Pages
▼
Wednesday, September 19, 2012
අවතාර යනු රාවණ රජතුමා අතීසාරයට හඳුන්වා දුන් ඖෂධයකි.
ලෝකප්‍රකට Avatar චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ වීමත් සමගම තරුණ පරපුර අතරත් "අවතාර" ගැන විශාල කතා බහක් ඇති වුණා. එනිසා "අවතාර" යනු මොනවාදැයි මා ගවේශණය කිරීමට පටන් ගත් අතර මුලින්ම විමසා බැලූයේ, සෑම දෙයක්ම පාහේ සටහන්ව ඇති වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ මේ සම්බන්ධයෙන් සටහන්ව තිබෙන්නේ කුමක්ද යන්නයි. මාව පුදුමයට පත් කරමින් අවතාර ගැන විස්තර එහි සටහන්ව තිබුණා.
සාමාන්‍යයෙන් "අවතාර" ලෙස අප හඳුන්වන්නේ අමනුෂ්‍යයින් / හොල්මන් ආදියයි. නමුත් අතීත හෙළයේ "අවතාර" ලෙස හඳුන්වා ඇත්තේ ඖෂධයක් බව කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. ඉන්න... විස්තර කරන්නම්.
වර්ගපූර්ණිකාවේ සඳහන් වන අන්දමට "අවතාර" යනු රාවණ රජතුමා විසින් හදන ලද ඖෂධයකට යෙදූ හෙළ නමකි. අරිසෙන් අහුබුදු වන්ගේ මගෙහි යමින් එහි පද නිරුක්තිය බලමු.
අ = අමුඩය පිටින්
ව = වකුටු වී
තාර = තාර ගා ගැනීම
"අමුඩය පිටින් වකුටු වී තාර ගා ගැනීම" යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පශ්චාත් ප්‍රදේශයේ තාර ගා ගන්න එකයි. තේරෙන බාසාවෙන් කියනවනම් "පුකේ තාර ගා ගන්න එක".
ශ්‍රී රාවණ රජතුමාගේ කාලයේදී හෙළයින්ට අතීසාරය හැදෙන්න පටන් ගත්තා. ඒක වසංගතයක් ලෙස හෙළදිව පුරාම පැතිරෙද්දී, ලෝකයේ දක්ෂතම වෛද්‍යවරයා වූ ශ්‍රී රාවණ රජතුමත් නිකම් හිටියේ නෑ බොහෝ පරීක්ෂණ කරල සාර්ථක විසඳුමක් සොයාගත්තා. එනම් බෙහෙත් වතුරේ පොඟවා හැදූ අමුඩයක්. අතීසාර රෝගියා එවන් අමුඩයක් ඇඳගෙන වැසිකිළියට ගොස් යටිබඩ හොඳින් නැවෙන ලෙසට වකුටු වී ඖෂධ මිශ්‍ර කර සාදන ලද තාර ආලේපනයක් පස්ස පැත්තෙ ගාගන්න ඕනැ. එම ප්‍රතිකර්මය සිදුකළ හෙළුවෝ අතීසාරය නිට්ටාවටම සනීප කර ගත්තා.
එදා සිට "අතීසාරයට අමුඩය ගැසීම" හෙළයින් අතර ජනප්‍රිය වූ අතර ශ්‍රී රාවණ රජතුමා, තමාගේ එම "අමුඩය පිටින් වකුටු වී තාර ගා ගැනීමේ" ප්‍රතිකර්මය "අවතාර" ලෙස කෙටියෙන් හැඳින්වුවා.
නමුත් පසුකාලයේදී පුස්කොළපොත් කියවා එම ප්‍රතිකර්මය වටහාගැනීමට නොහැකි වූ මලයාලි සක්කිලියන් සහ ඉන්දියානු බමුණන් එයට නිග්‍රහ කළා. එතනින් නොනැවතුණු පාහර බමුණන් හෙළ පුස්කොළපොත් වලට ගිණි තැබුවා. තාමත් "අතීසාරයට අමුඩය ගැසීම" පහත් දෙයක් ලෙස බොහෝ දෙනා සලකන්නේ පරයන් අප හෙළයට පොවා ඇති විශ නිසයි.
