උතුර දකුණ යා කළ මහා රාවණ ජල උමඟ ගැන, මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.
අප රාවණාගේ බල ශක්ති කේන්ද්‍රය ගැන කතා කෙරුවෙමු. එය ඉතා නුදුරු දිනයකදී හමුවනු ඇතැයිද එමඟින් ආසියාවම බල ගැන්විය හැකි යැයිද අපි පැවසුවෙමු. එහි පැහැදිළි සාක්‍ෂි හමුවෙමින් පවතී.
එහි පළමු සාක්‍ෂිය කළු ගඟ ව්‍යාපෘතියට සමගාමී ප්‍රදේශයකින් හමුවී ඇත. ඒ න්‍යශ්ටික බලගැන්වීම් කළ හැකි ඛනිජ වර්ග තුනක් පිළිබඳවය. ඒ පිළිබඳ ඉදිරියේදී වැඩි තොරතුරු ලබාගත හැකිවනු ඇත. දෙවැනි කරුණ වනුයේ සීගිරිය ආසන්නයේ අඩි දහතුනක් පොළොව යටින් ගමන් කරනා උමං මාර්ගයක් හමුවීමයි. මේ සියල්ල හරහා මහාවංශය නොදුටු හෙළ යුගය යළි හෙළ දෙරණ මතට පැමිණෙමින් ඇති බව ඔබ අපට අවබෝධ කර ගැනීමට හැකිවෙයි. ඒ රාවණ පරිවර්ථන යුගයේ ස්වාභාවයයි.
අප හෙළ යුගයේ ජල තාක්‍ෂණ ක්‍රම වේදයන් පිළිබඳ කතා කිරීමට උත්සාහ දරමු. ලංකාවේ ප්‍රධාන නගර විසි හතක් ආවරණය කෙරෙමින් ඉදිවුණු උමං මාර්ග පද්ධතියක් පිළිබඳවද තොරතුරු පවතී. මෙම උමං ප්‍රධාන වර්ග කිහිපයකි. ප්‍රවාහන කටයුතු උදෙසා භාවිත වූ ජල උමං, එක් තැනක සිට තවත් ප්‍රදේශයක් පෝශණය කිරීම උදෙසා ජලය ගෙනගිය උමං හා අලංකාරය උදෙසා ජලය රැගෙන ගිය ජල පීඩක උමං ලෙස මෙය බෙදා දැක්විය හැකිවෙයි. පොදුවේ මෙම උමං ජල මාර්ග ගලීස්ස ලෙස හැඳින්වෙයි.
මහා රාවණ යුගයේදී ජල පීඩන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් අධිවේගී ප්‍රවාහන පද්ධතියක් පැවතියේය. මාතලේ සිට නවක්කන්නිය හරහා ලංකා පුරයේ උතුරටත්, බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිනිකොණ දෙසටත්, මාතලේ සිට බණ්ඩාරගම ප්‍රදේශය හරහා ඉදිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතියේය.
මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂාණ වැස්මක් භාවිත කළ අතර බොහෝවිට පොළොව අභ්‍යන්තර තද පාෂාණ ස්ථර භාවිත කරනු ලැබිණි.
මාතලේ නාලන්දා ගෙඩිගෙයට තරමක් දුරින් අඹන් ගඟ අසළ ලුණුගෙය නමින් ප්‍රසිද්ධ බිම් ගෙයක් දැකගත හැකිවෙයි. මෙම ස්ථානය රාවණ යුගයේදී ඉතා දියුණු මට්ටමේ ගලිසි තොටුපළකි. ගලිසි තොටුපළක් යනු උමං මාර්ග පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවතුම්පළකි. මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තරයේ අදටත් මෙම උමං ජල මාර්ගය දැකගත හැකිවෙයි. මෙම ජල මාර්ගයේ පිහිටි උමඟ වර්තමානයේදී ශේෂ වෙමින් පවතී.
මෙම ජල උමඟට එකල සුදු ගඟ මුල් කරගනිමින් ජලය ඇතුළු කල බව සිතිය හැක. මෙසේ ඇතුළු කරන ජලය උතුරු දෙසට ගමන්කර අවසානයේ මුහුදට ගලායයි. මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය. යාපනයේ නාවක්කන්නි ළිඳ එවැන්නකි.
