ඊළඟ ප්‍රස්නය තමයි ‘වර්ගපූර්ණිකාව’ එන්නෙ මොකාටද කියල හිතාගන්න බැහැ යයි කීම. මේ කතාව කියන්නෙ ජන්බුද්වීපය, රාවණාවංශය, වත්මන් පුරාවිද්‍යා ගවේශණ ගැන නිතර කතා කල සහෝදර හෙළ රාවණා වංශිකයින් කීපදෙනෙක්. ඒක නිසා අපට ඒක වැදගත්. මේ පැහැදිලිකිරීම ඒ වෙනුවෙන්.
රණබිම මැරුණේ සිව් හෙළයෙකුනම් නම්... පපුවෙ වෙඩි සලකුණ ඇත්තේ... සතුරට ළය දී මිස මැරුණේ නැ... ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ... |
සුර අසුර යුද්ධයේදී ශ්‍රී රාවණ රජතුමා ඇතුළු හෙළ අසුර සේනාව සමස්ත යුධ ජයෙන් තුනෙන් දෙකකට ආසන්න ජයග්‍රහණයක් ලබාගනිමින් ජයග්‍රහණය කළා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. විශිෂ්ඨ යුද ජයග්‍රහණය ගැන ජනතාවගේ ඉහලම ආකාරයේ කළගුණ දැක්වීමක්. නමුත් ඒ ජයග්‍රහණයෙන් සහස්‍ර කීපයක් ඉක්ම යන්නටත් මත්තෙන් අද අපිට උදේ හවා ඇහෙන්නේ මොනවද? ලෝක ඉතිහාසයේ දුර්දාන්තම රට ලංකාපුරය බවයි. දුර්දාන්තම රජතුමා ශ්‍රී රාවණ රජතුමා බවයි. අපි අහන්නේ “මේ කතාව ඇත්තද” කියන එක.
තත්ත්වය කොතරම් ඛේදජනකද කියනවානම් අද ඒ ප්‍රශ්නය අහන අයව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ "ජන සේනා" ජාතියේ විහිලුකාරයන් විදිහට. ඔවුන් අසාධාරණත් නෑ. ශ්‍රී රාවණ රජතුමාට එරෙහි අපහාස, අවලාද, මඩ හැරුණාම ජනමාධ්‍යයන්ගේ මේවා ප්‍රශ්න කරන්නන් නැතිම තරම්. යම් කාලයක් එහෙම කරගෙන ආපු අයත් අද වන විට ඉස්ලාම් විරෝධය, බිලිපූජා විරෝධය වගේ බොහොම පටු තැන්වලට වැටිලා. කණගාටුදායකයි.
ඒකටත් සාධාරණ හේතු ඇති. අද වෙනකොට ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ කාංචන ගීත මනමේන්ද්‍ර වැනි වාචාලයින් කියල සමහරු කියනව. (අන්න නියම ජන සේනා කවටයින්ලු). ඒක නිසා ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් පෙනී සිටින්නන්ද කාංචන ගීත මනමේන්ද්‍ර වැන්නන් අයත් වන කටු ලොවින්නන්ගේ කුලකයට වැටෙනවාලු. (මම නෙමෙයි සමහර රාවණ පාක්ෂිකයොයි කියන්නෙ, මටනම් මනමේන්ද්‍ර යනු නියම හෙළ යකෙක්). කවුද ඒකට කැමති?
පැහැදිලිව කියන්න ඕනෙ අපි ගැටළු සාකච්ඡා කරන්නෙ වෙනස් මානයකින් බව. මේක දීර්ඝකාලීන සාකච්ඡාවකින් පසු ආපු අදහසක්. අපි එය අත්හදා බලනවා. උදාහරණයක් විදිහට සීතාව පැහැරගැනීමේ සිදුවීම ගමු. අතිමානුෂවාදීන් තවමත් මේ ගැන කිඹුල් කඳුළු හෙළනවා. රාවණ පාක්ෂිකයින් උනත් මේවාට උත්තර දෙන්නෙ යම් අපහසුතාවකින්. නමුත් මේ ගැන සීතා එළියේ ගොවියෙකුගෙන් ඇහුවොත් දෙන උත්තරේ අපි අමුතුවෙන් කිවයුතු නෑ නේද? අපි කරන්නේ ඒ උත්තරේ බ්ලොග් අවකාශයට ගේන එක. මොකද අපි විශ්වාස කරනවා ඒක තමයි ප්‍රායෝගික හරි උත්තරේ කියලා.
දැන් පඬිවරු රොත්ත මේකට බුරාගෙන පනී. නමුත් මේ කියන්නෙ අපි කරන දේ. සයිබර් අවකාශයේ රාවන පාක්ෂිකයින්ට අපිව නොවැටහෙන්නෙ මේ නිසා වෙන්නැති. සාමාන්‍යයෙන් ජනප්‍රිය විදිහ තමා රාවනායනයේ මොකක්හරි ප්‍රස්නයක් ඇදුනොත් උත්තරේ හැටියට දෙන්නෙ රාමාගේ නපුංසක කම, රාමා සියදිවි නසාගැනීම්, අංගජ-බාලි හටනෙදි බාලිට හැංගිල විදීම වගේ ප්‍රශ්නෙට අදාල නොවන මැටි මෝල් උත්තර. තාවකාලිකව කටින් ගසා ජයගැනීමක් විනා ප්‍රශ්නය එහෙමමයි.