තම උපදේශකයන් හරහා ශ්‍රී රාවණයන්ගේ ඉතිහාසය හොඳින් හදාරා ඇති වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාත් "අතීසාරයට අමුඩය ගැසීම" ගැන වෙන වෙනම පර්යේෂණ සිදුකරවා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල ඔබට ආරංචි වෙන්නට ඇති..... විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා උතුරු ප්‍රදේශයේදී කරන ලද "අවතාර" පර්යේෂණ වලට ඉන්දියාවෙන් දැඩි ලෙස විරුද්ධතා එල්ල වූයේ බමුණන්ගේ කුමන්ත්‍රණ නිසාලු. නමුත් සරත් ෆොන්සේකා මහතා තම අතවැසියන් ලවා කරවන ලද පර්යේෂණයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව සැල වෙනවා.
බස්නාහිර පළාතේ "අවරිවත්ත" නැමති ගමෙන් මෑතකදී සෙල් ලිපියක් හමු වුණා. එහි සටහන්ව තිබෙන්නේ මෙලෙසයි.
සි රව් අව්‍ර ඖ ගක්ක පිරි වෙබි ශශප
එහි තේරුම තමයි "සිරි රව්වන්ගේ අවතාර බෙහෙත ගන්නා උදවියට කක්කා කිරීම පිණිස වෙන් කරන ලද බිම".
අවරිවත්ත නැමැති ගමේ පද නිරුක්තිය බලමු. අව=අවතාර, රි=රීම, වත්ත=වත්ත. ඒ කියන්නෙ "අවතාර" ප්‍රතිකර්මය ගන්න ආපු මිනිස්සු මළපහ කරල තියෙන වත්ත. එමගින් සෙල් ලිපියත් ටක්කෙටම ගැලපෙනවා.
එසේම අවරිවත්ත ගමේ පැරැන්නන් පවසන දෙයක් තමයි එම ප්‍රදේශයේ ශ්‍රී රාවණ රජතුමාගේ ඉස්පිරිතාලයක් තිබුණා කියන එක. ඉපැරණි ඔසු උයනක් වන රූමස්සලට යාමට අවරිවත්තේ සිට මාර්ගයක් තිබීමෙන් එය තවත් ඔප්පු වෙනවා.
අතීසාරයට අමුඩය ගසන ආකාරය ගැන මා හට කරුණු ස්වල්පයක් සොයාගැනීමට හැකි වුණ අතර ඒ ගැන ඉදිරි ලිපියකින් විස්තර කරන්නම්. ශ්‍රී රාවණ සිද්ධම්!
එල ඈ....
ReplyDeleteකටුනායක තියෙන්නෙ ඇවරිවත්ත නේද?
ReplyDeleteඅන්න හරි, නමුත් අතීතයේදී ඒ ප්‍රදේශය ගමක් වූ අතර හඳුන්වා ඇත්තේ "අවරියවත්ත" නමින්. අවතාර්, ඇවටාර් වුණා වගේ අවරියවත්ත ඇවරියවත්ත වෙලා.
Deleteඇයි මී ජයා උන්නැහැ මල බද්ධයට ප්‍රතිකාරයක් විදිහට කරන 'පුකට කොන්ක්‍රීට් දමා බඩ යන්න බෙහෙත් දීම' ත් හෙළ ප්‍රතිකර්මයක් නොවැ. නැත්නම් අපේ ගිරුවා පත්තුවෙන් බිහි වෙච්ච හෙළ නායකයා අපිට තියන මේ මල බද්ධයට 'වෝ වින්' වර්ගයේ කොන්ක්‍රීට් පුකේ දාල දැන් ඔය අගේට බඩ යන්න දෙන්නෙ වෙන කොහෙන් ඉගෙන ගෙනද?
ReplyDeleteහැබෑව. එසේම "මලබද්ධය" යනු වර්තමානයේදී බඩයාම ලෙස හැඳිනුවත් අතීත හෙළයේදී හඳුන්වා ඇත්තේ මල=මල්, බද්ධය=බද්ධකිරීම. ඒ කියන්නෙ මල් බඩ් කරල පාට පාට මල් හදන එකට.
