Tuesday, August 21, 2012

'හේතු වාදීන්ගේ සංගමයට' ශෝරින්-රියුගෙන් එල්ල වන අභියෝග 12 ක්!

කාලෝ ෆොන්සේකා මහතා විසින්, අනවින හදි හූනියම් කරුවන්, කපුවන් ප්‍රමුඛ ශ්‍රී රාවණ පාක්ෂිකයින්ට ඉදිරිපත් කරන ලද අභියෝග 12 ම ඊට බොහෝ කාලයකට පෙරදී මහින්ද රාජපක්ෂ මහතා ඔප්පු කර තිබෙන බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් පෙන්වා දීමත් සමග හේතුවාදීන් නිහඬ විය. ඉන් පසුව අපිත් පෙරළා කාලෝ ෆොන්සේකාට අභියෝග 12 ක් ඉදිරිපත් කළ අතර අප ලබාදුන් කාලය අවසන් වෙද්දීත් කාලෝ ෆොන්සේකා මුනිවත ‍රැකීමෙන් පෙනී ගියේ ඔහුට කර කියාගන්නට දෙයක් නැති වී ඇති බවය. මෑතකදී ශෝරින්-රියු විසිනුත් තවත් අභියෝග 12ක් ඉදිරිපත් කර ඇති අතර ඒවා එකක් හෝ සනාථ කර ගුප්ත විද්‍යාවන් පුස්සක් බව පෙන්වා දුන්නොත් ලක්ෂ 20ක්ම ලබා දීමට ඔහු සූදානම්. මෙන්න ඔහුගේ අභියෝග.



උණ විකාරෙන් දොඩවන 'හේතු වාදීන්ගේ සංගමයට' ශෝරින්-රියුගෙන් එල්ල වන අභියෝග කීපයක්!

1. ඔබල නිගමනවලට එළැඹෙන්නේ ඇසින් දකින, කනින් අසන, නූතන බටහිර විද්‍යාත්මක චින්තනයෙන් හා ඒ ආශ්‍රිත වූ මිනුම් දඬු වලින් පමණක් නම් පදාර්ථයක අඩංගු පරමාණු හා එහි ඇති ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන හා ඒවායේ හැසිරීම පිලිබඳ විස්තර කරනුයේ කුමන පදනමක ඉඳගෙනද?

2. ඔබල ජෝතිෂ්‍යය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබල විශ්වාස කරන තාරකා විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් ගේ ගමන් මාර්ග රටාව පිළිගත හැකි පදනමක ඉදන් විස්තර කරන්න. (ග්‍රහයන්ගේ ඉලිප්සීය ගමන් ක්‍රමයේ සදොස් බව හා බැඳී පවතී.)

3. පෘථිවියේ පමණක් වෙසෙන විවිධ ජීවීන්ගේ සංවේදීතාවය වෙනස් වේ. උදාහරණයක් ලෙස ගතහොත් බල්ලෙකුගේ ශ්‍රවණ පරාසය මිනිසාගේ ශ්‍රවණ පරාසයට වඩා කාර්යක්ෂමතාවයෙන් ඉහලය. මේ අනුව බලන කල්හි මිනිස් අපට අදාළ භෞතික සංවේදිතා පරාසය තුල මුළු විශ්වීය කරුණු පිලිබඳ නිශ්චිත නිගමනයකට ඔබල එළබෙන්නේ කෙසේද?

4. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය මිනිස් සංවේදීතාවය මඟින් ඔබලා ග්‍රහණය කරගන්නේ කෙසේද?

5. සියලු භෞතික සාධක නියමාකාරයෙන් පැවතියත් කෘතිමව ගර්භාෂයක් තුල එක් කරන්නා වූ ශුක්‍රාණුවක් හා ඩිම්බානුවකින් සෑදෙන යුක්තානුවකින් සෑම විටම සාර්ථක ජීවියෙක් බිහි නොවන්නේ ඇයි දැයි තර්කානුකූලව පැහැදිලි කරන්න!

