Thursday, August 16, 2012

සිංහලයින්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතාගේ මතයට අපහාස නොකරනු!

"විජයාගමනය මිත්‍යාවක්ද?" මැයෙන් 2009/07/15 දින දිවයින විශේෂාංග තීරුවේ විජයපාල වීරවර්ධන මහතා ලියා ඇති මෙන්න මේ ලිපිය කියවීමෙන් එහි ඇති ආන්දෝළනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය හරහා පිළිතුරක් ලිවීමට මා හට සිත් විය. එනම් සිංහලයන්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතා දක්වා ඇති වටිනා හෙළිදරව්ව විජයපාල වීරවර්ධන මහතා විසින් ඉතාමත් නිර්දය ලෙස විවේචනය කෙරී තිබීම ගැනයි.

සූරිය ගුණසේකර මහතා 2009 මැයි 20 දිවයින පුවත්පතේ "මේ සිංහලයින්ගේ දේශයයි" මැයෙන් රචනා කළ ලිපියේ මෙලෙස දක්වා තිබේ.

"භාරතයේ සම්භාවනීය මහා කාව්‍යයන් දෙක වන මහා භාරතය හා රාමායණය යන කෘතීන් දෙකෙහිම ලංකාව ගැන සඳහන් වේ. රාමායණයෙහි ලංකාපුරයේ රාවණ රජු ගැන ද මහා භාරතයේ ලංකා රාජ්‍යයේ සිංහලයන් ගැන ද සඳහන්ය." ඊට අමතරව මහාභාරතයේ දැක්වෙන පරිදි සිංහලයින් එළදෙනෙකුගේ මුඛයෙන් බිහි වුණ බවත් සූරිය ගුණසේකර මහතා  පෙන්වා දී ඇත. (එම ලිපිය මාර්ගගතව නොමැති නිසා ලින්කුවක් දැමීමට නොහැකියි)

ඒ සඳහා විජයපාල වීරවර්ධන මහතා මෙලෙස පිළිතුරු දී තිබුණි.

විජයාගමනයට පෙර සිටම ලංකාවේ සිංහලයන් වාසය කළ බවට සූරිය ගුණසේකර මහතා ඉදිරිපත් කරන අනෙක්‌ සාක්‌ෂිය මහා භාරතයේ ඇතැම් තැන්වල "සිංහල" නාමය සඳහන් වීමය. රාමායණයට පසුව මහා භාරතය රචනා කර ඇති බවත්, එම ග්‍රන්ථ දෙකම බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයකට අයත් වන බවත් ඉහත සඳහන් කළෙමි. ඒ අනුව මහා භාරතයේ සිංහලයන් ගැන සඳහන්ව තිබීමේ විශේෂත්වයක්‌ නැත.

සූරිය ගුණසේකර මහතා විසින් මහා භාරත කාව්‍යයේ සිංහලයන් ගැන සඳහන් වන පාඨ උපුටාගෙන ඇත්තේ 1883-1896 තුළ පළමු වරට එම කාව්‍යය ඉංගී්‍රසි බසට නගන ලද පරිවර්තන කෘතියෙන් බව සිය ලිපියේ සඳහන් කර ඇත. එහෙත් එම පාඨ ඉංගී්‍රසි බසින් සිංහලට පරිවර්තනය කළේ කවුරුන් විසින් දැයි සඳහන් කර නැත. සකු බසින් ඉංගී්‍රසියටත්, ඉංගී්‍රසියෙන් සිංහලටත් පරිවර්තනය කිරීමේ දී මුල් සකු කාව්‍යයේ අදහස්‌ වල නිරවද්‍යතාවය කෙතෙක්‌ දුරට ආරක්‍ෂාවී තිබේද යන්න ගැන සෑහීමට පත්විය නොහැකිය.

අංක 1 වශයෙන් උපුටා දක්‌වා ඇති පාඨයේ විශ්වාමිත්‍ර රජුගේ යුද හමුදාව මගින් වශිෂ්ඨ සෘෂිවරයාගේ පිරිසට පහරදී මරා දැමුණු විට වශිෂ්ඨගේ "කාමෙනුව" නමැති එළදෙන විසින් නැවත ලොවට මිනිසුන් වර්ග බිහි කිරීම පිළිබඳ වෘත්තාන්තයේ "විශ්වාමිත්‍ර" රජ කෙනකු ලෙස සඳහන් කර ඇතත් ඔහු රජකෙනකු නොව Rෂිවරයෙකි. විශ්වාමිත්‍ර සහ වශිෂ්ට යන දෙදෙනාම සෘග් වේදයේ මණ්‌ඩල 10 න් දෙවන මණ්‌ඩලයේ සිට හත්වන මණ්‌ඩලය දක්‌වා ග්‍රන්ථ රචනා කළ සෘෂි කුල හයෙන් දෙදෙනෙකි. මෙම එළදෙනගේ වල්ගයෙන් පල්ලව හමුදාව ද උදරයෙන් ද්‍රවිඩ හා ශක හමුදාව ද ගර්භාෂයෙන් යවන හමුදාවක්‌ ද ගොම වලින් සවර හමුදාවක්‌ ද බිහිකරන ලද අතර මුඛයෙන් පූන්ද්‍ර, කිරාක, යවන හා සිංහලයන් ද නොදියුණු ගෝත්‍රයන් වන කසා, වීවුක, පුලින්ද, චීන, හුන, කෝරළ හා විවිධාකාර තවත් ම්ලේච්ඡයන් ද මවන ලද බව සඳහන් වේ. මහා භාරත යුද්ධය හා සම්බන්ධයක්‌ නොමැති මෙම පුවත රාමායණයේද සඳහන් වේ. නමුත් එහි සඳහන් වන්නේ එම එළදෙනගෙන් කාම්භෝජ, පහ්ලව, ශක, තුසර, කිරාත, යවන සහ ම්ලේච්ඡ යන ජාතීන් බිහිවූ බවය. මෙයින් පැහැදිලි වන්නේ මුල් පුරාවෘත්තයේ සඳහන් ජාතීන් සංඛ්‍යාවට මහා භාරත කතුවරුන් විසින් තවත් ජාතීන් එකතු කර කාම්බෝජ, පහ්ලව, කුසර යන පැරණි ජනවර්ගයන් ඉවත් කර ඇති බවය.

