Wednesday, August 1, 2012

ලොව මුල්ම ගුවන් ආරක්ෂක කලාපය රාවණාගේ නිර්මාණයක් !

ලොව මුල්ම ගුවන් ආරක්ෂක කලාපය රාවණාගේ නිර්මාණයක් බව පවසන මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.


39 comments:

  1. වත්මන් ශ්‍රී ලංකාවට ගුවන් ආරක්‍ෂණ පද්ධතිය අළුත් දෙයක් විය හැකිය. නමුත් හෙලයේ මහා මොළකරු වන ශ්‍රී රාවණ රජුන්ට මෙය අළුත් දෙයක් නොවන්නට ඇත. බැලූ බල්මට රාවණ ඉතිහාසය අතිශයෝක්තියක් සේ පෙනී ගියද සත්‍ය වශයෙන් මෙය අතිශයෝක්ති නොවිය යුතුය. අපගේ විඤ්ඥානය සත්‍රීයව ඇත්තේ කොතරම් සුළු වපසරියකද. නවීන විද්‍යාව යැයි කියා ගන්නා දෙයටද අප සෞරග්‍රහ මණ්ඩලයෙන්වත් පිටතට යාමට නොහැකි වී ඇත. නමුත් අපට වඩා සිය දහස් වාරයක් දියුණු සත්ත්ව කොට්ටාස මේ විශ්වයේ ඇති බව සිහිතබා ගත යුතුය. මේ අනුව බලන කල වර්ගපූර්ණිකාවේ සඳහන් දේවල් අතිශයෝක්ති ලෙස හංවඩු ගසා බැහැර කිරීමට ද නොහැක. හෙල දිව යනු විශ්ව ශක්තිය අමුතුම ආකාරයකට කැටිවූ තැනකි. බුද්ධෝත්පත්තිව පවා මේ හෙලය තුළම සිදුව ඇත්තේ ඒ නිසාය. වර්ගපූර්ණිකාවට මාගේ ප්‍රණාමය...!

    ReplyDelete
  2. බලාගෙන යනකොට පුලස්ති ඉසිවරයා මෙන්ම වෙනත් ආගම් වලද කියා ඇති දේ නිවැරදිය.එනම් මිනිසා යනු කවරෙකු හෝ මැවූ සත්වයෙකි.
    බුදුන් වහන්සේට කොතැනක හෝ වැරදීමක් වන්නට ඇත.
    නමුත් වන්නට ඉඩ ඇතැයි කියා මට සිතෙන්නේ මෙයයි.බුදු රදුන්ද මිනිසා යනු කවරෙකුගේ හෝ නිර්මාණයක් යයි දේශනා කරන්නට ඇත.නමුත් බමුණන් විසින් ඒ බවට ලියවුන පුස්කොලපොත්,අටුවා හා සෙල්ලිපි විනාශ කර දමන්නට ඇත.ත්‍රිපිටකයෙන් ද ඒ බව මකා දමන්නට ඇත....
    එවිට ලක්දිවේ සමහර මිනිසුන් විසින් අනාගතයේ රාවනා රජුව පිළිනොගන්නා බව ඔවුන්ට හැඟී යන්නට ඇත!
    නමුත් සත්‍ය කිසිදා සැඟවිය නොහැක.රාවනා රජු අවදි වූවාට පසු බුදුන් වහන්සේගේ "නියම" ධර්මය ඇතුලත් ත්‍රිපිටකය මධ්‍යම කඳුකරයේ අප්‍රකට ගල් ගුහාවකින් හෝ කොතනකින් හෝ සොයා ගන්නට හැකි
    වනවා ඇත.
    ශ්‍රී රාවන සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රවණයන් සිටියේ බුදුහු පහලවීමට වසර 3000 කටත් කලිනි. එකල ත්‍රිපිටකයක් තිබුනේ කොහේද?
      කුම්බකරණයා කාශ්‍යප බුදුන්ගේ දහම මෙනෙහි කල බව සැබෑවකි.

      Delete
    2. මෙතනදී ප්‍රශ්නයක් ඇත . හැම සිරුරකටම විඥානය ආවේ කොහින්ද යන්නයි. වැඩිවන සෑම මිනිස් රූපයකටම (සිරුරකටම) අලුත් විඥානයක් එන්නේ කොහෙන් ද? එතැනදී අපට බුදුහු දෙසූ දහම දෙසට නෙත් යොමා බැලීමට සිදුවෙයි.

      Delete
  3. කවුරු මොනාවා කෙසේ කීවත් ගුවන් ආරක්ෂන පද්දතිය සුපිරිය.
    ආයේ එකේ කතා දෙකක් නැත.
    ෆයිව් සීරෝ කැලේය..
    ජය ශ්‍රී!!!!!!!

