Wednesday, September 5, 2012

රාවණ රජතුමා සහ පිටසක්වල ජීවීන් අතර තිබුණ අභිරහස් ගණුදෙනුව...!!!

අප වෙත ලැබුණු, ශ්‍රී රාවණා රජතුමා ගැන දුර්ලභ පුවත් ‍රැගත් ලිපියේ පළමු කොටස ඊයේ පළ කලා ඔබට මතක ඇති. පහත දැක්වෙන්නේ එහි දෙවැනි කොටසයි. එම ලිපියේ ඇති වැදගත් කරුණු රතු පාටින් උදෘත කර දක්වන අතර , ලිපිය ගැන අපගේ අ‍ටුවාවන් (අපි ලියපු අදහස්) අළු පාටින් උදෘත කර ඇති බව කාරුණිකව සලකන්න.

දැන් අප පිවිසෙන්නේ රාවණ පිළිබඳව වර්තමානයේ පහලවී ඇත් එක්තරා මතවාදයකට අප දන්නා කරුණු කාරණා තවතවත් එකතු කිරීමටය. එනම් මහා රාවණා පිටසක්වල ජීවීන් සමඟ ගනුදෙනු කළාද නැද්ද යන්න කාරණාව ඉස්මතු කිරීමටය. එහෙත් ඊට පෙර අනාවරණය කළ යුතු ඉතා වැදගත් සාක්ෂ්‍ය කිහිපයක්ද ඇත. එනම් රාවණ යුගයේ ගර්භාෂගත අභිරහසක් පිළිබඳවය.

ක්‍රි.පූ. 3000 පමණ ඈත වකවානුවකදී ගොඩනැඟුණු අතිශය සුවිශේෂී පුරවරයක් ඉන්දියානු භූමිය තුළ විය. ඒ අන් කිසිවක් නොව මොහෙන්ජොදාරෝ හා හරප්පා යන නගර කේන්ද්‍ර කරගත් සුවිශේෂී පුරවරයයි. මෙහි සැකැස්ම තවමත් හරිහැටි අනාවරණය කරගැනීමට ඉන්දියානු හෝ යුරෝපා පුරාවිද්‍යාඥයන්ට නොහැකිවී තිබේ. ඒ මෙම පුරවරය එතරම් සංකීර්ණ නගර සැලසුම්වලින් යුතු ප්‍රදේශයක් වන නිසාය. අදටත් ඉතා දියුණු රටවල පවා නොමැති අතිශය විශ්මයජනකවූ නගර සැලසුමක් මෙහි වන බව යු‍රෝපා විද්‍යාඥයන් පමණක් නොව ඉන්දියානු ප්‍රකට පුරාවිද්‍යාඥ බෂාම් පවා පිළිගන්නා කරුණකි. මෙවැනි නගරයක් නිර්මාණය කරන්නට එවකට තිබූ තාක්ෂණය කෙතරම් දියුණු දැයි අදහාගත නොහැකි කරුණක් හෙයින් මෙම නගර වැසියන්ද පිටසක්වල ජීවීන් සමඟ ගනුදෙනු කරන්නට ඇතැයි ඇතැම් ගවේෂකයන්ගේ අදහසවී තිබේ.

හරප්පා නගරයක තිබූ මැටි රූපයක මෙම ප්‍රිඩේටර් වරයෙක්ගේ පින්තූරයක් තිබී ඇත. ඒ අනුව රාවණ රජතුමා සහ ප්‍රිඩේටර් වරු අතර සම්බන්ධය පැහැදිළි වෙයි. එහෙත් ඉන්දියාව එම කරුණු පිටට යා නොදී රහසක් වශයෙන් තබාගැනීමට තරම් ප්‍රවේශම් විය.

කෙසේ වුවද මෙම නගරයේ සිටි වැසියන් සියල්ලන්ම සමූලඝාතනය වී ඇති බව පසුකාලීනව පුරාවිද්‍යාඥයන් විසින් සොයාගන්නා ලදී. එම ඝාතනයට ලක්වූ වැසියන්ගේ පාෂාණභූතී හිස්කබල් පරීක්ෂා කිරීමේදී ලෝකයේ කිසිදු ජනවර්ගයකට එම හිස්කබල් සමාන නොවන බවද යම් තරමකින් හෝ සමාන වන්නේ ලාංකික සිංහලයන්ගේ හිස්කබල්වලට පමණක් බවද කරුණු හෙළිවිය. එහෙත් ඉන්දියාව එම කරුණු පිටට යා නොදී රහසක් වශයෙන් තබාගැනීමට තරම් ප්‍රවේශම් විය. එම පරීක්ෂණයේ වාර්තාවන් බමුණන් විසින් ගිණි තැබූ අතර, ඉතිරි ඒවා එංගලන්තයේ ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කළ බව කරුණාවෙන් සලකන්න. (බොරුයි කියල හිතෙනවනම් ලන්ඩන් කෞතුකාගාරයට ගිහින් ඒව කියවල බලන්න, කියවපු යාලුවෙක් තමයි මට කිව්වෙ)

