReplyDelete
  20. අර කොල්ලෝ කෙල්ලෝ හරියට හදාගන්න ක්‍රමයතියෙන චයිනීස් කැලෙන්ඩරේත් රාවණාධිරාජයා ගේ නිමවුමක්ද මන්දා?

    ReplyDelete
    Replies
    1. උබලට ඉතින් සරමෙ මුත්‍රා ගියත් ඒක රාවනාගෙ වැඩක් තමයි.

      Delete
  21. මීයා දැන් දැන් කමෙන්ට් පරක්කු කරන බව පෙනේ.

    ReplyDelete
  22. ජයේ මේකත් බලන්න.
    http://soundofthevibe.webs.com/thelovetemplesofkhaj.htm

    ReplyDelete
  23. මෙහි ඇති කමෙන්ටු වැඩිපුරම ලිපිය සිනහවට ලක් කරයි. එයට හේතුව පහදන්න.

    ReplyDelete
  24. දැන්වීමක් නොවේ.!
    ඔ‍බේ බ්ලොග් එකටත් ක්මෙන්ට් සාගරයක් ඕනෑද? මෙන්න යන පාර...!!!

    මා කලකට පසු මේ පැත්තේ ආවේ ටිකක් හිනා වෙන්න ය. නමුත් මට හිනා දෙගුණ තෙගුණ වී ගියේ http://varga-apurnikava.blogspot.com/2012/07/blog-post.html යන බ්ලොගය ද දැකිමෙනි. මේ සිංහලයාගේ ඉතිහාසයට මට ගසනා දැවැන්ත ව්‍යාපාරයක කොටසකි. ඔබටත් මෙයින් ප්‍රයෝජනයක් ගත හැක.ලියන්න මේ වගේ බ්ලොග් එකක්. ‍
    -අවර්ගපුර්ණිකාව
    -අවර්ගඅපුර්ණිකාව
    -(අ)වර්ග+පුර්ණ+ඉක්කාව
    -ආවර්ගයේ සම්පුර්ණ ඉක්කාව
    වගේ නමක් දාගත්තොත් ඉක්මන් ප්‍රථිපල ලැබේවි. ප්‍රථිපල අත්දුටුවයි සත්තයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රිතියි පියුමි ප්‍රිතියි.. ඔබතුමියගේ කුන්ඩලිනි ශක්තිය අවදිවී තිබෙන මේ මොහොතේ දුන් උපදෙසය ඉතා වටිනා එකකි.

      Delete
  25. 'Your comment will be visible after approval'.

    රාවණ බලැතියි කියාගන්නා ඔබක්මෙන්ට් එකක් දැම්මට පස්සේ එය ඒ ගමන් නොදා තමන්ට බනින ඒවත් ඇප්රෑවල් කරලා පබ්ලිෂ් කරනවාද?.

    ඇයි මේ කෙළින්ම ක්මෙන්ට් පළ කරන්නේ නැත්තේ? මේ වැඩෙන් ඔබට ඇති ක්මෙන්ට් ගාන අඩුවෙනවා. ඇයි ඉතිං පළ නොකරන ඒවත් ඇති නේ. ආ එහෙම නැත්නම් මොකටද අමතර වෙලාවක් ගන්නේ ක්මෙන්ට් ටික කෙලින්ම පබ්ලිෂ් වෙන්න අරින්න.

    අනික රාවණ බලැතියි කියාගන්නා ඔබ

    ReplyDelete
    Replies
    1. මාත් ඕක ඇහුවා මු කිව්වනේ ඉන්දියන් කාරයෝන්ගේ මොකද්දෝ මගුලක් මටත් තේරුනේ නැ

      Delete
    2. මේ . . . ඔයා ලගදි නේද මේක කියවන්න ආවෙ ???

      Delete
    3. ආයෙත් ආවේ කම්මැලි කමට. කියවන්න ආවේ ලඟදි තමා. කෝ ඉන්දියන් කතාව මට කියලා නෑ.සමහර විට රාවණා කියන්න එපා කිව්වාද දන්නෑ.

      Delete
  26. ඒකාලේ උපත් පාලනය කලේ නැද්ද ???

