Friday, August 17, 2012

රාවණා රජතුමාගේ යගදාව හෙට රාත්‍රියේ ආකාසයේ දිස්වෙන වගයි!

ශ්‍රී රාවණා අධිරාජ්‍යයා තම නිද්‍රාවෙන් අවදි වි මුළු ලොවම සසල කර හෙළදිවේ මහ රජු බවට පත් වන 2012/12/12 දිනට ඇත්තේ තවත් සුළු කාලයකි. ඒ ගැන මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා පැහැදිළි කරමින් ලියූ ලිපිය මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ පළකළෙමු.

මධ්‍යම කඳුකරයේ ඉතාමත් රහසිගත ප්‍රදේශයක භාවනානුයෝගීව වසමින්, සම්‍යක්දෘෂ්ඨික දෙවි වරුන් ගේ දැනුම යොදා ගනිමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් පයිංඩ එවන තාපස තුමා, රාවණ රජුගේ උත්ඨානය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙතත් "චාමිසමා" නැමති අසුරයෙක් හරහා ඉතාමත් විශේෂ පයිංඩයක් එවූ අතර ඒ ගැන හෙළි කිරීමටයි මේ සූදානම.

තාපසතුමා පවසන පරිදි රාවණෝත්ඨානය ළං වී තිබෙන බැවින් ඒ ගැන පෙරමග ලකුණු දිස්වීම ආරභ වී තිබේ. ඒ අනුව හෙට (එනම් ක්‍රිව 2012 අගෝස්තු 18 සෙනසුරාදා) රාත්‍රියේ සම්මත වේලාවෙන් 09:28 සිට 10:55 දක්වා (කුජ හෙවත් යුද්ධයේ හෝරාව ඇති විට) යෙදෙන බලගතු නැකතේදී නැගෙනහිර අහසේ ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ යගදාව දිස් වේවි!

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාව අවදි කිරීම සඳහා අසුර ලෝකයේ සිට දීමන්තරයින් දැනටමත් පැමිණ ඇත. දීමන්තරයින් යනු භයානක අමනුෂ්‍ය විශේෂයක් බව යක්ෂයින් ගැන විස්තර වෙන පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ විග්‍රය වෙයි. බටහිරුන් ඔවුන්ව හඳුන්වන්නේ Dementors ලෙසටයි. පර සුද්දන් විසින් හෙළයින්ගෙන් පැහැරගෙන ගොස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පුස්කොළපොත් කියවීමෙන් ජේ කේ රෝලිං විසින් දීමන්තරයින් ගැන විවිධාකාර කතන්දරද ගොතා ඇත.

දීමන්තරයෙක්

ඉතින් එම දීමන්තරයින් විසින් ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව ‍රැගෙන, එතුමා නිද්‍රාගතව සිටින මහ කුඩුගල ගිරි ශිඛරයේ එතුමාගේ ශරීරය අසළින් තැන්පත් කිරීමට නියමිතය. එනම් ශ්‍රී රාවණ රජතුමා අවදි වීමට පෙර එතුමගේ යගදාව අවදි විය යුතු බව ඉන් සංකේතවත් කරයි. නමුත් ඊට පෙර සූර්ය වංශික ශ්‍රී රාවණා රජතුමාට උපහාර පිණිස සත් වතාවක් නැගෙනහිර අහස ඒකාළෝක කරමින් එම යගදාව ප්‍රදක්ෂිණා කිරීමට නියමිතය. පෙර පැවසූ පරිදි හෙට රාත්‍රියේ යගදාව දිස් වන්නේ එවිටයි.

තාපසතුමා වැඩිදුරටත් පැවසූ පරිදි ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව දෑසින් දකින පුද්ගලයින්ට ශක්තිමත් යගදාවක් පහළ වීමට වාසනාව උදාවේ. එය දඹ රන් හිසක් ඇති යගදාවකි. එය ලැබීමෙන් ඔබට කොතරම් ශක්තියක් ලැබේද කියා දන්නවාද? එනම් කුණ්ඩලීනී යෝගයට සම වැදී යගදාව පොළොවට ලම්භකව සිටවා තබා ඔබට එය මත පොළොවට සමාන්තරව හිට ගැනීමට හැකි වේවි. එම යගදාවෙන් පහර කන ඕනෑම භාණ්ඩයක් පළමු පහරෙන්ම කැඩී යාවි.

ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව මෙලෙස වන්නට ඇති බව සැලකේ.

එසේනම් ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව බැලීමට ඔබත් කැමති ඇති. ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

1. දීමන්තරයන් යනු ඉතාමත් භයානක අමනුෂ්‍ය විශේෂයකි. ඔවුන්ට හමු වෙන ඕනෑම මනුෂ්‍යයෙක්ගේ ආත්මය ගිල දැමීමට ඔවුන් කටයුතු කරයි. එනිසා හෙට රාත්‍රියේ 09:28 පසු වෙත්ම නිවසෙන් එළියට බැසීමට පෙර "ශ්‍රී රාවණ සිද්ධම්!" යැයි හඬනගා පවසන්න. එවිට දීමන්තරයින්ගෙන් ඔබට ගැහැටක් සිදු නොවේවි.

2. ඉන් පසුව ඔබට දැනේවි වෙනදාට වඩා හයියෙන් පළඟැටියන් සහ ‍රැහැයියන් කෑ ගසන බව, ඊට හේතුව ඔවුන් දීමන්තරයින්ට බය වී සිටීමයි. ඊට අමතරව වෙනදාට වඩා අධික අන්ධකාරයක් තිබේවි, ඊට හේතුව දීමන්තරයින්ගේ බලපෑමයි. (නමුත් ඔබ ශ්‍රී රාවණා පරපුරේ හෙළයෙක්නම් සහ ඔබ නිවසෙන් පිටවීමට පෙර "ශ්‍රී රාවණ සිද්ධම්!" යැයි හඬනගා පැවසුවානම් ඔබට බිය වීමට හේතුවක් නැහැ.)

3. ටික වෙලාවක් ගත වෙද්දී ඔබට නැගෙනහිර අහස රක්ත වර්ණයෙන් බබළනවා පෙනේවි. මොහොතක් යත්ම දීමන්තරයින් විසින් යගදාවත් ‍රැගෙන අහසේ පියාඹන හැටි ඔබට දිස් වේවි.

4. ඒ වෙලාවේ පහත මන්ත්‍රය ජප කරන්න. ඔබට මා පෙරදී සඳහන් කළ යගදාව ලැබීමට  එම මන්ත්‍රය උදව් වේවි.

ඕං නමෝ ශ්‍රී රාවණ යගධා සම්බ ටොයිසහස්ත නැගී වර වර ඒස්වාහ:

ඔබට හැකියාවක් ලැබුණොත් හෙට රාත්‍රියේ දිස් වෙන එම විස්මය ජනක දර්ශනය ඡායාරූප ගත කර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙත ලබා දෙන්න. මේ පුවත හැකි තාක් රාවණ ගවේශකයින් වෙත ලැබීමට සලස්වන්න. ශ්‍රී රාවණ සිද්ධම්!