කෙසේ වුවද අපගේ පිළිගැනීමට අනුව නම් මෙම නගර සහිත ප්‍රදේශය එකල රාවණා ආධිපත්‍ය දැරූ ඉන්දියාවේ භූමි ප්‍රදේශයක් බවය. ලංකාව සහ එම ප්‍රදේශය එක්කළ විට රාවණගේ රාජ්‍යයේ දළ සිතුවමක් අපට නිර්මාණය කරගැනීමට අපහසු නොවේ. මොහෙන්ජොදාරෝ හා හරප්පා වැසියන්ගේ භාෂාව නිර්මාණය වී තිබුණේ අක්ෂර 270කිනි. එහි ඇති ඇතැම් අක්ෂර සිංහල අක්ෂරවලට යම් යම් සමානතා දක්වන බවද පැවැසේ. එහෙත් ඒ කිසිවක් ලෝකයට හෙළිවී නැත්තේ ඉන්දියාව ඒවා රාජ්‍ය රහස් ලෙස සුරකින බැවිනි.  එනම් මෙය පැහැදිළිවම මලයාලි සක්කිලියන්ගේ කුමන්ත්‍රණයක් විය යුතුය.

මායා වරුන්ව ශිෂ්ටාචාර කිරීමට පැමිණි මෙම ප්‍රිඩේටර් වරුනුත්, රාවණ පුත් ඉන්ද්‍රජිත් කුමරාට ඉමහත් භීතියක් දක්වා ඇත. වරක් ඉන්ද්‍රජිත් කුමරා ප්‍රිඩේටර් ලොව රජතුමා සමග කරන ලද සටනකදී ගසන ලද පා පහරකින් ප්‍රිඩේටර් රජතුමාගේ උඩ ඇන්දේ දත් ටික හැලුණි. ඉන් පසුව ඉන්ද්‍රජිත් තම අත් දෙක ප්‍රිඩේටර් රජුගේ කට ඇතුලට දමා දෙපසට ඇද්ද අතර ඔහුගේ කට පළල් විය. එදා සිට එම ප්‍රිඩේටර් රජුගෙන් පැවතෙන ප්‍රිඩේටර් වරුන්ගේ කටේ දත් හැලී ලොකුවට පළල් ව පැවතුණි. එම රජුගේ පෙලපතේ කුමාරවරු පිරිසක් පසු කාලයේදී මායා වරුන්ව ශිෂ්ටාචාර කර ඇත. ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළයින්ගේ පුස්කොලපොත් කියවූ ජිම් සහ ජෝන් දෙදෙනා එය චිත්‍රපටයටද නැගුවෝය. එහෙත් ඒ කිසිවක් ලෝකයට හෙළිවී නැත්තේ ඉන්දියාව ඒවා රාජ්‍ය රහස් ලෙස සුරකින බැවිනි.

රාවණගේ රාජ්‍යයත්, මෙම නගර තුළ වන විශ්මයජනක බවත් එක්කළ විට සැබෑ ඉතිහාසය වටහාගැනීමට එතරම් අපහසු නොවේ. එමෙන්ම එම පුරවරය හා සක්වල ජීවීන් අතර සමීප සබඳතා පැවැති බවත් එම නගර නිර්මාණයේ සුවිශේෂී බව නිසාම ඇතැමෙකුට සිතෙන්නට වුවද හැකිය. කෙසේ වුවද රාවණගේ පුෂ්පක යානය නැතිනම් සකුණ යානයද තවමත් ලෝකයට අභිරහසකි. එහි තාක්ෂණය පිටසක්වල යානා ලෙස සැලකෙන යානා විසින් යොදාගනු ලබන තාක්ෂණයම දැයි තීරණය කරන්නට තිබෙන සාක්ෂ්‍ය ප්‍රමාණවත් නොවේ. එහෙත් එහි යම් යම් සමානකම්ද තිබෙන්නට හැකි බව ශබ්ද තාක්ෂණය හා පළිඟු තාක්ෂණය උපයෝගී කරගැනීමෙන් අනාවරණය නොවේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

48 comments:

  1. දැන් නම් මීයා ලියාගන්ට දෙයක් නැති කමට ලියනවා වගේ, මෙලෝ රහක් නෑ.

    ReplyDelete
    Replies
    1. එම්බා රාචිය, මෙය හෙළ රාවණ ඉතිහාසය ගවේශණය කිරීමේ විද්වත් මණ්ඩපයක් මිස, රස බැලීමේ "රස සරණිය" ක් නොවේ.

      Delete
    2. අනේ මීයෝ උබේ ලෙඩේ අඩුවෙන හැඩයි. එතකොට හෝද පොස්ට් එන්නෙ නැහැනෙ.

      Delete
  2. machan oyata found karanne indian ro ekenda??? mewa wickurthi karanwata???