    ReplyDelete
  27. ඔබතුමාගේ දැනුම ගැන මා ඉතාමත් පැහැදී සිටිමි. ඔබ වැන්නෙක් උසස් අධ්‍යාපන ඇමති ලෙස නුදුරු අනාගතයේදීම පහල වේවි මම සැමවිට පතමි. මාහට නැගුනු ප්‍රශ්න කිහිපයකි.
    1. කාන්තාවකගේ පතිවත යම් හෙයකින් අහෝසි වී ගියහොත් එහි තොල් දෙක නැවත පුට්ටු කිරීමේ හැකියාව රාවණ රජ සමයේ තිබී ඇති බව මා හට හමුවූ එක වෙට්ට පාසි නම් මහලු කාන්තාවක් පවසා ඇත. කරුණාකර මෙය පහදන්න.
    2. එවක සිටි වෙකේ පඩඅ නමැති රාවණ රජුගේ වෛද්‍ය වරයාට කාලය හරහා අතීතයට ගොස් ලෙඩුන් සුව කල හැකි බව ප්‍රකට කරුණකි. එය සත්‍යද?

    ReplyDelete
  28. මේකෙ කමෙන්ට් විතරයිනෙ අලුතින් ආතල් නැද්ද.
    රාවනා සීතා නැත්තන් රාමා සීතා සෙක්ස් සීන් එකක්වත් දාපල්ලකො යනුනේ.

    ReplyDelete
  29. මේවා ද බලන්න
    http://varga-apurnikava.blogspot.com/2012/07/blog-post_17.html?showComment=1344321814188#c1785001870821969599

    ReplyDelete
  30. කාලෙකින් ආවෙ ඈ සික් මෙලෝ රහක් නෑ නෙ.ජයේ අර ඉස්සර වගේ ෆට්ට එව්ව ටිකක් දාහංකො.මේ මොනවද බන් බත් ඔතන්න තරං වත් වටිනා කමක් නැති 2.50 හෙ පත්තර කෑලි වලට 8 පාස් වෙච්චි උන් ලියන එව්ව දාන්නෙ බොගේ වටිනා බ්ලොග් එකේ.තූඃ විතරක්

    ReplyDelete
  31. දීර්ඝ උපදෙස් පහත දැක්වේ..

    1. ඉතාම බලසම්පන්න සෘෂිවරයෙකු තැනීමට නූලක් වෙනුවට කඹයක් භාවිතා කරන්න. නයිලෝන් කඹයක් භාවිතය මගින් ඉතා ශක්තිවන්ත දේහයක් ඔහුට ලැබේ.

    2. නිවුන් මුනිවරුන් තැනීමට නම් නූල් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තබන්න.

    3. ආරක්ෂිත කොපු (කොන්ඩම්) භාවිතයෙන් රාජ්‍යය ආරක්ෂාව පිළිබද හසල දැනුමැති මුනිවරෙයෙකු බිහි කළ හැක.

    4. ඔබට අවශ්‍යය කථිකත්වයෙන් අග තැන්පත් (කට ඇති) මුනිවරයෙකු නම් මුඛ සංසර්ගය සිදු කරන්න.

    5. ඔබේ සිහිනය ඔබේ දරුවා මලල ක්‍රීඩාවෙන් පරතෙරට යන (උසේන් බෝල්ට් වැනි) මුනිවරයෙකු කිරීමට නම් 'ශිලා විචින්න' ක්‍රමය අනුගමනය කරන්න.

    6. ඔබේ මුනිවර දරුවා සූප ශාස්ත්‍රයෙන් දස්කම් දක්වන මුනිවරයෙකු කිරීමට වඩාත් උචිත 'අධෝ මුඛ' සංසර්ගයයි.

    ප.ලි.

    මේවා අත්හදා බැලීමෙදී සිදුවන කිසිදු අකරතැබ්බයක් සදහා වගකීම වර්ගපූර්ණිකාව හෝ මා විසින් බාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  32. මෙලෝ රහක් නෑ නෙ ජයේ

    ReplyDelete
  33. මේ වගේ නොයෙකුත් විදිවලින් හොඳ දරුවන් ලබාගැනීමට දෙමව්පයන් පෙළඹෙන්නෙ ලැබෙන දරුවන් මත පැවැත්ම තීරණය වන නිසාය. අවාසනාවට නොයෙකුත් අවස්ථාවාදීන් එම දෙමව්පියන් සූරා කනවා. ආගම් වවාගෙන කන, ලෙඩ රෝග වවාගෙන කන, ගුරුකම් හා හඳහන වැනි දියුණු දැනුම වවාගෙන කන එවුනුත් ඒ වගේමයි. උන් පසු පස ගොත් වැනසීම තමයි අවසාන ප්‍රථිඵලය. මේ රටාව සිංහලයන්ට වුන දේත් කියනවා.