6. තමුන් තමුන්ගේ අම්මා සහ තාත්තා මිනිස් සංවේදීතාවයෙන් පමණක් හඳුනාගන්නා ආකාරය පැහැදිලි කරන්න!

7. ඔබ තමුන් දැන් දාව දෙමව්පියන්ගේ හැර එංගලන්තයේ රජ පවුලක වැනි සල්ලිකාර දෙමව්පියන්ට දාව නො ඉපුදුනු හේතුව හේතු වාදයෙන් පැහැදිලි කරන්න!

8. ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදය සදොස් කිරීමට තුඩු දුන් E=mc^c (C හි වර්ගය පරිගණකය මඟින් නිරූපණය කිරීමේ අපහසුතාවය නිසා මෙලෙස පලකරන ලදී.) හි ආලෝකයේ ප්‍රවේගය ගැන කියවෙන්නා වූ කොටසෙහි මෑතකදී සොයා ගන්නා ලද ආලෝක අංශුවකට ස්කන්ධයක් ඇති බව සොයා ගන්නා ලදී. ඒ අනුව ඔබලාගේ හේතු වාදය අනුව මිනිස් සංවේදීතාවය මත පමණක් පදනම්ව පදාර්ථය හා ශක්තිය පැහැදිලිව වෙන් කොට හඳුනා ගන්නේ කෙසේද??

9. නූතන බටහිර විද්‍යාවේ පදනම ඔබලාගේ හේතු වාදය අනුව මිනිස් සංවේදීතාවය ඇසුරින් තර්කානුකූලව පැහැදිලි කරන්න!

10. මස්තික්ෂ ප්‍රමාණය සමාන පුද්ගලයන් දෙදෙනෙකුට එකම දෙයක් එකම වාර ගණනකදී ඉගැන්ව්වුවත් ඔවුන්ගේ දැනුම් මට්ටම විවිධ වන්නේ ඇයි දැයි ඔබලාගේ හේතු වාදය අනුව පැහැදිලි කරන්න!

11. පරිගණක තාක්ෂණ විෂයේ ඇති මෘදුකාංග ඔබල මිනිස් සංවේදීතාවයට හසු කරගන්නා අයුරු පැහැදිලි කරන්න!

12. විශ්වය ඇති වුනේ මහා පිපුරුම් වාදයෙන් නම්, විශ්වයේ ආරම්භය වොලිබෝලයක් තරම් වුනි නම් ඊට පෙර කුමක් පැවතියේද? එම වොලිබෝලය තරම් වූ විශ්වය පැවතුනේ කොහේද???

****මෙම ඉහත සඳහන් කරුණු එකක් හෝ ඔබල සනාථ කර ගුප්ත විද්‍යාව යනු පුස්සක් යැයි ඔප්පු කළහොත් ඔබල දෙන ලක්ෂ දහයකට ලක්ෂ විස්සක් දීමට ශෝරින්-රියු සූදානම්!****

23 comments:

  1. බලව පර සුද්දන් විසින් රූප රචනය කල Jhon Cater on Mars 2012 චිත්‍රපටයේ ශ්‍රී රාවණයන්ගේ දඩුමොනර යන්ත්‍රයක් ඇතුලත් කර ඇති අයුරු.මෙම චිත්‍රපටය ඔබ නැරබුවානම් රාවණ රජුගේ පුශ්පක යානය ඇතුලු සියලුම යානා මෙහි අන්තර්ගතව තිබෙන බව ඔබට මා කිව යුතු නොවේ.

    http://smhttp.14409.nexcesscdn.net/806D5E/wordpress-L/images/carter-reasons-1.jpg

    ReplyDelete
  2. ප්‍රශ්න අංක 13) බෙන්සීන් වල සැකස්ම හීනෙන් පෙන්නුම් කලේ කවුද?

    ReplyDelete
  3. මේ ලක්ෂ විස්ස රුපියල්ද, ස්ටර්ලින් පවුම් ද? නැත්තං රූබල්ද?

    ReplyDelete
  4. කව්රු හරි කියනවනම් ඇසින් දකින කනින් අහන දේවල් වලින් පමණක් නිගමනව වලට එළඹෙන බව හේ අමු මෝඩයෙකි.

