ඊට අනුව මායා කොසු හතක් තෝන් ලණු වලින් හෙළ බස් එකකට ("හෙළ බස" කියල තාමත් අප අතර පවතින්නේ එම වහරයි) ගැට ගසා බසය ඇද්දවීමට හැකියාව තිබුණි.
හඳ පායා ඇති දින වලදී හෙළ පුස්කොළපොත් කියවූ මා වැනි වැඩිහිටි උදවියට බසයකට ගොඩ වුණ ගමන් සිතෙන්නේ, බස් එක කොහුවලින් දුවන බවයි. බටකොල ආච්චී හෙළ යකිනිය විසින් "කොහුවලින්" ධාවනය වන හෙළබස් තාක්ෂණය මුල් වරට හඳුන්වා දුන් ගම්මානය අදටත් "කොහුවල" ලෙස හැඳින්වෙයි. රාවණ රජ සමයේ කොහුවල ප්‍රධානතම බස් නැවතුම් පොළ බවට පත් විය.
පින්තූරය උපුටා ගත්තේ "Chat Room" වත්පොත් පිටුවෙනි. |
අරිසෙන් අහුබුදු වන්ට අනුව වාරියපොළ යනු, වා=වාතයෙන්, රිය=රථ, පොළ=තොටුපොළ හෙවත් වාතයෙන් යන රථ පොළ ලෙස හැඳින්වෙන දඬුමොණර ගුවන් යාත්‍රාංගනයක් බවත් ඔබට මතක ඇති. කොහුවල සිට වාරියපොළට ගමන් මාර්ගයක් ඇති නිසා අතීත හෙළයින්ගේ මහා මාර්ග ප්‍රවාහනය සහ ගුවන් ප්‍රවාහනය අතර තිබූ සම්බන්ධතාවය මැනැවින් පැහැදිළි වෙයි.
හෙළ ගවේශකයින් පවසන පරිදි රාවනා ඇල්ල අසලින් හමුවූ උමගේ සිට රාවනා ඇල්ලට කිලෝමීටර් ගණනාවක් දිග මාර්ගයක් තිබෙන නිසා එම උමග රාවණා රජතුමාගේ බව තහවුරු වෙයි. එසේම, වාරියපොළ සිට කොහුවලටත් මාර්ගයක් තිබෙන නිසා කොහුවලත් රාවණ රජතුමාගේ බවට තවත් මූලාශ්‍රයකි.
නුගේගොඩ ගුවන් පාලම හැදීමට මාර්ගය හාරද්දී එතැනින් හමුවූ ඉපැරණි සෙල් ලිපියක මෙසේ දැක්වෙයි. "කල හ බ නව ප ඉළ බකල යක ඣප ප නුග". එහි තේරුම මෙලෙස දැක්විය හැකියි. "කොහුවල හෙළ බස් නැවතුම් පොළ ඉදිකළ බට්ඨිකාලි යකිනිය ගේ දෙටු පුත් පැළ කළ නුග ගස". එම සෙල් ලිපි මූලාශ්‍රය අනුවද රාවණ රජ සමයේ තිබූ කොහුවල හෙළ බස් නැවතුම්පොළ ගැන පැහැදිළි වෙයි.
එදා හෙළයින්ට තිබූ බස් තාක්ෂණය අද හෙළයින්ටත් තිබෙන හැටි පහත රූපයෙන් ඔබට දිස් වෙනු ඇත. පර සුද්දන්ගේ සම්බැරීන් දියේ පමණක් ගමන් කරද්දී, හෙළයින්ගේ බස් දිය ගොඩ දෙකේදීම ගමන් කරන උදාරත්වය දෙස බලන කල අපගේ තනි නෙතගට කඳුළක් එක් නොකරන්නේද?
ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.
මෙවන් වටිනා ළිපියක් ලිවීම ගැන ඔබ තුමාට කුරුතක්ඥ වෙමි. අපගේ පහන් සංවේගය උදේසා. උතුරු පයියාගල, දකුණු පයියාගල, හා කීඹීඇල යන ඓතිහාසික ඉස්තාන ගැන ඔබ තුමාගේ අවදානය යොමු කරන්නේ නම් ආයිත් පාරක් කුරුතක්ඥ වෙමි..
ReplyDeleteසැබැවින්ම මෙම ස්ථාන හෙළ වදන් වලින් නාමකරණවලට ලක්වූ ස්ථාන නොවැ...