    ReplyDelete
  4. Monawada halo me liyana bahu bootha?Thamuselata amu kavilada?

    ReplyDelete
    Replies
    1. ඕක මනමේන්ද්‍ර මානවකයාට ගොහිං කිව්වොත් නේද හොඳ මහත්තයෝ?

      මීට,
      නිර්නාමික තාපසතුමා [සම්‍යක්දෘෂ්ඨික දේවතාවුන් වහන්සේලාගේ උදව්වෙන් අනාගත වාක්‍ය ලබා දෙන(lankacnews), මධ්‍යම කඳුකරයේ රහසිගතව වාසයකරන, Bachelor of Kundaleeni (Nilgala)]

      Delete
  5. අර යටින් දාල තියන වීඩ්යෝ එකේ තියන දඩුමොනරේ උඩ යන්න තව සැහෙන්න කාලයක් යය් වගේ

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
  6. මී ජයා පටලාගෙන ඇත
    වර්ගපූර්නිකාව යනුත් හෙල වදනක් නොවේ. එයද සන්ස්කෘත වදනකි. සන්ස්කෘත ක්‍රි.පූ 3 හා 4 සියවස් වල පානිනී නම් බමුනා සෑදූවකි. එහෙනම් කොහොමද මෙම පුස්කොල පොත වර්ගපූර්නිකාව උනේ. මොකද වර්ගපූර්නිකාව රාවන ගේ කාලයේ නෙ.

    ReplyDelete
  7. අගේය ගුරු දේවයිනි අගේය.ම චිත්ත සන්තාපයේ ඇති වුන ප්‍රීතිය කෙතෙක් දැයි කිවහොත් කටේ තිබුන බත් කට නොවිකාම ගිලුනේය.මා විසින් කීප දිනකට පෙර සොයාගත් දදුමොනර තාක්ෂනය සුද්දා අතට යාම පිළිබඳව ඔබතුමා තවදුරටත් විමසිලිමත් වුන වගක පෙනී යයි.....

    සුද්දගේ පර වැඩ ගැන සැකයක් ඇතිවේනම් පහල ලින්කුවට ගොස් බලන්න

    දඩුමොනර තාක්ෂනය පරසුද්දා අතට ( වීඩියෝ දර්ශන සහිතයි )

    (සුද්ද යනු හන්දියේ වීල් සුද්ද හෙම නොවේය )

    ReplyDelete
    Replies
    1. ඔය තියන යන්ත්‍රයට මොනර හිසක් නැතුව බලු හිසක් සවිකලා නම් එය ත් රාවනයක්ගේ ද?
      එය දඩු බල්ලා ද?

      Delete
  8. http://www.lankadeepa.lk/index.php/articles/56692
    කුරුල්ලා යානක් සිදුරු කරයි
    ඇමෙරිකාවේ කොලරාඩෝ ගුවන් තොටුපොළේ සිට මගීන් 151 දෙනකු රැගෙන ඩලාස් ගුවන්තොටට පියාසර කරමින් තිබූ ගුවන් යානයක විශාල පක්ෂියකු හැපීමෙන් යානයේ ඉදිරිපස කොටසට දැඩි අලාභහානි සිදුවිය. බොයිං 737 ගුවන් යානය ජූලි 31 වැනි දා මෙම අනතුරට මුහුණ දුන් විගස යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වූ ස්ටිව් කොවල් වොෂින්ටන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සංනිවේදන කුලුන හා සම්බන්ධ වෙමින් ගුවන් යානය ඩෙන්වර් ගුවන් තොටුපොළට ගොඩ බැස්ස වීය. යානයේ ගමන් ගත් අපි හැමෝම වාසනාවන්තයි හංසයකු තරම් විශාල මෙම පක්ෂියා ගුවන් යානයේ ඉදිරි පස වීදුරුවේ හෝ සුළං පෙතිවල දැවටුණේ නම් සිදුවන විනාශය හිතාගන්නත් බැහැ පක්ෂියා යානයේ දැවටුනු මොහොතේ ගුවන් යානයේ විශාල සෙළවීමක් ඇති වුවත් මෙම සිදු වීම මම මගීනට පැවැසුවේ නැහැ. ඒ ඔවුන් අනිසි බියක් ඇති කරගන්නා නිසා යැ‘‘යි නියමු කොවෙල් කියයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්න හදන්නෙ දඩුමොනරයක් හැපුපුනාය කියලනෙ. ඒක හැප්පුනා නම් ඒකෙ දෝශයක් ඇත. ඒකෙනුත් කියන්නෙ දඩුමොනරයට හරියට අහසේ යන දෙයක් සොයා ගන්නවත් බැහැ කියන එකයි.