    ඉතත දක්වා ඇති දේවල් විද්‍යාත්මකව සනාත කොට ඒවා ප්‍රායෝගිකව සිදුකරමින් ඒවායින් බොහෝ ප්‍රයෝජන ලබා ගනිමින් සිටී.

    එත් මෙලෝ ප්‍රයෝගිකත්වයක් නොමැති මේ රාවනෙක් ගැනයි කුණ්ඩල යෝගයක් ගැනයි කියන මේ පිස්සු පූසන්ට රාමායනේ යනු හැරී පොටර් වගේ එක් මායා ප්‍රබන්ධයක්‌ කියලා නොතේරෙන තරමට මඥනං වී ඇති පයිත්තියන් කාරයෝය.

    උඹල තව ටික දවසකින් හැරී පොටර් ගිය මායා පාසලත් හොයාගෙන යන්නට බැරි නෑ.

    මීයෝ උඹට පුළුවන් නම් එක දෙයක් ඔප්පු කරලා පෙන්නපන්, පරමාණු වල ශක්ති මට්ටම ප්‍රයෝජනයට ගැනීමට x කිරණ හොයාගත්තා වගේ, බලපං ඒකෙන අද කොච්චර ලොකු සේවයක් වෙනවද?

    උඹ මෙතන මෙලෝ රහක් නැතිව අර ඇනෝ පිස්සත් එක්ක එකතු වෙලා පොරටෝක්ස් ඉෂු කරනවා. උඹට පුළුවන් නම් එක දෙයක් කරලා පෙන්නපන්

    ReplyDelete
    Replies
    1. එම්බා රාචිය, ඔබ අපට එහෙම අපහාස කරන්නේ අප හෙළයේ වත ගොත නොදැනද? පර සුද්දන් හෙළුවැල්ලෙන් වල් ඌරන් පසුපස දුවද්දී, අපගේ ශ්‍රී රාවණ නරේන්ද්‍රයා වායුසමීකරණය කරන ලද දඬුමොණර වලින් ගොස් පර සක්වල යටත් කළ බව නොදන්නේද? මේව මම කියන දේවල් නොවෙයි, අරිසෙන් අහුබුදුවනුයි කියල තියෙන්නෙ.

      ලෝකයේ මුල්ම ගුවන්යානය, ජල උමග, නැව, ලේසර් තුවක්කුව, පරමානු බෝම්බය, පිරමීඩය, රොකට් එක, ඉංජෙක්ශන් ක‍ටුව ආදිය සොයා ගත්තේ ශ්‍රී රාවණයන් බව සූරිය ගුණසේකර වැන්නවුන් පවා පවසන්නකි.

      ඊට අමතරව ලෝකයේ මුල්ම හෙළිකොප්ටරය, පණිවිඩ චන්ද්‍රිකාව, කාර් එක, පරිගණකය, ඉන්ටර්නෙට් ඩොංගල් එක, දුම්රිය සොයා ගත්තේත් ශ්‍රී රාවණා රජතුමාම බව වර්ගපූර්ණිකාවේ පැරණි ලිපි කියවා තේරුම් ගන්න. එසේම ලෝකයේ මුල්ම මෝටර් සයිකලය, යුද්ධ ටැංකිය, රොබෝ යන්ත්‍රය, කොටස් වෙළඳපොළ, සහ එක්සත් ජාතීන්ගේ සංගමය පවා සොයා ගත්තේ ශ්‍රී රාවණ රජතුමාම බව ඉදිරියේදී ඔබට වටහා දෙන්නම්.

      අපට අළුතෙන් කිරීමට තරම් දෙයක් නැත, දැනට ලෝකයේ සොයාගෙන තිබෙන සියල්ලම වාගේ ශ්‍රී රාවණ රජතුමාගේ සොයාගැනීම්ය, නැතහොත් ඒවා අනුසාරයෙන් හැදූ දේවල්ය.

      Delete
    2. මේකට නං ඉළ නෑ..!!