Deleteඇත්තට ඈ.ඕක කල්පනා උනේ නෑනේ.මෙච්චර සාක්ෂි අපේ වටේ තියෙද්දිනේ අපි මේ ඇස් කන් වහගෙන පර සුද්දො හදපු ඉතිහාසයක් විස්වාස කරන්නේ...
ReplyDelete//ටික දිනක් වර්ගපූර්ණිකාවට ලිවීමට නොහැකි වූයේ ගත වූ දින කිහිපය තුළ වැඩ අධිකව තිබුණ නිසයි. //
ReplyDeleteඔය අධික වැඩ ගැනත් ඕන්නං පොඩි පබ්ලිසිටියක් අරන් දෙන්න පුළුවන්. අර ෆූටා වලිගෙ එල්ලිලා මෝල්ගහ පිටිපස්සෙන් වැටි වැටි දිව්ව හැටි ගැන පොටෝ කාරිය???
දැං දැං ශ්‍රී රාවන ගැන කතා පල වෙනවා අඩුයි මීවනපලානයෙනි..
ReplyDeleteවැඩේ හරියන්නෑ ඈ...
"කල හ බ නව ප ඉළ බකල යක ඣප ප නුග" මෙතරම් දියුණු තාක්ෂණයක් තිබූ සමයක එවැනි ප්‍රාථමික භාශාවක් භාවිතා වූයේ මන්ද?
ReplyDeleteඑම්බා හරිය! තොප හරි නොව වැරදිය.
Deleteඑය ප්‍රාථමික භාශාවක් නොව එකල තිබූ තාක්ෂණික දියුණුව පිළිබිඹු කරන කැඩපතක් වැනිය.
රාවණ රජ දවස අපට තිබූ හා සමාන තාක්ෂණික දියුණුවක් වර්තමානයේදී ලබාගෙන සිටින ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල ජනයා (සහ අප වැනි හුදී ජනයා ) චැට් කිරීම සහ කෙටි පණිවුඩ යැවීම පිණිස b4, gr8, gn, tc, ur, luv, lol, 2day, cu වැනි යෙදුම් භාවිතා කරන බව තොප නොදන්නේද?
ඔවුන් අතීතයේ එවැනි යෙදුම් භාවිතා කළේද?
සමාවුව මැනවි..
Deleteමාගේ මොළය පෑදුනේ දැන්ය. රාවණා සමයේදී චැට් හා ඇස් ඇම් ඇස් යෙවීමට භාවිතා කළ යෙදුම් පසුකාලීනව සෙල්ලිපිවලටත් යෙදෙන්නට ඇතැයි සිතමි..
චැට් හා ඇස් ඇම් ඇස් යන්න හෙළ වචනදැයි කිව මැනවි..
ඇස් ඇම් ඇස් යන්නෙහි හෙළ වදන කෙටි පණිවුඩ වේ. ශ්‍රී රාවණ රජ දවස හෙළයන් භාවිතා කළ ජංගම තෙලබණුව් අතර ලිඛිත පණිවුඩ හුවමාරු කළ ක්‍රමය පැරණි පුස්කොළ පොතකින් සොරා ගත් Matti Makkonen නම් පර සුද්දා එය උගේ සොයා ගැනීමක් ලෙස ප්‍රසිද්ධ කරන ලදි. ඒ අනුව ඇස් ඇම් ඇස් යනු හෙළ තාක්ශණයකි.
Deleteඅතීත හෙළයෝ අතේ ගෙන යා හැකි නූතන පරිගණකයකට සමාන බහුකාර්ය උපකරණයක් භාවිතා කළහ. එය අත්ල මත තබාගෙන වැඩ කළ නිසා "තබලා අත" යන නමින් හැඳින්විණි. වර්තමානයේ ටැබ්ලට් (ටැබ්ල+අට්=තබලා+අත) නිපදවීමට යොදා ගන්නේ පර සුද්දන් විසින් සොරා ගත් හෙළයන්ගේ තබලා අත් තාක්ශණයයි.
තබලා අතෙහි අඩංගු වූ එක් තාක්ශණයක් වූයේ සජීවී ලෙස සංවාදයෙහි යෙදීමේ හැකියාවයි. අතීත හෙළයෝ මෙය වැඩිපුරම භාවිතා කළේ චාටු කතා කියා හෙළ කතුන් දැලේ දමා ගැනීමට බැවින් එම සංවාද "චාටු" ලෙස හැඳින්විණි. පර සුද්දන් ඔවුන්ගේ ටැබ්ලට් වල මෙන්ම පරිගණක වලද "චාටු" තාක්ශණය අඩංගු කර එය ඔවුන්ගේ උච්ඡාරණයට ගැලපෙන ලෙස "චැට්" යැයි නම් කරන ලදි.
