හෙළයින් වන අප ලෝකයේ ප්‍රෞඩතම ඉතිහාසයට හිමිකම් කියන ජාතිය වීමු. කිසිවෙකුටත් එය එසේ නොවේ යයි කිව නොහැක. මා මේ සඳහන් කරන්නේ අප ජාතියක් ලෙස අතීතයේ සිට ශිෂ්ටසම්පන්නව සිටි ඕනැම ජාතියකට නොදෙවෙනි මට්ටමින් දියුණු ජාතියක්ව සිටිබවයි. අනෙක් ජාතීන්ට පෙර අපි ශිෂ්ටාචාරයේ දිනෙක ගින්දර සොයාගතිමු, රෝදය සොයාගතිමු, තව බොහෝදේ සොයාගතිමු. ඒ තනිවමය, කිසිවෙකුගෙන් අනුකරණය කිරීමෙන් නොවේ. එපමණක් නොව අන්‍ය ජාතීන් සතු නොවනා බොහෝ දේ අතීතයේ අප සතු විය. ඒ මොනවා දැයි උදාහරණ කීපයක් පෙන්වා සිටීමට මට අවසර දෙන්න.
1. ගුවන් යානා
පොළොවට ඉහළින් වළාකුළු යන්නාක් මෙන් ගමන් ගන්නා අති දැවැන්ත දඬුමොණර යානා වලින් පරිපූර්ණ වූ අප පැරණි ගුවන් යානා තාක්ෂණය මුළු විශ්වයම හෙළය යටතේ පාලනය කරවීමට සමත් විය. (කුණ්ඩලීනී යෝගය භාවිතයෙන් දහ අට රියනක් උසින් ගුවනින් ගමන් කිරීමට හැකියාව තිබූ හෙළයින් සිටි ප්‍රදේශ වල ගුවන් යානා දක්නට නොතිබුණි.) අප ගුවන් යානා තාක්ෂණයේ විශිෂ්ටත්වයට එක් ප්‍රබල සාක්ෂියක් වන්නේ අරිසෙන් අහුබුදුවන්ගේ පද නිරුක්තීන්ය. එනම්
වා=වාතයේ යන,
රිය=වාහන,
පොළ=තොටුපොළ.
එසේම මාතලේ යනු මාතලීගේ ගම ලෙස හැඳින්වූ අරිසෙන් අහුබුදුවෝ, ඒ අනුව සක්රයාගේ ගුවන් යානයේ පයිලට් (පයි=පයින්පදින, ලට්=ලට්ටරම ක්‍රියාකරවන්නා) යනුත් හෙළයෙක් බව මැනැවින් ඔප්පු කර සිටියේය.
ඉන්දියානුවන් ගාව ඇති වෛමානික ශාස්ත්‍රය නැමති පොතේ ගුවන් යානා හදන ආකාරය ගැන තිබේ. අරිසෙන් අහුබුදුවන්ට මෙන්ම ආචාර්ය සූරිය ගුණසේකර මහතාටත් අනුව වෛමානික ශ්‍රාස්ත්‍රය යනු හෙළයින්ගෙන් ඉන්දියානු බමුණන් සොරාගත් පුස්කොළපොතක් වීමත් නිසා එම පොත හෙළයින්ගේද යන්න ගැන තවත් මූලාශ්‍ර අවශ්‍ය නැත. එහි හෙළයින් ගැන තියා රාවණා ගැනවත් වචනයක්වත් සඳහන් වී නොතිබීම ගැන අප සැක කර ගත යුතු නැත්තේ බමුණන් එහි මුල් පිටපත ගිණි තබා ඇති බැවිනි.
ඉන්දීය වීර කාව්‍ය වන රාමායනයේ මෙන්ම මහා භාරතයේත් පුෂ්පක සහ විමාන ගුවන් යානා ගැන සඳහන්ව තිබීමත්, ඇලෙක්සැන්ඩ්රර් රජතුමාට ගුවන් යානා තිබූ බව සඳහන් වීමත්, ඊජිත්තුවේ පිරමීඩ තුළ ගුවන් යානාවක පින්තූර (මාළුවෙකුගේ නොවේ) තිබීමත් නිසා, රාවණා රජතුමාට ගුවන් යානා තිබූ බව ඕනෑවටත් වඩා ඔප්පු වෙයි.