    ReplyDelete
    Replies
    1. මා එය ප්‍රකෘති කර මිස විකෘති කර නැත, පැහැදිළිව දක්වා ඇතිවාක් සේම රතු පාටින් දක්වා ඇත්තේ ලිපියේ වැදගත් කරුණු වන අතර, අළු පාටින් දක්වා ඇත්තේ මා ලියූ කරුණුයි. ප්‍රිඩේටරයන් (සිංහලෙන් පරදාරතරයන්) ගැනත් මීට අදාල නිසා දැක්වූයෙමි. එනිසා පාථකයින්ට මුල් ලිපිය කිසිදු වෙනසකින් තොරව කියවීමට පුළුවන්.

      Delete
  3. මට ප්‍රඩේටර් චිත්‍රපටය නරඹන විට සුපුරුදු හැගීමක් දැනුනේ මේකයි එහෙනං..

    ReplyDelete
    Replies
    1. ප්‍රිඩේටරයන් හෙවත් පරදාරතරයන් යනු රාවණ රජතුමාට අසීමිත ලෙස බිය වූ ජීවීන් කොටසකි.

      Delete
    2. පර = අනුන්ගේ
      දාර = අබුවන්
      තරයින් = ත=තරයේ / ර=රෑට / යින්=ඉන්න උන්

      අනුන්ගේ අබුවන් සමග තරයේ රෑට ඉන්න උන්

      කොටියෙන් කිව්වොත් හෙර ගෑණු තියන් ඉන්න උන් (රෑට කොටු පනින උන්)
      මෙහෙම බැලුවහම රාවනත් පරදාරතරයෙක් . (සීතව ගෙනාවෙ වීනා ගහන්න ද?)

      Delete
    3. උන් පරදාරසේවනය කළ නිසා රාවණාරාධිජයාගේ උදහසට ලක්වෙන්න ඇති!

      Delete
  4. අනේ මන්ද මේවට හිනා වෙන්නද අඬන්නද කියල... යකෝ බලාගෙන ගියාම හොලිවුඩ් එකේ හැම එකාම පිචර් ගහල තියෙන්නේ අපේ පුස්කොලපොත් කියවල නේ...අපරාදේ... මේ පොටෝ ටික නැත්තම් අඩු ගානේ කතාව ෆුල් ඇත්ත වගේ තියෙන්න තිබ්බ...දැන් ඉතින් කරන්න දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. එකදාස් අටසිය ගණන් වල මිනිසුනට, වීඩියෝ ගේමස් ගැන කිව්වනම් උන් පශ්චාත් භාගයෙනුත් සිනා සේවි. අන්න ඒ වගේ අපේ මේ හෙළ ඉතිහාසය ගැන බොහෝ දෙනා නොදන්නා නිසා තාමත් විශ්වාස කිරීමට අකමැතියි. මුල් ලිපියේ තිබෙනවාක් මෙන් ඉන්දියානුවන් විසින් ඒව රහසක් සේ රකිනව.

      Delete
  5. තෝව යි, අනෝ පිස්සවයි ඔය ප්රිදටරයෙක්ට කන්න දාන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඔබ හිතුව මදි, ඒව කොහෙද මා වැනි අංගක්කාරයින් සමග........

      Delete
    2. මීයව උන් කෑවත් , අරඇනෝව උන් කන්නෙ නැහැ . ඔකව කාල කාපු එකා පොරටෝක් දීල උනගෙම එවුන් උව මරයි.

      Delete
  6. පිට සක්වල ජීවීන් යනු පිට සක්කිලි ජීවීන් යන්නෙන් බිඳී ආ පදයකි.රාවණා උන් හා ලිපි ගනු දෙනු කරන්නට ඇත්තේ උන් සමඟ දියුණු තාක්ෂණයෙන් පණිවිඩ හුවමාරුව රාවණා වැන්නෙකුට තරම් නොවූ නිසා විය හැක.

    පිට සක්කිලි ජීවීන් මෙහෙ ආවා නොව ගෙන්නුවා ය.ඒ මෙහේ යම් යම් සක්කිලි වැඩ කරවා ගැනීමටය.නමුත් මේ පිට සක්කිලි අපේ ගෑනුන් හා යහන් ගතව මෙහි සක්කිලින් බිහි වී ඇත.එතැන් පටන් ගෑනුන් සමාජයේ කොන් කර සළකා ඇත.

    ReplyDelete
    Replies
    1. සැබැවි, එවැනි කතාවක් මාත් අසා ඇත්තෙමි.

      එසේම, "ඒළියන්" යනුත් හෙළ වචනයකි. අරිසෙන් අහුබුදුවාණන්ගේ ක්‍රමය අනුව බලන කල්හි,
      ඒ=එම
      ළියන්=කාන්තාවන්.
      රාවණා රජතුමා පිටසක්වල ජීවීන්ව හඳුන්වා ඇත්තේ "ගෑණුන්" ලෙසටය. එනම් රාවණාගේ බලය දෙස බලන කල්හි පිටසක්වලයන් යනු ඉතාමත් දුබල ජීවීන්ය. "පිට සක්කිලි ඒ ළියන් වහා පලවා හරිනු".... ඒ අප හෙළ පුත්ගේ මුවග නිතර ‍රැඳුන වදනකි.