සත්‍යයකි. අපගේ අවාසනාවට ඒ පුස්කොල පොත සුද්දා පිටපත් කරගත් පසු බමුනෙකු විසින් සුපුරුදු පරිදි ගිනි තබා ඇත. එනිසා අපට පේටන්ට් ගැනීමට නොහැකිව ඇත.
Deleteමේවා දකිනකොට තනි ඇහැට ඇඩෙනවා තමයි...
ReplyDeleteඅර හැරී පොටර් ල එහෙම හිතාගෙන ඉන්නෙ මේක උංගෙ තාක්ෂණයක් කියලනෙ.
ReplyDeleteතියන්න වටින්නෑ උංව.
අම්මප ඒ මදිවට රාවණතුමා බටකොළ ආචිචිව ක්ලෝන පිටපත් කරල ඒ දවස් වලම අනිත් යටත් විජිත වලටත් යවල නොවැ. ඒකනේ උංගේ පොත් වලත් ඕක තියෙන්නේ. කියල වැඩක් නෑ ඉතිං. මේ දවස් ටිකේ සද්ද නැතිව ආච්චිගේ කොස්සේ පොසිල වත් හොයන්ට ගියායැ. ඔන්න රාවණා ඇල්ල රක්ෂිතය ගින් ගන්නෝ
ReplyDeleteහැබැයි ආචාර්ය ජයරත්නයාණනි, ඔබට අදනම් පොඩි වැරදීමක් වී ඇත මෙම බස් රථය නිපදවන්නේ ඉන්දියාවේ බව ඔබට අමතක වුනිද? එසේ වුවත් මේය උභය පාරිසරික වාහනයක් වී ඇත්තේ හෙළ රථාචාරීන්ගේ දක්ෂතාවය මතවත්ද?
ReplyDeleteනැත නැත...මේ හෙලයන්ගෙන් අතීතයේ සොරාගත් තාක්ශනයයි. ඒ සදහන් පුස්කොල පොත් බමුනන් විසින් ගිනිතබා ඇති හෙයින් ඔප්පු කල නොහැකි කම මිසක් මේ අප තාක්ශනය බව බසය දෙස බැලීමෙන් ඔබට නොවැටහේද?
Deleteඑසේ ඉන්දියන් තාක්ශනයකින් හැදුවානම් හෙල බසින් බෝඩ් ගැසීමට නොහැකි විය යුතුය. හෙල තාක්ශනයකින් හැදු නිසා නොවෙද හෙල බසින් බෝඩ් ගැසීමට හැකිවී ඇත්තේ?
meka lanka ashok leyland ne
Delete"තනි නෙතගට කඳුළක්"
ReplyDeleteඅම්මපා..............!!!!!!!!!!!
අචාර්ය තුමනි මට පමලු වරට ඔබේ වැරද්දක් දැකගත හැකි වුනි.අපේ රටේ දැනට ඇති බස් සියල්ල පර රාමාගේ රටෙන් ගෙනාපු ඒවා බව කීමට අපහසුවෙන් උවද කිව යුතුය.වතුරෙන් යන්නෙත් රාමාගේ රටෙ ලේලන්ඩ් නම් වූ රාමා හිතකාමී සමාගමකින් ගෙනාපු එකක් බව පින්තූරයෙන්ම පැහැදිලි වන්නේය.
ReplyDeleteමීවනතුමා> මට තේරෙන්නෙ නෑ ඔබතුමා මොනව කියනවද කියල..කොහුවල එහෙම තැනක් තිබුන කියමු..බසුත් තිබ්බ කියමු...
ReplyDeleteඒත් අවසන් ඡේදෙ මොකක්ද හෙළයන්ගෙ බස් වතුරෙත් යනව කියන අපබ්රන්ශෙ? ඔය ගන්වතුර අවස්ථාවක ගත්ත පික් එකක්නෙ, ඒක කොහොමද සුද්දන්ගෙ සබ්මැරීන් වලට සන්සන්දනය කරන්න පුළුවන් වෙන්නෙ?
අනේ මන්ද... :/
කැලුම්ගේ කමෙන්ටුව මගේ ඇස් පෑදුවා.