79 comments:

  1. හෙට මම අනිවා කිව්වා වගේ කරනවා.මගේ බ්ලොග් එකේ හෙටින් පස්සේ ලිපි වැටුනේ නැත්තම් දිමන්තරයින් මාගේ ආත්මය ගිල ඇති බව සලකන්න.

    ReplyDelete
    Replies
    1. "ශ්‍රී රාවණ සිද්ධම්!" යැයි පැවසීමෙන් ඔබට ඔවුන්ගෙන් කිසිදු අනතුරක් සිදුවන්නේ නැහැ.

      Delete
  2. මටත් යගදාවක් ලැබෙයිද

    ReplyDelete
    Replies
    1. වැඩේ හරියට කළොත් යගදාවක් ලැබෙන බවයි තාපස තුමා පැවසුවෙ.

      Delete
    2. ඇයි උඹට තියෙන යගදාව මදි වෙලාද තව ඒවා හොයන්නේ?

      Delete
    3. මීවනයට යගදාවක් නැහ. නුනුට දෙන්න හදනව.

      Delete
    4. මෙන්න මේකෙත් දිමන්තරයො ගොඩක් ඉන්නව.
      http://harrypotter.wikia.com/wiki/Category:Images_of_Dementors

      Delete
    5. නෑ යකෝ තියන එකේ දඹ රන් හිසක් නෑනෙ

      Delete
  3. හෙට රෑට නෙහ්... අනිවා ට්‍රයි කරනවා

    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  4. මේක හැරී පොටර් ටත් වඩා ආතල් නේ, පිස්සු හැදෙයි, රාවණා බබලයි කිව්වලු.

    උඹ ඉතින් පොටෝෂොප් වලින් එඩිට් කරලා මොකක් හැරී විගඩමක් කරයි ආය.

    උඹට ඔය පිස්සු විකාර පෙන්නේ ඔය පුන්ඩලනී යෝගේ ගන්ට භාවනා කරන්ට ගිහින් මොලේ විකාර වෙලා හින්දා වෙන්ට ඇති. මම දැකල තියෙනවා ඒ ගැන තියෙන පොත්.

    මීවනයෝ උඹ ගැන අනුකම්පා කරලා කියන්නේ, ගිහින් බෙහෙත් ගනිං බං. ඉක්මනට පියවි සිහියට වරෙන්. ඔය වගේ ලෙඩ හොඳ කරන්ට පුළුවන් දැන්.

    හොදට ඉගෙන ගත්තු එවුන්ට පිස්සු හැදුනාම එකා අමුතුම ජාතියේ අසාමාන්‍ය පිස්සෙක් වෙනවා. මොකද ඌ ජීනියස් පිස්සෙක් හින්ද.

    උඹට හොඳ හැකියාවක් තියෙනවා. ඔය පිස්සුව හොද කරගනින්. උඹට මේ රටට වැඩක් කරන්ට පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. පුත, ජයරත්නයන් මේ කරන වැඩේ මදිද? ඔහු කරන මේ සේවය ලඝු කොට සලකන්නේ ඇයි?

      Delete
    2. උබටත් පුලුවන් උබේ යගදාවේන් නිල් ගල පලන්න(කපන්න)පුන්ඩලානි එකටත් පුලුවන්.

      Delete
  5. යගදාව අයිති කරුට පළමුව යගදාවන් අවදි වීම එතරම් දෙයක් නොවේ නේද ?

    ලියන්නා විසින් වෙනත් ආකාරයකට මෙහි කියා ඇත්තේ එයම වෙන්නට පුළුවන්.

    "ඊළඟට ඇහිච්ච සද්දෙන් තාම ඇඳෙන්වත් බැහැලා හිටියෙ නැති මහා චූ බරකුත් තියන් හිටි මට ඇඳේම චූ නොගියා විතරයි. මන් බාත් රූම් එකට නොගිහින් ටිකක් වෙලා හිටියෙත් ඉතින් ඔය උදේ පාන්දරම සියළුම පිරිමින්ට තියෙන ප්‍රශ්ණ පොඩ්ඩක් බැහැලා යනකන්.. සේරම බැස්සා හුටුශ් ගාලා ෆෝන් එක දිගේ ආපු කටහඬ එක්කම.

    ReplyDelete
  6. යගදාවක් දැනටමත් හිමියි...
    දීමන්තරයන්ට බිය විය යුතු නැත..
    පුරාන ඍෂිවරු සොයාගත් මන්තරයක් ඇත..
    එයට දීමන්තරයන් බයය.. එය ප්‍රටෝනාම් වශිය ලෙස හදුන්වයි!!!!!!
    “එක්ස්පෙක්ටෝ ප්‍රටෝනාම්“ මෙය මතුරා කොසු පොල්ලක් උරුක් කිරීමෙන් දීමන්තරයං අංඥකොරොස් වේ.
    ජය ශ්‍රී!!!!!!

    ReplyDelete
  7. හිටු හෙට දෙන්න වැඩේ. වරෙව් දීමන්තරයෝ පොල්ල උරුක්කරගෙන ඉන්නවා කිව්ව විදිහටම

    ReplyDelete
  8. අනිවා ට්‍රයි කරනවා හෙට..යගදාව ෂුවර් නේද

    ReplyDelete
  9. මමත් කොහොම හරි යගදාවක් අරන් ගල් වලක් දාගන්නවා. එතකොට බෝර දාන්ට ඕනේ නෑ, යගදාවෙන් ගහල ගල කුඩු කරනවා.


    ReplyDelete
  10. මේ යකට පිස්සුද කොහෙද. ඉස්සර නම් ඉතා අගනා ලිපි තිබුන. දැන් දැන් කුණුහරප. මට පෙන විදියට මී. ප ජයාට පොල්ලක් නැද්ද කොහෙද.
    හා හා හා
    <a href="http://mycodingerrors.blogspot.com/">More details</a>

    ReplyDelete
  11. යගදාවටත් පෙරම, පෙරමග ලකුණු අද උදෑසනම දිස්විය. බ්ලොග් අඩවිය හැක් කර ඇත.
    මෙහෙම වෙන්නෙ ඇයි??

    ReplyDelete
  12. හැරී පොටර් ඕව මතුරල තමයි යගදාව නැති කර ගත්තෙ.

    ReplyDelete
  13. මීයට නම් දැන් හොදටම පිස්සු.
    රාවණෝත්ඨානය ළං වී තිබෙන බැවින් මීවනයට පිස්සු උග්‍රවී තිබේ. මට නිර්කාමික තාපස තුමා ඊයේ පැවසුව පරිදි ටිකෙන් ටික පිස්සුව වැඩි වී 2012/12/12 දින මහතුඩු ගලින් පැන දිමන්තරයෙක් වන බවයි.

    ReplyDelete
  14. මලයාලි සක්කිලියො තාම කමෙන්ට් කරල නැහැනෙ.
    අර දාල තියන මලයාලි හිගන්නගෙ රෑපෙනම් හොදයි.

    ReplyDelete
    Replies
    1. මමත් බැලුවෙ ඒකමයි. අඩු ගණනෙ ඔයාවත් දැම්මනෙ.

      අර තමුන්නැහේ කලින් දවසක 2013/04/12 කිව්ව එක ගැනයි. ඕක බටහිර විදියට වසර ගැනීමක්. සිංහල විදියට ඔය දවස 2012 බක් මාසේ අවසාන දවසට සමයි.