      Delete
    2. පිට සක්කිලි ජීවීන් යනුවෙන් කියා නොබනිනු. මොනව උනත් ඌ පිට සක්කිලියෙක් නොවේ. උත් මේකෙ ඉන්න මලයාලි සක්කිලියෙකි.

      Delete
  7. අඩේ අපේ හෙළ යක්කු ප්‍රෙඩේටර්ලටවත් බය වෙලා නෑනේ... ඇමෙරිකන් කාරයෝ උන්ගෙ බය වහගන්ඩ වෙන්ඩැති ප්‍රෙඩේටර්ලත් එක්ක කරන යුද්ධ අමරිකන් කාරයෝ දිනන විදියටම චිත්‍රපටි හදන්නෙ

    ReplyDelete
    Replies
    1. ඉතා නිවැරදියි මහතාණෙනි, පාහර ඇමරිකානුවන්ට ඇති ඉතිහාසයක් නොමැත. මායා වරුන්ගේ ඉතිහාසය උනෙග ඉතිහාසය ලෙස පෙන්වීමේ ඉතාමත් තුච්ඡ වැඩකි, හරිනම් මායාවරුන්ගේ ඉතිහාසයත් අයිති ඇමරිකානුවන්ට නොව හෙළ බිමේ හෙළයින්ටය.

      Delete
    2. daana komentu within minutes methana publish wenna heduwoth denuwath kireem saha saakachchaawata bandun wenna pahasuwak weawi.

      Delete
  8. 1947 දී ඇමරිකාවෙ රොස්වෙල් වලට වැටුණු පිටසක්වල යානාව ඇතුලෙත් හෙළයෙකුත් ඉදල තියනවලු.. මිනිහගෙන් අහගෙන තමා ඇමරිකාව ස්ටෙල්ත් ෆ්ලයිට් හදල තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ahema akak man ahalama nahne ada wenakan O.o

      Delete
    2. උබ කොහොමද ඒක දන්නේ

      Delete
    3. එම කතාව 100% ක් සත්‍යයකි. හමු වෙන විටදී එම හෙළයා ශිෂිරතාරක නිද්‍රාවට පත් වී සිටියේය.

      වරක් මාත් එම හෙළයාව දැක බලාගැනීමේ භාග්‍යය උදා කර ගත්තෙමි. මේ වන විටත් එම හෙළයාව ඒරියා 51 හි රහස්‍ය උමගක සිර කර සිටී.

      ඒ ගැන මීට පෙර මාත් මේ බ්ලොග් එකේ යම් ලිපියක ලිව්වෙමි. දැන් ඒක හොයාගන්නට නොහැකි වීම අවාසනාවකි.

      Delete
    4. ayeth liyanneko

      Delete
    5. eka gana liyanako

      Delete
    6. මීයො යමන් උබේ කුන්ඩලනී එකෙන් උමගෙ ඉන්න හෙලයව ගේන්න.
      යමන් යමන්.

      Delete
    7. අයියෝ.. දැන් නම් ඒ හෙළයාට සෑහෙන්න වයසක් ඇති...

      Delete
    8. ඒවයෙ රේඩාර් අවෂෝෂණය කරගන්න පුළුවන් තීන්ත හදල තියෙන්නෙ සුදු හදුන් අළු දුම්මලයි මී පැණියි එක්ක අඹරල රාවණා මන්තරයෙන් 101 වරක් ජීවාම් කරල හදපු සංයෝගෙකින්ලු..

      Delete
  9. මේ බමුණෝ බලන් ගියහම මාර පවර්ෆුල් සෙට් එකක්නේ මීයෝ ...?

    ReplyDelete
  10. තමිල්නාඩුවේ සිටින්නේ ඔය බියගුළු ප්‍රිඩේටරයන්ගෙන් පැවත එන උන්ය. උන්ව අපට දිරවන්නේත් නැත.

    ReplyDelete
  11. ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ගැන මෙසේ පවසන්නම්

    මෙහි මොහෙන්ජදාරෝ හරප්පා කලිබන්ගන් සුත්කජෙන්දෝර් ලොතාල් ආදිවූ එකම ආකෘතිය යටතේ ගොඩනැගුණු ක්‍රමවත් නගරායණයක් දකින්න පුළුවන්. නමුත් මෙහි ආකෘතිය අනුව කියන්න පුළුවන් වෙන්නෙ කොහොමද පිටසක්වල සම්බන්ධතා

    එහෙනම් පිටසක්වලට ගිහින් බලන්න එහෙ තියෙන්නෙත් මේ වගේම නගරායණයක්ද කියලා

    කිසිම පර්යේශකයෙක් පවසන්නේ නැහැ ඉන්දු නිම්නයට පිටසක්වල බලපෑමක් ලැබුණු බව. පුළුවන්නම් ඔබ නිවැරදි මුලාශ්‍ර සදහන් කරන්න.

