Saturday, August 18, 2012

පෘථිවිය විනාශ කිරීමට පැමිණෙන පිටසක්වල යානාවක් මූතුර් අහසේ දිස් වෙයි.

සූර්යයා මත සුදු ලපයක් ආකාරයෙන් දිස් වූ වස්තුව

පසුගිය 15 බදාදා සවස 2.45 ත් 3.30 ත් අතර මූතූර් වැසියන්ට අහසේ සූර්යයා දෙසින් පිටසක්වල යානාවක් දිස් වූ බව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාවණගවේශක කණ්ඩායම වන වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙත වාර්තා විය. අපගේ හෙළ ගවේෂණ කණ්ඩායම එහි යවා එය තහවුරු කර ගැනීමට දින දෙකක් ගත විය. ආන්දෝළනාත්මක වාර්තාකරණයන් හේතුවෙන් ඉතා සුළු පිරිසක් තාමත් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය අවිශ්වාස කරන නිසා, පක්ෂ විපක්ෂ කවුරුත් එක සේ පිළිගන්නා ශ්‍රී රාවණපාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් පළ කළ වාර්තාව මෙලෙස පළමුවෙන්ම ඔබ වෙත ඉදිරිපත් කරමි.


පසුගිය වෙසක් මාසයේදී තවත් ශ්‍රී රාවණ පාක්ෂික පුවත්පතක් වන දිවයින පුවත්පත හරහා, සම්මානලාහී ජාතික ආරක්ෂක වාර්තාකරු කීර්ති වර්ණකුලසූරිය මහතා හෙළි කළ, පෘථිවිය ආක්‍රමණය කිරීමට පැමිණෙන පිටසක්වල යානා 3 ගැන ඔබ අසා තිබුණාද? ඒ ගැන නොදනීනම් එම කෙටි ලිපිය මෙතනින් කියවන්න.

මධ්‍යම කඳුකරයේ ඉතාමත් රහසිගත ප්‍රදේශයක භාවනානුයෝගීව වසමින්, සම්‍යක්දෘෂ්ඨික දෙවි වරුන් ගේ දැනුම යොදා ගනිමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් පයිංඩ එවන තාපස තුමාගෙන් මා මේ සිද්ධි දාමය ගැන විමසූ අතර එතුමා පැවසූ කාරණා දැනගැනීමෙන් මාගේ ලේ වතුර නොවූවා පමණි. එම අති භයානක පුවත මෙලෙසයි.

තාපසතුමාම කුණ්ඩලීනී යෝගයට සම වැදී මීට පෙර දිනක අපව දැනුවත් කළ පරිදි "ප්‍රිඩෝටර්" නැමති ලෝකයෙන් පැමිණෙන එම යානා තුනේ මූලික අරමුණ වූයේ 2012/12/12 දිනදී සිදුවන ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ නැගිටීමට බාධා කිරීමයි. ඉන් පසුව පෙරළා තම ග්‍රහ ලෝකයට පිටත්වීමට ඔවුන් සැළසුම් කර තිබුණි. නමුත් ඔවුන් එම අරමුණ වෙනස් කරගෙන ඇති අතර ශ්‍රී රාවණයන්ගේ නැගිටීමට බාධා කිරීමෙන් පසුව, නැවතත් කිසි දාක ශ්‍රී රාවණ අධිරාජ්‍යයාට නැගිටීමට නොහැකි වන පරිදි මුළු පෘථිවියේම මානව වර්ගයාව විනාශ කිරීමට තීරණය කර ඇත. එනම් ශ්‍රී රාවණ අධිරාජ්‍යයා නින්දෙන් නැගිට එම පිටසක්වල යානා 3 ඇතුළු ආක්‍රමණිකයින්ව විනාශ නොකළොත් එම පිටසක්වලයන් අතින් මනුෂ්‍ය වර්ගයාව සහමුලින්ම සංහාරය වී මිහිතලයෙන් අතු ගෑවී යාමට නියමිතය.