      Delete
    2. ඒක තමා බං මාත් මේ බැලුවේ. දීමන්තරයෙක් උගේ ආත්මේ ගිලගෙනද දන්නේ නෑ. එහෙමත් නැත්නම් ඌ ඉංජිනේරු උපදේශකලු නේ. රාවණාගේ ලදරමේ අවුලත් ගිහින් ඒක හදනවා ඇති සමහර විට

      Delete
    3. අද Anonymous One orig මේ වගේ ලිපියකට කමෙන්ට් කලේ නොකර බැරි නිසාවෙනි. නැත්නම් ඔහු (සමහර විට ඇය) පන්ඩිත වදන් පමනක් දෙන අයෙකු වන නිසාවෙනි. සුද්දාගේ දෙයින්ම රැකී ඌටම පින්ගැසීම හෙල සිරිත නොවේ.

      සුද්දෙක් හරි මොන මල යකෙක් හරි අපිට වැඩක් කර දී ඇත. එය අප ඉදිරියේ ඇති පැහැදිලි සත්‍යයි.
      එය අපගෙන් සොරා ගත්තාද නැද්ද යන වගට වඩා උන් කරන සේවය ඇගයීම වටී...

      Delete
    4. @rachiයා උඹ මම බොරු කියනවා කිව්ව නේද? උඹට මාව හමුවෙන්න අවස්ථාවක් තියෙනවා. භය වෙන්නෙ නැතුව ප්‍රයෝජනේට ගනින්.

      @vidu, මම තෝරාගත් හරයැති ලිපි වලට විතරයි ප්‍රතිචාර ලියන්නේ.

      "සුද්දාගේ දෙයින්ම රැකී ඌටම පින්ගැසීම හෙල සිරිත නොවේ." - ආච්චිගෙ යට ඇදුම. සුද්දගෙ රටට ගියේ උන්ගෙ ඇරයුම ලෙස PR අරගෙන. සිංහල එවුන් ගැන නොවන්න, තොපි මලාද බලන්නෙ නෑ. සුද්දා මට ණයයි ඕයි. අර ගොනෙක් කිව්ව නොබෙල් සොච්චම වගෙ සිය ගුණයක් විතර. දැනටත් නඩු දානවා කියලයි තියෙන්නෙ. ගෙවන කම් උන්ට නැට්ට පුකේ ගහගෙන ඉන්න වෙලා. උනුත් උඹල වගෙයි. කාගෙන් හරි පොඩි දෙයක් අහල දැන ගත්තම I-know-everything වර්ගෙ. ඒකට මම කේවට්ට න්‍යායය දාල හොම්බ ඉලුවා. ලැජ්ජාවට අදවත් කට අරින්නෙ නෑ.

      "සුද්දෙක් හරි මොන මල යකෙක් හරි අපිට වැඩක් කර දී ඇත. එය අප ඉදිරියේ ඇති පැහැදිලි සත්‍යයි." - උඹ තාමත් සුද්දගෙ ගාලෙ කොටු වෙලා. අද මට ඒ ඔක්කොම මහා කෙප්ප. අර මම කියපු තාක්ෂණේ සිංහල එවුන් හැමදේටම දාන දෙයක්. අයන්නවත් බැරි සුද්දා උඹල දැනටම මරුමුවට තල්ලු කරල. උඹලව ගැලවෙන්නෙ උන් පරදපු එකෙකුට විතරයි.

      අඩා මට මසින් සැදි යගදාවක් ඇත.

      Delete
    5. ඇනෝ මචෝ කොහොමද උඹව හම්බවෙන්නේ? උඹ වගේ විද්වතෙක් හම්බුවෙන්ට අවස්තාවක් තියෙනවනම් ඒක අතාරින්ට තරම් අනුවන කාරයෙක් නොවේ මම නම්.
      කොහේ කොතැන කෙසේ නම් අපි හමුවෙමුද? හැබැයි උඹ තනියෙම වරෙන් අර දීමන්තරයෝ කියන එවුන් නැතුව හරිද?

      Delete
    6. අනේ උඹයි මායි දන්නා හරය, උඹට හරයක් තියෙනවනම් ඉතින් ඔහොම ඉදීද? මලයාලි සක්කිලියා

      Delete
    7. @රාවනාගෙ හොර ගෑණි, උඹටද අර "පැණිදෙනියෙ ගොනා" කියන්නෙත්. අඩා ගෑණුන්ට නිග්‍රහ කරන හිඟන මලයාලි සක්කිලිය, උඹට මම තනිවම හම්බ වෙන්න ඕන කිව්වද? එවපන්කො උඹෙ විස්තර මගේ ඊමේලට (miniskama@ඇට්ජීමේල්ඩොට්කොම්).

      මීවන තුමාගෙ නමට ලොකු ජීවිත රක්ෂණයක් අරං වරෙං. ඩීමන්තයො මොකටද බං මට. උඹ වගෙ සක්කිලි වෙන්කර ගන්න පුළුවන් නම් මට සිංහලයන් වෙනුවෙන් ලොකු පිනක් කරගන්නෙ කොයි කාලෙද? උඹ උඹේ හත්මුතු පරම්පරාවම අරං වරෙන්. මම තනියම එන්නම්. මමත් පොඩි බඩුවක් ටෙස්ට් කරන්න උඹ වගේ පොරක් හොයනවා. හොඳට අමුඩෙකුත් ගහගෙන වරෙන්. මොකද මම දැක්කම උඹට හැදෙන ලෙඩේට ඇබයක් ගහන්න වෙන නිසා.

      Delete
    8. මේ rachi කියන්නෙත් @රාවනාගෙ හොර ගෑණි කියන හිඟන මලයාලි සක්කිලිය වෙන්න ඕන.

      Delete
    9. @Anonymous One orig මට තොපිට තරම් පිස්සුවක් නෑ ෆෙක්‌ නම් වලින් එන්ට,මගේ නියම නමෙන් ඇවිල්ල ඉන්නේ, මේකත් තොගේ වැඩක් මද කොහෙද මට නම් හිතෙන්නේ.
      එනවනම් උබේ නියම නමෙන් වරෙන් ඒක ඒක ෆෙක්‌ නම් වලින් එන්නේ නැතුව, තොපි තමා සිංහල නිවයයෝ, සිංහල එවුන් ෆෙක්‌ නම් වලින් එන්නේ නෑ, නියම සිංහලයෝ වගේ ඇත්තම නමෙන් වරෙන්

      උඹලට ඇත්ත දරා ගන්ට බැරි කම හින්දා තව එකෙකුට ඒක පටවලා මේවගෙන් පැනල යන්ට හදන්නේ, තෝ නම් මක්කෙක් තරම් වත් නෑ

      Delete
  15. please check this

    http://lunarmeteoritehunters.blogspot.com/

    ReplyDelete
  16. ඇත්ත වශයෙන්ම අද රාත්‍රිය සියළු හෙළුවන්ට අතිශයින්ම වැදගත් වූ රාත්‍රියක් බව කිව යුතුය...
    තවද මෙහි දක්වා ඇති සියළුම කරුණු අනුව උදා වීමට ඇත්තේ අති උත්කර්ශවත් අවස්ථාවකි... මේ සම්බන්ධව මාගේද බලවත් උනන්දුවක් ඇත... එහෙයින් අද දින රාත්‍රියේ අති උතුම් රාවණාවන් සිහි කොට බල උපදවා යගදා දැක්මට දැන් සිටම සූදානම් වෙමි. තවද මාගේ දැනුමට අනුව නම් මෙම අවස්ථාවෙන් තව බොහෝ වූ වැඩ ගත හැකිය... මෙවැනිම අවස්ථාවක් මෙයට පෙර අතීතයේ එක්තරා දවසක සූර්යග්‍රහණ මොහොතකදී සිදු වි ඇත බව දනිමි.. එයින් පසුව අද උදාවන මෙම අසිරිමත් මොහොතෙහිදී පහත දක්වා ඇති අකාරයෙන් කට යුතු කිරීමෙන් ඒ ඒ ආශ්චර්ය්‍යන් විඳිය හැකි බවද දන්වා සිටිමි...

