Friday, August 3, 2012

රාවන පාක්ෂිකයින්ගෙන් කාලෝ ෆොන්සේකාට අභියෝග 12 ක්.

කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියෝග 12 ම මහින්ද රාජපක්ෂයන් විසින් ඉටු කර තිබියදීත් තාමත් සමහරුන් (ඔවුන්ගෙන් බොහෝ දෙනා කාලෝගෙන් වැටුප් ලබන අය බව අපි හොඳාකාරව දනිමු) එම අභියෝග ඉටු කරන ලෙස අපට පවසයි. වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කලින් පළ කළ ලිපියකින් ඒ ගැන සඳහන් කර තිබුණත් කාලෝගෙන් ජරාව කා කොමෙන්ට් කරන උදවියගේ දැනගැනුම උදෙසා තවදුරටත් කෙටියෙන් දක්වන්නම්.

1. කාලෝ ෆොන්සේකා කර ඇති අභියෝග 12 ම එල්ල කර ඇත්තේ රාවණපාක්ෂිකයින් වෙතටයි. එනම් ඔහුගේ අභියෝග වල අරමුණ රාවණ රජතුමාගේ බලය අභියෝගයට ලක් කර පරාජය කිරීමයි.

2. කිසියම් රාවණශක්තිලාභියෙක් කාලෝ ෆොන්සේකා මහතා නම් කරන සහ ඔහුට පක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේදී ඒවා ඉ‍ටු කළත් ඔවුන් උපක්‍රම යොදා විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණය හරහා අහියෝගය බාර ගත් කෙනා කරන්නේ බොරුවක් බව පෙන්වා ශ්‍රී රාවණ රජතුමාගේ බලය ජනතාව ඉදිරියේදී ප්‍රතික්ෂේප කරවීමට කුමන්ත්‍රණය කර තිබේ.

3. නමුත් සෘද්ධිලාභී තාපස තුමන්ලාගේ උපකාරයෙන් කාලෝ ගේ කූඨ වෑයම දැනගත් රාවණපාක්ෂික මහින්ද රාජපක්ෂ මහතා, කාලෝ ෆොන්සේකා මහතාගේ ඊනියා විනිශ්චය මණ්ඩලය වෙනුවට ජනතාධිකරණය හෙවත් මහජනතාව ඉදිරියේදී ඔප්පු කර පෙන්වා දී තිබේ. ඒ ගැන මෙතනින් කියවන්න.

4. එනිසා එම අභියෝග මා හෝ වෙනත් රාවණාශක්තිලාභියෙක් අමුතුවෙන් ඔප්පු කිරීමට අවශ්‍ය නැත. තාමත් කවුරුන් හෝ මා හට අභියෝග කරයිනම් ඉහත අංක 2 කියවා හේතුව අවබෝධ කරගන්නා ලෙස ඉල්ලා සිටිමි.

වර්ගපූර්ණිකාව බ්ලොග් එක හරහා ඉදිරිපත් කරන ලද එම පිළිතුරු වලට කාලෝ නිරුත්තර වීමෙන් පෙනෙන්නේ ඔහු දැනටමත් පරාජයට පත් වී ඇති බව නොවේද? අප දක්වන ලද කරුණු වලට පිළිතුරක්වත් නොදෙන කාලෝ ෆොන්සේකා මහතා, රාවණාශක්තිලාභියෙක් එම අභියෝග ඉටු කර පෙන්වූ විට ඒවා පිළිගැනීමට තරම් නිහතමානී වේවිද? කම් නැත, අභියෝග ඉටු කළ බව දැන් ජනතාව හොඳාකාරව දනී.

දැන් කාලෝගේ වාරයයි. රාවණපාක්ෂිකයින්ට අභියෝග කළ කාලෝ ෆොන්සේකාටත් අභියෝග 12 ක් ඉදිරිපත් කිරීමට අපි තීරණය කළෙමු. හෙළයකුන් වඩාත් වටිනා නිසා හෙළයකුන්ට විරුද්ධව අභියෝග කිරීමට කාලෝ රුපියල් 1000000 ක මුදලක් ඔට්ටු ඇල්ලුවත්, කාලෝගේ ඇති වටිනාකමක් නැති නිසා අප ඔට්ටු අල්ලන්නේ රුපියල් 10 ක් පමණයි. ඉතින් අභියෝගය දිනුවොත් කාලෝ ෆොන්සේකා ජයග්‍රහණය කර රුපියල් 10 ක් දිනා ගනී. නමුත් අභියෝගයට බාර නොගත හොත් හෝ කාලෝ ෆොන්සේකාට තමන් බාරගත් දේ කළ නොහැකි වුවහොත් ඔහු පරාද වෙයි.

මෙම පෝස්ටරය අන්තර්ජාලයේ බෙදා හරින්න.

එම අභියෝග 12 නම්,

1. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසන පරිදි රාවණ රජතුමා මේ වන විට නිදාගෙන සිටින්නේ මහ කුඩුගල ගිරි ශිඛරයේයි. එහි ඇති යක්ෂ බල-බන්ධන නිසා කිසිම රාවණාවිරෝධියෙකුට ඒ අහලකටවත් යාමට නොහැකියි. මෙතෙක් කාලයක් එහි නිදන් කර ඇති රාවණ රජතුමාගේ වස්තුව රෑකී ඇත්තේත් එනිසයි. ඉතින් කාලෝට අභියෝග කරනවා පූළුවන්නම් මහ කුඩුගල ගල මුදුනට නැගලා තුන් වතාවක් උඩ පැනලා ආපහු බැහැලා යහතින් එන ලෙසට.
කොන්දේසි: දවස් හතක් පේ විය යුතුය, තුන් වේලක් කිසිවක් ආහාරයට ගත නොහැකියි, එහි තනියම යා යුතුයි.

2. කාලෝට අභියෝග කරනවා හෙළ වචන වලින් පැවත එන්නේ නැති ශුද්ධ ඉංග්‍රීසි වචන වලින් හාප්ෂීට් එකක රචනාවක් ලියන ලෙසට.
(හාප්ෂීට් යනුත් "හාපසට" නැමැති හෙළ වචනයෙන් භින්න වූවකි. හාපසට නම් වචනයේ නිරුක්තිය වනාහී; හා=හාමිනේගේ, ප=පස්ස, ස=සරසවන්න, ට=ට. අතීත හෙළුවෝ තම "හාමිනේගේ පස්ස සරසවන්න ට" තල් ගසේ කොල වළින් සෑදූ "හාපසට" යොදාගත් බව වර්ගපූර්ණිකාවේ ටීකාවක් වන අඹුනාපාශතාරකය නැමැති හෙළ පුස්කොළපොතේ දැක්වෙයි. පසුකාලයේදී එම හාමිනේලා විසින් ලියුම් ලිවීමට ඒවා භාවිතා කරන ලදී, ලංඩන් කෞතුකාගාරයේ ඇති අඹුනාපාශතාරකය නැමැති හෙළ පුස්කොළපොත කියවූ සුද්දන් විසින් වැරදියට හාපසට "හාප්ෂීට්" ලෙස උච්ඡාරණය කරන ලදී)

3. ගිනි පෑගීම අසත්‍යයක් බව කාලෝ ෆොන්සේකා මහතා කියනවානේ. සාමාන්‍යයෙන් ගිණි පාගන්නෙ ‍දවස් ගානක් මත්පැන්/මස්මාංස නැතිව පේවෙලා. කාලෝට අභියෝග කරනවා මස් කාල අරක්කු බෝතලයක් බීල ගංජා (රාවණා රජතුමා සොයාගත් හෙළ ඖෂධයකි) සුරුට්ටුවකුත් ගහලා ගිනි පාගලා පෙන්නන්න කියලා. හැබැයි තනියම.

4. රාවණ රජතුමාගේ ආස්යන්තරයක් බොල්තුඩේ සමන් දේවාලයේ තිබේ. කාලෝට අභියෝග කරනවා පුලුවන්නං ඒක ඇතුලෙ තියෙන්නෙ දඬුමොණරයක් නෙමේ කියල ඔප්පු කරන්න.
සැ.යු: එය දෙස බැලීමෙන් නොකඩවා සත් දිනක් වහින නිසා ඉඩෝර කාලයක පරීක්ෂා කළ යුතුයි, ගංවතුරින් බේරී යාම සඳහා අලියෙක් ගෙන යා යුතුයි. කපුවන්ගෙන් අවසර ගත යුතුයි.