    ආදි සිංහලයන්ගෙ දැනුම ගිලිහුනේ කොහොමද, අද ඉන්න සිංහල කියා ගන්න එවුන් මෙතරම් නිවට අමනයන් වුනේ කෙසේද යන්න සිංහල විරෝධීන් අද නගන ප්‍රශ්ණයක් නිසා යමක් කීමට මෙය ලියමි.

    අද කැලෑවෙන් පිටවී දිවි ගෙවන මිනිසා ප්‍රථමයෙන් වඳුරන් ලෙස ඉතා දිගු කලක් පැවතුනා. ඒ වඳුරු විශේෂයට කැලෑ ගති වලට අමතරව විශේෂ ගති කීපයක් දී එළියට ගත්තේ හිරු බව ඉතිහාසය කියයි. ඒ වඳුරු විශේෂය අතර ඉපදී උන්ට දැනුම දී අද තත්වයට ගෙනා බව පෙන්විය හැක. සියලු විශේෂ ගතිවලට එකම මූලයක් ඇති බව ද පැහැදිලිය. ස්වාභාවික පරිසරයට යටත්ව බිහිවන දරු මුණුපුරන් ගේ ගති ගුණ පරපුරෙන් පරපුරට අඩු වී, එක්තරා කලකදී කැලෑ ගතිගුණ පමණක් ප්‍රබලව පවතින විට අද වැනි මිනිස් සමාජයක් බිහිවේ. එනම් දැනුම ඇති තිරිසනුන් ස්වාභාවික තිරිසනුන්ටත් වඩා දරුණු තිරිසනුන්ය. එනම් ස්වාභාවික තිරිසනුන් මරන්නේ කෑමටය. දැනුම ඇති තිරිසනුන් කෑමටත්, අනාගතයටත්, විනෝදයටත් මරන්නේ තමන්ට හානියක් නැතිව මැරීමට දැනුම ඇති නිසාය. එම නිසා දෙමව්පියන් හොඳ දරුවන් පතන්නෙ තිරිසන්කම වැලැක්වීමටය.

    අද අප අතර තිරිසනුන් ඇත්තේ කෙසේදැයි කීවෙමි. එලෙසම දැනුමට වූ දේද කියමි. දෙමව්පියන්ගෙන් දරුවන්ට ගොඩක් දේවල් උරුම වුවත් සහජ දැනුමට වඩා එහා ගිය විශේෂ දැනුමක් උරුම නොවේ. බුද්ධිමතෙකුට, යමක් කමක් කල හැකියෙකුට, එවැනි දරුවකු බිහිකල නොහැකිවීම එය තහවුරු කරයි. දරුවා යනු තුන්වැන්නෙකි. ජීවීන් තම දැනුම උපතින් උපතට නොවෙනස්ව අවතාරය තුල රැක ගනී. උපදින දරුවාට දැනුම උරුම නම් දෙව්පියන්ට සමව හෝ ඉදිරියෙන් බිහිවෙන පරපුරක් ඇති වේ. එසේ නම් කල යුත්තේ සුනඛයන් හරකුන් මෙන් අරූ මූ පස්සෙ නොගොස් එවැනි උතුම් දරුවකුට ඉපදීමට සුදුසු දෙමව්පියන් බවට පත්වීමයි. ඒ සඳහා පිළිපැදිය යුතු වත් පිළිවෙත් යහමින් තිබුනද කැලෑ ගතියත් පරිසරයත් ස්වභාවයත් බාධක ලෙස ක්‍රියාත්මක වී දෙමව්පියන් තිරිසනුන් කරනවා. බල්ලන්ට උපදින්නේ බල්ලන්ය. එලෙසම තිරිසන් දෙමාපියනට උපදින්නේද තිරිසනුන්ය. මේ කතාවෙ කියවෙන පරිදි අනුන්ට කියා ළමයි හදන විට උපදින්නේ එවැනිම අවජාතකයන්ය. තමා පෝෂණය කර තම අනාගතය සුරක්ෂිත කිරීමට පියකු නැති තැන හොඳ දරුවන් නූපදින බව ඕන ගොනෙකුට තේරේ.