      මීටපෙරත් ඔයවගේම කතාවත් කියල තිබුනා. අර අධිවේග මාර්ගයේ ගිහින් වාහනයක හැප්පුකා කියලත් තිබුනා.
      මේවායින් ඔබට හැගෙන්නේ කුමක් ද?

      Delete
    2. විදු කියන බුවාට තවමත් මෙතන වන දේ වැටහී නැති බවයි.

      Delete
    3. වැටහී නැතුව නෙමේ, වටහගන්න උවමනාවක් නැතිකම

      Delete
  9. වර්ගපූර්නිකාව මුලින් ලියවී තිබුනේ රන්පත්වල බව මම අසා ඇත්තෙමි. පසු කලෙක එය පුස්කොලපත්වල ලියා ඇත. එහිදී එය සංස්කෘතයට පරිවර්ථනය කළාදැයි නොදනිමි.

    ReplyDelete
  10. මා මෙසේ මේ දේවල් ගැන ලියන්නේ මේවායේ ඇති වැරදි පෙන්වා දීමට මිස ඔබ හට මඩ ගැසීමට නොවෙයි.
    අපට අවශ්‍ය වන්නේ නියම රාවන ඉතිහාසය මිස අනෙකක් නොවේ.
    මේ ලිපිවල ඇත්ත නැතුවා නොවේ . ඇත්ත වටා ගෙතුනු බෙරු ද මෙහි වේ. ඒවා නිසා ඉදිරි පරම්පරාව රාවන ඉතිහාසය ගැන විකෘති ලෙස දැකිය හැකිය. ලිපියක් හෝ කමෙන්ටුවක් කියවන්නෙකුට එම ලිපිය හෝ කමෙන්ටුව විහිලුවක් ලෙසට නොහැගෙන සේ ලිපිය ඉදිරිපත් කරන්න.
    මාගේ කමෙන්ට් පල නොකලත් කමක් නැත.

    ReplyDelete
    Replies
    1. මමද ඔබට එකඟ වෙමි. මට හැඟී යන අයුරින් මෙහි සඳහන් සමහර කරුණු විශ්වාස කීරීමට සමහර කෙනෙකුට පැකිලීමක් ඇතිවීමට පුළුවන. එයට හේතුව ලෙස මම දකින්නේ එම කරුණු ඔප්පු කිරීමට සාධක මඳ වීමයි. තවද සමහරෙක් මේවා නවීන විද්‍යාවේ සොයාගැනීම් සමඟ සංසන්දනය කර බලයි. ඒ තුළින් මේවා අතිශයෝක්ති සේ හුවා දක්වයි. නමුත් අප හොඳින්ම දැනගතයුතු හා පිළිගත යුතු එක් දෙයක් වන්නේ නවීන විද්‍යාව තවමත් නොදියුණු බවයි. එය තවමත් ඇත්තේ බොහෝ ප්‍රාථමික අවධියකය.

      Delete
  11. ඌත් කියන්නේ පේසා වළලු තියෙන්නේ කොත ආසන්නයේ කියලනේ.. .. එහෙනම් ඒක හරි ඇති..

    අපේ අල්ලපු ගෙදර පොඩි එකාටත් තියෙනවා ගුවන් ආරක්ෂක කලාපයක්. ත්‍රීබාහු අවියක් උගේ ළඟ නම් තියෙන්නේ !!!

    ReplyDelete
  12. මූ නම් පිස්සු පුසෙක්, මූව අන්ගොඩ ගෙනිහින් පුකට කරන්ට් අල්ලන්න ඔනා(මොලේ පුකේ නිසා)

    ReplyDelete
    Replies
    1. අසූචි වළඳන පිසාචයෝ, රාවණාගේ කටු අනුභවය කරන බලුකුක්කාට එහෙව් වහසි බස් දොඩන්නේ කුණ්ඩලනී බලමහිමය ගැන නොදැනද?
      තාගේ අනාගතයට ගොස් පුරුෂලිංගය උගුල්ලාදමා බලුකුකන්ට දෙන්නට සිත් දෙයි,
      නොපමාව සමාව භාජනය කරව

      Delete
    2. ආඃ හොර ගැනි
      තෝ තමි මගේ රත්තරන් පුතාගේ ජිවිතේ විනාස කලේ

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    3. මී ජයා මේ දවස්වල පේන්න නැහැ වගේ. මානවකගෙ පැත්තෙනම් හිටිය.