5. රාවණ පුත් ඉන්ද්‍රජිත් කුමරාගේ න්‍යෂ්ඨික අවියක් සඳ මතුපිට ඇති බව දැන් නාසා ආයතනය මගිනුත් පිළිගෙන අවසානයි. පහත පින්තූරය බලන්න. එසේම අඟහරු ග්‍රහයා මත රාවන රජතුමා විසින් ගොඩනගන ලද කෝච්චි පාරවල් ඇති බවත් ශ්‍රේෂ්ඨ රුසියානු අජටාකාශ විද්‍යාඥ දිමිත්‍රි ඉල්නොවිස්කි මහතා පවා පිළිගෙන තිබේ. කාලෝට අභියෝග කරනවා සඳ මතුපිට ඇත්තේ රාවණ රජතුමාගේ පුතාගේ න්‍යෂ්ඨික අවියක් නොවන බවත් අඟහරු ග්‍රහයා මත කෝච්චි පාරවල් නැති බවත් ඔප්පු කරන්නට.


6. කාලෝට අභියෝග කරනවා රාවණ යුගයේදී මද්‍යසාර නොතිබූ බව පුළුවන්නම් පුරාවිද්‍යාත්මක ශාක්ෂි ඇසුරෙන් ඔප්පු කර පෙන්වන්න.
(ප:ලි: රාවන යන පදයේ හිරුගෙන් පැවත ඒම වැනි නිරුක්ති බොහෝ ගණනක් තිබෙන අතර වර්ගපූර්ණිකාටුවා අනුව තවත් නිරුක්තියක් වනාහී; රා=රා, ව=වක්කරන, න=නරේන්ද්‍රයා. අතීත හෙළයේ "රා" යනු අගනා ඖෂධයක් මෙන්ම ජාතික පානයද වූ අතර පර සුද්දන් විසින් අරක්කු ගෙන ඒමත් සමග රා වලට තිබූ තැන අහිමි විය. ලෝකයේ දක්ෂතම වෙදැදුරා වූ රාවණ රජතුමා රා වක්කර බෙහෙත් හැදූ නිසා එතුමාට "රා වක්කරන නරේන්ද්‍රයා" හෙවත් රාවන නම් විය. ඒ අනුව රාවණ=රාවන)

7. කාලෝට අභියෝග කරනවා 2012/12/12 දින මැදියම පසුවීමත් සමගම රාවණ රජතුමා යළිත් නින්දෙන් අවදි නොවන බව පෙන්වන්න.

8. වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියෙන් අප දැනටම හෙළි කර තිබෙනවා ලෝකයේ බොහෝ නිර්මාණ කර ඇත්තේ හෙළයින් හෝ හෙළයින්ගේ තාක්ෂණය උපයෝගී කරගෙන බව. කාලෝට අභියෝග කරනවා හෙළයින්ගේ තාක්ෂණය යොදා නොගෙන කිසියම් නිර්මාණයක් කර පෙන්වන ලෙසට.

9. එස්.එස්. (SS = Sivhela Sena = සිව්හෙළ සේනා) හමුදාව මෙහෙයවූ නාසි (NASI = නාසි; නා=නායක, සි=සිව්හෙළයේ) ආඥාදායක හිට්ලර් තුමා යනු රාවණපාක්ෂික ලංකාවේ ඉපදුන හෙළයෙක් බව මේ වන විටත් අප පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇසුරෙන් ඔප්පු කර වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් පෙන්වා දී ඇත. කාලෝට අභියෝග කරනවා "අප උපන් මේ හෙළ බිම හිට්ලර් තුමා උපන් ලංකාව" නොවන බවත් අපගේ සාක්ෂි වැරදි බවත් පෙන්වා හිට්ලර් යනු හෙළයෙක් නොවන බව පෙන්වීමට.

10. දඬුමොණර තාක්ෂණය භාවිතයෙන් ඒරියා 51 හි නිපදවන ගුවන් යානයක් යොදාගනිමින් 2016 දී හෙළයෙක් උඩුගුවන ජය ගන්නා බව ප්‍රවීණ රාවණගවේශක කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පත හරහා ලෝකයටම හෙළි කර තිබුණි. කාලෝට අභියෝග කරනවා කාංචන ගීත මනමේන්ද්‍ර මහතා පැවසුවේ බොරුවක් බවත් ඒරියා 51 වල දඬුමොණර තාක්ෂණයෙන් හයිටිල් යානයක් හදන්නේ නැති බවත් ඔප්පු කරන්න.

11. ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් පවසා ඇත. එසේම, වාරියපොළ (වා=වායු, රිය=රිය, පොළ=තොටුපොළ ) දඬුමොණර ගුවන්තොටුපොළක් තිබූ බවත්, මාතලේ යනු දඬුමොණර නියමු මාතලීගේ ගම බවත්, මන්නාරම (මනු ආ අරම ) යනු මනු රජතුමා පැමිණි තැන බවත්, අප්‍රිකාව (අප්‍රි=අප්‍රිය වූ, කා=කාපිරියන්) යනු රාවණ රජතුමාට අප්‍රිය වූ කාපිරියන් ව දැමූ ද්වීපය බවත්, එතුමා විසින් පුරාවිද්‍යාත්මකව ඔප්පු කර ඇත. කාලෝට අභියෝග කරනවා පුළුවන්නම් ඉහත එකදු කරුණක් හෝ අසත්‍යයක් බව ඔප්පු කරන්නට.

12. කාලෝ (කා="කා", ලෝ="ලෝකය", පද දෙක මාරු කළ විට, "ලෝකයකා" හෙවත් "ලෝක යකා") කියන නමේ හෙල නිරුක්තිය අනුව ඔහු හෙල යකෙක් විය යුතුයි. ඔහු හෙළයට ද්‍රෝහියෙක් වී විභීෂණගේ පාරේ යාම වෙනම කතාවකි. ඉතින් ඔහුට අභියෝග කරනවා රාවන සොයුරෙකුගේ ඩීඑන්ඒ සමග ඔහුගේ ඩීඑන්ඒ පරීක්ෂාවකින් ඔහු හෙල යකෙක් නොවන බව ඔප්පු කරන්න.

ඉහත අභියෝග වලින් එකක් හෝ තමන්ට කළ හැකි බව කාලෝ ෆොන්සේකා මහතාට ඔප්පු කර පෙන්වා දීමට දින 10 ක් කාලයක් ලබා දෙමු. ඉන් එකක් හෝ එතුමා ඉටු කර පෙන්වුවොත් අපි පරාජය පිළිගෙන ප්‍රසිද්ධියේ ඒ බව පවසා වර්ගපූර්ණිකාව බ්ලොග් එක වසා දමන අතර, දින 10 අවසන් වූ විට එතුමාට කිසිවක් කරගත නොහැකි වුවහොත් අපගේ ජයග්‍රහණය ඉතාමත් ඉහළින් සමරන්නෙමු.

101 comments:

  1. හෙක්..අගේ ඇති අභියෝග 12 ක්.නෙවැ..ජයරත්නයණනි...හෙක්..හෙක්. කාලෝ වහ කයිද මන්දා..

    ReplyDelete
    Replies
    1. "ලෝක යකා" මේ පාරනම් පාඩමක් ඉගෙන ගනීවි.

      Delete
  2. බුදු අම්මෝ තව පැය නවයයි තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ, දවස් දහයක්ම තියෙනවා.

      Delete
  3. රාවණා සිද්ධම්...! :D

    ReplyDelete
  4. අනුන්ගේ අභියෝග ශ්‍රී රාවනයන්ට කරන අභියෝග ලෙස පෙන්වා කරන කෝලම කුමක් ද?
    ඉහත අභියෝග වලින් ඔබට වත් අපට වත් රටටවත් වැඩක් තිබේ ද?

    ReplyDelete
    Replies
    1. හප්පේ.. මේ ඉන්නේ විදු.. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කප්පාදු කළා කිවා නේද... මම ජයා එක්ක ඒ ගැන කතා කළා ආයෙත් අයිතිය ලැබිලා තියෙන්නේ.. ඔහොම යමු..
      රාවණා සිද්ධම්...

      Delete
    2. මතවාදීව කරන විවේචන වලට මෙහි ඉඩ තිබෙනවා, නමුත් පුද්ගලික අපාස වලටයි ඉඩ නැත්තෙ.

      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    3. විදූ දරුව,

      මම හැමදාම ජයා ලියන ඒවා මුලින් කියවලා ගිහින් ආයිත් පස්සෙ එනවා ඔයා කියලා තියෙන්නෙ මොනවද කියලා බලන්න. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා ඔයා මේ මෝඩයන්ට කට උත්තර නැති කරනවා දැකලා. අනේ මේ කොමෙන්ට් දාන එක නවත්තන්න නම් එපා පුතා. එහෙම උනොත් අපි ජයා ලියන ඒවා කියවලා හැමදාම මෝඩයො වගේ ඉඳීවි. ඔයාට පුළුවන් නම් මනමේන්ද්‍ර මානවකයා ලියන බේගල්වලටත් මෙහෙම උත්තර දෙන්න පුතේ...