    අනිත් කරුණ, ඉන්දු සභ්‍යත්වය ආශ්‍රිතව කළ කැණීම් වලදී පැහැදිලිව මොන්ගෝලියන් මධ්‍යධරණී මානව වර්ග වල අස්ථි සාධක ලැබිල තියනවා. මේක කාටවත් නැහැයි කියන්න බැහැ

    වෙනස් මානව මාධක ලෝකෙ මුල් වරට ලැබුණෙ කවුන්ට්ඩවුන් මානවයාගෙන්
    නමුත් පසුව පර්යේෂණ වලින්ම සොයා ගුණුණා ඒක බොරුවක් බව.

    ඉන්දු නිම්න අක්ෂර ගැන කියනවානම්,, සිංහල අක්ෂර තියා සංකේත ලේඛන කතාවක්වත් මේ කාලයේ තිබුණෙ නැ. ඉන්දු නිස්න අක්ෂර කියන්නෙ සිංහල වගේ ශබ්ද මුලික ක්‍රමයක් නොවන බවත්, රූප මුලික ක්‍රමයක් බවත් සොයාගෙන තියෙනවා.

    ඒ වගේම පශ්චාත්කාලින බ්‍රා්හ්මී අක්ෂර සමග මේවා සන්සන්දනය කරන්න පුළුවන්ද කියලත් තවම පර්යේෂණ කරමින් පවතිනවා

    ඔබගේ කතාන්දර ගෙතීමේ උත්සාහය අගය කරනවා
    දිගටම කරගෙන යන්න

    ReplyDelete
  12. ජයරත්නයන් මේ කරන්නාවූ සේවය කෙසේනම් අගය කරමුද?

    ReplyDelete
  13. "වරක් මාත් එම හෙළයාව දැක බලාගැනීමේ භාග්‍යය උදා කර ගත්තෙමි. මේ වන විටත් එම හෙළයාව ඒරියා 51 හි රහස්‍ය උමගක සිර කර සිටී."
    අපට මානව හිමිකම් ගැන දෙහි කපමින් පෙනේද මුන් කරන ජඩ වැඩ. area 51 හි අපගේ හෙලයෙක් සිරකර තැබීම අපගේ ජාතිකානුරාගයට මරු පහරකි. ඔහු වහා මුදාගත යුතුය. area 51 හි සිරවී සිටින ඒ අසරන හෙලයා බේරා දෙන ලෙස අපගේ අතිගරු ජනාදිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. ඔහු මර්වින් සිල්වා සමග ධවල මන්දිරයට ගොස් අඩි හප්පා තර්ජනය කල වහාම ඔබාමාට සුලුදිය පහවනු ඇත. ඉන් පසු ඔබාමාට බියෙන් වෙව්ල වෙව්ලා එම හෙලයාව අපට භාර දෙනු ඇත.

    ReplyDelete
  14. සිත්තරී, ඔයා වගේ එලදෙනක්... ඔයා බ්‍රන්ච් එකට තනකොල කාලද මේ කොමෙන්ටුව දැම්මේ....

    රාවණාගෙ බලය ගැන ඔබට වැටහීමක් නෑ වගේ...මෙවැනි කොමෙන්ටුවක් මෙහි දැමූ මාගේ මිතුරෙක් අනතුරකට ලක්වී ඇගිලි කපා දැමීමට සිදුවුවා... මා මෙහි පොස්ටුවකට විරුද්දවූ දින පටන් සිහිනෙන් බියට පත්වී, මාගේ පවුලේ අය කල මහා රාවණා පූජාවකින් පසුවයි පියවි ලොවට ආවේ... රාවණා බලය සදාතනිකයි.. එය බූවල්ලෙකු ගේ අඩු පරිද්දෙන් විශ්වය පුරාවට ත්‍රයි කාලයේම විහිදී පවතින්නක්...

    මෙසේ බල ඇති රාවණා රජු මෙම නගර නිර්මාණය කල බව මෙම බලසම්පන්න බවෙන්ම ඔබට වටහා ගන්නට බැරි වීම ඔබේ අවාසනාව...

    බටහිර ගැතියන්ගේ බොරු පරික්ෂන රාවණා අදහන අප පිලිගන්නේ නෑ...

    රාවණා සිද්ධම්....

    ReplyDelete
    Replies
    1. Mama nam thri kalinawa rawana balaya athi bawa pili ganne na

      Delete
    2. Rawana balayath wishwaya awasanaye nathiwa yannata puluwan

      Eda meda thura wishwaye bihiwu 29 weni balawathma pudgalaya ohui. Obala hithana lesa palamu weniya newei

      Delete
    3. ඒක තමයි
      මම මේ රාවණා හීනෙන් පේනකන් බලන් ඉන්නෙ
      දැන් ඉතිං කල වයසත් හරිනෙ


      රාවණාමෙයාගෙ සිද්ධම්...............