ඉතින් එලෙස පැමිණෙන පිටසක්වල ආක්‍රමණිකයින් තම යානාවන් ප්ලූටෝ ග්‍රහයාගේ කක්ෂය ආසන්නයේ නතර කර, ඔත්තු බැලීමේ යානාවක් පෘථිවිය වෙත එවා ඇත. එය පෘථිවියට ළඟා වූයේ පසුගිය 15 වැනි දිනයි. ඉන්දියානු බමුණන් විසින් හෙළයින්ගෙන් සොරා ගන්නා ලද, ශ්‍රී රාවණ රජතුමා විසින් රචිත "වෛමානික ශාස්ත්‍රය" නැමති හෙළ පුස්කොළපොතේ දැක්වෙන ආකාරයට එම පිටසක්වල යානා පවා යොදා ගන්නේ අති ප්‍රබල ගුවන් යානා තාක්ෂණයක් වන "ප්‍රතිගුරුත්ව එංජිම" යි.


ලෝකයේ අඩුම ගුරුත්ව බලයක් තිබෙන්නේ ශ්‍රී රාවණ රජතුමාගේ රාජධානිය වූ "ලංකාපුරය" හෙවත් වර්තමාන ශ්‍රී ලංකාවේ වෙන අතර ඒ බව පිටසක්වල ජීවීන් පවා මැනැවින් අවබෝධ කරගෙන ඇත. ඒ ගැන ඔබට විශ්වාස නොමැතිනම් BBC හි මේ ලිපිය බලන්න, එහි සිතියමේ නිල් පාටින් දැක්වෙන්නේ ලෝකයේ ගුරුත්වය අඩුම කලාපයයි. එනිසා තම ඔත්තු බැලීමේ යානය වඩාත් ගුරුත්වය අඩු ශ්‍රී ලංකාවට ඉහල අහසේ කක්ෂ ගත කිරීමට ඔවුන් තීරණය කර ඇත.

හිරු හෙවත් රා ගෙන් එල්ල වෙන සූර්ය විකිරණයන් හේතුකොටගෙන, එම විකිරණ දෙසින් ඇති ආකාශ වස්තු ගුවන් නිරීක්ෂණ රේඩාර් වලට හසු නොවේ. ඒ තාක්ෂණයත් දන්නා එම දියුණු පිටසක්වලයින් තම ඔත්තු බැලීමේ යානය සූර්යයා සහ පෘථිවිය මැදි වෙන ආකාරයටම ශ්‍රී ලංකවට ඉහල ආකාසයේ කක්ෂ ගත කර ඇත. ඊට අමතරව ඇමරිකානු හෝ චීන රේඩාර් වලට පවා හසු නොවන ආකාරයේ අති ප්‍රබල "Radar Shield" තාක්ෂණයන් ඔවුන් සතුව ඇති බව තාපස තුමා වැඩිදුරටත් පැවසීය.

දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතමි, එනම් මූතූර් වැසියන් එලෙස සූර්යයා දෙසින් දු‍ටු කැ‍රැකැවීම යනු එම යානයේ ඇති රසදිය එංජින් වල ක්‍රියාකාරීත්වයයි. පින්තූරයේ කළු ලපයෙන් ඔබ දකින්නේ එම රසදිය දහනය වීම වන අතර අළු පාට චතුරසාකාර කොටසින් බොඳ වූ ආකාරයට පෙනෙන්නේ එම යානාවයි. මේ මොහොතේත් එම යානය අපව නිරීක්ෂණය කරමින් සිටි.

මිත්‍රවරුණි, පෘථිවි වැසියන් වන අප දැන් මුහුණ දී තිබෙන්නේ බරපතල ඛේදවාචකයකටයි. යුග ගණනාවක් අඛන්ඩව ‍රැකගත් මනුෂ්‍ය ශිෂ්ටාචාරය එක මොහොතකින් සුන් වී යාමට ඔබ ඉඩ දෙනවාද? අපගේ පෘථිවි වැසියන්ගේ සංස්කෘතිය, සභ්‍යත්වය, මනුෂ්‍යත්වය, මේ සියල්ලම කැටි වූ ජීවිතයත් මරණයත් අතර සටනකට ඔබට දැන් ලැහැස්ති වීමට සිදුවී තිබේ. ඉදිරි දිනවලදී ඔබ වෙත තවත් විස්තර ගෙන එන්නම්. එතෙක් ඔබට ශ්‍රී රාවණ සිද්ධම්!