      හිතවත් ජයා,

      අප උපන් මේ හෙළ බිමට ‘ජන්හිට්ලද්වීපය‘ (ජන්ම + හිට්ලර් + ද්වීපය) කියලත් කියන්න ඇති නේද ඒ කාලෙ?

      මීට,
      නිර්නාමික තාපසතුමා [සම්‍යක්දෘෂ්ඨික දේවතාවුන් වහන්සේලාගේ උදව්වෙන් අනාගත වාක්‍ය ලබා දෙන(lankacnews), මධ්‍යම කඳුකරයේ රහසිගතව වාසයකරන, Bachelor of Kundaleeni (Nilgala)]

      Delete
    4. විදූ ubene නිර්නාමික තාපසතුමා wage boru accunt ekak dala tiyenne

      Delete
  5. අය්යෝ හිනා වෙලා බඩ රිදෙනවො....බඩට එක්සයිස් කරන්න ඔන නැ මුගේ පච සයිට් එක කියෙව්වම....!

    ReplyDelete
    Replies
    1. ඔබට හිනා යන්නේ හෙළයින්ගේ වරුණ දැකලද? හෙළයින්ට හිනා වීමනම් හොඳ දෙයක් නොවෙයි.

      Delete
  6. මම අබියෝගයක් කරනවා "ජයේ" ට
    කුන්දලි යෝගේ හරි , රාවණාගේ පවර් එකෙන් හරි මොකක් හරි අද්බුත බලයකින් හරි "කාලෝ" ලව්වා මේ අබියෝගය බාරගෙන පෙන්නන ..

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. එය කළ හැකියි, නමුත් මාගේ අරමුණ කාලෝ මේ ගැන කියන්නේ කුමක්ද කියා බැලීම බැවින් ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බව කාරුණිකව සලකන්න.

      Delete
    2. ඔක්කොම පුළුවන් එත් කොරන්නේ නෑ
      අනේ උබ බබා

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  7. හැබය් මම දන්නා තරමට කාලෝ ඔය මොකුත් පේ වෙන්නේ නැතුව ගිනි පාගල පෙන්නුවා බොහොම කාලයක ඉස්සෙල්ල

    ගංජා ගහල ගිනි පාගන්නේ මොකටද "ජයේ"
    ගංජා ගහල අපි අගහරු ලෝකෙට ගිහින් අර අගහරු ලෝකේ ගලකින් ඉවර වෙලා තිබ්බ රේල් පිලි දෙක කෙලින් කරලා එමුකො

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. එහිදී "ලෝක යකා" කිසියම් යක්ෂ බන්ධනයක් භාවිතා කළ බව දැනගන්නට ලැබිණි.

      Delete
  8. කාලෝට තව ටිකයි

    ReplyDelete
  9. මට කියන්න පුලුවන්ද දවස් 7 ක් පේ වෙලා කුදුගල උඩට යන්න ඕන ඇය ?
    පේ වෙලා යන එක "කාලෝ " ට අදාල දෙයක් නෙවෙය් .. එක කොහොමද "කාලෝ " ට අදාල වෙන්නේ

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. හෙළයින්ගේ විමාන වලට පරයින්ට ඕනෑ ඕනෑ හැටියට ඇතුළ් වෙන්න බෑ. ඒවට තහංචි තියෙනව.

      Delete
    2. පලයන්ඩෝ යන්න මමත් ගිය උසස් පෙළ කරලා ඉන්න කාලේයාලුවෝ 5 දෙනෙක් එක්ක

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  10. Replies
    1. ටෙස්ට් යන්නහෙළ වදනක් වන හැටි පහදනු මැන මීවනපලානෙනි

      Delete
  11. දෙවෙනි එකත් කාලෝ ට අදාල නෑකියලය් මට හිතෙන්නේ
    මොකද එයා කතාකරන්නේ අපි මිත්‍යා දුෂ්ටිකය් කියන කැටගරි එකට දන දේවල් ගැන
    කාලෝ ගේ අබියෝගය උනේ අපි මිත්‍යා දුෂ්ටිකය් දේවල් වලින් කරන දේවල් එහෙම නෙවෙය් කියල කියන එක
    ඉතින් මම අහන්න කමතිය් අප්‍රේ "ජයේ " ගෙන් බාෂාව සම්බන්ද දෙකදී කලොට අබියෝග කරන එක "ජයේ" ගේ මෝඩ කම ප්‍රදර්ශනය කිරීමක් නේද කියල ?

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. වරක් කාලෝ අරිසෙන් අහුබුදුවන්ව විවේචනය කරල තිබුන. ඒකයි එම අභියෝගයට හේතුව. එසේම එය භාෂාව සම්බන්ධ දේකටත් වඩා හෙළයින්ගේ ඉතිහාසයට සම්බන්ධ දෙයක්.

      Delete
    2. :::::::: මීට රාමවංශ ::::::::::
      (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      අරිසෙන් අහු බුදුට අනුව ..... LOL

      Delete
  12. අනේ මැට්ටෝ .. අබියෝගය ඔප්පුකර පෙන්වීමට දින 10 ය් දීල තියෙන්නේ
    එකෙන් 7 ක් පේ වෙලා කුදුගල නැග්ගම එකටම දවස් 10 ක්- - ක් යනවා නේ
    තෝ වගේ මැටි හරකෙක්

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. හෙළයින්ගේ විමාන වලට පරයින්ට ඕනෑ ඕනෑ හැටියට ඇතුළ් වෙන්න බෑ. ඒවට තහංචි තියෙනව.

      Delete
    2. රා+ම වන්සේගේ කටේ රා මුට්ටියක් හලන්ට හිතෙනවා, මරු කතාව. මීවනයෝ මේ කොන්දේසියෙන් කියවෙන්නේ කරන්ට පුළුවන් එක බැරි වෙන විදිහේ දෙයක් කිරීම. පලවෙනි එකෙන්ම ඔබ පරාජය භාර ගෙන නෙවැ,
      ඔබ වැන්නන්ට හුදී ජනයාගේ අනුකම්පාව හිමිවිය යුතුයි. හරිම දුකෙන් අකුරු කරමි. ඔබ පව්...

      Delete
    3. පුත රාමවංශ,

      හාප්ශීට් එකක රචනාවක් ලිවීම, ගිණි පැගීම, DNA පරීක්ෂණය සිදු කිරීම ඇතුළු අනෙකුත් අභියෝගයන් මේ සඳහා පේවෙන්න ගත වන දින හතක කාලය තුළ කළ හැකි නොවේද? එය ලංකේෂ්වර ශ්‍රී රාවණ රජු විසින් ම සොයා ගත් parallel processing නම් සංකල්පයයි. කාලෝ වැනි රාවණ විරෝධීන් ඒවා දන්නවාදැයි සැක සහිතයි. ඇත්තෙන්ම මේ අභීයෝග දොලහට දවස් දහයක් දීපු එකත් වැඩියි.

      මීට,
      නිර්නාමික තාපසතුමා [සම්‍යක්දෘෂ්ඨික දේවතාවුන් වහන්සේලාගේ උදව්වෙන් අනාගත වාක්‍ය ලබා දෙන(lankacnews), මධ්‍යම කඳුකරයේ රහසිගතව වාසයකරන, Bachelor of Kundaleeni (Nilgala)]

      Delete
    4. එතකොට බුරුවො ඔය දවස් 12 ඇතුලත ඉඩෝර කාලයක් එය්ද 4 වෙනි අබියෝගේ කරන්න
      අනික අගහරු ලෝකෙට යන්න තියනව කොච්චි පාරවල් හොයන්න ,හදට යන්න තියනවා
      නිල අම්ස්ට්‍රොන්ග් අහල බලපන් හදට ගිහින් එන්න පුලුවන්ද කියල දවස් 12 න

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    5. මමට සිරස ටීවී එකේ පොඩි කලේ සුර පප්පා බලපු එක මතක් වෙනවා ...
      "ජයේ " ද කොහේදෝ මට පෙන විදියට අර සුර පප්පා ටය් ජිම් පප්පා ටය් දෙන අබියෝග ටික ලියල තියෙන්නේ

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    6. පුත රාමවංශ

      දැන් කොහොමත් ඉඬෝර කාලයක්නෙ කොල්ලො තියෙන්නෙ... මං මහසෙන් තාණ්ඩවය දවස ගානේ ගායනා කරලා කොහොම හරි දවස් දහය යනකම් නියඟය තියාගෙන ඉන්නම් ඔය ලෝක යකා අභියෝගය ඔප්පු කරන්න එනවනම්! අනික ඔක්කොම කරන්න ඕන නැහැනෙ කොල්ලො. එකක් කළත් රුපියල් 10 දෙනවා කියනවනේ අපේ ජයා. මං නං කියන්නෙ අමාරුම එක හාප්ශීට් එකේ රචනාව ලියන එක. නැද්ද මං අහන්නෙ?