අනික් අතට වර්තමානයේත් ඇති ප්රබලතම සාක්ෂිය වන්නේ සබරගමුව දේවාලයේ ඇති රාවණ රජතුමාගේ දඬුමොණරයයි. (එය බැලීමෙන් නොකඩවා වැසි ඇද හැළෙන බැවින් එය කාටවත් බැලීමට නොහැකි බව සලකන්න). වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ පැරණි ලිපි වල හෙළ ගුවන් යානා ගැන තව බොහෝ විස්තර දැක්වෙයි.
2. පිරමීඩ ඉදි කිරීමේ තාක්ෂණය.
ඊජිත්තුවේ ඇති ගීසා පිරමීඩ යුගල සැලකෙන්නේ ලොව ගලෙන් කළ විශාලතම පිරමීඩ ලෙසය. ඒවාත් ඉදි කළේ හෙළයින් විසින් බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පෙන්වා දී ඇත. එනම් ඊජිත්තුවේ පිරමීඩ ඉදි කළේ අහසින් පැමිණි සිංහ මිනිසු විසින් යැයි ජනප්‍රවාදයක් තිබීමත්, ඒ අනුව අහසින් පැමිණි සිංහ මිනිසු යනු රාවණා රජතුමාගේ හෙළයින් වීමත්ය. අරිසෙන් අහුබුදු වන්ට අනුව පාරාවෝ යනු,
පා=පාලකයින්
රා=රාවණාගේ
ඒ අනුව ෆේරෝ හෙවත් පාරාවෝ යනුත් ඊජිත්තුව පාලනය කල අපගේ හෙළයින්මය.
රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍ය තුන ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස සැලකෙන තරු තුනේ ආකාරයට පිහිටා තිබීම අනුව ඒවා අනිවාර්යයෙන්ම රාවණාට සම්බන්ධ බව පැහැදිළි වෙයි. (ඒ අනුව ඒවා පසු කාලයේදී ඉදි වූ බව කියන මහාවංසය පැහැදිළිවම කෙප්පයක් බව පෙනෙයි. මහාවංසය නැමැති බේගල් පොත ඔබ තාමත් පිළිගන්නවද?)
පිරමීඩ සහ ස්ථූප හැරුණ විට අදටද නටඹුන්ව ඉතිරිව ඇති සීගිරිය අප ශ්‍රේෂ්ඨ හෙළ උරුමය මනාව විදහාපායි. රත්‍රං වලින් හදා තිබූ විදුලි සෝපාන පවා තිබූ, හෙළ බ්ලොග් කරුවන්ට අනුව ඇතුළත වායු සමීකරණය කර තිබූ සීගිරියෙන් එවකට සිටි හෙළයින්ගේ අසිරිය මැනැවින් පැහැදිළි වෙයි. (එම විදුලි සෝපානය එච්.සී.පී. බෙල් නැමති පර සුද්දා විසින් ගලවාගෙන එංගලන්තයට රැගෙන ගිය බවත්, වායු සමීකරණය කර තිබූ කොටස ගඩොල් වලින් වසා දැමූ බවත් සලකන්න).
3. භාෂාව හා සාහිත්‍යය.
මුල සිටම ස්වාධීන වූ හෙළයින්ට පමණක් ආවේනික භාෂාවක් අතීතයේ සිටම අප සතු විය. ඒ සිංහලයයි. ලෝකයේ නිර්මාණශීලී භාෂා අතලොස්ස අතරට සිංහලය එක් වී ඇත්තේ එයටම ආවේණික වූ “ඇ” සහ “ඈ” ශබ්ධ නිසාය. සිංහල භාෂාවෙන් ඕනෑම අදහසක් නිරවුල්ව පැවසිය හැක. කිසිම විටෙක පර සුද්දන්ගේ වචන භාවිතයට අවශ්‍ය නැත. ඕනෑම විශයයක් ඉගැන්විය හැක (ඒ සදහා පාරිභාෂික පද නිපදවිය හැක). හොඳම උදාහරණය වන්නේ පර බසින් පරිගණක ගැන ඉගෙන ගෙන පසුව හෙළ බසින් පරිගණක පොත් පවා මුද්‍රණය කළ එන්.පී. විජේරත්න තුමායි. බලන්න, එම පොතක් භාවිතා කර ඉංග්‍රීසි බසින් ඉගෙන ගන්නවාට වඩා සරළවත් සුමටවත් පරිගණක ගැන දැනගත හැකිය.