Deleteමීවනය,
Deleteමලබද්ධය සැදී උදේට තටමන විට, පාට පාට මල් හිස වටා භ්‍රමනය වනවා පෙනේ.එවිට රාවණ සීද්ධම් යැයි තෙවරක් කියූ විට තමන්ටත් නොදැනී මල පහව යයි.
ඒ කියන්නෙ රාවණ රජතුමා අමුඩ ගැහුව කියන එකද? එහෙනම් ලෝකෙ මුලින්ම "underware" පාවිච්චි කරල තියෙන්නෙ හෙළයො.
ReplyDeleteශ්‍රී රාවණ රජතුමාත් අනෙකුත් හෙළයින් මෙන්ම සරම යටට අමුඩයක් ඇඳලා තිබෙනව. ඔබ හරි, ලොව මුල්ම ජංගි හදා තිබෙන්නේත් හෙළයින් විසිනුයි. මතකද මහාවංසයෙන් වූ අසාධාරණයට පිළිතුරු දීම සඳහා හැදූ "කුවේණි" චිත්‍රපටයේ කුවේණිය ජංගියක් ඇඳ සිටි බව පෙන්වූ හැටි? එවන් තාක්ෂණ දියුණුවක් සහිත මුතුන් මිත්තන් අපට සිටීම ආඩම්බරයට කරුණකි.
Deleteකුවේණි බ්‍රෙසියර් එකකුත් ඇදන් හිටියා නොවැ
Deleteමහින් ද ගැන කියන්න එපා, නැගෙනහිර ඔය දීලා තියෙන්නේ ගැරි හම්බයොන්ට
ReplyDeleteආඩම්බරයි අප්පා හෙළයෙක් වීම ..
ReplyDeleteසිරි රවන රජු සරම ඇදි බව කීම හෙලා දකිමි. සරම හම්බයන්ගේ ඇදුමකි. ඔහු ඇන්දේ රෙද්ද විය යුතුය
ReplyDeleteහම්බයාගේ ඇඳුම ලෝගුවයි. ගැහැණුන් සිරුර රෙද්දෙන් වසා ගැනීමද ලෝගුකාරයන්ගේ චරියාවට ප්‍රතිකර්මයකි. සරම හම්බයාගේ යයි කීම අරාබි අංක ලෙස සිංහල ගණිත සලකුණු දැකීම වැනිය.
Deleteමිනිසුන් සරමට කලින් ඇන්දේ රෙද්දය. අරපිරිමැස්මට සරම බිහිවිය.
සරම හෙළ ඇදුමක් කියා නොපිලිගනිමි. Robert noks සුද්දා ලියූ වාර්තාවේ හෙළ පිරිමි සරම් ඇදි බවක් නොකියවේ. ඔවුන් ඇද ඇත්තේ වෙනත් ඇදුමකි. සරම සුද්දා ගෙන ආ විදෙස් ජන වර්ග සමග මෙහිආ බව කියමි
Delete@හෙන්චෛයා September 20, 2012 4:56 PM,
Delete"සරම හෙළ ඇදුමක් කියා නොපිලිගනිමි." - සරම රෙදි මැසීමට හැකියාව ලැබුනාට පසු බිහිවූ දෙයකි. සන්නාලියා යන වදන හිමිකරුවන් ගැන කියයි. ඊට පෙර ඇන්දේ රෙදි කඩක් හෝ හම් කඩක් (සුද්දා) ඉණ වටා එතීමෙනි.
"Robert noks සුද්දා ලියූ වාර්තාවේ හෙළ පිරිමි සරම් ඇදි බවක් නොකියවේ. ඔවුන් ඇඳ ඇත්තේ වෙනත් ඇදුමකි." - ඔය පරයා මෙරට රජ වාසලේ සිරකරුවෙකි. එකලද රජ කලේ සිංහලයන් නොව දකුණු ඉන්දීය සම්භවයක් ඇති මිශ්‍ර ජාතිකයන් ය. උන් වටා සිටි සැම උන්ට ගැති දෙමළ හෝ දෙමළ උරුමැති උන්ය. කුලය අනුවද ඇඳුම වෙනස් නිසා රජු ඇඳි ආකාරය ගැනීම හොඳය. අවාසනාවට ඒ ඇඳුමද දෙමළකරණය වී ඇත.