      සඳ, මර්වින් මහත්තයලගෙ මිදුලට ආපු වෙලාවක, හඳට යන්න සෙට් කරල දෙතහැකි ඕන නම්!

      මීට,
      නිර්නාමික තාපසතුමා [සම්‍යක්දෘෂ්ඨික දේවතාවුන් වහන්සේලාගේ උදව්වෙන් අනාගත වාක්‍ය ලබා දෙන(lankacnews), මධ්‍යම කඳුකරයේ රහසිගතව වාසයකරන, Bachelor of Kundaleeni (Nilgala)]

      Delete
  13. මට මේ කේ තියන අබියෝග වලින් ගිනි පෑගීම පමණක කලොට අදලය් කියල කියන්න පුළුවන් අනිත් ඒවා කාලෝ කරන අබියෝග වලට විරුද්ද අබියෝග කියල පෙන්නේ නෑ
    මොකද කාලෝ කතා කරන්නේ යන්තර , මන්තර ගැන , ගුරුකම් ගැන ... නැතුව දදුමොනරය, හිටෙල් තාක්ෂනය වගේ දේවල් ගැන නෙවෙය්
    මොකද එතුමත් තාක්ෂනය සම්බන්දයෙන් ඉන්නේ යන්තර , මන්තර, ගුරුකම් ගැන ඉන්න තැන නෙවෙය්

    හබි ගිනි පෑගීම එතුමාට ගැලපෙන අබියෝගයක් මොකද එතුමා කියන්නේ ගිනි පෑගීම බොරුවක් කියල..
    එතුමා මිට ටික කාලයකට කලින් ගිනි පෑගීම බොරුවක් කියල ඔප්පු කරලා පෙන්නලා ඉවරය්

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. ඉහත පිලිතුරු දී ඇත. අදහස් වලට ස්තුතියි.

      Delete
  14. මි ජයෝ.. මට උබේ සයිට් එකේ හෙඩ් එකේ තියෙන රාවන පින්තුරේ දැක්කම සැකයක් ඇති වෙනවා. දැන් හිස් දහයක් ඌට තියෙනව කියමු. දැන් ඌට බෙලි 10 ක් නැහැනේ. එක බෙල්ලයි නේ තියෙන්නේ. ඉතින් ඒ ඉතිරි හිස් 9 යේ මොල 9යට බ්ලඩ් සප්ලයි යන්නේ කොහෙන්ද?
    තව උගේ දෙපැත්තේ හිස් දෙකට විතරයි කන් තියෙන්නේ. එතකොට ඌට ශ්‍රවනය තියෙන්නේ දෙපැත්තේ මොල දෙකට විතරද? අනෙක උපතින්ම කන් ඇහෙන්නැති උන්ට කතා කරන්නත් බැ(ජිවිතේට වචනයක් අහල නැති නිසා). ඉතින් ඌට කතා කරන්න පුලුවන් දෙපැත්තේ හිස් දෙකට අයිති කටවල් දෙකෙන් විතරයි නේද? ඇයි අනෙක් මොලවලට කන් නැහැනේ.
    අනෙක ඌ මේ චිත්‍රයෙ පරිදි බෙල්ල නැති ඔලුවකින් කැම කැවොත් ඒ කන කැම බඩට යන්නේ කොහොමද? අපි හිතමු ඌ කොනේම හිසක තියෙන කටකින් බත් ටිකක් කැව කියලා. එතකොට ඒ කාපු බත් එක ඌගේ ආහර ජීර්න පද්දතියට යන්නේ කොහොමද?
    අනෙක මට දැන ගන්න ඔන ඌ සෙක්ස් කරද්දි ඌට ආතල් එක දැනෙන්නේ කදට කෙලින්ම සම්බන්ද හිසේ තියෙන මොලයටද? නැතිනම් ඌට මොල දහයටම ආතල්ද? එතකොට ඌ ඔර්ගසම් 10 එකවර ෆීල් කරනවද? එත් මට නම් සුවර් ලිගෙන්ද්‍රිය ඩිරෙක්ට් සම්බන්ද වෙන්නේ කදට කෙලින්ම සම්බන්ද මොලෙට තමයි කියලා.අනෙක් මොල 9යට ආතල් දැනෙන්නේ නැහ. ඒවා අසහනයෙන් පෙලෙනවා ඇති. ඇයි ලින්ගික තෘප්තිය විදින්න බැහැනේ. ඉතින් ඌ සැහෙන අසහනයෙන් පෙලෙන පුද්ගලයෙක් වෙන්න ඔන. අනෙ මේ කරුනු ටික පැහැදිලී කරල ලිපියක් ලියපන්කො..

    ReplyDelete
    Replies
    1. වටිනා විමසීමක්. ලිපියකින්ම දාන්නම්.

      Delete
    2. අහෝ රාවණ නරේන්ද්‍රයාගේ භෞතිකත්වය අපේ පුහුදුන් සිරුරට සමාන කිරීමට ගන්නා මුග්ධ උත්සාහය.එය අපේ සිරුරේ සංකීර්ණ ක්‍රියාවලීන් බැක්ටීරියාවක සරළ ක්‍රියාකාරීත්වයට සමාන කිරීමට ගන්නා උත්සාහය වැනි නොවේද?

      Delete
    3. අනේ දිනුක උත්තමයෝ, මම මේ ඔලු දහයේ එකාගේ පින්තුරේ දැකල පුල් හොල්මන් නිසා අහන්නේ? අඩු ගානේ ඌ ලිංගික තෘප්තිය රිමොට් මොලවලින් ෆීල් කරන්නේ
      කොහොමද කියලවත් පැහැදීලි කරපංකෝ. මාව දැනුවත් කරපල්ලකෝ.

      Delete
    4. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි

      Delete
    5. තව එඅක් තියනව "ට්වෛය්ස් " ඔල 10 ටිකක් බැලන්ස් මදි නේ
      එක පැත්තකට 5 ය්අනිත් පැත්තේ 4 ය්
      මුව මැව්වේ කවුද දන්නේ නෑ

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    6. T.T (think twice) ඔය රූපයනම් විකාරයකි. එයත් සමහර විට ඉනිදියාවෙන් පැමිනියක් විය හැකිය.

      නමුත් පැරණි හෙලයේ හිස් (හිස) යන්න යම් කිසි සාස්ත්‍රයක කෙලෙ පැමිණි බව හැගවීමට යොදාගෙන තිබේ. ශ්‍රී රාවණයන් මෙවන් සතර (ශාස්ත්‍ර) 10 ක කෙල පැමිනියකු නිසා දසිස් (දස හිස්) ලෙස ප්‍රකටය
      ශ්‍රී රාවනයන් සතුව ‍භෞතික හිස් 10 නොතිබුනි.

      Delete
    7. එම්බා විදුව තොප වැන්නකු සමඟින් කතාවට යෑම හෙළුවන්ට නොහොඹී..එහෙත් මා තොපට එක් අභියෝගයක් ඉදිරිපත් කරනට කැමැත්තෙමි..ඒ ඉහත ප්‍රකාශය සම්බන්ධවයි...

      "ශ්‍රී රාවනයන් සතුව ‍භෞතික හිස් 10 නොතිබුනි."තා මෙය කියන්නේ කෙසේද..? තා රාවණ දුටු අයකුද..? අප‍ගේ රාවණයන්ට හිස් දහයක් නොතිබූ බව ඉඳුරා කිව හැක්කේ කෙලෙසද..? මෙතෙක් කලක් තොප අපගෙන් සාක්ෂි ඉල්වමින් කට මැත දොඩවන ආකාරය දුටිමි. අද තා මේ කර ඇති ප්‍රකාශයට සාක්ෂි ඉදිරිපත් කරව...