      Delete
    4. දුමින්දයට වගේ බ්ලොග් එකේ ලොගින් එක අමතක වෙළද දන්නේ නෑ
      දවස් දෙක තුනකින් ඇවිත් හොද අර්තල් එකක් දෙය් හැබය්




      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    5. ජයරත්නයනි ඔබගේ අදහස් දීමට ප්‍රමාද ඇයි

      Delete
  13. \\ මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.//

    ඒක නිසා කමක් නැහැ ආචාර්ය තුමනි
    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  14. ඔය පිටසක්වල ඇත්තෝ මේ අපේ ලෝකෙ ජනාවාස කරලා චෛත්‍ය, පිරමීඩ, කඳු එහෙම හදලා ඔය කියන විදිහට වතුර හදාගෙන උංගෙ ලෝකවලට ගෙනියන්ඩ මොන තරං කැසිල්ලක් තියෙන්ඩ ඇතිද? ඔය සමහර දෙවිගොල්ලන්ට (පිටසක්වල ඇත්තන්ට ) අත් ගොඩක් තියෙන්නේ ඒ කැසිල්ලට කසාගන්ඩ වෙන්ඩැති නේද ආචාරීණී!!!

    ReplyDelete
  15. අදයි ආවෙ...වටිනා අදහස් තියන තැනක්...
    …රාවන කතාව ඇත්තක් බව කීමට හැකි වූවත් බොරුවක් කියල කියන්න හැකි කාටද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඔයා රාවනාගෙ පුතා ඉන්ද්‍රජිත්නෙ......

      Delete
  16. Raawana gena kathaa kalata kamanne (me satahan wala thiyena dewal walin mata hithenne Jayarathne mahaththaya wyangayen unath hasyayata aran thiyenawa me ithihasa gaweshanaya,lipiyak liyanakota hari pala karanakota hari tikak buddhimathwa hithanna anda wiswasa nethiwa wiwurtha manasakin)

    Ewa mata adala nehe me welawe
    Oyala lowthura sambudurajanan wahansege gyanaya wihiluwatawat me comment walata gawaganna epa, eka etharam hoda wedak neme
    Rawana koitharam hoda kenek da nedda mata adala ne eth buduhamuduruwo lokaye pahala wuna shreshtathamayaa, piliganna akamethinam epa ewagema egena kathaa karannath epa

    ReplyDelete
    Replies
    1. "Rawana koitharam hoda kenek da nedda mata adala ne eth buduhamuduruwo lokaye pahala wuna shreshtathamayaa, piliganna akamethinam epa ewagema egena kathaa karannath epa." -

      අනේ කාලේ කිව්ව. පිළිගන්නෙ නැත්නම් ඒ ගැන කතා කිරීම තහනම්. ඒක නම් නියම දෙමළ ගතියක්.

      බුධලා මුලට දාල නවග්‍රහ චක්‍රයත් අඳින්න වේවි. දියසේන වීමට පෙර මනු ලෙස ආ "හිරු" දුන් දැනුම, අවතාර නවයකට බෙදා මිනිසුන්ට දුන්නේ ජීවිතය රැකගෙන පැවැත්ම තහවුරු කිරීමටය. මහ සම්මතෙන් නායක වූ මනුට පසු නායකයන් වූයේ බුධලා 28කි. ඒ මීට වසර තිස් දහසකට පෙරය. මෑතකදී ගව මුත්‍ර දිව්‍ය පානයකැයි උජාරුවෙන් බීමට තරම් සක්කිලි වූ දේශයේ වැසියන් අතරේ බිහි වූ හොර බුධලා (හරියට කියන්න බැරිව අදිමින් බුද්ධලා යයි කී උන්දලා) මෙම දැනුම අනා මිනිස් දිවිය තොර කිරීමට නොමග යවන නිර්වාණ ස්වර්ග මිරිඟු පෙන්වා කකුල් දෙකෙන් හිටගෙන ඇවිදින වානරයන් රවටා විනාශ මුඛයට තල්ලු කිරීම පිළිකුල් සහගතය.

      සිහළුන් පැරදවීමේ ඔල්මාදයෙන් අපාගත වූ දෙමළ සංක්‍රමණිකයන් මෙම හොර බුධලාගෙ වැදි බණ සිහළුන්ට ගිල්වා උන්ගෙ රැසත් බසත් උරුමයත් විනාශ කර ඇත. එම අන්ධ භක්තිය කර තියාගත්, මිනිසත් බව පිළිකුල් කරන වසලයන් හොර බුධලා හිරුටත් උඩින් තබාගෙන ගව මුත්‍රා බොන්නන්ටද වඩා පහලට වැටී ඇත. එවැනි හොර බුධලා මරණ මංචකයේදී තම ජීවිත කාලය තුල කී කෙප්ප වමාරා අරුත් සුන් කොට දුකින් මිය ගිය බව ඇස් ඇත්තන් දකිනු ඇත.