අතීතය, වර්තමානයෙන් Robert noksට අනුව මැනූ විට, ලෝකය ඉදිරියේ අඳින කලිසම හා දේශප්‍රේමී මීහරකුන් ඉදිරියේ අඳින සරුවාලය සමඟ යන මලයාලි ඇඳුම, සිංහල ඇඳුම යයි ඔබ කියනවාද? එදා ද එලෙසමය. එදා රජුගේ සංගීතයද කේරලයෙන් ගෙනවිත් ඇත. අද එය සිංහල උරුමය වී ඇත.
"සුද්දා ගෙන ආ විදෙස් ජන වර්ග සමග මෙහි ආ බව කියමි." - සැබැවින්ම සරම දුප්පතුන්ට සරිලන ඉණ වටා එතුනු රෙද්දේ නූතන පෙනුමය. එය රෙද්දක් අඳින ලෙස අදද අඳින බව පෙනේ. මීට වසර තුන් දහසකට පෙර රනින් සැදූ බඳුනේ අහර ගත් සිහළුන්, අද මැටි කෝප්පයේ බත් කන විට, ඔබ කී ලෙස හිඟනුන් ගෙනා සරමට වැටීම ආශ්චර්යයකි. ඊටත් වඩා ඔබ නුදුටු ආර්ය සිංහලල ඇඳුම, දෙමළුන්ටද ආර්ය දෙමළ ඇඳුම බව පෙනේ. නියම සිංහල ඇඳුම දේව රූප වල ඇතැයි සිතමි. ඊට හේතුව දෙවියන් වූයේ ආදි සිංහල නායකයන් නිසාය.
බිය විය යුතු නැත. ලෝකය කැරකේ. ළඟදී සිහළුන් මෙතෙක් කිසිවකු නොඇඳි ආකාරයේ වතකින් විලි වසනු ඇත. එවිට අද අනඟි ඇඳුම් කඩමාලු වනු ඇත.
මුලින්ම 3D තාක්ෂණයත් හඳුන්වා දීල තියෙන්නේ රාවණා යුගයේ නොවේද ?
ReplyDeleteමීවනයනි,
ReplyDeleteඔබට "අතීසාරයට අමුඩය ගැසීම" දිවි පෙවෙත කරගත් ThinkTwiceගේ අවතාරය ආරූඪ වී ඇති බව පෙනේ. සැබැවින්ම මෙම ලිපිය තුලින්, ඔබ තුමා, "අමුඩය පිටින් වකුටු වී තාර ගා ගැනීම" යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පශ්චාත් ප්‍රදේශයේ තාර ගා ගන්න එකයි. තේරෙන බාසාවෙන් කියනව නම් "පුකේ තාර ගා ගන්න එක"
කල බව පෙනේ.
වරෙක ඉංග්‍රීසීන්ගෙ බසට අහුබුදු න්‍යායයන් දමා සිංහලකරණය කල ඔබ, දැන් දෙමළ බසට එම දේම කරන බව පෙනේ. බස්නාහිර පළාතේ "අවරිවත්ත"වල් බොහෝය. ඉඩම් කෑළි වලට කඩා ඈවරි කල (වෙන්දේසි කල) ඈවරිවතු බොහෝය. ඇදීම හොර අය මේ නම ඇවරිවත්ත කලේ බැරිකම නිසාය. මේවාට මුඩුක්කු වත්ත යනුවෙන් කියනුයේ දෙමළුන් වැදී, අරක් ගෙන, නාටාමි වැඩ කරන කොට ය. ඇයනු ඈයනු බැරි දෙමළුන්ට සියලු නම් අවරිවත්ත වෙන බව නොදනීද? එසේම හවරි නුග ඇති වත්ත හවරිවත්ත වුවද නාටාමිලා රිංඟා ගත් විට එයද අවරි වත්ත වන බව කිව යුතුය. (අයන්නත් අඒ ලෙස හඬ නගන සුද්දා කුමක් කියයිද?). කෙසේ වෙතත් බස්නාහිර පළාතේ ඇති "අවරිවත්ත" ගාල්ලේ ඇති රූමස්සලට ළඟ වූයේ අතීසාරය ගලා යන උමඟකින් බැඳීමෙන් විය හැක. නොඑසේ නම් අතීසාරයට අමුඩය ගසන අයිස්ටයින්ගෙ ටයිම් වෝර්පයකින්ද වුවා විය හැක.