49 comments:

  1. මට එලියන් වීස් කවුබෝයි ෆිල්ම් එක මතක් උනා ...

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම එහි ඇත්තේත් අනාගතයේදී සිදුවීමට යන සිද්ධියකි. සුද්දන් විසින් හෙළයින්ගෙන් පැහැරගෙන බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ඇති ඒ ගැන සඳහන් පුස්කොළපොතක් කියවීමෙන් ජෝන් ෆැව්ර්‍යු ඔය චිත්‍රපටය හදා ඇත.

      Delete
  2. මං හිතන්නේ මාත් ඔය යානය දැක්කා.ඒකෙ රතු පාට ඉරක් හරහට වැටිලා ඒ ඉර මත අකුරු වගයකුත් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. වටිනා ශාක්ෂියක්. කරුණාකර එම අකුරු කුමක්දැයි කීමට පුළුවන්ද?

      Delete

    2. ශරබර ෂෂෂ බර බ බ බර මුමුතුර කකක ලල ලපප

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    3. මචං ඒක නං තේරැනේ නැහැ.
      උබත් දැන් ජයේට විතරක් තේරෙන්නද ලියන්න.

      Delete
    4. උබල කාටවත් තෙරනේ නැද්ද මේකේ තේරුම ...
      මට නම් තේරෙනවා
      උබලට නොතේරෙන දෙයක් මට තේරෙන නිසා මම අද ඉදන් නිකම්ම නිකන් රාම වංශ නෙවෙය්
      "ජයේ" වගේ "ආචාර්ය රාම වංශ"

      :::::::: මීට ආචාර්ය රාම වංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  3. එන්න කියපං ජයා එන්න කියපං..
    එකෙක් යවන්නෑ ආයේ..
    බාවනවා හැමෝවම..
    අපි සූර්ය වංසයේ යක් ලේ තියෙන උං හරිය..
    අපිට එහෙත් එකයි මෙහෙත් එකයි අභ්‍යවකාසෙත් එකයි..
    බලමු..
    එක්කො අපි නැත්තං ඒත් අපි..

    ReplyDelete
    Replies
    1. සැබැවි, සූර්ය වංශයෙන් පැවත එන අපට සූර්යයා දෙසින් පැමිණෙන අභ්‍යවකාශ යානා වලින් සිදුවන බලපෑම අඩු බව විද්වත් මතයයි.

      Delete
    2. විද්වත් නියන්නෙ ඔයාට ද? මිරෙන්ඩෝට ද? මනමේ ගීත ට ද? සූරියාට ද? නත්තන් මේ මල යක්කු (මල=මුල්-මුල්ම යක්කු=හෙලයන්)සේරටම ද?

      Delete
  4. මම බොහොම බය උනා මගේ පන එපා උනා..............
    මට ඔය බමුනව අහු උනා නම් කරන්න දේවල් ගොඩයි ඈ

    ReplyDelete
    Replies
    1. මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා පැවසූ ලෙසටම 2012/12/12 දින රාවණා රජතුමා අවදි වූ සැනින් බමුණන්ට සුලු දිය පහ වේවි.

      Delete
    2. මු ඉස්සරනම් කිව්වේ 2012 අවදි වෙනවා කියල මු දන්නවා කියල
      දැන් මේ ලගදි ඉදන් කියන්නේ මිරැන්ඩෝ පවසන පරිදි 2012 අවදි වෙනවා කියල


      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    3. http://www.itexpressions.com/games/themothership.shtml

      Delete
  5. ඔය දේවල් මීට ගොඩාක් කලින් කියල තිබුනුවා.