      Delete
  15. රාවණා රජුගේ ශිශිර තරනයෙන් පසුව රවණ ශ්‍රී උත්තමයානන්ගේ වහලුන් වූද විශ්වයේ බලවත් ජාතියක් වූද පියදාතරයින් හිස ඔසවා නැවත වෙනත් ජාතීන් යටත් කර ගැනීම අරඹා තිබූ අතර නැවත අප උත්තමයානන්ගේ පිබිදීම සැලවී නැවත වහලුන් බවට පත් වීමට සිදු වේ යැයි බියෙන් එය වැලක්වීම සදහා කටයුතු යොදමින් පවතී.එහි පියවරක් ලෙස 12 km පමණ වූ(නාසා හි වාර්තා අනුව ) යුද නැවක් එවීමට කටයුතු යොදා ඇත.එය තවමත් බ්‍රහස්පති කක්ශය අසල පවතින අතර බ්‍රහස්පතිගේ අධික ගුරුත්වාකර්ශණය හේතුවෙන් එම යානයේ වේගය මන්දගාමී වී පවතින අතර,යානයේ වේගය එලසින්ම පැවතුනේ නම් පසුගිය සැප්තැම්බර් 2 වෙනිදා වනවිට යානය පෘතුවි කක්ෂයට ඇතුලු වේ යැයි ගනන් බලා තිබුනි.කෙසේ වෙතත් නවතම නාසා ගණනය කිරීම් වලට අනුව ඔක්තොබර් 10 -15 දින වලදී එය පෘතුවි කක්ෂයට අතුලු වේ යැයි කියවේ.ඇමරිකාව අගහරු මතට යානයක් ගොඩ බැස්ස වූයේ එම යානය ගැන ඔත්තු බැලීමට අතර අගහරු ගැන ගවේශණය කරන වා යැයි කවර් අප් ස්ටොරියක් ලොවට කීය.

    මා සිතන ආකාරයට අගහරු මත් ඇති කියුරියොසිටි යානයේ හෙලයෙක් සෑදූ ලේසර් උපකරණයක් සවිකොට ඇත්තේ ඇයි දැයි දැන් ඔබට වැටහෙනවා ඇත.

    නාසා හි සර්වර් වල 07.09.12 දින ඇතුලත් ව තිබූ තොරතුරු ඇසුරෙන් මෙම ලිපිය සකසන ලදී.

    රාවණා සිද්ධම් !!!

    ReplyDelete
  16. මෙච්චරට බලගතු දෙවියන්ගේ නිර්මාණයක් වුනු මිනිසුන්ගේ ඔළුව විකාර කොට වරදට පෙළඹවීමට කොහෙවත් නැති සාතන්ට ඇති හැකියාව විශ්වාස කරන අය මෙතරම් බලගතු හෙළයින්ගේ රහස් රැසක් සක්කිලි බමුණන් ලබාගෙන විනාශ කළ බව විශ්වාස නොකිරීමම මට මහත් අරුමයකි.

    ReplyDelete
  17. මොනවා කිව්වත් ටික දවසයි තියෙන්නේ .ඔන්න බලපල්ල ඔය කියන දිනය ලං වෙනකොට මේ බ්ලොග් එකත් තියයි ද දන්නේ නැ .