"අතීසාරයට අමුඩය ගැසීම"ට වඩා පිළියමක් ලෙස පොල් ලෙල්ලක් ගැසීම උචිත බව හාවා හා නරියා කිරිබත් කෑ කතාවේ කියවින. ඔබ කී නා(ය)කීන් දෙන්නා ඒ වැඩේට අති දක්ෂය. ඔබ කී නරි දෙදෙනාගෙ කතාවේ, අතීසාරයත් පාචනයත් වැළඳි නරියන් එම රෝගයෙන් නිට්ටාවට සුව වී එලොව යයි නම් අවතාරද පරසක්වල ගැසිය යුතු යයි කියමි.
ඔබ කී "සාමාන්‍යයෙන් "අවතාර" ලෙස අප හඳුන්වන්නේ අමනුෂ්‍යයින්/හොල්මන් ආදියයි." සැබෑවෙන් අර්ධයකි. ජීවියකුගේ ගත ඉවත් කලවිට ඉතිරි කොටස අවතාරය ලෙස හැඳුන්වූවේ ආදි සිහළුන්ය. සිතද අවතාරයේ කොටසකි. ගත කලින් කල ඉවත දමා අළුතින් බිහි කලද අවතාරය අප වටා ඇති ගතට දැනෙන ලෝකයට බාහිර වූ ස්ථිර නිපැවුමකි. ඒ තුල ඇති දැනුම බොහෝය. ගත පාරිසරික දැනුම ගොනු කරන අතර, අවතාරයන් අපේ පැවැත්මේ දැනුම රැක ගෙන ඉදිරියට යනවාය.
අතීසාරයට අමුඩය ගසමින්, වර්ගපූර්ණිකාව, එහි අතුරුපලින් පුරවන ඔබට වඩා, Avatar තුලින් අපේ inner vulnerabilities උකුහා ගෙන, මුදල් ගැරීමට ජූවන් කොතරම් දක්ෂ දැයි තැබූ ආදායම් වාර්තා පිළිබිඹු කරයි. කලෙක මම ජූවන්ට ඉපැරැණි සිංහල දැනුම ලැබුනේ කෙසේ දැයි විමත් වීමි. අවසන් වරට සිංහල කතා කරන ගෑණියෙක් බැඳ ගත් ආචාරි ජූවකුගෙන් එය දතිමි. උන් එදා දැනුම විකුණගෙන කෑ සංක්‍රමණිකයන්ය. අද රට යන උන් ඊටත් වඩා ජූවන් විය හැක.
අවතාරය වැනි ගිලීහී ගිය දැනුම අතීසාරයට බද්ධකිරීම, රාවණයන් අතීසාරයට අමුඩය ගැසුවෙකු යයි කීවාට වඩා බරපතල නිසා මේ අටුවාව ලියුවෙමි. බටහිරයන් කෙතරම් අප මුලා කර අපටම ගැරහීමට මං පෙත් කපා ඇති දැයි අප අප ගැනම කියන දේ තහවුරු කරයි. එවිට මිනිසකු වී මිනිස්බව නිරස වූ ඇවිදින මළවුන් බිහි වේ. ලංකාවතාර සුත්‍රය බලා මොළේ අතීසාරයට පිළියම් කිරීම මැනවි.
ප.ලි. තාර යනු සිංහල වචනයක් නොවේ. එවැනි වඳන් බොහෝය. ආකම් වල ඇති වඳන් ද එවැනි අරුත් සුන් වූ සිහලකරණය වූ වදන්ය.
නාමල් උඩුගම ගායකයානන් රාවණ ගවේශකයෙකි.
ReplyDeleteඑතුමා ගයා ඇති ගීතයක් ගැන කුකුසක් පැවතුනි.
'ඈ තාර කාවී'එම ගීතයයි.තාර කන්නේ කෙසේද යන පැනය මගේ හෙලු ඔලුව තුල කාලයක් පැවතුනි.නාමලුවන් එම ගීතය ගයා ඇත්තේ,රාවණ යුගයේ හෙලු බෙහෙතක් කෑමට යන දැරිවියක් ගැන බව මීවනයන් ගේ ලිපිය කියවීමෙන් මට සක්සුදක් සේ පැහැදිලි විය.ඒ අනුව නාමල් උඩුගමයන් ද රාවණ ගවේශකයෙක් බව නොපැහැදිලිද?