ගීසා පිරමීඩ ය හදපු රාවණාට තිබුණ ඊටත් වඩා ලොකු පිරමීඩ ගැන අහනකොට, රාවණ රජතුමා චක්‍රාවාට අතර ගමන් කරපු තාරකා දොරටුව ගැන කියල වැඩක් නෑ. ඕනෑම ප්‍රශ්නයක් තුලම හරි උත්තරේ තියෙනවා. දිය යුත්තේ ඒක. රාවණා ගවේශණයේ කෙරුමන් වන දැන උගත් බුද්ධිමත් යැයි කියාගන්නා මිනිස්සුන්ට නොපෙනෙන ඒ උත්තරේ ...
1. ගෝනගම (ගෝ=ගෝලය, න=නඩත්තුකරන, ගම=ගම ; එනම් රාවණ රජ සමයේදී ලෝක ගෝලයේ පරිපාලනය සිදුවූ ගම)
2. මොරවැව (මො=මොණරයන්, ර=රඳවන, වැව=වැව ; එනම් රාවණ රජතුමාට තිබූ දිය මත නැවැත්විය හැකි දඬුමොණරයන් නතර කළ වැව තිබූ ගම)
3. කැකිරාව (කැ=කැළිකසල, කි=කිරන, රා=රාවණාගේ, ව=වරාය. ; එනම් රාවණ රජ සමයේ හෙළයින්ගේ කැළිකසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඒවායේ බර කිරා පිටරට පැටවූ වරාය කැකිරාවේ තිබී ඇත. ඒවා කැකිරාවේ සිට නැව් මගින් ප්‍රතිගායලට යවා ඇත. ප්‍රති=ප්‍රතිචක්‍රීයකරණයකළදෑ, ගා=ගාල්කරන, ල=ලංකපුරයේ, ය=යටත්විජිතය. පසුකාලයේදී ප්‍රතිගාලය, පෘතුගාලයට බවට පත් විය.
4. රිදීගම (රි=රියවල්, දී=දීප්තිමත් කරන, ගම=ගම ; එනම් රාවණ රජතුමාගේ දඬුමොණර රියවල් පොලිෂ් කරන ගම)
5. ආනවිලුන්දාව (ආ=ආක්‍රමණිකයින්ව, න=නතරකර, වි=විනිශ්චයකර, ලුන්=ලන්නට, දා=දායකවන, ව=වනාන්තරය. ; එනම් එම ප්‍රදේශයේ තිබූ වනාන්තරය, ආක්‍රමණික වානර සේනාවේ මැරුම් නොකා ඉතිරු වූ වඳුරන්ව නතර කර විනිශ්චය කරලන්නට දායක වී ඇත)
6. වාරියපොල (වා=වායු, රි=රිය, පොළ=තොටුපොළ ; එනම් අරිසෙන් අහුබුදු වන්ම පැවසූ පරිදි වයු රිය පොළක් හෙවත් දඬුමොණර තොටුපොළක් එහි තිබී ඇත.)
... ආදී ගම් වල ඉන්න සාමාන්‍ය ගැමියන්ට පේනවා. අනික ඒ උත්තරේ දෙන්න බිය විය යුතුත් නෑ. මොකද කවුරු මොනවා කිව්වත් මේ ගැමියන් ඉතිහාසයේ නිවැරදියි. (ඉහත සියලුම පද නිරුක්තීන් ඒ විදියටම වර්ගපූර්ණිකාව නැමති හෙළ පුස්කොළපොතේ සඳහන් වෙයි. බොරුයි කියල හිතෙනවනම් ඒක හොයාගෙන කියවල බලන්න.)
පැහැදිලිව අපි ශ්‍රී රාවණ රජතුමාගේ අනාගත නායකත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. ශ්‍රී රාවණ රජතුමාගේ විවිධ වැරදි තිබෙන්න පුලුවන්. ඒ වැරදි වලට ඇත්ත හේතු අපිත් හොයනවා. ශ්‍රී රාවණ රජතුමාටවත් නිසිලෙස පාලනය කරගන්න අසීරු විවිධ බලවේගයන් මේ මොහොතේත් ක්‍රියාත්මකයි. ඒකට විසඳුම 2012/12/12 දිනදී ශ්‍රී රාවණ රජතුමාව අවදි නොකර ඉන්න එක නොවෙයි. ඊට පස්සෙ කවුද ගේන්නෙ? කවුරුහරි පිස්සෙක් ගෙනත් ඉන්දවන එක ලේසියි. නමුත් පිස්සෙක් යටතේ ජීවත්වෙන එක ලේසියි කියලා හිතනවද?
අපිට අවලාද නගන්නන්ට අපි අභියෝගයක් කරනවා. මිනිස්සු ගහක අත්තකට නැගලා අත්ත මුලින් කපන්නෑ. පුළුවන්නම් ‘ශ්‍රී රාවණ රජතුමා වෙනුවට 2012/12/12 දිනදී රජ පුටුවේ වාඩිකරවන්න පුළුවන්’ එක දේශපාලන පක්ෂ නායකයෙකුගෙ නමක් කියන්න. හෙට මේ බ්ලොගය වහල දානවා. (දෙකොණින් සිනහා යන නම් යෝජනා කිරීමෙන් වලකින්න).