අපගේ වංසකතා අනුව සිංහල ජාතිය බිහිවූයේ සිංහයකු හා රජකුමරියක අතර ඇතිවූ සංවාසයෙනි. මේ පිළිබඳ සූරිය ගුණසේකර මහතා "ලංකා ඉතිහාසයේ හෙළ යුගය" ග්‍රන්ථයේ 18 පිටුවේ සඳහන් කර ඇත්තේ තිරිසන් සතකුට දාව මිනිස්‌ දුවක්‌ දරුවන් නොලබන බවත්, එබැවින් සිංහබාහු සහ සිංහ සීවලී මිත්‍යාවක්‌ බවත්ය. එහෙත් එළදෙනකගේ මුඛයෙන් සිංහලයන් උපන් බවට මහා භාරතයේ සඳහන් පුවත විශ්වාස කරන සූරිය ගුණසේකර මහතා එය සාධාරණීකරණය කර ඇත්තේ "එළදෙන යනු භූමියේ සංකේතය" බව ප්‍රකාශ කරමිනි. හින්දු සම්ප්‍රදාය අනුව එළදෙන භූමියේ සංකේතය බවට විශ්වාස කරන එතුමාට "සිංහයා" යනු සූර්ය සංකේතය බවටත් "සුසීමා" යනු චන්ද්‍ර සංකේතය බවටත් සැලකෙන ආර්ය මතය පිළිගැනීමට නොහැකිවීම ගැන අප තුළ ඇත්තේ මවිතයකි.
ඒ අනුව මහාභාරතය යනු සිංහල හෙළ ඉතිහාසය දැක්වෙන ග්‍රන්ථයක් බව පිළිගන්නා රාවණාගවේශකයින්ගේ මහා ඇදුරාණෝ වන සූරිය ගුණසේකර මහතා,  සිංහලයින් එළදෙනෙකුගේ මුඛයෙන් ඉපදුන බව මනාව පෙන්වා දී ඇත.


මේ ගැන මාගේ අදහස් මෙලෙස පෙළ ගස්වමි.

(1) රාවණාගවේශකයින් වන අපට රාවණා ඉතිහාසය පෙන්වන කරුණු, සංකේත අනුසාරයෙන් හෝ පද නිරුක්ති වලින් හෝ ජන කතා වලින් හෝ කට කතා වලින් හෝ විශ්වාස වලින් හෝ තිබුණත් පිළිගැනීමට පුළුවන. නමුත් මහාවංසයේ යමක් තිබේනම් එය ඉතාමත් නිවැරදිව තිබිය යුතුය. අපගේ රාවණ ඉතිහාසය සංකේතාත්මකව තිබුණත් කිසිම විටෙකවත් මහාවංසයේ ඉතිහාසය සකේතාත්මකව නොතිබිය යුතුය. "ඛේවනාප්ප" නැමැති හෙළ ඉතිහාස ගවේශණ රීතියෙන් මෙය පහැදිළි කරයි.

අන්න ඒ නිසා තමයි "තිරිසන් සතකුට දාව මිනිස්‌ දුවක්‌ දරුවන් නොලබන බවත්, එබැවින් සිංහබාහු සහ සිංහ සීවලී මිත්‍යාවක්‌ බවත්, එහෙත් එළදෙනකගේ මුඛයෙන් සිංහලයන් උපන් බවට මහා භාරතයේ සඳහන් පුවත විශ්වාස කරන බවත්" සූරිය ගුණසේකර මහතා පවසන්නේ. "ඛේවනාප්ප" රීතිය ගැන නොදන්නා විජයපාල වීරවර්ධන මහතා ගැන මා හට ඇති වන්නේ දුකකි.