    ReplyDelete
    Replies
    1. ඒ දේවල් නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් සිදුවීමට යන දේ හිතාගැනීමට පුළුවන්.

      Delete
    2. මනු එහෙම මේවට මොනව කරයි ද දන්නෙ නැහැ.

      (මනු කිව්වෙ අපේ ගෙවල්ගාව මල්ලි කෙනක්.)

      Delete
  6. kohomada mewa kirigahata anna wage kiyanne ah... like to beleive,mehema kiyana kiyana eka piliganna giyoth hamoma pacha kelinna gaine.... anika mewa mechcharama aththa nam eliyata awith kelin katha karanawako hamotama penna.......

    ReplyDelete
    Replies
    1. අප කරුණු දක්වා ඇත්තේ මූලාශ්‍රත් සමගයි, එනිසා ඔබතුමාට පිළිගැනීමට මැළි වීමට හේතුවක් නැත.
      එසේම ලංකාසීනිවුස්, දිවයින වැනි පුවත් පත් වලින් එම කතුවරුන් මේවා හෙළි කරන්නේ එළිපිටම නේද?

      Delete
    2. ලංකාසීනිවුස්, දිවයින මෙතෙක් කලකට පවසා ඇත්තේ සත්‍ය පමනද?
      ප්‍රසිද්ධියට අවශ්‍ය ඕනම කෙප්පයක් උන් පලකරයි නේද?
      ජයේ ඕව හොදයි 5 වසරෙ උන්ට සාක්ශි කියල පෙන්වන්න.

      Delete
  7. ලංකා C නිව්ස් කියන්‍නේ ලංකා කැ* නිව්ස් කියන එකද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔයාට නම් තේරිලා. රාවනපක්ෂ තුමාගෙ කටු ඔක්කොම කන කටුවංශලාගෙ දේශප්‍රේමෙ උතුරා යන, දිය යටින් අර මාක්ස් කියන හිඟන ජූවාගෙ ගිනි දෙන සී හෝල්ස් තමයි.

      Delete
  8. මොකක්ද දන්නැ මමත් මේ සතියකට කලින් වගේ දැක්කා අහසේ හිමිහිට ඇවිත් හිමිහිට පාත්වෙලා.එකතැන තිබිලා.ඒකපාරටමසීන්ගාලා නොපෙනි යන යමක් මොකක්ද මන්දා ,කව්රැවත් පිලි නොගන්න හන්දා කලින් නොකියුවේ

    ReplyDelete
  9. මුතූර් වල ඉන්නෙ නියම පොරවල්නෙ. ඉර දිහාම බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන වැඩ නැද්ද? අනික ඉර දිහා පියවි ඇහෙන් බලන්නත් අමාරු එකේ.

    ReplyDelete
  10. I dont know a shit about this post and I don't like your Blog. But one of my friend saw a blue blinking light North West Sky, 30 degrees from the top on 17 August 2012. When we checked it with the telescope we saw a distinct object, with blinking lights. We directly informed Arther C Clarke Institute on that moment and Called Dr. Chandana Jayarathne. They confirmed that they are also looking at that object and they can see it through there telescopes. He said that he will report it. But unfortunately they never reported it on to media.

    ReplyDelete
    Replies
    1. Are you from planet Lotus or Cilcon? Welcome to Planet Earth. You better call airport flight controllers. They may have a better answer.

      Delete
  11. Hi, I don't like your blog or i don't believe most of your stupid points. But 17th August 2012 around 7pm my friend from Maharagama saw a blue color blinking light on the sky. North West sky, 30 Degrees from the Top of the sky. Sky was covered with clouds and it was raining a bit that day. He then checked it through the telescope and confirmed that its a blue distinct object within our atmosphere which has blinking lights. We then officially informed Dr Arther c clarke Institute about it. They said they know about the object atm and they are looking at it right now. They said they have started investigations about it. But its been 3 days but they never informed media nor published pictures. I don't think its nothing to do with this ravana bull crap. But I can say something is up!!