    ReplyDelete
  18. කට ඇතුලට අත දාල කට ඇද වෙලා දත් හැලිල වෙච්ච සීන් එක ප්‍රිඩේටරයන්ගෙ පසු කාළීන පරම්පරා වලට ගියා කියන කථාව නම් පිළිගන්න බැහැ. බල්ලෙක්ගෙ අතක් පයක් කැඩුන කියල උගෙ පැටවුන්ට ඒක යන්නෙ නෑ...බටහිර විද්‍යාවෙ යම් යම් දේවල් තියනව අපි අතපසු නොකල යුතු. ඒත් සිත්තරී කියනව වගේ අපිට බටහිර ක්‍රමයට සාධක හමුවුනොත් තිබුන කියල පිළිගන්නව නැත්තන් නෑ කියන ක්‍රම වේදයකට යන්න බෑ. අපේ උන් දෙයක් ඉගෙන ගත්තම ඒක ඔළුව උඩ තියන් මහන්තත්වෙන් ඉන්න හදනව විනා ඊට එහා දෙයක් හිතන්නෙ නෑ.ඒක එක එක්කෙනාගෙ බුද්ධි මට්ටම. ශ්‍රේශ්ඨ සින්හල සන්ස්කෘතියට ගරු නොකරන කම...යම් විදියකින් ඔය මොහෙන්ජොදාරො හරප්පා ශිෂ්ඨාචාර වලට අදාල පුරා විද්‍යා සාධක දකින්න තිබුනෙ නැත්තන් එයා කියන විද්‍යාත්මක ඉතිහාස ගවේෂණයේ විදියට එහෙම ශිෂ්ඨාචාරයක් තිබුනෙත් නෑ..මේ වගේ අය බුදු දහමෙ කරුණු කාරණා වුනත් පිළෛගන්නවද කියල මට සැකයි. හොඳටම නොමග ගිහින්...මේ වගේ අය එක්ක කථා කරල දිනන්නත් බැහැ.
    ඉතිහාසය ගවේශණයට ඔය බටහිර ක්‍රමවේදය හැරුණු කොට ඊට වඩා දියුණු ක්‍රම වේද සින්හලයන් සතු වුනා කියන එක පිළිගත යුතුයි. ඹුදුන් වහන්සේටත් පුළුවන් වුනා සත්තුන්ගෙ පුද්ගලයන්ගෙ අතීත භවයන් දකින්න..ප්‍රේතවත්ථු විමානවත්ථු වල දැක්වෙනව රහතන් වහන්සේලාට දරශනය වුනු පිටසක්වලයින් (දෙවිවරුන්) සහ අමනුෂ්‍යයන් ගැන. එතකොට සිත්තරීල වගේ බටහිර විද්‍යාත්මක ක්‍රමයම ලොකු කරගෙන තමන්ගෙ ස්ථාවරය රැකගන්න හදන ඇත්තො බුදුන්ගෙ පෙර ආත්ම භාව දැක්වෙන ජාතක කථා පුරා විද්‍යාත්මක සාධක නොමැති බැවින් ප්‍රතික්ෂේප කරනව? මේ වගේ අය එක්ක කථාවට ගියාම හතර බීරි කථා කියන්නෙ..ඉතිහාසය සහ අපි ජීවත්වන මේ ලෝකෙ තියන බොහෝ දේ දකින්න අපිට විද්‍යාත්මක ක්‍රමය හෝ උපකරණම අවශ්‍ය වෙන්නෙ නෑ..බුදුන් වහන්සෙයි අපිට තියන හොඳම උදාහරනය. විවිද ධ්‍යාන ලබපු භික්ෂූන් හරිම අපූරු දේ කෙරුවා..බුදුන් වහන්සෙ ලන්කාවට වැඩම කරලත් හෙලයන්ට කිව්වෙ " ඉර ඇල්ලුවා, තරු ඇල්ලුව, තමන්ගෙ හිත කොය් වගේද කියල අල්ලගන්න බැරි උනා නේද?" කියල...
    වෙන මොකුත් ඕනෙ නෑ, අදටත් අපි අතර තියන සත්‍යතාවය අපිටම පහසුවෙන් බලාගත හැකි ක්‍රම වේද සහිත විද්‍යාවන් තමයි ආයුර්වේදය, ජ්‍යෝතිශය, මන්ත්‍ර ශාශ්ත්‍රය වගේ ඒව..භාවනා ක්‍රම වුනත් අත් හදා බලන්න බැරි කමක් නැහැ...ආයුර්වේදෙ නාඩි වෙදකම බලන්න, කෑගල්ලෙ නාඩි වෙද මහත්තය ගාවට ගිහින් බලන්න සිත්තරී...ඔයාගෙ අතේ නාඩියක් විතරක් අල්ලල ඒ වෙද මහත්තය කොච්චර දක්ෂ විදියට ඔයාගෙ රෝගය, රෝග ලක්ෂණ ප්‍රකාශ කරනවද කියල...ජ්යෝතිශය වුනත් පිළිගන්නෙ නෑ කියය් විද්‍යාත්මක ක්‍රමයට හසු නොවෙන නිසා, නමුත් ඔයා බඳින්න ගියොත් අනිවාර්යෙන්ම පොරොන්දම් බලනව, විවාහ නැකත් බලනව...අද රටේ මේ දේවලට බණින ලොකු ලොක්කො පව හොරෙන් මේව කරනව, භාර හාර වෙන්න දේවාල ගානෙ යනව..
    ඉතින් මේ අපේ රටේ පැවති විද්‍යාවන්ගෙන් ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි ශේෂ වෙලා තියෙන්නෙ, සුඩ්දො, වෙනත් ආක්‍රමණිකයො මේව විනාශ කලා, ඒ අද ඉන්න දීන තමන්ගෙ යටගියාව නොදන්න, බටහිරට කත් අදින පරමපරාව බිහි කිරීමෙ මුල්ගල තැබීම..අවුරුදු දහස් ගණනක උන්ගෙ වෑයම අද සෑහෙන්න සාර්ථකයි. මේ විද්‍යාවන්වල විපුල ඵල අද ඔයත් ලබනව ඇති, නමුත් ස්වභාවයෙන්ම ඒවට ගරහනව..හේතුව මේව ලෝකේට බිහිකලේ බටහිර විද්‍යාත්මක ක්‍රම වේදයකින් නොවන නිසයි. මේව බිහිවුනේ ධ්යානලාභී රිශිවරුන් අතින් වීම නිසයි...