ආචාර්ය සූරිය ගුණසේකර මහතා

(2) සිංහයෙකුගෙන් මිනිස් දරුවෙක් ඉපදුන බව ඇතුළු ගැටළුකාරී තැන් කිහිපයක් ඇති නිසා විජයාවතරනය ඇතුළු මුළු මහාවංසයම අමුම අමු කෙප්පයක් බව දැන් බොහෝ රාවණගවේශකයින්ගේ මතයයි. නමුත් "ඛේවනාප්ප" රීතිය අනුව රාවණ ඉතිහාසය ගැන,
i. සිංහල ජාතිය එළදෙනෙකුගේ කටින් ඉපදීම?
ii. රාවණගේ හිස් දහය?
iii. රාවණ ජීවත්ව සිටි කාල වකවානුව කුමක්ද?
iv. බලවත් රාවණ වඳුරන් එක්ක ආපු දුබල රාමට පරාජය වීම?
v. රාවණට දේවාල නොහැදී විභීෂණට දේවාල හැදීම?
ආදී රාවණ විරෝධීන් විසින් මතු කරන සහ අප අතරත් ඇති සුළු සුළු මත ගැ‍ටුම් තිබුනත් අපට ඒවා විසඳා ගනිමින් ඉතිහාසය ගවේශණය කිරීමට කිසිදු බාධාවක් නැති බව පාහර රාවණ විරෝධීන් දැනගත යුතුය. (ඉහත ප්‍රශ්න වලට වර්ගපූර්ණිකාවේ මීට පෙර ලිපි වල පිළිතුරු ඇත)

(3) සිංහයා නැමති තිරිසන් සතෙකු විසින් මිනිස් කුමරිකයට ජාතක වීම නැමති තිරිසන් ජන්මෙට වඩා එළදෙනෙකුගේ කටින් ජාතක වීම අභිමානයකි. ස්ත්‍රියකගේ අධෝ මුඛයට ආසන්න තැනකින් ඉපදිමට වඩා එළදෙනෙකුගේ මුඛයෙන් ඉපදීම සිංහල ජාතියට ඉතාමත් නම්බුවකි. මුඛ සංසර්ගය ගැන ගවයන් පවා දැන සිටි බව සංකේතවත් කිරීමෙන් පෙනී යන්නේ අතීත හෙළයන්ට කොතරම් දියුණු ලිංගික අධ්‍යාපනයක් තිබූ බව නොවේද? සූරිය ගුණසේකරයානෙනි මේ වගේ වටිනා දෑ හෙළි කිරීම ගැන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි.

(4) එළදෙනගේ පුරුෂයා වන ගොනා යනු අතීත හෙළ යකුන්ගේ දෙවියෙකි. එසේ වූයේ එළදෙනගෙන් සිංහල ජාතිය බිහි කිරීමට මූලික වූ ගොනාට කරන ගෞරවයක් වශයෙනි. "ගොං යකා" ලෙස ලෙස පදයක් තාමත් භාවිතයේ ඇත්තේ අතීතයේ සිටි හෙළ යකුන්ගෙන් වැදගත් අයට "ගොං යකා" යැයි කී නිසා බව වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි හෙළ පුස්කොළපොතේ දැක්වෙයි. මේ අනුව මෙතරම් වැදගත් ඉතිහාසයක් හෙළි කර දෙමින් මහාවංසයේ තිරිසන් ජාතකයෙන් සිංහලයාව මුදවා ගත් සූරිය ගුණසේකර නැමති හෙළ යකාටත්, "ගොං යකා" යැයි කියා ගෞරව කළ යුතුය.

(5) එළදෙනව බෙදාගත් සහෝදරයින් දෙදෙනාගේ කතාව ඔබ අසා ඇති. එක් සහෝදරයෙක් පළමුව ඉදිරිපත් වී එළ දෙනගේ ඉදිරි භාගය ‍තෝරා ගත්තේ ඔහුගේ මෝඩ කම නිසා බවත් අනිත් සහෝදරයා විසින් එළදෙනගේ පශ්චාත් භාගය ‍තෝරා ගත්තේ ඔහුගේ බුද්ධිමත් කම නිසා බවත් බමුණන් විසින් එම කතාව විකෘති කර ඇත. නමුත් සත්‍ය කතාව නම් බුද්ධිමත් සහෝදරයා විසින් එළදෙනගේ ඉදිරිපස පැත්තේ ‍තෝරා ගත්තේ සිංහලයින්ගේ සම්භවය එළදෙනගේ මුඛයේ ඇති නිසයි.

(6) එළ දෙනව මරණයෙන් බේරා ගැනීමට බොහෝ සිංහලයින් සයිබර් අවකාශයේ මර හඬ තලන්නේ ඇයි කියා ඔබ සිතුවාද? ඒකට හේතුව වන්නේ සූරිය ගුණසේකර මහතාම පෙන්වා දෙන පරිදි සිංහලයාව එළදෙනගෙන් පැවත එන නිසයි.

(7) සූරිය ගුණසේකර මහතාගේ මතය සනාථ කරන වැදගත්ම කාරණාවක් වන්නේ හරප්පා ශිෂ්ටාචාරයට අදාල කැණීම් වලින් මතු වූ ගව රූපයි. මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාර හඳුන්වා දුන්නේ සිංහලයින් විසින් බව අරිසෙන් අහුබුදු වන් නිතරම පැවසූවකි. ඉතින් සිංහලයින්ගේ සම්භවයට හරප්පා ජනතාව ගරු නොකර සිටීවිද?