    ReplyDelete
    Replies
    1. Have you never heard of sarcasm Asiri??? Really?????

      Delete
  12. මේක මේ අපේ රාවණාගේ කැමරාවෙන් = කැම+අරා (කැම= කැමැත්තෙන් අරා = අරගත්) මී ජයා ගේ පුකේ හිලේ චායා රූපයක්. මේක 100 දෙනෙක් බැලුවොත් මී ජයා ට ඔළු දහයේ වරම හම්බු වෙනවා.

    ReplyDelete
    Replies
    1. එක එකාගෙ පුකේ හිලවල් පත්තර වලත් දානව කියල තොපිට කවුද කිව්වෙ? මේක බලව්. http://www.dinamina.lk/2012/08/18/_art.asp?fn=n12081812

      Delete
    2. හිල මොකක් උනත් මට පේන්නෙ මේක සෙට් වෙලා කරන නොමග යැවීමක් කියල.
      ජයේ නම් කොයි කුනු කූඩෙ තිබ්බත් අරන් හොයන්නෙ බලන්නෙ නැතුව blog එකට දානවනෙ.

      Delete
  13. මචං ජයේ..රාවනාව වතුරා වීදුරුවක් ගහලා නැගිට්ටවල ගත්තොත් නරකද දැම්ම..පිටසක්වලයෝ ඇවිත් අපිව සමූලා ගාතනය කලොත් ඉඳල හමාරයි...

    ReplyDelete
  14. යකෝ මුන් හැමෝටම මේව පෙනිල තියනවනෙ. අපි විතරයි මේව දැක්කෙ නැත්තෙ.

    පිටසක්වලයෙන්ට අපිට ගහන්න ඕන නම් ප්ලූටෝ ලග කක්ශ ගත කරගෙන අවුරුදු මාසගනන් තැපගෙන ඉදීවි ද?
    ඔත්තු බලන යානා එවයි ද? මහ ලොකු තාක්ශනයක් උන් ලග තියනවා නම් උන් මෙලහකටත් වැඩේ ඉවර කරල ගිහිල්ල. රාවනා නැගිටිනතෙක් ඉන්නෙ මොන ඉටිගෙඩියට ද? රාවනාව වනසන්න ඕන නම් උන්ට මහතුඩුගල විනාශ කරල දාන එක මහ කජ්ජක් ද?

    තමන්ට හිතෙන දේ කියන්න ඕන, හැබැයි පච නොවෙන්න.
    අවුලකට තියන්නෙ මේ හැම දේම කියල තියන්නෙ අර සී නිවුස් එකට කෙප්ප සපයන නිල්ගලේ තක්කඩියා. එහෙම කිව්වම ඔක්කොම ශේප්නෙ සාක්ශි ඉල්ලන්න බැහැනෙ. නේද ජයේ.

    ReplyDelete
    Replies
    1. @vidu, මොකද අප්පෙ මේ සී නිව්ස් (LCN) ගැන කියවන්නෙ. ඊයේ අරහන් කිව්ව. අද රහන් කියනවා. පැත්ත මාරු වෙලාද?

      මොනවා වුනත් අගේ ඇති ප්‍රතිචාරයක්. ඕව කෙප්ප නොවෙයි. පිපිඤ්ඤා කියල ලියන්න බැරි ගුරාලගෙන් ඉගෙන ගත් ගෝලයෝ මඤ්ඤන් කතා ලියනවා. හැම කතාවකටම මුල් වන්නෙ සැබැ ලෝකෙ සැබෑ කතාවක්. ඒ වුනාට කතාව ගොතන එකා, තමන්ගෙ කෑලිත් දාල, විච්චූර්න එක්ක රස කරනවා. ඉස්සර කතා ලිව්වෙ වෙන දෙයක් නොකරන එවුන් උන්ගෙ කාලෙ කන්න. අද ඒක කරන එවුන් විශේෂයෙන්ම ජූවෝ, මෝඩ රැල ගොනාට අන්දල සල්ලි ගරනවා. මෝඩයෝ ගාන වැඩි වෙනකොට සල්ලි ගණන වැඩි නිසා විමතිය කියන කැලෑ ගතියට පණ දෙන්න නොයෙකුත් අභූත දේවල් මවනවා. ඒව බැලුවම චූන් වෙලා සැබෑ ලෝකෙට ආවමත් අර සිහිනෙම ජීවත් වෙනවා.