      වරක් සූරිය ගුණසේකරගෙන් බුදු දහම යයි කියමින් පරාගම් වලට විරුද්ධ නොවී වනමින් නිහඬ ඇයි දැයි යමෙක් විමසීය. මෑතකදී ඔහු සත්‍යයය යන්තමින් පවසා ඇත. එනම් සිහළුන්ගේ නියම ඇදහීම "මිනිසත් බව අගැයීමත් පැවැත්ම රැකගැනීමත්"ය. එසේම මීවන ජයරත්නයන්ද බියගුළුකමින් පසු නොබැස ඇත්ත ඇති සැටියෙන් ලොවට කීමට මේ අවස්ථාව උපයෝගී කර ගත යුතුය.

      Delete
  17. අනේ මියෝ මටනම් මේක තේරෙන්නෙ නැ බං

    ReplyDelete
  18. Part 1

    සිංහල මිනිසුන්ගේ අතීතය සෙවිය යුත්තේ සිංහල විදියටයි. අනුන්ගේ රටවල් පැහැරගෙන උන්ගේ උරුමය නැති කර තමන්ගේ ව්‍යාජ උරුමයක් ගොඩ නැගීමට තමන්ගේ සිරිත් විරිත් මත ගෙතූ උපාංඟ යොදා ඉංග්‍රීසීන් ඉතිහාසය ගොඩ නගන විට, උන්ට ගැති උන්ගේ අධ්‍යාපනයෙන් බිහි වූ ගිරා පණ්ඩිතයෝ සිංහල මිනිසුන්ගේ අතීතය වනසති. ඉංග්‍රීසි විදියට අද ඉතිහාසය හෙවත් හෙට දැකීමට අද ඉදිකරන නටබුන් දෙස බැලුවොත් අදද සිංහලයන්ට ඉතිහාසයක් නැත්තේය. අද ඉතිරි කරන ඉතිහාසයට පරයන්ට ගැති බෞද්ධයන්, කුරුසකාරයන්, තම්බීන් හා මලයාලි දේවාල කාරයන් ඉදිකරන නටබුන් ඉතිරි වනු ඇත. එහෙත් සිංහල විදියට අනුව ඉතිහාසය ගතහොත් ලොව පුරා ඇත්තේ සදාතනික සිංහල ඉතිහාසයයි. ඒ අනුව ඉංග්‍රීසි විදියට සොයා ගත් ඉතිහාසය යනු සංක්‍රමණික මලයාලී හිඟනුන් පැල් අටවාගෙන හිටපු තැන්වල ඉතිරි වූ නටබුන්ය. ඉංග්‍රීසි විදියට ඉතිහාසය සොයා යන අය කරන බරපතල වැරැද්ද උපුටා දැක්වීමට මෙය ලීවෙමි.

    එතැන මෙතන ඉතිරී වී ඇති නටබුන් වලින් සිංහල ඉතිහාසය මවා රාවන යයි තනි පුද්ගලයකු ලෙස දැක එනම කුලියට ගත් දිල්ලියට ආසන්න පෙදෙසක යාදෙව් පවුලේ උපන් අන්තිම සක්විති රජට මුලු ඉතිහාසයම පාවා දීම බරපතල වරදකි. එය සිංහල රාජවංශය ශ්‍රී වික්‍රම රාජසිංහ නමට ගොනු කලා වැනිය. ඔබ කියන රාවනාත්, දුටු ගැමුණුත්, රාජපක්ෂත් එක්තරා විදියකින් යුගයක අවසන් පිටුව සනිටු හන් කරති. එවුන් මුල් පිටුවේ දැමූ විට සිංහල ඉතිහාසය නමැති නිමක් නැති පොත එක පිටුවක කැලෑ පතක් කිරීම සිදුවේ.

    සිංහල මිනිසුන් කී දෑ, නොදැනුම නිසා අග මුල පටලවාගෙන මිථ්‍යාවක් කල අමනයන්ට උඩගෙඩි දෙන අය සැබෑ සිංහල ඉතිහාසය දන්නේ නැත. සිංහල බෞද්ධ වෙස් ගෙන සිංහලකමට එනම් මිනිස්කමටත් පැවැත්මටත් නිගාකරන මිනිස්බව වඳ කිරීමට නිවන ස්වර්ගය වැනි මිථ්‍යාවන් හඹා යන අමනුෂ්‍යයන් ඔල්මාදෙන් ගෙතූ කෙප්ප ගිල, සිංහල ඉතිහාසය ඉදිකිරීමට නැවත වැමෑරීම පිළිකුල් සහගතය. සිංහල විදියට ඉතිහාසය සොයන විදිය අයත් දැනුම මුදා හැරීමට තවම උචිත කාලය උදා නොවුවද, ඒ ගැන යමක් කියමි.