එපමණක් නොව රාවණා යුගයේ සිට අතිවිශිෂ්ඨ ගද්‍ය-පද්‍ය සාහිත්යයයත් අප සතුව තිබිණි. උදාහරණ ලෙස රාවණා යුගයේ ලියැවුණු සීගිරි කුරුටු ගී විශිෂ්ඨ කාව්‍යයකි. ඔබට මතකද රාවණා රජතුමාගේ මහසෙන් තාණ්ඩවය කොපි කර පාහර නිර්ලජ්ජී ඉන්දියානු බ්‍රදර්ස්ලා ශිව තාණ්ඩවය හැදු හැටි.
ඉංග්‍රීසි භාෂාවේ ඇති බොහෝ වචන වලට මුල් වී ඇත්තේ හෙළ බසයි. වෙනකක් තියා "හෙළෝ" (Hello) යනුත් හෙළයින් විසින්ම නිපදවූ වචනයක් බව අරිසෙන් අහුබුදුවන් පෙන්වා දී ඇත්තේ අති විශිෂ්ට ආකාරයටයි. එනම් අතීත හෙළයින් තෙලබනුවෙන් කතා කරද්දී අනික් පසින් සිටින්නේ හෙළයෙක්දැයි දැනගැනීමට "හෙළෝ" යැයි පවසා ඇත, එවිට අනෙක් පැත්තේ සිටින්නේ හෙළයෙක්නම් ඔහුත් "හෙළෝ" යැයි කියයි. ඉංග්‍රීසි යනුත් "සිංග්‍රීසි" යන වචනයෙන් හැදුණ පදයක් බව මා මිත්‍ර "ඇනෝනිමස් වන් ඔරිජි" තුමා පෙන්වා දී තිබුණි. ඔතනින් නොනැවතී බොහෝ ඉංග්‍රීසි වචන වලට මුල් වුයේ හෙළ බසම බවට, වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ ඕනැ තරම් උදාහරණ තිබේ.
4. නර්ථනය
අපගේ පහත රට නර්ථනය යනු රාවණා රජතුමා විසින් හදාපු නර්ථන සම්ප්රදායක්ම බවට ඕනෑම රාවණ ගවේශකයෙකු සාක්ෂි දරනු ඇත. රීරි යකා, ගරා යකා, ගිණි යකා, නාග රාක්ෂ, මහසොහොන් එකී නොකී මේ සියල්ලක්ම හෙළයින්ගේ යක් නා රකුස් ම නොවේද? මේ දිනවල ජනප්‍රියව ඇති අංගම්පොර යනු රාවණා රජතුමාගේම නර්ථන සම්ප්රදායකින් බිහි වූ සටන් කලාවක් බවට ජීවමාන සාක්ෂියකි.
දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට ඇතත් කාලය මද නිසාත් වර්ගපූර්ණිකාවේ හැමදාම කියන ටිකම කියවෙන නිසාත් ඉහත කරුණු 4ට පමණක් මම සීමාවෙමි. ඉහත කරුණු හෙළ වියතුන් විසින් දැක්වූ අදහස් මිස මාගේ අදහස් නොවේ.
හෙළයින් විසින් සොයාගත් වැදගත් නිර්මාණ වනාහී, පණිවිඩ චන්ද්‍රිකාව, හෙළිකොප්ටරය, කෝච්චිය, නාසා ආයතනය, හබල් දුරේක්ෂය, පෙන්ටගනය, පිස්තෝලය, ලේසර් තුවක්කුව, යගදාව, ඉඳිකටුව, පරිගණකය, ඉන්ටර්නෙට් ඩොංගල් එක, පෝර්න් චිත්‍ර, සෙල් ලිපි, පුටුව (පු=පුක තියන, ටුව=අටුව), රොකට්ටුව ආදී බොහෝ දේවල් වෙයි. ඒවායින් බොහෝ දේවල් ගැන වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කළින් ලිපි වල ඇති අතර තවත් ලියමින් පවතියි.