      Delete
    3. මේ පිස්සු නම් කෙළින්ට එපා මීයෝ. යකෝ මේවා සුද්දෝ දැනගත්තොත් සිංහලයෝ ගල් යුගේ එවුන් කියලා හිතයි. උන් හදපු ෆිල්ම් බලලා උන්ට පිස්සු හැදිලා කියයි.

      රාවන උඹ කියන ඔය මහා ලොකු කෙරුවාවල් කරපු කෙරුමෙක් නම්. ඒවගේ වතගොත දන්නවා නම් ඉතිහාසේ ගැන පම්පෝරි ගහ ගහ ඉන්නේ නැතුව ඔය දඩු මොනරේ කියන අටමහල හදපන් කෝ අපිටත් බලාගන්ට

      රාවණා ඉන්නේ වෙන චක්‍රාවාටයක නම්, උඹ කියන ඒවා විශ්වාස කරන්ට පුළුවන්. එහෙමත් නැති නම් ලෝක විනාසයක් වෙලා පස්සේ කාලෙක පුස්කොල පොතක් සුද්දන්ට හම්බු වෙලා මේවා උනා නම් එත් විශ්වාස කරන්ට පුළුවන්.

      එත් බොල මේ පොලවේ පය ගහල ඉන්න එකෙක් උඹව දකින්නේ විකාරෙන් දොඩවන පිස්සෙක් විදිහට. මිනිස්සුන්ට විහිළුවක් නොවී තමන්ගේ ආත්ම ගරුත්වේ තියාගෙන වැදගත් දෙයක් කරපං මේ රටට වැඩක් වෙන.

      Delete
    4. අඩා rachiee නම් මැක්කකුගෙ ගුදය අවට ගැවසෙන අඳ පනුව, උඹ තරම් මෝඩ බූරුවකු මට මුණගැසුනාමය. සුද්දා හදපු රූ පටි බලා සුද්දගෙ උගුලට අසු වී පිස්සෙකු මෙන් නං දොඩවන්නේ උඹය. සුද්දා තවමත් අයන්න කිව නොහැකි මස් වැද්දෙක් බව උගේ ක්‍රියාවත් බසත් ගෙන ඔප්පු කරමි.

      අඩා අන්ධ බුද්ධිකය, මහසම්මත මනු ගෙන් පැවතෙන රාවන, රැස් එන, හෙවත් හිරුගේ වංශය බිහිකලේ මේ සිහල දීපයේය. සුද්දා අද වැජඹෙන්නේ සිංහලයන්ගෙ දැනුමෙන් බව මම තරම් දන්න එකෙක් නැත. මා ශුද්‍රයන්ගේ නිරුවත දැක්කේ උන් දණින් වැටී පිහිට යැදූ විටය. උන් ඊට පෙර දැරු අසාර්ථක උත්සාහයන් උඹ වැනියන් පමණක් කරන මන්ධබුධ වැඩය. ඒ ගොන් වැඩ ලොව ප්‍රකටය. ඒ ගැන සොයා බලා උඹේ අමනකම තේරුම් ගත යුතුය.

      "එත් බොල මේ පොලවේ පය ගහල ඉන්න එකෙක් උඹව දකින්නේ විකාරෙන් දොඩවන පිස්සෙක් විදිහට. මිනිස්සුන්ට විහිළුවක් නොවී තමන්ගේ ආත්ම ගරුත්වේ තියාගෙන වැදගත් දෙයක් කරපං මේ රටට වැඩක් වෙන." යන කතාව මනාව ගැලපෙන්නේ උඹ වැනි අමන මීමින්නන්ටය.