දැන් වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කොමෙන්‍ටු වලින් සිංහලයින්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතාගේ මතය විවේචනය කිරීමට රාවණ විරෝධීන් ලක ලෑස්ති වේවි. ඒ නිසා රාවණ විරෝධීන්ට මා කියන්නේ, තොපි එකෙක්වත් අපව ජාතක කරපු එළ දෙනට අත නොතබනු. සිංහලයාගේ සම්භවයට අත තබා රාවණ රජතුමාව ප්‍රකෝප නොකරනු. සූරිය ගුණසේකර මහතාගේ අදහසට අපහාස නොකරනු.

24 comments:

  1. මා මිත්‍ර මීවනපලානයෙනි..
    ලගදී දවසක මා පත්‍රයක දුටුවා දෙදරු පියෙක් එලදෙනකට අතවර කොට මාට්ටු වූ බව..
    මෙම පෝස්ටුව කියවීමෙන් පසු මට එයට හේතුව වැටහී ගියේය.
    ෂුවර් එකටම කලිං ලැබුනු දරුවන් දෙදෙනා පරදේෂක්කාර ඌරුවට හැදෙන්නට ඇත..
    ගොං යකෙක් වූ පියා තමන් වැනිම ගොං යකෙක් ලගම හිටපු වැස්සීගේ කටෙං පුතෙක් ලබා ගැනීමේ අදහසින් වැස්සී සමග යහන් ගත වන්නට ඇත.
    මෙය තේරුං ගත් නරක බමුනන් ඒ ගොන් යක් පියාව හිරගත කොට ඇත.
    මෙය කෙතරම් සැහැසි ක්‍රියාවක්දැයි ඔබට වැටහේ යැයි සිතමි..
    ජය ශ්‍රී!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එළදෙන යනු හෙළයින්ට මහඟු සම්පතකි. සූරිය ගුණසේකර මහතා පෙන්වා දෙන පරිදිම සිංහලයින් එළදෙනෙකුගේ මුඛයෙන් ඉපදීම සංකේතවත් වන නිසා, ඔබතුමා පැවසූ සිද්ධියත් තවත් සංකේතයක් වීමටත් පුළුවන.

      Delete
    2. සත්තකින්ම එය එසේමැ විය යුතුයැ....

      එළදෙන යනු "හෙළයින් දෙන" යන අරුතැතිව ව්‍යවහාර බසට එක් වූ වදනකි.

      Delete
  2. ලිපිය හරි වැදගත්....
    …රාවණා රජු සම්බන්දව මම ලියුව මේ ලිපි 2ත් බැලුවනම්,
    http://tikakhithanna.blogspot.com/2012/04/blog-post_14.html
    …http://tikakhithanna.blogspot.com/2012/06/blog-post.html

    ReplyDelete
  3. උන් කොහොමද මේවා බොරු කියන්නේ සූරිය ගුණසේකර මහතා විසින්ම ඔප්පු කරලා තියෙනවා නොවැ හෙළයින් (විශේෂයෙන්ම එතුමා) එළදෙනෙකුගෙන් පැවත එන බව. ඒ විතරක්ද අපේ රාජසභාව!!! මනමේන්ද්‍ර ගේ ලිපිත් මේ විදිහට පැහැදිලි කරනවානම් ගොඩක් හොඳයි (කෙලින්ම නොදා). නැත්තන් අපේ ගොන් යක්කුන්ට තේරෙන්නේ නෑ නොවැ රාවණාගේ බලේ තරම..
    පාහර බමුණන්ගේ අබියෝග වලට මේ විදිහට දිගටම උත්තර දෙන්න ඔබට රාවණ ශක්තියම ලැබේව!
    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  4. පණ්ඩිත කමත් මෝඩ කමත් එකම ශ්‍රිතයක අන්ත දෙකක්. හැබැයි ඒක පණු කුහර ආකාර ශ්‍රිතයක්. වක්‍රාකාර හැඩය නිසා පණ්ඩිත කමේත් මෝඩ කමේත් උපරිමයන් දෙක සමපාත වෙනවා වගේම , ඒවාගේ අවමයන් දෙකත් එකට සමපාත වෙනවා.. !!!

    ReplyDelete
  5. මුඛ සන්සර්ඝයේ ආනුභාව දැක්වු ඔබට පින්... හෙලයන්ගෙ ශ්‍රි විභුතිය ගැන කියනකොට අපිට ඇත්තටම ජාත්‍යාලය පහල වෙනවා...
    ඔබ වැනි ශ්‍රේෂ්ඨ යතිවරයෙක් මෙරට බ්ලොග් අවකාශයේ පහල වීම ජාතියේ පිනක්....

    ReplyDelete
  6. අප අතරත් දැනුදු ගවුරවයට පාත්‍ර කල යුතු "ගොන් යක්කු " කොතෙක් නම් සිටීද ?