      "ශ්‍රී රාවණයන් මෙවන් සතර (ශාස්ත්‍ර) 10 ක කෙල පැමිනියකු නිසා දසිස් (දස හිස්) ලෙස ප්‍රකටය"

      මෙය සාවද්‍යය... හැකිනම් මෙයත් තොපගේ සාක්ෂි සාධක අනුව ඔප්පු කර පෙන්වනු. තොප මෙම කරුණු ඔප්පු කල හොත් මා විසින් ඊට නොදෙවෙනි ආකාරයෙන් රාවණාට හිස් දහයක් තිබුණි යන්නත් ඔහු විසින් සාස්ත්‍ර දහයක් නොව එකොළොසක් දැන හුක් බවත් ඔප්පු කොට ලමි. හැකිනම් මෙම අභියෝගය ජය ගනුව...

      Delete
    8. මේ ThinkTwice කියන්නේ LCN එකේ කෙප්ප විද්‍යාගමේ ගොන් න්‍යායයන් පැහැරූ කෙනාද? නොදන්නකම ලොවට හඬගා පෙන්වීම කෙප්ප විද්‍යාගම් විකලය උත්සන්න වූ විට ඇතිවන ගතියකි.

      @Vidu, රූප මගින් තමන් කියන දේ නිරූපනය කිරීම මානව ගතියකි. මුලින් ශබ්ද එකතු කර වචන හදා ඉන් බිහිවෙන ශබ්ද එකතුවට අරුත් දී, එකිනෙකා අතර දැනුම හුවමාරු කරගැනීමේ ඵලයක් ලෙස භාෂාවන් බිහිවිය. අරුත නොමැති නම් ශබ්ද එකතුව ඊටම සීමා වූ ශබ්ද එකතුවක් පමණි. පසු කලෙක රූප මගින් අරුත් දීම බිහිවිය. මෙම විකාරය සිංහල සමාජය තුල විරලය. ඇත්තේ වචනයෙන් පමණක් දන්නා අය රූගත කිරිම පමණි. එහෙත් විවිධ ජාතීන් රූපය යොදා නොයෙකුත් අරුත් දේ. ඉන්දියානුවන් ගණ දෙවියන්ට අලි හිසක් සවි කර ලොකු ඔලුවක් ඇතැයි පෙන්වති. එසේම මනුගේ දස අවතාර කතාව පසු කලක දසිස් රාවන ලෙස මවා පෑවේ අවතාර දහය නිරූපනය කිරීමටය. සිහලුන් මෙවැනි දැ නොකලේ එය මිනිස් ගත විකෘති කිරීමක් නිසාය. ඔබ පර දැනුම උකහාගත නොහැකිව මුලා වී ඇත. දෙමළුන් හා හින්දුන් තෙවන ඇසක් ඇඳ ගන්නේ ඇස් දෙකට අමතරව ඇති දිවැස නිරූපනය කිරීමටය. එයද අපේ ඇසට මිනිස් ගත විකෘති කිරීමක්ය. මෙවැනි දෑ වැළඳගැනිම තම වරිගය ගැන හරි අවබෝධයක් නැති බව පෙන්වීමකි.

      මෑතකදී අත් හතරක් හා කකුල් හතරක් ඇති දැරියක ඉන්දියාවේ බිහිවිය. එය වූයේ එක නිවුන් දරුවකුගේ අත් පා පමණක් සැදී අනෙකාගෙ ඉඟට බද්ධ වීමෙනි. මෑතකදී අත් පා පමණක් ඇති නිවුන් දරුවා කපා ඉවත් කලේ එම දැරියට අත් හා කකුල් වැඩි නිසා කිසිදු දෙයක් කරගත නොහැකි නිසාය. මෙම රුව විකෘති කර ගතිගුණ පෙන්වීම සිංහල විදියට වැරදි බව ආචාරිතුමා දත යුතුය.

      අහේතුක වාදී ගොන්සේකා මෙන් ඔබද අනුන්ගේ ඇද බැලුවට සුද්දා ඔබට ගිල්ලූ පයි චාට්, බාර් චාට් වැනි අභූත දෑ වැළඳ ගන්නේ අන්ධයකු ලෙස නොවේද? සුද්දා එය පරතෙරට ගෙන ගොස්ය. අපේ එවුන් හැදූ තොරන් තාක්ෂණය යොදා නිවෙන පත්තුවෙන එලිවලින් සැදි තිත්රූවාහිනිය (television) ඉදිරියේ ඔබ ජීවමාන ලෝකයක් නොදකින්නේද? එය ගැන ඔය විදියටම නොබලන්නේ ඇයි? ඔබ කවදා සුද්දාගේ අමනකම පිළිකුල් කරන්නේද?

      Delete
    9. මාරයාගේ හෝරාව වෙත,
      බොරු කියන්න එපා මචන් මේ බලපන් මේකේ හෙඩින් එකේ පින්තුරේ,
      ඔය යසට ඔලු 10 ක් තියෙන්නේ. එක රාවණාගේ ෆොටෝ එකනේ. උබ කියන්නේ ඒ ඉන්නේ රාවණ නෙමි අපේ මි ජයා කියලද? ඔච්චර දියුණු රාවණ තාක්ශ්නෙන් ගහපු රාවණ
      ෆොටෝ එකක් බන්. ඉතින් තව මොනාටද සාක්කි. එකයි මම මේ පුල් හොල්මන් වෙලා ඉන්නේ. අර රාම වංශ කිව්වා වගේ ඔලු ටික බැලන්ස් කරන්නේ කොහොමද? සමහර විට ඔලු පහක් තියෙන සය්ඩ් එකේ ඔළුවක බර ටිකක් අඩු ඇති. අනෙක් පැත්තේ ඔලු හතරට බැලන්ස් වෙන්න.

      ඇනොනිමස් ඔරිගී,
      උබ කෝම හරි උබට ගැලපෙන සයිට් එක හොයා ගත්ත නේද?උබ හොද එකා, ඔන්න ඔහොම මි ජයා එක්ක සෙට් වෙලා පචයක් ගහල ආතල් එකේ ඉදපන් මචන්. අපිටත් ෆුල් ආතල්.

      Delete
    10. පිස්සුද බං..මම කියන්නෙත් රාවණාට ඔය පොටෝ එකේ වගේම ඔළු දහයක් තිබුනා කියලම තමා..අර විදු කොලුවනේ එහෙම නෙවෙයිය කියන්නේ..?

      Delete
    11. අර ලිංගික ශක්තිය උද්දීපනය උනාම අර්තල් දැනෙන ඔලුව බර වැඩි වෙනවා ඇති
      හබි ටික වෙලාවකින් මර සැහැල්ලුවක් දනේනාත් ඇති

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    12. @ThinkTwice, දැනගත් එක හොඳයි. මම ඒත් බැලුව අර කෙප්ප විජ්ජාගමේ අයිස්ටයින් දෙවියො ගැන ටෙස්ල දෙයියො කියපුව ගැන ඇහුවම කොහේ මකබෑවුනාද කියල.

      ඔව් ඉතින් අපි කියන්නෙ පචනෙ. හැබැයි ඇත්ත කියන එකා මෙතන කරන කැත වැඩේට කියන්නෙ පහරනවා කියලයි. පුළුවන් නම් මම කියන ඒවා පච කියල පෙන්නමුකො. මම මෙතන කියන්නෙත් LCN එකේ කියපුවමයි. හැබැයි මෙතන ඒවා කියන්නේ මම විතරක් නොවෙයි නේද? ඔහොම යමුකො. සිංහල එවුන් ඔක්කොම ඔය කතා කියන කොට ඔයා වගේ කෙප්ප විජ්ජාගම ගිලපු එවුන්ට දොරකඩ ලැගපු සුනඛයට ගිය කල යනු ඇත.

      Delete
    13. මාරයාගේ හෝරාව,
      සොරි වෙන්න ඕන , මම මේ ඔලු දහයේ එකාගේ පින්තුරේ දැක්කට පස්සේ ඌ ඔලු දහයෙන්
      කන බොන හැටි කල්පනා කරලා ෆුල් හොල්මන් වෙලා හිටියේ..

      අනොනිමුස් ඔරිගී,
      දැන් උබ අර දියසේන කුමාරයාව අතහැරලා මි ජයා එක්ක රාවන අදහන්න ගත්තද ? පව් නේ බන් , උබ එහෙම කලාම දියසෙනට යන කල මොකක්ද? එහෙම කරන්න එපා.

      Delete
    14. @ThinkTwice නොවෙයි Think hundred times කිව්වත් ඒක කරන්න බැරි නම් වැඩක් නෑනෙ. ගොනා කානුවටමනේ යන්නෙ. අඩු තරමින් මම ලියපුව කියවල කෙඳිරි ගාන්න බැරිද?