    සිංහල දැනුම අහිමි වූවේද එවැනි දැනුමැති අයට ඉපදීමට සුදුසු දෙමාපියන් නැති වීමය. ඒ අඩුතැනට බඩ ගාගෙන ආ සිංහල යයි කියා ගන්න මලයාලි හිඟනුන්, අද ඉන්න සිංහල යයි කියා ගන්න එවුන් මෙතරම් නිවට අමනයන් කල හැටි දස අතින් පෙනේ. මෙය අවසානය නොවේ. හැම කලියුගයකට පසු එන හිරු මේ දිරාපත් වන මිනිස්කම නැවත ගොඩ නගන බව ඉතිහාසය තහවුරු කරයි.

    උතුම් දරුවකුට ඉපදීමට සුදුසු දෙමව්පියන් බවට පත්වීම කල හැකි ආකාරය පසුවට තබමි. එය මේ ලිපියේ අන්තර්ගත විකාර වලට වඩා ඉඳුරාම වෙනස්ය.

    ReplyDelete
  34. ආචාර්ය තුමනි,
    නොදන්නා කාරණයක් ගැන තතු විමසා දැනගැනීමටය.

    http://lankadeepa.lk/index.php/articles/56692
    ඉහත මා විසින් දී ඇති සබැඳියට අනුව ඇමරිකාවේ ගුවන් යානාවකට අලාභහානි සිදුවී ඇත.
    මා විශ්වාස කරන්නේ මෙය කුරුල්ලෙකු නිසා නොව දඬුමොණර යන්ත්‍රය නිසා සිදුවූ බවය.
    කරුණාකර පහදා දෙන්න .....:p

    ReplyDelete
  35. මී ජයා දැන් blog එක එපාවී ඇති බව පෙනේ .
    නැත්තන් පට්ටිපොල හාරල ලොව්ත් නැති ලෝහයකින් හදපු කෝච්චි එන්ජිම වත් හම්බුනා වත්ද?
    මට පේනනෙ අපිටත් නොකියාම අභියෝගෙ ටෙස්ට් කරන්න දවස් 3ක් කන්නෙ නැතුව මහතුඩුගල නැගල 3න් පාරක් උඩපැනල කකුල වත් පැටලිල බිම වැටුන වත් ද?

    කොහොම උනත් ජයේ නැතුව blog එක පාලුයි.

    ReplyDelete
  36. කොහෙද මෙච්චර කියල ලියලත් එකෙක්ට මේ හෙළුව තේරෙන්නේ නෑ නේ අම්මපා. නිල්ගල ඉඳං රාවනා රජතුමා ආවාම බොලාලට තේරේවි මේ මොනවාද කියන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. රාවණා නින්දෙන් නැගිටලා එනකන්ම ජයේ හෙළුවෙන් වනනවා. එත් මේකේ එකාලට ඒක තේරෙන්නේ නැහැනේ..

      Delete
    2. සිරාවට බං උඹ කියන කතාව ඇත්ත! ඒත් ජයේ "වඩාත් හොඳින් කියවිමටනම් " මේක දාල උඹ විචාරයකුත් කරපන්. නැත්තන් බලන උන්ට එපාවෙයි ටිකදවසකින්!

      Delete
  37. වර්ගපූර්නිකාවත් දැන් වැඩක් නැති කෝලම් මඩුවක් බවට පත්වෙන හැඩයි

    ReplyDelete
  38. ජයා නැති ව.පූ
    රසදිය නැති දඩුමොනරය වගේ.

    රාවන පාක්ශිකයන් මෙම මන්ත්‍රය දිගටම ජප කිරී මෙන් ජයාව ව.පූ වෙත නැවත ප්‍රාතීර්භූත කරවාගත හැක.

    අශ්ඨ පාදන් සතර කනන්
    මුඛ පූට්ටන් නැත වලිගං
    මීවනං පලනං නැ ප්‍රකෝපං
    මීවනානං යලි පැමිනියන් වපූං

    ReplyDelete
    Replies
    1. මේක කී පාරක් ජප කළ යුතු දෑ?

      Delete
  39. මේකත් නරකම නැ......

    ReplyDelete

නුදුරු අදහස්