    ReplyDelete
  7. අගේ ඇති කතාව. අර ඛේවනාප්ප කියන වචනය ඛේවනාරප්ප (රාවනාඛෙප්ප) විය යුතුයි. ඊයේ මහාවංශ කෙප්පය ගිල ආචාරී වී පසුව රාවනවංශ කෙප්පය ගොතන කොට, ගැහැණියටද එළදෙන යයි කෝපයෙන් බිනු වදන් කොතරම් නිවැරදි දැයි සිතේ. කෙසේ වෙතත් මිනිසුන් එළදෙනගෙ කටින් හෝ වෙන සිදුරකින් ආවේ නම් කොතරම් හොඳ දැයි සිතන්නේ හරකා සතු ඉතාමත් සංකීර්ණ ආහාර ජීර්ණ පද්ධතිය ගැන සිතූ විටය. (ජීර්ණ පද්ධතිය ගැන සිතූ විට මිනිසා පැවතෙන්නෙ මීයාට හුලං ගසා පිම්බීමෙන් යයි කී විට ඩාවින්ගෙ මතය තිර වන නිසා නොබෙල්ගෙ ගොබෙල් සම්මානයද ලැබීමට වාසනාව ඇත.) හරකුන් තන නැවත නැවත වමාරා කුසගිනි නිවන විට මිනිසා තම්බාගත් අහර බුදීම කෙතරම් දුබල දැයිද සිතේ. දැනුමද වමාරගෙන කන හරකුන් ඇති ලොවක, දෙමළුන් හා හින්දූන්ගේ නාට්‍ය නර්තන කෘතීන් මත සිංහල ඉතිහාසය ගෙතීම ඉංග්‍රීසි අධ්‍යාපනයේ උතුම් බව මනාව පෙන්වයි.

    සිංහලයන් මියෑදුන ජාතියක් නොවේ. උන්ට උරුම වූ භාෂාවක් ඇත. ආවේනික හැසිරීම් රටාවක් ඇත. වාසනාවට, උන්ට තවම උන්ගේම රටක් ඇත. උන්ගෙන් නොඅසා, මහාවංශ කෙප්පය ගෙතු මහනාම දෙමළා පසුපස යාම, ගවමුත්‍රා දිව්‍යපානය කරගත් හින්දූන් පසු පස යාම, හත් දවසක් මංමුලා වූවකු එක් දිනක් මංමුලා වූවෙකුට මග කියනවා වැනිය. නොඑසේ නම් මංමුලා වූ විට, මගේ විරෝධය මැද ආරණ්‍යවාසී නිවන්ධාරියකුගෙන් ගමට යන පාර ඇසූ මගෙ ඥාතියා වැනිය. එසේ කීවේ ගමේ රඟ දනී නම් කැලේ කූඩැල්ලන් මදුරුවන් අතරේ අපාදුක් විඳීමට තරම් මුලා වේද?

    මේ විජයපාලයා සිංහල වෙස් ගත් මලයාලියෙකි. හරකාගෙන් ලත් උපත හැර දමා සිංහ උපත අගයන බව පෙනේ. මෑතකදී ඉන්දියාවේ ආචාරි දෙමළෙක් සිංහලයන් පැවතෙන්නේ කේරලයෙන් බව කියන විට ඌ සිංහලයන් ඇසින් දුටුවකු නොවේ යයි මට හැඟිනි. ඔළු දහයක් ඇති රාවනාගෙ තෙදබල කියන මීවන තුමාද සූරියා තුමා කී ආකාරයෙන් උපත ලද්දේ දැයි දැන ගැනීමට කැමැත්තෙමි. හෙළ යුගය බ්ලෝගයේ ලියූ මගේ ප්‍රතිචාරය නැවත අලවන්නේ සිංහලයන්ගේ ගුරුකම් ඉගෙනීමට "මලී" නම් ටෙලිනාටකයේ කොටස් 380ක් පසුගිය සති කිහිපය තුල බලා ලබාගත් වාර්තාගත දැනුම හෙළි කිරීමටය.


    "Anonymous One orig
    August 16, 2012 3:10 PM

    මේ ලිපි එකතු කරන එක අගයමි. එහෙත් කියන කතා හරියට මලි වැනි ටෙලි නාට්‍යයකින් ගුරුකම් ඉගෙනීමට ගන්නා ප්‍රයත්නයක් වැනිය. යථා අවබෝධයකින් තොරව පැවසීම සැබෑ ඉතිහාසය විකෘති කිරීමකි.

    සිංහල යන වචනයේ මුල් අරුත නොදැන සිංහලයන් ගැන කීම සිංහලයන්ට කරන අපහාසයකි. මම මේ ගැන මේ දිනවල වර්ගපූර්ණිකා බ්ලොගයේ සැබෑ ඉතිහාසය සිංහල විදියට සුළු කොටසක් ප්‍රතිචාර ලෙස දමමි. දේවාලකාරයන්, බෞද්ධයන් සැබෑ ඉතිහාසයට එකතු කිරීම, කිරට ගොම දැමීමකි. මේවා පර උරුමයන්ය.

    බෞද්ධ යයි කියා ගන්නා අන්ධ භක්තිකයෙක් "ඔය රාවණාට වඩා කෝටි ලක්ෂයක් සක්වලට සිය ආඥාව පැතිරවූ සම්මා සම්බුදු බලය අපට විශ්වාස කිරීමට සිදුවේ." කියන විට කොතරම් අඳබාල දැයි සිතේ. අශෝක නමැති ම්ලේච්ඡයා කුණු ගොඩන් එළියට ගෙන මහමෙරක් කල මී බෙට්ට නොවන්නට, එතරම් තෙද බල ඇති සිදට් මේ ලොවේ සිටියා දැයි නොදන්නා මෙවැන්නන් මනුකමට නිගා කරනවා.

    සැබෑ ඉතිහාසයත් බෞද්ධාකම ගැනත් වැදගත් තොරතුරු බිඳක් මා මේ පිටුවට දැම්මේ බොරුව නසා දැමීමටය.