      උඹ කී අභියෝග පොඩි වැඩය. සිංහලයන් වෙනුවෙන් මම උඹේ අභියෝග භාර ගනිමි. කීමට තවම සුදුසු කල නොවන බැවින් කෙටියෙන් මෙලෙස කියවමි. තොපේ සිහිනයන් වන රූ පටවල එන සැම, ඊට වඩා සිය දහස් ගුණයකින් සාර්ථකව කර පෙන්වමි. උඹට සිතාගත නොහැකි දැ ද කරමි. උඹලගේ මනස්ගාතය වන දිව්‍යලෝකය මනුලොව තුලම බිහි කරමි. මෙතෙක් හෙළි කලේ සොච්චමකි. අර මායන්ල කිව් ලෙස නව ඇරඹුමක් බිහි කරමි. උඹේ අඳ බව නිසා නොපෙනුනද අද පවතින ලෝකය බිඳලීම අරඹා ඇත. එය නිමාවත් සමඟ නව ලොව ඉදිකරන බව කියමි. ඉතාමත් සූක්ෂමව ජීවීත්වීම අගයන, පැවැත්ම රකින මිනිසුන් සුළු කොටස වෙන් කර, ඵල නැති එවුන් වනසන්නේ නව ලොවට උන් බරක් නොවීමටය. මේවා ඉදිරි දසකය තුල ඵල ගැන්වෙන බවට මම සහතික වෙමි. එවිට මේ විශ්වය ජය ගෙන ජීවයෙන් පිරවීමට අවශ්‍ය දැනුමත් හැකියාවත් ලොවට බිහි කරන බව කියමි. ඒ අතින් පසු ගිය දස දහස් වසර තුල වූ දෑ කනා මුට්ටිය බිඳීමට දැරු තැතක් වනු ඇත.

      මිනිසා සත්ව ලෝකයෙන් මුදවාගත් හේතු හා මිථ්‍යාවන් කියා බැහැර කරන හැම සිංහල අරුතකම ඇත්ත නැත්ත ලොවට හෙලිකරන බවද කියමි. සුනඛය, උඹ රැම්බෝ බලා වියට්නාම් යුදයෙන් දින්නේ රැම්බෝ යයි කියන අමනයෙකි. අප උන් සමඟ ගැටී ඇත්ත ඇති සැටියෙන් දැන මෙය ලී බව දැන ගනු.

      Delete
    5. mepalane mokek unath poth wedipura kiyawala pissu heddichcha ugath pissek
      pakshaya UNP
      oka ara ugath ahubuddatath tibba
      oya kiyana awa tha weni pissu narayekta hoda pissu
      adama angoda admit wenda amepalane thuma
      onenam gedaradi ganda behethak kiyanda puluwan
      oyata thiyenne binnonmadaya kiyana rogaye lakshana
      sure nettam manasika weidya waryek hambenda

      Delete
  5. ඔය දීලා තියෙන්නේ ගූගල් පහ වෙන්නම..

    ReplyDelete
  6. හා දීපල්ලකෝ උත්තර....මයිත්තිරිපාල තුමා ගේ බෑනා කවුද? බෑන ඩ්‍රයිවර්ද? ඩ්‍රයිවර් බෑනද?

    හිත ඇත් නම් පත් කුඩාද?

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?

    අයියට පඩි කීයද?

    නිකං දුන්න අස්සයාගේ ඇත දත සුද්දෝ ද? (වැරදුනාද මන්දා)

    ReplyDelete
    Replies
    1. අය්යට පගල් නේද තියෙන්නෙ ???

      Delete
  7. Hafooiiiiiiii Mawanaparane.............

    ReplyDelete
  8. හැම එළුවම " බෑ බෑ " කියන්නේ මොකටද ?