ගී පදය වැරදියට ලියුවක් බව පෙනේ. "ඈ තාර ගාවී" වූවා නම්, පෙර කල "ඈ (මූණේ) දෑලි ගාවී" යන වැකිය නූතනයට ගෙන ඒමක් වේ. සංස්කරණය හා සංගීතය භාරව සිටියේ දෙමළකු නම් මේ වැකි දෙකම සමය (කාවී = ගාවී). ගායකයන්ගේ "වචන පාචනය" අතීසාරය වැනිය. අතීසාරයට අමුඩ ගැසීම රාවණ පාක්ෂික මීවනයන්ගෙ අළුත්ම සොයාගැනීම නිසා, අතීසාරය රාවණ ගවේෂකයන්ටද වැළඳෙන රෝගයකි.
Deleteඔබතුමාගේ අදහස් මා එක සිතින් අනුමත කරමි.
ReplyDeleteවර්ථමානයේ වුවද සුළු දිය පිනිස රූමස්සල අසල වන රොදකට පිවිසුන කල, රාවණා යුගයේ අතීසාරය වැළදුන් උන් එහි සැරි සරා ඇති බවට සාක්කි අපමණයි.
මහත්මයා අපටත් සහයෝගයක් ලබාදෙන්න..
http://ithihaasaya.blogspot.com/
http://ithihaasaya.blogspot.com/ -
Delete"පළමු වරට, මරක්කලයකුට, ප්‍රාදේශීය යුව රජ කමක් දියසේන මහ රජානන් විසින් පිලිගන්වති." - පුදන කොටම කාපි යකා කිව්වා. සැබෑ දියසේනයන් තම්බියා මිහිපිටින් අතුගා සඳේ සිටින දෙවියන් ළඟට යවන කාරිය දැනටම අරඹා ඇති බව නොදැන, මේවා ලියල බොරුවට පෝර දමනවාට වඩා, "රාවණ වංශය උගස් කල, දියසේනයන්ගේ වැකි කොපි කර තමන්ගේ ගොනුවට දමා සිංහලයන් රැවටීමෙන් උදහසට ලක්වී අනාගෙන කන, මහදැනමුතු මහ රජානන්" ලෙස ලියන්නේ නම් අගේය. ඒ අනියමින් හෝ ඔබේ සිංහලකම පෙන්වන දෙයක් නිසාය.
ඔබ ඉතිහාසය දනී නම්, කුරූ නෑ ගල මුදුනට ගෙන ගොස් දොස් දුරලීමට පිරිත් කියා ගලෙන් පහලට හෙලා නැසූ එකා රජෙක් විය.
මමත් අමුඩේට හුරු වෙන්න ඕනේ..
ReplyDeleteadfa
ReplyDeleteමම අදින්නේ රට අමුඩ...
ReplyDelete/* "අමුඩය පිටින් වකුටු වී තාර ගා ගැනීම" යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පශ්චාත් ප්‍රදේශයේ තාර ගා ගන්න එකයි. තේරෙන බාසාවෙන් කියනවනම් "පුකේ තාර ගා ගන්න එක".
ReplyDelete*/
පුක යන වදන රාවණාධිරාජයා ගේ කාලයේ පටන් තිබුණාද?
එය එකල කුණුහරුපයක් ද?
එක පැත්තකින් ලැජ්ජය අනෙක් පැත්තෙන් ආඩම්බරය
ReplyDeleteඅවතාර දකින කොට අතීසාරය කෙසේ වෙතත් ඒක නැති උන්ටත් මලපහ වෙන ලෝකයක් මේක
ReplyDelete
ReplyDeleteඕකත් බලපන් රාවණා මිනිස්සු හිර කරපු හැටි
මමත් ගහන්න ඕනේ බලන්න අමුඩයක්
ReplyDeleteලබ්බට රිටෙං ඇනගත්තම තමයි මූ කියන පුකේ තාර ප්‍රථිකර්මය කරගන්න ඕන.
ReplyDelete