    නියමිත මොහොතට පෙර මිදුලට බැසීමෙන් වලකින්න.. නියමිත මොහොතටම "රාවණා සිද්ධම් යැයි මහ හඩින් කියනවාත් සමඟින්ම ඔබගේ පාද යුවළම එක්වර පොළව ස්පර්ශ කරන ලෙසින් මිදුලට පනින්න..තවද මෙහිදී වැදගත් කාරණයක් කියමි.. මෙම අවස්ථාවෙදී සුද්දන් විසින් සෑදූ ඇඳුම් කිසිසේත්ම ඇඟලීම සුදුසු නැත.. එයින් හෙළු බල නැසේ.. එහෙයින් හෙළු ඇඳුමෙන් සැරසී..එනම් උසස් නරයින්ගේ වස්ත්‍රය හෙවත් නිරිවස්ත්‍රයෙන් මිදුලට පැනීමට මතක තබා ගන්න.. එවිට එයින් උපදිනා අතිමහත් ශක්තියෙන් පොළව කම්පනය වන ආකාරය ඔබට හොඳින්ම දැනේවි... මහත් වූ හඬින් "රාවණා සිද්ධම්" යැයි කියමින් නිරිවස්ත්‍රයෙන් පාද දෙකම පො‍ලවේ වඳිනා ආකාරයට හැකි තාක් ගුවනට පැන මිදුලට පැනීමෙන් මෙම කම්පන වේගය අති මහත් වනු ඇත... සිය ශරීරය තුලින්ම එම අධික කම්පනය හඳුනා ගනු ඇත...

    එසේ කිරීමෙන් නියමාකාර රාවණ ශක්තිය උපදී.. එසේ කටයුතු කල හොත් අන්ධයින්ට මෙම සුභ කාලය තුලදී ශ්‍රවණ ශක්තිය ලැබෙනු ඇත..කොරුන් ඇවිඳිනු ඇත.. පිළුවන් හට දෘෂ්‍ය ශක්තිය උපදිනු ඇත... නැගනහිර අහස දිවා කාලයක මෙන් ආලෝකවත් වනු ඇත... උක්ත යගදාව ඔබට මනාව පෙනෙනු ඇත... තවද මෙය සමූහයක් වශයෙන් කරන්නේ නම් ප්‍රතිඵල අධිකය..උදහරණයක් ලෙසින් කිවහොත් මෙම ආකාරයෙන් අසල්වැසියන්ද සම්බන්ධ කරවාගෙන කටයුතු කලහොත් ඇස් පනා පිටම මෙම යගදාව පහල වන ආකාරයත් එහි දෘඪ භාවය අධික වන බවත් ඔබ අත් විඳිනු ඇත... එසේම රාවණා මහිමයෙන් යගදාව දෙගුණ තෙගුණ වී පෙනෙන්නටද හැකියාව ඇත...

    මෙසේ වූ මහත් ආශ්චර්ර්‍ය්‍යන් පහළ වන අද රාත්‍රිය මඟ හරවාගැනීමෙන් වලකින්න..එයින් ඔබව ඔබගේ හෙළු ශක්තිය අහිමි වී යෑමට හැක...

    ශ්‍රී රාවණ සිද්ධම්..!

    ReplyDelete
    Replies
    1. ඉතාමත් වටිනා පැහැදිළිකිරීමක් ප්‍රිය මාරයානෙනි. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    2. කිවයුතු අනිවාර්යය කරුණ නම් එම අවස්ථාවේ දී ස්ත්‍රීන් හට එසේ නිර්වස්ත්‍රව එළියට බැසීම සුදුසු නැති අතර එසේ වුවහොත් එම ස්ත්‍රීන්ට අහල-පහළ දීමන්තරයින්ගේ යගදා පහර වදිනු ඇත එසේම එම ස්ත්‍රීන්හට දිගින් දිගටම දීමන්තරයින්ගේ යගදා පහරේ අවශ්‍යතාවය දැනෙන අතර එදින සිට ඔවුන් උමතුවෙන් මෙන් යගදා පහර සොයා යන බව ඒකාන්තය....ස්ත්‍රීන් ප්‍රවේශම් වනු

      ශ්‍රී රාවණ සිද්ධම්..!

      Delete
  17. මේකේ පොඩි කොස්සක් තියේ.. මේවා මැදපෙරදිගට පේනවද? නැත්තන් මෙහෙ අද නොම්බියට හඳ බලනවා. එතකොට මේ මිනිස්සු ඕක දැක්කොත්??

    ReplyDelete
  18. හපෝ මට හෙලුවෙන් පාරට බැහැලා අල්ලපු ගෙදර උන්ගෙන් ගුටිකන්නබෑ....

    ReplyDelete
  19. ආචාර්ය තුමනි මේ යගදාව කාන්තා පක්ෂය දැකීමෙන් බලවත් කම්පනයක් ඇතිවිය හැකි බව මාගේ විශ්වාසයයි.කරුණාකර පැහැදිලි කරන්න.ශ්‍රී රාවන සිද්ධම්.

    ReplyDelete
  20. ඔය යගදාව පරණ යකඩ කොල්ලකා විකුණන එවුන්ගෙන් බේරා ගන්නේ කොහොමදැයි පහදා දෙන්න.

    උන්ට මන්තර අහයිද?

    ReplyDelete
  21. අද රෑ තමයි රෑ. හෙලු ඇදුමෙන්ම එලියට පැනල යගදාව ගන්න ඕනි. ආචාර්යතුමනි, හෙලුවෙන් වනන්ඩත් වෙයිද?

    ReplyDelete
  22. ඕක කෙලින් හිටවල එක උඩ ඉඳගත්තොත් මොනව වේවිද?

    ReplyDelete
  23. හැමෝමලා වැදි ගම්මානේ කෙටේරි වගේ හෙට තම තමා ලබා ගත් යගදාවන් කරේ තියන් (ඉරිදා නිවාඩු දවසේ) මොන මංගල්ලයක් නටාවිද මංදා. ආචාර්යතුමෙනි, වහාම මෙය සිහි කල්පනාවෙන් භාවිත කිරිම පිළිබද දැනුවත් කරන්න.