    පුරක: http://vargapurnikava.blogspot.com.au/2012/08/blog-post_14.html - ප්‍රතිචාර බලා සැබෑ තොරතුරු දැන ගන්න."

    ReplyDelete
  8. ජීවත්වීමට කැමති එවුන්ගෙ යහපතට මේ අරුම පුදුම තොරතුර පුරුක සමඟ අලවමි.

    "ඉදිරි කාලයේ ආසියාව අනතුරේ LCN)...

    අසංක - අම්පාර says:
    August 16, 2012 at 10:02 pm

    මෙය ඉදිරියේදී සිදුවන ස්වභාවික විපත් තත්වයකට වඩා යුග විනාශයකි. ආසියාව පමණක් නොව මුළු ලොවටම මෙය පොදුය. සඳ මතුපිට ජීවින් නොසිටියත් එයටද යම් බලපෑමක් එල්ලවේ. එසේම මෙම තත්වය ස්වභාවික විපතකටත් වඩා විනාශ කිරීමේ තම හැකියාව පෙන්වන එක්තරා පුත්ගලයකුගෙන් වන අනතුරු ඇඟවීමකි.

    පුරුක: http://lankacnews.com/sinhala/foreign-news/75082/#comment-343091"

    ReplyDelete
    Replies
    1. LCN LCN මේ මොන විකාරයක් ද? මීයා කියාපන් මුන්ට අමු කැවිල ද? නැත්තන් උබට අමු කැවිල ද?

      Anonymous One orig
      මහා දැන උගත් කමක් පෙන්වන ඔබ කුමක් අරබයා සටන් වදී ද? කියන දේකුත් නැත. වරක මනුවකු ගැන කියයි වරක නිවනට බනියි සමහරවිටක අනුන්ගේ දේ උපුටා දමා ලොකුකම් පෙන්වයි.
      ඔබේ අදහස කෙලින්ම කියනවානම් කැමතියි.

      Delete
    2. "තොපි එකෙක්වත් අපව ජාතක කරපු එළ දෙනට අත නොතබනු."

      අපව ජාතක කරපු, ඒ කියන්නෙ රාවනෝන්මාදිකයන් ජාතක කරපු, රාවනෝන්මාදිකයන් ජාතක කර ඇත්තේ එලදෙනක්ම විය යුතුය. කොල කන එලදෙනුන් ද තොපිට වඩා හයපත්ය.

      සමහරු LCN, මලයාලි සක්කිලි හිගනුන් ගැන කියයි,අයන්ස්ටයින් දෙයියන් ගැන කියයි. උන් පහරා තිබෙන්නේ ද කන පතේම බව නොදැන පහරමින් රසකර අනුභවයේ යෙදෙයි.නොමග යැවීම සීමාව පැන්න විට විහිලු සැපයීමක් වෙයි. සැපයූ විහිලු වලට ස්තුතියි.

      Delete
    3. @Vidu, මම කලිනුත් ඇහුව වගේ, මොකද ඕයි බෙරිහන් දෙන්නෙ. අමු කාලද? ඒ කියන්නෙ, අමු කෑවම ඇස කන නාසය මොළය ගත සිත ඔක්කොම ප්‍රයිවෙට් බස් එකක යනකොට වගෙ තමන්ගෙ නොවේ වගෙ වැඩ කරනවා. මීවන තුමා ලිපිය කොපි කලේ දිවයින පත්තරෙන් කිව්ව. මමත් අනුන්ගෙ කතාවක් අගේ නිසා ඇලෙව්ව. LCN කිව්වේ ඇත්ත ඇති සැටියෙන් කීමටයි.

      "මහා දැන උගත් කමක් පෙන්වන ඔබ කුමක් අරබයා සටන් වදී ද?" - අර මී බෙටි ප්‍රමාණෙ කතා දෙකටද මේ මහා දැන උගත් කමක් කියල මරහඬ දෙන්නෙ. මම සටන් වදින්නෙ සිංහල එවුන්ගෙ ස්වාභාවික උරුමය වෙනුවෙන්.


      "කියන දේකුත් නැත. වරක මනුවකු ගැන කියයි වරක නිවනට බනියි සමහරවිටක අනුන්ගේ දේ උපුටා දමා ලොකුකම් පෙන්වයි. ඔබේ අදහස කෙලින්ම කියනවානම් කැමතියි." - තමන් ගෙ නොදැනුමට මම පලිද? ලධන්න නොබ්බක් ගැන කයි නොගහන්න. මම අනුන්ගේ දේ උපුටා දැම්ම විතරයි. තමුන්නැහෙනේ මෙතන වල්ගෙ පාග ගෙන ලොකුකම් පෙන්වන්නෙ. කෙලින් හරි ඇදට හරි මම කියන එක කියලයි තියෙන්නෙ. තේරෙන්නෙ නැත්නම් තේ කොල මැල්ලුමක් කන්න.