නමුත් රාවණා විරෝධීන්ට එරෙහිව මට ඇති චෝදනාව ඉදිරිපත් කිරීමට මේ අවස්ථාව යොදාගමි. ආචාර්ය මීවනපලානේ ජයරත්න වන මා මෙම වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය හරහා සිදුකරන්නේ අපගේ පූර්ව ඓතිහාසික යුගය ගැන
අපගේ හෙළ නයුවන් ලබා දුන් තොරතුරු පදනම්ව ඉතිහාසය ගෙන හැර පෑමයි, ඊට අමතරව හෙළයින්ට එරෙහි මලයාලි සක්කිලි බලවේග නිර්දය ලෙස විවේචනයට ලක්කිරීමයි. පූර්ව ඓතිහාසික යුගයේ (රාවණා යුගයේ) මෙරට කෙසේ පැවතියේ දැයි පුරාවිද්‍යාත්මක සාක්ශි මත හොදින් තහවුරු වී ඇත. ඊට හේතු වූයේ ආචාර්ය සූරිය ගුණසේකර බදු ඉතිහාසඥයින් ද, අරිසෙන් අහුබුදු, කුමාරතුංග මුණිදාස බඳු භාෂා ප්‍රේමී ද මේ පිළිබඳ පර්යේෂණ කර තිබීමයි. (මේ ලේඛකයා මේ පිලිබද ඔවුන් තැබූ සටහන් පරිශීලනය කොට ඇත). එමෙන්ම ඉතිහාස ගවේශනයේ මූලාශ්‍රයක් වන ජනශ්රැතිය ද මේ යුගය පිලිබද කරුණ අපට හෙළි කරයි. සෙල්ලිපි වැනි සාක්ශි ද හමුවී ඇත.
අප රටේ රාවණ යුගයේ (වසර 2500 ක අප හොදින් ම දන්නා ලිඛිත ඉතිහාසයට ද වඩා) දියුණු ශිෂ්ඨාචාරයක් තිබුණි, එය රාවණ ගවේශකයින් වන අපට සක් සුදක් සේම පැහැදිළියි. එවන් ශිෂ්ඨාචාරය යම් හේතුවක් නිසා ක්ෂණිකව විනාශ වී ඇත. එසේ වීම විස්මය ජනක නොවේ. (මා පවසන්නේ අපේ හෙළ නයුවන්ට විරුද්ධ උදවිය අවඥාවෙන් කියන පරිදි දඩයම් යුගය නොව දියුණු ගොවි යුගය ගතකරන ජනකොට්ඨාශයක් මෙහි වන්නටට ඇති බව නොවේ - අප සතු නවීන තාක්ෂණයෙන් ආඩ්‍ය ශිෂ්ටාචාරයක් එකල තිබූ බවයි)
වර්ගපූර්ණිකාවට විරුද්ධ උදවියට මේ පිලිබඳ විවේචන ඇත් නම් කල යුතු වන්නේ සදාචාරාත්මක රාමුවක සිට ඒ පිළිඹදව ප්‍රශ්න කිරීම
(ඒවාට සදාචාරාත්මක සහ ශ්‍රාස්ත්‍රීය රාමුව තුළ සිටම පිළිතුරු දක්වන්නෙමු) මිසක් මෙලෙස වර්ගපූර්ණිකාවට අභියෝග කිරිම හරහා ජාතියක් ඉලක්ක කොට අතෝරක් නැතිව හාස්‍ය උලුප්පා මඩ ගැසීම නොවේ.
විශේෂයෙන් ම බ්ලොග් අවකාශයේ සිටින දැන උගතුන් බොහොමයක් වර්ගපූර්ණිකාවට විරුද්ධ උදවියගේ ලිපි කියැවීමෙන් පසු පෙලඹෙන්නේ සිංහලයා ගේ අතීතය යනු නිකම්ම නිකන් ගොවි යුගයක් යයි සිතීමට බව ඉතාම පැහැදිලිය. වර්ගපූර්ණිකාවට විරුද්ධ අයට අවශ්‍ය මෙයද? ආචාර්ය සූරිය ගුණසේකරයින්ගේ හෙළ යුගය වැනි පොත් වලින් දැක්වූ පරිදි අපගේ හෙළයින්ට ගුවන් යානා තිබූ බව සක් සුදක් සේ පෙනෙද්දී ඒවා ප්‍රතික්ෂේප කරන්නේ මොන හිතකින්ද? (ලේඛකයාට වහල් වී සුවච කීකරු වනවා නොව, විචාර බුද්ධියෙන් ලේඛණයක් විමසන පාඨකයන් කොපමණ ප්‍රතිශතයක් සයිබර් අවකාශයේ සිටී දැයි අපගේ හෙළ ඉතිහාසය ගැන දැක්වෙන බ්ලොග් වල ප්‍රතිචාර කියවා තේරුම් ගන්න).