    :::::::: මීට ආචාර්ය රාම වංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
  9. පරමානු හා ප්රෝටොන ඉලෙක්ට්රොන,න්යුට්රෝන පියවි ඇසින් දැකීමට නොහැකිය. ඒවාට අපි උපකරන හාවිතා කර ලබාගන්නා නිරීක්ශන උපයෝගි කර ගනිමු. එය ඔබ ඉතා දුර පිහිටි දෙයක් පියවි ඇසින් දැකිය නොහැකි නිසා දුරේක්ශයක් භාවිතා කරනවා මෙනි. එසේම අපට බැක්ටීරියා සයිල පියවි ඇසට නොපෙනේ. එනිසා අපි අන්වීක්ශ භාවිතා කර ඒවා දකිමු. ඒසේම ඇසට නොපෙනෙන රේඩියෝ තරන්ග ඉලෙක්ට්රොොනික උපකරන වලින් අන්වේශනය කර ගනිමු. බොහො සාර්තක ප්රාෙයොගික නිර්මාන පරමානු, ඉලෙක්ට්රො න, ප්රොාටොන, රේඩියෝ තරන්ග වැනි දේවල පැවත්ම පදනම කරගෙන නිර්මානය කර ඇති නිසාත් ඒවායේ පැවත්ම පිලිගනිමු.
    පියවි ඇසට හෝ කනට හෝ ස්පර්ශයෙන් හෝ කෙලින්ම සන්වේදනය නොවන ඒවා උපකරන භාවිතා කර ලබන සන්වේදන වලින් අන්වේශනය කරමු. ඉතින් කිසියම් ගුප්ත බලයක් ඇතැයි පවසන්නේ නම් එය පියවි ඇසටද නොපෙනෙන කනටද නො ඇසෙන දෙයක් නම් එය ඔබලා උපකරන මාර්ගයෙන් හෝ අන්වේශනය කර පෙන්විය යුතුය. එසේ නම් එය පිලිගත හැක. නිකම් පිලිගත නොහැක.

    ReplyDelete
    Replies
    1. @ThinkTwice මනුෂ්‍යයකු ලෙස ලියා ඇති ප්‍රතිචාරය අගය කරමි. තමන් දන්නා දේ කීම නිවැරදිය. එහෙත් අනුන් කියන දේට අපහාස පමණක් කිරීම මේ බසින් ලිවීම නුසුදුසු වන්නේ, මේ බස බිහිකලේ දැනුම සෙවූ, දැනුමට ගරු කල ඇත්තන්ය.

      ඔබ කී "පියවි ඇසට හෝ කනට හෝ ස්පර්ශයෙන් හෝ කෙලින්ම සන්වේදනය නොවන ඒවා උපකරන භාවිතා කර ලබන සන්වේදන වලින් අන්වේශනය කරමු. ඉතින් කිසියම් ගුප්ත බලයක් ඇතැයි පවසන්නේ නම් එය පියවි ඇසටද නොපෙනෙන කනටද නො ඇසෙන දෙයක් නම් එය ඔබලා උපකරන මාර්ගයෙන් හෝ අන්වේශනය කර පෙන්විය යුතුය." දෙස බලමු. ඔබ පමණක් නොව හැම සත්වයකුම තමන් නිමැවී ඇති අංගෝපාංඟ වලින් බොහෝ දැ කරන බව සැබෑවකි.

      ඔබ කී දෑ පසුපසද අතිමහත් ගුප්ත දෙයක් ඇත. එය ඔබේ සිතයි. ඇත්තටම ඔබ තීරණ ගන්නේ ඇස කන වැනි අංගෝපාංඟ වලින් නොව සිතෙනි. සිත ඇසට පෙනෙන දේ නොව ඊට අවශ්‍ය දෙය දුටුවා යයි සිතන එකක් බව තහවුරු කල හැක. එසේ නම්, ඔබ සැමදේම සිතට අනුව තේරුම් ගත යුතුය. සිත කුමක්දැයි නොකීවද මා දත් වැදගත් දෑ සුළු ලෙස මෑතකදී ලීවෙමි. එසේම සිත වැඩ කරන ආකාරයට ගොඩනැගුනු භෞතික නිමැවුම් ද මට ඇත. ඔබ සිත යන ගුප්ත දෙය ගැන නොදැන කිසි දෙයක් කිව නොහැකි බව දත යුතුය. ඔබ කී ගත සැදී ඇති අවයව සිත විහිදුවා (extensions of mind) මෙලොවට සම්බන්ධ වුවද ඒ තුලින් සිත ගැන යමක් තේරුම් ගත් විට සිතට සම්බන්ධ දෑ තේරුම් ගනු ඇත. මේ කතා බොහොමයක් සිතට බැඳී ඇත. සිත තරම් ප්‍රබල උපකරණයක් නැතැයි මම කියමි. ඔබට අවශ්‍ය ලෙස ඔබේ පියැවි ග්‍රාහකයන්ට තේරෙන ලෙස කීමට හැකි වුවත් ඵලක් නැත. ඒ සිත ගැන ඔබ නොදන්නා නිසාය. කිසිදු උපකරණයකට තවම සිත අසු නොවේ.