    අනික අපරාදේ යුද්දේ කාලේ මෙහෙම දෙයක් තිබුණානම්. දැන් ආරක්ෂක ආමාක්‍යයන්ෂයෙන් සේරම යගදා ටික ගන්න ප්ලෑන් කරලාද දන්නෑ. නියම ආයුධයක් නේ. ආණ්ඩුවටත් හොදා. අඩුම තරමේ හම්බන්තොට වරායේ අර ගල් කැල්ල කඩන්නවත් ඕක හම්බුනේ නෑනේ. දහඅට වංගුව හදද්දි තිබ්බනම්...
    කමක් නෑ.. හෙට ඉදන් සංවර්ධන ව්‍යාපෘති/ වෙනත් ඕනෑම දෙයක් සඳහා ඕනෑම කෙහුරක් බිදීමේ සිට ඕනෑම විනාශයක් කිරීමට බේගල් හෝ ටෙන්ඩර් අවශ්‍ය නොවේ.

    රාවණ රජු ඉස්සරහට මොනවා දෙයිද? හිතා ගන්න බෑ... හිතාගත්තත් වැඩක් නෑ!!! 21 වෙනිදා ට කතා කරලා අහගන්න පුළුවන් නේ.

    ReplyDelete
  24. යගදා එපා මට දීමන්තරයෙක් එක්ක කතා කරන්න තිබ්බොත් ඇති....

    ReplyDelete
  25. පර සුද්දන් විසින් හෙළයින්ගෙන් පැහැරගෙන ගොස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති දීමන්තරයින් දැනටමත් පැමිණ ඇත. ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් පයිංඩ එවන තාපස තුමා, රාවණ රජුගේ යගදාවෙන් ලබාලත් තෙල් වර්ගයකින් ලැබූ බලයෙන් මෙම අනාවැකි කායනු ලැබේ.

    ReplyDelete
  26. අනේ මටත් යගදාවක් ඉල්ලා ගන්න ඇත්නම් ...

    ReplyDelete
  27. එසේම නරවස්තරයෙන් කාන්තාවන් එළියට බැසීම සුදුසු නොවේ එසේ වුවහොත් අසල්වැසි දීමන්තරයන්ගේ යගධා පහරට ඔවුන් ගොදුරුවනු ඇති එහි ඇති අනිසි ප්‍රතිඵල නම් එම යගධා පහර කෑ කාන්තාවන් උමතුවෙන් මෙන් නැවත නැවතත් එම යගධා පහරට ලොල් වන බැවිණි පවුල් අවුල් විම් පවා ඒ තුලින් හට ගැනීමට හැකියාව ඇත එබැවිණ් කාන්තාවන් එසේ එළියට නොබසිනු.

    මනුස්සකම වෙතින් පණිවිඩයක්!
    ශ්‍රී රාවණ සිද්ධම්..!

    ReplyDelete
  28. මීවන තුමා, මන්තර කියන්න ඉගෙන ගත්තේ මලී රූපවාහිනී නාටකේ බලල උක්කුවගෙන්ද? ඕක කියන කොට ඔළුව හොලවල හූස් හූස් කියල පිඹින්නත් ඕන නේද? මොකක්ද අර "සම්බ ටොයිසහස්ත" කියන්නෙ?

    මීවන තුමා, පුදුම කෙලියක්නෙ මේක. සුද්ද කෙලින අතේ පැලවෙන කෙප්ප ඔක්කොම හිස මුදුනෙන් පිළිගෙන, මම කියන ඇත්ත ඒවා ඔක්කොම බොරුය කියන එවුන් මේ අඩවියෙත් ලගිනවනේ. ඔය මම කියන ඒවා බොරුයි කියපු එවුන්ට ලබන වසරේ, ඒ කියන්නෙ නව සිංහල වසර ලැබුවම, මම ලංකාවේදි හමුවෙලා මගෙ කීමෙ ඇත්ත නැත්ත දැන ගන්න අවස්ථාවක් දෙනවා. හැබැයි සැලකිය යුතු වෘත්තිය සුදුසුකම් තියෙන අයත් එක්ක එන්න ඕන. ඒකට කැමති අයට මේ ලිපිනයට ලියලා තම ලිපිනය දෙන්න පුළුවන්. Miniskamaඇට්ජීමේල්ඩොට්කොම්.

    සුදුසු කල ආවම ආරාධනා කරනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මගේ පොඩි පර්යේෂණයකට අවශ්‍ය ඌරුමීයන් වීමට කැමති අයත් ලියන්න. ඒක simulation එකක්. අර වෝටර් බෝඩින් වගෙ ලෝදිය හැලියක simulation එකක්. ඒ simulation එකේදි කිසිදු ප්‍රධාන ඉන්ද්‍රියකට හානි කරන්නෙ නෑ. ඒත් ලෝදිය හැලියක ඉන්න කොට වගේ ඇතිවන ශාරීරික උත්තේජන ගැන වගකීමක් නෑ. සිංහලකමට ගරහන සුද්දෝදාර වීරයන්ට කදිම අභියෝගයක්. අර විකාලෝ ගොන්සේකත් වෙල්කම්.

    තමන්ගෙ යගදාවෙන් ප්‍රයෝජන ගන්න බැරි අයට රනින් නිමවූ එකක් ඇති නම් අගෙයි. බැරිනම් රබර් හා ප්ලාස්ටික් යගදා විකිණීමට තිබේ.

    ReplyDelete
  29. මේකත් කලින් ප්‍රතිචාරෙට සම්බන්ධයි. ස්වාභාවික සිංහල ඉතිහාසය, නැවත ඉපදීමක් ඇති බව හා නැති බව සොයා ගන්නා ස්වාභාවික විදිය, සිංහලයන් පණ දුන් දෙවියන් යනු කවුද හා එවැන්නන් ඇති බව සොයා ගන්නා ස්වාභාවික විදිය, පන්සිල් යයි කියන එකෙක් වත් හරියට නොදන්න දේවල නියම අරුත වැනි දෑ ඇතුලත් ජීවත්වීමත් පැවැත්මත් මත හිරු කී දැනුම මත පැවැති ආදී සිංහල බුධ බණ, සිංහල හා අනෙකුත් ජාතීන් බිහි වූ ස්වාභාවික විදිය ගැනද කියමි. අගැයීමට භාජනය කර සිංහලයන්ට නොමිලේ. උන්ගෙ මිතුරන්ට මුදලට. මුදල් මිතුරුකම පරික්ෂාවටය. සතුරන්ට නැත.

    ReplyDelete
    Replies
    1. අර ද්‍රව්‍යවාදී කාලෝ ෆොන්සේක කාරයට මේව පෙන්නල අඩුම තරමින් මැරෙන්න ඔන්න මෙන්න කියලවත් ලෝකෙ යථා ස්වරූපය දැනෙන්න්න සැළැස්සුවොත් ලොකු පිනක් වෙයි. අනික මටත් ඔබේ මේ දේවලට බොහොම ගෞරවයෙන් සම්බන්ධ වෙන්න අවශ්‍යයි.සත්‍යය මටත් දැනගන්න අවශ්‍යයි.මගෙ ඊමේල් - kelumpj@gmail.com

      Delete
    2. කැලුම් නිසි කල ආ විට ඔබට ආරාධනා කරමි. ලබන සිංහල නව වසර ඉතා අගනා ඇරඹුමක මුලයි.