Deleteඅඩෝ මීයො මේක හෙළ බස් එකක් වෙන්නෙ කොහොම්ද? මේක අසෝක් ලේලන්ඩ් එකක්නෙ.. දැන් දීපන්කො උත්තර...
එකල සබ්මැරීන් වර්ගයක් තිබූ බවට සාක්ෂි සපයන කියමනක් ඇත. "දිය යටින් ගින්දර ගෙනියවා" කියන්නේ එකටය. දිය යටින් ගින්දර ගෙන යාමට විශේෂ රථයක් අවශ්‍යය. එය සබ්මරීනයයි. මේ අනුව සබ්මරීනද මුලින් නිපදවා ඇත්තේ හෙළුවන් බව පැහැදිලිය. මෙහි පද නිරුක්තිය
Deleteසබ්බමැ + රිනයැ. ජලයේ මතුපිට තලය බින්දුව ලෙස ගත හොත්, ඉන් ඉහල අවකාශය ධන(+) අන්තයද, ජලය යට පෙදෙස සෘණ අංශයද වෙයි. එබැවින් සබ්බමැ(සම්පුර්ණයෙන්ම) ජලය යට යන අරුතින්. සබ්මැරීනය යන වචනය නිර්මාණය වී ඇත. ඒ අනුව දිය යටින් ගින්දර ගෙනියන්න භාවිතා කල රථය සබ්මැරීනය ලෙස එකල හෙළුවන් හඳුන්වන ලද්දාහුය.
vargapurnikawa=pacha gaha
ReplyDeleteme aurudde 12/12/31 dina thamai mala gama nethnam ekmanata kiyapalla rawana uttana wenne 2020 wath kiyala. ethakota pacha malla 2020 wena thuru lihanna puluwan. ammapa minissunta thiyena moda chun. balagena dimantharayek evi. Ada edala mun mata kiyann pahara .... kiyala. Heluwange basa.
ජීවන්කරපු දෙහි ගෙඩිවලිනුත් බස් ධාවනය උනා ඒ කාලේ.. ඒව නවැත්තපු තැනට කිව්වෙ දෙහිවල කියල... ඒක කලේ බට්ඨකාලි යක්ෂනියගේන් බාල සහෝදරිය , .. දෙහිවලින් හුගක් වැඩගත්තු හින්දා යක් දෙහියා කියලා අරූඩනමක් තිබ්බට ඒ හෙල යක්ෂනියගේ නම පට්ඨකාලි.. අදටත් ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අයට යක්දෙසිය කියල කථා කොරනවනේ.. එකෙන් පැහැදිළිවෙනව යක් දෙහියා පස්සෙ කාලෙදි යක් දෙසිය උනා කියලා
ReplyDeleteබට්ඨකාලි යක්ශ්හණීගේ තවත් සොයුරියක් හිටිය කේෂකාලි කියලා ඉතා දිගු වරලසක් හිමි.. ඇයත් තමන් හිස පීරන පනා හතකට මතුරල වාහන ප්‍රවාහනයේ යෙදෙව්ව.. එම ප්‍රදේෂය තමයි අද පනාවල කියල හඳුන්වන්නෙ
මේ ආකාරයට රට කොටස් තුනකට බෙදල රාවණා රජතුමා ඒවායේ ප්‍රවාහන ඇමතිනීන් විදියට බට්ඨකාලි, පට්ඨකලි, හා කේෂකාලි කියන යකින්නියන්ව පත්කල බවට බේවණ රාගල ප්‍රදේෂයෙන් හමුවූ සෙල් ලිපියක සඳන් වෙලා තියෙනවා
වර්ගපූර්ණය ලියන සුධීමතුනි
ReplyDeleteකොහුවලින් පමණක් නොව දෙහිවලුන්ත් දුවන හෙලබස් අපගේ හල මහ නරනිඳු රාවණයින් සමයේ තිබූ බව කියවෙන සෙල් ලිපියක් පසු ගිය දිනෙක මා කල ගවේෂණයකදී හමු විය. අද දෙහිවල යනුවෙන් හඳුන්වන්නේ එදා එම දෙහිවලින් දිවූ බස් බව එල්ලාවලේ පුරාවිද්‍යා චක්‍රවර්ති තුමාද පවසා ඇත. ඒ ගැන ඔබගේ අදහස කුමක්දැයි දැන ගන්නට අප පුලපුලා බලා සිටිනෙමු.