    ReplyDelete
  19. මම හොඳ උදාහරණයක් දෙන්නම්.ලන්කාවෙ ඉන්න බටහිර වයිද්‍යවරු බොහොමයක් දන්නව ඒ ගොල්ලො දෙන බෙහෙත් වලින් රෝගීන්ට අහිතකර තත්ව ඇති වෙනව කියල.ආයුර්වේදය කරන පාරම්පරික වයිද්‍යවරුන්ට පිළිකාව පවා සුව කරන්න පුළුවන් කියල උන් දන්නව. නමුත් ඒක පිළිගන්න කැමති නෑ, හේතුව තමන්ට තියන පිළිගැබීමට සහ තත්වයට පහර වැදෙන නිසා..ඒ වගේ තත්වයක් තමයි තම්න් ඉගෙන ගත්ත දෙය ගැන උඩගු වුනු අයටත් වෙලා තියෙන්නෙ...තමන්ගෙ පඬිකම පෙන්වීමත් අවශ්‍යයි...තත්වය රැක ගැනීමත් අවශ්‍යයි...කොච්චර කොතනින් ගියත් අහන්නෙ විද්‍යාත්මක සාධක නෑ නේද කියලා.
    ඉගෙනගත්ත හෝ දැනගත්ත දෙයින් අන්ධ වීම නෙමෙයි විය යුත්තෙ. ඒ දැනුමත් හිසේ තියාගන නව මාන ඔස්සේ යන එකයි. ඔය බටහිර විද්‍යාත්මක ක්‍රමයෙත් අත්‍යවශ්‍ය අන්ගයක්නෙ උපකල්පනයක් පිරික්සන්න පරීක්ෂණයක් සැළැසුම් කරද්දි කොහොමහරි මේ උපකල්පනය ඇත්ත කරනව හෝ කොහොම හරි මේ මතය බොරු කරනව යන මත දෙකෙන් එකකවත් නොසිටිය යුතුයි..නමුත් මෙතනදි තමන්ගෙ රාමුව ඇතුලෙ තමන්ගෙ දැනුමට කොටුවෙලා ඔයා මධ්ඨස්ථභාවයෙන් මිදිල මෙහෙම දේවල් නෑ කියන මතයෙ බැහැගෙනයි කථා කරන්නෙ. අනික තමන් යම් අන්ශයක අධ්‍යාපනය ලද පමණින් තමන් සියල්ල දත් වෙන්නෙ නෑ. ඒ නියම ක්‍රමවේද වලට පරිභාහිර කරුණු හා දැනුම ඕනෙ තරම ලෝකෙ තියනව. උදාහරණයකට කෘෂි විද්‍යා උපාධිකාරයකුට වඩා වැඩි දැනුමක් කුඹුර කොටන ගොවියකුට තියනව. අපි සතු සහජ බුද්ධිය හා දැනුම අපිට ලැබෙන්නෙ පූර්ව ජාතිවල ඉඳලමයි. ස්පේෂලිස්ට් කෙනෙක් නොවුනත් භාවනාමය ක්‍රමයකින් දැනුම ලබා ගත් කෙනෙකුගෙ දැනුමට අභියෝග කරන්න බැහැ. ඹුදුන් වහන්සෙ ලබා ගත් දැනුම් සම්භාරය ගැන හිතන්න. ඒ ඔක්කොම දැක්කෙ ලැබුවෙ ධ්‍යාන මගින්.ඒ නිසා අනිත් අය ස්පෙෂලිස්ට්ල නොවුන පමණින් ඔවුන් කරන දේ ලඝු කොට සලකන්න එපා.

    ලන්කාවෙ ඉතිහාසය ඩිහා බලද්දි කෘෂිකර්මය වගේ ක්ශේත්‍ර එක්ක ජ්‍යෝතිශය වගේම යන්ත්‍ර මන්ත්‍ර කෙම ක්‍රම බැඳිල තිබුන, අදටත් තියෙනව. ඒව දැන් මිනිස්සු භාවිත කරන්නෙ නැතුව මිසක්. ආයුර්වේදයටත් මෙමෙ කෙම් ක්‍රම සම්බන්ධයි.

    යම් යම් ගැටලු සහගත දේවල් පෙනෙන්න තිබුන වුනත් රාවණා ඉතිහාසය එක අන්තෙක ඉඳගෙන බැහැර කරන එක වැරදියි. ඒක නෙමේ සින්හලකම.

    ReplyDelete
  20. රාවණා ඉතිහාසය යනු වටිනාකම් රාශියක් ඇති ඉතිහාසයකි. නමුත් මෙහි ඇති සමහර ලිපි මගින් යමෙකුට රවන ඉතිහාසය පිලිබදව ඇතිවනුයේ වැරදි අදහසකි. මෙය මගේ මතය වේ. පාසල් සිසුන් පවා මෙවැනි ලිපි කියවා දැනුම ලබාගන්න බැවින් නිවැරදි තොරතුරු පමණක් සටහන් කිරීම වටිනාකමකි.

    ReplyDelete
  21. http://www.youtube.com/watch?v=pWjNoaHigUk must see

    ReplyDelete
  22. හිනා වෙලත් බැ හිනා නොවීත් බැ අනේ මන්ද

    ReplyDelete
  23. rawana rajathuamat sitha dewiyata putek hitiyadha

    ReplyDelete

නුදුරු අදහස්