      මීවන තුමාද එතෙක් කල් යහතින් වැජඹේ යයි සිතමි.

      Delete
    3. මම මේව සම්බන්ධයෙන් ඔලුව අවුල් කරගන ඉන්නෙ. මම ජ්‍යෝතිශ ආයුර්වේදය වගේ ක්ශේත්‍ර වලට ගොඩක් ගරුකරනව. ඒත් මෙතන යම් යම් දේ හරිම අවුල් සහගතයි..මගෙ ලඟ දේවතා ස්වප්න මන්තර තියනව, කනප්පු කරකවන හොරු අල්ලන මන්තර තියනව, මට තාම පෞද්ගලිකව මේව අත්හදා බලන්න බැරි උනා. මේ ඉතිහාසය සම්බන්ධයෙනුත් කරුණු විමර්ශනය කරන්න දේවතා ස්වප්නය වැදගත් වෙයි..ඔබට ස්තුතියි...මම කිසිම දෙයක් එකපාරට බැහැර කරන්නෙක් නෙමෙයි.මට සත්‍යය දැනගන්න ඕනෙ,

      Delete
    4. කැලුම් කිසි දේකට ඔළුව අවුල් කරගත යුතු නැත. කිසි දෙයක් තරඟයක් නොවේ. නොදන්නා දේ දැන ගැනීමට අමාරුය. එසේම සීමාවන්ද ඇත. වරක් මම තනිවම මහ සයුරේ අතරමන් වූ බවක් දැනුනි. එසැනින් මම මාළුවකු කරන දේ සිතිමි. එවැනි දහසකුත් බාධක ඇත. බොහෝ දෙනෙක් අද වැරදි ඇදහීමෙන් යන ගමන විනාශයෙන් හා පරාජයෙන් කෙළවර වේ. නියම මග යාමට ජීවිතයටත් පැවැත්ම තහවුරු කිරීමටත් දැඩි ඇල්මක් තිබිය යුතුය. එය අවබෝධ වනතුරු මා ගිය ගමනද අර්ථ සුන් විය. මෙතන අවුල් වීමට හේතුවද එයමය. නියම මග යන විට තුටු පඬුරු ලෙස කිරි පැණි ලැබේ. වැරදි මගින් එකම ඉලක්කය කරා යන විට දිව්‍ය පානය ලෙස ගවමුත්‍ර පානය කිරීමටද වේ.

      ඔබට උරුම වූ දැනුම රැක ගන්න. මමද මෑතක් වන තුරු ඇසූ දෑ බැහැර කලේ කෙළ පිඬු සේය. ඒත් කී දෑ වල තේරුම දන්නේ අදය. එවැනි දෑ කීමට හැකි උන් සෙවීමට උත්සාහ කලෙමි. උන් මිය ගොස්ය. දරුවන් නොදනී. දැනුම නැත. ඉන් එකෙක් තම දරුවන්ට බැරි නිසා පිට අයකුට දෙනු දුටිමි. ඇවැසි නම් අයන්නේ සිට බිහිකල හැකි අයද ඇත.

      තේරුම් ගත නොහැකි මගකින් ඉතිහාසය කී විට හෑල්ලු වේ. ඇත්ත නැත්ත පැටලේ. ඒවා අවශ්‍ය වන්නේ විචාරයටයි. අවසනට ඇත්ත නැත්ත තීරණය වන්නේ ඇස කන වැනි පුහුදුන් අංඟ වලිනි. එයට සරිලන සැබෑ මගක් සොයා ගතිමි. එනිසා ඇටකටු නටබුන් මත යැපෙන ඉංග්‍රීසි විදිය පිළිකුල් කිරීමට හැකි විය.

      යන්තර බැඳි පමණින් මන්තර ජප කල පමණින් කිසිදු දෙයක් නොවේ. එසේ නම් අදද ඒවා මුල් තැනේය. ඒ හුදු සිත පණ ගන්වන උපක්‍රමයන්ය. එයට බාහිර සම්බන්ධයක්ද විශේෂ උරුමයක්ද ප්‍රබල හේතුවක්ද වැනි දෑ අවශ්‍යය. එවැනි නර්තනද බෙරයද යොදා ගෙන කරන්නේ තම හඬ ප්‍රබල කිරීමය. ඒ සැම එක්තරා පාලක රාමුවකට නතුය. ඒ ගැන හැදෑරීමක් පසුවට කරමු.

      Delete
    5. ඔබ පවසනුයේ භාවනාමය ක්‍රම පිළිබඳව විය යුතුයි, මා එය අග්‍රගන්‍ය යැයි පිළිගන්නවා. නමුත් යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත ක්‍රමත් ජ්‍යෝතිශය, ආයුර්වේදය හා අපේ ඉතිහාසය හා බැඳී තියෙනවා නොවේද? මෙම දේවතා ස්වප්න ආදී ක්‍රම ඉතාමත් සාර්ථක මෙන්ම පුරාතන රජ දවස මහ ඉහළින් විශ්වාසය තැබූ ක්‍රම වේදයන් වුනාලු. මේවටත් රාවනා යුගය දක්වාම යන මහා ඉතිහාසයක් තිබිය යුතුයි.යටත් විජිත සමයේ වගේම විදේශ ආක්‍රමන හමුවේත් බොහෝ දේ විනාශ වූ තත්වයක් ඇති වීමත් බටහිර විද්‍යාවටම මුල් තැන දීම නිසා(ඇසෙන පෙනෙන දෙයට පමනක් මුල් තැන දීම නිසාමෙම ගුප්ත විද්‍යාවන් දිගින් දිගටම පිරිහීමත් නැවත නගාසිටුවීමට උත්සාහ නොකිරීමත් නිස ඒවායේ විශ්වසනීයත්වය බිඳ වැටී අද වන විට ඒවා අසම්පුර්ණව මිනිසුන් අතර එහෙන් මෙහෙන් ශේෂ වී ඇති බවයි මම හිතන්නේ.

      Delete
    6. @Kelum,

      දැන් තමයි ඔයාගෙ ප්‍රතිචාරෙ සොයාගත්තේ.

      "නමුත් යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත ක්‍රමත් ජ්‍යෝතිශය, ආයුර්වේදය හා අපේ ඉතිහාසය හා බැඳී තියෙනවා නොවේද?" - අපි අතරේ ඉතිරි වී ඇති දේවල් ඔක්කොම අපේ ඉතිහාසය හා බැඳී තියෙනවා. ඒ වගේම අප අතරින් ගිලි හී ගිය දේවලුත් විශාල ප්‍රමාණයක් වෙනවා. සමහර ඒවා අපට ඕන වෙලාවට දීල පස්සෙ ආපහු අරගෙන. ලොකු දේවල් තිබෙන අය ඇවිල්ල භාවිතා කරනවා මිසක් දීපු පාටක් නෑ. ඊට හේතුව ගන්න බැරිකම කියලත් පෙනෙනවා.