එල්ලාවල මේධානන්ද රාවණා ඉතිහාසය පිළිනොගන්න ප්ද්ගලයෙක් ලෙසයි මම නම් අහල තියෙන්නෙ.කොහොමටත් ඔබ දන්නා ඉතිහාසය හෙළි කරන්න. මන්ත්‍ර ශාස්ත්‍රය නැති නම් භූත විද්‍යා හෝ වෙනත් ශාස්ත්‍රයක් මේ ඉන්ධන නොමැති ප්‍රවාහන ක්‍රමයට යොදා ගත්ත නම් ඒ ගැන විවාදයක් නැහැ.
Deleteඑසේය පරසුද්දන්ගේ සබ්මැරින් මුහුදේ පමනක් ගමන් කරද්දී හෙලයන්ගේ බස්(එකවත් අපි නෙමේ හැදුවේ මලයාලි සක්කිලි ඉන්ජිනේරුවන් හැදු බස්.. ඉහි ඉහි....) දිය ගොඩ දෙකේම යන හැටි බැලු විට නෙතට කදුලක් නම් එන්න හදයි.
ReplyDeleteමලයාලි සක්කිලින් මේවා සෑදුවේ හෙළ තාක්ශණය සොරා ගෙන නොවේද දෙවරක් සිතන්නානනි?
Delete/* නුගේගොඩ ගුවන් පාලම හැදීමට මාර්ගය හාරද්දී එතැනින් හමුවූ ඉපැරණි සෙල් ලිපියක මෙසේ දැක්වෙයි. "කල හ බ නව ප ඉළ බකල යක ඣප ප නුග". එහි තේරුම මෙලෙස දැක්විය හැකියි. "කොහුවල හෙළ බස් නැවතුම් පොළ ඉදිකළ බට්ඨිකාලි යකිනිය ගේ දෙටු පුත් පැළ කළ නුග ගස".
ReplyDelete*/
මේ සෙල් ලිපිය දැන් කෝ? මොකද වුනේ? ඉන්දියන් කාරයෝ අරං ගිහින්ද?
ow ban hamba wena okkoma mu kiyana widiyata mokek hari arangihin unge ammalata pennanna..
Deleteමීවණයෙනි, බසය යන්නෙහි සැබෑ හෙළ පද නිරුක්තිය මේසේය...
ReplyDeleteබ = බඹ
ස = සයක්
ය = යාත්‍රා කරන
එනම් පොළොවට බඹ සයක් දුරින් යාත්‍රා කරනා රිය යන්නයි.. එනම් මහා රාවණා රජුගේ දඩු මොණර යන්ත්රයමැ විය යුතුය.. මීවණයෙනි, මුසා බස් දෙඩීමෙන් වළකින්නෙනම් මැනැවි... අප මහා රාවණා රජුට පෙර කිසිවෙකු අහස් යන්ත්‍රයක් තැනු බවක් වර්ගපූර්ණිකාවේ සදහන් නොවේ... බට්ඨිකාලි යක්ෂණිය රාවණා රජුට ඥාතීත්වය අනුව මිත්තණියක් වුවත් වයසින් බාල තැනැත්තියක් බවත් රාවණා රජුගේ දඩු මොණර නිපැයුම් හලේ සේවය කළ තැනැත්තියක් බවත් වර්ගපූර්ණිකාවේ සදහන් වේ... මැය විසින් රාවණා රජතුමා සොයාගත් දඩු මොණර යන්ත්රයම වැඩි දියුණු කොට හෙළ යනුවෙන් විශේෂණ පදයක් ද යොදා වෙළදපොළට නිකුත් කිරීම පමණකි සිදුකොට ඇත්තේ... එම යන්ත්‍රයේ අනුරුවක් තවමත් ලන්ඩන් කෞතුකාගාරයේ ඇත.
වරිගපුර්ණිකාව දැන් ඉස්සර තරම්ම රසවත් නැති එක ගැන ආචාර්ය තුමා වග කිව යුතුය.
ReplyDeleteමගේ කමෙන්ටුව සීඅයීඒ කාරයෝ උස්සලාද?
ReplyDeleteumbata nam hondatama pissu ban. gihilla check kara ganin umbe oluwa.
ReplyDeleteissella nam me blog eka kiyewwe asawen .. den poddakwath nehe ban. umbe mole narakwegena enawada koheda. poddak check karaganin
ReplyDeleteමේකයි මීවන බොරු කියනවා කියලා හිතුවට මූ කියන සමහර ඒවා ඇත්ත..මේ ලිපියනම් ගොන්.. රාවණා තමයි ලංකාව රකින්නේ,
ReplyDelete"කොහුවල හෙළ බස් නැවතුම් පොළ ඉදිකළ බට්ඨිකාලි යකිනිය ගේ දෙටු පුත් පැළ කළ නුග ගස".