      මම අදහන කෙනෙක් නෑ. මට ඕන වුනාම, "ජීවත්වීමයි, පැවැත්ම රැකගැනීමයි" මගේ හැසිරීම පාලනය කරන්න යොදා ගන්නවා. මම දියසේන ගැන කියන්නේ සිංහල මිනිසුන් අතරින් සොයා ගත්ත විස්තර අනුව.

      කෙප්ප විජ්ජාගමෙන් බිහිවුනු ආචාරි මහචාරි කට්ටිය පිටරටින් සොයා ගත් කතා අනුව රාවන කෙනෙක් ගැන කියනවා. මේවා කෙප්ප විද්‍යාගමේ එන කෙප්ප තියරි වගෙ අද එකයි හෙට එකයි වගේ තට්ටු මාරු වෙන්නෙ නෑ. ඔය රාවන පරපුර හෙවත් රැස් එන පරපුර කියන්නෙත් හිරු කියන මනුෂ්‍යයගෙන් පැවතෙනවා කියන එකයි. ඔය ඔක්කොම සිංහලකරණය කලාම මායා වරුන් ඇතුළු ඔක්කොම කතා කරන්නෙ එක පුද්ගලයෙක් ගැන බව තහවුරු වෙනවා. අන්තිමට ඉතාමත් නිශ්චිත තොරතුරු තියෙන්නෙ සිංහලයන් ළඟ. ඒ අනුව තමයි දියසේන කියල මම සැම විටම කියන්නෙ. තමන් මේ ලෝකෙ පණ අදිනවා නම් මම කතා කරන්නෙත් ඒ වගේම ජීවමානව ඉන්න කෙනෙක් ගැන. මෝඩයෙක් වගෙ කෙප්ප විජ්ජාගම බදාගෙන ඇත්ත නැති කරන්න දඟලන්නෙ නැතුව හිටිය නම් හොඳ නැද්ද?

      මොනවා වුනත් රෙද්ද යටින් උනන්දුව තියෙන නිසා නේද ඇවිල්ල කොකු පටලන්නෙ?

      Delete
    15. //දැන් ඌට බෙලි 10 ක් නැහැනේ//

      බෙල්ල වනවෙලා ඒකයි

      Delete
    16. රාවණා මේකට මල්ටි ත්‍රෙඩ් - සිංගල් ප්‍රොසෙස් කියන එක බාවිත කරලා තියනවා .... ඒ කියන්නේ එක වෙලාවේ වැඩ කරන්නේ එක ඔළුවයි .. හැබැයි මේ ඔලු සෑම මිලි තප්පරයකටම නන්නහුත වාරයක් ශිෆ්ට් වෙනවා .. ඒ කියන්නේ අපිට පියවි ඇහැට බලාගන්න බෑ මේ ශිෆ්ට් වෙන එක .. බ්ලඩ් පම්ප් කරන්න වෙනම කන්ට්‍රෝල් බස් තියනවා ... (ඇත්තටම මේක තියෙන්නේ රාවණා 1 - 0 විතරක් යුස්‌ කරලා ලියපු පුස්කොලපොත් වලින්) ....

      Delete
  15. රාවන ශක්තිය ඇත්තක් නම් ඔබ කිසිවෙකුටත් අභියෝග නොකරණු ඇත.
    මන්ද ඇත්තෙහි දෙකක් නැති බැවිනි. පලකිරීමට ලිපි නැති කල අහක යන නයි රෙද්ද අස්සේ ඔබාගෙන කුමක් බලාපොරොත්තු වෙයි ද?

    ReplyDelete
    Replies
    1. රාවණ රජතුමා ශිව, විශ්ණු, මහාභ්‍රහ්ම ආදීන්ට පවා අභියෝග කර පරාජය කළ බව අමතක කරන්න එපා.

      Delete
    2. බටහිර ද්වීකෝටික චින්තනයේ සිරවී ඇති ඔබ පෙරදිග ත්‍රිකෝටික හෝ චතුර්කෝටික චින්තනයන් ගැන අසාවත් තිබේද?
      "ඇත්තෙහි දෙකක් නැත" උඹ දන්න ලබ්බ තමයි!!!

      Delete
    3. දිනුක ඔබ ගණිතාචාර්ය n.සිල්වාගේ කෑලි අහුලාගේන ද්වී කෝටික ත්‍රි කෝටික හා චතුර් කෝටික චින්තන ගැන කියයි. හුදෙක් මේවා නැති පන්ඩික කම් පෙන්වීමට යොදා ගන්නා වචන පමණකි.
      නොදන්නවානම් දැනගන්න....

      ද්වී = දෙක කෝටික= කෙලවර එනම් කෙලවරවල් දෙකක් ඇති චින්තනය (මුලක් හා අගක් ඇති)

      එලෙසම ත්‍රි හා චතුර් යන්නද තේරෙනවා ඇති නේද? කෙලවර 3 ක් හෝ 4 ක් ඇති වින්තන ඇති තැනක් පෙන්වන්න....

      වචන අහුලා ගත් පමනින් ඒවායින් අදහස් ප්‍රකාශ නොකරන්න.

      ලබ්බ යනුත් හෙල වදනකි
      ලබ = එල්ලෙන බල්ල යන්න සෑදී ඇත්තේත් ලබ යන්නෙනි.

      Delete
    4. ශ්‍රී රාවනයන්ට මිහිපිට අභියොග නැත
      රාමා (තම සතුරා) හීසැරය වැදී වැටුනු පසු ‍ගෙන ගොස් සුව කල ශ්‍රී රාවනයන් සතුව තිබූ ගුණ අපමනය.
      හහෙව් රාවනයන් ශිව විශ්ණු භ්‍රහ්ම ආදීන්ට අභියෝග කරයි ද?
      එහෙම දෙයක් දේව පුරානයේ නම් ඇත.......

      Delete
  16. ඔක්කොම වගේ ගොන් පාට්, එත් පලවෙනි එක විතරයි ටිකක් වත් ගොන් පාට් නැත්තේ. එත් එකටත් කොන්දේසි දාල. යකෝ වෙල් තුනක් නොකා ඉදල දවස 7 ක් පේ වෙන්නේ අහවල් එකකටද රාවණා විරෝධියෝ නම්.

    කාලෝට පිස්සු හැදුනොත් මේවා කරන්ට උත්සාහ කරයි. අපි බලමු දවස් 10 න් කාලෝට පිස්සු හැදෙයිද කියල.

    කාලෝට පිස්සු හැදුනේ නැත්නම්, ඕක සමරන දවසට මොනවද බොන්නේ?

    ReplyDelete
    Replies
    1. කසිප්පු හොදා..එහෙම නැත්නම් "රා " රා කියන්නේ රවනාගේම පානයක්නේ..

      Delete
    2. කාලෝ සමහර වෙලාවට පිස්සු ප්‍රශ්න අහනවා තමයි. ගිය අවුරුද්දේ දවසක ජයලත් මනෝරත්න කිව්වා කාලෝ ෆොන්සේකා එදිරිවීර සරච්චන්ද්‍රගෙන් සිංහබාහු නාට්‍යයේ එන එක කෑල්ලක් ගැණ අහපු පිස්සු ප්‍රශ්නය සහ ඒකට සරච්චන්ද්‍ර දුන්නු එළ උත්තරේ ගැන කතාවක්.

      මෙන්න විස්තරේ.

      http://kathandara.blogspot.com/2011/05/sunday-special-extra.html


      .

      Delete
    3. ඔහු අපට කර ඇති අභියෝග ගැනත් අපට කියන්න තියෙන්නෙ ත් ඔච්චරයි.

      Delete
    4. ඔහු කර ඇති අබියෝග තර්කානු කුලය
      "ජයේ" විසින් කර ඇති අබියෝග "සුර පප්පා " කාටුන් එකේ ඇති අබියෝග වගෙය

      බලල නැත්තම් මෙන්න තියනවා බලාගන්න

      http://www.youtube.com/watch?v=wDL3ZOcyERQ&feature=related

      Delete
  17. මානුෂික ලෙස සිතා බලා මෙය කියමි...
    පලමු අභියෝගයේ ඇති වේල් 3ක් නිරාහාරව සිටීමෙන් ඔබ සිතා මාතා කාලෝව දුර්වල කිරීමට උපායක් යොදා ඇත.වයස් ගත කාලෝට නිරාහාරව මහතුඩු ගල නොව තරපුපුවක පඩ් 10 ක් වත් නැගගත නො හැකිවේවි.
    මෙවැනි මෝඩ අභියෝග වලින් ශ්‍රී රාවනයන් ද පහත් තත්වයකට වැටේ.
    අභියෝග ජය ගැනීමට උපායන් නොයොදන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා. කාලෝ හොඳ ශක්ති සම්පන්න මනුස්සයා. කායික විද්‍යාව පිළිබඳ මහදුරෙක් නේ!