වර්තමානයේදීද මාතලේ අඹන් ගඟේ හා නාවක්කන්නි ළිඳේ ජල සාම්පල එකිනෙකට සමානය. නාවක්කන්නි ළිඳ යනුවෙන් හැඳින්වෙන්නේ යාපනයේ වැල්විටිතුරෙයි මාර්ගයේ නිලාවරි ගමේ ආසන්නයේ පිහිටි පතුළක් නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි. එයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඖෂධ පොකුණ ලෙස වර්තමානයේ හැඳින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි. මෙම පොකුණේද ඇත්තේ එකම ජල සාන්ද්‍රණයකි.
වර්තමානයේදී මෙම උමං මාර්ග හරහා ජලය ගමන් කිරීම සිදු වුවත් බොහෝ සෙයින් උමං හුණුගල්වලින් වැසී ගොස් ඇත.
සටහන කාංචන මනමේන්ඳ්‍ර (රන්දිව 2012-05-13)
මෙවන් හරවත් ලිපි කියවන විට ශරීරයේ රෝම කූප පවා උත්තේජනය වන්නේය. කාංචන මනමේන්ඳ්‍ර හට මගේ කෘතවෙදිත්‍යය පිරි නමමි
ReplyDeleteමේවගේ පිලියක් දාපල්ලා.
ReplyDeleteඅතීත ලංකාද්වීපයේ කුමරි ඹඹසර සුන්නද්දූලි කර ගන්නැතුව දකුනේ සිට උතුරට යා හැකි බව පැවසුනි.
ReplyDeleteනමුත් ඒ කෙසේදැයි දක්වා නැත.
ඒ එම කොටස පාහර බමුනන් විසින් අයින් කල නිසාවෙනි.
මෙය කියවන විට එසේ බේරී ගියේ කෙසේදැයි සිතා ගත හැක..
ජය ශ්‍රී!!!!!!!!
*
ReplyDeleteජයරත්නයනි.... මාගේ ස්වාමි ගාමිණී අභය රාජෝත්තමයාණන් වහන්සේගේ සමයේ(බොහෝ දෙන දන්නා පරිදි ගැමුණු රජතුමා) හෙළදිව පැවති ඉතාමත් දියුණු සටන් ක්‍රමයක් වන "රාක්ෂස අංගම්" පැවතෙන්නේ රාවණ රජ සමයේ යයි අපත් අසා තිබෙනවා....
ReplyDeleteයක්ෂ ගෝත්‍රිකයන් තමයි එය රැකගෙන පවත්වාගෙන ගියේ...
මා මිත්‍ර නන්දිමිත්‍ර මහ සෙනවි තුමා රාක්ෂස අංගම් ශිල්පයේ කෙළ පැමිණියෙක්... එළාර රජ සමග සටනේදී රාක්ෂස අංගම් කරුවන්ගෙන් ලැබුණු සහය අති මහත් (වර්තමානයේ පිරබාහරන් සමග සටන් වලදී මහසොහොන් බලකායෙන් ලැබුණු සහය මෙන්)...
මා විශ්වාස කරන්නේ... තවමත් එවන් හපන්කම් කරන්නේ යක්ෂ ගෝත්‍රික දරුවන් බවයි...
අපත් මා මිත්‍ර නන්දිමිත්‍ර මහ සෙනවි තුමා ගෙන් යම් යම් දේ ඉගෙන ප්‍රයෝජන ගෙන තිබෙනවා සටන් වලදී...
රාක්ෂස අංගම් කරුවන්ගේ වික්‍රමයන් ගැන පසුව දීර්ඝ විස්තරයක් මතු කලෙක පළකරන්නම්....
කලින් කතා මොනව වුනත් මේක නම් ඇත්ත ලොව මවිත කරන වාරි තාක්ෂනයක් අපට තිබුනා
ReplyDeleteමහෝෂධ දවසත් උමං තිබුණා, ඒවා රාවණාධිරාජයාගේ සැලසුම් නිමවුම් විය හැකියි.
ReplyDeleteඑදා රාවණාධිරාජයා යුරෝපාකරයේ කරවූ උමංවල නොවෙද අද සුද්දෝ උමං දුම්රිය දුවන්නේ?
???
අව්ලකට තියන්නෙ පරසුද්දා හදපු උමං හා න්‍යෂ්ටික බලාගාර වල images දාන එකයි.