    1. ෂිංඟල බෞද්ධ වූ මලයාලි හිඟන පරපුර ගිරවුන් මෙන් කියන මරගී ගෙන සිංහල ඉතිහාසය ගොඩනැගිය නොහැක.

    2. පර ජාතික තොරතුරු, විශේෂයෙන්ම රාවන කියා කියන දෑ ගෙනද සිංහල ඉතිහාසය ගොඩනැගිය නොහැක.

    3. පුස්කාපු කොලපත්, කුරුටු ගෑ ගල්, සංක්‍රමණික මලයාලී හිඟනුන් පැල් අටවාගෙන හිටපු තැන්වල ඉතිරි වූ නටබුන් වැනි දෑ ගෙනද සිංහල ඉතිහාසය ගොඩනැගිය නොහැක.

    4. ...

    ReplyDelete
  19. Part 2

    සැබෑ සිංහල ඉතිහාසය ගොඩනැගිමට නම් වචනයෙන් තොර යථාර්තය මත දැනුම යොදා සිදුවීම් ගෙන අද පරිසරය බිහි වූ අතීතය හඳුනා ගත යුතුය. @Vidu (විදූ), හින්දූන් හා චීනුන් අනන්‍ය ජන කොටස් බවට පත්වී ගතවූයේ වසර හය දහසකට අඩු කාලයකි. දෙමළුන්ට එය වසර හාර දහසකි. සිංහල ඉතිහාසයට අදාල රාවන සිටියේ කලියුගය බිහිවන විටය. එකල ඉන්දියාවක් නොතිබින. හිමාලයේ සිටියේත් සිංහලයන්ය. කලියුගයේ සිහළුන් බොහොමයක් තම හැකියාවෙන් ගත හැර ගොස්ය. හිස් තැන පිර වූයේ සංක්‍රමණිකයන්ගේ පිටමත පැවැත්මේ බර පැටවීමෙනි. නුදුරේදී එය තැන් මාරුවකට නියමය.

    අප ඇතුළු ජීවය බිකලේ එක් අයෙකු බවත් අනෙක් සැම ඔහුගේ නිපැයුමක් බවත් මුළුමනින් ඔප්පු කල හැක. ඊට අදාල ක්‍රියාවලියන්ද ඉතා පැහැදිලිය. ඒ මුල් ජීවය බිහි වූ ආකාරය අප වටා ඇති ස්වභාව ධර්මයට සමාන බව කිව හැක. වෙනසකට ඇත්තේ ස්වභාව ධර්මය අස්ථිර බවත්, එම කෙනා ස්ථිර බවත් ගෙන තුලනය කිරීමයි. ජීවය මේ දෙකේ සංකලනයක් බව පෙන්විය හැක. ජීවයට අමතරව විශේෂ ගුණාංඟ කීපයක් සතු මිනිසා බිහිකිරීමත් ගතිගුණ දීමත් ඉතා පැහැදිලිව පෙන්විය හැක. සිංහල යන, වචන දෙකකින් සැදි වචනය එය මනාව තහවුරු කරයි. කාරයක් තමන් විසින්ම කලකට පසු අළුත් කාරයක් බවට පත් කල හැකි දැනුමත් හැකියාවක් ඇති නම් එය සදාතනික නිපැයුමක් නේද? එවැනි සුපිරි නිපැයුමක් ලෙස ජීවය හැඳින්විය හැක. මෙම මුල් කෙනා සිත නමැති ජීවයේ හැකියාවට අමතරව සිත බිහිකිරීමේ හැකියාවෙන් ද අනූන වේ. මුල් කෙනාත් අනෙක් ජීවීනුත් අතර වෙනස මෙයයි. මිනිසා වැනි සැම ජීවියෙක්ම සිත තුල අන්තර්ගත දැනුමත් එයට පරිබාහිරව ඉදිවෙන ගතෙන් උකහා ගත් දැනුමත්, නැවත නැවත ගත බිහි කර පැවැත්මට ක්‍රියාත්මක වේ. ජීවීන් සැම හැසිරෙන ආකාරයද මේ බව තහවුරු කරයි.