ReplyDeleteමේ නුග ගහ කෝ ? දැන් එතෙන්ට බෝ ගහක් ආවේ කොහොමද?
මේක අපේ ඩ්‍රයිවර් උන්නැහේගෙලාගේ ටැලන්ට් තමා, ඒ කාලේ ඉදං දඬු මොනර එළවලා පුරුදු අපේ ගොයියන්ට මේවා මොනවද
ReplyDeleteබටකොළ ආච්චිගෙ කොස්ස තියෙන්නෙ ඒකිගෙ කකුල් දෙක අස්සෙද?
ReplyDeletekjkjkj
ReplyDeleteමිවන පචයාණනි,
ReplyDelete("හෙළයින්ගේ බස් දිය ගොඩ දෙකේදීම ගමන් කරන උදාරත්වය දෙස බලන කල අපගේ තනි නෙතගට කඳුළක් එක් නොකරන්නේද?")
"හෙළයින්ගේ බස් දිය ගොඩ දෙකේදීම ගමන් කරන උදාරත්වය" යන්නෙන් ඔබ අදහස් කරන්න ඇත්තේ හෙල බසින් නගන ශබ්ද අනෙකුත් සාමාන්‍ය භාශා වලින් නගන ශබ්ද සේ වාතය තුල පමනක් නොව ජලය තුලත් ගමන් කරනවා යන්න නොවේද? එනම් මිටර් කීපයක් ගැබුරු ජලය තුල සිටින හෙලයෙකුට කිසිම උපකරනයක් නැතිව ගොඩදි කතා කරන ආකාරයටම කතා කල හැකිවිය යුතුය,
වර්ගපුර්නිකාවේ හෙලයනි,
මෙය අත්හදා බැලීම සදහා අපි මීවන පචයාව ජලයට දමා කතාකරන්න කියා බලමුද?
ජලය තුලට දැමු ඌ කැගසන හඩ අපට ඇසේ දැයි බලමු. මේ සම්බන්දයෙන් බුද්ධිමත් ඔබේ වටිනා අදහස් පවසන්න.
ජයරත්නයෙනි
ReplyDeleteරොබෝ තාක්ෂණයත් රාවනා ගේම බව වර්ගපූර්ණිකාවෙහි සටහන් තබා ඇත.
රො - රෝද
බො - බොහෝ ඇති
රොබෝවන්ට රෝද බොහෝ ඇති බව හැමෝම දන්නා කරැණකී. මේ ගැන විස්තර ලිපියක් පලකරන්න.
හෙලෝ ජයරත්නයෙනි,
ReplyDeleteඔබට වටිනා ලින්කුවක් දුටු නිසයි මේ කොමෙන්ට් එක දාන්න හිතුවේ. මේ ගැනත් ලිපියක් ලියන්න.
අම්මපා අපේ හෙළ යක් හිට්ලරයත් මාර වැඩ තමයි කරලා තියෙන්නේ!
නට්සීන් තිබ්බතයෙන් කොල්ලකන ලද, උල්කාපාතයකින් නිර්මිත පිලිරුව බුදුන්වහන්සේගේ නොවේ?
Abuddasa kalena kajjena puhulan kiyanne mewata thama....
ReplyDelete
ReplyDeleteඒ මොනවා හරි , සයිට් එකට එද්දී , ලොගින් එකක් ඉල්ලනවා , http://bloggerblogwidgets.googlecode.com වලට ලොග් වෙන්න , එක හැදුව නම් වටිනවා නේ ?
කදිමයි, ජයරත්න කදිමයි... ඔබ තුමා මාගේ හිතේ කැකෑරි කැකෑරී තිබෙන අදහස් මතු කරන්නෙක්. මටත් පේන්න බෑ මේ හිතළු කතා ලියන හෙළ යක්කු, තමන් රාවණා පරපුරේ කියාගන්න. හිතේ හැටියට හිනා වුනා.
ReplyDeleteඅපේ උරුමය ගැන කතා කිරීම එකක්. නැති මගුල් පටළවලා සුරංගනා කතා ගෙතීම තව එකක්.
ane mnda mivanapalana tumo oluva awl venava obatumage blog 1ta
ReplyDelete