      පොර මං බස් එකේදී සීට් එක දුන්නාට ගත්තේ නෑ.
      http://kathandara.blogspot.com/2009/07/blog-post_11.html

      හැබැයි ඒ 1993 දී. ඒත් තාමත් කොල්ලා වගේ ඇති.

      .

      Delete
    2. කාලෝ එතරම්ම දුර්වලයෙක්නම් අයි අනිත් අයට අබියෝග කර කර ඉන්නේ. එසේම විශ්‍රාම ගන්නේ නැතිව තාමත් මහාචාර්ය කම් කරන්නේ ඇයි?

      Delete
    3. ඔහු අභියෝග කරන්නේ ලක්ෂ 10 ක් ඔබ අතට දීමට, එහෙත් එහි බල කිරීමක් නෑ, කාල සීමාවක් නෑ. කාලෝ කියල තියෙන්නේ කොහෙද ආචාර්ය මීවනපළානේ ජයරත්න ට මේ අභියෝගේ කරන්නේ කියල. මේක මුළු විශ්වයටම කරලා තියෙන්නේ. හිමාලය අඩවියෙන් තාපසයෙක් ගෙනල්ල මේක බොරු කරොත් ලක්ෂ 10 ක් මීවනයට ගන්ට පුළුවන්.
      එත් ඔබ කියන විදිහට දවස් 7 ක් පේ වෙලා දවසක් කන්නේ නැතුව හිටියොත් කන්දක් නගිනවා තියා කෙලින් හිටගන්නවත් බැරි වෙයි. මොකද වේලක් නොකා හිටපුහාම දැනෙන අමාරුව අවුරුදු කාලේ නොනගතෙට දැනෙනවනේ
      ආචාර්ය මීවනපළානේ ජයරත්න පව්, අනුකම්පා කරන්ට ඕනේ ඔබ වැන්නන්ට.

      Delete
  18. 2012/12/12 කියන්නෙ 12 ඒව 3 ක්ම තියන නිසා ද?
    ඇයි කතන්දර කාරයලේ blog එක කියෙව්වෙ නැද්ද? එයා කියන්නෙ අර සුරේ කියනව කියල
    2012 ඔක්තෝබර් 27 රාවනා නැලිටිනවයි කියල.
    http://kathandara.blogspot.com.au/2012/07/return-of-ravana-great-date-revealed.html

    ReplyDelete
    Replies
    1. @ විදූ සහෘදය

      වැඩ කරන ලින්ක් එකක් දාන්නේ මෙන්න මෙහෙමයි.
      http://kathandara.blogspot.com.au/2012/07/return-of-ravana-great-date-revealed.html


      !!!

      Delete
    2. ඒ විදියට ලින්ක් දාන්න ඕනෑ මෙන්න මේ නිසයි.

      http://kathandara.blogspot.com.au/2011/08/blog-post_05.html

      !!

      Delete
    3. මෙන්න ඔය කියන සුරේ ෆොටෝ එකක්.
      http://www.facebook.com/kathandarakaraya2


      .

      Delete
    4. @කතන්දර, ලින්ක් දැම්ම වගේ නෙමෙයි, පෝස්ට් වලට සාපේක්ෂව කතෘම දමන ලින්ක් වල ප්‍රතිශතය එක්තරා සීමාවක් පැන්න පසුව බ්ලොග් එක ස්පෑම් බ්ලොග් එකක් ලෙස සැලකී ඩිලීට් වෙනව. මගේ එතෙර මිතුරෙකුගේ බ්ලොග් එකකට ඒ දේ වුණා. පරිස්සමෙන්.

      Delete
    5. @ ජයරත්නයෙනි,
      එසේ වන්නේ කෙසේද? අපි සියල්ලෝම ගූ-ගල් කාරයෝ නොවැ. මේක අර WordPress කාරයින්ගේ කුමන්ත්‍රණයක්ද?

      Delete
    6. http://www.bloggingtips.com/2009/04/20/should-you-be-worried-that-blogger-will-delete-your-blog/

      [තාමත් රාවණ රජතුමා නිද්‍රාගතව සිටින නිසා එතුමාට මේ ගැන යමක් කිරීමට නොහැකි වේවි.]

      Delete
    7. කතන්දර මට ලින්ක් දමන හැට් කියා දියයුතු නොවේ.මම ද පරිගණක ශිල්පියෙකි. අතගාගාත් කෙනෙකු නොවේ. ඉලගනගත් කෙනෙකි.

      ජයේ ඔය කතාව ප්‍රසිද්ධියේ කියා කරගත්තේ මෝඩ කමක් නොවේද? අපට විවේචනය කිරීමට වත් ඇති මෙම බ්ලොගය මෙලෙස ලින්ක් දැමීමෙන් අක්‍රිය වෙනවානම් විරුද්ධ වාදීන් එයත් සිදු කරාවි.

      කතන්දර මම ඔයාගෙ බ්ලොග් එකේ කවියක පද 3 ක් දැම්මා මතකද ? එහි සදහන් යම් දෙයක් අප පරම්පරාව සතුය. එනිසා ඔබ නොදන්න බොහෝ දේ රාවනා ගැන අප දනී.

      Delete
  19. නියමයි!
    බලමු උන්දෑ මොකද කියන්න කියල.

    ReplyDelete
  20. කාලෝට එකක්වත් බෑ.

    ReplyDelete
  21. කාලෝට සරම උස්සගෙන මුහුණ වහගන්න වෙන්නේ
    රාවනපාක්ෂිකයන්ට ජය වේවා!

    ReplyDelete
  22. ඔය කාලෝ මේ බ්ලොග් එක බලනවා මට හොඳටම විශ්වාසයි.ඒත් ලැජ්ජාවට කවදාවත් කොමෙන්ට් එකක් දාන්නේ නෑ.මිනිහා දැනගත්තා මේ පාරනං කෙටුවේ කෙහෙල් ගහට තමයි කියලා.බලමු ඔය යකා මේ පාර අරින කෙප්පේ මොකක්ද කියලා මේකෙං ගැලවෙන්ඩ.තව ටික දවසනේ ඕකා පැරදිච්ච දාට මාත් එනවා හූ කියන්ඩ.අනිවා.රාවණා පල්ලා. ඇත්තමයි!!!

    ReplyDelete
  23. අම්මට හුඩු මියත් ඉදල ඉදල මාර ගේම් තමා ඉල්ලන්නේ ඇයි බං මේ වයසක මනුස්සයෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ වයසට ගියාම මිනිස්සු කියන ඒවා දන්නේ නැද්ද ගණන් ගන්ඩ එපා බං රාවණා අන්කල් අපු ගමන් මං මීයා ගැන කේලම් කියනවා වැඩිහිටියන්ට සැලකීමනම් අන්තිමයි කියල

    ReplyDelete
  24. මියෝ මේ කොමෙන්ට් වලට ලයික් දාන්න හදපන්කෝ

    ReplyDelete
  25. කාලෝට අභියෝග කරනවා 2012/12/12 දින මැදියම පසුවීමත් සමගම රාවණ රජතුමා යළිත් නින්දෙන් අවදි නොවන බව පෙන්වන්න.

    අවදි උනේ නැත්නම් මීවනයා මොකද කරන්නේ?
    1.ගෙල වැලලාගෙන මැරෙනවා
    2.අංගොඩ ද මුල්ලෙරියාවද?
    3.රාවණා කරන්නේ මහින්ද රාජපක්ෂද රනිල් වික්‍රමසිංහද?
    4.බ්ලොග් එකත එක්කම මීවනයා CIA ඒකෙන උස්සයි ද?
    5.මීවනයා ඒරියා 51 හෝ කුණ්ඩල නී මඩුවේ අතර මං වෙයිද?
    6.නැතිනම් රාවණා නැගිටින එක post pone කරයිද?

    ReplyDelete
    Replies
    1. පිලිතුර අංක 6 වෙයි නේද?

      සමහර විට 4 වෙන්නත් පුලුවන්.

      Delete
  26. හෙල්ලෝ... ඔබතුමාට යමක් කීමට කැමතියි. ඔබ ජෝකරයෙක් වීමට යනවා. මා කැමති නෑ ඊට.

    වාල්මිකී විසින් ලියන ලද රාමායණය කියවන විට එය අමුම අමු මිථ්‍යාවක් බව හිතෙනවා. ඒත් රාවණ රජු පිළිබඳ සංසිද්ධිය අමූලික බොරුවක් බව එක හෙළාම ඉවත දාන්න මම සූදානම් නෑ. ඊට හේතුව රාවණ චරිතය පිළිබඳ නොයෙක් සාක්ෂි රට පුරාම විසිරී තියෙනවා.