වර්ගපූර්ණිකාවට විරුද්ධ උදවියගේ නිරන්තර ඉලක්ක බවට පත් වන අරිසෙන් අහුබුදුවන්, ආචාර්ය සූරිය ගුණසේකරයන්, ආචාර්ය මිරැන්ඩෝ ඔබ්සේකරයන්, කාංචන ගීත මනමේන්ද්රයන් ආදී හෙළ නයුවන් ගැන ද සටහනක් තැබිය යුතුමය. මේ උදවිය අප හෙළ ඉතිහාසය රැක නොගන්නට ඔබට මට තාමත් පිළිගන්නට වන්නේ මහාවංසයයි. අහුබුදුවන්ගේ සක්විති රාවණ නාට්‍යය රස නොවිඳි රාවණ ගවේශකයෙක් සිටීද? අපිනම් රස වින්දා පමණක් නොව එමගින් රාවණ ඉතිහාසය ගවේශණයද කරන්නෙමු. හෙළ ජාතිය එළදෙනෙකුගේ මුඛයෙන් බිහි වූ බව ආචාර්ය සූරිය ගුණසේකර මහතා
පෙන්වා නොදෙන්නට අප තාමත් හිතාගෙන ඉන්නේ සිංහයෙක්ට දාව මනුස්ස දුවණියකගෙන් ඉපදුන බවය. බලන්න... ගොනෙකුට දාව එළදෙනගේ කටින් ඉපදීම, සිංහයෙක්ට දාව මිනිස් දියණියකගේ යෝනියෙන් ඉපදීමට වඩා කොතරම් අභිමානයක්ද. 2012/12/12 දින රාවණාගේ උත්ථානය සිදුවෙන බව මිරැන්ඩෝ ඔබ්සේකර මහතා
පෙන්වා නොදෙන්නට අප රාවණා රජතුමාව නැගිට්ටවන්නේ කෙසේද? ලොව මුල්ම ගුවන් ආරක්ෂණ පද්ධතිය හෙළයින්ට තිබූ බව කාංචන ගීත මනමේන්ද්රයන් පෙන්වා නොදෙන්නට අප තවමත් ඉන්දියානුවන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධති ණයට ගනිමින් සිටින්නෙමු. (මේ සියලුම දේවල් ගැන විස්තර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ පෙර ලිපි වල දක්වා ඇත).
මෙවන් වියතුන්ට මඩ ගැසීමෙන් රාවණ විරෝධීන් ලබන තෘප්තිය කුමක්ද?
දින දසුනද ලග්න 12 ඇතුලු ජ්‍යෙතිශය ලොවට ගියේ හෙළයන් ගෙන් යයි අරිසෙන් අහුබුදුවන් තර්කානුකූලව පවසනු ලේඛකයා ද අසා ඇත. ඊට හේතු වූයේ රාශි චක්‍රය මේෂ රාශියෙන් පටන් ගැනීමත් මේෂ යනු එළු=හෙළ වීමත්ය. එසේම අරිසෙන් අහුබුදුවන්ට අනුව "ඩොක්ටර්" යනුත් "දොස්තර" යන හෙළ වචනයෙන් හැදුණකි. දො=දෝශ, ස්තර=සතර. ඒ දෝශ සතර ට ප්‍රතිකාර දක්වන්නා දොස්තර ය. ඒ
තර්ක වැරදිනම් ඊට ප්රතිතර්ක ගොඩනගනු විනා (ඒවාට සදාචාරාත්මක සහ ශ්‍රාස්ත්‍රීය රාමුව තුළ සිටම පිළිතුරු දක්වන්නෙමු), අහුබුදුවන්
උපහාසයට ලක්කිරීමෙන් ලබන තෘප්තිය කුමක් දැයි මට නම් නොවැටහේ.
ප.ලි
දුවන්නන් වාලේ කෙට එළදෙන දුවන්නාක් මෙන් මේ ලේකඛයා ද කීපවරක් වැල යන අතටම මැස්ස ගසා, වර්ගපූර්ණිකාවේ ප්‍රතිචාර තබා ඇති Rachi, ThinkTwice ආදී රාවණා විරෝධීන්ට ඔවුන් කැමති ක්‍රමයටම පිළිතුරු දී ඇත. Rachi, ThinkTwice, පාඨකයෙනි ඒ ගැන මට සමාවන්න. ඒ සියලු අදහස් මම මෙයින් ඉල්ලා අස්කොට ගනිමි.