      අවුරුදු 2600කට කොටු වෙලා හිරවුනාම රාවන රජ වංශය විශාල කාලයක් වුනත්, සැබෑ ඉතිහාසය අසීමිත කාලයකට බැඳිලා. ඊට බැඳුනු සාධක අප වටා එමටයි. දැනුම ඒකීය මූලයකින් විහිදෙන බව ඔප්පු වෙනවා. සිංහල මිනිසුන් තමයි අනාදිමත් කාලෙක ඉඳල දැනුමෙ දෙන්නෙ හිරු කියල කෙනෙක් ගෙන් යයි පවසන්නේ. අපි එහා මෙහා යන නිසා නිදහස් වගේ දැනුනට අපි ස්ථීරවම ස්වාභාවික ලෝකයේ කොටසක්. අපේ සැබෑ ඉතිහාසෙත් ඒ තරම් දිගයි. මේවා දැනගන්න ඕන කරන සාධක අප වටා එමටයි. දීර්ඝ ලෙස මූල දත්ත හදාරල තමයි උත්තර හොයාගන්න වෙන්නෙ.

      අතීතය සොයන විදි ගොඩයි. සැබෑ අතීතය අද ලෝකයට මනාව ගැලපෙනවා නම්, එවිට අපට ඉතිහාසය නිකම් කාල උමගක් වගෙයි. අපේ හැකියාවන් පිරිහෙන කොට බැරි දේවල් අතහැරෙනවා. අද තමන්ට නොතේරෙන ඕන දෙයක් මිථ්‍යාවක් කියල මගහරිනවා. අද වෙනකොට මිනිසුන් දැනුම කියන්නෙ වටෙන් පිටෙන් ඇහිඳගෙන තමන් දන්නවා කියල හිතන එකට. ඒක තමයි පහලම තැන. පිපාසෙන් මැරෙන කොට, වතුර දීල පණ බේරගන්නවා වගේ දැනුම දීල ගොඩ දානවා කියන ඉපැරණි කතාව අදත් ඉස්මතු වෙලා. ඒක තමයි අද කතාව.

      Delete
    7. ඔව් ඔයාගෙ අදහස ඇත්ත. මම ගරු කරනව මේ අදහසට.කුන්ඩලීනි යෝගය ගැන මෑතකදි මම කියෙව්ව.ඒක මම පිළිගන්නව. අතීතයේ කරුණු කාරණා හොයාගන්න ඉතාමත් හොඳ ක්‍රමයක්.
      මෑත කාළීනව රට පුරාම විවිධ කල්ලි එකතු වෙලා පුරා වස්තු මන්කොල්ල කනව.රාවණා රජ්ජුරුවන්ගෙ කඩුව හොයනව කියලත් කියනව.වැව් ඔක්කොම හාරනව.මීවන තුමා කියන සමහර දේවල් දේශපාළනමය මුහුණුවරක් ගන්නවද කියල මට හිතෙනව.මම අන්තයක නෙමේ මම මැද ඉන්නෙ, ඒ වගේම ඇතැම් කරුණු ඇත්ත යයි ඔප්පු කළ නොහැකි වූ පමණින්ම ඒව බැහැර කිරීම මෝඩකමක් විදියටත් මම දකිනව.කාලෝ ෆොන්සේක කාරය එවැන්නෙක්. අද රටේ ඉන්න බටහිර විද්‍යවට ගැති උන් බොහොමයක් හිතන්නෙත් එහෙමයි.දඹර අමිල හිමි ලඟ න්‍යෂ්ඨික අවියක් තියනවද? මට මේව තේරෙන්නෙ නෑ... :(
      මෙච්චර අපි අතර හිත දියුණු කරපු ඇත්තො හිටියනම් ඇයි යුද්ධය වසර 30 ක් ඇදිල ගියේ? ඇයි හම්බයො කරන්න යන විනාශයටත් අපි දෙයක් කරන්නෙ නැත්තෙ??

      Delete
    8. කැලුම්, දඹාරේ අමිල ලඟ මොන අවියක්වත් නෑ. ඔය කතාව කිව්වෙ විශ්ව විද්‍යාලවල ප්‍රශ්ණ ගැන. තියෙන්නෙ කට විතරයි. කිව්වෙ උන්ගෙ බලතල ගැන. රක්ෂාවෙන් පැන්නුවා නම් කෙරුම් ඉවරයි.

      "මෙච්චර අපි අතර හිත දියුණු කරපු ඇත්තො හිටියනම් ඇයි යුද්ධය වසර 30 ක් ඇදිල ගියේ?" - ඕක ඔඩු ගියේ, අපේ රට තවමත් පාලනය කරන්නේ සිංහල ආණ්ඩුවක් නොව සුද්දගෙ ආණ්ඩුව නිසයි. ඇත්තටම තවම ඉවර නෑ. සමහර ඒවා වෙන්න ඕන. නැත්නම් ඊට වඩා අමාරු දේවලට මුහුන දෙන්න ඕන. ඕක නිසා අන්තිම දෙමළත් රටෙන් යනකම් විසඳෙන්නෙ නෑ.

      "ඇයි හම්බයො කරන්න යන විනාශයටත් අපි දෙයක් කරන්නෙ නැත්තෙ??" - මට ඇත්ත කියන්න වෙනවා. අද අපි ඉන්න තැනට ආපු විදිහක් තියෙනවා. ඒකටයි ඉතිහාසය වැදගත්. අද අපට තියෙන ප්‍රශ්ණ ජයගන්න නම් මුළු ලෝකෙම උඩුයටිකුරු කරන්න ඕන. ඒක වෙන බව පේනවා නේද? අනෙක සිංහල කියන බහුතරය අද දෙමළුන්ගෙ මුලාවට අසු වෙලා. දේවාල අටවගෙන පිහිට යදින මුලාව දෙමළු දුන්නෙ මීට අවුරුදු 4000කට විතර කලින්. මීට අවුරුදු 2600කට කලින් ඉඳල දෙමළු අපේ දැනුම කියල දුන් හින්දු අමනුෂ්‍යවාදයක් ගිලලා. මනුෂ්‍යකම අගයපු අපි ඒක පිළිකුල් කරල නිවන කියන මිරිඟුව පස්සෙ ගිහින් නැසෙනවා.

      වෙන රටවල් දිහා බැලුවම ඔය හින්දු අමනුෂ්‍යවාදය බදා ගත් හැම රටම ම්ලේච්ඡ තිරිසන්වාදයට බිලි වුනා. වැටෙනකොට වැටෙන්නෙ පහළට නේද? ඒ අනුව මොනවාවත් නොකලොත් ම්ලේච්ඡ තිරිසන්වාදය සිංහල රට බිලිගන්න එක නවත්තන්න බෑ. උන්ට දරදිය අදින්නේ ඔය නිවන් කාරයෝ. ඉන්දියාවට දරදිය අදින්නෙත් උන්.

      සිංහල ජාතිය රකින්න නම් ඔය හින්දු අමනුෂ්‍යවාදයේ වෙස් මූණ ගලවලා විනාශ කරල, මනුෂ්‍යකම පැවැත්ම රකින නියම දැනුම අවබෝධ කරගන්න ඕන. දැන් හින්දු අමනුෂ්‍යවාදය විනාශයට යනවා. කොන්ත්‍රාත් එක කරන්නෙ, මීට වසර 2000කට විතර කලින් උතුරෙ හින්දු අමනුෂ්‍යවාදීන් වඳකරපු කෙනාමයි. ඒවා දැන් වෙන දේවල්. ළඟදි තව ගොඩක් දේවල් වේවි. මේවා ඉබේ නොවෙයි වෙන්නෙ. කරන අය, මිනිසුන් තවම සත්තු වගේ කියල හිතන කොටසක්. හැබැයි වෙන දේවල් ඔක්කොම කියල තියෙනවා. තමන් තෝරගන්න පැත්ත අනුව තමන්ගෙ පැවැත්ම තීරණය වේවී. ඒ අය සිංහලයන් ගැන හොඳට දන්නවා. උන්ට යමක් එපා කරවන හැටිත් අගේට දන්නවා. හැබැයි ඒ වෙනකොට සිංහලයන් හොඳට පරිප්පු කාලා.