    ඔබේ බ්ලොග් පිටුව ඉතාමත් ආකර්ශණීයව නිම කර තියෙනවා. ඔබගේ හැම ලිපියකටම මූලාශ්‍ර දක්වා තියෙනවා. විශාල කැප කිරීමක් හා කාලයක් අවශ්‍යයි මෙවැනි ලිපියක් ලිවීමට. බ්ලොග් ලියන්නෙක් හැටියට මා එය හොඳාකාරව දන්නවා. තත්තවය මෙසේ තිබියදී රාවණා ගැන සත්‍ය තොරතුරු වෙනුවට අර හාෆ්ෂීට් හදුනු හැටි වැනි ගොන් පාට් දැමීම නිසා ඔබ ගැන තිබුණු ගෞරවය මගේ හිතෙන් ටික ටික බැහැර වෙනවා. අමනාප නොවී ඒ ගැන හිතන්න. හිනා යන බ්ලොග් ඕන තරම් තියෙනවා. ඒත් මෙවන් වටිනා බ්ලොග් ඇත්නම් ඒ ඉතා ටිකක්.

    මා කියන දේ ඔබට වැටහේවා.

    ReplyDelete
  27. ජයේ මාර කතාවක් තිබුනනෙ මේ බ්ලොග් එකේ.
    http://madurangacreations.blogspot.com/2012/08/blog-post.html

    මේ ගැනත් මොනව හරි කියන්න......

    ReplyDelete
  28. ජයරත්නය මේ මොන අභියෝගද? කාලෝ යනු මාගේ දැනීම හැටියට ලංකාවේ සිටින න්‍යශ්ටික විද්‍යාව පිලිබද අචාර්ය උපාදියක් ඇත්තෙකි. විදූ දරැවා කියු පරිදි පලමු අබියෝගයම අර කොන්දේසි විරහිතව දෙන්නේනම් කාලෝ ජයගනී. අභියෝග නොකරන්න .
    මාගේ දැනුම පරිදි රාවනයන් යලි නැගිටින්නේ නැත. විශ්ව ෂක්තියෙන් හෙලයට යහපත් කාලයක් ලැබෙන බව දැනෙයි.

    ReplyDelete
  29. මිනිසුන් සුවපත් කරන අළුත් වෙදකමක් බිහිවීමට ආසන්න මොහොතක, මස් වැද්දන්ගෙන් දැන උගත්, ඕන ලෙඩකට වස පොවන, අහේතුවටත් කපන කොටන විජ්ජාකාරයෙක් වන තුට්ටු දෙකේ මහාචාරියෙක් නඟන සුනඛ නාදයට සිංහ නාදය යයි සිතා මෙවැනි ප්‍රතිචාර දීම නොවටී.

    ගව මුත්‍ර දිව්‍ය පානයක් යයි පිළිගන්නේ මෙවැනි අහේතුකවාදී වඳුරන්ය. නුදුරේදී සිය රට යන අහේතුකවාදීන් සිතන්නේ උන් නොදත් දෙයක් නැත කියායි. උන්ගේ කෙප්ප විද්‍යාවට අනුව බත් කනවාට වඩා රසායනික හා කුඩා ප්‍රාණීන් දිරවු මල ආහාරයට වඩා සුදුසු යයිද තර්ක කර, කන ලෙස අභියෝග කලොත් එවැන්නක් භාර ගන්නේ උන්ගේ වර්ගයේම සුනඛයන්ය.

    උරුමයක් නැති අමන ගොන්සේකලාගේ අභියෝගයන් උන්ගේ නොදැනුම හෙළි කරයි. මෙවැනි කෙප්ප විද්‍යාගම් කාරයන් මුඛයෙන් බත් දමා අධෝමගින් අපද්‍රව්‍යයන් ගන්නවා සේම, නිව්ටන් ගෙ නියාමයට අනුව අධෝ මගින් බත් දමා මුඛයෙන් අපද්‍රව්‍යයන් ගන්න හැකි යයි තර්ක කරනු ඇත. මා මෙහිදී බොරුවක් යැයි තේරුම්ගත හැකි උදාහරණයක් ගෙන හැර පෑවේ, උන් හිස මුදුනේ තබාගෙන දණ්ඩ නමස්කාර කරන කෙප්ප විද්‍යාගම් න්‍යාමයන් බොහොමයක් එවැනි විකාර ප්‍රබන්ධ බව කීමටය.

    උත්තර දෙනවාට වඩා, අභියෝග කරනවාට වඩා, මේ අහේතුවාදී කෙප්ප විද්‍යාගම් කාරයන් රටින් පන්නා දැමීමේ අභියෝගය ඉදිරියට ගත යුතුය. නොඑසේ නම් බටහිරුන්ට මෙන් අපටද දෙමාපිය එකතුවෙන් අංඟ සම්පූර්ණ දරුවකු වැදීමට නොහැකිව වඳ වී යා හැක. බටහිරයන්ට වින කලේ මේ කෙප්ප විද්‍යාගම්කාරයන්ගේ දෙමාපිය ආචාරි මහාමනචාරී සුද්දන්ය.

    ReplyDelete
  30. මොක දෑ මේ රණ්ඩු වෙන්න ඈ....

    ReplyDelete
  31. meh vidu ube oya fake account hadela ube famous wenne hadanne ai??

    ReplyDelete
    Replies
    1. senarathna duminda ඔයා මගේ IP එකයි තාපසයගෙ IP එකයි හොයාගෙන දෙකම මම ද කියා සොයා බලන්න. ඒවා හෙයෙන්න දන්නෙ නැත්තන් නොදන්න අයට ඒවා සොයා ගැනීමට යොදා ගන්නා soft ware එකක් පාවිච්චි කරන්න.

      Delete
    2. aioo wela na ban :P

      vidu daruwa vidu daruwa kiyala hama tissema kiyana hinda baluwe :P

      Delete
  32. මෙන්න අභියෝග!
    මේවට බිය වෙන ලෝකයකා තමන්ගේ සියළු ඊනියා අභියෝග කුණු කූඩයට දමා නගුට දෙපරැන්දේ ගසාගත් සුනඛ කුක්කෙකු මෙන් දීර්ඝ කාලීන නිද්‍රාවට පත් වෙනවා සිකුරුයි!!

    ReplyDelete
  33. අප සතුව අප දැනට භාවිත කරන හෝ අප දැනට පිලිපදින දෙයින් දනට යම් පමනකින් හෝ අපට සහනයක් ඇත.
    ඒවාම භිවිතා කොට ඒවාට ගැරහීම කන පතේ පහරා කැම වැනිය. හෙලයා කිසිසේත් එසේ නොව්.

    සේනාරත්න මහතාවෙත
    මා සතුව fake account නැත. famous වීමට උවමනාවක් ද නැත.
    මෙහි මාගේ කමෙන්ටු වලට අන් අයගෙන් ලැබෙන හොද හෝ නරක ප්‍රතිචාර පමනක් අගය කරමි.

    ReplyDelete
  34. එදා මේද තුර හෙළ ඉතිහාසයේ පිස්සන්කොටුවෙන් පැන්න දරුණුතම පිස්සා තම මේ ආචාර්ය මීවනපළානේ ජයරත්න

    ReplyDelete
  35. //කාලෝට අභියෝග කරනවා රාවණ යුගයේදී මද්‍යසාර නොතිබූ බව පුළුවන්නම් පුරාවිද්‍යාත්මක ශාක්ෂි ඇසුරෙන් ඔප්පු කර පෙන්වන්න.//

    මම එච්චර ඉතිහාසයක් නං දන්නෙ නෑ, ඒත් වෑත්තෑවෙ හාමුදුරුවෝ ගුත්තිල කාව්‍යයේ තැනක කියනව නේද "සරා සලෙල දන සතොසේ . . . සුරා පාන කරන ලෙසේ" කියල ?? ඒ කියන්නෙ ඒ කාලෙත් "ස තො ස" බාර් තිබිල තියනව නේද ???

    ReplyDelete
  36. මේක තනිකරම දේශපාන් වැඩක්

    ReplyDelete
  37. මම ඹබට කියනවා එක දෙයක්
    කාලෝ ‍කිව්වෙ විද්‍යාත්මකව ඹප්පු කරලා
    මේක විහිලු 12ක් විතරයි.
    මේ ප්‍රශ්ණවල අනිත් පැත්තට 12ම කරොත් මම 10000 ක් දෙනවා
    0725923429

    ReplyDelete

නුදුරු අදහස්