    සිත යනු ස්ථීර, ජීවීන්ට පාලනයක් නැති නීතිරීති වලට අණුකූලව හැසිරෙන ජීවීන්ට දී ඇති ස්වයංපාලන හැකියාව බලා දැඩි ලෙස ක්‍රියා කරන, දැනට මා දුටු අනර්ඝතම උපාංඟය යයි කියමි. මා කීවේ නූතන සොයාගැනීම් පදනම් කරගෙනය. එහෙත් මෙයම ආදි සිංහලයන් කියා ඇති බව ලංකාවතාර සූත්‍රයෙන් තහවුරු විය. මෑතකදී බිහි වූ නා නා ආගම් මේ දැනුම තමනට හැකි පමණින් ගෙන තම මතයට කවා ඇත. සිහළුන් සිත පුළුල් ලෙස "අවතාරය" නමින් හඳුන්වා ඇත. සිතත්, එමගින් ගතත් බිහිකල සිත බිහිකිරීමටත් වෙනස් කිරීමටත් ඇති නැති කිරීමටත් හැකි සුපිරි දැනුම ඇති ස්ථීර බවේ සංකේතය වන කෙනාට "හිරු" යයි නම් දී ඇත. මායාවරුන් හිරු එනවා යයි කියන්නේ ඔහුටය. සිහළුන් දියසේන හෙවත් ජීවිතය දෙන කෙනා හෙවත් නූතන වහරට අනුව "පිය කෙනා" එනවා යයි කියා, ගන්න නමත් උපදින තැනත් දිනත් වෙලාවත් කියා ඇත. නොමග ගියවුන් රාවනා හෙවත් "රැස් එන කෙනා" එනවා යයි කියන්නේද ඔහුටය. රාවනා යයි බොරුවෙන් නම ගත් සක්විති රජපරපුර සුන් කල කෙනා අද රා..පක්ෂ ලෙස හිඳිමින් රට දැය උරුමය වනසා නැවත ඇරඹුමට පෙර සදාකාලික නින්දට යන දිනයද ළඟය. මෝඩකමට බෙහෙත් නැති නිසා මුලා වූවන්ට මා කියන දෑ නොතේරෙනු ඇත.

    හිරු අප සතු සියලු හොඳ නරක ගති වලින් අණූන අපට නැති හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවකු බව ඔහු ළඟින් හඳුනන මට සහතිකය. බුධල තැන තැන ගොස් බෙදූ දැනුමෙත්, ගුරුල දෙන හැකියාවෙත්, කුජ සිකුරු වැනි නවග්‍රහයන් සංකේත කරන අවතාර නවයෙත්, වෙන කිසිවෙකුට නැති මත්ස්‍ය (පණ) අවතාරයත් ඔහු ගේ දැනුමත් හැකියාවත් සංකේත කරයි. සුළු පිරිසක් ඔහු දකිනට උරුමය. නා නා ප්‍රකාර දේව නාම, බුධල, නියෝජනය කරන්නේ ඔහුගේ දේ සොරා ගෙන ඇලවූ වචනවලින් බව අප වටා ඇති ලොව පිළිබිඹු කරයි. ලැජ්ජාව නැති මලයාලි හිඟනුන් වචනවල අර්ථය නසා අප මුලා කරන්නේ අපේ හැකියාව උරඟා බැලීමටය. මුලා නොවන්න.

    ReplyDelete
    Replies
    1. සිත ගැන කී නිසා මෙලෙස කීමට සිතුනි.
      සිත යනු ද ස්ථිර දෙයක් නොවේ. සිතක් පහලවීමට රූප කලාප 17 පමණ සම්බන්ධවේ. රූප කලාපයක ආයුකාලය පිකෝ තත්පර වලින් වත් කිව නොහැක. නමුත් මෙම රූප කලාපයකට උප්පාද (ඇතිවීම) ස්ථිති (පැවතීම) වය (වීනාශවීම) යන අවස්ථා 3කි. එම නිසා සිත ද ඉතා කුඩා කාලයකට හිමිකම් කියයි. නමුත් නිරන්තරයෙන් පහලවන රූප කලාප නිසා සිතකින් තවත් සිතකට මාරුවෙමින් සිත් පරපුරක් (චිත්ත පරම්පරාවක්) බිහිවෙයි.
      සත්වයා නිර්මානය කලා විය හැකිය.

      Delete
    2. @Vidu, ඔබ ඉන්දියාවෙ හිටපු හොර බුධලගේ ආතක් පාතක් නැති වැදි බණ උපුටා ඇලෙව්වද? මම සිත කීවේ මොළය වැනි ශාරිරික කොටසකට නොවේ. ඇත්තටම එය සිතීම පමණක් නොව වෙනත් අංඟ ඇතුලත් අවතාරය යයි කිව යුතුය. අවතාරය රූප හෝ වෙනයම් බාහිර ක්‍රියාකාරකම් වලට සෘජුව සම්බන්ධ නැත. එසේ වේ නම් එය ඇස් කන් නාසා වැනි නොයෙකුත් අංගෝපාංඟ තුලින් සම්බන්ධ වන්නේය. ඒ ගැන හොර බුධලා නිහඬ වූයේ අවබෝධ කරගැනීමට බැරි වූ නිසාය. මෙවැන්නන් ලොවට ලොක්කා යයි අන්ධ භක්තිකයන් කීවාට නොදන්නා දෑ බොහෝය.