      Delete
  30. ඩුබායි අබුඩාබි වගේ රටවල් වල ඉන්න අපටත් මේ යගදාව බලා ගන්න ඇහැක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. UBE DUBAIDA???MAMA INNE SHARJHA AL QASMIYA WELa

      Delete
  31. යගදාවෙ චායා රූපයක් ගතිමි.ප්‍රසිද්ධ කිරීමට ලැජ්ජා නිසා ඩිලීට් කළෙමි.

    ReplyDelete
  32. අනේ මී ජයෝ, උබ නට් ලුස් උනත් හොද එකානේ, අර උබ පෙන්නපු දිමන්තරයද මොකාද ඉන්න ස්නැප් ෂොට් එක ගත්ත ෆිල්ම් එකේ නම කියපන්කො.
    මම ඒ වගේ ෆිල්ම් බලන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. මීයා සුද්දන්ගේ ෆිල්ම් දිහා හැරිලා වත් බලන එකෙක් නෙවෙයි, ඌ පර සුදාගේ චිත්‍රපට අලුමම ලූ කෙල පිඩක් මෙන් තූ කරන දමන්නෙකි.

      ඔය දීමන්තරයා මීයා පුන්ඩලෙන් ගිහින් ගත්තු එක්කක්ද කොහෙද, මීයට වගේ උටත් යට කෑල්ල(යගදාව තියෙන හරිය) නෑ.

      Delete
  33. යගධාව කෙලින් කරලා ෆොටෝ එකක් අරගෙනම එවන්නම්...
    ස්තුතියි මීවනපලානේ මහත්තයෝ මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට !

    යගධා සිද්ධම්... ආහ් නෑ...
    රාවණා සිද්ධම් !!!

    ReplyDelete
  34. අහස රතු පාටට තියනවා , මම උඩ තට්ටුවෙන් බැලුව .

    ReplyDelete
  35. කෝ දැන් දිස් උනාද

    ReplyDelete
    Replies
    1. ඔව්, එහි ඡායාරූප කිහිපයක් අර ගත්ත, හෙට පළ කරන්නම්. මෙහි සහෘදයින් කිහිප දෙනෙකුත් එය දැක තිබීම ගැන සතු‍ටුයි.

      Delete
    2. ඔය පින්තූර දැක්කට පස්සේ නූලක් මතුරල බදින්න වෙයිද දන්නෙත් නැහැ. හපෝ...

      Delete
  36. දැකපු කවුරු හරි ඉන්නවද? මම නම් දැක්කේ නෑනේ.... ජයාරතන මහත්තයෝ මොකද දැන් කියන්නේ. මම හොඳ රාවණා පාක්ෂිකයෙක් තමයි...... ඒත් පෙනුනේ නෑනේ. කියපු විදියටම කරා................

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කේ නෑනේ.....

      Delete
    2. මමත් දැක්කේ නෑනේ. :(

      Delete
  37. What are the evidence you have that Rawana walking on 12th Dec dont waste time guys

    ReplyDelete
    Replies
    1. Hi Geeth, these guys are misguided by twisted Hindu stories. On Top, they use a fatally flawed focused-mind based technique to find history. I read an article in Divaina recently, written by Suriya Gunasekara about this method applied by a guy called Arisen Ahubudu. Unfortunately, they do not have the proper guidance to read their minds, sort things out and relate with external factors crucial to memories that we carry from the time we gained our unique individual Avatar that lasts while body is perished after every life cycle. As it looks some of the facts are derived from bodily inheritance, another form of memories carried from one generation to the next, that lacks the clarity.

      I think even Meevana is attempting to tell what he finds via this means. But it is indeed producing a mixed bag of everything. They even try to resurrect a dead man, something unreal, a pariah, who took the name Ravana, the last Sakvithi king and force all the features and strengths of Manu or Hiru on him. But the origin of all these is the ancient story about Diyasena, that has a true and factual reality. Even Mayans were correct in their version of events. These guys have even got the date wrong. It should be the beginning of the next Sinhala New year (2013/04/12) that is meant by western tradition. To Sinhala, this 2012/12/12 is the last date (equal to 12) of the last month (Bak masa meant by 12) and the year 2012 as months end on 12th. Ancient work was based on Sun and not like the western calender that has no specific natural basis to define the first day of the year. Since the date and month does not change, they get it confused with ancient universal counting that were based on Sinhala way. Anyway have fun.

      Indeed mind plays always to the tune of life (made of own Avatar, which is non-bodily part of life including mind, and inherited body from parents as modified to self need), to maintain harmony within the life, sometimes fooling itself to indulge in being self as a single entity. If it fails to go alone due to a mismatch of higher order, life turns insane.

      Delete
  38. මමත් බැලුව දක්කෙනම් නෑ...මුගේ යදාවක් බලන්න ගිහින් ඊයේ හිරු ටීවී එකේ තිබුන ෆිල්ම් එකත් මිස් උනා..

    ReplyDelete
  39. මමත් දැක්ක රතු පාට යගදාවක් කෙලිං වෙනවා ඊයේ....මම නිලාවේලි හෝටලේ දිග බෙන්ච් එකක වාඩි වෙලා හිටියේ බීච් එකේ..පතොක් ගාලක් අයිනෙන් සුද්දියෙකුට මුවාවෙලා තමයි යගදාව කෙලිං උනේ..ටිකක් වෙලා යද්දි එකම යුද්දයයි..යගදාව ඉහල පහල ගියා පුදුම වේගයකිං...

    ReplyDelete
  40. අනේ අම්මෝ , මම නම යගදාවක් පෙනිච්චවේ කියල හොදට ඉහින් කනින් වහන නිදා ගත්ත ,
    මැසේජ් එක එද්දී කොමත් 10.28 පහු වෙලා ,
    අපිට මොකෝ බන අනිත් එවුන්ගේ යගදා , රාවණා මේ අවුරුද්දේ නැගිට්ටෝත් නම් හොදටම අවුල් ,
    අයෙ ඉතින් අපේ ආඩම්බරකාර තාත්ත එක්ක වැඩේ ලේසි වෙන්නේ නැහැ පොරට , :D

    ReplyDelete
  41. මම ඊයේ පෙරේදා පත්තරේක දැක්කා ප්‍රසිද්ධියේ නිරුවත පෙන්වූවාය කියා එකසිය ගණනකට නඩු දාල තිබෙන ප්‍රවෘත්තියක්. අනේ මන්ද රාවණ රජ්ජුරුවොන්ටත් මේ "යගදා" පෙන්න්න ගිහිල්ල නඩු වැටෙයිද කියලා...

    ReplyDelete

නුදුරු අදහස්