ReplyDeleteඋමඟ ඇතුලෙන් ගියෙත් දඬු මොනරෙන්ද?
ReplyDeleteපූසන් මතුරා උමං ඇතුලෙන් ගියේ රාවනාගෙ දඩුමොනරෙන් තමයි.
Deleteඔය උමං අස්සෙ දඩුමොනරෙ යනකොට තමයි ඉන්ද්‍රජිත් මුන ගැහිල තියන්නෙ. ඔන්න ඔහෙ කමක් නැහැ කියල රාවනා ඌවත් අඩලහන් අවිල්ල.
රාවනා අනා ගත්තෙ රාමා සතුව සිටි විශේෂ පූසෙක් මතුරන්න ගිහින් තමයි.
දඩු දියබරියා කියලා වෙනම එකක් තිබුනා.
Deleteලිපිය ගොඩක් වැදගත්
ReplyDeleteමෙහෙව් බල ඇති උමන් තාක්ෂණය බොරැල්ල මන්සන්දියේ ඉදිකල කල්හි හුදෙක් මගී ජනයා පූසන් මැතිරීම පිණිස එය භාවිතා කරන්ට යෙදුනාහ...
ReplyDeleteමචං ඔය පූසො කතාව නවත්තපන්. ජයාට ලැජ්ජ හිතෙයි.
ReplyDeleteආඩම්බරයි ආඩම්බරයි.
ReplyDeleteශ්‍රී රාවන සිද්ධම්!!
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
ReplyDeleteජයරත්න හෙළුවෝ.. මම මේ තවත් ඔත්තුවක් දෙන්නයි ආවේ. කාංචන මනමේන්ද්‍ර තවම ඕක හොයාගන නෑ. මෙන්න මේකයි කතාව,
ReplyDeleteඔය ඊ මේල් තියනවා නේද? ඕකත් අපේ හෙළු නිර්මාණයක් නේද? මොකද ඊ මේල් කියන්නේ ඉස්සර අපේ හෙළයෝ භාවිතා කරපු දියුණු පණිවිඩ හුවමාරුවක් නේ. ඊ තලේ තියලා ගැට ගහල ඊ පොලක ඉඳලා මේල් එක යවනවා ටිනං ගාලා. (සද්දේ එන්නේ දුන්න ඇදුනාම) එහා කෙළවරෙන් ඊ පොලේ ඊමේල් එක රිසිව් කරනවා ටං ගාන සද්දෙකුත් එක්ක, ඒ ඊතලේ ඊ පොලේ වැදුනම එන සද්දේ.
මේ පහර සුද්දෝ ඔය ඔක්කොම බලා ඉඳලා ඊ ල ෆා දමි ද සහශ් (ඊ මේල් ෆොර් ඩමීස් විදියට උන් පස්සේ ලියපු)පුස්කොල පොත උස්සන ගිහින් වැඩේ මාට්ටු වෙයි කියන බයට දැන් කොම්පීතර වල ගැට ගහනවා ඊ මේල්. හෙළයෝ වෙච්ච අපි නේ දන්නේ ඊ මේල් කොම්පියුටරකින් යවන්න බෑ කියලා. මුන්ට එක තේරෙන්නේ නෑ.
මෙය රාවණා කල හෙළ භූමියේ වර්ග ප්‍රමාණය දෙගුණ කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි.ලංකා භූමි පෘෂ්ඨයට යටින් ජලජ සංස්කෘතියක් සහිත තවත් භූමියක් වීය.
ReplyDeleteඅපේ රාවණා රජු වගේ ශ්‍රේෂ්ටයෙක්ට මේවත් වැඩද?
ReplyDeleteමේකනම් ටිකක් හොඳ ලිපියක්
ReplyDeleteමේ ලිපිය කියවද්දී මට මතක් උනේ යාපනේ ගිය වෙලාවෙදි අපිව එක්කන් ගිය හමුදා නිලදාරියා කියපු දෙයක්... කීරමලේ කෝවිලේ පූජා පවත්වද්දී වතුරට දාන මල් වගේ දේවල් පතුල නොපෙනෙන ලිඳෙන් මතු වෙනවලු... හැබැයි පොලව යට තියෙන ස්වභාවික උමන් මාර්ගයක් වෙන්නත් බැරි නැහැ...
ReplyDelete