      අවතාරය පාලනය කිරීම හැදූ කෙනා සතු බව පෙන්විය හැක. එවැනි එක් අයකු ඇති බව දත්ත පෙන්වයි. අඩු තරමින් එවැනි දෙන්නෙකු සිටියේ නම් ජීවීන් සැම ද්විත්ව හැසීරමක් හෝ පෙන්විය යුතුය. යථාර්තය එය නොවේ.

      අවතාරය යනු නිත්‍ය ස්වරූපයක් ඇති, කාලයට යටත් නොවූ නිපැයුමක් බව යථාර්තය තුලින් තහවුරු වේ. ඒකීය ස්වරූපය ජීවීන්ගේ ඒකීය රටාවෙන් තහවුරු වේ. උදාහරණ ලෙස කිසිදු ජීවියකු අඩු තරමින් ද්විත්ව රටාවක්වත් නොපෙන්වයි. බල්ලන්ට උපදින්නෙ බල්ලන්මය. මෙය නොබිඳෙන සත්‍යයකි.

      මා කීවේ අවතාරය නමැති අප ග්‍රහනයට ලක් නොවන දෙයක ගතිගුණ හදාරන ආකාරයයි. ඔබ සිත යයි කීවේ සිතිවිලි හෙවත් පිටතට එන්න සංඥාවලට යයි සිතමි. සමහර සංඥා කිසිදු ක්‍රියාවකට සම්බන්ධ නැත. ඒවා නිමැයුමට අන්තර්ගත කල සෘජු අංඟවලින් ඇතිවන බව තහවුරු වේ. ජීවියකු තමා හැඳුන හැටි නොදැනීමත්, තමන්ට වෙනස් කිරීමට නොහැකි වීමත්, පාලනයකින් තොර බලගැන්වීට භාජනය වීමත් ජීවය වෙනෙකෙකුගේ නිපැයුමක් යයි තහවුරු කරයි. තව සාධක බොහෝය.අප පැහැදිලිවම අනර්ඝ නිපැයුමක පිටපත් මිස නිදහස් නිවහල් ස්වයං පාලිත පණක් ඇත්තෝ නොවන බවඅත් දැකීමෙන් තහවුරු වේ.

      Delete
  20. me site eka thava meeta vada me post ekka EVIDENCE danavanam meva TRUST karanna puluwan eath me kiyana vdihata wena ona kenekta thava deval kiyanna puluwan eka sadaranai mama me site ekata godak kemathi , eath thava meva anith ayata TRUST karanna wena vidihata danna , anith eka mekata POLITICS gava gena meka joke ekak karanna epa

    ReplyDelete
  21. අඩේ..මේ හැමතැනම නිදං හාර හාර ඒ මදිවට කටුගේත් බිඳල හොයන්නෙ එකත් එකටම ඔය චන්ද්‍රහාස් කියන අසිපත වෙන්න ඕන...ආයෙ හෝදන්ට දෙයක් නෑ ඒකෙ නං...

    ReplyDelete
  22. ඔබ විසින් පල කරන ලද බොහෝ ලිපි කියවීමි. සියලුම ලිපි කියවීමේදී බොහෝ ගැටළු මතු වූ නමුත් ඒ පිළිබද ඔබ සමග තර්ක කිරීමට ගියහොත්, රාවණ නාමයට කුඩා කල සිට දැඩිව ගෞරව කරන ඒ පිළිබද විමර්ශනය කරන මා නිකරුනේ රාවණ විරෝධියෙකු වනු ඇති. නමුත් කිව යුතු මය. ඔබ පල කරන ලිපි බොහොමයක ප්‍රබන්ධ මය ස්වරූපයක් දක්නට ලැබේ. එය ඔබ තුමාට ඉතාමත් අහිතකර තත්වයකි. බොහෝ භෞතික වාදීන්ගේ සමච්චලයට ලක් වීමට එය ප්‍රධාන හේතුවක් බව කමෙන්ටු කියවීමේදී පැහැදිලි විය. මෙය අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය පිලිබඳ දැඩි කැපවීමෙන් යුතුව ගවේෂණය කරන ඔබ තුමාගෙන් කරනු ලබන ගෞරව පූවක ආයාචනයකි මින්පසු පලකරන ලිපි වඩා විස්වසනීයත්වයෙන් යුතුව අල කරනු ලබන්නේ නම් මීටත් වැඩ පාඨක පිරිසක් වර්ගපූර්නිකාව වට රොක් වනු ඇති. එසේම අපේ හෙළ උරුමය රැක ගැනීමට වත්මනට වඩා ප්‍රබෝධයෙන් කටයුතු කරනු ඇති.
    ශ්‍රී රාවණ සිද්ධම් !

    ReplyDelete

නුදුරු අදහස්