      විශ්වතරණයට අවශ්‍ය තාක්ෂණය ස්වාභාවික ලෝකෙ තියෙනවා. අර බූරුවෝ දෙන්න කඳිරි ගෑවට, අයින්ස්ටයින්ගෙ නියත ආලෝක වේගය තමයි උපරිමේ කිව්ව එකෙ දෙකම කෙප්ප. නියතත් නෑ. ඒ වේගෙට වඩා ඉහලින් ගියත් මොකුත් වෙන්නෙත් නෑ. හැබැයි ඒ තාක්ෂණේ කා ළඟ හරි තියෙනවා නම් ඔයා අහපු ප්‍රශ්ණ වලට උත්තරත් තියෙනවා.

      ඔය සක්වල කතාවල පදනම හුඟක් ඉස්සර සිංහලයන්ගෙ කතාවක්. ඒක වැරදියට අරුත් දීමත්, නොතේරුන එවුන් කෙප්ප ගෙතීමත් සිදු වෙලා. අද යථාර්තය ගිලිහිලා විකාර කතා මැවිල. ඊයේ මීවන තුමා රන් යගදාවක් ගැන කිව්ව. මිථ්‍යා මත හා ආකම් නිසා සිත ගැන අභූත කතා මැවිල. නිකමටවත්, හැමදේම සිතට පුළුවන් නම්, ගතක් හැදෙන්නේ මොන දේකටදැයි (වඩා පැහැදිලිව, මොන ලබ්බකටදැයි) නොඇසීමට තරම් අද බුධල හීන වෙලා.

      හැබැයි මුල් සිංහල කතාව බොරු නොවෙයි. ඒක නම් වෙනවා. මම කරපු හැම දේකින්ම අවසන් වුනේ අපි මේ විශ්වයට ආධුනිකයෝ විතරක් නොවෙයි මෙම පෘථිවියට පමණක් තවම සීමා වෙලා කියලයි. ඒත් සිත ගැන හැදෑරුවම අපි ඉතා දියුණු මෙන්ම වෙන විශ්වයකටද සම්බන්ධ බව කිව හැකියි. මම විශ්වය කිව්වෙ ද්‍රව්‍යමය විසඳුම් ඇති අප වටා ඇති සංවේදි පරිසර පද්ධතියට. ඒ වගේම මේ පරිසරයට අයත් නැති ද්‍රව්‍යමය විසඳුම් ඇති විශ්වයක් සම්බන්ධ බව යථාවාදීව පෙන්විය හැක. මුලින් මේ දෙක අතර කතාවක් පසුව නා නා විකාර කතා වෙලා. ඒකත් හරියට ඔළු දහයෙ රාවන වගෙ අරුත් දීලා. කරුමෙට, ඇත්ත නැත්ත උපරිමෙට ගියාම එක වගේමයි.

      ඉර දිහා බැලුවෙ කොහොමද කිව්ව නම් උත්තරෙත් එතනම තියෙනවා.

      Delete
  15. ඉතිං අපිට පාන් ද බං

    චූ කරලා නිදා ගනින් අනාතය



    ReplyDelete
  16. සුද්ද හදපු ජෙට් වල ෆොටෝ දාල, සුද්ද හදපු චිත්‍රපට වල කෑලි දල මෙතන වැඩකරු වෙන්න හදනවා අයියෝ සල්ලි

    ReplyDelete
  17. http://www.timeseye.com/2011/12/sri-lanka-best-place-for-space-port.html

    ReplyDelete
  18. මමත් දැකල තියෙනව ඔය වගේ සීන් එකක්. එත් මන් කියන්න ගියේ නැ. මොකද එපාර මිනිස්සු කියාවි ජයාට වගේ මටත් ඔල්මොරොන්දන් කියල.