      "සමහරු LCN, මලයාලි සක්කිලි හිගනුන් ගැන කියයි,අයන්ස්ටයින් දෙයියන් ගැන කියයි. උන් පහරා තිබෙන්නේ ද කන පතේම බව නොදැන පහරමින් රසකර අනුභවයේ යෙදෙයි.නොමග යැවීම සීමාව පැන්න විට විහිලු සැපයීමක් වෙයි. සැපයූ විහිලු වලට ස්තුතියි." - ඔයාට නිකම්ම හිනා යනවද? ඒක නම් ලෙඩක්. මේ ලධන්න නොබ්බක් ගැන කට මැත නොදොඩා, කන පතේ බැරි නම් වැසිකිලි වලේ බැහැගෙන හරි ඇති වෙනකම් රසකර කර කනවකෝ. ආඩපාලි කීම ඊටත් වඩා පහත් වැඩක්. මේක වර්ගපූර්ණිකාව කියල දන්නෙ නැද්ද? මම ඉතා වැදගත් දේවල් ලියන්නෙ පොදු යහපතට. ඒක තේරෙන්නෙ නැද්ද?

      Delete
  9. ඔය එළදෙනෙක් නොවෙයි, පිට සක්වලින් ආපු මහා විශාල අජටාකාශ යානයක්, ඒකෙන් විවිධ ජීවියෝ මේ ලෝකෙට ගෙනවා. යානයේ දොරවල් ගොඩකින් ඒ අය එලියට ආවා.

    ReplyDelete
  10. lipiya hari

    mka balanna
    vadagath.http://raajadhani.blogspot.com/2012/08/blog-post_4479.html

    ReplyDelete
  11. සිංහයා නැමති තිරිසන් සතෙකු විසින් මිනිස් කුමරිකයට ජාතක වීම නැමති තිරිසන් ජන්මෙට වඩා එළදෙනෙකුගේ කටින් ජාතක වීම අභිමානයකි. ස්ත්‍රියකගේ අධෝ මුඛයට ආසන්න තැනකින් ඉපදිමට වඩා එළදෙනෙකුගේ මුඛයෙන් ඉපදීම සිංහල ජාතියට ඉතාමත් නම්බුවකි. මුඛ සංසර්ගය ගැන ගවයන් පවා දැන සිටි බව සංකේතවත් කිරීමෙන් පෙනී යන්නේ අතීත හෙළයන්ට කොතරම් දියුණු ලිංගික අධ්‍යාපනයක් තිබූ බව නොවේද? සූරිය ගුණසේකරයානෙනි මේ වගේ වටිනා දෑ හෙළි කිරීම ගැන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි.
    ලෙසටම තියෙන ඈ ජයේ

    ReplyDelete
  12. මොන පිස්සු කතාවක් ද මේ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! රාවණාගේ නියම ඉතිහාසය හබා යන්නේ නම් හ්ද්‍රජි මහතාගේ ශ්‍රී රාවණ්ණා පුවත මිලදී ගෙන කියවන්න.. මේ වගේ ගොන් කතා කියද්දී අපි වගේ රාවන ගවේශකයොන්ට මල පනින්වා යකෝ..ඔබට ඕනේ ම්නිසුන් ඉස්සර් රාවණා විහිලුවක් කරන්න ද??????????????????????????? ඔබේ සම(හරක්) ලිපි මම පිලිගනිමි..රාවණ විරෝදියකු නොවෙමි,කණගාටූයි ඔබ කියන මේ වාගේ දේ පිලිගන්නට බෑ.

    ReplyDelete
    Replies
    1. //රාවණාගේ නියම ඉතිහාසය හබා යන්නේ නම් හ්ද්‍රජි මහතාගේ ශ්‍රී රාවණ්ණා පුවත මිලදී ගෙන කියවන්න//

      රාවණා කියන නාම මාත්‍රික චරිතයට කරන්න පුළුවන් හොඳම අපහාසය කරලා තියෙන පොත නෙව ඔය... භද්‍රජී චීන ඉතිහාසය අලලා ලියාපු "පවුරු බැඳී රාජ්‍යය" වගේම ඇහැලේපොල කුමාරිහාමිගේ කතා පුවතට ලියපු පුනරුප්පත්ති කතාව උන "උලමාගේ රාත්‍රිය" වගේ පොත් කියවලා භද්‍රජීගේ ලිවීම ගැන තිබුන කැමැත්ත නැත්තටම නැති උනේ ඕක කියෝලා... ඔය පොත කියවලා ඉවර උනාම මට ඇති උන සිතිවිලි ටික මං කියන්නද..?

      රාවණා යනු බිය සුළු අයෙකි. ඔහු දන්නේ සුළු සුළු නූල් සූත්තර විනා වැදගත් දේ නොවේ. ඔහු දිනූ යුද්ධයක් හෝ හරියාකාරව මෙහෙය වූ කිසිදු සටනක් නැත. සිය මුත්තණුවන් වූ පුලස්තිගේ ආශ්‍රමය වනසද්දී එය වැලැක්වීමට නොහැකි වූ රාවණ නම් වූ කිසිදු පරිණත බවක් නැති උරුමයට අනුව පමණක් රජකම ලැබූ බිය සුල්ලා කුවේරට හිමි සිහිගිරිය අල්ලා ගන්නේ කුවේර එය අතැර දමා ගිය නිසාය. කොහේවත් නැති ගෑණියෙක්ව නූල් සූත්තරයකින් අල්ලා ගෙනවිත් සිර කරගන්නා ඔහු නිකං ඉන්න බැරිවට ඒ ගෑනිවත් තමුන්ගේ ගෑණිට හොරෙන් හුරතල් කරන්න යනවා මදිවට අන්තිමට ගෑනිව ගෙනියන්න එන මිනිහත් එක්ක කෙලින් ඉඳන් යුද්ධයක් කරන්නවත් හයියක් නැතිව අහල පහල ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ඉස්සරහට යවලා ඒ හැම එකාම විනාස උනාට පස්සේ නැට්ට පස්ස පැත්තේ ගහං හැංගිලා හොරෙන්ම සිහි නැතිවෙන බෙහෙතක් බීලා සීන් එකෙන් අහක් වෙනවා...