      ඔබ "පරමානු හා ප්රෝටොන ඉලෙක්ට්රොන, න්යුට්රෝන" වැනි දෑ ගැන කී කතාද සාවද්‍යයයි. මට මෑතකදී ලොව ඉදිරිපෙල (cutting edge technology) උපකරණ අටක් නිපැයීමට සහායට ගොස්, අවසන, මගෙ දැනුමෙන් සේවාදායකගේ අවශ්‍යතා පිනවීමට සිදු වූයේ පින් පිණිසය. ඒ උපකරන න්‍යුට්‍රෝන හා බැඳුන නිරීක්ෂණ උපකරණ ය. ඒවා ප්‍රසිද්ධ ඉලෙක්ට්රොන හා විකිරණ වලට බැඳි අන්තයක ඔබ කී ලෙස භාවිතා වේ. එහෙත් අන්තිමට පියවි ඇසට ළඟා වෙන දත්ත නොයෙකුත් මත උඩ ගෙතු පරිවර්තන නිසා කිසිදා පියවි දේ නොවේ. එසේම මූලික තක්සේරු සියල්ල ගෙතූ කතාය.

      ඔබ කී උප-පරමාණුක අංශු හා ඒවායේ පිහිටීම් සිහිනෙන් දුටු දෑ නොවේද? එසේම අද වන විට බොරුය. මා වැල යන අතට මැස්ස ගසනවා වැනි කෙප්ප යයි කීවේද සාවද්‍යබව නිසාය. අද ඔය මග ගියවුන්, වටේ යන බව කියමි. ගෙතූ දෑ වල හිරවී සැබෑව ලෙස බොරුව රජ කරවීමට දරන තැත ඉමහත්ය. ගෙතූ න්‍යායයන් දත්තයන්ට ගැලපෙන්නෙ ඒවායේ ඇති නිරවද්‍ය බව නිසා නොව මුලින්ම ඒ න්‍යායයන් බිහි කලේ ස්වාභාවිකව ඇති දත්ත මත නිසාය. උසස්පෙල සමතෙකුට උපාධි ගැන කීමෙන් ඵලක් නැත. ඔබද අප මෙන් පරිප්පූ කෑ විට ඇත්ත දනු ඇත. සිත ගැන ආදි සිංහලයන් කී දෑ කෙතරම් සැබෑ දැයි මම දනිමි.

      Delete
  10. අපේ රෝද 2කේ දඩුමොනරෙත් full A/C.උදේට එහෙම යනකොට දත කට පුට්ටු වෙනවා A/C වැඩි කමට.


    ශ්‍රී රාවණ සිද්දම්.

    ReplyDelete
  11. කුණ්ඩලනිය වඩවා ගත් පුද්ගලයින්ට මේවා ඔප්පු කිරීම හෝ වැරදි බව පෙන්වා දීම ඉතාමත් පහසුය...

    ReplyDelete
  12. Mr meewana palane yanu manasika rogiyek bawa hegigiye ma kiyawu lipi kihipayakini
    mohu binnonmadaya (schizophrenia ) yana roga lakshana sahitha pudgalayeki
    meme rogaye mulika lakshana siyallama pahe mohu hata atha
    karunakara meya kiyawana pudgalayin awa bodayen kiyawa balanna
    mohuta pitasakwala ho wenath usas jeewin kotasak samaga sambandakam athi akarayen hesirei
    mohu itha usas bhawanwen manasa praguna karagath pudgalayek bawa prakasha karai
    mohuta yam yam de palanaya kala heki bawa pawasai
    mohu a pilibandawa piligath heki sakshi idiripath nokarai
    mohu prakasha karana grantha ho sakshaya pilibada kisidu sathya thawak netha

    ReplyDelete

නුදුරු අදහස්