    http://mycodingerrors.blogspot.com/

    ReplyDelete
  19. මන්නං ඔය පිටසක්වලයො ආවට බය නෑ.රාවණාගෙන් පැවත එන අපි විභීෂණටත් නෑදෑ වෙනවනේ.ඉතිං රාවණාගේ වැඩකිඩ කෙසේ වෙතත් විභීෂණගේ වැඩ කෑලි ටිකනං අගේට ඇහැකි.පිටසක්වලයින්ටත් ගොට්ට අල්ලලා ජාමේ බේරගන්ඩ ඇහැකි.

    ReplyDelete
  20. දැන් ඕක ලංකාවේ ,වෙනත් රටවල රේඩාර් වලට අහුවෙලා නැද්ද.
    ඔය යානය ප්ලුටෝ ගව තියනවා කියල දන්නේ කොහොනද.හාර්ප් පද්දතියට ඕක අහුවුනේ කොහොමද ?ඔච්චර දුර තියන එකක් .ඕකෙම පෙර ලිපියක කියල තිබුන එක පෘථිවියට පෙන්නේ අගහරු සමීපයට අවට පස්සේ කියල
    ......දන්නැති හින්ද අහන්නේ......

    ReplyDelete
    Replies
    1. උඹත් රෙද්ද අහන්නෙ මීය කොර වෙන ප්‍රශ්නනෙ.. ඌට ඒක පෙනිල තියෙන්නෙ කුන්ඩලීනීද මොකක්ද මගුලක් තියෙනවනේ මීයට එකෙන්,හාප් එක අපේ පුස්කොළපොතක් උස්සගෙන ගිහින්, ඒකෙ තියෙනවලු දැන් ප්ලූටො ගාව තාවකාලිකව ගාල් කරල තියෙනව කියල, පස්සෙ උන් ඒක පුච්චලනේ, දැන් ඒ දැනුම අපිට නෑ..

      Delete
  21. මටනං ඕක සූර්යයාගේ ලපයක් වගේ නෙමෙයි නේ පේන්නේ. හරියට අපේ පවුලට බබා හම්බවෙන්න ඉන්න වෙලාවේ ගත්ත ස්කෑන් රිපෝට් එකක් වගෙයි. රාවණාවිරෝධියෙකු හෙයින් අකුරු කියවීමට නොහැක.

    ReplyDelete
  22. අපිට කොහෙත් එකයි ඩෝ.....පෙති ගහනව පොලොවට පය තිබ්බොත්

    කෝ ඒයි............ මගේ ලේසර් තුවක්කුව..........?

    ReplyDelete
  23. මෙ කතාවෙ ඇත්තක් තියෙනවා අපි මාස කිහිපයක සිට මෙය කියනවා රාවණ කතාව මෙයට සම්බන්ද වන අයුරැ මම කතා කරන්නේ නැ නමුත් පිටසක්වල යනා 3 ඇත්ත

    ReplyDelete
  24. මෙයත් සමඟ සටනට කුණ්ඩලනිය වඩවා ගත් හෙල යකුන් අවශ්‍ය බව පෙනී යයි. එනිසා නොපමාව කුණ්ඩලනිය වඩවා ගන්න.

    ReplyDelete
  25. හෙළු මීයා ගනු කඩුව යමු සටනට.... මීපලයණෙනි ඔය තාපසය තුමා තෙපලූ වදන් තොප විසින් CIA එකට FSB එකට MSS එකට ලබා දුන්නෙහිද?නැතිනම් අපි කෙසේ තනිවම මේ පිට සක්වල මෘගයින් සමග සටන් කරන්නෙහිද ? මොවුන් කුමන තක්ෂණයක කෙලෙ පැමිණ ඇත්දැයි තොප මිත්‍ර තාපසතුමාට නොපෙන්නෙහිද ?

    ReplyDelete

නුදුරු අදහස්