      ඔච්චරයිනේ කතාව... රාවණ්ණා පුවතට අනුව මට හිතුනේ ඉන්ද්‍රජිත් වැනි ඉදිරියට යන ගති ඇති මුහුණට මුහුණ දිය හැකි ආකාරයෙන් කටයුතු කරන පුතෙකුට තාත්තා වීමටවත් රාවණ සුදුසු නැහැ. එයිට වඩා ඇති තත්වයට ප්‍රායෝගික ආකාරයෙන් කටයුතු කරමින් හැසිරෙන විභීෂණ රාජ්‍ය නායකත්වයට ඉතාම සුදුස්සා බවත් හරියට පොත කියෙව්වනං තේරෙනවා.. මට සැක හිතුනේ ඉන්ද්‍රජිත් විභීෂණගේ දරුවෙක්ද කියලා... රාවණාගේ තියෙන බියගුළු ගති ඉන්ද්‍රජිත්ට ගෑවිලාවත් නැහැනේ.

      රාමායනේ ලියපු වාල්මිකී මොන හොරෙක් උනත් ඒ හාදයා රාමගේ යුද්ධය කොයි තරං බිහිසුණු එකක්ද කියලා පෙන්නන්න රාවණා නැමැති සතුරගේ ශක්තිය මහත් කොට ලියනවා... රාවණා වීරයෙක් වෙන්නේ රාමායනයේ මිස ඔය කියන රාවණ්ණා පුවතින් නම් නෙවෙයි රජෝ..ඔය පොතේ ටිකක් හරි වීරයෝ වෙන්නේ "කාලනේමි,කුවේර" හා "ඉන්ද්‍රජිත්"වැනි යමක් කල අය පමණයි... මුකුත්ම නොකර එහෙ මෙහෙ ගාටපු රාවණ කියන්නේ පඹයෙක් විතරයි... එයිට වඩා ටිකක් සිත් ඇඳගන්නා සුළු බවක් අහුබුදු ලිව්ව "සක්විති රාවණ" (නාට්‍ය) පොතේ තියෙනවා...

      රාවණ සොයා යන අය මුලින් කරන්න ඕන රාමායනය මුල ඉඳන් අගට දෙතුන් පාරක් කියවලා එයින් පස්සේ සක්විති රාවණත් කියවලා අන්තිමට රාවණ්ණා පුවත කියවන එකයි... අන්තිමට ඔය කියන රාවණ්ණා පුවත ගිනි තියන්න හිතුනත් පුදුම වෙන්න දෙයක් නැහැ... හැබැයි ඉතිං ලස්සන වසිලිස්සා පොතේ තියෙන කතා ඇත්ත කියලා හිතන අයටනං ඕකත් ලොකු පොතක් තමා...

      Delete
  13. මට ක්ලාන්තය වගේ

    ReplyDelete
  14. මිවනයයි ඇනෝ මැක්කයි නම් එළදෙනගේ අදෝමුකයෙන් වගේ ඇවිල්ලා තියෙන්නේ.......

    ReplyDelete
    Replies
    1. @rachi (@රවනාගෙ හොර ෂොට්) අනුන්ගෙ නම දාගෙන තමන් ගැන කියන හිඟන මලයාලි සක්කිලියෙකි. සිංහලයනි සක්කිලියන් දුරු කරනු.

      Delete
    2. @Anonymous One orig අපිට කාගේවත් නම් ඕනේ නෑ, ඇත්තම නමෙන් ඇවිල්ලා ඉන්නේ, උඹල කොන්දක් නැති හිඟන මැක්කෝ, උඹට කොන්දක් කියලා එකක් තියෙනවනම් ඇත්තම නමෙන් ඇවිල්ල ඕවා කියපන්, නිකන් ආතල් දෙන්නේ නැතිව.

      උඹට එහෙම බැරි හින්දා උඹ දාපු කොමෙන්ට් එකට උඹම රිප්ලයි කරලා තවත් සක්කිලි වැඩක් කරන්නේ.

      උඹල දෙන මේ ආතල් උඹලටම තේරුණ දවසට උඹලට මූණ වෙනුවට පුක ඉස්සරහට දාන්ට වෙන්නේ, ඒ හින්දානේ ෆෙක්‌ නම් වලින් ඉන්නේ, උඹ උඹලගේ අප්පාගේ පුතෙක් නම් නම් ඔය පොරටෝක් උඹලගේ අම්මයි අප්පයි දාපු ඇත්තම නමෙන් කියපන්,

      Delete
  15. මොනවද හප්පා මේ විකාර

    ReplyDelete

නුදුරු අදහස්